Main Logo

Thursday, 13 August 2020

විජාතික කඳවුර ලබා දුන් තුනෙන් දෙක

                             


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





විජාතික කඳවුර ලබා දුන් තුනෙන් දෙක  


ජාතිකවාදීන් අතර සමගියක් නැහැ. අද රටේ ජාතිකත්වය තහවුරු වෙලා. ජාතිකවාදීන් සියල්ලන් ම උත්සාහ කරනවා එහි ගෞරවය ලබා ගැනීමටත් අනෙක් අයට පහර දීමටත්. මා ද සම්පූර්ණයෙන් නිදොස් නැහැ. තමන් ජාතික සංවිධානවල පොල්මඃකාරයන් උරුමක්කාරයන් යැයි සිතා ගෙන කටයුතු කරන පිරිසක් ඊයේ දිනේෂ්ට බැට දීල තිබුණා ව්‍යවස්ථාව ටින්කරින් කරන්න යනවා කියා. අප කාටත් පාහේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එහෙත් මේ ආණ්ඩුව පළමුව කරන්නේ ටින්කරින් වැඩක් තමයි. ඒ දහනවය අහෝසි කිරීම. මා හිතනවා එහි දී ජාතිකවාදී මන්ත්‍රීවරුන්, දිනේෂ් ද ඇතුළුව, සුදුසු පියවර ගනීවි කියා. ඒ කිසිවකු ටින්කරින් කිරීමට විරුද්ධ ව ආණ්ඩුවෙන් එළියට බහීවි කියා මා හිතන්නේ නැහැ. එසේ කළොත් එය ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ අවසානය. ජාතිකවාදය හා ජාතිකවාදී දේශපාලනය කියන්නෙ එකම දෙයක් නො වෙයි. ඒ අතර ජාතිකවාදීන් තමන් ලත් ජයග්‍රහණය ගැනත් සිතා බලන්න ඕන.

බටහිර විද්‍යාවේ ජාතිවාදය

                            


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9




බටහිර විද්‍යාවේ ජාතිවාදය


පහත පළවන්නේ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සඟරාවක 2020 අගොස්තු 11 වැනි දා පළ වූ ලිපියකි. මෙහි සාකච්ඡා කෙරෙන්නේ විද්‍යාවේ ක්‍රියාත්මක වන ජාතිවාදයයි. ජාතිවාදය ඇත්තේ සිංහල බෞද්ධයනට පමණක් යැයි සිතමින් බටහිර විද්‍යාව ගැන පම්පෝරි ගසන පඬි නැට්ටන්ට මෙය වැදගත් වන එකක් නැහැ. 

මෙහි සාකච්ඡා නොකෙරෙන වඩා වැදගත් කරුණක් වෙනවා. බටහිර විද්‍යාවේ කතන්දර ගෙතීමේ ඇති සංස්කෘතිකවාදයයි. ඇතැම් පඬි නැට්ටන් හිතන්නේ මා හැම දෙයක් ම සංස්කෘතියට ඌනනය කරන බවයි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ සංස්කෘතියෙහිමයි. බටහිර විද්‍යාවේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙන් පිට සංස්කෘතියක සංස්කරණය කෙරෙන කතන්දරයක් (ප්‍රවාදයක්) පිළිගැනීමට ඇති සම්භාවිතාව කුමක් ද? 

Wednesday, 12 August 2020

සබ්‍රි හා දෙරණේ ජාතිකත්වය

                            


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



සබ්‍රි හා දෙරණේ ජාතිකත්වය


අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. අලි සබ්‍රි පත් කිරීම සහ තවත් ඇතැම් පත්කිරීම්/පත්නොකිරීම් ගැන මගේ එකඟත්වයක් නැහැ. අලි සබ්‍රි කියන්නෙ සියුම් මුස්ලිම් අන්තවාදියෙක්. ඒ බුද්ධිමතකු වියතකු උගතකු නොවූ මට තේරෙණ විධිය.  එක්තරා බුද්ධිමත් ජාතිකවාදියකු කියනවා අපට ඇත්තේ හුදෙක් සබ්‍රි විරෝධයක් කියලා. ඔහුට අනුව ගෝඨාභය අතින් වරදක් වෙන්නෙ නැහැ. ඒ නිසා සබ්‍රිට ඔහුට අවශ්‍ය දෙයක් කරන්න බැහැ. මා නම් ඒ තර්ක පිළිගන්නේ නැහැ. ඇයි ඉතින් සබ්‍රි ව ම දා ගත්තෙ. වරදක් වෙන්නෙ නැති වෙන කවුරුවක්වත් නැද්ද? මා සබ්‍රි පුද්ගලික ව හඳුනන්නෙ නැහැ. සබ්‍රිට විරුද්ධ ව නැගුණු විරෝධය හිරු ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් වූ එකක් බව කියන්න ඇතැමුන් උත්සාහ කරනවා. මා එය විශ්වාස කරන්නේ නැහැ. කිසිවකු හිතනවා ද මාත් හිරු ප්‍රචාරයට අහුවෙලා කියලා. සබ්‍රි පසුගිය කාලයේ කළ ප්‍රකාශ ඇතැමුන් සඳහන් කර තිබෙනවා. ඒ කියවා බලන්න පුළුවන්.  

