Main Logo

Thursday, 5 May 2011

දෙරණ - වාදපිටිය | Derana - Vaadhapitiya 2011-05-03


දෙරණ - වාදපිටිය

මෙහෙයවීම:
චතුර අල්විස්

කථිකයෝ:
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
මහාචාර්ය නලින් ද සිල්වා
ආචාර්ය නිර්මාල් රංජිත්
කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්

Sunday, 1 May 2011

දෙවියන් මිනිස් ලෝකයේ කරන මැදිහත්වීම්

දෙවියන් හා භූතයන් ගැන කීමට තවත් බොහෝ දේ ඇති නමුත් මෙහි දී ප්‍රධාන වශයෙන් ම ඔවුන් ගැන කියැවෙන්නේ අප දැනුම ලබාගන්නා එක් මාතයක් ලෙස ඔවුන් වැදගත්වන බැවිනි. මට දැනගන්නට ලැබුණු තවත් තොරතුරු අනුව එක්වර භූතයන් කිහිප දෙනකුට වුව ද මිනිසකුට ආරුඪ වීමට හැකි ය. එක් භූතයකු එක් අවයවයකට ද තවත් භූතයකු තවත් අවයවයකට ද ආදී වශයෙන් එහි දී ආරුඪ වීම සිදුවෙයි. භූතයන්ගෙන් ද අපට දැනුම ලබාගත හැකි ය. එහෙත් ඇතැමි විට මෙි දැනුමි වැරදි විය හැකි බව ද තේරුමි ගත යුතු ය.

ඇතැමි භූතයෝ හිතා මතා ම අප නොමග යවති. එමෙන් ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ද අපට වැරදි තොරතුරු ලබා දෙති. එසේත් නැතහොත් ඔවුහු තමන්ගේ අධර්මයට සරිලන අන්දමට ඒ සමග එකඟ වන දැනුමි අපට ලබා දෙති. මෙි සියළු දැනුමි සමින්ධයෙන් අපට එක් පරීක්‍ෂණයක් යොදාගත හැකි ය. ඔවුන් අපට ලබා දෙන දැනුම අවසානයේ දී නිවන් දැකීම සමග, තණ්හාව තුනී කිරීම සමග, මමත්වය අහංකාරය තුනී කිරීම ආදිය සමග කෙතරමි දුරට එකඟ වන්නේ ද යන්න ඒ පරීක්‍ෂණයේ දී අප විසින් ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් වෙයි. අඩුම තරමින් ඒ සමග එකඟ වීම කෙසේ වෙතත් එයට විරුද්ධව නොයන බවට අපට සහතිකයක් තිබිය යුතු ය.

අපේ දැනුම අප පමණක් නොව වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ද එකතු කරගෙන ගොඩ නගන්නකි. මෙය සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් නොව වෙනත් සංස්කෘතීන්ට ද පොදු වූවකි. පහළොස්වැනි සියවසේ අගභාගයේ පමණ සිට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ බලවත්වීමක් සිදු වී ඇත. ඔවුන්ගේ ද ආධාරයෙන් බටහිර රටවල ගොඩ නැගුණු දැනුම හේතුවෙන් අද ලෝකය (ස්වභාව ධර්මය) සූරාකෑමට ලක් වී ඇත. මේ සූරාකෑම සිදුවන්නේ ලෝක පාලුවන්ගේ ආධාරයෙනි. බටහිරයෝ ලෝක පාලුවෝ වෙති. ඔවුහු අද ලෝකය පාලනය කරති. ඔවුන්ට පසුගිය අවුරුදු පන්සියයකට අධික කාලයක් තිස්සේ මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ හා භූතයන්ගේ ආධාරය ලැබී ඇත.

අද බටහිර ලෝකය විසින් නිර්මාණය කෙරෙන දැනුම කිසිසේත්ම නිවන් අවබෝධ කිරීමට තුඩු නොදෙන්නක් බව පඬියන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධවන කරුණකි. එය නිවන් අවබෝධය සඳහා නොව නිවනෙන් ඈත්කිරීම සඳහා වූවකි. ඉන්ද්‍රිය පිනවීම මමත්වය වර්ධනය කිරීිම සාමූහිකත්වයෙන් ඈත්කිරීම, වියුක්තය හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍ය’ක්‍ෂය ඉතා ඉහළින් සැලකීම ආදිය බටහිර දැනුමේ පදනමේ ම වෙයි. ඒ අතර මිනිසා ස්වභාව ධර්මය ගසා කෑම ද වෙයි. ස්වභාව ධර්මය ගසා කෑම මත පදනම් වූ දැනුමක් පරිසරය රැකීම සඳහා උපයෝගී කරගත නොහැකි බව බටහිර උගතුන්ට තේරුමිගත නො හැකි ය. ඒ බව මෙරට සිටින පඬියන්ට නමි කිසිසේත් ම තේරුම්ගත නො හැකි ය.

පරිසරය රැකිම, පරිසර සංරක්‍ෂණය කළමනාකරණය ආදිය බටහිරයන් තනා ඇති ව්‍යාජ වචන පමණකි. මමත්වය ඉස්මතු කරන, හැකිතාක් ඉන්ද්‍රිය පිනවීමට මිනිසුන් පොළඹවන සංස්කෘතියක, පරිසරය රැකීම යන්න ද තවත් ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම වැළැක්විය නො හැකි ය. අද පරිසරය රැකීම හා අදාළ මාතෘකා ගැන ලියැවෙන ලිපි නොලියන්නේ නමි ඒ සඳහා කඩදාසි තැනීමට කපන ගස් කිහිපයක්වත් රැකෙනු ඇත. පරිසර සම්මේලන පැවැත්වීම ඊනියා විද්‍යාඥයන්ට පමණක් නොව තරු තුනේ හතරේ හෝටල්වලට ද ආදායම් මාර්ගයක් වී ඇත. මෙරට සිටින කසිකබල් බටහිර විද්‍යාඥයන් පරිසර වැඩමුළු ආදිය පැවැත්වීමෙන් වැඩක් සිදු වී ඇත්තේ පරිසරයට ද නැත්නමි ඔවුන්ගේ බැංකු ගිනුමිවලට ද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු කරුණක් නො වෙි.

මට දෙවියන් හෝ භූතයන් හෝ ගැන සෘජු අත්දැකීමක් නැත. මා දෙවියන්ගෙන් දැනුම ලබාගෙන ඇත. එහෙත් ඒ වක්‍රව වෙනත් අයගේ මාර්ගයෙනි. මට අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස කිරීමෙි කිසිම ගැටළුවක් නැත. එයට හේතුව කිහිප දෙනකු ම දෙවියන් දැක තිබීම පමණක් නොව දෙවියන්ගේ ආධාරයෙන් රෝග විනිශ්චය කර සාර්ථක ප්‍රතිකාර ද නියම කර තිබීම ය. කෙසේ වුවත් මෙරට පඬියන්ට හුදෙක් සම්මුතියක් පමණක් වූ ද ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වූ ද ගුරුත්වාකර්ෂණ බලය පිළිගත හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය නමි මට ඇත. ගුරුත්වාකර්ෂණය කිසිවකුගේවත් සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වෙි. එය දුටු කෙනකු නැත. අල්ලා බැලූ අයකු නැත. එයට සවන් දුන් අයකු, එහි රස දැනගත් අයකු, එහි ගඳ සුවඳ දන්නා අයකු නැත. එය නිවිටන් විද්වතා නිර්මාණය කළ හුදු වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඇතැමුනට දෙවියන් යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ එවැන්නන්ගේ මනසට යැයි සිතමි. ඔවුන් දෙවියන් දකින්නේ මසැසින් නොවන බව පැහැදිලි ය. ඒ සඳහා පෙර භවවල දියුණු කරන ලද පාරමී ශක්තීන් හා කුසල් ශක්තීන් අවශ්‍ය වෙයි. එසේත් නැතහොත් මෙි භවයේ භාවනා කර ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත යුතු වෙයි. වත්මන් බටහිරයන්ට මේ ශක්තිය කෙතරමි දුරට ඇත්දැයි නො දනිමි. ඇතැමි විට ඔවුන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගෙන් දැනුම ලැබෙනවා විය හැකි ය. එහෙත් ඔවුන් සමාජයේ ඇති පොදු මතයට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා විය හැකි ය.

