Main Logo

Wednesday, 10 September 2014

අමරතුංග මහතා පොපර් ආරක්‌ෂා කරන්නේ කෙසේ ද?



ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අගොස්තු 20, 27 හා සැප්තැම්බර් 3 වැනි දිනවල ඇසූ ප්‍රශ්නවලට සැප්තැම්බර් 10 වැනි දිනවත් පිළිතුරු දේ යැයි බලාපොරොත්තු වෙමි. පළමු කොට ම ඒ මහතා තමා සත්‍යය යනුවෙන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි කර ඒ මත පදනම් ව පිළිතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනවි. සත්‍යය යනු කුමක් ද යන්න පිළිබඳ ව මගේ අර්ථකථනයක් ඇත. එහෙත් එය පැහැදිලි කිරීමට පෙර අමරතුංග මහතා සත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. එසේ වුවත් ඒ සඳහා අමරතුංග මහතාට දීර්ඝ කාලයක් ලබාදීමට මා සූදානම් නැත. 

පසුගිය ජූනි 27 වැනි දා මහනුවර දී පවත්වන ලද රැස්වීමේ රූප පටිය එම රැස්වීම සංවිධානය කළ විද්‍යා සංවාද කුලකයෙන් මට ලැබී ඇත. එහි ගුණාත්මක බව අඩුවුව ද එය නැරඹීමට ඒ බාධාවක් නො වේ. එය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ද පහත සඳහන් සබැඳිවලින් ද ලබාගත හැකි ය. 

https://www.youtube.com/watch?v=gPFcJxO7nyI

https://www.youtube.com/watch?v=AIFguCIVIHg#t=27

එහි මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් අවශ්‍ය අයකුට අසා ගැනීමට පටිගත වී ඇත. එහෙත් අමරතුංග මහතාට නම් ඒ එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත්තේ වියුක්තය තේරුම් ගැනීමේ දී ඒ මහතා දක්වන අදක්‍ෂතාව හේතුකොටගෙන ය. කෙසේ වුවත් තෙන්නකෝන් මහතාට අනුව අමරතුංග මහතා පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ගැඹුරෙන් හැදෑරීමට තරම් ගණිත දැනුමක් නැති කාලෝ ෆොන්සේකා මහතා වැන්නන් ද පවසන ආකාරයෙන් නොව අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කර ඇත්තේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කිරීමක් නොවන බව පැහැදිලි වනු ඇත. මෙරට අභාග්‍යයකට මෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නෝ වියුක්තය ගැන එතරම් අවබෝධයක් නැති බටහිර ජෛවීය විද්‍යාවන් හැදෑරුවෝ ය. තෙන්නකෝන් මහතාට අනුව ද අයින්ස්ටයින්ගේ හා නිවුටන්ගේ සංකල්පීය පද්ධති එකිනෙකට වෙනස් ය. එකිනෙකට වෙනස් පද්ධති දෙකක් එකක් අනෙකෙහි වර්ධනයක් ලෙස දැකිය හැක්කේ ඒ පද්ධති දෙකක් බවවත් තේරුම් ගැනීමට නොහැකි මහාචාර්යවරුන්ට ය!    
  
බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි යන්න පදනම් වන්නේ බොරුව යනු කුමක් ද යන්න මත, එනම් ඇත්ත යනු කුමක් ද යන්න මත බව කීම අවශ්‍ය නො වේ. මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය මත ය. එහි දී මා ද්වයතානුපස්සනා සූත්‍රය යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ලබාගන්නා උදාහරණයක් ලෙස ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු මා එතැනට තල්ලු කර දැමූ බව ය. ඔහුගේ අනෙක් බොහෝ සිතිවිලි මෙන් ම ඒ සිතිවිල්ල ද වැරදි ය. මම කලක සිට සියළු දැනුම් බොරු බවත් ඒ අවිද්‍යාව නිසා අප විසින් නිර්මාණය කෙරෙන  බවත් පවසමි. කෙසේ වුවත් අමරතුංග මහතා සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි ය. 

මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම කල්තබා අමරතුංග මහතා කුන් හා ෆෙයරාබන්ඩ් ගැන සඳහන් කරන්නේ මා ඔවුන්ගේ අදහස් මත යැපෙන්නේ යැයි අමරතුංග මහතා විශ්වාස කරන නිසා විය හැකි ය. එහෙත් මා කලින් ද කියා ඇති පරිදි ඔවුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ වුව ද මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම, එනම් මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති බුදුදහම මත ය. මා දන්නා බුදුදහමේ ඊනියා දර්ශනයක් නැත. බෞද්ධ දර්ශනය (Buddhist Philosophy)  යනු බටහිර අනුකාරක ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ගේ ව්‍යාජ කතාවක් පමණකි. බුදුදහමෙහි උත්සාහ කරන්නේ ඊනියා දැක්ම (දර්ශනය) නැතිකිරීම ය. ඤාණය, අඤාණ බවට පත්කිරීම ය. කූන්ගේ හෝ ෆෙයරාබන්ඩ්ගේ හෝ පශ්චාත්නූතනවාදීන්ගේ හෝ දර්ශන සිංහල බෞද්ධයකු වන මම කෙවිටකින් ගත් ගැරඬි හැවක් මෙන් විසි කරමි. 

පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයේ පශ්චාත්නූතනත්වයක් ඇතැයි මම නො සිතමි. ඔවුන් පශ්චාත්නූතනත්වයක් යැයි කියන්නේ නූතනත්වයේ ම වර්ධනයකට ය. අද සිදුවන්නේ පෞද්ගලිකත්වය හා පංචෙන්ද්‍රිය පිනවීම ඝාතීය ව (exponentially) වැඩිවීමකි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණයේ වර්ධනයක් ද දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය එංගලන්තයෙන් ඇමරිකාවට මාරුවීමක් ද දැකහත හැකි ය. එහෙත් එහි නූතනත්වයෙන් කැඩීමක් නො වී ය.  නූතනත්වයේ ප්‍රතිඵලයක් වූ බටහිර විද්‍යාව  ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වෙනස් වී නැත. එහි සුසමාදර්ශී වෙනසක් ක්වොන්ටම් භෞතිකයත් සමග ඇතිවුවත් බටහිර විද්‍යාඥයෝ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථයක් ලෙස නොසලකති. ඔවුහු තවමත් අයින්ස්ටයිනීය සුසමාදර්ශයේ එල්බගෙන සිටිති. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ක්වොන්ටම් භෞතිකය යනු ගණනය කිරීමට යොදා ගන්නා අවියක් පමණකි. ඔවුන් ම කියන ආකාරයට ඔවුන්ට ක්වොන්ටම් භෞතිකය නො තේරෙයි. එයට හේතුව බටහිරයන් තවමත් නූතනත්ව චින්තනයේ ගැලී සිටීම ය. ක්වොන්ටම් සුසමාදර්ශය ද ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය.    

පසුගිය සතියේ අප ඉතා කෙටියෙන් පැවසූ පරිදි මට නැතත් අමරතුංග මහතාට නම් අවසාන වශයෙන් පිහිටට එන්නේ ෆෙයරාබන්ඩ් ය. ඒ බව තරමක් පැහැදිලි කළයුතුව ඇත්තේ එසේ කෙටියෙන් කියන දේ අමරතුංග මහතාට කෙසේවත් නොතේරෙන බැවිනි. අමරතුංග මහතාට අනුව කවදත් කොතැනකත් තිබුණේ එකම විද්‍යාවකි. ඔහුට අනුව බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසෙන් පසුව ඇරඹි දැනුම් පද්ධතියක් නො වේ. ඔහුගේ දැනුම අනුව සිංහල වෙදකම ද බුදුදහම ද ආනුභාවික (empirical) දැනුම් පද්ධති වෙයි. බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් නොවන්නේ නම් එයට ආවේණික වූ විද්‍යා දර්ශනයක් (Philosophy of Science) තිබිය නො හැකි ය. අමරතුංග මහතාට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවටත්, ආයුර්වේදයටත්, සිංහල වෙදකමටත් තිබිය හැක්කේ එකම දර්ශනයකි. එය අන් කිසිවක් නොව ඊනියා ආනුභවික කතන්දරය යැයි සිතමි. 

එසේ වුවත් බේකන්ගේ කාලයේ සිට ම බටහිර දාර්ශනිකයෝ අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වීමක් පෙන්නුම් කරන වෙනසක් බටහිර විද්‍යාවේ දුටුවෝ ය. බටහිර දාර්ශනිකයෝ මේ වෙනස් දර්ශනය හැඳින්වීමට විද්‍යාවේ දර්ශනය යන නම ද යොදා ගත්හ. ඔවුන් එය විද්‍යාවේ දර්ශනය ලෙස නම් කළේ ඔවුන්ට අනුව වෙනත් විද්‍යාවක් නොතිබූ බැවිනි. එහෙත් අපි ඒ බටහිර විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වමු. අප එසේ කරන්නේ අපට සාපේක්‍ෂ ව බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යා හා දැනුම් පද්ධති  තිබෙන බැවිනි. 

අමරතුංග මහතාට සංගත ව පරස්පරවලින් තොරව යමක් කියාගත නො හැකි ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් යැයි කියන අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් යැයි කියමින් බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක් ඇතැයි කියන, බේකන් පොපර් පමණක් නොව කූන් ද වැරදි විය යුතු ය. එහෙත් අමරතුංග මහතා කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කරයි. වෙනත් අයුරකින් කියන්නේ නම් අමරතුංග මහතාට අනුව පොපර් නිවැරදි ය. පොපර් නිවැරදි ය යන්නෙන් කියැවෙන්නේ කුමක් ද? 

ඒ අන්කිසිවක් නොව අමරතුංග මහතාට අනුව පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි බව ය. පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි වීමට නම් පළමුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. වෙනත් අයුූරකින් කියන්නේ නම් බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. අමරතුංග මහතා කටින් කුමක් කීවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ එතෙක් පැවති දැනුම් පද්ධතීන්ගෙන් බටහිර විද්‍යාව වෙනස්වන බව ය. එනම් ලෝකයේ කවදත් කොතැනත් එකම විද්‍යාවක් නොතිබි බව ය. අමරතුංග මහතා තමන්ට ම විරුද්ධව තර්ක කරන්නේ සංගත බව යන්න ඒ මහතාගේ ශබ්ද කෝෂයෙහි නැති බැවිනි. අමරතුංග මහතා කළ යුතුව තිබුණේ කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කිරීම නොව පොපර්, කූන් පමණක් නොව බේකන් ද විවේචනය කිරීම ය. එහෙත් බේකන්ගේ උද්ගමනය ඊනියා ආගමන ශාස්ත්‍රය ලෙස දකින අමරතුංග මහතාට කළ හැක්කේ පොපර් ආරක්‍ෂා කිරීම ය. එමගින් ඔහු බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක්, දැනුම් පද්ධතියක් ඇති බව පිළිගනියි!

