Main Logo

Thursday, 30 April 2015

මහින්ද වහා තීරණයක් ගත යුතුයි

මහින්ද වහා තීරණයක් ගත යුතුයි

මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව  පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට ගෙනෙනු ඇත. තවත් කුඩා පක්‍ෂ හා සංවිධාන රැසක් මැයි රැළි පෙළපාලි ආදිය පැවත්වීමට නියමිත ය. 

සඵල ස්කන්ධ ආතානකය (විදුසර ලිපියකි)



සඵල ස්කන්ධ ආතානකය 

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා හා ඔහුට සහායට පැමිණ ඇති කැනඩාවේ පාසල් ගුරුවරයකු වූ බෝධී ධනපාල මහතාට අවශ්‍ය බටහිර විද්‍යාව ආරක්‍ෂා කිරීමට ය. ඔවුන් කිසිවකුවත් මා බටහිර විද්‍යාව ගැන කරන හැඳින්වීම අභියෝගයට ලක්කර නැත.

Wednesday, 29 April 2015

පාර්ලිමේන්තුවට වගකීම

පාර්ලිමේන්තුවට වගකීම

ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. අප අකමැති වුවත් එය අගමැතිකමට කෑදරවී පක්‍ෂය අතහැර ගිය මෛත්‍රිපාලගේ ජයග්‍රහණයකි. ජනමාධ්‍ය ඔස්සේ අද ඔහු සියල්ල අත්හැරි බෝසතාණන් කෙනකු බවට පත්කිරීමේ වෑයමක් ඇත. සංධානය පළමුව කළ යුත්තේ මෛත්‍රිපාල පක්‍ෂයට ද්‍රෝහි වූ බලලෝභී පුද්ගලයකු බව ජනතාවට හෙළිදරවු කිරීම ය.

මහින්දගේ පරාජය

මහින්දගේ පරාජය

මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු රජුට කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු රජකම හිමි නො විය. එහෙත් ගැමුණු කුමරුට නිවැරදි තීරණ ගැනීමෙන් සද්ධාතිස්ස යැයි නම් කෙරුණු තිස්ස පමණක් නොව ධර්මිෂ්ට එළාර යැයි හැඳින්වුණු එළාර ද පරාජය කිරීමට හැකි විය. වළගම්බා, ධාතුසේන, විජයබාහු ආදී රජවරුන්ට විවිධ අවස්ථාවල රජකම අහිමි වූ නමුත් ජනතාවගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද සහායෙන් නැවත රජකමට පත්වීමට හැකි විය. එයින් කියැවෙන්නේ ජනතාව හා භික්‍ෂූන් වහන්සේ සියලු දෙන ම ඒ ඒ රජවරුන්ට ආධාර කළ බව නො වේ. ගැමුණු රජු ඇතුලු ඒ ඒ රජවරුන්ට විරුද්ධ වූවෝ එකල ද සිටියහ. 

Tuesday, 28 April 2015

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල්  28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි.

යමපාලනයට තිත තබමු (ඉරිදා දිවයින ලිපියකි)

යමපාලනයට තිත තබමු 

අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි දා වන තුරු කල් දැමුණේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි කර දීමට ය. එහි වරදක් නැත.  එහෙත් ඇතැම් පඬි ජනමාධ්‍ය නිවේදකයන් අපට කියා දෙන්නේ අප්‍රේල් 23 වැනි දාට ආණ්ඩුවට දින සියය පිරෙන බව ය. 

Monday, 27 April 2015

ශ්‍රී ල නි ප දිනවීමට මෛත්‍රිපාලට බැහැ

ශ්‍රී ල නි ප දිනවීමට මෛත්‍රිපාලට බැහැ

මෛත්‍රිපාල සිරිසේන රසිකයෙකි. ඔහුට කවි හා විරිදු කීමට හැකි ය. ඔහු ඉඳහිට විහිළු ද කරයි. ජනතාව ඔහුගේ විහිළුවලින් රසයක් විඳිති. එහි වරදක් නැත. ජනාධිපති ජනතාව සතුටු කළ යුතු ය. ඔහු බොරු කියන්නේ යැයි මම නො කියමි. රහතන් වහන්සේට අනුව නම් අප වැනි පෘථග්ජනයන්ගේ සියළු දැනුම් මුසා ය. එහෙත් මා මෙහි දී බොරු යන වචනය යොදන්නේ ඒ අරුතෙන් නො වේ.