ඒ කෙසේ වෙතත් ඇතැමි පැරණි යුදෙව්වන්ට ඒ ශක්තිය තිබුණු බව බයිබලයෙන් පැහැදිලි වෙයි. විවිධ අනාගත වක්තෘන් වහන්සේලා පමණක් නොව යුදෙවි වර්ගයාගේ ආදිතමයන් ලෙස සැලකෙන ඒබ්‍රහම් ආදීහු දෙවියන් සමග සංවාදයෙහි යෙදී ඇති බව පරණ තෙස්තමෙින්තුවෙන් හෙළි වෙයි. එම පැරණි යුදෙවිවන්ට කතා කළ ඔවුන් සමග සංවාදයෙහි යෙදුණු ප්‍රධාන දෙවියන් වී ඇත්තේ යෙහෝවා දෙවියන් බව පරණ තෙස්තමේන්තුවෙන් පැහැදිලි වෙයි. යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් තමන්ගේ ගෝත්‍රයෙහි දෙවියන් ලෙස පිලිගෙන ඇත. එපමණක් නොව ඔවුහු එම දෙවියන් ලෝකය නිර්මාණය කළ දෙවියන් ලෙස ද සලකා ඇත.

බැප්ටිස්ටි නමින් හැඳින්වෙන අනාගත වක්තෘවරයා දක්වා ම විවිධ යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් සමග සමිබන්ධකමි පවත්වා ඇති බව පරණ තෙස්තමේන්තුවට අනුව අපට නිගමනය කළ හැකි ය. නොවා ඉන් එක් වක්තෘන් කෙනෙකි. එසේ ම මේ අනාගත වක්තෘන් යෙහෝවා දෙවියන්ගෙන් ලත් දැනුම, විශේෂයෙන් ම අනාගතය පිළිබඳ දැනුම, අනෙක් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත. නොවා නුදුරේ සිදුවන මහා ජල ගැලීමක් ගැන සඳහන් කර එයින් ගැලවීමට සූදානම් වී ඇත. ඔහු ඇතුළු අනෙක් අය අනාගත වක්තෘන් එසේත් නැත්නමි දිවැසිවරුන් ලෙස පිළිගැනීමට හේතු වී ඇත්තේත් ඔවුන්ට දෙවියන්ගේ ආධාරයෙන් අනාගතය කීමට යමි හැකියාවක් තිබීම බව පැහැදිලි ය. මුස්ලිමි සමිප්‍රදාය අනුවත් ඔවුහු අනාගත වක්තෘන් ලෙස පිළිගැනෙති. එපමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ ද මුස්ලිමි සම්ප්‍රදායෙහි තවත් අනාගත වක්තෘන් කෙනකු පමණ ය.

මා දැන් තේරුමි ගන්නා ආකාරයට යුදෙවිවකු වූ ක්‍රිස්තුස් වහන්සේ  අනෙක් යුදෙවි අනාගත වක්තෘන්ගෙන් වෙනස් වන්නේ යුදෙවිවන්ට පමණක් සීමා වී තිබූ යෙහෝවා දෙවියන් වහන්සේ අනෙක් ජනවර්ගවල ද දෙවියන් වහන්සේ බවට පත්කිරීමට ගත් උත්සාහය හේතුකොට ගෙන ය. එයට කලින් ද යුදෙවිවන් අනෙක් දෙවිවරුන්ගේ පිළිම විනාශ කිරීමට කටයුතු කර ඇත. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව යෙහෝවා දෙවියන් ලෝකයේ  එකම දෙවියන් වහන්සේ බවට පත්කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබිණි. එසේ පත්කිරීම ක්‍රිස්තුස් වහන්සේට යෙහෝවා දෙවියන් නියම කර තිබූ කාර්ය්‍ය යැයි සිතිය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ (යමි දිව්‍ය ලෝකයක) සිට මිනිස් ලොවට යෙහෝවා දෙවියන් විසින් එවනු ලැබූ තවත් දෙවියකු විය හැකි ය. එසේත් නැත්නමි යෙහෝවා දෙවියන් ම මිනිස් ලෝකයට පැමිණියා විය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත් තමන් දෙවියන් වහන්සේ බවත් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මිනිස් ලොව උපත ලැබූ යෙහෝවා දෙවියන් නිසා යැයි අපට සිතාගත හැකි ය.

අපට වඩාත් ඒත්තු යන කතාව (මේ සියල්ලම එක් අතකින් කතන්දර වේ) නමි යෙහෝවා නමි දෙවි කෙනකු යුදෙව් ජනවර්ගයේ දෙවියන් ලෙස සිට ඇති බවත් ඒ දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග දිගින් දිගට සමිබන්ධකමි පවත්වා ඇති බවත් ඒ දෙවියන්ගේ මාර්ගයෙන් යුදෙව්වන්ට ඇතැම් දැනුමක් ලැබී ඇති බවත් දැනට අවුරුදු දෙදහසකට පමණ පෙර යමි හේතුවක් නිසා යෙහෝවා දෙවියන් බලවත් වී ඇති බවත් එතුමා තම ආධිපත්‍යය අනෙක් ජනවර්ග සහිත මුළු ලෝකයට ම පැතිරවීම සඳහා මිනිස් වෙසක් ගෙන ක්‍රිස්තුස් වහන්සේ නමින් මරියතුමියගේ කුසින් ලොවට බිහිවී ඇති බවත් ය. මා මෙලෙස පවසන්නේ විවිධ හේතු නිසා දෙව් ලොව්න් චුත ව මිනිස් වෙස් ගෙන ලංකාවෙි උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇති නිසාත් බව අවධාරණය කළ යුතු ය.

මෙහි දී තවත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. බොහෝ විට දේව මණ්ඩල ඒ ඒ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් නමින් නම් කෙරෙයි. එහෙත් ඒ ප්‍රධාන දෙවියන් කාලයෙන් කාලයට වෙනස් වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් නාථ දේව මණ්ඩලයේ ප්‍රධානියා නාථ දෙවියන් වන අතර ඒ පදවිය කාලයෙන් කාලයට විවිධ දෙවියන්ට අයත් වෙයි. කාහට අයත් වුව ද තමන් ප්‍රධානත්වය දරණ කාලයෙහි ඒ දෙවියෝ මණ්ඩලයේ නාමයෙන් හැඳින්වෙති. අප දන්නා ආකාරයට නාථ දෙවියන් ලෙස දැනට කටයුතු කරන දෙවියන් එම ධුරයෙහි, එනමි නාථ දේව මණ්ඩලයෙහි ප්‍රධාන ධුරයෙහි, කටයුතු කිරීමට පටන්ගෙන දැනට වසර කිහිපයකි.

බොහෝ විට යෙහෝවා දේව මණ්ඩලයෙහි ප්‍රධානියා බවට දැනට වසර දෙදහසකට පමණ පෙර බලවත් මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනකු පත්වන්නට ඇත. එසේත් නැත්නම් එවකට ප්‍රධානත්වය දැරූ අය බලවත් වන්නට ඇත. ඒ කෙසේ වෙතත් එතුමා යුදෙවිවන් පමණක් තමන්ට අවනත ජනවර්ගය වීමෙන් සෑහීමට පත් නොවී සියළු ලෝ වැස්සන්් බැරිනම් ඉතා වැඩි පිරිසක් තම ග්‍රහණයට ගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් නමින් මිනිස් වෙසක් ගෙන මරියතුමියගේ කුසින් බිහිවන්නට ඇත. එසේ බිහිවීමෙන් අවුරුදු තිහකට පමණ පසු එතුමා තම ව්‍යාපාරය දියත්කර ඇති බව පෙනෙයි. ඉතාමත් සමිප්‍රදායනුකූල ජනවර්ගයක් වූ යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේට අකමැති වීම පුදුමයක් නො වේ. ඔවුහු රෝම පාලකයන් සමග එකතු වී ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූහ.

එහෙත් මියගිය ක්‍රිස්තුස් වහන්සේ නැවත යෙහෝවා දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඉපිද මිනිසුන් ලවා නව ඉගැන්වීම පැතිරවීමට ක්‍රියාකරන්නට ඇතැයි සිතිය හැකි ය. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ලෙස දකින්නේ මේ සිද්ධිය විය හැකි ය. පසු කලෙක කොන්ස්තන්තයින් රජු මගින් ද පසුව වෙනත් රජවරුන් හා පාප් වහන්සේලා මගින් ද යෙහෝවා දෙවියන් මිනිසුන්ගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ග්‍රහණයට ගැනීමට සමත් වී ඇති බව පැහැදිලි ය. එහෙත් පසුව පාප් වහන්සේලා තම කාර්ය්‍ය නිසි ලෙස ඉටු නොකරන බව දුටු යෙහෝවා දෙවියන් ලූතර්, කැල්වින් ආදීන් මගින් වෙනත් ක්‍රිස්තියානි නිකායන් බිහිකර ලෝක ආධිපත්‍යය තමන් වෙතට ගෙන ඇති බව පෙනී යයි. මෙයින් අදහස් කරන්නේ සියල්ල දෙවියන් අතින් සිදුවන බව නො වෙි. එහෙත් අප සිතනවාට වඩා මිනිස් ලෝකයෙහි කටයුතුවලට දෙවියෝ මැදිහත් වෙති. පැරණි වෛදික හා ග්‍රීක සාහිත්‍යවල මෙවැනි මැදිහත්වීමි ගැන සඳහන් වෙයි.