බටහිර විද්‍යාව යනුවෙන් අන් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වූ දැනුම් පද්ධතියක් නැති බව පවසන්නේ ෆෙයරාබන්ඩ් ය. ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ අනෙක් දැනුම් පද්ධතිවල නොමැති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. ඔහු ඉතා පැහැදිලිව කරුණු සහිත ව පෙන්නුම් කරන්නේ ගැලීලියෝ විසින් හඳුන්වාදෙන ලද ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් නොමැති බව ය. ඔහු විධික්‍රමයට එරෙහිව (Against Method)  පොතෙහි සඳහන් කර ඇති කරුණුවලට අමතර ව අපට පහත සඳහන් කරුණු ද ප්‍රකාශ කළ හැකි ය.

බුදුන් වහන්සේගේ සමයෙහි ද බමුණන් ආත්මයක් ඇත් ද නැත් ද යන්න දැනගැනීම සඳහා පරීක්‍ෂණ  කර ඇත. බමුණෝ ශුද්‍රයකු මරා සිරුරෙන් යමක් පිටවී යන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට වැයම් කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සිරුරෙන් යමක් (ආත්මය) පිටවී යන බව පෙන්වා එමගින් ආත්මයක් ඇතැයි නිගමනය කිරීම ය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු නො වී ය. ඔවුන්ට සිරුරෙන් යමක් පිටවී යන බව නිරීක්‍ෂණය කිරීමට නො හැකි විය. ඒ පරීක්‍ෂණයෙන් හා නිරීක්‍ෂණයන් නිගමනය කළ හැක්කේ කුමක් ද?  

පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය නිවැරදි යැයි උපකල්පනය කළහොත් එයින් කියැවෙන්නේ එක්කෝ ආත්මයක් නැති බව ය. එසේත් නැතිනම් පුනබ්භවයක් නැති බව ය. ඇතැම් විට අපට දැනට ගෝචර නොවන සිතාගත නොහැකි නිගමන ද ඉන් ලබාගත හැකි වනු ඇත. අමරතුංග මහතා හා ඔහුගේ බුද්ධිමය විරයන් වන ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ඉන් නිගමනය කරනු ඇත්තේ පුනබ්භවයක් නැති බව ය. ඔවුන් එසේ කරනු ඇතැයි හෝ කරන්නට ඇතැයි මා සිතන්නේ ඒ නිගමනය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය සමග එකඟ වන බැවිනි. 

ඇරිස්ටෝටල් හෝ එකල සිටි වෙනත් අයකු හෝ බරෙන් වෙනස් වස්තු දෙකක් එක ම උසකින් එකම මොහොතෙහි අතහැරියහොත් වඩා බර වස්තුව බරෙන් අඩු වස්තුවට කලින් පොළොවට වැටෙන බව නිගමනය කළේ හුදු හිතළුවක් ලෙස විය නො හැකි ය. එය උද්ගමනයෙන් (අමරතුංග මහතාගේ ආගමන ශාස්ත්‍රයෙන්) ලබාගත්තක් ලෙස සැලකිය හැකි ය. අමුතුවෙන් පරීක්‍ෂණ නොකළත්, නිදෑල්ලේ වැටෙන වස්තු නිරීක්‍ෂණය කරන අයකුට කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මනින් පොළොවට වැටෙන බව ය. පොල් ගෙඩියක් හා පොල් කොළයක් එක්විට එක් උසකින් අත්හැරියහොත් පොල් ගෙඩිය පොල් කොළයට ඉක්මණින් පොළොවට වැටෙන බව අපි නිරීක්‍ෂණය කරමු.

මෙවැනි උදාහරණ රාශියකින් පසුව අපට උද්ගමනයෙන් කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන බව ය. අද ජීවත්වන පඬියකු වායු ප්‍රතිරෝධය නිසා පොල් කොළය පසුව පොළොවට වැටෙන බව කියනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය ගතිකයෙහි (සුසමාදර්ශයෙහි) වායු ප්‍රතිරෝධයක් නො වී ය. ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය, එනම් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටීම නිරීක්‍ෂණයෙහි හා උද්ගමනයෙහි ප්‍රතිඵලයකි. ඇරිස්ටෝටලීය සුසමාදර්ශය වාතය සහිත මාධ්‍යයක සිදුවන චලිතය සඳහා විය. අදාළ නිරීක්‍ෂණය හුදු හිතළුවක් නොවී ය යන්න මෙහි දී අවධාරණය කළ යුතු ය. වෙනත් වචනවලින් කිවහොත් ගැලීලියෝට බොහෝ කලකට පෙර ද නිරීක්‍ෂණ, පරීක්‍ෂණ (බමුණන්ගේ ආත්ම පරීක්‍ෂණය), නිගමන ආදිය විය. 

එසේ නම් ගැලීලියෝ කළේ කුමක් ද? ඔහු කළේ සුසමාදර්ශී වෙනසකි. අමරතුංග මහතාට සුසමාදර්ශය යනු කුමක් දැයි නොතේරෙන බැවින් සුසමාදර්ශී වෙනසක් (paradigm shift) යන්න කෙසේවත් නො තේරෙයි. මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් ඒ වගක් නො කියයි. ඇරිස්ටෝටලීය ගතිකය වායු මාධ්‍යයක සිදු වුවක් විය. ගැලීලියෝ එය වෙනස්කර රික්තයක සිදුවන චලිතය ගැන කතා කළේ ය. බරෙන් අසමාන වස්තු එක්වර එක් උසකින් මුදාහළ විට එක්විට පොළාවට වැටෙන්නේ වාතය සහිත මාධ්‍යයක නොව රික්තයක ය. මෙය එකල සුසමාදර්ශී වෙනසක් විය. 

එහෙත් ෆෙයරාබන්ඩ් මතු කරන්නේ වෙනත් ප්‍රශ්නයකි. ගැලීලියෝ තම ඊනියා පරීක්‍ෂණය සඳහා පීසා නුවර ඇළවෙන කුළුණ වටා රික්තයක් නිර්මාණය නො කළේ ය. අද පවා එළිමහනේ රික්තයක් නිර්මාණය කළ හැක්කේ කාහට ද? ගැලීලියෝ රික්තයක් නිරමාණය නොකර රික්තයක සිදුවන චලිතය සඳහා පරීක්‍ෂණ කළේ ය! ඔහු තම ඊනියා පර්යේෂණය සඳහා තොරාගත්තේ කොළයක් හා ගෙඩියක් නොව එකම වර්ගයේ වස්තු දෙකකි. යම් අයූරකින් ඔහු කොළයක් හා ගෙඩියක් තෝරා ගත්තේ නම් ඔහුගේ නිරීක්‍ෂණය වනු ඇත්තේ ගෙඩිය හා කොළය එක්වර පොළොවට වැටීම නොව ගෙඩිය කොළයට පෙර පොළොවට වැටීම ය. එවිට ඔහුට ලැබීමට තිබූ ප්‍රතිචාරය කුමක් ද? 

ගැලීලියෝ රික්තයක් නිර්මාණය නොකර රික්තයක කරන පරීක්‍ෂණයක් සිතෙන් මවාගැනීමට පීසා නුවර ඇළවෙන කුළුණ වටා සිටි අයට කියා සිටියේ ය. ඔහු ඉන්පසු තමන්ට අවශ්‍ය  ප්‍රතිඵලය ලබාගනු වස් සුදුසු පරීක්‍ෂණ භාණ්ඩ තෝරාගත්තේ ය. මෙය වංචාවක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිර විද්‍යාවට ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය හඳුන්වාදුන්නේ යැයි කියන පරීක්‍ෂණය වංචා සහගත උපක්‍රමයක් මිස වෙනත් දෙයක් නො වේ. 

ෆෙයරාබන්ඩ් තම කෘතිවලින් කරන්නේ බටහිර විද්‍යාවේ ඇති මෙවැනි තැන් හෙළිදරවු කිරීම ය. එයින් කිපෙන ඇතැම්හු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් හැසිරෙති. ෆෙයරාබන්ඩ්ගේ හෙළිදරවු කිරීම් බොහෝ බටහීිර විද්‍යාඥයන්ට දරාගත නො හැකි ය. එබැවින් ඔවුහු ෆෙයරාබන්ඩ් ට පරිභව කරති. පැහැදිලි ව ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ෆෙයරාබන්ඩ් වටහා ගන්නා අමරතුංග මහතා ඔහුට ආක්‍රොශ පරිභව මුඛයෙන් කතාකරයි. ඒ අතර අමරතුංග මහතා ම කියන්නේ ෆෙයරාබන්ඩ් ඇමරිකාවේ වැදගත් යැයි සැලකෙන විශ්වවිද්‍යාල කිහිපයක ම සේවය කර ඇති බව ය. ඒ විශ්වවිද්‍යාල ෆෙයරාබන්ඩ්ට තනතුරු ලබා දී ඇත්තේ ඒවාහි ද මනස විකෘති වුවන් සිටි නිසා දැයි අමරතුංග මහතා කියන්නේ ද?   

එසේ වුවත් ෆෙයරාබන්ඩ්ගේ අදහස් වැදගත් වන්නේ අමරතුංග මහතාට ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ  එකම විද්‍යාවක් යැයි අමරතුංග මහතා කියන විට ෆෙයරාබන්ඩ් කියන්නේ බටහිර විද්‍යාවට විශේෂිත වූ විධික්‍රමයක් නැති බව ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාව හා අනෙක් විද්‍යාවන් අතර වෙනසක් නැත. මෙය එකඟ වන්නේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යන්න සමග ය. එහෙත් ෆෙයරාබන්ඩ් එතැනින් නොනවතින බව අමරතුංග මහතා කියනු ඇත. ෆෙයරාබන්ඩ්ට අනුව විද්‍යාව හා මිථ්‍යාව අතර ද වෙනසක් නැතැයි ද එහෙත් තමන් විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන බව ද  අමරතුංග මහතා අපට කියනු ඇත. 

එහෙත් ප්‍රශ්නය වනුයේ විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන ආකාරය අමරතුංග මහතා නො කීම ය. විද්‍යාව යනු කුමක් ද, මිථ්‍යාව යනු කුමක් ද, සත්‍යය යනු කුමක් ද, බොරුව යනු කුමක් ද යන ප්‍රශ්නවලට අමරතුංග මහතා දෙන පිළිතුරු කවරේ ද? ඒ ප්‍රශ්නවලට මට පිළිතුරු නැතිවා නො වේ. එහෙත් පළමුව ඒ සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි.

