Main Logo

Tuesday, 12 November 2013

වෙන් නොවී සිටීම උදෙසා ජාතික නිදහස් සටන

ඊළාම් යුධයේ අවසාන භාගයේ රූපවහිනියේ පෙන්වූ කෙටි දර්ශණ පෙලක් මට තවම මතකය. එහි දිස්වූයේ රණවිරු ශාවේන්ද්‍ර සිල්වා තම සෙබලුන් දිරි ගන්වමින් සිටින අන්දමය. ඒ වනවිට ප්‍රභාකරන්ගේ මිනිස් ආවරණය කඩමින් නන්දි කඩාල් කලපුවේ සිට දෙමළ ජනයා එකා දෙන්නා රජයේ හමුදාවෙත පැමිනෙමින් සිටියහ. එහිදී එතුමා තම සෙබලුන් අමතා කියන්නේ පව් මේ අහිංසක මිනිස්සු, ඔවුන් බේරාගෙන නුඹලාගේ ජීවිතත් රුකගෙන අපි සතුරා පරාජය කරමුයිකියාය. මෙහිදී එතුමා තමන්ගේත් තම සෙබලන්ගේත් අහිංසක දෙමළ වැසියන්ගේත් ජීවිත සම තත්වයේ තැබීමට තරම් නිහතමානී වුනැයි මම සිතමි. බටහිර රටක හමුදා නිළධාරියෙක් ගෙන් බලාපොරොත්තු විය නොහැකි මේ ගති අපේ මිනිසුන්ට තිබීම පුදුමයක් නොවේ. කුඹුරේ වැඩ ගන්න ගවයාට පිං දී මතු බවයක නිවන් දකිත්වා යැයි පතන්නේ මා ජීවත් කරන්නේ නුඹයැයි සිතීමට තරම් අපේ ගොවියා නිහතමානී වීම නිසාය. අපේ අම්මලා සමහරවිට මං ඉන්නේ නුඹ නිසයි පුතේ කියන කියමනින් තේරුම් යන්නේ අම්මා ජීවත් වෙන්නේ දරුවන් රකින්ට බවත් අනිත් අතට දරුවන්ගේ පිං බලෙන් තමන් ජීවත්වන බවත් යන දෙකමැයි මම සිතමි. මේ ආකල්ප අපට ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාපේක්‍ෂ පැවැත්මක් දකින නිසාය.


අපි ලෝකය ලෙස අත් දකින දෑ කොටස් වලට බෙදාගෙන බෙදාගෙන යද්දී මනසින් ගතහැකි කුඩාම කොටසක් ධර්මයක් ලෙස හැඳින්වුවහොත් යම් ධර්මයක් පවතින්නේ එය නොවන අනිකුත් ධර්ම නිසා ලෙසත් ඒ අනිත් ධර්ම පවතින්නේ මුලින් කී ධර්මය නිසා ලෙසත් ගැනීම සාපේක්‍ෂ පැවැත්ම යැයි මම සිතමි. අපි අවිද්‍යාව නිසා මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින ධර්ම වෙන් කර ගොඩ ගසන්නෙමු. ඒ ගොඩ ගැසූ විවිධ ධර්ම ගොඩ අතරද ඇත්තේ කලින් කී සාපේක්‍ෂ පැවැත්මය. ඊලඟට ඒ ධර්ම ගොඩ එකතුවී ඊටත් වඩා විශාල ගොඩ ගැසෙයි. මම යන සංකල්පය තැනෙන්නේ මේ ආකාරයට ධර්ම ගොඩ ගැසීමේ ක්‍රියාවලියක් හරහා යැයි මම සිතමි. මට මම යන විඥාණය ලැබෙන්නේ මමයැයි කියා වෙන් කර ගන්නා ධර්ම ගොඩ නිසාය. නමුත් මම යැයි වෙන් කර ගැනීම මුලාවක් පමණි මන්ද මම යන ධර්ම ගොඩ බෙදාගෙන බෙදාගෙන යද්දී කිසිම ධර්මයක් තනියෙන් වාස්තවිකව පවතින්නේ නැතිබව පෙනෙන බැවිනි. කෙසේ වෙතත් වෙනස් ධර්ම ගොඩ අතර ඇත්තේද සාපේක්‍ෂ බවකි. මමත් මම නොවන සෙසු ලෝකයත් අතර සාපේක්‍ෂ පැවැත්මක් ඇති වන්නේ මේ ආකාරයටය. මම නිර්මාණය කරගන්නා ආකරයටම අපි පවුල, වර්ගය ගෝත්‍රය ජාතිය ආදී වශයෙන් ගොඩ ගසා ගන්නේ අපේ පැවැත්ම සඳහාය. ඒ හැම මට්ටමකදීම සංඝටක අතර සාපේක්‍ෂ පැවැත්මක් දකිමු. සාපේක්‍ෂ පැවැත්ම මේ කියන ආකාරයට සියලු සිංහල බෞද්ධයින් අවබෝධ කර ගන්නවා යැයි මම නොකියමි නමුත් සංස්කෘතියෙන් අපිට එවැනි ආකාල්ප ලබාදෙයි. අපි වෙන්වී තනි තනියෙන් පවතින්නට උත්සාහ නොකරන්නේ එය මුලාවක් බව අපට සංස්කෘතියෙන් බල කර සිටින නිසා විය යුතුය.

ලෝකය පවතින්නේ සාපේක්‍ෂව යැයි සිතන නිසා අපි ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නෙමු ලෝකය සමඟ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධකම නිසා අපි ලෝකය පවතින්නේ සාපේක්‍ෂවයැයි සිතන්නෙමු. මේ චක්‍රීය සම්බන්ධය හැරෙන්නට මේ කථාවේ ඇති යථාර්තයක්ද නැත. කෙසේවෙතත් අපි ජාතිය ගොඩනඟන්නේත් ජාතියේ නිදහස ගැන සිතන්නේත් සාපේක්‍ෂ පැවැත්ම පදනම් කරගෙනය. නිවන ගැන විශ්වාස කරන පෘතග්ජන මිනිසුන් වශයෙන් සාපේක්‍ෂ පැවැත්මක අප තබා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියය.

මිනිස් සමූහයක පැවැත්ම රැකිය හැකි විශාලතම එකතුව ජාතියයි. ජාතියකට සිය පැවැත්ම රැක ගැනීම සඳහා ස්වාධිපත්‍යයක් හිමිවිය යුතුය. ඒනිසා ඒකීය රාජ්‍යයක තිබිය හැක්කේ එක ජාතියක් පමණි. අද අද සිංහල ජාතියේ පැවැත්මට එරෙහිවන එක් ප්‍රධාන සාධකයක් නම් දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල ජාතියෙන් ඈත් වීමය නැත්නම් ඔවුන් බලෙන් ඈත් කර තැබීමය. මෙරට වෙසෙන මේ ජනයා සිංහල ජාතියෙන් වෙන්කර තබනතාක් කල් සිංහල ජාතියේ පැවැත්මට තර්ජනයක් වනු ඇත. වෙන් නොවීමට නම් සිංහල ජාතිය මේ ජනයා සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇතිකර ගත යුතුය. ඔවුන් ජාතියට එකතුවීම තුලින් ඉතිහාසයේ සිදුවූවාක් මෙන් සිංහල ජාතිය නව භවයක් අත් කර ගනු ඇත. ඒ ජාතිය ශ්‍රී ලාංකික ජාතිය ලෙස හැඳින්වීම සුදුසු යැයි මම සිතමි. අනිත්‍යය හඳුණන සිංහලුන්ට වෙනස් නොවී රැක ගන්නා දෙයක් තිබිය නොහැකිය. අපි අනිත්‍ය බව අවබෝධ කරගන්නා තෙක් සංසාරේ ගමන් කරන්නාක් මෙන් සිංහල ජාතියටද ඇත්තේ සංසාර ගමනකි. හෙළය හෙළයින්ගේ රටත් සිංහලේ සිංහලයින්ගේ රටත් වූවාසේම ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින්ගේ රටවීම අපි ඉතිහාසය පුරා ආ සංසාර ගමනට අනුකූලය. ඒ අනුව දෙමළ ජනයා තමන් දෙමළුන් ලෙස නොව ශ්‍රී ලාංකික දෙමළුන් ලෙසත් නොව දෙමළ ශ්‍රී ලාංකිකයින් ලෙස හඳුන්වාගත හැකිය. මෙය හුදෙක් අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීමක් නොව සංස්කෘතික හා දේශපාලණ පෙරලියකි. එය සිදුවිය යුත්තේ සිංහල බෞද්ධයින් පෙරමුණ ගන්නා ජාතික ව්‍යාපාරයක් මඟිනි. මන්ද එය ඔවුන්ගේ නිදහස් සටනද වන බැවිනි.


