Main Logo

Wednesday, 31 December 2014

පරමාණු හා අණු


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක්‌ දිනක්‌ ලියන දේ පසුව ලියන ලිපියකින් නිශේධ කරයි. ඇතැම් විට එක ම ලිපියෙහි එක ම ඡේදයෙහි ඔහු කියන්නේ පරස්‌පර විරෝධී කරුණු ය. ඔහු ගේ පරස්‌පර පාඨකයනට දැනගැනීමට සැලැස්‌වීමට නම් ඔහු ගේ ලිපිවල කොටස්‌ දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වීමට සිදු වෙයි. ඒ ගැන මට කරන්නට දෙයක්‌ නැත. ඔහු දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි එක ම ඡේදයක මෙසේ කීවේ ය. (එහෙත් මම එය ඡේද දෙකක්‌ ලෙස උපුටා දක්‌වන්නේ පාඨකයා ගේ පහසුව සඳහා ය.)

"අවශ්‍ය නම් සමාජ විද්‍යාව උදාහරණයක්‌ ලෙස ගෙන ප්‍රශ්නය පටන්ගත හැක්‌කේ කෙසේ දැයි එම ලිපියේ සඳහන් කළෙමි. සමාජීය ක්‍රියාකාරකම් සිදු වන්නේ මිනිසා ගේ මොළයේ ස්‌නායු තුළ සිදු වන ක්‍ෂුද්‍ර භෞතික (Micro Physics) ක්‍රියාවලියක්‌ ලෙස බව පෙන්වා දුන්නෙමි. මේ සියල්ල සඳහා මතවාදය සැම විද්‍යාවක්‌ ම ආවරණය වන පරිදි නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයෝ වටහා ගත් හ. එකිනෙකා අතර සිදු වන ක්‍රියාවන් පවා සිදු වන්නේ මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දිය හැකි බව ඔවුහු වටහා ගත් හ. 

එහෙත් ඉහත සඳහන් අන්දමට මොළයේ ක්‍රියාදාමයන් ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ බවට ඌන (Reduction) කිරීම කළ හැකි දෙයක්‌ දැයි ප්‍රශ්නයක්‌ පැනනගී. සියලු විද්‍යාවන් ආවරණය වන පරිදි එක ම මතවාදයක්‌ නිර්මාණය කළ හැකි ද? මනෝ විඥානය ජීව විද්‍යාවට අයත් වන්නකි. එය ක්‍ෂුද්‍ර විද්‍යාවක්‌ දක්‌වා ඌනනය කළ හැකි දැයි දාර්ශනික ප්‍රශ්නයක්‌ පැනනැගීම වළක්‌වා ලිය නොහැකි ය. අප ගේ සිතුම් පැතුම් රසායනික හෝ භෞතික හෝ ප්‍රතික්‍රියාවකට ඌන කළ හැකි ද?"

මෙහි පළමු කොටසෙන් කියෑවෙන්නේ සමාජයීය ක්‍රියාකාරකම් මිනිසා ගේ මොළයේ ස්‌නායුවල සිදු වන ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ නිසා සිදු වන බව අමරතුංග මහතා පෙන්වා දී ඇති බව ය. ඔහු එසේ කර ඇත්නම් එමගින් ඔහු විද්‍යාවට නව ප්‍රදානයක්‌ කර ඇත. එහෙත් ඔහු එසේ කර නැත. ඔහු කරන්නේ ඉංගිරිසියෙන් බටහිරයන් ලියා ඇති කරුණු ඔහුට තේරෙන ආකාරයකට සිංහලෙන් ලිවීම පමණ ය. ඔහු එහි දී උපයෝගී කරගන්නා පොත්පත්වල නම් වත් ඔහු සඳහන් නො කරයි. ඒ කෙසේ වෙතත් ඔහු පළමු කොටසෙන් කීමට තැත් කරන්නේ මිනිසුන් එකිනෙකා අතර ඇති වන ක්‍රියා පවා මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දීමට හැකි යෑයි බටහිර විද්‍යාඥයන් දැන සිටි බව ය. අමරතුංග මහතා කියන පරිදි එකිනෙකා අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ ලෙස පෙන්වා දිය හැකි ය. 

මෙය ඌනිතවාදය මිස අනෙකක්‌ නො වේ. අමරතුංග මහතා කියන ආකාරයට බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාදාමයන් හා මිනිසුන් එකිනෙකා අතර සිදු වන ක්‍රියාකාරකම් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවට ඌනනය කළ හැකි ය. අපි අමරතුංග මහතා ම දක්‌වන බටහිර විද්‍යාඥයන් ගේ අදහස්‌ අනුව ඌනනය කිරීම යනු කුමක්‌ දැයි පසුව සාකච්ඡා කරමු. එහෙත් එයට පළමුව අමරතුංග මහතා ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට උත්සාහ දරමු. 

ඔහු දැන් පළමු කොටසෙන් (ඔහු ගේ ලිපියෙහි එක ම ඡේදයෙහි) කී දෙය ප්‍රශ්න කරයි. පළමු කොටස ලියා ඇත්තේ සැකයට බඳුන් කර නො වේ. පළමු කොටසෙන් නිශ්චිතව කියන්නේ මොළයේ ක්‍රියාදාමයන් හා ඒ නිසා මිනිසුන් අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියකට, එබැවින් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවකට ඌනනය කළ හැකි බව ය. ඔහු ඒ බව නිශ්චිත ව කියයි. එහෙත් දෙවැනි කොටසෙන් ඔහු එසේ කළ හැකි ද යන ප්‍රශ්නය පැනනගින බව පවසයි. 

තමන් නිශ්චිත ව පැවසු දෙයක්‌ එසැණින් ම ඒ නිවැරැදි දැයි ප්‍රශ්න කරන්නේ කෙසේ ද? එක්‌කෝ අමරතුංග මහතාට තමන් කියවා ඇති පොතපත තේරුම්ගැනීමට නො හැකි ය. එසේත් නොමැති නම් ඔහුට පැහැදිලිව නිරවුල්ව අදහස්‌ ප්‍රකාශ කළ නො හැකි ය. එසේත් නොමැති නම් ඒ දෙක ම ය. අමරතුංග මහතා ගේ මනස පිළිබඳ ප්‍රශ්න පැනනගියි. අමරතුංග මහතා ගේ මනසෙහි ක්‍රියාකාරිත්වය කිසිවකට ඌනනය කළ හැකි ද?

කෙසේ වෙතත් බටහිර ජෛවීය විද්‍යාවන් හදාරා බටහිර භෞතික විද්‍යාව ගැන මහදැනමුත්තකු ලෙස ලියන අමරතුංග මහතා මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියයි. අමරතුංග මහතා ජීව විද්‍යාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ ද? මනෝ විඥානය ගැන සාකච්ඡා කළ යුතු වන්නේ බටහිර විද්‍යාවන්ට අනුව නම් බටහිර මනෝ විද්‍යාවෙහි ය. එසේත් නැත්නම් මානසික විද්‍යාවෙහි ය. එසේත් නැතිනම් මනෝ විශ්ලේෂණයෙහි ය. මනෝ විද්‍යාව හෝ මානසික විද්‍යාව හෝ මනෝ විශ්ලේෂණය හෝ සාමාන්‍යයෙන් බටහිර විද්‍යා පීඨවල ඉගැන්වෙයි. ඒවා බටහිර වර්ගීකරණයට අනුව ඉගැන්වෙන්නේ මානව ශාස්‌ත්‍ර හෝ සමාජ විද්‍යා පීඨවල දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යයනංශයෙහි ය. නැත හොත් බටහිර වෛද්‍ය පීඨවල මානසික රෝග පිළිබඳ අධ්‍යයනංශවල ය. මනෝ විශ්ලේෂණය (ෆේ‍රdයිඩ් ගේ මනෝ විශ්ලේෂණය ද ඇතුළුව) බටහිර විද්‍යාවක්‌ ද යන ප්‍රශ්නය ඇතැම් බටහිර විද්‍යාඥයෝ ම නගති. 

මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව පැවසීමෙන් අමරතුංග මහතා එක්‌ අතකින් මනෝ විද්‍යාව ජීව විද්‍යාවට ඌනනය කරයි. ඒ ඔහු ඌනනය කිරීම පිළිබඳව ප්‍රශ්න කරන අතර ය. අමරතුංග මහතා ගේ අසංගතභාවය එබඳු ය. ඔහුට පැහැදිලි ව සිතිය හැකි නම් ඔහු මෙබඳු වාක්‍ය එක ම ඡේදයක තබා ලිපි රාශියක වත් නො ලියනු ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් ගේ මත පුනරුච්චාරණය කරමින් ඌනනය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි විමසා බලමු.

"ඌනනය කිරීම යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි සලකා බැලිය යුතු ය. අර්නස්‌ට්‌ නයිජෙල් (Ernest Nigel) නමැති විද්‍යා දාර්ශනිකයා ස්‌වසිද්ධි මූලික අවබෝධය තුළ සිතා බලමින් කියා සිටියේ ඌනනය වූ මතවාදයක ස්‌වසිද්ධි භාවිත කොට ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නම් එම මතවාදය විසින් අනෙක ඌනනය කෙරෙන බවයි.

මේ අදහස භාවිත කරගනිමින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද ඒ ලෙස ම මනෝ විද්‍යාව ස්‌නායු පිළිබඳ විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද විද්‍යා දාර්ශනිකයන්ට අවශ්‍ය විය. එහෙත් ප්‍රශ්නය වූයේ ජීව විද්‍යාවේ භාවිත වන වචන මාලාව භෞතික විද්‍යාවේ වචන මාලාවක්‌ සමඟ සම්බන්ධ කිරීමේ දී පාවිචිචි කළ හැකි මූලධර්මයක්‌ සොයාගැනීම උගහට වීම ය. උදාහරණයක්‌ ලෙස ජාන (genes) පිළිබඳ වචන මාලා සහ රසායනික විද්‍යාවේ වචන මාලා විසින් අණුව (molecule) වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ. මේ නිසා ඌනනය කිරීම දාර්ශනික ඇසින් බලන විට ලෙහෙසි දෙයක්‌ නො වන බව පෙනෙන්නට ඇත. මේ නිසා සියල්ල සඳහා එක්‌ මතවාදයක්‌ නිර්මාණය කිරීම කළ නොහැකි දෙයක්‌ බව සමහර දාර්ශනිකයන් ගේ අදහස විය. කරුණු මෙසේ හෙයින් අර්ථ විචාර අවබෝධය (sementic conception) විසින් ඉදිරිපත් කෙරෙන මතවාදය යනු ආකෘති එකතුවක්‌ (theory is a collection of models) යන සංකල්පය සැම විට ම අදාළ නො වන බව සමහරුන් ගේ අදහස විය. උදාහරණයක්‌ ලෙස ඔවුන් පෙන්වා දුන්නේ විද්වත් අයිසෙක්‌ නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි න්‍යාය සැම විට අදාළ නො වන බව ය. ආකෘති අදාළ වන්නේ යම් කිසි පිළිවෙළක්‌ පවතින අවස්‌ථාවල දී පමණක්‌ බව ය. කුලුනක මුදුනේ සිට මුදල් නෝට්‌ටුවක්‌ අතහැරිය හොත් එය වැටෙන්නේ නිවුටන් ගේ ඉහත සඳහන් න්‍යායට අනුව නො වන බව ඔවුහු පවසති. අභ්‍යවකාශ වස්‌තුන් ගේ හෝ ලම්බනයේ (pendulum) හෝ චලනය එම න්‍යායට අනුව සිදු වනවා වන්නට පුළුවන. එහෙත් සැම විට එම න්‍යාය භාවිත කළ නොහැකි බව ඔවුන් ගේ අදහස විය."