සමිබුද්ධත්ව ජයන්තිය හා ධර්මය

තවමත් එතරමි උද්‍යොගයක් නැතත් මෙි සමිබුද්ධත්වයේ දෙදහස් හයසිය වැනි ජයන්තිය වෙයි. පනස්හයේ බුද්ධ ජයන්තිය සමිබන්ධයෙන් ජනතාව දැක්වූ උනන්දුව හා උද්‍යොගය මෙවර දක්නට නැත්තේ අප ගෞතම බුදුන්වහන්සේගේ බුද්ධ සාසනය අවරට ගොස් ඇති බැවින් ද? එසේත් නැත්නමි පනස්හයේ නොතිබූ ජාතිකත්වයක් දැන් ඇති වී තිබෙන හෙයින් සම්බුද්ධත්ව ජයන්තියට අළුතෙන් ඇතිකිරීමට තරම් දෙයක් දැනට නැති නිසා ද? ඒ එසේ වන්නට හැකි ය. එහෙත් වෙනත් බලවේග ද මෙරට ක්‍රියාත්මක වන බව අමතක නොකළ යුතු ය. සම්බුද්ධත්ව ජයන්තියේ උද්‍යොගය මැකීමට ඉදිරිපත්වන බලවෙිග රටෙි එමට ඇත. මේ බලවේග විවිධාකාරයෙන් මෙි වන විට ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තම කඩාවැටීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ආධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය ථෙරවාද බුදුසසුන වෙයි. පසුගිය දශක කිහිපයෙහි ඇමරිකාව ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ රටවල් මියන්මාරය, තායිලන්තය හෙවත් සියම, ලාඔිසය, කමිපූචියාව ආදී රටවල් විනාශ කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ බව රහසක් නො වෙි. මුස්ලිමි රටවල ආර්ථික බලය හා හමුදා බලය තිබිණි ද, ඒ රටවලට නොමැති ආධ්‍යාත්මික ශක්ති විභවයක් ථෙරවාදී රටවලට ඇත. මෙරට ථෙරවාදී ශක්තිය නැතිකිරීමට බටහිරයන් දෙමළ ජාතිවාදය යොදාගත් අන්දමත් එහි දී බටහිරින් ආධාර ලබන රාජ්‍ය නොවන ආයතනවල ආධාරය ලබාගත්  අන්දමත් තවමත් එසේ ම කරන බවත් අපි දනිමු. බෑන් කි මූන් පත්කරන ලද ඊනියා මණ්ඩලයේ වාර්තාව ද මෙරට ශක්තිය දුර්වල කිරීමට ගන්නා තවත් උත්සාහයක් පමණකි. 

එහෙත් ඒ සියල්ලටත් වඩා යටින් ගෙනගිය ව්‍යාපාර මෙරට වෙයි. හැමතැනම දැල්වෙන්නේ එකම පහනය යන සංකල්පය, ඊනියා සර්වාගමික වැඩ සටහන්, විවිධ ආගමික සංධාන, පල්ලි නිකාය, ඊනියා පැවිදි සංවිධාන ඉවක් බවක් නැතිව මෙරට ජනයා ඇද ගැනීමට සමත් විය. ඒ අතර මෙි ගෞතම බුද්ධ රාජ්‍යය යැයි කියමින් තරුණ තරුණියන් මෙි ආත්මයේ දී ම නිවන් දැක්කවීමට කරන උත්සාහ ද වෙයි. මොවුන් තරුණ තරුණියන් දක්කන්නේ කොහාට ද යන්න ප්‍රශ්නයක් වෙයි. බෞද්ධ විරෝධී සංවිධාන පනහේ දශකයේ ස්‍යජුව ම බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත විය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හැටෙි දශකයෙන් පමණ පසු ලෝකයේ ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකට ය. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ ද ඉන්පසුව ය. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වසර හාරසිය හැත්තෑවක පමණ ක්‍රියා කළ ආකාරයට ම අවශ්‍ය තැන්වල දී ඔවුන් සමග එකඟ නොවන  සංස්කෘතීන්ට විරුද්ධව සෘජුව ම ක්‍රියාකරන අතර අනෙක් තැන්වල දී අඟේ සිට කණ කෑමෙි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය 1492 සිට 1960 පමණ දක්වා සෘජු ක්‍රියා මාර්ගය අනුගමනය කළ අතර එතැන් සිට එයට අමතර ව වක්‍ර ක්‍රියා මාර්ගයක් ද අනුගමනය කරයි. 

ඊනියා පැවිදි සංවිධානවල නියමුවන් වන පස්ගව මහනුන්ට (පස්වග මහණුන් නොව) පැවිදි යන සංකල්පය පිළිබඳවත් හැඟීමක් නැතිවා සේ ය. පූජ්‍ය හා පූජක අතර වෙනස නොදන්නාක් මෙන් මෙි මහනුන් වහන්සේලා කටයුතු කරති. භික්‍ෂු සමාජයේ යොදාගන්නා ගෞරවනීය වචන, උන්වහන්සේලාගේ වටාපත් ආදිය ඉතාමත් ලෞකික කරුණක්් වූ සංගීත සන්දර්ශන සඳහා යොදාගැනීම ආදිය මෙන් ම මහානායක, අනුනායක ආදී තනතුරු නාම බෞද්ධ නොවන පූජකවරුන් සඳහා ද යොදාගැනීමෙන් කෙරෙන්නේ භික්‍ෂූත්වය කෙළෙසීමක් බව ඊනියා බුද්ධිමතුන් නොදන්නවා නො වෙි. ඔවුහු දැනුවත් ව භික්‍ෂූත්වය කෙළෙසීම සඳහා එවැනි වාග් ප්‍රයෝග යොදා ගනිති. ක්‍රිස්තියානි හා කතෝලික ආගමිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වනු දැකීමට අපි දු ප්‍රිය කරමු. කතෝලික යුවළක් පෝරුවට නැග සිංහල බෞද්ධ සංස්කෘතික සිරිත් අනුගමනය කිරීමෙි කිසිම වරදක් නැත. මුස්ලිමි ජනයා වුව ද අවුරුදු සිරිත් විර්ිත් පවත්වන්නේ නමි අපි අගය කරමු. එහෙත් මෞලවීවරුන් මහානායකවරුන් ලෙස හැඳින්වෙන්නේ නමි ඒ ගැන අපේ කිසිදු ප්‍රසාදයක් නැත.

අගමැතිතුමාට සමිබුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික උත්සවයක් බවට පත්කිරීමට උපදෙස් දුන්නේ කවුදැයි අපි නො දනිමු. ඒ උත්සාහය පිටුපස සිටියේ කවුදැයි දැනගැනීම වැදගත් වනු ඇත. එහෙත් වාසනාවකට අගමැතිතුමාට තමා නොමග යැවීම පසුව අවබෝධ විය. ඉන්පසු සම්බුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික මංගල්‍යයක් බවට පත්කිරීම වැළකී ගියේ ය. ආගම් අතර සුහදත්වයක් තිබීම වරදක් නො වේ. බුදුන් වහන්සේ අනෙක් ආගමිකයන් බෞද්ධයන් බවට පත්කිරීමට උත්සාහ නොගත්හ. උපාලි ගෘහපතියා පිළිබඳ කතාව එයට හොඳ ම නිදර්ශනය වෙයි. බුදුදහම තරමි අන්‍ය ආගමි සමග සන්හිඳියාවක් අගය කරන තවත් ආගමක් නැත. එහෙත් ඇතැමිහු එය බෞද්ධයන්ගේ නිවටකමක් ලෙස සලකති. මෙරට සිටින තමන්ට ආගමක් නැතැයි කියන එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නිවට දාසයන් වූ කසිකබල් බුද්ධිමතුන්ට මෙි කියන දේ නොතේරෙනවා නො වෙි. එහෙත් ඉහවහා ගිය හීනමානයෙන් පෙළෙන මොවුහු ඊනියා සමාජ තත්වයක් ලබාගැනීම සඳහා ථෙරවාදී බෞද්ධ ශාසනයට හැකිතරමි පහර දෙති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් බිහි වී ඇති දැනුමෙි පිටපොත්ත පමණක් ලබාගෙන ඇති මෙි හීනමාන බුද්ධිහීනයෝ ඒ නූතනත්වයේ පොරවල් වීම සඳහා ථෙරවාදයට පහර දෙති. අර තමිබයියා වැනි සමාජ විද්‍යාඥයන් ගැන දැන් එතරමි අසන්නට නැත්තේ ඇයි? ඒ වෙනුවට අද ඇත්තේ සිංහල පුවත්පත්වල සාහිත්‍ය අතිරේක බදුගත් ජාතික මතවාදයකට කිසිදු ඉඩක් නොදෙන තමන් මහා උගතුන් ලෙස සිතන නිවටයන් රැළකි. මෙි සියල්ලන් ම අනුකාරකයන් වුවත් තමිබයියලාගේ සිට නිවටයන් දක්වා කඩාවැටීම ක්‍රිස්තියානි නූතනත්වයේ පරාජයකි.