සිංහල බෞද්ධයින්ගේ නිදහස් දිනාගැනීමත් ජාතිය එක් සේසත් කිරීමත් යනු එකමය. එහි මූලික පදනම අපි ලෝකයෙන් වෙන් නොවී අපත් ලෝකයත් අතර සාපේක්‍ෂ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමය. අපි නිදහස් වෙන්නේ ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වාගත හැකි තරමට අපේ මමත්වය පාලණය කරගැනීම තුලිනි. සමාජයක් ලෙස එය කල හැක්කේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය රැකුනොත් පමණි. 


සමහර උගතුන් සංස්කෘතිය හරණයවූ බෞද්ධාගමක් ගැන කියන කථා මුලා කිරීමකි. බුදු හාමුදුරුවෝ බණ දේශණා කලේ සංස්කෘතියක් නැති සමාජයකට නොවේ. බුදු දහමින් ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ඉවත් කිරීම ගඟින් එගොඩවූ පසු ඔරුව පසෙකට දැමීමක් නොව මෙගොඩ සිටම ඔරුවට ගිනි තැබීමකි. මාකස්වාදීන්ටද අවශ්‍ය සංස්කෘතිකහරණයකි. ඔවුන් සිතන්නේ විවිධ අනන්‍යතා ඇති ජන කොටස් සමගියෙන් ජීවත්විය හැක්කේ අනන්‍යතා ඉවත දැමීමෙන් කියාය. සමාජයෙන් වෙන්වී මමත්වය වර්ධනය කරන පුද්ගලයින් සමූහයකට නම් සමගියෙන් සිටිය හැක්කේ යම් එක් සංස්කෘතියකට (මේ අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බව ඔවුහු හංඟති) අනුගතවීමෙන් බව පිළිගත හැකිය නමුත් සමාජයත් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වන විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන්ට සංස්කෘතිකහරණයෙන් තොරව සමගියෙන් ජීවත්විය හැකි විය යුතුය.

අපේ නිදහස නැති කරන්නේත් මෙරට දෙමළ ජනයා සිංහලුන්ගෙන් වෙන් කර තබන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යයය. නමුත් අද සමහර සිංහල බෞද්ධ සංවිධාන උත්සාහ කරනු පෙනෙන්නේ සමස්ථයක් වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල හිඳමින් ඒ තුල සිංහල බෞද්ධයින්ගේ යම් යම් අයිතිවාසිකම් දිනා ගැනීමටය. අපි අපේ සංස්කෘතිය සෝදා හැර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගතවී එහි ලබාදෙන පුද්ගලික අයිතියකින් සෑහීමකට පත්වීමට එකඟ වියයුතු නොවේ. ඉන් අත්වෙන නිදහසක් නැත. අවශ්‍ය ඕනෑම කෙනෙකුට නිවන් මඟක් ගැනීම සඳහා පුද්ගලික අයිතියක් ඇමෙරිකානුවන්ටද ඇත නමුත් ඒ හරහා ඇමරිකාව තුල බෞද්ධ සමාජයක් බිහි වෙන්නේ නැත. ඒ නිසා සමාජයක් වශයෙන් නිදහස ලබා ගැනීමට නම් අපි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්ම නිදහස්විය යුතුය. දෙමළ ජනයා ශ්‍රී ලාංකික ජාතියකට එක් කල හැක්කේද ඒ නිදහස් සටන ඔස්සේය.



ජානක වංශපුර

2013-11-12

ලිං මැඩියන්ට මොන ස්වාධිපත්‍යයක්ද?


සමහර බටහිර උගතුන්ට අනුව ස්වෛරීය රාජ්‍ය කියා රාජ්‍ය මේ ලෝකේ නැත එසේත් නැත්නම් රටක ස්වෛරීය භාවය යනු එතරම් පැහැදිලි සංකල්පයක් නොවේ. සම්බන්දන් මහතා ඒකීය රාජ්‍යය එතරම් තේරුමක් නැති සංකල්පයක් ලෙස හඳුන්වන්නේ බටහිර උගතුන්ගේ මේ කියමන් වලට අනුවය. ඔවුන්ට අනුව රටේ ස්වෛරීය භාවයක් බදාගෙන නහින්ට තනන ජාතිකවාදීන් ලෝකය ගැන හරිහැටි නොදන්නා නූගත් ලිං මැඩියෝය. නමුත් ස්වෛරීය භාවය අවැදගත් සංකල්පයක් ලෙස අපට උගන්වන බටහිරුන් අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඔවුන්ගේ ස්වෛරීය භාවය කිසි සේත් පාවා නොදෙති.

බටහිර දාර්ශනිකයින් රටක ස්වෛරීය භාවය එතරම් වැදගත් නොවේයැයි පවසන්නේ පුද්ගල අයිතිවාසිකම් වඩා වැදගත්ය යන පදනමේ සිට ගෙනය. හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් පසුව ඔවුහු ස්වෛරීය බල අධිකාරි මඟින් මිනිසුන්ගේ පුද්ගල නිදහස නැති කරතැයි හෝ එසේ නැති කිරීමට ඉඩ ඇතැයි සිතන්නට පටන් ගත්හ. ඊනියා මානුශික හිමිකම් කඩ කරන රටක ස්වෛරීය භාවයට එරෙහිව ජාත්‍යාන්තර සංවිධාන වලට කටයුතු කල හැකි යැයි ඔවුන් සිතන්නේ ඒ පදනමේ සිට ගෙනය. ප්‍රායෝගික වශයෙන් මේ කථාව වලංගු නොවෙන්නේ එසේ මැදිහත් වීමට එක සමාන දේශපාලන බලයක් ලෝකයේ සියලුම රටවලට නැති බැවිනි. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට සිදුවෙන අසාධාරණකම් ගැන ඇමෙරිකාවට බලපෑමක් කිරීමට ලොව කිසිම රටකට නොහැකිය. දාර්ශනික වශයෙන් වුවද මේ කථාව වලංගු වන්නේ පුද්ගල අයිතිවාසිකම් වඩා වැදගත්යැයි සැලකෙන සමාජ අතර පමණය. උදාහරණයක් වශයෙන් පුද්ගල අයිතිවාසිකම් සමාජීය අයිතිවාසිකම් තරමටම වැදගත් යැයි සැලකෙන සමාජයක සමාජීය අයිතිවාසිකම් නොසලකා පුද්ගල අයිතිවාසිකම් සඳහා බාහිර බලයක් මැදිහත්වීම යුක්ති සහගත කල නොහැකිය. 

බටහිර උගතුන් අපට මොන කතන්දර කීවත් ඔවුන්ගේ ස්වෛරීය භාවය ඔවුන්ට වැදගත්ය. අද ලොව පුරා බටහිර රටවල හමුදාවන් යුද්ධ කරන්නේ ලෝකයෙන් ත්‍රස්තවාදයක් තුරන් කර ලෝකයාට ඊනියා සාමය අත්කර දීමේ අටියෙන් නොව ඔවුන්ගේ ස්වෛරීය භාවය ආරක්‍ෂා කර ගැනීමටය. යුරෝපා සංගමය මඟින් සිදුවන්නේ එහි සාමාජික රටවල ස්වෛරීය භාවය වැදගත් වන පොදු කරුණු ඒක රාශී කිරීම මඟින් ඒ සාමාජික රටවල ස්වෛරීය භාවය තවදුරටත් තහවුරු කිරීමය. වෙලඳාම අරභයා රටවල්වල ස්වෛරීය භාවය නොවැදගත් සේ සැලකේ නම් පරිභෝජනය සඳහාද ලෝකයේ දුප්පතුන්ට බටහිර රටවල දොරටු විවෘත විය යුතුය. නමුත් එය එසේ වන්නේ නැත. පැහැදිලිවම ඊනියා ලෝක වෙළඳ ආර්ථිකය නිසා කෙලෙසෙන්නේ බටහිර නොවන රටවල ස්වෛරීය භාවය පමණි. ලෝක වෙළඳ සංවිධානය හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි ඊනියා ජාත්‍යාන්තර සංවිධාන ඒ බවට වග බලාගනිතිි. එමෙන්ම අන්තර් ජාලය හරහා විවිධ ජාතීන්ට එක් විය හැකි නිසා රටවල්වල ස්වෛරීය භාවය වැදගත් නැතැයි කිව හැකිද? අද අන්තර් ජාලය හරහා සංස්කෘතික බලපෑමක් කෙරෙන්නේ බටහිර නොවන සංස්කෘති වලට නොවේද? හරහා දේශපාලණ බලපෑමක් (උදා: අරාබි වසන්තය) කෙරෙන්නේද බටහිර නොවන රටවලට නොවේද?