මෙහි ඌනනය සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන අදහස මුළුමනින් ම වැරැදි ය. එය ඔහු ගේ පරිවර්තනයෙහි දෝෂයක්‌ බව පැහැදිලි ය. ඌනනය වූ මතවාදයක (මේ කුමක්‌ දැයි පැහැදිලි නැති වුවත් ඒ යම් ක්‍ෂෙත්‍රයක ප්‍රවාද ඇතුළු දැනුම් පද්ධතිය ලෙස සලකමු) ස්‌වසිද්ධිවලින් ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නො වේ. එහි දී සිදු වන්නේ අනෙක්‌ පැත්ත ය. එයත් ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගැනීම නො වේ. අමරතුංග මහතා පසුව සඳහන් කරන වචන (මාලා) පිළිබඳ ප්‍රශ්නය බටහිර දාර්ශනිකයන්ට ඇති වී තිබෙන්නේ මේ ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගන්නේ ය යන වැරැදි මතයෙහි ඔවුන් පිහිටා ඇති බැවිනි. එහි වරද නම් අමරතුංග මහතාට පැටවිය නො හැකි ය. වචන මාලා යනුවෙන් අමරතුංග මහතා සඳහන් කරන්නේ සංකල්ප යෑයි මම සිතමි. එය ඔහු දක්‌වන උදාහරණවලින් ද ගම්‍ය වෙයි. 

ජාන පිළිබඳ වචන මාලා හා රසායන විද්‍යාවේ වචන මාලා (සංකල්ප) යොදාගෙන අණුව වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ යෑයි යන්නෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි නැත. එහෙත් වචන මාලා යනු සංකල්ප යෑයි ගත හැකි ය. මෙහි වර්ගීකරණය යනු කුමක්‌ ද? අමරතුංග මහතා මේ භවයේ දී නම් වචන භාවිතය පිළිබඳ සැලකිල්ලක්‌ දැක්‌වීමට යොමු නො වන බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ එක්‌ ක්‍ෂෙත්‍රයක දැනුම ප්‍රවාද කිහිපයකින් ලබාගත හැකි ය. මේ ප්‍රවාද ගොඩනැගී ඇත්තේ ඒ ක්‍ෂෙත්‍රයට සීමා වූ එසේත් නැත්නම් අනන්‍ය වු සංකල්ප පදනම් කරගනිමිනි. රසායන විද්‍යාවේ මූලික සංකල්පය අණුව ය. ඒ විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙනුයේ අණු සම්බන්ධ වීම, වෙන් වීම ආදිය ය. ඒ පිළිබඳ ප්‍රවාද රසායන විද්‍යාවෙහි නිර්මාණය කෙරී ඇත. 

අණුවක්‌ පරමාණුවලින් සෑදෙන බව රසායන විද්‍යාවෙහි දී කියෑවෙයි. එහෙත් අණු එකතු වීමේ දී එසේ වන්නේ පරමාණු ලෙස නො වේ. පරමාණුවක ඇතැයි කියන ඉලෙක්‌ට්‍රොaන විවිධාකාරයෙන් බෙදා හදාගැනීමක්‌ එහි දී සිදු වෙයි. එසේ බෙදා හදාගැනීමෙන් පසු පරමාණුවක්‌ නැත. ඇත්තේ අණුවකි. අණුව බටහිර රසායන විද්‍යාවේ නිර්මාණයකි. පරමාණුව බටහිර භෞතික නිර්මාණයකි. අණු පිළිබඳ දැනුම ගොඩනගාගැනීමේ දී යොදාගෙන ඇති සංකල්පවලින් හා ප්‍රවාදවලින් විස්‌තර කළ නො හැකි ය. බටහිර දාර්ශනිකයන් සඳහන් කරන්නේ යෑයි කියන ඊනියා වචන මාලා ගැටලුව පැනනගින්නේ එලෙස ය. එයින් කියෑවෙන්නේ ආරම්භයේ දී ම ඌනිතවාදයෙහි ප්‍රශ්න ඇති බව ය. 

මතවාදයක්‌ යනු ආකෘතික එකතුවක්‌ ය යන්න ගැන අපි සඳහන් කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය පිළිබඳ කතාවෙහි අමරතුංග මහතා කියවා ඇති පොතෙහි කතුවරයා නිවුටන්ට අසාධාරණයක්‌ කරයි. නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි නියමය ඔහු ගේ නිර්මාණයක්‌ බවත් එය ද පට්‌ටපල් බොරුවක්‌ බවත් පැහැදිලි ය. එහෙත් කුලුනක්‌ මුදුනේ සිට අතහරින ලද මුදල් නෝට්‌ටුවක්‌ වැටෙන්නේ නිවුටන් ගේ දෙවැනි නියමය අනුව නො වේ යෑයි කිව නො හැකි ය. එහි දී සිදු වන්නේ නිවුටන් කියන පරිදි හෝ ඔහු ගේ අනුගාමිකයන් පසුව කියා ඇති පරිදි හෝ ඊනියා ගුරුත්වාකර්ෂණ බලයට අමතරව වායු ප්‍රතිරෝධය නිසා ඇති වන බලය ආදිය යෙදීම ය.


නලින් ද සිල්වා

2014-12-31

Let us be more independent


The Presidential elections scheduled for 8th January 2015 is on nidahasa of the country more than anything else. I prefer the word nidahasa to other concepts such as sovereignty, independence etc., and I associate  the nidahasa with eksesath rajya a form of unitary state. Thus it is nidahasa and eksesath rajya that will be decided on the eighth and the battle lines have been drawn with people who prefer nidhasa on one side and the people who are prepared to be instructed either directly or indirectly on the other side.

The opposition cry, initiated by Ven. Maduluwawe Sobhitha Thera on so called good governance, is only a camouflage to hide the real problem from the people. There has been no government in Sri Lanka that can be said to be proud of good governance. All governments have had skeletons in their cupboards (cabinets in whatever sense one can think of) since independence in a limited sense in 1948, and even in the whole world only one or two governments that could have been proud of good governance in the history. There would have been few kings who followed “dasha   raja dharma” but hardly any so called elected ruler under western democracy who presided over “good governance”.

The way that Ven. Maduluwawe Sobhitha Thera has been marginalized bringing forth Ven. Athureliye Ratana Thera speaks volumes for “good governance”. The vested interests through their organizations, which are called NGOs , research institutes,  fora of retired and working academics in the universities and other “intellectuals”, etc., promoted “good governance” speaking of corruption, terror, commissions of the “Rajapakse regime” as if nothing of that sort had happened previously. All these have increased over the years from government to government commencing with the 1947 government of Unge Nedeyange Pakshaya (the UNP or the party of their relatives) and there is no guarantee that the Rice, Sand Tree Quarry  Mafias will not extend beyond Polonnanuruwa.

I remember very well how Vice Chancellors were appointed during the time of JR Jayawardhne whose government that practiced ‘good governance” was responsible for the Universities Act No 16 of 1978. There was a time when the same person held the positions of Secretary to the Ministry of Higher Education and Chairman of University Grants Commission in the name of “good governance”.  This person refused to talk with the FUTA and those of us who held posts in that Federation had a difficult time in getting an interview with him. I know these facts as I was the secretary of FUTA at that time. Finally only after quoting the Trade Union Act and taking steps to file a court case FUTA was granted a meeting with this servant of the government that practiced good governance.

I do not want to go into the history of the early days of FUTA under the UNP governments and the way the governments treated the agitations of students against the White Paper on education introduced by Ranil Wickremesinghe, the so called Junior Universities of Premadasa, the North Colombo Medical School. I was either the Secretary or President of FUTA during these troubled periods and I remember once FUTA executive committee had to have a meeting on the Kumaratunga Munidasa Mawatha when FUTA was not allowed to have its meetings in the premises of the University of Colombo. Perhaps the JVP and some leaders of JHU  that has now joined hands with the  UNP, Chandrika Kumaratunga, and others in the name of good governance will remember Thirimawithana and others who died in the name of free education against malpractices (sorry good governance policies) of the University of Colombo that wanted to award its degree to the students of NCMC who did not satisfy the admission requirements as laid down by the UGC. 

The parties that want to follow instructions by the west led by England have now ganged up against the nidahasa and eksesath rajya. Though the TNA has not issued a statement on whom they support at the elections it is clear that the Sumanthiran faction has taken a decision to support the main candidate who opposes Mahinda Rajapakse at the Presidential Elections. The other faction that takes its line from the dispersed Tamils in the west has still not taken a decision but it is likely that they would boycott the elections following the JVP that dreams of an Arab Spring claiming that the elections were illegal. In any event the name of the game is removal of Mahinda Rajapaksa who has shown that he can stand up to pressure from England led west and removed an obstacle on our way to nidahasa, by hook or crook. When Mahinda Rajapaksa gave political leadership and Gotabhaya Rajapaksa guided the armed forces to defeat the LTTE an agent of west against Sinhala people and the  country, we gained some nidahasa. The next step in the process of achieving Nidahasa is the defeat of Tamil racism that is operated from London.

The opposition parties have ganged up to prevent that happening and to set the clock back. The SLMC would not have supported the opposition block if the latter did not agree to their demand of a Muslim administrative district from Kalmunai to Akkarapattu. The parties in the opposition are for the thirteenth amendment plus, giving police and land powers to the provincial councils, combining the Northern and Eastern  Provinces to form one administrative unit and in general for giving more powers to the provincial councils so that the combined Northern and Eastern Provinces could finally work towards a federation and finally for separation.