කෙසේ වෙතත් පොපර් අසත්‍යකරණ ප්‍රවාදය (Theory of falsification) ඉදිරිපත් කළේ බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීමට ය. මෙහි දී කිවයුතු ප්‍රධාන ම කරුණ නම් අමරතුංග මහතා කූන්ට එරෙහිව පොපර් ආරක්‍ෂා කළ ද,  පොපර් බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකන බව ය. අමරතුංග මහතා පොපර් ආරක්‍ෂා කරන කල ඔහු දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකයි. එනම් අමරතුංග මහතා ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් ය යන මතය ප්‍රතික්‍ෂෙප කරයි! අසංගත ව සිතීමේ විපාක අමරතුංග මහතාට දිට්ඨ ධම්ම වෙදනිය වශයෙන් ම ලැබී ඇත. 

පොපර් කියන්නේ යම් දැනුම් පද්ධතියක් විද්‍යාවක් වීමට නම් එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට හැකි විය යුතු බව ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ඔහු මාක්ස්වාදය හා ජ්‍යොතිෂය මිථ්‍යා ලෙස සලකයි. එපමණක් නොව පශ්චාත්නූතනවාදීන් ද ඇතැම් බටහිර වෛද්‍යවරුන් ද විද්‍යාවක් ලෙස සලකන මනෝ විශ්ලේෂණය පොපර්ට අනුව මිථ්‍යාවන් ය.  පොපර් කියන්නේ මේ දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හා නිගමන අසත්‍යකරණයට ලක් කළ නොහැකි බව ය. අප මෙය කෙටියෙන් වුවත් විශ්ලේෂණය කළ යුතු ය. එහෙත් ඒ සියල්ලට පළමුව අප අසත්‍යය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අමරතුංග මහතා අසත්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඉක්මණින් ම දැනගනු කැමැත්තෙමි. 


නලින් ද සිල්වා

2014-09-10

Knowledge as construction


The present series of articles is not in response to the article by Prof. Carlo Fonseka on “The differences between the Arts and the Sciences that appeared in “The Island” on the 6th of September 2014. However, it touches on certain matters that Prof. Fonseka mentions in his article, especially regarding science as a discovery as opposed to creation and Einstein’s work as a refinement of Newton’s Physics. I am more interested in knowledge in general and I approach the subject as a Sinhala Buddhist brought up in that culture as a child and returned to Sinhala Buddhism after roaming as a student of western science and Marxism. Some learned people may consider Marxism as a Science (Western) but Popper would not agree with them as the latter is of the view that Marxism cannot be falsified thus violating his criterion that identifies science being consisting of theories that can be falsified. The irony is that in Sri Lanka there are learned people who are Popperians, Marxists and Scientists at the same time!

However, I must admit that my Bududahama is not be the same as that of Budunvahanse and I believe that only another Budunvahanse and not even an Arhant can “know” the Bududahama of Budunvahanse. Arhant Mugalan Thera wanted to go in search of the end of the world clearly demonstrating that the Ven. Arhant’s Bududahama was different from that of Budunvahanse. My Bududahama is my interpretation or better my creation and it is unique to me. In my Bududahama all knowledge is due to “Avidya” whatever it means and knowledge is constructed due to “Avidya”. The concept of “I” that has been created due to “Avidya” is the biggest stumbling block in attaining Nibbana and “I” believe that in attaining Nibbana “one” “discards” all knowledge that had been created through “Samsaric” journey.   

I start with Avijja paccaya sankara in Paticca Samuppada however, I must admit that I do not what is meant by avijja for the simple reason that Paticca Samuppada according to the commentary is applicable to Arhants as well up to Phassa paccaya vedana. Thus if we believe in the commentary then even the Arhants also “possess” avijja and it could be concluded that “avijja” does not mean not knowing of four noble truths. However, we could ignore the commentary and state that Paticca Samuppada is not applicable to Arhants. Then one could question as to how Arhants live until Parinibbana is attained or Nirupadisesa Nibbana is attained, as they also feel (vedana) as a result of contact (phassa). The problem is to explain Sopadisesa Nibbana that Arhants have attained while they live in this “bhava”. It may be that “vijja” in this instance means something else and we may have to create a meaning for “vijja” consistent with other knowledge. In this connection I am reminded of the word “seppadavijja” that had been used by Yagu Kauranas or people of Yaksha tribe.

There is no satisfactory explanation of knowledge in western philosophy to my knowledge and it is said that Wittgenstein gave up his quest for knowledge of knowledge as he could not come out with an explanation on what is meant by knowledge. There are some people who attempt to distinguish between knowledge and myth and it is in this category we find the western philosophers of science or philosophers of western science. To be precise they should be called western philosophers of western science. In Sinhala Buddhism relative to me knowledge is all myth or “lies” or “musa” (false) as stated in Dvyatanupassana Sutta. As far as Arhants are concerned according to this Sutta the concepts, theories etc., knowledge in general of  “prthagjanas” are lies.            

What appears below is an excerpt from Dvyatanupassana Sutta translated by Ven. Thanissaro Thera.
"Now, if there are any who ask, 'Would there be the right contemplation of dualities in yet another way?' they should be told, 'There would.' 'How would that be?' 'Whatever is considered as "This is true" by the world with its devas, Maras, & Brahmas, with its contemplatives & brahmans, its royalty & commonfolk, is rightly seen as it actually is with right discernment by the noble ones as "This is false"': this is one contemplation. 'Whatever is considered as "This is false" by the world with its devas, Maras, & Brahmas, with its contemplatives & brahmans, its royalty & commonfolk, is rightly seen as it actually is with right discernment by the noble ones as "This is true"': this is a second contemplation. For a monk rightly contemplating this duality in this way — heedful, ardent, & resolute — one of two fruits can be expected: either gnosis right here & now, or — if there be any remnant of clinging-sustenance — non-return."

However, it does not mean that we have to discard all our knowledge as lies (or false) created by the “prthagjanas”. There are Sammuthies (not sammuthi sathya) or conventions (not conventional truths) which we have adopted and an individual may belong to one or more sammuthies as the case may be. Some of the sammuthies may be in contradiction with each other but many people are not bothered of the contradictions and may belong to contradictory sammuthies. The western science is only one such sammuthi, and often the western scientists belong to other sammuthies as well. Some of these other sammuthies may be in contradiction with western science but that is immaterial as far as the western scientists are concerned. It is due to this one could be a Popperian, Marxist and western scientist at the same period.

The knowledge is constructed by any individual (prthagjana) relative to the five sense organs, mind and the culture of the individual. The cultures are also creations of human beings and mind is the biggest and the worst construction of the mind. The mind is constructed by the mind itself, and how it is being done is explained in the article “Sinhala Bauddha Manasa” that can be downloaded from the kalaya website (www.kalaya.org)

In Sinhala Buddhist culture as constructed by me all knowledge is false and what we have to attain is a status of no knowledge or anna and not nnana though the latter is useful in living until one attains Nibbana. This is in contradiction to many systems of knowledge that consider certain things to be true while others are considered to be myths. The problem in these systems is to weed out myths from truth or to identify what is truth. The western philosophers of western science have devised various schemes to distinguish western science from other systems. There are some western scientists and their philosophers who consider western science to be true or as a system that approaches truth.


However, Prof. Carlo Fonseka is not of that view and he states in the above mentioned article that “this does not mean that the discoveries made by scientists necessarily represent the absolute and final truth about the matters in question. Just think of Newtonian physics which held sway for about 300 years. The work of Einstein demonstrated that it did not represent the absolute truth about the physical nature of the natural world. Einstein’s work refined Newton’s physics. That is why some critics of science say that the discoveries of science are no more than useful fictions which enable us to make sense of the natural world.” However he is of the opinion that Einstein’s work refined Newton’s Physics and (western) scientists make discoveries. We will discuss these in the next installment.  (To be continued) 


Nalin De Silva

10-09-2014

Sunday, 7 September 2014

ඉතා සංවේගයෙන් ලියමි - 3


සිංහල බෞද්ධයන්ගේ මමත්වය ඉතා ඈත කාලයක සිට පැවතෙන්නක්‌ නමුදු සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි සාමූහිකත්වයක්‌ ද විය. එය හෙළ බෞද්ධ යුගයේ සිට ම පැවතුණකි. හෙළ බෞද්ධයන් අතර මමත්වයක්‌ නොතිබිණි යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් විජය සංස්‌කෘතියෙහි හා අශෝක සංස්‌කෘතියෙහි බලපෑම හේතුකොටගෙන සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වය හෙළ බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වයට වඩා වැඩි විය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි යගු කෞරාණයන් හෙවත් යක්‌ෂ, ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය අමතක කිරීමටත් එකී ගෝත්‍රිකයන් අවමානයට ලක්‌කිරීමටත් කටයුතු කෙරී ඇත. පසුගිය සතියෙහි අපි නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය ගැන සඳහන් කළෙමු. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගොවි වංශය ලෙස එකල හැඳින් වී ඇත්තේ යගු කෞරාණයන් යෑයි සිතිය හැකි ය. එහෙත් යගු කෞරාණයන් පොළොන්නරු යුගයෙන් පසුව ද විජය හා අශෝක සංස්‌කෘතීන් සමග පැමිණි බමුණු සංස්‌කෘතියට විරුද්ධව සටන් කර ඇති බව පෙනෙයි. උම්මග්ග ජාතකයෙහි ගොවියා පුත් මහොෂධයන් හා කේවට්‌ට ආදී බමුණු පඬියන් අතර සටන එහි සංකේතයක්‌ ලෙස සැලකිය හැකි ය. එදා සිටි බමුණු පඬියෝ විජය හා අශෝක සංස්‌කෘතීන් නියෝජනය කළහ. අද අප අතර සිටින බමුණු පඬියෝ බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නියෝජිතයෝ වෙති.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වය යම් ප්‍රමාණයකට වැඩී ගිය ද එය සිදු වී ඇත්තේ සාමුහිකත්වය පරදවා නො වේ. සිංහල බෞද්ධ සංස්‌කෘතිය ද සමස්‌තයක්‌ ලෙස ගත්කල සාමූහිකත්වයට මුල්තැන දෙන්නක්‌ විය. මෙහි දී සිංහල බෞද්ධ සංස්‌කෘතිය ඇති වී තිබෙන්නේ ම හෙළ බෞද්ධ සංස්‌කෘතියට විජය හා අශෝක සංස්‌කෘතීන් යම් පමණකින් වුව අවශෝෂණය කිරීමෙන් පසුව බව නැවත නැවතත් මතක්‌ කරගත යුතු ය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ද වී ගොවිතැන මුල්තැන ගැනීමත්, වැව් කර්මාන්තය අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බවට පත්වීමත් සමූහිකත්වයට මුල්තැන ලැබීමට හේතු වනු ඇති බව පැහැදිලි ය. ආර්ථිකය, සංස්‌කෘතිය හා දේශපාලනය අතර අසංගත බවක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දක්‌නට නො වී ය.