උගතුන් අපව මුලා කරන්ට තැනුවත් බටහිර රාජ්‍ය ඔවුන්ගේ ස්වෛරීය භාවය රැක ගනිති. අපිටද ස්වෛරීය රාජ්‍යයක් තිබිය යුතුය. අපි ස්වෛරීය භාවයක් ගැන කථා හදන්නේ ජාතිය යන සංකල්පය මුල් කර ගෙනය. ජාතිය යන සංකල්පයට පදනම පැවැත්මය. අපිට පැවැත්ම සාපේක්‍ෂය. අපිද ලෝකයද පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සමඟ බැඳී යයි අපි සිතන්නෙමු. එකක් නිසා අනික පවතී. ඒ නිසා අපේ පැවැත්ම රඳා පවතින්නේ මේ සාපේක්‍ෂ බව රැක ගැනීම තුලය. එය රැක ගැනීම පුද්ගලික මෙන්ම සාමාජීයද අයිතිවාසිකමකි. එවැනි සාපේක්‍ෂබවක් රැක ගැනීම සඳහා අපට ස්වෛරීය භාවයක් තිබිය යුතුය.

සාපේක්‍ෂ පැවතීම යනු ප්‍රායෝගිකත්වයක් නැති හුදෙක් වියුක්ත සංකල්පයක් නොවේ. සාපේක්‍ෂ පැවතීම අපේ ගතියය. අපිත් ලෝකයත් එකිනෙක මත යැපෙමින් පවතීයැයි සිතමින් අපි ලෝකයෙන් භෞතිකවත් ක්‍රියා කාරකම් තුලිනුත් වෙන් නොවී  ජීවිතය ගෙන යාමට උත්සාහ දැරීම සාපේක්‍ෂ පැවතීමය. අපි පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ මේ සාපේක්‍ෂබව ආරක්‍ෂා කර ගන්ටය. අපි සංවරව පරිභෝජනය කරන්නේ ලෝකයත් අපත් අතර ඇති මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ආරක්‍ෂා කර ගන්ටය. එකිනෙකාගෙන් දුරස් නොවී ව්‍යාප්ත පවුල් පවත්වාගෙන යන්නට උත්සාහ දරන්නේත් ඒ නිසාය. අපිට ස්වෛරීය භාවයක් අවශ්‍යය මේ ගති රැක ගැනීමටය. මේ ගති ආරක්‍ෂා නොකර අපිට ජාතියක් වශයෙන් පැවතිය නොහැකිය.

අද ජාතිකවාදීන් විසින් රටේ සූදු කෙලීම නැවැත්වීමට ගන්නා උත්සාහය ගැන සතුටුවිය හැක්කේ ඒ හරහා රජයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය මඟකට යොමුකර රටට ස්වෛරීය භාවයක් අත් කරදිය හැකිවේය යන බලාපොරොත්තුව මතය. මූලික වශයෙන් අද අපේ ස්වෛරීය භාවයට තර්ජනයක් එල්ල වෙන්නේ බටහිර ආර්ථික ක්‍රමය හා ඔවුන් දරන දැනුමේ ආධිපත්‍යය විසිනි. පුද්ගලයා ලෝකයෙන් වෙන් කර ඔහුට ඉන්ද්‍රීය පිනවීම සඳහා පුද්ගලික නිදහසක් ලබාදීම එහි ක්‍රමවේදයයි. එහිදී අපට සාමාන්‍යයෙන් කියා දෙන්නේ මිනිසා ස්වභාවයෙන්ම නිමක් නැතිව කම් සැප හඹා යන බවත් ඒ ආශාවන් තෘප්තිමත් කර ගැනීමට ඔහුට පුද්ගලික නිදහසක් තිබිය යුතු බවත්ය. මේ කථාව බොරුවකි. මෙවැනි මිනිසෙකු නැත. ඇත්තේ ඉන්ද්‍රීය පිනවීම සඳහා විවිධ මට්ටමින් රුකුල්දෙන හා විවිධ මට්ටමින් සීමා පනවන සංස්කෘති සහ ඒ අනුව ජීවත්වන මිනිසුන්ය. එසේ නැතිව නිමක් නැතිව කම් සැප හඹා යන ස්වභාවයක් (අඩුතරමින් එවැනි ලක්‍ෂණ දෙන මිනිස් ජානවත් තිබේද?) ඇතැයි සැලකිය හැකි අසංකෘතික මිනිස්සු නැත. මේ ලිපිය කියවන ඔබට එවැනි ස්වභාවයක් ඇතැයි ඔබ පිලිගන්නවාද? එය මිනිස් ස්වභාවයක් නම් අපි සැවොම එවැනි ස්වභාවයක් ගැන ආඩම්බර නොවෙන්නේ ඇයි? ආඩම්බර නොවේ නම් එසේ ආඩම්බර නොවීම ස්වභාවය ලෙස නොසලකන්නේ ඇයි? ලංකාවේ බහුතරයක් කම් සැප හඹා යෑමට කෙරෙන බලවත් බලපෑම් හමුවේ මට මෙහෙම හොඳා යැයි සිතමින් ජීවත්වෙන්නන් නොවේද? බොහෝ අය තරුණ අවධියේ කෙසේ වෙතත් අඩු තරමින් මහලු වියේදීවත් ඉන් තෘප්තියක් නොලැබෙන බව අවබෝධ කර ගනිති. සමහරු එය අවබෝධ කර ගන්නේ පෙර කර්ම ශක්තියකින් විය හැකිය.

කෙසේ වෙතත් නිමක් නැතිව කම් සැප හඹා යෑම සියලු මිනිසුන්ගේ ස්වභාවයක් ලෙස ගැනීම බටහිරුන්ගේ හුදු උපකල්පණයක් පමණි. ඒ බොරුව මත පදනම් වෙමින් බටහිරුන් අවශ්‍යය ඕනෑම පුද්ගලයෙකුට ඉන්ද්‍රීය පිනවීම සඳහා උපරිම පුද්ගලික නිදහසක් ලබාදෙයි. නමුත් අපේ රටේ ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍යය නම් ඉන්ද්‍රිය සංවර කරගෙන ජීවත් වෙන්නට ආර්ථික දේශපාලනික හා සාමාජීය වශයෙන් නිදහසක් නැත. අඩුම තරමින් කම් සැපෙහි ගිලීමට ඇති නිදහස තරම් නිදහසක්වත් ඉන් ඈත්වී ජීවත්වීමට පුද්ගලිකවත් සමාජයක් වශයෙනුත් අපට නැත. එසේ නිදහසක් නොතිබීම සාධාරණය කල හැක්කේ මොන පදනමකින්ද?

අපට පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට නිදහසක් තිබිය යුතුය. සංවරව පරිභෝජනය කරන්නට නිදහසක් තිබිය යුතුය. එකිනෙකාගෙන් දුරස් නොවී ව්‍යාප්ත පවුල් පවත්වාගෙන යන්නට නිදහසක් තිබිය යුතුය. කොටින්ම ලෝකය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී ජීවත්වීමට අපට නිදහසක තිබිය යුතුය. ලෝකය සමඟ සාපේක්‍ෂව පැවතීම අපේ පුද්ගලික මෙන්ම සාමාජීය අයිතිවාසිකමය. ජාතියේ පණ රැකෙන්නේ එසේ ජීවත් වන මිනිසුන් අතරය. ඒ මිනිසුන්ට ඕනෑ හැටියට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කර ගැනීම සඳහා ස්වාධිපත්‍යයක් අපට තිබිය යුතුය. 


ජානක වංශපුර

2013-11-12

Sunday, 10 November 2013

විජාතික බලවේග එකතුවන්නේ කුමක් සඳහා ද?