Some nationalists with good intentions believe that the leaders of the JHU would prevent such things happening. Now anybody such as me who knows the history of these leaders would have any such dreams. I know the history of them who they changed from being JVP activists to nationalists who worked with Chinthana Parshadaya and then formed Janatha Mithuro and a plethora of organisations later. When they formed Janatha Mithuro they claimed that the nation cannot be marketed and joined hands with Mangala Samarweera to form Ratavesi Peramuna that stood for federalism. They worked for Mangala Samarawera at the 1994 elections and then switched over to nationalism after bombs were blasted by killing school children. They formed the National Movement Against Terrorism (NMAT) and they were supported by some bell bottomed Viharamaha Devis. Then  they formed Sihala Urumaya, Jathika Hela Urumaya around the Bana of Ven. Soma Thera and how they ditched SL Gunasekera and others is now part of history. The Bhikkus were made to contest elections but finally Champika Ranawaka ended up as a minister. I do not want to go into further details but today one finds these leaders with Chandrka Kumaratunga and Mangala Samaraweera as in 1994.

These leaders have vacillated between pseudo nationalism and federalism in their history and to add they have a Gota bhaya (Gota phobia) as well. They claim that they could not get things done for the Sinhala nation from Mahinda Rajapaksa implying that they do not have the strength to do so. If they do not have a mass base to get Mahinda Rajapaksa to agree to their policies how could one expect them to get things done from a defacto Chandrika  Ranil government backed by the west led by England. All these are day dreams and those who want a so called change have to be warned that they would not be able to change the so called change for fifty years as it is the western countries led by England that would be in the driving seat.


I am not talking of so called conspiracy but of colonialism that has been practiced by England over two hundred years (it is two hundred years after 1815 the year of Sinhala English pact) and how they have used Tamil racism for more than 180 years of the two hundred years to weaken if not destroy the Sinhala culture and the people. We gained some nidahasa by standing up to the west in 2009 defeating the LTTE and 2015 should be the year in which we take steps to gain more nidahasa by defeating the opposition candidate who is backed by the agents of England led west.  


Nalin De Silva

31-12-2014

Sunday, 28 December 2014

බයියෝ හා ලෝකයෝ


මෙම ජනාධිපතිවරණය ජාතික හා විජාතික බලවේග අතර සටනකි. ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. රටේ නිදහස තව තවත් වර්ධනය කර ගැනීම හා නිදහස පාවාදී රට බටහිරයන්ගේ පාපන්දුවක් කිරීම අතර සටනකි. බටහිර ගැත්තන් හා අදීනයන් අතර කෙරෙන සටනකි. නිවටකම හා අභිමානය අතර සටනකි. දෙමළ ජාතිවාදය පැරදවීම හා දෙමළ ජාතිවාදයට රට පාවාදීම අතර සටනකි. දහතුන් වැනි සංශෝධනය ඉදිරියට ගෙන යෑම හා පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය ඉවත්කිරීමෙන් එය කප්පාදු කිරීම අතර සටනකි. බයියන් හා ලෝකයන් අතර සටනකි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජනධිපතිතුමා කළ ප්‍රකාශයකට අනුව මෙරට බහුජාතියක් හා සුළුජාතීන් නො මැත. ඇත්තේ රටට ආදරය කරන්නන් හා ආදරය නොකරන්නන් ය.  එය එක්තරා ආකාරයකින් ගත්කල නව සංකල්පයකි. මෙරට බුද්ධිමතුන් යැයි කියන අයට නව සංකල්ප නැත. ඔවුන්ට කළ හැක්කේ බටහිරයන්ගේ දැනුම වැමෑරීම පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ අනුකාරකයන් මෙන් නොව අළුත් යමක් මෙරට දැනුමට එකතු කර ඇත. 

දේශප්‍රේමිහු රටට ආදරය කරති. ඔවුහු සිංහලයන් අතර නම් බොහෝ විට ගැමියෝ වෙති. එමෙන් ම ගැමියන්ගෙන් අතිමහත් බහුතරය දේශප්‍රේමීහු වෙති. මේ ගැමියෝ බයියන් නමින් හැඳින්වෙති. ඒ අතර සිංගිරිසියෙන් නම් බයියා යන්නට වෙනත් අර්ථකථනයක් ද ඇත. බයි යනු ඉංගිරිසියෙන් මිළ දී ගැනීම ය. එවිට බයියා යනු සිංගිරිසියෙන් මිළ දී ගනු ලැබීමට හැකි තැනැත්තෙකි. අද ඇතැම්හු මිළට විකිණෙති. ඔවුහු සිංගිරිසියෙන් බයියෝ වෙති. එවැනි බයියන් ගමේ මෙන් ම නගරයේ ද දැකිය හැකි ය. එකී බයියන් මුදලට පමණක් නොව තනතුරුවලට ද ගත හැකි ය. ජනාධිපති ධුරයට තරග කිරීම පවා බයියන් ලබන වාසියකි.

සිංගිරිසි අර්ථයෙන් නොව සාමාන්‍ය අර්ථයෙන් බයියෝ අතිමහත් බහුතරය රටට ආදරය කරති. ඔවුහු බටහිර දැනුමෙන් මුසපත් නො වෙති. ඔවුන්ට බටහිර දැනුම දේවත්වයෙන් ගතයුතු අනුකරණය කළ යුතු දෙයක් නො වේ. බටහිර දැනුම අවශ්‍ය පරිදි තම සංස්කෘතියට අවශෝෂණය කරගැනීමට ඔවුහු දනිති. ඔවුන්ට රත කල්කය විෂබීජ සහිත දෙයක් නො වේ. ඔවුන්ට විෂබීජ සංකල්පය කෙප්පයකි. අමුම අමු බයියකු වූ මට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. බයියන් තමන් මෙරට රටවැසියන් බව පවසන්නේ අභිමානයෙනි. ඔවුන්ට ජාතිකත්වයක් ඇත. ඔවුහු ඊනියා ලෝක පුරවැසියෝ නො වෙති.

ලෝකයා යන්නට සාමාන්‍ය ව්‍යවහාරයෙහි අරථයක් ඇත. එහෙත් මෙහි දී ලෝකයා යන්න යොදා ගන්නේ ඒ සම්මත අර්ථයෙන් ම නො වේ. අපේ ලෝකයා ඊනියා ලෝක පුරවැසියෙකි. ඔහු තමන් ලෝක පුරවැසියකු බව පවසන්නේ ගර්වයෙනි. මෙරට වෑසියන් වූ බයියන් පහත්කොට සැලකීම ඒ ගර්වයෙහි ගැබ් වී ඇත. ලෝකයාට ඇත්තේ ලෝක දැනුමකි. ඔහු ලෝක ආකල්ප ලෝක සංකල්ප, ලෝක ප්‍රවාද, පොදුවේ ලෝක දැනුම අගයයි. එහෙත් මේ ඊනියා ලෝක දැනුම බටහිර දැනුමක් වීමත් ඒ බටහිරයන් විසින් පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක නිර්මාණය කරනු ලැබීමත් ඔහුට ප්‍රශ්නයක් නො වේ. ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ බටහිර දැනුම ලෝක දැනුම බව පිළිගැනීමෙනි. ලෝකයාට බයියා යනු ලිංමැඩියෙකි. ලෝකයාට අනුව බයියෝ අතීතෝන්මාදයෙන් පෙළෙති. ඇතැම් ලෝකයන්ට අනුව මා වැනි ඇතැම් බයියන්ට ඇත්තේ පොඩි මොළ ය. එහෙත් මේ ලොකු මොළ කාරයෝ පොඩි මොළ කරයන් සමග විවාදයට නො එති. මේ ලෝකයෝ බටහිරයන්ට ගැති වෙති. බටහිරයන්ගේ දැනුම ඉදිරියේ දණ නමති. ප්‍රභාකරන් පැරදවිය නොහැකි යැයි කීවෝ ලෝකයෝ ය. ඒ බටහිරයන් අපට දෙන දැනුම යොදා ගනිමිනි.  ඔවුහු එමගින් සිංහලයන් මුළා කළහ. ඒ අතින් ගත්කල ඔවුහු සාමාන්‍ය අර්ථයෙන් ද ලෝකයෝ වෙති. 

අද මෙරට බයියන්ගේ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. ඔහු බටහිර දැනුමට පිටින් ගොස් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. අනුවේ දශකයේ ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇළවූ ද ජාතිය යනු මළකඳක් යැයි කිවූ ද, බටහිර පශ්චාත්නූතන දැනුමක් පසුපස ගියා වු ද  මංගල සමරවීර සමග එක් වී රටවැසි පෙරමුණ පිහිටුවා ගෙන ෆෙඩරල් හෙවත් රට බෙදීමේ දේශපාලනයක යෙදුණාවු ද වචනයේ සියළු අර්ථවලින් (පරිසමාප්තාර්ථයෙන්) ලෝකයන් වූ ජාතික හෙළ උරුමයේ නායකයෝ ප්‍රභාකරන්ට විරුද්ධව මාවිල්ආරුවෙන් යුද්ධය ආරම්භ කළේ තමන් යැයි රටට ඒත්තු ගැන්වීමට උත්සාහ කරති. එහෙත් මෙරට බයියෝ ප්‍රභාකරන් පැරදවිය හැකි බවත් පැරදවිය යුතු බවත් හැත්තෑගණන්වල සිට ම දැන සිටියහ. අනෙක් අතට ආරක්‍ෂක ලේකම්තුමා ඊනියා යුද්ධය සඳහා සූදානම් වී ඇත්තේ  2005 සිට ය. මහින්ද රාජපක්‍ෂ මහතා බයියන්ගේ නායකයා පමණක් නොව ජනාධිපතිවරණයේ දී බයියන්ගේ අපේක්‍ෂකයා ද වෙයි. 

එහෙත් ලෝකයන් ගැන කිව හැක්කේ කුමක් ද? ඔවුන්ගේ නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග ය. නියෝජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ ය. ඔවුහු දෙදෙනාම බටහිරයන්ගේ විශේෂයෙන් ම ඉංගිරිසින්ගේ නියෝජිතයන් වූ ලෝකයෝ වෙති. එහෙත් ලෝකයන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජනාධිපතිධුරය සඳහා බයියකු වූ (සිංගිරිසි අර්ථයෙන්) මෛත්‍රිපාල සිරිසේන ය. ලෝකයන් අතර සිටින දුර්වල ම හා නිවට ම අයකු  වූ මෛත්‍රිපාල බටහිරයන්ගේ (ලෝකයන්ගේ) අපේක්‍ෂකයා වී ඇත්තේ චන්ද්‍රිකාට හා බටහිරයන්ට රිසිසේ ඔහු නැටවිය හැකි බැවිනි. ලෝකයන්ට ද සිහින දැකීමට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. මේ සිතල දුරුත්තේ සිහින පෙනීම අරුමයක් නො වේ. ලෝකයන්ගේ  සිහින ආණ්ඩුවේ පඹ ජනාධිපති මෛත්‍රිපාල ය. සැබෑ ජනාධිපති චන්ද්‍රිකා ය. අගමැති රනිල් ය. චම්පිකට ව්‍යවස්ථාවේ නැති වුවත් ඊනියා නියෝජ්‍ය අගමැතිකම ලැබෙනු ඇත. 