පසුගිය දා කාදිනල්තුමා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කතෝලිකයන්ගෙන් ද මස් කෑමෙන් හා මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ ය. වතිකානු රාජ්‍යයෙන් ලැබූ පත්වීමක් ඇති කාදිනල්තුමා මෙරට සංස්කෘතිය ගැන සැලකිල්ලක් දැක්වීම යහපත් කරුණකි. එතුමා ඒ ඉල්ලීම කිරීමෙන් නැවතිණි නමි අපට එය අගය කිරීමට ද තිබිණි. එහෙත් එතුමාගේ ලෝගුව යට තවත් දේ තිබූ බව මොහොතකින් අපට අවබෝධ විය. මෙරට ආගමි කිහිපයක් ම තිබෙන බව පැවසූ එතුමා ඒ සියළු ආගමිවලට උඩින් ධර්මය පවතින බව කියා සිටියේ ය. ඉතා පැහැදිලිව ම එය බෞද්ධයන් නොමග යැවීමට කරන ලද ප්‍රකාශයක් විය. කාදිනල්තුමා සඳහන් කරන මෙි ධර්මය කුමක් ද? බුද්ධ ධර්මයට උඩින් බෞද්ධයන්ට ඇති ධර්මය කුමක් ද? බුදුදහම අනෙක් සියළු ඉගැන්වීමිවලින් වෙනස් වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුකොටගෙන ය. ඒ සියල්ල රාගය ද්වෙිෂය හා මෝහය සමග බැඳී ඇත. මෙයින් විමුක්තවීම නිවන ය. නිවන යනු ස්වර්ගය වැනි තවත් තැනක් නො වෙි. බෞද්ධයන් උත්සාහ කර්නේ යළි නූපදීමට ය. අනෙක් සෑම ආගමක ම විමුක්තිය ඇත්තේ ඊනියා අමරණීයත්වයෙහි ය. අමරණීයත්වය ද දුකක් යැයි බෞද්ධයෝ සලකති. බුදුදහමෙි ඉගැන්වෙන ධර්මයට ඉහළින් ඇති තවත් ධර්මයක් ගැන බෞද්ධයෝ නො දනිති. කාදිනල්තුමා කියන මෙි ඉහළ ධර්මය කුමක් දැයි දැනගැනීමට මම පුළ පුළා බලා සිටිමි. 

අද ලංකාවෙි ඉහළින් ම ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම ය. ඊනියා විද්‍යාවන් නාමයෙන් තාක්‍ෂණය ඔස්සේ බටහිරයන් අපට උගන්වන්නේ ඉන්ද්‍රිය පිනවීම, පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම, පරිසරය ගසා කෑම, දෙවියන් වහන්සේගේ ප්‍රතිබිමිබය ලෙස දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති මිනිසාට ස්වභාව ධර්මයේ ස්වාමීත්වය හිමිකිරීම, අමරණීයත්වය පසුබිමි කරගත් බටහිර වෙදකම ආදී මමත්වය, අහංකාරය උලුප්පන දැනුමකි. මේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ “ධර්මය” නම් අද ලංකාවෙි ද සෙසු ලෝකයෙහි ද ඉහළින් ම ඇත. එය හුදෙක් දේශපාලන ආර්ථික හා සංස්කෘතික බලය නිසා ඇතිකර ගනු ලැබූ ආධිපත්‍යයකිි. ඒ ධර්මය අද ලෝක ආධිපත්‍යය දැරුව ද කඩාවැටෙන ධර්මයකි. මෙි කඩා වැටෙන ධර්මය අධර්මයකි. ඒ අධර්මයට හෝ වෙනත් අධර්මයකට හෝ යටවීමට සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ දී සිංහල බෞද්ධයන් සූදානමි නැත. ධර්මයට දරාගැනීමෙි ශක්තිය තිබිය යුතු ය. කඩාවැටෙන කිසිම ශක්තිමත් පදනමක් නැති දැනුමක ඇත්තේ අධර්මය මිස ධර්මය නො වෙි. කාදිනල්තුමාට ඒ සමිබන්ධයෙන් වෙනත් අදහසක් ඇත්නමි ඒ ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි.

අවුරුදු පන්සියයක් යටත්විජ්තවාදීන්ගේ මර්දනයට හසුවීත් වෙනත් ඊනියා ධර්මයකට යට නොවුණු  බෞද්ධයන් කාදිනල්තුමා නොව වෙනත් කිසිවකු කීවත් බෞද්ධ ධර්මයට ඉහළින් වෙනත් ධර්මයක් ඇතැයි නොපිළිගනු ඇත. බෞද්ධයන් ඒ වෙනුවට ඉදිරි අවුරුදු කිහිපයෙහි දී සිංහල බෞද්ධ චින්තනය මත පදනමි ව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුමට විකල්ප දැනුමක් ගොඩනගනු ඇත. මේ ලෝකය විනාශ වීමෙන් ගලවාගත හැක්කේ දරාගැනීමෙි හැකියාවක් ඇති ධර්මයක් මත ගොඩනැගෙන දැනුමකට මිස ලෝක පාලුවන්ගේ දැනුමකට නො වෙි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයෙහි බටහිරයන් ක්‍රියාකර ඇත්තේ ලෝක පාලුවන් වශයෙනි. ලෝක පාලුවන් ලෝක පාලකයන් ද වීම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි ලක්‍ෂණයකි. ලෝක පාලුවන් ලෝක පාලනයෙන් ඉවත්කිරීමට සමිබුද්ධත්ව ජයන්ති වසරේ දී ඉටාගනිමු.(2011/04/17)


සාවද්‍ය තොරතුරු සැපයූ ලාංකිකයන්ට රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පවරමු

බෑන් කි මූන් යනු රූකඩයෙකි. ඔහු ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වී ඇත්තේ ඇමරිකාවේ රූකඩයක් වීමෙනි. ඔහුට ඩොලර් දහසින් බැඳි පියලි ලැබෙනු නො අනුමාන ය. එහෙත් ලෝකයේ සිටින එකම රූකඩයා ඔහු නො වෙි. තවත් බොහෝ රූකඩයෝ වෙති. ඒ අතර අමිබලන්ගොඩ රූකඩයා ද වෙයි. ඇතැමි රූකඩයෝ සිංහසනාරූඪ වෙති. දොන් ජුවන් ධර්මපාල එවැනි රූකඩයෙකි. ඒ රූකඩයාගේ පඹයකුට ලිස්බන්හි දී ඔටුනු පැළඳවිණි. එහෙත් හැම රූකඩයකුට ම රජවීමට නො හැකි ය. බෑන් කි මූන් දකුණු කොරියන් රූකඩයෙකි. ඔහුට රජවීමෙි අවශ්‍යතාවක් හෝ අවස්ථාවක් හෝ නැත. කෙසේ වෙතත් දකුණු කොරියාව අද රූකඩයන්ගේ පාරාදීසයකි. බෞද්ධ රාජ්‍යයක් ව පැවති දකුණු කොරියාවෙි බහුතරය ක්‍රිස්තියානි වී වැඩි කලක් නැත. බෑන් කි මූන් බෞද්ධයකු යැයි කියැවෙයි. ලංකාවෙි ඕල්කට් බෞද්ධයන් මෙන් දකුණු කොරියාවේ ද  බෞද්ධයන් විශේෂයක් වේ දැයි මම නො දනිමි. එහෙත් අද දකුණු කොරියාව ඇමරිකානුවන් ප්‍රධාන බටහිරයන් විසින් උතුරු කොරියාවට ද චීනයට ද සාධාරණ වශයෙන් (පොදුවෙි ගත් කල) ක්‍රිස්තියානි/කතෝලික නොවන ආසියාවට විරුද්ධව යොදා ගනු ලැබෙයි.