ආණ්ඩු විරෝධී පක්‍ෂ එකතු වී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට එන නායකයන් ඉදිරියේ උද්ඝෝෂණ කිරීමේ උත්සාහයක් ඇත. මේ විරෝධත්වය පොදු රාජ්‍ය මණ්ඩලයට එරෙහි ව නො වේ. චාල්ස් වින්ඩ්සර්ට හෙවත් චාල්ස් කුමරු නමින් හැඳින්වෙන තැනැත්තාට විරුද්ධ ව ද නො වේ. ඒ සම්මේලනයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට එරෙහි ව ද නො වේ. විරුද්ධත්වය මෙරට ආණ්ඩුවට විරුද්ධ ව ය. ජනාධිපතිතුමාට විරුද්ධ ව ය. එහි දී ඊනියා විරුද්ධ පක්‍ෂ සමගියේ පක්‍ෂ විවිධ අදහස් දක්වනු පෙනෙයි. ඒ අතර සම්මේලනය සඳහා වියදම් කරන මුදල් සම්භාරය, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිවීම, නීතිය ක්‍රියාත්මක නොවීම ආදිය වෙයි. එහෙත් ඊනියා පොදු විපක්‍ෂය පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව රැස්වීම ලංකාවේ පැවැත්වීමට විරුද්ධ බවක් නො කියයි. අඩු තරමින් ඔවුහු ඒ බව සෘජුව නො කියති. ඔවුන්ට අවශ්‍ය විදේශීය නායකයන් ඉදිරියේ ජනාධිපතිතුමාට හා රටට විරුද්ධව ගතු කීම ය. එමගින් බටහිරයන්ගේ අවභ්‍යතා ඉටුකිරීම ය. 

අද රටේ පවතින තත්ත්වයට මෙරට සියළු දේශපාලන පක්‍ෂ වගකිව යුතු ය. රටේ අපරාධ වැඩි වී ඇත්නම් එයට මූලික හේතුව අපට අපේ ම වූ සමාජ ක්‍රමයක් බිහිකර ගැනීමට නොහැකි වීම ය. අප මුල සිට ම යොමු වී ඇත්තේ බෞද්ධ කෑලි එල්ලා ගැනීමට මිස බෞද්ධ සමාජයක් ඇතිකර ගැනීමට නො වේ. බෞද්ධ කෑල්ලක් එල්ලා ගැනීමට කරන ලද ව්‍යාජ උත්සාහයක් ලෙස ජේ ආර් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය පෙන්වා දිය හැකි ය. එහි ප්‍රතිඵලය වූයේ විවෘත ආර්ථිකයක් හා එයටත් වඩා විවෘත සංස්කෘතියක් ඇති කර රට අධර්මිෂ්ඨත්වයට තල්ලු කිරීම ය. කිසිම නීතියකට යටත් නොවී කැසිනෝ පැවැත්වීමට නීත්‍යානුකූල නොවන ආකාරයකින් අවසර දුන්නේ එ ජා පක්‍ෂය ය. අධිකරණයට එළිපිට ම ගල් ගෑසුවේ එ ජා පක්‍ෂය ය. බොරු චෝදනා මත න ස ස ප හා ජ වි පෙ තහනම් කරනු ලැබුයේ එ ජා ප ආණ්ඩුවක් විසිනි. මේ ලැයිස්තුවේ කෙළවරක් නැත. එහෙත් ඒ එකකින්වත් කියන්නේ මේ ආණ්ඩුවට ඒවා දිගට ම ක්‍රියාත්මක කිරීමට අවසරයක් ලැබෙන බව නො වේ. එ ජා පක්‍ෂයට ඒ කිසිවකට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව පමණක් එයින් කියැවෙයි. එහෙත් මෙරට දේශපාලන පක්‍ෂවලට සදාචාරය ගැන කතාකිරීම වැඩකට ඇති දෙයක් නොවන බව ද දනිමු.

මංගල උත්සව පැවැත්තෙන ඇතැම් අවස්ථාවල මනාලයාගේ හෝ මනාලියගේ හෝ ඥාතීන් අනෙක් පාර්ශ්වයට හා අමුත්තන්ට දැනෙන පරිදි තම පාර්ශ්වයේ පවුලේ වැරදි හඬනගා කියන බව අපි දනිමු.අද විරුද්ධ පක්‍ෂය ද හැසිරෙන්නේ ඒ ඥාතීන් ක්‍රියාකරන ආකාරයට ය. දැන් පඬියකු අසනු ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක රැස්වීම මංගල්‍යයක් ද කියා ය. පොදු රාජ්‍ය මණ්ඩලය ගැන මගේ කිසිම පැහැදීමක් නැත. එය ඉංගිරිසි අධිරාජ්‍යය දිගට ම පවත්වාගෙන යෑමට කරන අසාර්ථක උත්සාහයක් පමණකි. එයින් ඉවත්වීමෙන් ශිෂ්‍යත්වයක් දෙකක් අහිමිවීම හැර අපට සිදුවන දෙයක් නැත. එංගලන්තය ආදී රටවල් අපට ශිෂ්‍යත්ව ආදිය දෙන්නේ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයට යටවන පිරිසක් බිහිකර ගැනීමට මිස අපට ඇති ඇල්මක් නිසා නො වේ. සමස්ත අධ්‍යාපනය ම යොමු වී ඇත්තේ එවැනි අනුකාරකයන් බිහිකිරීම සඳහා බැවින් ශිෂ්‍යත්වයක් නැතිවීමෙන් විශාල වෙනසක් ද සිදු නො වේ. අපට කෙසේ වුවත් ආණ්ඩුවට මෙන් ම විපක්‍ෂයට ද මෙය මංගල අවස්ථාවකි. විපක්‍ෂය උත්සාහ ගන්නේ මංගල්‍යය කඩාකප්පල් කිරීමට, ආණ්ඩුවට නින්දා කිරීමට හා හැකිනම් ආණ්ඩුව පළවා හැරීමට මේ අවස්ථාවක් කර ගැනීමට ය. එහි දී විපක්‍ෂය එකතුවන්නේ කා සමග ද යන්න මෙහි දී පැන නගින ප්‍රධාන ප්‍රශ්නය වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීම ලංකාවේ දී පැවැත්වීමට පසුගිය අවුරුදු දෙක තුළ ප්‍රධාන වශයෙන් ම විරුද්ධ වූයේ එංගලන්තය හා කැනඩාව ය. එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවදී නිදහසවත්, අධිකරණ ස්වාධීනත්වයවත් වෙනත් කිසිවක් නොව එංගලන්තය ප්‍රධාන බටහිර රටවල කැමැත්තට පටහැණීව කොටි පරාජය කිරීම ය. කොටි පරාජය නොකරන්නට නායක රැස්වීම ලංකාවේ පැවැත්වීම ගැන කිසිවකු විරුද්ධ නොවනු ඇත. එංගලන්තය 1817 -– 18 දී 1848 දී ලංකාවේ නොව ඉතා මැතක ඇමරිකාව සමග එකතු වී ඉරාකයේ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමේ දී අනුගමනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්, රැක ඇති මානව අයිතියක් නැත. අද එංගලන්තය ඇතුළු බටහිර රටවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනාවලට වරදකරුවන් කර දංගෙඩියට යැවීමට ය. එංගලන්තය හා කැනඩාව තමන් පොදු රාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිපාදන නවතා දමන බව කියා ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුත්තේ චීනයෙන් පොළියට මුදල් ගෙන පොදු රාජ්‍ය මණ්ඩලය පවත්වාගෙන ගොස් බටහිර රටවලට ඒ ණය ආපසු ගෙවීමට සැලැස්වීම ය! මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියෙන් ඉවත්කර ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඒ මහතාට  විරුද්ධව නඩු පැවරීම බටහිර රටවල අරමුණ ය. රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පොදු විපක්‍ෂය  බැරි වුවත් දඟලන්නේ රාජපක්‍ෂ මහතා පදවියෙන් ඉවත්කිරීමට ය. එහෙත් එය කළ හැකි පුද්ගලයකු පොදු විපක්‍ෂයේ නැත. පොදු විපක්‍ෂයේ නායකයා රනිල් මිස වික්‍රමබාහු නො වේ. වික්‍රමබාහුට මයික්‍රොෆෝනයක් වුව ද ලැබෙන්නේ ඔහු රනිල් පසුපස යන බැවිනි. අනෙක් අතට ජාතික ඇඳුම ඇඳි පමණින් කරු ජයසූරියට ජාතික නායකයකු විය නො හැකි ය. වැඩිකල් යෑමට පෙර ඔහු මොකක්දෝ මණ්ඩලයේ සභාපතිකමින් විසිවනු ඇත්තේ මණ්ඩලය ද සමගිනි. ඔහුගේ ද, සජිත්ගේ ද, රනිල්ගේ ද දේශපාලන ජීවිත අවසන් ය. මාමාගෙන් බෑණාට නායක පදවිය ලැබෙන එ ජා පයේ මීළඟ නායකයා මොකක්දෝ මණ්ඩලයට පත් වී ඇත.