අද ලෝකයන්ට අවශ්‍ය කරනුයේ දෙමළ ජාතිවාදයට රට පාවාදුමට ය. මෛත්‍රිපාලගේ ජනාධිපති රචනයෙහි රටේ ආරක්‍ෂාව ගැන නො කියැවෙයි. එහෙත් ඒ වෙනුවට රණවිරුවන්ට එරෙහි ඊනියා යුද්ධාපරාධ ගැන දේශීය යුද්ධාධිකරණයක් පැවැත්වීමට යෝජනා කර ඇත. එය පැහැදිලිව ම බටහිරයන්ගේ අවශ්‍යතාව අනුව කෙරෙන්නකි. එහි දී රණවිරුවන් පමණක් නොව ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා ද වරදකරුවන් කරනු ඇත. ඉන් පසු ඔවුන් බටහිරයන්ට පාවා දෙනු ඇත. මෛත්‍රිපාල හින්දු පුවත්පතට කර ඇති ප්‍රකාශවලින් කියැවෙන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන බව ය.  එහෙත් ඒ සියල්ල සිදුවන්නේ සිහින ලෝකයෙහි ය. මෛත්‍රිපාලගේ රචනයට බටහිරයන්ගෙන් ඒ ශ්‍රේණියක් ලැබෙනු ඇත. අද ලෝකයන්ට අවශ්‍ය අවුරුදු දෙකකට නැවතත් 2002 –- 2004 තිබු ආණ්ඩුවක් පිහිටුවීම ය. ඊනියා සටන් විරාම ගිවිසුම ඇතිවූයේ ඒ ආණ්ඩු කාලයෙහි ය. එයට අත්සන් කළේ රනිල් වුවත් චන්ද්‍රිකා ද වගකිව යුතු ය. චන්ද්‍රිකාට ව්‍යවස්ථාවේ 33 (ඊ) වගන්තිය යටතේ අවශ්‍ය නම් ගිවිසුම අවලංගු කිරීමට තිබිණි. එහෙත් ඇය එසේ නො කළා ය. රනිල් හා චන්ද්‍රිකා අතර මතභේද තිබිණ ද, බටහිරයන්ට සේවය කරන ලෝකයන් ලෙස ඔවුහු එකාවන් ව ක්‍රියාකරති. සිහින ආණ්ඩුවේ අපේක්‍ෂාව දහතුනට එහා ගොස් බටහිරයන්ට අවශ්‍ය පරිදි් විසිරුණු දෙමළ ජනයා, එ ජාප, දෙමළ ජාතික සංධානය, චන්ද්‍රිකා, මෛත්‍රිපාල, ජාතික හෙළ උරුමය ජ වි පෙ ආදී පක්‍ෂ හා පුද්ගලයන් යොදාගෙන දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. නැවතත් දෙමළ ත්‍රස්තවාදය ඇතිකර රට ලේ විලක් බවට පත්කිරීම ය. ඔවුන් අද ඊනියා යහපාලනයක් ගැන කතාකරන්නේ එක් පැත්තකින් ඔවුන්ගේ වහපාලන හා ගහපාලන අතීතය අමතක කරමින් රටේ සැබෑ ප්‍රශ්නය වූ නිදහස පිළිබඳ ප්‍රශ්නය යට ගැසීමට ය. අනෙක පැත්තෙන් මහින්්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපතියකු ලෙස ලොවට හඳුන්වා ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු අමරිකාවේ ශක්තිමත් නායකයන්ට අත්කර දෙන ඉරණම ඒ මහතාට ද අත්කර දීමට බටහිරයන්ට අවශ්‍ය වෙයි. 

අද දෙමළ හා මුස්ලිම් ජනයා අතර ද දේශප්‍රේමීහු වෙති. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයට හා දෙමළ ජාතික සංධානයට පැහැදිලි තීරණයක් ගැනීමට තවමත් නොහැකි  වී ඇත්තෙ එබැවිනි. බටහිරයන්ට අවශ්‍ය එහි නායකයන් මෛත්‍රිපාලට පුර්ණ සහයෝගය දෙනු දැකීමට ය. බටහිරයෝ එහි නායකයන් එක මතයකට ගෙන ඒමට සියළු වෙර දරති. මෑත දී අමෙරිකන් තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී සන්දීප් ක්‍රොස් වන්නියේ සංචාරය කළේ ඒ සමගිය ඇති කිරීමට ය. අද සිංහල බයියන් සමග දෙමළ හා මුස්ලිම් බයියන් ද එකතු වී ලෝකයන් පැරදවීම සිකුරු නමුත් එයට වඩා ඔබ්බට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාට 65%ක ඡන්දයක් ලබා දිය යුත්තේ බටහිරයන්ගේ නොනගත අරාබි වසන්ත ආදී සියළු සැලසුම් පරාජය කිරීමට ය.     



නලින් ද සිල්වා

2014-12-28

Wednesday, 24 December 2014

අමරතුංග මහතා විවාදයෙන් පැන යැම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි යන මැයෙන් කරගෙන ආ විවාදයෙන් පැන ගොස්‌ ඇත. ඒ මහතා පසුගිය දෙසැම්බර් 17 වැනි දා ලිපියෙන් ඒ බව පැහැදිලි ව ම කියයි. "විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසූ ආචාර්ය නලින් ද සිල්වා මහතාට ඒ බව ඔප්පු කරන්නට බැරි බව මම පෙන්වා දුන්නෙමි. තව ද සාපේක්‍ෂතාවාදය පිළිබඳව පවා මූලික අවබෝධයක්‌ ඔහුට නැති බව ද පෙන්වා දුන්නෙමි. කරගන්නට දෙයක්‌ නො තිබුණු ඔහු අවසානයේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට තැත් කළේ බුදුදහමේ එන ද්වියතානුqපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. ඔහු එතැනට තල්ලු කිරීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටකි. ඒ, ඔහු වැනි බහුභූතවාදීන් ගෙන් විද්‍යාව බේරාගත යුතු නිසා ය. ඒ කාර්යය සිදු කිරීමෙන් පසු මම විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යන මාතෘකාව අළලා ලිපි ලිවීම නතර කළෙමි. එහෙත් ඔහු කටු අත්තක්‌ මෙන් එල්ලීගෙන මට අපහාස කිරීමේ කාර්යයේ යෙදී සිටින බව පෙනේ. මට කියන්නට ඇත්තේ පැරදීම භාරගෙන වෛරය අඩු කරගෙන වෙන අතක්‌ බලාගන්නට කියා ය. ඔහු ගැන වද නො වී මා ලියන්නට අදහස්‌ කළ ලිපි පෙළ ලියන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලය එසේ කිරීමට මට ආරාධනා කළ නිසා ය. ඔහුට පිළිතුරු සැපයීම නිශ්ඵල කාර්යයක්‌ වන්නේ නැවතත් බුදු දහම විකෘති කොට භාවිත කරන්නට අවසානයේ ඔහු පෙලඹෙන බැවිනි."

ඔහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන මැයෙන් ලිපි ලිවීම නතර කළ බව පවසයි. එයට හේතුව ලෙස ඔහු දක්‌වන්නේ මට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කිරීමට නොහැකි වූ බවත් මා බුදුදහම විකෘති කරන බවත් ය. එමෙන් ම මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා කියන්නේ බුදුදහම මත පදනම් වෙමිනි. ඒ බුදුදහම විකෘති කිරීමක්‌ නො වේ. මා උපුටා දැක්‌වූ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව පෘථග්ජනයන්ගේ සියලු සංකල්ප අසත්‍ය වෙයි. සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නම් බටහිර විද්‍යාඥයන් ද ඇතුළු සියලු පෘථග්ජනයන් නිර්මාණය කරන සංකල්ප බොරු ය. 

ලංකාවේ එකදු බටහිර විද්‍යාඥයකු වත් නැත. මෙහි ජීවත් වන හා පිටරට ජීවත් වන සියලු ලාංකික විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පී. එච්. ඩී, ඩී. එස්‌. සී උපාධිධාරීන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සේවාර්ජිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඒ එක්‌ අයකු වත් බටහිර විද්‍යාවට නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කර නැත. වැඩි ම වුව හොත් ඔවුන් කර ඇත්තේ බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාදයක්‌ සංශෝධනය කිරීම ය. එහෙත් එසේ කර ඇති අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය. අති මහත් පිරිස කරන්නේ බටහිර විද්‍යාවේ ඇති දැනුම (ප්‍රවාද සංකල්ප ආදිය) යොදාගෙන පරිධියේ ඇති ඉතා ම සුළු ප්‍රශ්නයක්‌ විසඳීම ය. 

මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. ඒ බව ඔහු කියන්නේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ඔහු ගේ නොදැනුම පදනම් කරගනිමිනි. ආතානකයක්‌ (tensor) යනු කුමක්‌ දැයි නො දන්නා අමරතුංග මහතා ඉදිරියේ ආතානක සමීකරණ ලිවීම කාලය නාස්‌ති කිරීමකි. එහෙත් අනෙක්‌ පාඨකයන් ගේ දැනගැනීම සඳහා පැවසිය යුත්තේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දැක්‌වෙන මූලික ආතානක සමීකරණ අප විසින් සංශෝධනය කෙරී ඇති බවත් එහි ඇති ඛ යන සංකේතයෙන් නිරූපණය වන විශ්වවේදී නියත පදය යනුවෙන් හැඳින්වෙන පදය සමීකරණයේ අනෙක්‌ පැත්තට ගෙන ගොස්‌ එය විචල්‍යයක්‌ ලෙස සලකා එම පදයෙන් කියෑවෙන්නට නවතම අර්ථකථනයක්‌ දෙනු ලැබ ඇති බවත් ය. 

අප අර්ථකථනය අනුව එකී පදයෙන් නිරූපණය වනුයේ අවකාශ-කාලයේ ශක්‌තිය ය. ඒ ශක්‌තිය බටහිර විද්‍යාවේ අනෙක්‌ ශක්‌තීන් බවට පරිවර්තනය කළ හැකි ය. එමෙන් ම අනෙක්‌ ශක්‌තීන් අවකාශ-කාල ශක්‌තියට පරිවර්තනය කළ හැකි ය. මා ගේ ශිෂ්‍යයෙක්‌ ඒ සංශෝධිත සමීකරණය යොදාගනිමින් හා නව අර්ථකථනය පදනම් කරගනිමින් ඊනියා මහ පිපුරුම වෙනුවට සංවට්‌ට කප්ප විවට්‌ට කප්ප සංකල්පවලට අනුරූපව විශ්වය පිළිබඳ නව ආකෘතියක්‌ ගොඩනැගුවේ ය. ඒ සඳහා ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (M.Phil.) උපාධියක්‌ පිරිනැමිණි. ඒ නිබන්ධනය පිළිබඳ පරීක්‍ෂකවරුන් වූයේ දන්ත වෛද්‍ය මහාචාර්යවරුන් නො ව භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් ය. ඔවුහු ආචාර්ය උපාධි සඳහා සාධාරණ සාපේක්‍ෂතාවාදය හැදෑරුවෝ වෙති. ඔවුහු අපේ අර්ථකථනයට අභියෝග නො කළ හ. ඔවුහු මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ දැනුමක්‌ නැතැයි නො කීවෝ ය. කැලණිය විශ්වවිද්‍යාලය විසින් පරීක්‍ෂකවරුන් ලෙස බටහිර විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා ඇති දන්ත විද්‍යා මහාචාර්යවරුන් පත් කළේ නම් ඒ ශිෂ්‍යයාට දර්ශනපති උපාධියක්‌ හිමි නො වනු ඇත. කැලණිය විශ්වවිද්‍යාලය පරීක්‌ෂකවරුන් පත් කිරීමේ දී දන්ත විද්‍යා මහාචාර්යවරුන් නො සලකා හැරීමෙන් වරදක්‌ කර ඇත් ද? 