මේ තත්ත්වය වෙනස්‌වීමට පටන් ගත්තේ පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසුව ය. පෘතුගීසීහු නැගී එන යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියක සාමාජිකයෝ වූහ. ඔවුහු ආගමෙන් කතෝලිකයන් වුව ද සංස්‌කෘතියෙන් ගැලිලියෝගේ පුරෝගාමිහු වූහ. පෘතුගීසීන්ට ද වඩා ලන්දේසිහු ද, ලන්දේසීන්ට වඩා ඉංග්‍රීසිහු ද යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය නියෝජනය කළහ. යුරෝපීයයන් අප රටට ගෙන ආ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පෞද්ගලිකත්වයට පංචෙන්ද්‍රියයන්ට හා පංචෙන්ද්‍රි ය පිනවීමට මුල්තැන දෙන්නක්‌ විය. එහි සාමුහිතත්වය පරයා යන පෞද්ගලිකත්වයක්‌ වෙයි. ඔවුන්ගේ ඊනියා දැනුමෙහි (දැනුම යනු කුමක්‌ දැයි බටහිරයෝ අදත් නො දනිති. ඔවුන් ඊනියා ඥාන විභාගයක්‌ - දැනුම පිළිබඳ දැනුමක්‌ ගැන තෙපරබෑව ද, ඔවුන්ට දැනුම යනු කුමක්‌ දැයි දැනගැනීමට හැකියාවක්‌ නැත) පදනම වන්නේ ද පංචෙන්ද්‍රීය ගෝචරභාවය ය. ඔවුහු පංචෙන්ද්‍රීය ගෝචර නොවන දැනුම් මිථ්‍යාවන් ලෙස සලකති. එහෙත් පට්‌ටපල් බොරුවක්‌ වූ බටහිර විද්‍යාවෙහි පංචෙන්ද්‍රීය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට පංචෙන්ද්‍රීය ගෝචර නොවන සංකල්ප හා කතන්දර ගොතති. මෙරට වත්මනෙහි ජීවත්වන අනුකාරක නිවට බමුණු පඬියෝ මේ කතා විශ්වාස කරති. ඔවුන්ට නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ගැන විශ්වාසයක්‌ නැත. පුනබ්භවයක්‌ ගැන විශ්වාසයක්‌ නැත. ඔවුන් ඒ විශ්වාස නොකරන්නේ ඒ පංචෙන්ද්‍රීනය ගෝචර නොවන බැවිණි. එහෙත් ඔවුහු පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්‌ටපල් බොරුවක්‌ වූ ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරති, නැත අදහති. පුනබ්භවය විශ්වාස නොකරණ මේ පඬියෝ ඊනියා ජාතික චින්තනයක්‌ ගැන කතා කළ ද බෞද්ධයන් ලෙස පෙනී සිටිය ද මිසදිටුවෝ පමණක්‌ ම වෙති. ඔවුන් දන්නා ජාතික චින්තනයක්‌ ද නැත. ඊනියා ජාතික චින්තනය ලිබරල්වාදයට හෝ මාක්‌ස්‌වාදයට හෝ ආදේශයක්‌ නොවන බව වටහා ගැනීමට තරම් විචාරශීලී බවක්‌ ඔවුන්ට නැත. අවාසනාවකට අද වන විට නාථ දෙවියන් සමග ගනුදෙනු කළ, එතුමන් සමග, සන්නිවේදනයෙහි දී අපට අනගි සහායක්‌ ලබා දුන්නෝ අද නාථ දෙවියන් ද විකුණාගෙන කති. අද නාථ දෙවියෝ ද පෞද්ගලිකත්වය හමුවේ අසරණ වී සිටිති.

බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අපට හඳුන්වා අදී ඇති නමුත් අපට එය අනුකරණය කිරීමට මිස අවශෝෂණය කිරීමට නොහැකි වී ඇත. මෙය අප රටේ ප්‍රශ්නයක්‌ පමණක්‌ නො වේ. ඉන්දියාව ඇතුළු සාක්‌ කලාපයේ රටවලට ද, ථෙරවාදී බෞද්ධ සංස්‌කෘතියක්‌ ඇති අග්නිදිග ආසියාවේ රටවල ට ද, වෙනත් ආසියාතික රටවලට ද මෙය ප්‍රශ්නයක්‌ වී ඇත. වාසනාවකට බටහිර යුදෙවු සංස්‌කෘතිය මෙරට ශීඝ්‍රයෙන් පැතිර නො ගියේ ය. එය කොළඹට හා ඇතැම් නගරවලට ද ඉංග්‍රිසි පාසල්වල අධ්‍යාපනයක්‌ ලැබූ සුළුතරයකට ද සීමා විය. මෙරටට 1948 දී සීමිත නිදහසක්‌ ලැබෙන විට තත්ත්වය එසේ විය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි පෞද්ගලිකත්වය ක්‍රියාත්මක වූයේ සාමූහිකත්වයට යටත්ව ය. එහෙත් ඉංගි්‍රසි අධ්‍යාපනයෙන් හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් අපට ලැබුණු පෞද්ගලිකත්වය සාමූහිකත්වය පරයා ක්‍රියාත්මක වූවක්‌ විය. මේ පෞද්ගලිකත්ව දෙක අතර වෙනස අප වටහාගත යුතු ය.

ඒ අතර විජය හා අශෝක සංස්‌කෘතීන් අවශෝෂණය කරගත් ආකාරයට යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අවශෝෂණය කරගැනීමට ඉංග්‍ර§සීන් (හා ලන්දේසීන්) විසින් බිහිකරණු ලැබූවන්ට නො හැකි විය. එහි දී සිදුවූයේ ඉංග්‍රිසීන් එවැනි අවශෝෂණයක්‌ ගැන සැලකිල්ලක්‌ නො දැක්‌වීම ය. ඉන්දියාවේ සේවය කළ මැකෝලිගේ බසින් කියන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ හමෙන් කළු එහෙත් සිතුම් පැතුම්වලින් ඉංග්‍රීසින් වූ පිරිසක්‌ බිහිකර කිරීම ය. එසේ බිහිවූවෝ මැකෝලිගේ දරුවෝ වූහ. එහෙත් මැකෝලිගේ දරුවෝ සීමිත පිsරිසක්‌ වූහ. මැකෝලිගේ දරුවන් ගමට යැම ආරම්භ කළේ නිදහස්‌ අධ්‍යා පනයත් සමග ය.නිදහස්‌ අධ්‍යාපනයෙන් කෙරුණු මූලික කාර්යය වූයේ මැකෝලිගේ දරුවන් බිහි කිරීම ය. නිදහස්‌ අධ්‍යාපනයෙන් ඒ ඒ පුද්ගලයාට සමාජ හිණිමගේ ඉහළට යැමට අවස්‌ථාව සැලසුණ නමුත් රටක්‌ ලෙස ගත්කල එයින් සිදුවූයේ අයහපතකි.


නලින් ද සිල්වා

2014-09-07

Friday, 5 September 2014

More on the third term of Mahinda Rajapakse



When one reads the opinions expressed by lawyers, experts in English and so called political analysts it is clear that everybody is rationalizing his/her (not many her have expressed their opinions) convictions. I am not anyone of the above by any stretch of imagination, though I contribute to newspapers on topics that include politics. No editor considers me as a political analyst but for some reason or other some editors publish my articles. I sometimes write on philosophy but that does not make me a philosopher either. To most of my friends who read mainly the English newspapers my articles provide fun and to them Mahinda Rajapakse contesting for a third time is a big joke. I must admit that though I am not a lawyer, expert in English or a so called political analyst (in the case of lawyers and experts in English there are criteria to identify them, but not in the case of so called political analysts, who are identified as such by presenters of programmes in electronic media and interviewers in print media) I myself rationalize my convictions rather than coming to “rational” deductions. I have never been introduced by anybody as a political analyst or philosopher. 


In my philosophy, one does not need to be a philosopher to have a philosophy as almost all of us have our own philosophies, even deductions are the results of induction, though Hume may have scoffed at induction. All “axioms” in logic are the results of induction as has been demonstrated in the case of if A=B and B=C, then A=C or even in the case of A=A. These inductions are made due to “Avidya” as in the case of knowledge in general. 


Whether Mahinda Rajapakse could contest for the Presidency again seems to depend on the Article 31(2) of the constitution that reads “No person who has been twice elected to the office of President by the People shall be qualified thereafter to be elected to such office by the People”. This is only a sentence in English Language, and different people will interpret this sentence in different ways. The interpretations depend on many factors but hardly on rational arguments starting from scratch. If one wants Mahinda Rajapakse to contest again one would attempt to rationalize one’s wish and one who does not want to see Mahinda Rajapakse contesting again, for some reason or other, would argue to convince the others of his/her desire. 


It appears that the government has decided to obtain an interpretation from the Supreme Court on the above article as well as may be on some other relevant articles. We all have to abide by the Supreme Court interpretation and if the interpretation goes against an individual who has been elected President twice contesting for Presidency for a third time then the government has ways of rectifying it and it is unlikely that even if Hakeem and Rishad get together with the UNP and the JVP the government would lose its two third majority in the Parliament. 


The question at issue is whether the Article 32 (1) became operative on the day Mahinda Rajapakse was elected as the President for the second time. It is an eligibility condition that is applicable even to Chandrika Kumaratunga. Is Chandrika Kumaratunga eligible to contest for Presidency at a future Presidential election provided of course she continues to be alive at the time of election, in the light of the eighteenth amendment? 


Chandrika Kumaratunga did not opt to contest a third time in 2005, and what was her position regarding contesting for a third time soon before the Presidential elections in that year. Who had the power to decide whether she was eligible to contest in 2005. It was finally the Supreme Court, had somebody gone before it against Chandrika Kumaratunga contesting at Presidential elections. The Supreme Court on its own most probably would not have given an interpretation as somebody has to move the courts to intervene. If Sarath Silva was the CJ he would not have expressed his opinion in public on the eligibility of Mahinda Rajapakse to contest Presidential elections a third time. 


If Chandrika Kumaratunga in the absence of the eighteenth amendment decided to contest the Presidential elections in 2005, the commissioner of elections would have ruled out and even if she went before the Supreme Court against the decision of the commissioner she would have lost her case. However, could the commissioner of elections give a ruling before before 2005? He could not have done so as there was no issue for the commissioner to give a ruling. 


As far as an individual is concerned it is the commissioner of elections who decides whether that particular individual is qualified to be elected as the President, whereas the Supreme Court could give an interpretation in general. I presume that the government would seek an interpretation in general from the Supreme Court and not on whether Mahinda Rajapakse could contest at the next Presidential elections. 


As far as the nomination and eligibility of a person to contest at the Presidential elections, the following articles in the constitution are relevant. 

31. (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office -

(a) by a recognized political party, or

(b) if he is or has been an elected member of the legislature, by any other political party or by an elector whose name has been entered in any register of electors.