මේ පොදු විපක්‍ෂය හා එංගලන්තය කැනඩාව ආදී රටවල්වලට  ඇත්තේ කොටි පැරදවීම ඉවසා දරාගත නොහැකි වීම ය. නෝර්වේ ආදී රටවල් ඔස්සේ ද රාජ්‍ය නොවන බැළයන් මගින් ද ඇතැම් ක්‍රිස්තියානි/කතෝලික පූජකවරුන් හරහා ද එංගලන්තය කොටින්ට ආධාර කළේ ය. පොදු විපක්‍ෂයේ පක්‍ෂ ද සටන් මෙහෙයුම්වලට විරුද්ධ වෙමින් ආණ්ඩුවට හා හමුදාවට නින්දාකරමින් කොටින්ට ආධාර කළේ ය. මේ සියල්ලන්ට ඇත්තේ කොටින් පරාද කිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීම ය. කොටින් පරාද නොකළේ නම් රැකිය යුතු පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥ්පතියක් නැත. ආණ්ඩුව බීබීසියේ චැනල් ෆෝ ගුබ්බෑයමේ මැක්රේ ට ද වීසා ලබා දී ඇත්තේ ඉන්දියාව ඔහුට විසා නොදෙන අවස්ථාවක ය. එහෙත් එංගලන්තය මාධ්‍ය නිදහස නැතිවීම ගැන බයිලා කියන්නේ ලංකාවට ය.


නලින් ද සිල්වා

2013-11-10

Wednesday, 6 November 2013

Cameron and Manmohan Singh


CHOGM is at the doorstep and nobody can prevent it being held in Sri Lanka. The Commonwealth is an unsuccessful attempt by England to keep its empire on which the Sun did not want to set as the latter did not have any faith in the “mother country”. England at present is left with three colonies namely Scotland, Wales and Northern Ireland. However, it and the white commonwealth countries continue to be benefitted by the commonwealth throwing crumbs like scholarships, fellowships, technological equipments etc., at the non white countries, and training imitators in those countries who accept the domination exerted by western knowledge. England still wants to politically dictate terms to the other countries and its Prime Minister thinks he is still living in the times of Elizabeth I or Victoria and not of Elizabeth II. Cameron who thinks no end of himself is reported to have told Suki, the agent of the west in Myanmar that he intends to talk tough to the President Mahinda Rajapakse.

Cameron should know that if not for the cheating diplomacy of his countrymen such as Cambridge educated Doyle Sri Lanka would not have become a colony of England as the English were not in a position to defeat the Sinhala at war. If he thinks that he can intimidate the President from Mademulana, who fortunately did not have an education at an English University by tough talk he is clearly mistaken. If Cameron wants he can go to Jaffna but he would not be allowed to talk changes to the constitution interfering with our sovereignty by the Defense Secretary.

The English educated elite in Sri Lanka may find it difficult to lose a scholarship or a fellowship offered by England, but to the general public in Sri Lanka Mahinda Mahattaya is more important than a few Sterling Pounds. It is well known though not spoken publicly all opposition to CHOGM being held in Sri Lanka arise from the defeat of the LTTE terrorists by the Sri Lankan armed forces under the political leadership of the President and the direction of the Defense Secretary. All the talk on so called violation of human rights by England including the so called fourth estate there with cooked up video footage etc., are aimed at taking the two Rajapakse brothers to the guillotine accusing them of war crimes. The LTTE that was supported by England through Norway and other European Countries against the Sinhala people as well as the Tamils is no more except for the so called diaspora (the dispersed Tamils) maintained mainly by England and Canada. It is not surprising to find these two countries apart from the Indian state Tamil Nadu being the only opponents of CHOGM being held in Sri Lanka. Their revenge is endless and they have already said that they would withdraw their contribution to the maintenance of the Commonwealth activities probably through the secretariat, in the next two years. It is nothing but an intimidation but the President Mahinda Rajapakse will overcome these obstacles and I hope the commonwealth secretariat would be given a loan by China of all the countries to keep him as the Chairperson of the Commonwealth for the next two years. England who supplied opium to China may not like it but if USA can be maintained with loans from China there cannot be any objection to the Chairperson of the Commonwealth negotiating loans from China. After all both the BMICH and Nelumpokuna where most of the activities of the CHOGM will be held were built with Chinese aid. If Cameron does not like the idea he can keep away like his Canadian counterpart, but the majority of Sri Lankans would not feel his absence.

I am not an admirer of the Commonwealth but I am glad that the CHOGM is being held in Sri Lanka as we have been able to overcome all the opposition from Cameron and his gang. The holding of the CHOGM in Sri Lanka is a victory of the Sinhalas, the Sri Lankans and above all a victory of Mahinda Rajapakse. Doyle’s era is over and Oxbridge is not looked up to and Camerons are not in a position to bully Rajapakses. If Cameron is genuine he should take steps to disperse the dispersed Tamils in England and its colonies and let the Sri Lankans manage their own affairs without interfering either directly or indirectly through countries such as Norway, and the dispersed Tamils in England and Canada.

It is bad logic and strategy to say that in order to give so called self determination to the Tamils in Sri Lanka, self determination of the Sinhalas and Sri Lankans in general should be curtailed. Perhaps Cameron can go back to a grammar school to learn elementary logic. If Cameron talks tough I am sure that Rajapkse would talk tougher. We have nothing to lose except for a few scholarships and fellowships which produce a few imitators who boast of themselves as the best east of Suez. Even as a schoolboy I used to wonder why only east of Suez. The Sri Lankan government should not appoint a committee nor allow anybody else to come to Sri Lanka to investigate into the so called human rights violation during the last week of the humanitarian operations. If a committee is to be appointed it should be to investigate into  LTTE terrorism over the thirty year period violating the human rights of Sinhalas Muslims and others and also into the support given to the terrorists by England, various NGOs, some clergy of some churches, so called peace organizations etc. In any event it is never too late to investigate the barbaric activities of the English, Dutch and the Portuguese against the Sinhala Buddhists from 1506 to date.

If Cameron is the thug of the town, Manmohan Singh is the most henpecked prime minister of the whole world. At least in that respect he is not only the best east of Suez. It is said that Manmohan Singh has no access to a mobile phone or internet facilities. He does not need them as long as Sonia Gandhi and Jayalalitha posses the necessary equipments. It is very likely that he would come to Sri Lanka to attend the CHOGM even for a few hours as the “male chauvinist” Brahmins in Indian politics and Foreign Service would overcome the resistance of Jayalalitha. It is not because that these Brahmins love Sri Lanka but they know that if the Indian Prime Minister does not attend the CHOGM that would spell the end of Indian interference in Sri Lankan politics. What the Brahmins are not aware of is whether the Indian Prime Minister comes to Colombo or not Indian interference will soon become part of history. Brahmins must be thinking of the presence of Pakistan in Colombo and also of the Chinese influence in Sri Lankan economy. In any event we should welcome Manmohan Singh if possible both at the BMICH and the Nelumpokuna built with Chinese aid.


After the defeat of Prabhakaran there cannot be any separation and we in Sri Lanka should be able to manage our affairs without any interference from India or England led west. In that respect at the CHOGM the Sri Lankan authorities should have a special eye on Cameron and the so called fourth estate. The western media have been given visa for a specific purpose and they are not here to determine whether the CHOGM should be held in Sri Lanka or not. It has already being decided to hold the meeting in Sri Lanka by those who have the power to do so and the media is here to cover the CHOGM and nothing else. They are not here to dictate to us whether we should change the government or the constitution. Both Ranil and Sajith are doing their last laps in politics and the west cannot find a suitable candidate to defeat Mahinda Rajapakse.  These are matters not even for Cameron let alone the western media and the government authorities should be very strict on applying the conditions under which Visas have been issued to media personnel.     

Nalin De Silva

06-11-2013

Sunday, 3 November 2013

මන්මෝහන් සිං එන්නේ මොකට ද? කැමරන් එන්නේ මොකාට ද?


මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට එන බව දැනට දින කිහිපයකට පෙර ඉන්දීය විදේශ ඇමති අතින් කියැවිණි. ඇමතිවරයා තමා ස්ථිරව ම පැමිණෙන බව කියා අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳ නිවැරදි තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේ ය. එහි දී ඔහු කට බොරු කිවුවත් දිව බොරු නොකියන බව පෙන්වමින් කියා සිටියේ ඉන්දියාවට තව දුරටත් බලපෑම් කිරීමට හැකි වීමට නම් අගමැතිවරයා රැස්වීමට සහභාගි විය යුතු බව ය. ඒ කෙටි එහෙත් වැදගත් ප්‍රකාශය ජනමාධ්‍යවේදින්ට නො ඇසිණි. ඔවුන්ට ද තමිල්නාඩුවට ද ඇසුණේ විදේශ ඇමතිවරයා ස්ථිරව ම ලංකාවට පැමිණෙන බවට කරන ලද ප්‍රකාශය පමණකි. තමිල්නාඩුවේ බෝම්බ කිහිපයක් පිපිරුණේ විදේශ ඇමතිවරයාගේ පැමිණීමට විරුද්ධව ය. ඉන්දියාවට පකිස්ථානය හා චීනය ඉදිරියේ කොළඹ මගහැරිය නො හැකි ය. දැන් අගමැතිවරයා ද එන බව ඉන්දීය පූවත්පත්වල වාර්තා වෙයි. තමිල්නාඩුවේ තව තවත් කලබල ඇතිවීමට ඉඩ ඇත. එහෙත් අප කලබල විය යුතු නො වේ. අපි සිං පැයකට පැමිණියත්, නම ලකුණු කිරීමට පමණක් පැමිණියත් සාදරයෙන් පිළිගනිමු. එහෙත් ඔහුට බලපෑම් කිරීමට ඉඩ නො දෙමු. දහතුන ක්‍රියාත්මක කරන්නේ ද, එසේ ක්‍රියාකරන්නේ නම් ඒ කරන්නේ කෙසේ ද, දහතුන අහෝසි කරන්නේ ද ආදිය අපේ තීරණ මිස ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ හෝ බටහිරයන්ගේ තීරණ නො වේ.  අප සිංටත් අනෙක් රාජ්‍ය නායකයන්ටත් දිය යුතු වැදගත් පණිවුඩයක් වෙයි. ඒ අන් කිසිවක් නොව ඊනියා පශ්චාත් යුද සමයක් තිබිණි යැයි පිළිගත්ත ද එය විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මහඇමති ලෙස දිවුරුම් දීමෙන් පසුව අහෝසි වී ඇති බව ය. බටහිරයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන් වන ඊනියා රාජ්‍ය නොවන බැළයන්ට ද කිව යුත්තේ ඔවුන්ට සෙල්ලම් කිරීමට හැකි සදාකාලික පශ්චාත් යුද සමයක් නැති බව ය. මේ නිවට ඇංකර බැළයන් බටහිර රටවල සිටින ව්‍යාජ සරණාගතයන්ගේ මෙන් ම විසිරුණු දෙමළ ජනයාගේ ද ආධාරය ලබමින් සම්මන්ත්‍රණ උද්ඝෝෂණ පවත්වනු ඇත. ජාතිකත්ව මඟින් ඉවතට යමින් ඒ අනුව ඡන්ද පදනමෙන් ද ඈත් වෙමින් සිටින  එ ජා ප නායකයන් ද මේ උද්ඝෝෂණවලට සහභාගිවනු ඇත. අද ඉතා පැහැදිලිව සියළු ජාතිකත්ව විරෝධීහු රටටත් ආණ්ඩුවටත් රාජ්‍යයටත් විරුද්ධව බටහිරයන්ගේ තුරුළේ නැළවෙති.   

මෙවර කොළඹ පැවැත්වෙන රැස්වීම අපට ඉතා වැදගත් ය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු හිරු නොබැසි ඉංගිරිසි අධිරාජ්‍යය වෙනත් මුහුණුවරකින් පවත්වාගෙන යෑමට කරන ලද අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් පමණකි. අද එංගලන්තයට ඇත්තේ යටත්විජිත තුනක් පමණකි. ඒ වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ය. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වඩාත් ආර්ථික, සංස්කෘතික හා දේශපාලන වාසි ලබන්නේ සුදු රටවල් ය. අපට ද ශිෂ්‍යත්වයක් අධිශිෂ්‍යත්වයක් විද්‍යා උපකරණයක් ලැබෙයි. එමගින් මෙරට ඊනියා උගතුන් බා ගැනීමේ අවස්ථාව එංගලන්තයට හ පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙක් සුදු රටවල්වලට හිමි වෙයි. අප බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වී ඇති බැවින් කේම්බ්‍රිජ් ඩොයිලිගේ මුණුබුරෝ අපට කොකා පෙන්වති. ඒ කෙසේ වෙතත් මෙවර රැස්වීම ලංකාවේ පැවැත්වීම කඩාකප්පල් කිරීමට කැනඩාව පමණක් නොව එංගලන්තය ද උත්සාහ ගත්තේ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ සභාපතිවීම වැළැක්වීමට ය. එහෙත් ඔවුන්ට එය කළ නො හැකි විය. ඔවුන්ට එය දරුණු පරාජයකි. අපට ලැබෙන ශිෂ්‍යත්වය නිසා නොව, යටත්විජිතවාදීන්ගේ සැලසුම් අසාර්ථක කිරීමට අපට හැකිවීම නිසා සමුළුව ලංකාවේ පැවැත්වීම රටේත් විශේෂයෙන් ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් ජයග්‍රහණයකි. ඔවුන් විසින් යුද අපරාධකරුවකු ලෙස චෝදනා කරනු ලැබූ ජනාධිපතිතුමාගේ සභාපතිත්වය ඉදිරි අවුරුදු දෙකෙහි දී පිළිගැනීමට ඔවුන්ට සිදු වී තිබේ. එහෙත් ඔවුන්ගේ පළිගැනීම්වල කෙළවරක් නැත. ඒ රටවල් පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිපාදන ඉදිරි වසරවල නොදීමට තීරණය කර ඇත. ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවීම ය.

දෙවියන් වහන්සේ මියගියත් තවම භූමදානය කෙරී නැත. කඩා වැටෙන යුදෙවු ක්‍රිස්තියානි තවමත් ලෝක ආධිපත්‍යය දරයි. කැමරන් ලංකාවට එන්නේ අපට ඒ හයිය පෙන්වීමට ය. ඔහු හන්දියේ ගණන්කාරයාගේ චරිතය ඇඟට ගෙන ඇත. ඔහු මියන්මාරයේ බටහිර ගැති අවුං සාන් සුකීට කියා ඇත්තේ අපේ ජනාධිපතිතුමාට තදින් කතාකරන බව ය. කැමරන් සමග චැනල් ෆෝ හා වෙනත් බටහිර මාධ්‍යකරුවන් ද අපට ඊනියා මානව අයිතිවාසිකම් ඉගැන්වීමට කටයුතු කරනු ඇත. ඔවුන්ට කියන්නට ඇත්තේ එකකි. සමුළුව ලංකාවේ පැවැත්වීම හරි ද වැරදි ද යන්න  තීරණය කරන්නේ ඔවුන් නො වේ. එය තීරණය කෙරී ඇත. ඔවුන්ගේ රාජකාරිය කිරීම පසෙකින් තබා ඔවුන් ආණ්ඩු පෙරළීමට, රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ක්‍රියා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීම රජයේ අදාළ අංශවලට භාරවෙයි. රාජ්‍ය නොවන බැළයන්ට ද ඒ බව මතක් කළ යුතු ය. මානව අයිතිවාසිකම් රැකීමේ මුවාවෙන් මෙරට හෝ පිටරට හෝ කිසිවකුට අපේ ස්වෛරිභාවයට ඇඟිලි ගැසීමට අයිතියක් නැත. දෙවියන් වහන්සේ භූමදානය කිරීමට කාලය පැමිණ ඇත. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බිඳ දැමීමට පියවර ගැනීමට සමුළුව යොදාගත යුතු ය. කැමරන්ට අවශ්‍ය නම් යාපනයට ගියාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත් කැමරන්ටවත් වෙනත් අයකුටවත්, විදේශීය රාජ්‍යයකටවත්, කිසිම ආයතනයකටවත්,  මෙරට  රාජ්‍යයේ අනුමැතිය නැතිව කිසිම පළාත් සභාවකට, පළාත් පාලන ආයතනයකට, වෙනත් ආයතනයකට ආධාර කිරීමට ඉඩදිය යුතු නො වේ. මේ ආධාර ආණ්ඩු වෙනස් කිරීමට පමණක් නොව රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ද යොදා ගැනීමට ඉඩ ඇත. රටේ ඒකීයබව වෙනස්කිරීම රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීමකි. මෙරට අනාදිමත් කාලයක සිට එක්සේසත් රාජ්‍යයකි. එක්සේසත් යනු ඒකීය රාජ්‍ය ක්‍රමයක් වුවත් එක්සේසත් සංකල්පය අපට ලැබුණේ බටහිරයන්ගෙන් නොවන බව පඬියන්ගේ ද දැනගැනීම සඳහා සඳහන් කළ යුතු ය. එක්සේසත් රාජ්‍යයක් වෙනුවට රනිල්ගේ හෝ වෙනත් අයකුගේ හෝ එක්සත් රාජ්‍යයකට අපි එකඟ නො වෙමු. එක්සේසත් හා එක්සත් යනු දෙකක් මිස එකක් නො වේ. රාජ්‍ය නොවන බැළයන්ට ජනමාධ්‍ය මගින් ලැබෙන ප්‍රචාරයේ ප්‍රමාණයට ජනපදනමක් නැත. ඔවුන්ට ඇත්තේ කැමරන්ලාගේ පවුම්, යුරෝ හා ඩොලර් පමණකි. කැමරන් සිතන්නේ ඔහු තුන්වැනි ජෝර්ජ්ගේ අගමැති කියා ය. දෙවැනි එලිසබෙත්ට තුන්වැනි ජොර්ජ්ට හෝ වික්ටෝරියාට හෝ තිබූ බලය නොමැති බව ඔහුට කියා දෙමු. මියගිය දෙවියන් වහන්සේගේ භූමදාන කටයුතු සැලසුම් කිරීම ලංකාවේ දී ආරම්භ කරමු.