මා ඉහත සඳහන් කරුණ ප්‍රකාශ කළේ මා බටහිර විද්‍යාවේ වැදගත් දැනුමක්‌ සංශෝධනය කර ඇති බවට පුරසාරම් දෙඩීමට නො වේ. එහි පුරසාරම් දෙඩීමට තරම් දෙයක්‌ නැත. මගේ ශිෂ්‍යයා ඒ මත පදනම් වී නිබන්ධනයක්‌ ඉදිරිපත් කළ ද ඒ පට්‌ටපල් බොරුවකි. පට්‌ටපල් බොරු නිර්මාණය කර ඇති බව කීම පුරසාරමක්‌ වන්නේ කෙසේ ද? මා ඒ බව සඳහන් කළේ මා සාපේක්‌ෂතාවාදය නො දන්නා බවට අමරතුංග නම් දන්ත විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරයා කරන ඊනියා කරුණු ඉදිරිපත් කිරීමට පිළිතුරු ලෙස ය. සාපේක්‌ෂතාවාදයේ නො ව දන්ත විද්‍යාවේ වත් අමරතුංග මහතා නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කළ බවක්‌ හෝ ප්‍රවාදයක්‌ සංශෝධනය කළ බවක්‌ හෝ දැනගැනීමට නැත. 

ගුරුත්වාකර්ෂණය සාධාරණ සාපේක්‌ෂතාවාදයෙන් ප්‍රතික්‍ෂේප වන්නේ කෙසේ දැයි අයින්ස්‌ටයින් විසින් ම පැහැදිලි කෙරී ඇත. ඒ බව මම දි අයිලන්ඩ් පත්‍රයෙන් කියා ඇත්තෙමි. අමරතුංග මහතා ඒ පුවත්පත කියවන බව මම දනිමි. එහෙත් ඔහු එය ප්‍රතික්‌ෂේප නො කළේ ය. මා ඒ පිළිබඳ අයින්ස්‌ටයින් ගේ රොකට්‌ටු චිත්ත පරීක්‌ෂණය මහනුවර දී පවත්වන ලද අදාළ සම්මන්ත්‍රණ දෙකක දී පැහැදිලි කර ඇත. ඒ කතා අන්තර්ජාලයේ ඇත. ඉන් එක්‌ කතාවක්‌ කළේ අමරතුංග මහතා විසින් මහත් ගෞරවයෙන් සලකනු ලබන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද සහභාගී වූ සම්මන්ත්‍රණයක දී ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් ඒ පරීක්‌ෂණය වහා ම විදුසර පත්‍රයෙන් ද ඉදිරිපත් කළ හැකි ය. ඒ නැතත් මේ විවාදයේ යම් අවස්‌ථාවක ඒ චිත්ත පරීක්‌ෂණය විස්‌තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. 

අමරතුංග මහතා මහනුවර දී පවත්වන ලද සම්මන්ත්‍රණවලට සහභාගි නො වී වාචික ව කෙරීමට තිබුණු විවාදයෙන් පලා ගියේ ය. දැන් ඔහු ලිත ව කෙරෙන විවාදයෙන් ද පැන ගොස්‌ ය. එහෙත් මම තවමත් ඒ විවාදයෙහි නිරත වෙමි. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන ලිපි පෙළක්‌ ලියයි. ඔහු එසේ කරන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලයේ ආරාධනයෙන් බව පවසයි. මට එය ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් ඔහු ලියන දේ බටහිර විද්‍යාව වෙනුවෙනි. බටහිර විද්‍යාවේ සත්‍යතාව ගැන අමරතුංග මහතාට යම් යම් ප්‍රශ්න ඇත්තේ ඔහු ගේ ප්‍රබුද්ධ ඥනයකට එය වැටහෙන නිසා නො ව, ඒ බව ඇතැම් බටහිර දාර්ශනිකයන් කියා ඇති බව ඔහු වැරැදියට වුවත් තේරුම් ගෙන ඇති පොතක (පොත්වල) සඳහන් බැවිනි. 

ඔහු සමග මගේ ඇති වෛරයක්‌ නැත. ඔහු සමග කටු අත්තක්‌ හෝ වෙනත් ආකාරයකට හෝ එල්ලීමට මට අවශ්‍ය නත. එහෙත් ඔහු බටහිර විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරන අන් අය ගේ මත අදහස්‌ විවේචනය කිරිම මේ විවාදයේ කොටසකි. ඔහුට අපහාස කිරීමට මට ඇති අවශ්‍යතාව කුමක්‌ ද? ඔහුට කෙරී ඇති අපහාසය කුමක්‌ ද? ඔහු බටහිර භෞතික විද්‍යාව හා බටහිර ගණිතය නො දන්නා බව පැවසීම ද? එය අපහාසයක්‌ වන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කරන්නේ ද? 

අපේ සියලු පෘථග්ජන සංකල්ප හා ප්‍රවාද බොරු ය. ඒ අතරෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි? අනෙක්‌ සියලු බොරු එක්‌කෝ මනස විසින් පමණක්‌ නැත්නම් පංචෙන්ද්‍රිය සමග එක්‌ වී මනස විසින් නිර්මාණය කෙරෙන දැ ය. ඒ සෘජු දැනුමකි. එහි ප්‍රවාද ඇත්නම් ඒ සංයුක්‌ත ප්‍රවාද ය. ඒ ප්‍රවාද ද පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. ඒවා මනස විසින් නිර්මාණය කෙරෙන්නේ හිතළු ලෙස ය. එහි ඇත්තේ අනුමිනිත (Guess) පමණකි. ඒ අනුමිනිත ඇතැම් විට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි. එහෙත් එපමණින් ඒ සත්‍ය නො වේ. 

අනුමිනිතවලින් ඉතා වැඩි සංඛ්‍යාවක්‌ ඉවත දැමෙයි. එහෙත් යම් සාර්ථකත්වයක්‌ පෙන්වන හිතළු ඊනියා ප්‍රවාද ලෙස 

රැකගනු ලැබෙයි. එහෙත් එය ද තාවකාලික ව ය. කල් යැමේ දී වෙනත් හිතළුවක්‌ පළමු හිතළුව වෙනුවට ආදේශ කෙරෙයි. එය ද කල් යැමේ දී ප්‍රතික්‌ෂේප වෙයි. හිතළු හෙවත් අනුමිනිත පට්‌ටපල් බොරු ය. එය සෘජු ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ නො වේ. ප්‍රත්‍යක්‌ෂ යන්නෙහි තේරුම සෘජු ව ම ආයතන හය (මනස ප්‍රධාන ව) විසින් නිර්මාණය කෙරෙන දැනුම ය. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම එලෙස සෘජු දැනුමක්‌ නො වේ. 

බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කෙරෙන්නේ වක්‍ර ව හිතළු මාර්ගයෙනි. අද අමරතුංග මහතා විසින් උපුටා දැක්‌වෙන බටහිර දාර්ශනිකයන්ට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ මේ හිතළු සාර්ථක වී ඇත්තේ කෙසේ ද යන්න ය. වෙනත් වචනවලින් කිව හොත් පට්‌ටපල් බොරු සාර්ථක වන්නේ කෙසේ ද යන්න ය. අපි අමරතුංග මහතා ගේ ලිපිවලින් උපුටා දක්‌වමින් මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු. දැනට කිව යුත්තේ මම ආදී බොරු සංකල්ප ද සාර්ථක ව ඇති බව ය. මම යනුවෙන් පුද්ගලයකු නොමැති බව අපි දනිමු. එය බොරුවකි. එහෙත් ඒ බොරුව සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. 

මෙහි දී සාර්ථක යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ ද යන්න ද පැහැදිලි කරගත යුතු ය. අමරතුංග මහතා ගේ බටහිර දාර්ශනිකයන් සාර්ථකත්වය පිළිබඳ කිසිවක්‌ කියා නැද්ද? අමරතුංග මහතා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු නො දී සිටීමට විශාල සම්භාවිතාවක්‌ ඇත. ඒ ඔහු විවාදයෙන් පැන ගොස්‌ ඇති බැවිනි.



නලින් ද සිල්වා

2014-12-24

Monday, 22 December 2014

Good governance is a non issue


he massive crowds that gather at the election meetings of Mr. Mahinda Rajapaksa clearly demonstrate that the so called good governance is not an issue at all at the forthcoming presidential elections. How many people think that Shirani Bandaranayake is still the Chief Justice of Sri Lanka? Except for herself and the good governance people in the opposition nobody would consider this lady as the Chief Justice of Sri Lanka. Then we have Maithripala Sirisena who considers himself as the secretary of the SLFP.

He probably does not remember many things and he should be allowed to believe that he is still the secretary of his former party that has suspended his membership. Recently he said that he would close down the Katunayake airport on the eighth midnight but later within twenty four hours said that he should be having a “mole amaruwa” (deranged mind) if he had said that he would close down the airport on the eighth midnight. It is left to the readers to decide on the state of mind of both the former Chief Justice and the former secretary of the SLFP.

A former vice chancellor of an old university goes on issuing statements as a member of a forum that has no mass base at all except among a small percentage of readers of English language newspapers, and who writes to the English language press on her own laments on lack of good governance forgetting how she went behind politicians and others to get her appointed as the Vice Chancellor of the University.

Presidential election

The council of a university recommends three persons to the post of vice chancellor and after that it is the President who appoints one of them as the Vice Chancellor. The canvassing that goes behind the scene is the same under all the Presidents we have had since the University Act No 16 of 1978 became the law of the country and the good governance luminaries have forgotten how they were appointed to the elite positions.

Some university lecturers have published a full page newspaper supplement under the title Forum of University Teachers without identifying themselves and giving the impression that the university lecturers as a whole support Maithripala Sirisena.