92. Every person who is qualified to be an elector shall be qualified to be elected to the office of President unless he is subject to any of the following disqualifications - 

(a) if he has not attained the age of thirty years; 

(b) if he is not qualified to be elected as a Member of Parliament under sub-paragraph (d), (e), (f) or (g) of paragraph (1) of Article 91 ; 

(c) if he has been twice elected to the office of President by the People; and 

(d) if he has been removed from the office of President under the provisions of sub-paragraph (e) of paragraph (2) of Article 38. 


92 (c) is the most relevant in the present context and it has been repealed by Article 15 of the eighteenth amendment, which reads as: 


15. Article 92 of the Constitution is hereby amended by the repeal of paragraph (c) of such Article. 


Thus the commissioner of elections would have no difficulty in declaring that Mahinda Rajapakse is qualified to be elected as the president of the country at the next Presidential elections provided of course he seeks election. So far no voter or no political party has nominated him for Presidency for a third time and until such time the commissioner of elections does not have to decide on the eligibility of Mahinda Rajapakse. As at present no nominations have been made and Mahinda Rajapakse after all may decide not to contest at the next Presidential elections. A ruling has to be given by the commissioner of elections only when there is an issue and it is when there is an issue the relevant Articles of the constitution becomes operative. Until then it is not different from reading the horoscopes of unborn children (Noopan daruvange kendara belima). However, the government may move the Supreme Court to give an interpretation in general on the eligibility conditions of an individual who has been elected twice as the President contesting a third time at the Presidential elections.



Nalin De Silva

05-09-2014

Wednesday, 3 September 2014

India has no alternative but to follow Swami



The TNA leaders have met the Indian Prime Minister in Delhi and the news media quoting the delegates who went to India claimed that India wants the Sri Lankan government to implement the 13th amendment. If Indian leaders have made this statement, we do not know as there is no official communiqué from the Indian government on the discussions between the Indian Prime Minister and the TNA delegation, then it is not the first time India has come out with such statement. This is a “manthra” that India repeats occasionally, without any hope of forcing the Sri Lankan government to implement the 13th amendment in toto. I remember sometime ago India wanted some assurance from the Sri Lankan government, in the form of a statement from the APRC, that the 13th amendment would be implemented. After all the 13th amendment is a solution proposed by India to a non existing ethnic problem along the Indian model, without realizing that the Sri Lankan and Indian situations were vastly different. 


When this idea of issuing a statement by the APRC to the effect that the 13th amendment would be implemented came before the APRC, there was opposition by some representatives and no consensus could be reached. The opposition was mainly on police and land powers, and finally the APRC and the party leaders met with the President at Temple Trees. It was clear that though some ministers were in favour of implementing the 13th amendment, the President was not inclined to back them. The APRC finally issued a statement to the effect that the relevant clauses of the thirteenth amendment would be implemented. Naturally what the relevant clauses would be decided by the Government of Sri Lanka and by now it is clear that the land and police powers would not come under the Provincial Councils. There is a Supreme Court decision on the land powers and the President has said on a number of occasions that the police powers cannot be devolved. Recently Dr. Subramanium Swamy said that even Delhi does not have police powers. 


The statement by the APRC would have been handed over to the Indian Government through proper channels and the TNA members could trace this particular statement signed by the representatives of the political parties in the APRC from the “Peace Secretariat” that acted as the secretariat for the APRC meetings as well. It should also be mentioned that apart from this particular document signed by the representatives of the political parties there was no final report by the APRC, though there was a draft prepared by two members that was never approved by the APRC. A draft by two members “appointed” by the “chairman” of the APRC cannot be considered as a report of the APRC though some parties on either side of the divide with vested interests attempt to claim so.


We do not know whether Sri Lankan delegates at various “international fora” had promised that the Sri Lankan Government would implement the 13th amendment but even if it is the case the Sri Lankan Government is entitled to change its position. The Sri Lankan Government has to rule the country democratically, and even in the western sense of the word it is the opinion of the majority that the government has to finally implement and not some promise by certain individuals who are in a tiny minority. These “promises” go against the opinion of the majority and they should be changed as it is not “democratic” to implement the views of the minority bowing down to “international” pressure, probably in the name of some new form of democracy against the majority. 


We have argued previously that the Indo Lanka Accord is now defunct as the Indian government has failed to fulfill their obligations and hence Sri Lankan government is not bound to implement anything that follows from the above Accord. However, most of the provisions of the 13th amendment have been implemented, and whatever that has not been implemented have to be ignored, and a new amendment could be introduced to reorganize the lists that have been used to “devolve” power. 


In any event the Northern Province Provincial Council is not cooperating with the Sri Lankan government on the development of the Province. It is clear that the Northern Provincial Council is taking a line different from that of the Eastern Provincial Council, and C Wigneswaran has proved himself to be another politician despite his record as judge of the Supreme Court. In fact his behaviour during the past few months forces us to cast doubt on the judgments given by him while he was a Judge. The government should carry on its development programme in the Northern Province irrespective of the politics of the TNA and other Tamil racist politicians. 


The so called political analysts who hide their anti Sinhala Buddhist feelings and pretend to be impartial have managed to manipulate the government with their scare stories on “international” pressure. It is true that the western countries would impose economic sanctions if we do not follow their dictates but then it is not something that we have to be scared of. All that we have to do is to prepare for any eventualities and the Sri Lankans including the “elite” who ate “bajiri” during the so called second world war in order to defend the “British Empire” should be able to undergo some hardships if the western Christian countries attempt to dictate terms to us. If the descendents of those who ate “bajiri” for the sake of the “British Empire” want to demonstrate against the Sri Lankan Government for so called wrong foreign policy, then the government should expose them for their treachery. It is not the “wrong” foreign policy but the anti Sinhala Buddhist policy of the western Christian countries that would be responsible if economic sanctions are imposed on Sri Lanka. The aim of the western Christian countries is to destabilize the present government and finally topple it making way for a puppet government of the UNP-TNA-SLMC. If and when Rajapakses are out of office the west would take them before an “international jury” against so called war crimes. 


India cannot follow the western countries, the way Congress under Sonia Gandhi, who herself is from Catholic Italy, did. If the western Christian countries succeed by installing their puppet government in Sri Lanka it would be a threat to the security of India as well as to the rest of the SAARC countries and to the region. India should realize that the “manthra” of implementing the 13th amendment is now dated, and should enter into a new understanding with the Sri Lankan government. Mahinda Rajapakse would be elected the President of the country for a third term in spite of Sarath Silva’s arguments and Ranil Wickremesinghe’s campaign with or without Sajith Premadasa and India should be prepared to work with the President for at least six more years. Modi may not be in the same mode as Mahinda Rajapakse but they are both nationalists of some sort and the best prospective for the region is an understanding between these two nationalists. It is this understanding that would lead to good relationship between India and China and we have to think in terms of a new silk route leading to trade with the Muslim and countries in the western Asia and Northern Africa. 


If India has been misled by the western Christian countries as well as the Brahmins in the foreign office a new approach should be made following Subramaniam Swami whom may be called a maverick by the enemies of India. Swami seems to understand the Sri Lankan problem better than the foreign office vallahs and a new “suthra” rather than a “manthra” on Sri Lanka is the order of the day.


Nalin De Silva

03-09-2014

අමරතුංග මහතාට ෆෙයරාබන්ඩ් ගේ පිහිටයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා කී පරිදි ම තමන්ට නො තේරෙන සුසමාදර්ශයක්‌ ගැන කීමට ගොස්‌ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අනාගෙන ඇත. ඔහු කළ යුතු ව තිබුණේ කූන් ගේ පොතෙන් පාඨ උපුටා දක්‌වමින් ඒ වැරැදි බව පෙන්වා දීම ය. එහෙත් ඒ වෙනුවට ඔහු සුපුරුදු පරිදි කර ඇත්තේ තමා කූන් ගේ පොත හෝ ඔහු ගේ විවේචකයන් කූන් ගැන කියා ඇති දේ හෝ ඔහුට කවුරුන් කියා ඇති දෙයක්‌ හෝ ඔහු තේරුම්ගත් ආකාරයට ලියා දක්‌වා තමා ලියා දැක්‌වූ දේ නිවැරැදි යෑයි කීම ය. අමරතුංග මහතාට දර්ශනය (බටහිර හෝ පෙරදිග හෝ) වැනි විෂයයක්‌ තේරුම්ගැනීමට හැකියාවක්‌ නැති බව නම් ඔහු තම ලිපිවලින් නැවත නැවතත් පෙන්නුම් කරයි. 

අමරතුංග මහතා ගේ උපක්‍රමය වී ඇත්තේ ඔහු ගේ ඊනියා අභියෝගවලට මා කිහිප වතාවක්‌ ම පිළිතුරු දී ඇති නමුත් පිළිතුරු දී නොමැති බව පවසමින් මා නැවත පිළිතුරු දීම වළක්‌වා මගේ අවධානය වෙනත් අතකට යොමු කිරීම බව පෙනෙයි. කූන් ගේ සුසමාදර්ශය මේ සංවාදයට අදාළ නැති මුත් ඔහු ඒ ගැන තමන් නො දන්නා දේ ලියයි. එහෙත් ඒ මහතා තවමත් බටහිර වෛද්‍ය පීඨයක වකුගඩු රෝගය පිළිබඳ දේශනයක්‌ පැවැත්වීමට මට අවස්‌ථාව ලබා දී නැත. එය මා ඉල්ලූ දෙයක්‌ නො ව අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගයකට මා ප්‍රතිචාර දැක්‌වීමෙන් පැනනැ`ගුණකි. ඒ මහතාට බටහිර වෛද්‍ය පීඨයක හෝ දන්ත වෛද්‍ය පීඨයක හෝ එය සංවිධානය කිරීමට නොහැකි නම් ඒ මහතා පෞද්ගලික දන්ත වෛද්‍ය සායනයක්‌ පවත්වාගෙන යන මහනුවර පේරාදෙණිය පාරේ ආයතනයේ දේශනාගාරයේ එය සංවිධානය කළ හැකි ය. අමරතුංග මහතාට එහි කටයුතු සම්බන්ධයෙන් බලපෑමක්‌ කළ හැකි යෑයි සිතමි. මා දන්නා තරමට ම මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා අයින්ස්‌ටයින් ගේ ලංකාගමනය පිළිබඳ දේශනය මහනුවර දී පවත්වා ඇත්තේ එකී දේශනාගාරයේ දී ය. එමෙන් ම මට දැනගැනීමට ලැබුණු ආකාරයට විද්‍යා සංවාද කුලකයේ රැස්‌වීම ද එහි පැවැත්වීමට අවස්‌ථාව ලබා දිය හැකි බව අමරතුංග මහතා සංවිධායකයන්ට දැනුම් දී ඇත. 