Tuesday, 11 August 2020

අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි

මා හිතන්නේ මෙරට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය දැන් බොහෝ දුරට විසඳිලා කියල. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය කියන්නෙ දෙමළ කතාකරන ජනයාට වූ ඊනියා අසාධාරණයක් නිසා ඇති වූ ප්‍රශ්නයක් නො වෙයි. එය සිංහල ජාතිකත්වයට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව විදේශිකයන් පළමුව වෙල්ලාල නායකයන් ද පසුව ත්‍රස්තවාදය ද යොදා ගැනීමේ ප්‍රතිඵලයක්. අද විදේශිකයන්ට තව දුරටත් එය පවත්වා ගෙන යන්න බැහැ. විග්නේෂ්වරන්ලා ගජේන්ද්‍ර පොන්නම්බලම්ලා රූකඩ පමණයි. ඔවුන් පාර්ලිමේන්තු එන්නේ ජේ ආර්ගේ ඊනියා ජාතික ලැයිස්තුවල පිහිටෙන් මිස ජනතා ඡන්දයෙන් නො වෙයි. ඔවුන් කොළඹ පදනම් කරගත් වෙල්ලාල නායකයන්. 

Monday, 10 August 2020

දහනවය, ද්විත්ව රටවැසිබව හා අගමැති

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9




දහනවය, ද්විත්ව රටවැසිබව හා අගමැති 


මැතිවරණය පිළිබඳ ව තවදුරටත් කතා කිරීමට පෙර දහනවය ගැන වචනයක් දෙකක් කියන්න ඕන. දහනවය හා දහතුන ඉවත් කරල අලුතෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහෙත් එතෙක් දහනවය ඉවත් කර ගන්න හදිසියක් තියෙන්නත් පුළුවන්. දහනවය ඉවත් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර නිවේදකයන් කියනව වගේ එසැණින්  එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. 

Sunday, 9 August 2020

රනිල්දාසලාගේ හා පඬියන්ගේ විප්ලවයේ ගමන් මග

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






රනිල්දාසලාගේ හා පඬියන්ගේ විප්ලවයේ ගමන් මග 

අද මහින්ද රාජපක්‍ෂ හතරවැනි වතාවටත් රටේ අගමැති ලෙස දිවුරුම් දුන්නා. මා ඔහුට සුබ පතනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දින කිහිපයකින් අමාත්‍ය මණ්ඩලය පත් කරාවි. ජී එල් පීරිස් විදේශ ඇමති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමති ලෙස පත්කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඔහු ඔය තනතුරු කලින් ද දරා තිබෙනවා. ඔහුගේ ඉතිහාසය නම් හොඳ නැහැ. 

Saturday, 8 August 2020

දිනේෂ්ගෙ වෙන්න තිබුණු පරාජය හා මා

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



දිනේෂ්ගෙ වෙන්න තිබුණු පරාජය හා මා


පසුගිය දා පැවැත්වුණු මැතිවරණයට මා ඉදිරිපත් වුණා නම් මොකක්ද වෙන්න තිබුණෙ කියන ප්‍රශ්නය මගේ හිතට එනවා. එය වැරදි ප්‍රශ්නයක් තමයි. මා මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ මොන පක්‍ෂයෙන් ද? එය ජන බල පක්‍ෂවලින් වෙන්න බැහැ. වික්‍රමබාහු තරග කළාට එ ජා පක්‍ෂයෙන් වෙන්නත් බැහැ. ඉදිරිපත් වෙන්න තිබුණෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සංධානයෙන්, පොදුජන පෙරමුණ නමින්.