The cost of these advertisements is enormous and these good governance people should explain to the readers of newspapers whether it is “good governance” to mislead the people by giving the impression that the university lecturers as a whole want to defeat Mahinda Rajapaksa at the Presidential elections, and how these poorly paid academics according to FUTA could spend so much money on advertisements. It may be that some of these good governance academics have “big brains” compared to the “little brains” (podi mola karayo in the words of at least two of them) of people such as me who are none other than “nivatayas” and “thakkadiyas”. I as a “podi mola karaya” challenge these “big brain” academics for a debate on good governance either in Peradeniya or Colombo universities, which are not unfamiliar to me.

JHU leaders

Good governance as I have argued elsewhere is a Trojan horse that brings us the non national forces (vijathika balawega) to campaign against Mahinda Rajapaksa and undermine our sovereignty. If the “big brain” people were to say sovereignty is not a “national” concept I would say that I am happy with the word “nidahasa” which has been protected by the Sinhala people in their history of more than two thousand years. It is the nidahasa and not good governance that has become the dominant issue at the Presidential Elections, as people understand the issues by intuition, in spite of the pundits.

The “peratugami” (not a member of the “peratugami pakshaya” but the initiator) of the good governance movement Ven. Maduluwawe Sobhitha Thera is not heard of these days and I wonder whether it is good governance to ditch people after “employing” them to do a job of work. The Thera initiated the good governance movement most probably on the advice of “big brain” people and others who are against Mahinda Rajapaksa and defeating the LTTE. Most of the present day good governance people including the leaders of the JHU had been against the “war” at one time or the other and have been advocates of the so called peace movement.

In the early nineties the present day JHU leaders in their previous organisations put up posters against the war and told their followers that “jathiya is a malakandak” (nation is a dead body) that cannot be marketed. They have been oscillating between pseudo nationalism and federalism over the last twenty years or so and one should not be surprised that they are with Mangala Samaraweera, Chandrika Kumaratunga and Co., once again arguing for Tamil racism. They have only recently said that army camps in the Northern province should be removed.

It is the nidahasa of the country that differentiates Mahinda Rajapaksa from Maithripala Sirisena, which is the reason for good governance people get together to defeat the incumbent (and future) President. Mahinda Rajapaksa was able to give political leadership to defeat the LTTE without wavering and dancing according to the tune of the Western powers. On the other hand Ranil Wickremesinghe and Chandrika Kumaratunga signed a so called ceasefire agreement with Prabhakaran giving more than two thirds of the country to the terrorists and the Westerners.

Chandrika Kumaratunga cannot say that she was not responsible for the agreement as it was Ranil Wickremesinghe who signed the agreement on behalf of the government. According to article 33 (e) of the constitution only the President can declare war and peace, and if Chandrika Kumaratunga was against it she could have annulled it. However, she did not do so as she had to obey the High Commissioner for England, which is her second home for all purposes and she was thus against the nidahasa of the country. Further she was responsible for PTOMS, and the JHU leaders have gone back to their early nineties days to be with Chandrika Kumaratunga and Mangala Samaraweera.

It was Mahinda Rajapaksa who gave political leadership to defeat the LTTE, and won nidahasa to the people, in more than one sense, and the vast majority of people unlike the good governance minority have realised this. That is the reason for the ordinary people to rally round the President, wanting Mahinda Rajapaksa to complete the project of defeating Tamil racism operated through the dispersed Tamils, the TNA, the JHU by England led Western powers.

The next step in defeating Tamil racism is based on identifying England as our biggest enemy and getting ready for the economic sanctions that the West will apply after Mahinda Rajapaksa becomes the president for a third time, and also for the various Arab Springs that the West will organise through their “employees” in and outside Sri Lanka. The uncommon opposition that has no declared common policy should declare their policy towards Tamil racism.

Western countries

The JHU has already told the Tamil language press that the armed forces should be removed from the Northern province and the people are interested in finding out the contents of the pacts that Maithripala Sirisena has signed with various political parties and individuals. Maithripala Sirisena should specifically publish the contents of the pact with the TNA. The JHU now has agreed to go with the TNA as demonstrated by their demand to remove army camps, and all these pacts are detrimental to the nidahasa of the country and people are more concerned with the nidahasa than with so called good governance.

It is clear that the non national forces want “good governance” to be the theme at the Presidential elections only to undermine the real problem, which is none other than protecting the nidahasa of the country by defeating Tamil racism maintained by England and other Western countries. The people understand this by intuition and their verdict on January 8th would be to protect nidahasa through the leadership of Mahinda Rajapaksa. 


Nalin De Silva

22-12-2014

Sunday, 21 December 2014

යහපාලනයෙන් යටපත් කරන නිදහස


අද යහපාලනයක් ගැන උද්ඝෝෂණය කරන්නන් නිදහස යටපත් කිරීමට උත්සාහ දරණ බව රහසක් නො වේ. ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ තේමාව වනුයේ නිදහස මිස ඊනියා යහපාලනයක් නො වේ. එහෙත් බටහිර රාජ්‍ය සංවිධාන (ඊනියා රාජ්‍ය නොවන සංවිධාන), ලොකු මොළකාර සරසවි ඇදුරන්, පඬියන්, දෙමළ ජාතික සංධානය, එ ජා ප, චන්ද්‍රිකා කුමාරතුංග, හෙළ උරුමයේ නායකයන් ආදීන් උත්සාහ කරන්නේ ඊනියා යහපාලනය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්කිරීම ය. මොවුහු සියල්ලෝ ම අවසාන විග්‍රහයෙහි දී එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබෙති. ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇලවූ ජාතිය මළකඳක් ඒක උස්සාගෙන යන්න බැහැ (අළෙවි කිරීමට බැහැ යන අරුතෙන්) ආදිය කියමින් අනූවේ දශකයේ චන්ද්‍රිකා කුමාරතුංග හා මංගල සමරවීර සමග එකතු වූ හෙළ උරුමයේ නායකයන් නැවතත් චන්ද්‍රිකාගේ හා මංගලගේ තුරුළට ගොස් ඇත. 

එසේ වුවත් ජනතාව ඉවෙන් අවබෝධ කරගෙන ඇත්තේ යහපාලනය නොව රටේ නිදහස ප්‍රධාන ප්‍රශ්නය බව ය. ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා වටා වැඩි වැඩියෙන් එක් රොක් වන්නේ මේ සත්‍යය අවබෝධ කරගනිමිනි. අප මේ යහපාලන කතාව සම්පුර්ණයෙන් පරාජය කළ යුතු ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මෙතෙක් පැවති ආණ්ඩුවලට වඩා අයහපත් පාලනයක් ගෙන ගොස් නැත. එ ජා පක්‍ෂයට එකල කීවේ උන්ගෙ නෑදෑයන්ගෙ පක්‍ෂය කියා ය. ඩී එස් සේනානායක මහතා තම මරණයෙන් පසුව ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකම පැවරිය යුතු බව අග්‍රාණ්ඩුකාර සෝලබරි සාමිට කියා තිබිණි. ජෝන් කොතලාවල මහතා එයට දැඩි ලෙස විරුද්ධ විය. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක් ම අල්ලස් දුෂණ කොමිසම හමුවේ වැරදිකරුවො වූහ. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඇතැමුනට අනුව තරමක ඒකාධිපතියෙක් විය. ජේ ආර් ජයවර්ධන ආර් ප්‍රේමදාස ආදීහු ප්‍රජාතන්ත්‍රවාදීහු නො වුහ.

රටේ නිදහස විජාතික බලවේගවල ආධිපත්‍යය ඉදිරියේ පාවාදීම පිළිබඳ ව මහින්ද රාජපක්‍ෂ මහතාට කලින් සිටි සියළු ජනාධිපතිවරු වැරදිකරුවෝ වෙති. පඬියන්, මහමොළ කාරයන් යහපාලනයක් ගැන කත ාකරන්නේ රටේ නිදහස අමතක කිරීමට  මිස වෙනත් කරුණකට නො වේ. අද මෛත්‍රිපාල සිරිසේන මහතා ලවා මොවුන් උත්සාහ කරන්නේ දෙමළ ජාතිවාදයට රට පාවා දී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර දංගෙඩියට යැවීමට ය. එහෙත් ජනතාව එයට ඉඩක් නොදෙන බව පැහැදිලි ය. 

මේ අතර ජ වි පෙ හා එ ජා ප මෙන් ම ජාතික හෙළ උරුමය ද ඊනියා අරාබි වසන්ත ගැන සිහින මවති. ජනවාරි 8 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ගුවන් තොටුපළ වසා දැමන බවට මෛත්‍රිපාල සිරිසසේන මහතා තර්ජනය කළේත් කැරුල්ලක් මෙහෙයවන බවට පුරසාරම් දොඩන්නේත් නිකම්ම නො වේ. පසුච ඒ මහතා කීවේ ගුවන්තොටුපළ වසා දමන බව කීමට තරම් තමාගේ මොළය නරක් වී නැති බව කීවේ ය. සිරිසේන මහතාගේ කියුම් ඇසුරෙන් නිගමනවලට පැමිණීම පාඨකයනට භාර ය. 

අද ජනතාවට ඇත්තේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වූ නිදහස නැවතත් දේශපාලන කරළියට ගෙන ඒම ය. ජනතාව ඉවෙන් දන්නා මේ කරුණ  වේදිකාවේ කතාකරන මාතෘකාව බවට පත්කිරීම ය. දෙමළ තුස්තවාදය පරාජය ලර ඇති නමුත් එංගලන්තය විසින් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලැබේ. එයට ඉහත කී දොශපාලන පක්‍ෂ මෙන් ම විසිරුණු දෙමළ ජනය ද යොදාගනු ලැබේ. අපට එංගලනතය ප්‍රමුඛ බටහර රටවල් පනවන ආර්ථික සම්බාධකවලට සූදානම් වීමට ඇත. විවිධ අරාබි වසන්ත ඔස්සේ මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට ගන්නා උත්සාහ පරාජය කිරීමට සිදු වී ඇත. එය අද දේශපාලන වේදිකාවේ කතා නොකෙරෙන්නෙ ඊනියා යහපාලන කතාවක් මගින් ඒ යටපත් කර ඇති බැවිනි. 

ජනතාවට වැදගත් වන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මිස දහහත්වැන්න හෝ දහඅටවැන්න හෝ නො වේ. පැහැදිලිව ම මෛත්‍රිපාල සිරසේන දෙමළ ජාතික සංධානය සමග ගිවිසුමකට එළඹී ඇත. රනි්ල් වික්‍රමසිංහ උතුරේ හමුදා කඳවුරු ඉවත්කළ යුතු යැයි උපවචාස කළේ ය. අද හෙළ උරුමයේ නායකයන් වීරකේසරී හා වෙනත් දෙමළ පුවත්පත්වලට කියා ඇත්තේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව ය.