බෑන් කි මූන්ගේ ඊනියා විද්වතුන්ගේ වාර්තාව අපට පුදුමයක් නො වෙි. රූකඩයකුගේ රූකඩ මණ්ඩලයකට මෙයට වඩා දෙයක් කළ හැකි ද? මුල දී බෑන් කි මූන් කියා සිටියේ ඊනියා විද්වත් මණ්ඩලය උපදේශක මණ්ඩලයක් මිස වැරදි සොයන මණ්ඩලයක් නොවන බව ය. එහෙත් වාර්තාවේ ඇත්තේ ඊනියා යුද්ධාපරාධ පිළිබඳ චෝදනා ය. මෙි කසිකබල් මණ්ඩලය ඊනියා එක්සත් ජාතීන්ගේ නිල මණ්ඩලයක් ද නො වේ. හිලරි ක්ලින්ටන් හා බ්ලේක් උත්සාහ ගන්නේ ඊනියා විද්වත් වාර්තාව එක්සත් ජාතීන්ගේ නිල වාර්තාවක් ලෙස හොර පාරෙන් ගෙන ඒමට ය. අපට එය නිල වාර්තාවක් වුවත් ප්‍රශ්නයක් නැත.  ඒ අප වත්මන් ලෝක පටිපාටිය දන්නා බැවිනි.  මේ වාර්තාවෙන් අපට කෝපයක් ද හට නො ගනියි. අප මෙහි දී කරන්නේ ඊනියා ලෝක පටිපාටිය කුමක් දැයි නැවත නැවතත් ප්‍රත්‍යක්‍ෂ කිරීම පමණකි. ඊනියා බර්ලින් තාප්පය කඩාවැටීමට පෙර ලෝකය ද්විධ්‍රැවක වී යැයි බටහිර සමාජයීය විද්‍යාඥයෝ පවසති. ඔවුන්ට අනුව ඉන්පසුව ඇත්තේ ඒකධ්‍රැව ලෝකයකි. මේ බටහිරයෝ ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පසුව ඇමරිකාවේ නායකත්වයෙන් එක් ධ්‍රැවයක් ද, සෝවියට් දේශයේ නායකත්වයෙන් තවත් ධ්‍රැවයක් ද දුටුවෝ ය. බර්ලින් තාප්පය වැටීමෙන් පසු ඇති වූ සමාජයීය වෙනසත් සමග ෆුකුයාමා වැනි ඇමරිකානුවෝ ඉතිහාසය අවසන් වී ඇතැයි සිතූහ. ඔවුන්ට දැන් ලෝකයේ දෙවැනි ධ්‍රැවයක් දක්නට නැත. ඒ ඔවුන්ට සෝවියට් දේශය වැනි නායකත්වයක් දක්නට නොලැබෙන බැවිනි. එහෙත් ඔවුන් නොදුටුව ද නායකත්වයක් නැති වුව ද දෙවැනි ධ්‍රැවයක් වෙයි. බර්ලින් තාප්පය කඩාවැටීමට පෙර හා පසු ලෝක පටිපාටිය වෙනස්වන එක් ප්‍රධාන කරුණක් වනුයේ එය ය. තවත් වෙනසක් නමි ඇමරිකන් ධ්‍රැවය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වටා බැඳුණු අයුරින් සෝවියට් ධ්‍රැවය කතෝලික චින්තනයේ ස්ටැලින්වාදය වටා බැඳී තිබුණ ද අද දෙවැනි ධ්‍රැවයට එවැනි පොදු චින්තනයක් නොමැතිවීම ය. බටහිර බුද්ධිමතුනට නායකත්වයක් පොදු චින්තනයක් (ඔවුන්ට නමි පොදු සුසමාදර්ශයක්) නොමැතිව ධ්‍රැවයක් දක්නට නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් අන්ධ වූ දෙනෙත් ඇති මෙරට සිටින බොහෝ ඊනියා බුද්ධිමතුනට ඩොලර් හැරෙන්නට වෙනත් කිසිවක් නො පෙනෙයි. අපට අවශ්‍ය නිර්ධ්‍රැව ලෝකයකි.

ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධානියා බවට පත්විය. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ධ්‍රැවයෙහි ඇති රටවල් හැරෙන්නට අනෙක් රටවල් බටහිරයන්ට පෙනෙන්නේ සතුරු රටවල් ලෙස ය. විශේෂයෙන් ම ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති රටවල බටහිරයන්ට මෙල්ල කළ නොහැකි නායකයකු වෙතොත් බටහිරයන් වැර දරන්නේ එම නායකයා කිනමි මාර්ගයකින් වුව ද එළවා දැමීමට ය. එයට අමතරව  තමන්ට පක්‍ෂපාති නායකයකු සිටිය ද ඔහුට පොදු ජනයාගේ දැඩි විරෝධත්වයක් වෙි නමි ඒ නායකත්වය ඉවත් කිරීමට ද බටහිරයෝ විවිධ උපාමාරු ක්‍රියාත්මක කරති. ඔවුහු ඇතැම් විටෙක මාළිගා කුමන්ත්‍රණ ඔස්සේ නායකත්ව ඉවත් කරති. ඇතැම් විිිටෙක ඊනියා ජනතා උද්ඝෝෂණ සංවිධානය කරති. එසේත් නැත්නමි ලිබියාවෙි මෙන් සියල්ල අමතක කර ඒ රටවල් ආක්‍රමණය කරති. ඇමරිකාවට අවශ්‍ය කෙක්කෙන්් හෝ කොක්කෙන් හෝ ලෝක ආධිපත්‍යය රැක ගැනීමට මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට මිනිස් අයිතිවාසිකමිවලට ගරු කිරීමට නො වෙි.

ලංකාවේ ද බටහිරයන්ට ඇති මූලික ප්‍රශ්නය ඔවුන් අකමැති ආණ්ඩුවක් බලයේ සිටීම ය. අලි මදිවාට හරක් යැයි කීවාක් ලංකාවෙි සිංහල බෞද්ධ චින්තනයට බටහිරයෝ විරුද්ධ වෙති. ඔවුන්ට පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්‍ෂ පමණක් නොව බටහිර ක්‍රිස්තියානියට යටත් නොවන සිංහල බෞද්ධ චින්තනය ද පරාජය කිරීමට අවශ්‍ය වෙයි. දෙවැන්න සඳහා ඔවුහු ශතවර්ෂාධික කාලයක් තිස්සේ කටයුතු කළහ. අවසානයේ දී පොන්නම්බලම් රාමනාදන් කාලයේ සිට දෙමළ ජාතිවාදය ද, ප්‍රභාකරන්ගෙන් පසුව දෙමළ ත්‍රස්තවාදය ද යොදාගත්හ. බටහිරයෝ ත්‍රස්තවාදයට ආශිර්වාද කර එය පෝෂණය කළහ. විශේෂයෙන් ම නෝර්වෙි ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් යොදගනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදයට මුදල්, ආයුධ හා වෙනත් උපකරණ ලබාදීමට ය. එහි දී කතෝලික පල්ලියේ හා ඇංග්ලිකන් පල්ලියේ පූජකවරු ද යොදාගනු ලැබූහ. ඇංග්ලිකන් පල්ලියේ ප්‍රධානියකු වූ කෙනත් ප්‍රනාන්දු පූජකවරයා විසින් ප්‍රභාකරන් හඳුන්වනු ලැබුයේ මානුෂීය පුරුෂයකු ලෙස ය. ඉන්පසු ව ඒ පල්ලියේ ම චිකේරා පූජකවරයා කොටි සංවිධානය වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය අමතක වී නැත. කතෝලික පූජකවරුන් වූ ජෙබනේසන්, රායප්පු ජෝසප් ආදීන් කොටින්ට කළ ආධාර විශේෂයෙන් ම සිංහල කතෝලික බැතිමතුන්ට මතක ය. මඩු පල්ලියේ මරියතුමියගේ ප්‍රතිමාව කොටි සංවිධානය බලවත් ප්‍රදේශයක රඳවා තැබීමට කටයුතු කෙළේ රායප්පු ජෝසප් පූජකවරයාගේ අනුමැතියෙනි.