අනෙක්‌ අතට අමරතුංග මහතා භෞතික විද්‍යාව සාධාරණ සාපේක්‌ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක්‌ පැවැත්වීමට ඉදිරිපත් නො වෙයි. එය කළ නොහැකි නම් බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ නැත යනුවෙන් හෝ අදාළ වෙනත් මාතෘකාවක්‌ යටතේ හෝ දේශනයක්‌ පැවැත්වීමට ඒ මහතා ඉදිරිපත් වන්නේ ද? කවදත් කොතැනත් පැවතියේ එක ම විද්‍යාවක්‌ යෑයි අමරතුංග මහතා කියන බැවින් ඒ මහතාට අනුව බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක්‌ තිබිය නො හැකි ය. එසේ වන්නේ ඒ මහතාට අනුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක්‌ නොමැති බැවිනි. නොමැති දැනුම් පද්ධතියකට දර්ශනයක්‌ තිබිය නො හැකි ය. එහෙත් මේ ලිපියෙහි මා පසුව පෙන්වා දෙන ආකාරයට ඔහු බටහිර විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙන් කූන්ට එරෙහි ව පොපර් ගේ පැත්ත ගනියිෘ අවශ්‍ය නම් අමරතුංග මහතාට කවදත් කොතැනත් පැවතියේ එක ම විද්‍යාවක්‌ ය යන මාතෘකාව යටතේ දේශනය පැවැත්විය හැකි ය. දේශනයක දී ඒ මහතා ගෙන් දිගින් දිගටම එක තැන තබාගෙන ප්‍රශ්න ඇසීමට අසන්නන්ට අවස්‌ථාව ලැබේ. එවිට ප්‍රශ්නවලින් පැන යැමට ඒ මහතාට නොහැකි වනු ඇත. මහනුවර දී විද්‍යා සංවාද කුලකය සංවිධානය කළ රැස්‌වීමේ දී කීර්ති තෙන්නකෝන් මහතා නිව්ටෝනීය සංකල්ප හා අයින්ස්‌ටයිනීය සංකල්ප අතර වෙනසක්‌ ඇති බව ප්‍රකාශ කFළ් ඒ මහතා ගෙන් ප්‍රශ්න ඇසීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. ගුරුත්වාකර්ෂණ සංකල්පය හා අවකාශ කාල වක්‍රතා සංකල්පය වෙනස්‌ බවත් දෙවැන්න පළමුවැන්නෙහි වර්ධනයක්‌ (අවශ්‍ය නම් රේ‚ය දිගුවක්‌) නො වන බවත් තෙන්නකෝන් මහතා පිළිගත්තේ ය. 

බටහිර විද්‍යාව පිළිබඳ මා ගොතා ඇති කතාවට කූන් හෝ ෆෙයරාබන්ඩ් හෝ අවශ්‍ය නො වේ. එහෙත් අමරතුංග මහතා එසේ සිතා සිටින බවත් කූන් ද ෆෙයරාබන්ඩ් ද පශ්චාත්නූතනවාදීන් බවත් මා ද එසේ ම පශ්චාත්නූතනවාදියකු බවත් අමරතුංග මහතා විශ්වාස කරන බවත් දනිමි. එය එසේ නො වන බව පෙන්වීම සඳහා පමණක්‌ මම ෆෙයරාබන්ඩ් හා කූන් ගැන ලියා ඇත්තෙමි. ඔවුන් පශ්චාත්නූතනවාදීන් නො වන බව මා මුල් ම ලිපිවල පෙන්වා දී ඇත. ඒ ලිපිවලට කිසි ම ප්‍රතිචාරයක්‌ නො දක්‌වන අමරතුංග මහතා කූන් ගැන නැවත ලියන්නේ යමක්‌ අවබෝධ කරගැනීමට තමන්ට ඇති නො හැකියාව විදහා දක්‌වමිනි. කූන් හා ෆෙයරාබන්ඩ් ගැන ලිවීම මගේ කතාවට අදාළ නැති නමුත් අමරතුංග මහතා ගේ අසන්තතික බව හා අනවබෝධය පෙන්වා දීම සඳහා පමණක්‌ කරුණු කිහිපයක්‌ කිව යුතු ය. බටහිර විද්‍යාව පිළිබඳ මගේ කතාව ගෙතෙන්නේ කූන් ගේ හෝ ෆෙයරාබන්ඩ් ගේ අදහස්‌ මත නො ව මා පිළිගන්නා බුදුදහම මත ය. එහි අමරතුංග, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැනි අය ගේ බුදුදහමෙහි මෙන් නො ව පටිච්ච සමුප්පාදය ද එබැවින් භව ජාති ජරා මරණ ද ඇත. මම විභඡ්ජවාදය, ධර්මවාදය හා ක්‍ෂණවාදය ප්‍රතික්‌ෂේප කරන නමුත් පුනබ්භවය ප්‍රතික්‍ෂේප කරන මිසදිටුවෙක්‌ නො වෙමි. බුදුන් වහන්සේ කිසි ම වාදියකු නො වූ බව ඉතා පැහැදිලි ය. ඉහත කී වාද ථෙරවාදයට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි සංගායනාවත් සමග බව පැහැදිලි ය. 

පසුගිය අගෝස්‌තු 27 වැනි දා පළ වූ අමරතුංග මහතා ගේ ලිපියෙහි වැකි කිහිපයක්‌ උපුටා දක්‌වමි. ඒ ලිපියෙහි තුන්වැනි ඡේදයෙහි අමරතුංග මහතා මෙසේ සඳහන් කරයි. "තෝමස්‌ කූන්ට මෙවැනි අදහස්‌ ලැබුණේ ඔහු ගේ සමකාලීන චින්තකයකු වූ පෝල් ෆෙයරාබෙන්ඩ් ගේ ආභාසය නිසා බව පෙනේ. පෝල් ෆෙයරාබෙන්ඩ් වනාහි මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයෙක්‌ නො වී ය. හෙතෙම කලින් කලට එක්‌ එක්‌ මතවාදවල එල්බගෙන අදහස්‌ පළ කළ පුද්ගලයෙක්‌ විය. විද්‍යා දාර්ශනිකයන් ඔහු හෝ ඔහු ගේ අදහස්‌ හෝ වැදගත් යෑයි සැලකුවේ නැත. කූන් සහ ෆෙයරාබන්ඩ් ගේ අදහස්‌ පිළිගත්තේ විද්‍යාවේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ මිථ්‍යා මතවල එල්බගෙන සිටි ව්‍යාජ විද්‍යාඥයන් සහ පශ්චාත්නූතනවාදීන් පමණි" 

අමරතුංග මහතා මේ සියල්ල කියන්නේ කිසි ම සාධකයක්‌ ඉදිරිපත් නො කර ය. ඔහුට අනුව වුව ද ෆෙයරාබන්ඩ් චින්තකයෙකි. එහෙත් ඒ සමග ෆෙයරාබන්ඩ් මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයෙක්‌ නො වී ය. මානසික ස්‌ථාවරත්වයක්‌ නැති පුද්ගලයෙකු චින්තකයකු වූයේ කෙසේ දැයි අමරතුංග මහතා පැහැදිලි කරන්නේ ද? ෆෙයරාබන්ඩ් කලින් කලට එක්‌ එක්‌ මතවාදවල එල්බගෙන සිටි බවට අමරතුංග මහතා පවසන්නේ කිනම් සාධක මත පදනම් වී ද? මේ එක්‌ එක්‌ මතවාද කවරේ ද? අනෙක්‌ අතට ගුණදාස අමරසේකර මහතා තරම් කලින් කලට තම අදහස්‌ වෙනස්‌ කර ගන්නා අයකු සිටී දැයි සැක සහිත ය. අමරසේකර මහතා ශ්‍රී ල නි පක්‌ෂය සම්බන්ධයෙන් තම අදහස්‌ කී වරක්‌ වෙනස්‌ කරගෙන ඇත් ද? එපමණින් අමරතුංග මහතා ගුණදාස අමරසේකර මහතා ගේ දොසක්‌ දකින්නේ ද? 

ෆෙයරාබන්ඩ් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ධුරයක්‌ දැරූවෙකි. මට කැලිෆෝනියා විශ්වවිද්‍යාලය වැදගත් නො වූවත් අමරතුංග මහතා ඇතුළු මෙරට උගතුන් යෑයි කියාගන්නා අයට එය ලෝකයේ ඉහළ විශ්වවිද්‍යාලයකි. එවැනි විශ්වවිද්‍යාලයක්‌ මානසික ස්‌ථාවරත්වයක්‌ නැති පුද්ගලයකු එහි මහාචාර්ය ධුරයකට පත් කරගනී වි ද ? එසේත් නැත හොත් ඒ විශ්වවිද්‍යාලයයේ ඇත්තේ විද්‍යාවේ දියුණුවට ඊර්ෂ්‍යා කළ ව්‍යාජ විද්‍යාඥයන් හා පශ්චාත්නූතනවාදීන් ද? කූන් බොස්‌ටන්හි මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණික ආයතනයේ (MIT) මහාචාර්ය ධුරයක්‌ ලැබ එහි යැමට පළමු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ ද සේවය කර ඇත. මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණික ආයතනයේ ද ඇත්තේ ව්‍යාජ විද්‍යාඥයන් හා පශ්චාත්නූතනවාදීන් ද? 

තම අගෝස්‌තු 27 වැනි දා ලිපියෙහි තුන්වැනි වගන්තියෙන් ඉහත සඳහන් රුවන් වැකි පළ කළ අමරතුංග මහතා එම ලිපියෙහි ම අවසාන ඡේදයට කලින් ඡේදයෙහි මෙසේ කියයි. "තෝමස්‌ කූන් ගෙන් ආභාසය ලද පෝල් ෆෙයරාබෙන්ඩ් ගෙන් නම් සිදු වූයේ අවැඩක්‌ මිස යහපතක්‌ නො වේ" අමරතුංග මහතාට අනුව ෆෙයරාබන්ඩ් කූන් ගෙන් ද, කූන් ෆෙයරාබන්ඩ් ගෙන් ද අභාසය ලබා ඇත. මෙය නො සිදු විය හැක්‌කක්‌ නො වේ. එහෙත් අමරතුංග මහතා ලියන්නේ ඒ දෙදෙනා එකිනෙකා ගෙන් ආභාසය ලැබූ බව කීමට නො වේ. ඔහුට තමා තුන්වැනි ඡේදයෙහි කී දෙය ලිපිය අවසානයට එන විට අමතක වී ඇත. අමරතුංග මහතා තමා දරන අදහස්‌ සනාථ කිරිම සඳහා ඕනෑ ම බොරුවක්‌ කීමට සූදානම් ය. අමරතුංග මහතා කියන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. අපට කියන්නට ඇත්තේ අමරතුංග මහතා කවදත් කොතැනත් කීවේ, කියන්නේ බොරු බව ය. එමෙන් ම කවදත් කොතැනත් ඔහුට යමක්‌ සංගත ව කීමට බැරි බවත් බටහිර දර්ශනය බටහිර භෞතික විද්‍යාව වැනි වියුක්‌ත බවින් වැඩි විෂය අවබෝධ කරගැනීමට නොහැකි බවත් ය. ඒ මහතා ඉගෙන ඇති ජෛවීය විද්‍යාවන් එතරම් වියුක්‌ත නැත. 