නලින් ද සිල්වා

2013-11-03

Thursday, 31 October 2013

දැනුමේ දැනුම








බටහිර ආධිපත්‍ය යොදාගෙන අප මත ලොකු මතයක් බලහත් කාරයෙන් පැටෙව්වාට බටහිර විද්‍යාවේ තියෙන්නේ ගුණ දෙකකි. එයත් අගුණ දෙකකි. සීමිත නිරික්ෂණ මගින් සංඛ්‍යාත්මක ක්‍රම යොදාගනිමින් මුළුමහත් ගහනයට පොදු වූ උද්ගමන වලට යාම එකකි. යම් යම් ප්‍රපංච සංසිද්ධි තේරුම් ගැනීමට වියුක්ත කතන්දර ගෙතීම දෙවැන්නයි. 

අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්‍රත්‍යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?


Wednesday, 30 October 2013

අමරතුංග මහතාගේ මුළාව


කූන්ගේ ව්‍යාපෘතිය වූයේ අප කලින් ද සඳහන් කළ ආකාරයට පොපර්ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සම්බන්ධයෙන් වූ අදහස් වැරදි බව පෙන්වීම ය. පොපර් තම ඊනියා අසත්‍යකරණය මගින් බටහිර විද්‍යාවට එතෙක් තිබුණාට ද වඩා ආධිපත්‍යයක් ලබා දුන්නේ ය. කූන් කළේ විද්‍යාඥයන් ඉතා වැඩි වශයෙන් කරන්නේ පිලිගැනීමට ලක් වී ඇති ප්‍රවාද තව තවත් තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්වා දීම ය. ඒ හැරෙන්නට බටහිර විද්‍යාවේ ප්‍රවාද සුසමාදර්ශ මත පදනම්වන බවත් ඒ ඒ සුසමාදරශ මත පදනම් වූ ප්‍රවාද හා සංකල්ප අසම්මේය බවත් කූන් පෙන්වා දුන්නේ ය.

ඒ අරුතෙන් ගත්කල කූන් තරමක ආධිපත්‍ය විරෝධියකු විය. ඔහුට එවැනි ආධිපත්‍ය විරෝධී ආකල්පයක් තිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔහු ද බටහිර විද්‍යාවට හිමි වූ යම් විධික්‍රමයක් ඇතැයි පිළිගත්තේ ය. ඔහු බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන බව කීවේ ය. එහෙත් ඔහු බටහිර විද්‍යාඥයන්ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයක් බව දුටුවේ ය. බටහිර විද්‍යාඥයන් ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේ ය. එමගින් ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරෝධයක් දැක්වී ය.

ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ ව විප්ලවවාදී අදහස් ප්‍රකාශ කළේ ය. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි නොපැකිළව කියා සිටියේ ය. ඔහු ලියා පළකල විධික්‍රමයට එරෙහිව  (Against Method) කෘතියෙන් තමන් එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කළේ ය. ගැලීලියෝ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක කළ පර්යේෂණයක් නැති බව ෆෙයරාබන්ඩ් පෙන්වා දුන්නේ ය. එහි සඳහන් සියළු කරුණු සඳහන් කිරීමට මේ අවස්ථාව නො වේ. අවශ්‍ය කෙනකුට ඉහත සඳහන් කෘතිය කියවා ඒ විස්තර දැනගත හැකි ය.

එමෙන් ම  ෆෙයරාබන්ඩ් සඳගන් කළ වැදගත් කරුණක් වූයේ තමා සාපේක්‍ෂතාවාදියකු බව ය. ඔහුට අනුව ඊනියා වාස්තවික වූ දැනුම් නැත. සියළු දැනුම් සාපේක්‍ෂ බව ඔහුගේ අදහස විය. එහෙත් ඒ කුමකට සාපේක්‍ෂව දැයි ඔහු කියා නො සිටියේ ය. මේ අතර දැනුම පිළිබඳ බටහිර සමාජවිද්‍යාඥයන් (sociologists of knowledge) තවත් අදහසක් ඉදිරිපත් කර තිබිණි. ඔවුහු දැනුම පිලිබඳ බටහිර සමාජවිද්‍යාඥයෝ වූහ.  ඔවුූන් කියා සිටියේ දැනුම යනු සමාජයීය නිර්මිතයක් (social construction) බව ය. ඔවුන් එමගින් කියා සිටියේ දැනුම යනු සොයාගනු ලබන දෙයක් නොවන බවත් එය ඒ ඒ සමාජය විසින් නිර්මාණය කෙරෙන්නක් බවත් ය.  

ඒ ඒ සමාජයේ දැනුම බිහිවන්නේ ඒ ඒ සමාජයට වැදගත් වූ කරුණු පදනම් කරගෙන ය. මෙය වැදගත් අදහසකි. එය ඊනියා පශ්චාත්නූතනවාදී අදහසක් නො වේ. පශ්චාත්නූතනවාදයේ ප්‍රධාන ම කතාවක් වන්නේ පාර ආඛ්‍යානයක් (meta narrative) නැති බව ය. මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති ගුණදාස අමරසේකර මහතා මෙටා යන්න මෙගා හෙවත් මහා යන අරුතකින් තේරුම් ගෙන දෝ කලක් පශ්චාත්නූතනවාදයෙහි  මහා පතරංග ආඛ්‍යාන ගැන කතා කළේ ය. ඒ මහතා එවැනි වැරදි තේරුමක් ලබාගත්තේ පශ්චාත්නූතවාදය ගැන ලියැවී ඇති කිනම් ජනප්‍රිය පොතක් හෝ ලිපියක් හෝ කියවා දැයි නො දනිමි.

කෙසේ වෙතත් ෆෙයරාබන්ඩ්  පාර ආඛ්‍යාන ගැන හෝ පශ්චාත්නූතනවාදයෙහි දක්නට ලැබෙන තවත් ප්‍රධාන අදහසක් වූ ඊනියා විසංයෝජනය (deconstruction) ගැන හෝ කතා නො කළේ ය. ඔහු සාපේක්‍ෂතාවාදියකු පමණක් විය. ඇතැම් පශ්චාත්නූතනවාදීහු සාපේක්‍ෂතාවාදීහු වෙති. එහෙත් එයින් කියැවෙන්නේ සියළු සාපේක්‍ෂතාවාදීන් පභ්චාත්නූතනවාදීන් බව නො වේ. මහාචාර්ය අමරතුංග මහතා  අඩුම තරමෙන් සාපේක්‍ෂතාවාදියකුවත් නොවන කූන් හා සාපේක්‍ෂතාවාදියකු වූ ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් ලෙස සලකන්නේ කිනම් නිර්ණායකවලට (මිනුම් දණ්ඩකට) අනුව දැයි ප්‍රකාශ කරන්නේ නම් මැනවි.