එයට අමතරව බටහිරයෝ මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, පශ්චාත්නූතනවාදීන් ආදී එකි මෙකී වාදීන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව යොදාගත්හ. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ඒවා නඩත්තු කළහ. අවශ්‍ය අවස්ථාවල දී හීනමානය හා හීනමානය පමණක් ම ඇති ඊනියා උගතුන් ද යොදාගත්හ. තමිබයියාගේ බුදුදහම පාවාදීමෙි සිට අද දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ් හීනමානයෙන් පෙළෙන්නකු සිසුන්ට ඊනියා නව අදහස් දීමක් ලෙස බුදුරජාණන් වහන්සේ හා ආනන්ද හිමිපාණන් වහන්සේ සමලිංගිකයන් ලෙස සිතීමට ඔවුන් පුරුදු කිරීම දක්වා මේ කාර්යය විහිදෙයි. කැලණිය විශ්වවිිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සමිබන්ධයෙන් මගේ මූලිකත්වයෙන් කෙරෙන පර්යේෂණවලට දේව පල්හෑලි යැයි මඩගසමින් ඒ පර්යේෂණ ඔස්සේ සිංහල බෞද්ධ සංස්කෘතියක දැනුම නිර්මාණය කිරීමේ කටයුත්තට බාධාකරන්නෝ හා භාවනා වැඩසටහනට අකුල් හෙළන්නෝ් කෙලින් ම දෙමළ ජාතිවාදයට සමිබන්ධ නැතිවුවත් සියවසකට වැඩි කසිකබල් විද්‍යා අධ්‍යාපනයකින් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කිරීමට බටහිර විද්‍යාව විසින් පුහුණු කරනු ලැබුවෝ වෙති. වාක්‍ය දෙකක් ගැටගසා ගැනීමට නොහැකි වුවත් ඊනියා සාහිත්‍ය මතවාද යැයි කියමින් පුවත්පත්වල සාහිත්‍ය පිටු පුරවන අදාළ සංස්කාරකයෝ ජාතික මතවාදවලට කිසිම ඉඩක් නොදී බටහිර කසිකබල් දැනුම හමුවෙි තම දීනත්වය ප්‍රකාශ කරති. උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක අධ්‍යක්‍ෂ යැයි කියන්නකුට සිංහල බෞද්ධ යැයි කීම නයාට අඳුකොළ වී ඇති බවට තොරතුරු ලැබෙයි. ජාතික මධ්‍යස්ථානවලට විජාතික මනස් ඇති දීනයන් පත්කර බෑන් කි මූන් පරාජය කළ නො හැකි ය. අවශ්‍ය නම් මෙි සියළු දීනයන් සමග තනිව ම වාද කිරීමට මා සූදානම් ය. ඔවුන්ට දීනයන් යැයි කීම ඇතැමුූන්ට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් දීනයන්ට දීනයන් යැයි නොකියා කුමක් කියන්න ද?

ප්‍රභාකරන් හා ඔහුගේ නායකත්වයෙන් වූ ත්‍රස්තවාදය පැරදවීම පිළිබඳ බටහිරයන්ට ඇත්තේ තදබල කෝපයකිෂ වියරුවකි. ඔවුහු අද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව රට රටවල විසිරුණු දෙමළ ජාතිවාදීන් යොදාගැනීමට උත්සාහ කරති. එහෙත් එය දැනටමත් අසාර්ථක වී ඇත. නන්දිකඩාල් පරාජයෙන් පසු බටහිරයන්ට මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ දංගෙඩියට යැවීමට අවශ්‍ය විය. සුදු කොඩි කතාව ඒ සඳහා නිර්මාණය කරන ලද්දක් බව අපි ඒ දිනවල ම කීවෙමු. දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් කැඩුවෙි කොටින් බව දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් කනගරත්නම් මහතා පවසා ඇත. ඔහුගේ ජීවිතයට අද තර්ජන එළ්ල වී ඇති බැවින් ඔහුට ආරක්‍ෂාව සැපයීම ආණ්ඩුවෙි වගකීමක් වෙයි. බෑන් කි මූන් මගින් බටහිරයන් ඉදිරිපත්කර ඇති වාර්තාව තහවුරු කළ නොහැකි සාවද්‍ය තොරතුරු මත පදනමි වී රාජපක්‍ෂවරුන් දංගෙඩියට යැවීමට කරන ලද නිවට උත්සාහයක් පමණකි. මේ සාවද්‍ය තොරතුරු සැපයුවෝ බෑන් කි මූන්ගේ ගෝලබාලයන් වූ නමිබියාර්ලා පමණක් නො වෙති. ඔවුන් අතර මෙරට පුරවැසියෝ ද වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් තවමත් ලංකාවේ සිටින අතර තවත් සමහරු ඊනියා සරණාගතයන් ලෙස සහ විවිධ රැකියා කරන්නන් ලෙස බටහිර වෙසෙති. ඒ අය අතර කිසිම එක්සත් කමක් නැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරු දරන්නෝ ද වෙති. මෙවැනි ලාංකිකයෝ රාජද්‍රෝහියෝ දේශද්‍රෝහියෝ වෙති. ඔවුන්ට විරුද්ධව රාජද්‍රේ‍රා්හි චෝදනා යටතේ නඩු පැවරීමටත් වරදකරුවන් වුවහොත් ඔවුන්ට දඬුවම් කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු ය.(2011/04/24)


දෙවියෝ හා භූතයෝ

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකචිඡා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නොවන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සමිපුර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමාගේ සිරුර යනු තමා යැයි සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇති නමුත් මරණයෙන් පසු තමාගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නොගත්තේ නමි කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.

එහෙත් තමා හා තමාගේ මනස අතර ඇති වෙනස කුමක් ද? මා යනු කවු ද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක් ද? කවු ද? තමාගේ සිරුර යනු තමා නොවන්නා සේ තමාගේ මනස යනු තමා නො වෙි ද? තමා හා මනස යනුවෙන් වස්තු දෙකක් වෙි ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක් මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනමි ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.

මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමග හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක් නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමෙි දී යමිකිසි වරදක් සිදුවෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නොව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමෙි දී මට බාහිරව මට අයත් සිරුරක් හා සරමක් ඇති බැවින් ගැටළුවක් පැන නො නගී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක් මගෙන් බාහිරව ඇතැයි යන හැඟීමක් යමි කිසිවකුට ඇතිවිය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක් නොමැත.

එහෙත් ඇතැම් අවස්ථාවල භූතයන් ආදීන් ඇතැමුන්ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්වයකු විසින් යොදාගැනෙන බවක් පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක් වුවත් එක්තරා ආකාරයකින් අදාළ පුද්ගලයාගේ මනස වැසී යෑමක් සිදුවෙයි. ඇතැමි අවස්ථාවල අපි මට යකා වැහෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදුවන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක් ගැන නො කියැවුණ ද ඉන් අදහස් වන්නේ යක්‍ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකුගේ මනසට ආරූඪ වූවහොත් ඒ පුද්ගලයා ක්‍රියාකරන ආකාරයට එහි දී ක්‍රියාකාරිවීමක් සිදුවන බව ය.

භූතයකු වැහෙනවා යන්න හා දෙවියකුගෙන් යමි යමි දේ දැනගැනීම අතර වෙනසක් ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යමි භූතයකු පුද්ගලයකුගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක් අදහස් කෙරෙයි. එහි දී ඉහළ මටිටමෙි දෙවියකුගෙන් යමිකිසි ආකාරයක වරමි ගැනීමක් ද සිදුවෙයි. භූතයා යමි පුද්ගලයකුට ආරුඪ වීමත් සමග ඒ පුද්ගලයාගේ මනස මෙන් ම සිරුර ද එක්තරා අයුරකින් ගත්කල අක්‍රීය වෙයි. එනමි ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුරවත් ක්‍රියා නොකරයි.

අදාළ පුද්ගලයා මියගොස් නැති නමුත් ඒ පුද්ගලයාගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වෙි. එපමණට ඒ පුද්ගලයාගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස්වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස් ය යන්න නො වෙි. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සමිබන්ධයෙන් තීරණ ගත හැකි නො වෙි.

එහෙත් අදාළ පුද්ගලයාගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස් නැත. පුද්ගලයාගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නොගිය ද නාමයට ක්‍රියාකාරීත්වයක් නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියළු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නමි නාමය ද තවමත් සිරුර තුළ වෙයි.

පසුගිය ලිපියෙහි මෙවැනි අවස්ථාවල දී එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක්ගෙන සිටින්නේ යැයි කියා ඇත්තේ මෙි තත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක් ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්වයකට පත්වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.

එහෙත් දෙවියන් සමිබන්ධ කරුණුවල දී තත්වය වෙනස් වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමග සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑම මිනිසකු සමග නො වෙි. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමි ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යමිකිසි ඥාතීත්වයක් ද අදාළ දෙවියන් සමග තිබිය යුතු ය. මෙවැනි අවස්ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වෙි. පුද්ගලයා ඉතාමත් සවිඥානික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුමි දෙන වාහකය බවට ද පත්වෙයි.

මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමග යමි සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයාගේ සිරුරට බාහිරව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයාගේ සිරුරට ආරූඪ වීමක් නැත. වෙනස් ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමග කතාකරන ආකාරයට ම නොවුණත් ඔවුහු එකිනෙකා සමග සංවාදයක නිරත වෙති.

ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක් නො වෙි. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැමි විට එය මනස (නාමය) ඔස්සේ පමණක් සිදු කෙරෙන්නක් යැයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්ථා දෙකක් මගේ අත්දැකීමි අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක් නමි වෙනත් පුද්ගලයන් නිරීක්‍ෂණය කරමින් සිටිය දී ද මෙි සංවාදය සිදුවන බව ය.

අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැමි විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මෙි කතාබහ සිදුවෙයි. මෙහි දී දෙවියෝ ද සාකචිඡාවෙි නිරත වී සිටින තවත් පුද්ගලයෙක් වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමග සංවාදයෙහි නිරතවනවා පමණක් නො වෙි. එහි සිටින අනෙක් පුද්ගලයන්ට ද දෙවියන් සමග අදහස් හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමග සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්සේ ය.

අනෙක් පුද්ගලයන් ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන්ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැමි ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැමි ප්‍රශ්න සමිබන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන් දෙවියන්ගෙන් අසන ප්‍රශ්න දෙවියන්ගේ දිවකන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැතහොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමග සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක් අයට දෙවියන්ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවෙිදනය  කරයි.

මෙලෙස දෙවියන් සමග සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යමි තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නමි කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යැයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන්ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්තවිකවාදීන් යැයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන්ගේ බටහිර ස්වාමිවරුන්ට අදහස් එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූල ව, එනමි ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස් නොලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස් ලැබෙන්නේ තර්කයෙන් නොව තර්කයට පිටින් යෑමෙනි.

මෙි සමිබන්ධයෙන් හොඳම උදාහරණය රසායන විද්‍යාවෙි ප්‍රධාන නමක් ලෙස කියැවෙන කෙක්‍යුලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක් රසායන විද්‍යාවෙි අණු සංකේතාත්මක ව ලියැවුණේ රේඛීය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේඛීය ව ලිවිය නොහැකි විය. දැන් ඒ කරුණ පිළිබඳ ව කෙතෙක් තර්කානුකූල ව සිතුවත් බෙන්සීන් අණුව රේඛීය ව ලිවිය නො හැකි ය.  කෙක්‍යලේ මෙි සමිබන්ධයෙන් කෙතෙක් කල්පනා කළ ද ඉන් කිසිම ප්‍රතිඵලයක් අත් නො වී ය. දිනක් ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයක ට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.

කෙක්‍යුලේ දෙවියන් සමග සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. එහෙත් සිහින යනු ඇරිස්ටෝටලීය න්‍යායට සහ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැක ගත හැකි ය. එවැනි සිහින ඔස්සේ ද අපට නව අදහස් ලැබෙයි.

අපට දෙවියන් සමග කරන සංවාදවලදී ද නව අදහස් සෘජුව හෝ වක්‍රව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්ටෝලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන්ගේ ලෝකයේ අත්දැකීමි පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය මත පදනමි වී නැත. මේ ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර විය යුතු යැයි සිතන්නෝ ක්වොන්ටමි භෞතිකය පිළිබඳ හාන්කවිසියක්වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නමි තවමත් සිතන්නේ ලෝකය යනු පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් බව ය. ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටමි භෞතිකය නොතේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලිව ම බටහිර විද්‍යාවෙි ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුමි පද්ධතියක් ගොඩ නැගීමෙි කාර්යභාරය වෙයි. එහි දී පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නොවන දෙවියන්ගෙන් ඉගෙන ගැනීමට හැකි නමි ඒ කළ යුතු ය.

What would Ban Ki – moon do next?

The answer to the question what would Ban Ki-moon do next is obvious. It is not a direct answer but is in the form of a request. Ask Blake is the response to the question what would Ban Ki – moon do next. The uninitiated may ask Blake who the answer to which is Blake the ambassador. However a person who does not know much of ambassadors would type the words ambassador Blake into a search engine, and would be surprised that there are two ambassadors Blake. It tells us of an ambassador Lively Blake who is described as skinny, who has drop-dead-gorgeous legs and who is the ambassador for Chanel Mademoiselle handbags. The other Blake has been USA ambassador to Sri Lanka and has spent number of years in Tunisia, Algeria, Nigeria and Egypt, places not very unfamiliar to many Sri Lankans. For those who are not interested in legs or handbags there is only one choice whether one likes it or not.

Robert Blake one time USA ambassador to Sri Lanka has apparently had a Harvard education though it does not matter at all. After all Stanley Thambiah the world renowned sociologist as they say, who wrote Buddhism Betrayed was teaching there and Blake seem to have been inspired by Thambiah doctrine though the latter may not have learnt at the feet of the former. In any event there is no parshad education in USA the most modern, if not the postmodern according to some pundits, state in the world. Robert (do they call him Bob or Bobby?) is now a top notch in the USA state department and can take many decisions on his own, though I am sure that when it comes to Sri Lanka he takes advise from more senior officials in the state department.

The American state department has a never ending love with Sri Lanka especially after Mr. Mahinda Rajapakse became the President of the country. Earlier they made use of Norway and poor Solheim another person who was in love with Sri Lanka, and they were interested in replacing Mr. Mahinda Rajapakse by Ranil Wickremesinghe or even with Chandrika Kumaratunga if it was possible. Unfortunately unlike in Libya, Egypt and Tunisia the Americans could not organize a people’s struggle against Mahinda Rajapakse regime especially after the humane Prabhakaran was killed by the armed forces. So far nobody has said that Prabhakaran also came with a white flag, and Mr. Rajapakse is going from strength. The Sri Lankans, especially the Sinhalas living abroad have made use of the American Time magazine to vote Mr. Mahinda Rajapakse as the fourth most influential person in the world and the Americans would not dare to organize mass struggles against the fourth among the 2011 Time 100.

So what can Blake and the other top officials in the American state department do? They can instruct Ban Ki – moon, who is only a puppet in the hands of the Americans and the other westerners, after all he comes from South Korea which has been Christianized by the west recently, and is being used against North Korea and the rest of non Christian Asia, to appoint an “impartial UN commission” to fully investigate the allegations made by the Ban Ki – moon panel, which undoubtedly was appointed on the advice of the ambassador Blake, I mean Bobby and not Lively, and the other big boys and girls in the state department, headed by none other than Hilary Clinton.

The western political scientist pundits would say that after the collapse of Soviet Russia the world has become unipolar. This unipole is something that the western “intellectuals” would like to see but unfortunately for them, it is as elusive as the magnetic monopole of the Nobel Prize winning English Physicist Paul Dirac, no he was not called Paul after he predicted the monopole. The world is dipolar even without Soviet Russia and is roughly a class of good boys and girls and naughty boys and girls. The good boys and the good girls do as they are told by Blake and his friends in the state department while the naughties would just ignore the unipolarists. Putins, Gadhaphis, Rajapakses are the naughties while Abdullahs, Ranils and Chandrikas and even Premadasas have been the good guys and the gals. Does anybody remember UN commissions on violations of this and that rights of the JVPers by the Premadasa – Ranil government? One should not forget that Ranil was the Prime Minister of that government and Batalanda was a torture camp. An independent commission, if there are such commissions, should be appointed to find out what Bobby was doing in the eighties and nineties.

One pole of the dipolar world was led by USA after the so called second world war and the other was led by USSR until the fall of the Berlin wall. However, it did not mean that the world became unipolar after the fall of one of the two famous walls, the other being the Cartesian wall whose fall has sounded a death knell to western knowledge and civilization, as expected by the western social scientists that included Fukuyama who thought that history had ended. On the contrary the history is just about to begin after a dark age that has lasted for more than five hundred years since 1492. The world is divided into two poles the western Christian pole, that includes South Korea of Ban Ki – moon as well, and the opposition to it. The opposition need not have a leader and this is the difference between the dipolar polar world before the fall of the Berlin wall and the present dipolar world. The western social scientists cannot think of a pole without a leader and they claim that the world is unipolar as they do not see a leader other than USA. The USSR was sprung from Catholic Chinthanaya and it wanted to lead the other pole into a Stalinist regime, not very much different from the so called liberal regime. If USSR succeeded the world would have had two poles, one based on Greek Judaic Christian Chinthanaya and the other on Catholic Chinthanaya. However as there is no leader of the opposition to USA led pole, now all are leaders in a way (Api okkoma rajavaru) and Sri Lanka is destined to play a significant role in the new world “order”. It has to be mentioned here that we are interested neither in a unipolar or a dipolar world but in a no polar world.