මේ සියල්ල පිටුපස සිරිසෙන දෙමළ ජාතික සංධානය    සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම ඇත. මේ ගිවිසුම හෙළිදරවු කරන ලෙස ජනතාව සිරිසේනට බල කළ යුතු ය. ඊනියා යහපාලනය ගෑැන නොව දහතුන ගැන පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්තිය කුමක් දැයි හෙළිදරවු කළ යුතු ය. ඒ සඳහා බලකිරීම සංධාන රජයේ වගකීම වෙයි. එසේ නොමැතිව ඊනියා යහපාලනයට ජනාථිපතිවරණය කොටු කිරීම රටේ නිදහස නැතිකර ගැනීමකි.

1505 දී නැති වූ සිංහල බෞද්ධ අයීිිතිවාසිකම් තවමත් ආපසු ලැබී නැත. උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිදාධස්ථාන රුකීමට ඒ අවට දෙමළ බෞද්ධයන් නැති නම් සිංහල බෞද්ධයන් පදිංචි කළ යුතු ය. සිදාධස්ථාන රැකෙන්නේ සඃඟරුවන එහි වැඩවසන්නේ නම් පමණකි. උන්වහන්සේ රැක බ ලාගත හැක්කේ බෞද්ධ දායකයන්ට ය. බෞද්ධ සිදාධස්ධාන රැකගැනීමට ඒ උරුමය පවත්වාගෙන හෑමට බෞද්ධ දායකයන් සිදාධස්ථාන අවට පදිංචි කළ යුතු ය

ජනාධිපතිවරණය ඊනියා යහපාලනයට කොටුකර රටේ නිදහස පාවාදිය යුතු නො වේ. දේශපාලන කරළියේ මාතෘකාව බවට ජනතාව ඉවෙන් වටහාගෙන ඇති රටේ නිදහස පත්කර ගත යුතු ය.



නලින් ද සිල්වා

2014-12-21

Wednesday, 17 December 2014

අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ඌනිතවාදය ගැන ඔහු ගේ ඇති විශ්වාසය (එය විශ්වාසයක්‌ මිස අන් කිසිවක්‌ නො වේ) පාඨකයන් මත ද පැටවීමට උත්සාහ කරයි. එහෙත් එමගින් ඔහු තමා බෞද්ධයකු නො වන බව ද ලෝකයට හෙළිදරවු කරයි. අපි ඔහු ගේ ලිපියෙහි අදාළ ඡේදයක්‌ උපුටා දක්‌වමු. "කරුණු මෙසේ වුව ද සැම අවස්‌ථාවකට ම ඔබින එක්‌ පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීම විද්‍යා දාර්ශනිකයන් ගේ ප්‍රයත්නය වූයේ ය. මේ ගැන සොයාබැලීම සඳහා අවශ්‍ය නම් සමාජ විද්‍යාවෙන් වුව ද පටන්ගත හැකි ය. සමාජීය ක්‍රියාදාමයන් ඇති වන්නේ පුද්ගලයන් එකිනෙකා සම්බන්ධව ක්‍රියා කරන අන්දම මත පදනම් ව ය. පුද්ගලයන් ක්‍රියා කරන්නේ ඔවුන් ගේ මනෝ විඤ්ඤාණයේ පාලනයට යටත් ව ය. මනෝ විඤ්ඤාණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල ඇති වන රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූල ව ය. මේ රසායනික ප්‍රතික්‍රියා වනාහි පරමාණුවල ඇති වන සහ නැති වන බන්ධන මිස වෙන කිසිවක්‌ නො වේ. එම නිසා ඒ රසායනික ප්‍රතික්‍රියා ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාව (Micro Physics) ලෙස සැලකිය හැකි ය. මින් පැහැදිලි වන්නේ පුද්ගලයන් අතර ඇති වන සම්බන්ධතා පවා අවසානයේ භෞතික ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල අතිශයින් සංකීර්ණ වූ ක්‍රියාවලියක ඵලයක්‌ ලෙස සැලකිය හැකි බව ය. එම නිසා ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල ව්‍යqහයේ සත්‍ය ස්‌වභාවය සහ සංකීර්ණ වූ එම ක්‍රියාවලියේ ස්‌වභාවය පහදා දීම පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීමේ දී කළ යුතු දෙයක්‌ වන්නේ ය. සියල්ල සඳහා මතවාදයක්‌ (Theory of Everything) යන සංකල්පය ගොඩනැෙගන්නේ මේ අන්දමට ක්‌වොන්ටම්වාදය තන්තුවාදය වැනි මතවාද එකතු කොට සියල්ලට පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීමට යත්න දරයි."

තියරි ඔෆ් එව්රිතිං (Theory of Everything) යන්නට සංකල්ප ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන අමරතුංග මහතා සුපුරුදු ආකාරයට වැරැදියට සියල්ල සඳහා මතවාදයක්‌ යන්න යොදාගනියි. එය සියල්ලෙහි ප්‍රවාදය ලෙස නිවැරරැදි විය යුතු ය. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට හා බටහිර දාර්ශනිකයන්ට (බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද ඇතුළු ව) සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වෙයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එක්‌ ප්‍රවාදයක්‌ මගින් මුළු ලොව ම ඔවුන් ගේ බසින් කියන්නේ නම් තේරුම්ගැනීමට ය. අඩු ම තරමෙන් මුළු ලොව ම නොහැකි වුවත් යම් ක්‍ෂෙත්‍රයක්‌ සියල්ලෙහි ප්‍රවාදයකින් තේරුම් ගැනීම ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මුළු ලොව ම හෝ අඩු තරමෙන් ක්‍ෂෙත්‍රයක්‌ හෝ ප්‍රවාදයකට ඌනනය කිරීම ය. මෙය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් ගලා එන්නකි. 

එය බටහිර ගණිතයෙන් ගලා එන්නකි. 

පැරැණි ග්‍රීකයෝ ජ්‍යාමිතිය ස්‌වසිද්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) කිහිපයකට ඌනනය කළ හ. යුක්‌ලිඩ් ගේ නමින් ඇති ජ්‍යාමිතිය ස්‌වසිද්ධි කිහිපයකින් ඇරඹෙයි. ඒ ස්‌වසිද්ධි වෙනත් ස්‌වසිද්ධියකින් හෝ ස්‌වසිද්ධිවලින් හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ හැකි නො වේ. එහෙත් යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක්‌ සියලු ප්‍රතිඵල (ප්‍රමේය ද ඇතුළුව) ඒ ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ (Deduce) හැකි ය. ඒ නිගමන සියල්ල ගණිතමය අර්ථයකින් (භෞතික නො ව, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නො වී) සත්‍ය වෙයි. ඒ ප්‍රතිඵල ස්‌වසිද්ධි කිහිපයකට ඌනනය කළ හැකි යෑයි කියෑවෙන්නේ ප්‍රතිඵල සියල්ල ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය ඇසුරෙන් නිගමනය කළ හැකි බැවිනි. 

වත්මන් බටහිර ගණිතය ගොඩනැගී ඇත්තේ යුක්‌ලීඩීය ජ්‍යාමිතිය පූර්වාදර්ශය කර ගනිමිනි. සෛද්ධාන්තික භෞතික විද්‍යාව වර්ධනය වත් ම භෞතික විද්‍යාඥයන් අතර ද තම විද්‍යාවෙහි සියලු ප්‍රතිඵල එක්‌ ප්‍රවාදයකට හෝ ප්‍රවාද කිහිපයකට හෝ ඌනනය කළ හැකි ය යන අදහස ඇති විය. මැක්‌ස්‌වෙල් විද්යුතය හා චුම්බකත්වය තම ප්‍රවාදය (සමීකරණ කිහිපයකට) ඌනනය කළේ ය. අයින්ස්‌ටයින් පළමුව අවකාශය හා කාලය සම්බන්ධ ජ්‍යාමිතික (භෞතික) ප්‍රතිඵල උපකල්පන දෙකකටත් පසුව නිදැල්ලේ වැටෙන වස්‌තුවල චරිතය තම සාධාරණ සාපේක්‍ෂතාවාදයටත් ඌනනය කළේ ය. ඔහුට විද්යුත් චුම්බකවාදය ද තම සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග බද්ධ කර එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අවශ්‍යතාව විය. එහෙත් ඔහු මිය යන තෙක්‌ ම ඔහුට ඒ කාර්යය ඉටු කරගැනීමට නොහැකි විය. එසේ වුවත් ඇතැම් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ සියල්ල එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අදහස අත් නො හැරිය හ.

අමරතුංග මහතා ද එවැනි අදහසක පිහිටා ඇති බව පෙනී යයි. එහෙත් එයින් කියෑවෙන්නේ ඔහුට සියල්ලෙහි ප්‍රවාදය ගොඩනගාගත හැකි බව නො වේ. සියල්ලෙහි ප්‍රවාදය තබා කිසි ම ප්‍රවාදයක්‌ ගොඩනගාගැනීමට ලංකාවේ ඊනියා විද්‍යාඥයන්ට හැකියාවක්‌ නැත. ඔවුන්ට නව දැනුමක්‌ සම්ම ජාතියේ නිර්මාණය කළ නො හැකි ය. වැඩි ම වුව හොත් ඔවුන්ට කළ හැක්‌කේ තිබෙන දැනුම උපයෝගී කරගනිමින් තම ක්‍ෂේත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටලුවක්‌ විසඳීම පමණකි. එහෙත් ඔවුහු ජනතාව ඉදිරියේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටින්නේ සමාජ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. 

අමරතුංග මහතා බොහෝ දේ අවබෝධ කරගෙන නොමැති බව ඔහු ගේ ඉහත සඳහන් ලිපියෙහි පහත සඳහන් ඡේදයෙන් ද කියෑවෙයි. "මීට පෙර විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ද වර්ෂ 1905 සිට 1915 දක්‌වා කාලය තුළ මෙවැනි ම වූ ප්‍රයත්නයක නිරත ව සිටියේ ය. තමා ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය (Theory of Special Relativity) සහ විද්වත් අයිසෙක්‌ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය සහ එවැනි අනෙකුත් මතවාද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම ඔහු ගේ අදහස විය. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය බිහි වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඊට පසු විද්වත් නීල්ස්‌ බොහොර් විසින් ක්‌වොන්ටම්වාදය ඉදිරිපත් කරන ලදී. විද්වත් අයින්ස්‌ටයින් මුල දී ඊට විරුද්ධ විය. පසුව සාපේක්‌ෂතාවාදය සහ ක්‌වොන්ටම්වාදය එකතු කිරීමේ ප්‍රයත්නයක්‌ ද විය." 