අමරතුංග මහතා ගේ අනවබෝධය නිසා නොම`ග නො ගොස්‌ අපි සුසමාදර්ශය යනුවෙන් කූන් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. එසේ කිරීමේ දී අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගවලට නැවත පිළිතුරු දීම ද පමා වන නමුත් මේ වැදගත් කරුණ පැහැදිලි කරගත යුතු ය. අමරතුංග මහතා කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න අදහන නමුත් බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව පුන පුනා කීවෝ ය. එය බේකන් ගේ කාලයේ සිට අද දක්‌වා ම බටහිර විද්‍යාඥයන් හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් අතිමහත් බහුතරයක ගේ මතය වෙයි. එයට පටහැනි මතයක්‌ දරන සුළුතරයක්‌ ද බටහිර වෙයි. 

මා මෙහි දී බහුතරයේ මතයක්‌ ගැන සඳහන් කරන්නේ අප බහුතරයක්‌ දරන අදහස නිසා එය පිළිගත යුතු යෑයි කීමට නො ව හුදෙක්‌ පාඨකයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ය. අපි අමරතුංග මහතාට ම සවන් දෙමු. ඔහු තම අගෝස්‌තු 27 වැනි දින ලිපියෙහි මෙසේ කියයි. "කාල් පොපර් නමැති අග්‍ර ගණයේ විද්‍යා දාර්ශනිකයා ගේ මතවාදයක්‌ වූ අසත්‍යකරණය (Theory of Falsification)
තෝමස්‌ කූන් ගේ විවේචනයට ලක්‌ විය. පොපර් ගේ අදහස වූයේ විද්‍යාත්මක මතවාද හා සොයාගැනීම් ආගමන ශාස්‌ත්‍රය (Iduction) මඟින් ඔප්පු කරනවාට වඩා සුදුසු වන්නේ එම මතවාදය හෝ සොයාගැනීම අසත්‍යයක්‌ බව විද්‍යාත්මක ක්‍රම එනම් ප්‍රධාන වශයෙන් ආනුභූතික ක්‍රම (Empirical) මඟින් පෙන්වා දිය හැකි වීම බව ය. මින් අදහස්‌ වන්නේ මතවාද හෝ සොයාගැනීම් අසත්‍යයක්‌ බව ඔප්පු කිරීම නො ව අසත්‍යයක්‌ බව ඔප්පු කිරීමට විද්‍යාවට හැකි බව පෙන්වා දීම ය. කාල් පොපර් ගේ මේ අදහසට විරුද්ධ වූ තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාඥයන් තම පර්යේෂණවල සිදු කරන්නේ අසත්‍යකරණය නො වන බව ය. විද්‍යාඥයන්ට අසත්‍යකරණයක නිරත විය නොහැකි බව කූන් පැවසුවේ ය. සුසමාදර්ශය තුළ අසත්‍යකරණය සිදු වන්නේ නැති බව ඔහු පැවසුවේ ය. වැදගත් වන්නේ එය සිදු වනවා ද නො වනවා ද නො ව සිදු විය යුතු බව ය. කාල් පොපර් ගේ අදහස වූයේ එය ය."

ඉහත සඳහන් ඡේදයෙහි අමරතුංග මහතා ගේ සුපුරුදු අනවබෝධය අවුල් බව වෙයි. අපට එයට වඩා වැදගත් වන්නේ අමරතුංග මහතා කාල් පොපර් ගේ අදහස්‌ තමන්ට තේරෙන අයුරෙන් වුවත් පිළිගැනීම ය. අමරතුංග මහතා පටලැවිලි සහගත ව වුවත් කියන්නේ කූන් සුසමාදර්ශය තුළ අසත්‍යකරණය සිදු වන්නේ නැති බව පැවසුවත් පොපර් ගේ අදහස වූයේ වැදගත් වන්නේ එසේ සිදු වන්නේ ද නැත් ද යන්න නො ව එය සිදු විය යුතු බව ය. 

කාල් පොපර් නම් ඊනියා අග්‍රගණ්‍ය බටහිර විද්‍යාවේ දාර්ශනිකයා හා කූන් නම් ඊනියා පශ්චාත්නූතනවාදියා අතර මේ විවාදය බටහිර විද්‍යාව සම්බන්ධයෙනි. ඒ සිංහල පාරම්පරික වෙදකම ගැන නො වේ. සිංහල පාරම්පරික වෙදමහත්වරු තම වෙදකමේ අසත්‍යකරණයක්‌ ගැන නො සිතුවෝ ය. එසේ ම එය ආයුර්වේදයේ හෝ චීන සාම්ප්‍රදායික වෙදකමේ දර්ශනය ගැන නො වේ. පොපර් ද කූන් ද බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන්ගෙන් වෙන් කර සැලකුවෝ ය. ඔවුන්ට ප්‍රශ්නය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ කෙසේ ද යන්න ය. එහි දී පොපර් එක්‌ මතයක්‌ ඉදිරිපත් කළ අතර කූන් වෙනත් මතයක්‌ ඉදිරිපත් කළේ ය. අමරතුංග මහතා එහි දී කූන්ට පහර ගැසීමට පොපර් ගේ පැත්ත ගනියි. කිනම් පැත්තක්‌ ගත්තත් ඉන් කියෑවෙන්නේ අමරතුංග මහතාට අනුව වුව ද බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් වන බව ය. අර කවදත් කොතැනත් පැවතුණේ එක ම විද්‍යාව බව කියන මන්ත්‍රය අමරතුංග මහතාට මෙහි දී අමතක වීම ගැන ඒ මහතාට කීමට ඇත්තේ කුමක්‌ ද? අමරතුංග මහතාට සංගත ව කරුණු ඉදිරිපත් කළ නො හැකි ය. ඔහු මෙහි දී බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව පිළිගන්නවා පමණක්‌ නො ව ඊනියා අග්‍රගණ්‍ය පොපර් කූන්ට එරෙහි ව ආරක්‌ෂා කරයි. 

බටහිර විද්‍යාවේ පැරණි දාර්ශනිකයෝ එය වර්ධනය වන්නේ උද්ගමනය (Induction) පදනම් කරගෙන යෑයි කීවෝ ය. එයට ආගමන ශාස්‌ත්‍රය යෑයි අමරතුංග මහතා කියයි. අමරතුංග මහතාට හදිසියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මතක්‌ වී ද? අමරතුංග මහතා වචන ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන්නේ ඔහු ගේ අවුල් මනසට නිරවුල් අදහස්‌ ගෝචර නො වන නිසා ය. අමරතුංග මහතාට උද්ගමනය කිම, ආගමනය කිම, ගමනය තිබී නම් ඒ හොඳට ම ප්‍රමාණවත් ය. කෙසේ වුවත් ආගමන ශාස්‌ත්‍රය වැදගත් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මිස බටහිර විද්‍යාවට හෝ එහි දර්ශනයට හෝ නො වේ. 

බටහිර විද්‍යාවේ ප්‍රධාන ප්‍රශ්න වනුයේ දැනුම යනු කුමක්‌ ද යන්නත් ඒ දැනුම ලබාගන්නේ කෙසේ ද යන්නත් ය. අද වන තුරු බටහිර විද්‍යාවට හෝ බටහිර විද්‍යාවේ දර්ශනයට හෝ බටහිර දර්ශනයෙහි ප්‍රධාන කොටසක්‌ වූ ඥනවිභාගයට (Epistrmology) හෝ දැනුම යනු කුමක්‌ දැයි පැහැදිලි කර දීමට නොහැකි වී ඇත. එහෙත් ඥනවිභාගය යනු දැනුම පිළිබඳ දැනුම යෘ බටහිරයන් ගේ වැඩ කිඩ එබඳු ය. ඒක රේ‚ය චින්තනයක ගිලී සිටින බටහිරයන්ට දැනුම යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට කිසි දිනෙක සාර්ථක පිළිතුරක්‌ දීමට නොහැකි වනු ඇත. දැනුම යනු කුමක්‌ දැයි නො දැන දැනුම ලබාගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දෙන්නේ කෙසේ ද? 

පැරැණි උද්ගමනවාදීහු ද පොපර් ද කූන් ද අතරමං වී ඇත්තේ දැනුම යනු කුමක්‌ දැයි නො දන්නා බැවිනි. ඔවුහු බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක්‌ ගැන සෙවූ හ. එහි දී අමරතුංග මහතා ගේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි යන මන්ත්‍රයට සමීප මතයක්‌ දරන්නේ "මානසික ස්‌ථාවරත්වයක්‌ පෙන්වූ පුද්ගලයකු ලෙස හැඳින්විය නොහැකි" ෆෙයරාබන්ඩ් යෘ ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ එයට විශේෂිත වූ ඊනියා විධික්‍රමයක්‌ නැත. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාව අනෙක්‌ විද්‍යාවන් ගෙන් වෙන් කර ගත නොහැකි බව ය. අමරතුංග මහතා තවමත් සත්‍යය මිථ්‍යාවෙන් වෙන් කරගන්නේ කෙසේ දැයි කියා නැත. ඉහත කී අය ගෙන් ෆෙයරාබන්ඩ් පමණක්‌ සාපේක්‌ෂතාවාදියෙක්‌ විය. එහෙත් ඔහු පශ්චාත්නූතනවාදියෙක්‌ නො වී ය. 

පැරැණි උද්ගමනවාදීන්ට අනුව දැනුම (එය කුමක්‌ වුවත්) ලැබෙන්නේ උද්ගමනයෙනි. බටහිර විද්‍යාවේ විධික්‍රමය ගැන ඉගෙන ගන්නා තර්ක ශාස්‌ත්‍රය හා විද්‍යාත්මක විධික්‍රමය හදාරන ශිෂ්‍යයෝ පරීක්‌ෂණ නිරීක්‌ෂණ නිගමන බටහිර විද්‍යාවේ ඇතැයි ගුරුවරුන් ගෙන් දැනගනිති. එමෙන් ම පැරැණි විද්‍යාවේ දර්ශනයට අනුව බටහිර විද්‍යාඥයෝ ඊනියා පිරිසිදු පුවරුවක්‌ (Tabularasa) සහිත ව දැනුම සොයා යති. ඔවුහු ප්‍රශ්නයක්‌ විසඳීම සඳහා ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කරති. ඒ ඇතැම් විට නිරීක්‌ෂණ හෝ සම්පරීක්‌ෂණ හෝ විය හැකි ය. ඒ ලැබෙන තොරතුරු (නිරීක්‌ෂණ, දත්ත) තේරුම්ගන්නේ කෙසේ ද යන්න ඊළ`ග ප්‍රශ්නයයි. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බොහෝ විට එකිනෙකා ගෙන් වෙනස්‌ වන්නේ ඒ ප්‍රශ්නය සම්බන්ධයෙනි. අපි එය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.