As far as the west is considered it is I and the other as western sociologists and psychologists would swear. This dichotomy is rooted in the western culture and goes back to Aristotelian two valued logic with its bankrupt reductio ad absurdum method that is held in high esteem by some pseudo intellectuals who want to show off that they know about Mathematics without knowing Mathematics. This cultural characteristic of the west is one of the reasons that the western intellectuals and their followers here are obsessed with the so called “other”. The west sees either them or opposition to them and does not want any country to have a President or Prime Minister who does not agree with them. Obviously Mr. Mahinda Rajapakse cannot be bullied to follow the west and moreover their antipathy to Sinhala Buddhist culture makes them to see enemies in Rajapakses. We said during the last Presidential elections soon after the white flag talk by Sarath Fonseka that the west would attempt to send both Messrs. Mahinda Rajapakse and Gotabhaya Rajapakse to the guillotine for defeating their darling the LTTE which they used against the Sinhala Buddhists in the country. The so called war crime charges against the Rajapakses are being framed using Ban Ki – moon for this purpose and nothing else. The Channel four of the BBC and the peace mongers have been working overtime to prepare the ground for Ki – moon and what these westerners do not understand is that they are only making Mr. Mahinda Rajapakse more popular among the Sinhalas by their partiality and sponsorship towards Tamil racist movement. Had they released the Ban Ki – moon panel report before the local government elections the UPFA would have won some more UCs and Pradeshiya Sabhas. The UNP can decide not to oppose the report to their detriment.

Not surprisingly the TNA has praised the report of the Ban Ki – moon panel and it is a typical deekirita balalluth saakki case. (my English is not good enough to translate this into either Anglican or American English for the benefit of Bobby and others.) Very soon the journalists san borders and shame and other peace loving organizations will jump the bandwagon. Already a rag sheet by the name Sri Lanka Guardian has come out with a figure of 100,000 civilians killed by the Sri Lankan armed forces. They even quote Mr. Gotabhaya Rajapakse who has said that about 30,000 terrorists of LTTE have been killed as if he had referred to so many civilians. Ban Ki –moon panel has based themselves on gossip and still continue to refer to bombing of hospitals. Whether Ban Ki – moon would be advised to appoint an “independent commission” or not by Bobby and his buddies, the Sri Lankan government should investigate into the sources of this false information to the panel and if there are any Sri Lankans involved they should be charged for treason, if they cannot substantiate their information no matter what positions they hold in Sri Lanka or united nations which is a group of nations not united at all, or anywhere else.

Copyright Prof. Nalin De Silva

Saturday, 30 April 2011

A paradigm shift needed

If the Tamil leaders still believe in “Sinhalaya Modaya” then they are mistaken. The Sinhalas have a very large heart and from the time of the Portuguese or even before, the Sinhalas have been misled by various political leaderships and had entered into agreements that had finally cost the Sinhalas the country itself. The Sinhalas believed the Portuguese and entered into an agreement to “give” the latter a plot of land equal to that of the skin of a bull. However the Portuguese had intended something else and it cost the Sinhalas a land area much bigger than the area of the skin of a bull. The Dutch did not honour the agreement with the Sinhala king and continued to occupy the Eastern coast while commissioning Tamils to write so called history books such as Yalpana Vaipava Malai which according to some Tamil historians are nothing but poetry. The English deceived the Sinhala leaders with the Sinhala English treaty of 1815 and finally occupied the whole country. The Sinhalas have been cheated through out history because of their friendliness and hospitality and the Tamil leaders have been following the English, of course with the connivance of the latter, and have tried to displace the Sinhalas from the centre with various kinds of “orders” emanating from the English.

The Tamil leaders still think of so called devolution of power to the North and Eastern Provinces as a solution to what they call the national question or the ethnic problem. To begin with there is neither a national question nor an ethnic problem in Sri Lanka but a refusal by the Tamil Vellalas first, then by the rest of the Tamil community and finally by the Muslims to admit that a nation had been built in Sri Lanka at least during the time of King Gemunu (not Dutugemunu, a name coined by the NGO agents of that era) and that they could join that nation without losing their cultural identities including the language of communication. It is not a big problem to be solved and what is needed is a paradigm shift from the so called ethnic minorities.

The Muslims did not have an ethnic problem vis-à-vis the Sinhalas until Ashroff came into the scene. It is true that there were Sinhala Muslim riots in 1915 but until Ashroff joined the Tamil leaders in the seventies there had been no ill will towards each other and 1915 riots were used by the English to suppress the Sinhala Buddhist leaders who had sprung locally in various areas and who had been nobodies until then. The attitude of the English towards the new Sinhala Buddhist leadership enabled the latter to become “somebodies” in no time and in fact it helped the new leadership to establish themselves as against the old English speaking Sinhala Christian leadership trained by the English. Ashroff knew how to play the ethnic card in the seventies and joined the Tamil leaders in Vadukkodai in adopting the infamous resolution by the name of that town.

The Muslims ironically had an ethnic problem vis-à-vis the Tamil Vellalas in the latter part of the nineteenth century and early twentieth century as the Jaffna Vellalas wanted to be the leaders of the Muslims as well. Ponnambalam Ramanathan had proclaimed that he represented the Muslims as well in the Legislative Assembly as they were Tamil speaking. Muslim leaders such as Abdul Aziz and Siddhi Lebbe resented this idea and they claimed that the Muslims were a separate ethnic group though they spoke the same language as the Tamils. The English colonialists finally had to give in to the demands of the Muslim leaders and appointed a Muslim member to represent the Muslims in the Legislative Assembly. Thus if there was any ethnic problem it was between the Muslims and the Tamils and not between the Muslims and the Sinhalas.

In the seventies as the demand for devolution of power to the Northern and the Eastern provinces gained momentum under the auspices of the English and the Indians under the pretext that these provinces had been so called traditional homelands or historical habitats of the Tamils, Ashroff saw an opening for himself and joined the bandwagon to become the yuavaraj of the Muslims in the eastern province and thus created the Muslim Congress in order to achieve his ambition. He knew that he could become the yuavaraj only by carving out probably a non contiguous Muslim area from the so called North Eastern province which could not be substantiated on historical, geographical, demographical, cultural or any other basis, and hence supported the idea of devolution of power on an “ethnic” basis with ulterior motives. Ashroff conveniently forgot that it was the Sinhala King Senerath who settled the Muslims along the east coast when they were harassed by the Portuguese. For the Sinhala king to settle such large numbers in the eastern province in the seventeenth century and for his son to lease the coastal area up to a guava to the Dutch it is mandatory that the present eastern province came under the Sinhala kings. Perhaps Ashroff did not know that when Robert Knox was captured in present day Muttur, he was not taken to a Muslim ruler but to the Sinhala king in Mahanuwara. In spite of all these history behind the Sinhalas Ashroff wanted to deny the eastern province to the Sinhalas and shouted against so called colonization by what the racists called the Sinhala government. He forgot that the Muslims are in the eastern province as a result of “colonization” of certain areas of the eastern province with the Muslims. If the Sinhalas in the area had shouted against so called colonization by the Muslims there wouldn’t have been a Muslim population in the eastern province.

Further, in 1817 or so the English appointed a Muslim tax collector in Uva Vellassa completely defying the Sinhala English treaty of 1815, which said that the country would be ruled according to the Sinhala laws. The gentlemanly English cheated the Sinhala leaders with the treaty. The Sinhala leaders would not have signed the treaty without that particular clause and the clause on protection of Buddhism, which have been parts of the unwritten constitution of King Gemunu some two thousand two hundred years ago, which the Tamil and Muslim racist leaders wanted to erase with the support of the English colonialists. When the treaty was breached by the English the Sinhala people rose against the gentlemanly act of the English and it became the first independence struggle by the Sinhalas against the English Christian colonialists. The English who were and are not only gentlemanly but humanely, perhaps not as much as Prabhakaran, massacred the Sinhalas in the present eastern province making them to run for their lives to the present southern province. It was how the present eastern province became devoid of the Sinhala population and the government has a right to settle many more Sinhala people in the present eastern province irrespective of what the racist Tamil and Muslim leaders and the NGO lapdogs and lapbitches of the western Christian colonialists and the Blakes and other westerners have to say. The history again shows us that the Tamils and the Muslims were silent when the Sinhalas were harassed by the western Christian English, very often taking the side of the colonialists. The Muslims at least now should realize that the western Christian modernity and Judaic Christian culture is against the Muslim culture in the whole world and that they should unite with the Sinhalas to fight against western Christian colonialism. (To be continued)
(2011/04/13)
Copyright Prof. Nalin De Silva