 අමරතුංග මහතාට අනුව “ පෝල් ෆෙයරාබන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්ථානයට සමාන තැනක් නක්ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයනට ද ලබා දිය යුතු බව ය.” අමරතුංග මහතාට නිරවුල් ව අදහසක් ප්‍රකාශ කළ නො හැකි ය. ඔහු කියන්නේ නක්‍ෂත්‍රය ක්‍රමවේදයක් බව ද? ඔහු බටහිර විද්‍යාව වැනි දැනුම් පද්ධතියක් සංසන්දනය කරන්නේ ක්‍රමවේදයක් සමග ද?

මහාචාර්යතුමා කියන්නට අදහස් කළේ බටහිර විද්‍යාවට සමාන තැනක් නක්‍ෂත්‍රයට ද ලබා දිය යුතු යැයි ෆෙයරාබන්ඩ් කියා ඇති බව විය හැකි ය. ඒ එසේ යැයි ගත්ත ද මෙහි දී අඩු තරමෙන් ප්‍රශ්න දෙකක් පැන නගී. මේ ඊනියා වැදගත් බව බටහිර විද්‍යාවට ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියන්නේ කවුද? අමරතුංග මහතා එවැනි අදහස් ප්‍රකාශ කරන්නේ ඊනියා වාස්තවික අර්ථයකිනි. ඔහු අදහස් ප්‍රකාශ කරන අයුරෙන් බටහිර විද්‍යාවට නිරපේක්‍ෂව ම වැදගත් තැනක් ලැබී ඇත. එමෙන් ම නක්‍ෂත්‍රය නිරපේක්‍ෂව ම මිථ්‍යාවකි.

පොපර් කලකට පෙර නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියා ඇත. ඔහුට අනුව නක්‍ෂත්‍රය පමණක් නොව මෙරට ජාතික චින්තනය විසින් ගුරුකර ගනු ලැබිය යුතු බවට ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට පැවසෙන මාක්ස්වාදය ද, මෙරට බටහිර වෛද්‍ය පීඨවල ඉගැන්වෙන ෆ්‍රොයිඩ් ආදීන්ගේ මනෝ විශ්ලේෂණය ද මිථ්‍යා වෙයි. ඒ ඔහුට අනුව ඒ කිසිම දැනුම් පද්ධතියක් අසත්‍යකරණයට ලක්කළ නොහැකි බැවිනි. පොපර්ට අනුව නම් බටහිර වෛද්‍ය පිඨවල මනෝවිශ්ලේෂණය ඉගැන්වීම මිථ්‍යාවක් ඉගැන්වීමකි.

ඇතැම් විට දන්ත වෛද්‍යවරුන් වූ අමරසේකර මහතාට ද අමරතුංග මහතාට ද ඒ ප්‍රශ්නයක් නොවනු ඇත. අනෙක් අතට මෙරට සමාජයේ බටහිර වෛද්‍ය විද්‍යාවට බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට වඩා වැදගත් තැනක් හිමි වී ඇත. එබැවින් මනෝ විශ්ලේෂණය ගැන කතාකිරීමට ගොස් ලැබී ඇති තැන නැතිකර නොගෙන නක්‍ෂත්‍රය ගැන පමණක් කතාකිරීම වැදගත් යැයි  අමරතුග මහතා සිතනවා විය හැකි ය. අමරතුංග මහතා නිරපේක්‍ෂව නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි ද මනෝ විශ්ලේෂණය විද්‍යාවක් යැයි ද ගන්නා බව පෙනී යයි. කෙසේ වෙතත් අමරතුංග මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.

මනෝ විශ්ලේෂණය ගැන අමරතුංග මහතා දරණ අදහස වැදගත් වනුයේ පශ්චාත්නූතනවාදීන් ද මනෝ විශ්ලේෂණයට ගරුකරන බැවිනි. ඔවුහු විවිධ මනෝ විශ්ලේෂකයන්ගේ අදහස් වමාරති. මට මනෝ විශ්ලේෂණය වැදගත් නැත. මම එය බටහිර නූතනත්වයේ ම බිහි වූ දැනුම් පද්ධතියක් ලෙස සලකමි. ඒ අමරතුංග මහතා මා පශ්චාත්නූතනවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ දරද්දී ම ය. 

මෙහි දී දැනුම පිලිබඳ බටහිර සමාජ විද්‍යාඥයන්ගේ කලින් සඳහන් කළ අදහස ගැන සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව දැනුම යනු සමාජයීය නිර්මිතයකි. බටහිර විද්‍යාව බිහි වත ඇත්තේ බටහිර රටවල සමාජවල මිස වෙනත් සමාජවල නො වේ. එය ද පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක සිදු වී ඇත. එහෙත් අමරතුංග මහතා කියන්නේ වෙනත් කතාවකි. අපි ඒ සම්බන්ධයෙන් ඔහු කියා ඇති දේ විස්තරාත්මක ව උපුටා දක්වමු. මෙරට බොහෝ උගතුන් යැයි හැඳින්වෙන්නන් හෙවත් අනුකාරකයන් (ඇංකරයන්) කියන්නේ, ඔවුන්ට කීමට පුරුදු කර ඇත්තේ එය බැවින් මේ ලිපි පෙළෙහි දී අපට එය ඉතා වැදගත් වෙයි.

“බටහිර සංස්කෘතියේ නැගීමට පෙර පුරාණ සංස්කෘති කිහිපයක් තුළ ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් තුළ දියුණු යැයි පිළිගැනෙන සංස්කෘතියක් ගොඩනැඟී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්කෘති තුළ බිහි වූ බවට සාක්‍ෂි ඇත. උදාහරණයක් වශයෙන් ගණිත ශාස්ත්‍රයේ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‍ෂි ඇත. එසේ ම ඉතා අගනා තාක්‍ෂණික ඥානය චීනයේ බිහිවිය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිතා වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක් අංගෝපාංග තිබුණු බවට සාක්‍ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‍ෂණ මාර්ග, ලේඛනගත කිරීම අ    ාදීය ඒ අතර විය.

මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‍ෂණ ඥානය අරාබිය හරහා ග්‍රීසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡෙදය දක්වා අඛණ්ඩව පැවති බව සමහරුන්ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡෙදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු විය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද, එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පුර්ණයෙන් බටහිර සංස්කෘතිය තුළින් බිහි වූයේ යැයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක් නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයා ගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට් වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවති ක්‍රමවේදයක් මිස සම්පුර්ණයෙන් වෙනස් වූ නව ක්‍රමවේදයක් නොවන බව පිළිගත හැකිය.”

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පට්ටපල් බොරුවකි. මෙහි බටහිරයන් අපට උගන්වන බොරු මදිවාට අමරතුංග මහතා බටහිරයන් කියන දේ වුව ද තම ශක්ති ප්‍රමාණයෙන් වැරදියට තේරුම් ගත් දේ ද වෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපිවලින් කිරීමට අදහස් කරමි. එහෙත් දැනට එක් කරුණක් පමණක් සඳහන් කළ යුතු ය. ඒ ඊනියා විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙනි.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියාගන්නා අය දැන් තරමක කාලයක් තිස්සේ කියන්නේ බටහිර විද්‍යාව මෙතෙක් තිබූ අනෙක් සියළු දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක විධික්‍රම ගැන කියන්නේ අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා වෙනත් යමක් බටහිර විද්‍යාවේ ඇති බව පෙන්වීමට ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වෙනත් සංස්කෘතීන්ගේ ද දායකත්වයෙන්  වර්ධනය වූවක් යැයි අමරතුංග මහතා කියන්නේ කිනම් දාර්ශනිකයකු ගුරුකොට ගෙන දැයි නො දනිමි. ඔහු සමහරවිට අළුත් මතයක් ඉදිරිපත් කරනවා විය හැකි ය. මතය කාගේ වුවත් එය පට්ටපල් බොරුවක් බව ඊළඟ සතියේ පෙන්වා දෙමි.


නලින් ද සිල්වා

2013-10-30