නලින් ද සිල්වා

2014-09-03

Sunday, 31 August 2014

ඉතා සංවේගයෙන් ලියමි 2



පසුගිය සතියේ ලිපියෙහි තීන්ත වේලීමටත් පෙර එක්තරා පියකු තම සිඟිති බිළිඳා ගලේ ගසා මරාදැමීමේ පුවතක් වාර්තා විණි. සිංහල බෞද්ධ රටේ මෙවැනි ක්‍රියා සිදුවන්නේ ඇයි ද යන්න භික්‍ෂූන් වහන්සේලාගේ අවධානයට යොමු වී ඇත් දැයි නො දනිමි. අප රට තරම් බණ කියන රටක් ලෝකයේ තවත් ඇතැයි නො සිතමි. එහෙත් අප බණ අසන්නේ ඒ පිළිපැදීමට යැයි සිතිය නො හැකි ය. නීතිය මගින් රට හැඩ ගැස්සවිය නොහැකි බව මේ වන විට බොහෝ දෙනාට අවබෝධ වී ඇතැයි සිතමි. රට හැඩ ගැස්සවිය හැක්කේ රටේ සංස්කෘතියට ය. කෙටියෙන් කියන්නේ නම් රටේ ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් පිළිබිඹු වන්නේ රටේ සංස්කෘතිය ය. අප රටේ අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියක් ද යන ප්‍රශ්නය අසන්නට සිදු වී ඇත. ඇතැම් උගතකු එය ම අනෙක් පැත්තට කරකවා කියනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ජනතාවගේ හැසිරීම් රටාවෙන් පිළිබිඹු වන බව ය. 

අපි බණ ඇසීමෙන් ම පටන් ගනිමු. බණ ඇසීම අද විලාසිතාවක් බවට පත් වී ඇත් ද? අප අහවල් හාමුදුරුවන්ගේ බණ ඇසුවා යැයි ඇතැම් උපාසිකාවන් කියන්නේ අප අහවල් සාප්පුවෙන් බඩු ගත්තා යැයි කියන අන්දමින් මහත් උජාරුවෙනි. ඒ සමග ම හරි හොඳ බණ ටික යනුවෙන් ද කීමට උපාසිකාව අමතක නොකරනු ඇත. මේ සියල්ල පිටුපස ඇත්තේ ලකුණු දමා ගැනීම හා සමාජ තත්ත්වයක් අත්කර ගැනීම ය. සිංහල බෞද්ධයන් මෙතරම් මමත්වය පිම්බීමට යොමු වී ඇත්තේ කවදා සිට ද යන්න තරමක ප්‍රශ්නයකි. මා ද ඇතුළු ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් ද ගෞරවයක් ලබාගැනීමේ ආශාව මිරිකා හළ අය යැයි කීමට නො හැකි ය. රාගයෙන් (ආශාවන්ගෙන්) මිදී ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නෝ කී දෙනෙක් වෙත් ද?  එමෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලන අභිමතාර්ථ සඳහා බලයට පැමිණීම සඳහා යොදා ගන්නෝ ද වෙති. අද දේශපාලනකරණයට ලක් නොවූ ජාතික ව්‍යාපාරය දුර්වල වී ඇත්තේ ඇතැමුන් බලයට පැමිණීම සඳහා ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ ක්‍රියාවලිය අවසන් වී ඇත්තේ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට නොව මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනීකරණය වූ ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමෙනි. අද මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොර දේශපාලනීකරණය නොවූ ජාතික ව්‍යාපාරයක් ගැන සිතිය නො හැකි ය. 

සිංහල බෞද්ධයන් හා හෙළ බෞද්ධයන් අතර ප්‍රධාන වෙනස මමත්වය පිම්බීම විය හැකි ය. හෙළ බෞද්ධයන් කෙටූ සෙල්ලිපි අපට තවමත් වැඩි වශයෙන් හමු වී නැත් ද? එසේත් නොමැති නම් ඔවූහු සෙල්ලිපි ගැන එතරම් උනන්දුවක් නො දැක්වූවෝ ද? එසේත් නොමැති නම් සිංහල බෞද්ධයෝ හෙළ බෞද්ධයන්ගේ සෙල්ලිපි විනාශ කළෝ ද? කෙසේ වුවත් සිංහල බෞද්ධයන්ගේ සෙල්ලිපි ඉතා විශාල සංඛ්‍යාවක් දිවයින පුරා ම දැකගත හැකි ය. මේ බොහොමයක් අපේ ඉතිහාසය ලිවීමේ දී වැදගත් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. සිංහල බෞද්ධයනට වෙනත් කිසිවකුට නැති තරමේ ලිඛිත ඉතිහාසයක් ඇත්තේ ද අප බොහෝ දේ වාර්තා කිරීමට දැක් වූ කැමැත්ත නිසා යැයි සිතිය හැකි ය. එහෙත් ඒ අතර ම කිවයුතු කරුණක් වනුයේ මේ වාර්තා බොහෝ විට පෞද්ගලික කීර්තියක් ගෞරවයක් අපේක්‍ෂවෙන් තබන ලද ඒවා බව ය. අද ද ජලකරාමයක් විවෘත කරන අවස්ථාවක දී පවා ඒ පිළිබඳ ඉදිකෙරෙන සමරු ඵලයකයෙහි සඳහන් නොවන්නේ කරාමය සවිකළ කාර්මික භවතාගේ නම පමණ ය. මෙය දේශපාලනඥයන්ට පමණක් සීමාවූවක් ද නො වේ. බොහෝ විට පාසල් ත්‍යාග ප්‍රදානොත්සවවල දී, ක්‍රීඩා උත්සවවල දී, විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානොත්සවවල දී අහවල් ත්‍යාගය අහවල් කුසලානය ප්‍රදානය කළේ කවු ද යන්න හඬගා කීව යුතු ව ඇත. අප තරම් පුද්ගලයන්ගේ නමින් පාරවල් ගොඩනැගිලි ආදිය නම් කරන, පුද්ගලයන් වෙනුවෙන් මුද්දර නිකුත්කරන රටක්  තවත් නොමැති විය හැකි ය. ඒ මදිවාට දැන් ඒ ඒ අයගේ නමින් පදනම් ද ඇත. කිසිම පදනමක් නැති මේ පදනම් මගින් කෙරෙන සේවය ජනතාව යැයි කියන්නන්ට ද එසේත් නැත්නම් පදනමෙහි නම සඳහන් පුද්ගලයාට ද? 

සෙල්ලිපිවල තම නම සඳහන් කරගැනීම අශෝක බෞද්ධ සංස්කෘතිය මෙරටට හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් විය හැකි ය. අපට එය දඹදිවෙන් ලැබුණක් විය හැකි ය. විජය හා අශෝක සංස්කෘතීන් උකහා ගැනීමෙන් පසු සිංහල බෞද්ධ උගතුන් ඒ සංස්කෘතීන්වල ඇතැම් ලක්‍ෂණ උපරිමයකට ගෙන ගිය බව පෙනෙයි. අශෝක රජුගේ ටැම්ලිපි උගතුන් හා ඔවුන්ගේ උපදෙස් ලබාගත් ප්‍රභූන් විසින් ආදර්ශයට ගෙන ඒ වර්ධනය කරගත් බවක් පෙනී යයි. දැනුදු බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල උගත්තු එය කරති. අවාසනාවකට අද මෙරට උගත් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත්කල එදාට වැඩි ය. ඒ නිසා ම අපේ අනුකාරකත්වය ද වැඩි වී ඇත. නිදහස් අධ්‍යාපනයෙන් මෙතරම් උගතුන් සංඛ්‍යාවක් බිහි නොකරන්නට අපේ මමත්වය මෙතරම් නොපිම්බෙනු ඇත.  අද වන විට භික්‍ෂූන්වහන්සේ තමන්වහන්සේගේ තනතුරු පිළිබඳ ව ගිහියන්ට ද වඩා උනන්දුවක් දක්වන බව පෙනී යයි. සුද්දන් අප පාලනය කිරීමේ දී අපේ මේ දුර්වලකම යොදාගෙන ඇති බව පෙනී යයි. නමට පමණක් ඇති තනතුරු භික්‍ෂූන් වහන්සේට ලබා දී බලය තමන් අත රඳවා ගන්නේ කෙසේ දැයි සුද්දෝ දැන සිටියහ. අපේ ඉතිහාසයෙහි සෙල්ලිපිවල පුරාජේරුව වැඩියෙන් ම ඇති සෙල්ලිපිය ලෙස සැලකිය හැකි නිශ්සංඛමල්ල රජුගේ සෙල්ලිපිය අපේ අවධානයට මෙයට වඩා යොමු විය යුතු ය. එහි සඳහන් අන්දමට මෙරට රජකම ගොවි වංශයේ අයකුට හිමි නොවිය යුතු ය. මෙහි සඳහන් ගොවි වංශය වත්මන් ගොයිගම කුලය විය නො හැකි ය. එකී සෙල්ලිපියෙහි ගොවි වංශය ලෙස හැඳින්වෙන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ද? යක්‍ෂ ගෝත්‍රිකයෝ ගොවියෝ වූහ. මෙරට ඉතිහාසය යගු කෞරාණ හෙවත් යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඇසෙන් බැලූ විට අපට වෙනත් අර්ථකථන ගෙතිය හැකි ය. 

අප සිංහල බෞද්ධයන් වීමෙන් පසු මමත්වය ඉහළ ගොස් ඇති නමුත් එයින් කියැවෙන්නේ අපේ සාමූහිකත්වය නැති වූ බව නො වේ. යගු කෞරාණයන්ගෙන් හා හෙළ බෞද්ධ සංස්කෘතියෙන් අපට උරුම වූ සාමූහිකත්වය සුළුවෙන් වුවත් අප අතර තවමත් දකින්නට ඇත. එය ඊනියා වැඩවසම් සංස්කෘතියක ලක්‍ෂණ යැයි කියමින් බටහිරයන් අනුකරණයෙන් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමට උගතුන් යත්න දරණ නමුත් සාමූහිකත්වයෙහි නෂ්ටාවශේෂ අප අතර තවමත් දකින්නට ඇත. එසේ නොවන්නට මේ සටහනවත් නොලියැවෙන්නට ඉඩ තිබිණි. (මතු සම්බන්ධයි)       


නලින් ද සිල්වා

2014-08-31