අප බොහෝ විට කියා ඇති පරිදි අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය යනු විශේෂ සාපේක්‌ෂතාවාදය හා නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එකතු කර එක්‌ පොදු ප්‍රවාදයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ නො වේ. එහි දී සිදු වූයේ ගුරුත්වාකර්ෂණය යනුවෙන් බලයක්‌ නොමැති බවත් නිදැල්ලේ වැටෙන (චලනය වන) වස්‌තුවල චලිතය ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිසා නො ව අවකාශ කාලයේ වක්‍රතාව නිසා වන බව පෙන්වා දීමත් ය. නිදැල්ලේ වැටෙන වස්‌තු යන්නට පැහැදිලි අර්ථකථනයක්‌ ලැබුණේ සාධාරණ සාපේක්‌ෂතාවාදය හේතු කොටගෙන ය. නිදැල්ලේ යන්නෙහි කිසි ම බලයක්‌ නොමැති ව යන අර්ථය වෙයි. එහෙත් නිවුටන්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු ගුරුත්වාකර්ෂණ බලයක්‌ යටතෙහි චලිත වෙයි. අයින්ස්‌ටයින්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු මත ක්‍රියා කරන බලයක්‌ නැත. ඒ වස්‌තු එසේ නිදැල්ලේ චලනය වන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. නිදැල්ලේ චලනය වන වස්‌තු සම්බන්ධයෙන් නිදැල්ලේ යන වචනයට යුක්‌තිය ඉටු කළේ අයින්ස්‌ටයින් ය. අමරතුංග මහතාට නිදැල්ලේ චලනය වන වස්‌තු නැත. ඔහු ගේ ඊනියා නිදැල්ලේ චලනය වන වස්‌තු ගුරුත්වය යටතේ චලනය වෙයි. 

නීල්ස්‌ බෝර් ගේ ක්‌වොන්ටම් භෞතිකය ගැන අමරතුංග මහතා දොඩවන්නේ සන්තතික හා අසන්තතික චලිත පිළිබඳ අවබෝධයක්‌ නැති ව බව පැහැදිලි ය. අයින්ස්‌ටයින් ක්‌වොන්ටම් භෞතිකයට මුල දී පමණක්‌ නො ව පසු වත් විරුද්ධ විය. ඔහුට කිසි දිනෙක ක්‌වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‌ෂතාවාදය එකතු කිරීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. වෙනත් භෞතික විද්‍යාඥයන්ට ඒ අවශ්‍යතාව තිබිණි ද අද වන තුරු ඒ බද්ධ කිරීමට කිසිවකුට හැකි වී නැත. අමරතුංග මහතා තමා ලියන දේ පිළිබඳ ව නිරවුල් අදහසක්‌ ඇති කරගත යුතු ය. 

අමරතුංග මහතාට අනුව පුද්ගලයන් ගේ සමාජයීය ක්‍රියාකාරකම් හෙවත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති වන්නේ මනෝ විඤ්ඥාණය හේතු කොටගෙන ය. මනස මෙහි දී ප්‍රධාන වෙයි. එය බුදුදහමට එකග ය. බුදුදහමට අනුව අන්තර් පුද්ගල ක්‍රියාකාරකම් පමණක්‌ පුද්ගලයකු ගේ අභ්‍යන්තර ක්‍රියාකාරම් ද මනස ප්‍රධාන කොට ඇති වෙයි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ මනස යනු කුමක්‌ දැයි බටහිර විද්‍යාවට අනුව තේරුම් ගැනීමේ දී ය. අමරතුංග මහතාට අනුව, එනම් ඔහු අනුගමනය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව, ඊනියා මනෝ විඤ්ඥාණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූලව ය. එනම් අමරතුංග මහතා ගේ බටහිර විද්‍යාඥයන්ට අනුව මනස මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියාවලට ඌනනය වෙයි. එවිට කර්මය පෑළ දොරෙන් පැන යයි. මනස සියල්ලට ප්‍රධාන නො වෙයි. පුද්ගලයකු යනු මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියා ය. 

අමරතුංග මහතා ගුරු කොටගන්නා බටහිර විද්‍යාඥයෝ එතැනින් නො නවතිති. ඔවුන්ට අනුව මේ රසායනික ප්‍රතික්‍රියා යනු පරමාණුවල ඇති වන හා නැති වන බන්ධනය ය. අමරතුංග මහතාට අනුව මෙයින් පැහැදිලි වන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා යනු ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවක ප්‍රතිඵල ය. මෙයින් කියෑවෙන්නේ සම්මුති වශයෙන් වුවත් පුද්ගලයකු නැති බව ය. අප කරන කියන දේ පිළිබඳ ව අප වග කිව යුතු නො වේ. ඒ සියල්ලට වගකිව යුතු වන්නේ ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාව ය. එසේත් නැත්නම් එහි ප්‍රවාද ය. 

කලකට පෙර බටහිර විද්‍යාඥයකු වූ ඊ. ඕ. විල්සන් නමැත්තා බටහිර සමාජ විද්‍යාව බටහිර ජීව විද්‍යාවට ඌනනය කිරීමට තැන් කළේ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට පවා එය දිරවාගත නොහැකි විය. ඇතැමුන්ට අනුව බටහිර ජීව විද්‍යාව බටහිර රසායනික විද්‍යාවට ද බටහිර රසායනික විද්‍යාව බටහිර භෞතික විද්‍යාවට ද ඌනනය කළ හැකි ය. අද අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ පුද්ගලයා යන්න පරමාණුවලට ඌනනය කළ හැකි ය යන්න විශ්වාස කරමින් එය ප්‍රචලිත කිරීමට උත්සාහ ගනියි. ඒ අතින් ගත් කල ඔහු සුපිරි අනාත්මවාදියෙකි. ඔහු ආත්මයක්‌ නැතැයි පෙන්වීමට උත්සාහ කරයි. ඔහුට අනාත්මවාදීන් අතර අග්‍රස්‌ථානය ලබා දිය යුතු යෑයි සිතමි. ඔහුට තරගයක්‌ දිය හැක්‌කේ බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ මනස මොළයට ඌනනය කිරීමට කතා කරන කාලෝ ෆොන්සේකා මහතාට ය. 

එහෙත් මේ සුපිරි අනාත්මවාදීහු බුදුදහමට විරුද්ධ වෙති. ඔවුන් බුදුදහමට පක්‍ෂව කතා කරනවා විය හැකි ය. එහෙත් ඔවුහු බෞද්ධයෝ නො වෙති. බෞද්ධයෝ කර්මය ගැන විශ්වාස කරති. සම්මුති වශයෙන් පුද්ගලයකු ඇතැයි සිතති. පුද්ගලයා එවැනි ම සම්මුතියක්‌ වූ පරමාණුවට ඌනනය කළ හැකි යෑයි විශ්වාස නො කරති. තමන් කරන කියන දේට බෞද්ධයෝ පරමාණුවලට වගකීම නො පවරති. 

මේ සුපිරි අනාත්මවාදීන් නො දන්නා කරුණක්‌ වෙයි. එනම් ගර්ඩ්ල් ප්‍රමේයයෙන් ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වී ගොස්‌ ඇති බව ය. ගර්ඩ්ල් ප්‍රමේයට අනුව අංක ගණිතය ඇතුළත් පද්ධතියක ඒ පද්ධතියෙහි සත්‍ය වූ එහෙත් පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් නිගමනය කළ නොහැකි ප්‍රකාශන ඇත. ඒ අනුව එවැනි පද්ධතියක්‌ පද්ධතියෙහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නො හැකි ය. අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය එතැනින් කෙළවර වෙයි.


නලින් ද සිල්වා

2014-12-17

මෙය ආරම්භය හෝ අවසානය හෝ නොවේ


බොහෝ දෙනා සැලකිල්ලට නොගත්ත ද 2015 ජනධිපතිවරණය පැවැත්වෙන්නේ ශී‍්‍රලනි පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා උපන් දිනයෙහි ය. එමෙන් ම ජනවාරි 08 වැනි දා එජාප ආණ්ඩුව විසින් දඹරාවේ රතනසාර හිමියන් අපවත් කළ දිනය ද වෙයි.

උන්වහන්සේ අපවත් වූයේ සිංහල විරෝධී එජාප ආණ්ඩුවේ (සෑම එජාප ආණ්ඩුවක්ම සිංහල විරෝධී වෙයි. එසේ වන්නේ එජාප මූලික වශයෙන් එංගලන්තය ප‍්‍රමුඛ බටහිර රටවල විජාතික බලවේගවල ප‍්‍රධාන නියෝජිතයා වන බැවිනි.) දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 1968 දී උද්ඝෝෂණ පෙළපාළියකට සහභාගි වන අතර වෙඩි පහරට ගොදුරු වීමෙනි. 

ඒ එජා පක්ෂයේ සිංහල විරෝධී ප‍්‍රතිපත්තියට මෙන්ම ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා යහපාලනයට උදාහරණයකි. එජාප ආණ්ඩුවල වෙඩි පහරින් මිය ගිය හා මිය යන දේශපේ‍්‍රමීන් ගැන ඊනියා මානවහිතවාදීන්ගේ හද කම්පා නොවන්නේ ඔවුන් ද සිංහල විරෝධීන් වන බැවිනි.

මෙවර පැවැත්තෙන ජනාධිපතිවරණය ද පසුගිය වතාවල මෙන්ම ජාතික හා විජාතික බලවේග අතර කෙරෙන සටනකි. ජාතික හා විජාතික බලවේග අතර සටන පෘතුගි‍්‍රසීන් පැමිණි දිනයේ සිට ම පැවැත්වෙයි. එදා ද විජාතිකයන්ගේ පැත්ත ගත් සිංහලයෝ සිටියහ. 


රනිල් වික‍්‍රමසිංහට 2005(6) දී පෘතුගී‍්‍රසින් පැමිණීමේ පන්සිය වසර සැමරීමේ දොළදුකක් උපන්නේ ඔහුගේ විජාතිකත්වය පිළිබිඹු කරමිනි. ගියවර ජනාධිපතිවරණයෙහි දී විජාතික බලවේගවල නියෝජිතයා වූයේ සුදු කොඩි කතාවේ සරත් ෆොන්සේකා ය. නන්දිකඩාල් සටනෙන් පසුව ඇමෙරිකාවට ගිය ඔහු ආපසු පැමිණියේ වෙනස් පුද්ගලයකු ලෙස ය. ඔහුට විරුද්ධව යුද්ධාපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකන් උසාවියක පවරා තිබූ නඩුවක් අස්කර ගැණුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් එහි වගඋත්තරකරුවකු ලෙස තබා ගනිමිනි. 


ෆොන්සේකා සුදු කොඩි කතාව ඔස්සේ රාජපක්ෂ මහතාට එරෙහිව ඇසින් නොදුටු සාක්කියක් ගෙතුවේ ය. ඔහු එක් රැුයකින් වීරයෙක් විය. ඔහු ඊනියා පොදු අපේක්ෂකයා විය. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඔහු පුම්බා නැති රැල්ලක් මැව්වේ ය. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරන තෙක් ජයග‍්‍රහණය කර තිබුණේ සරත් ෆොන්සේකා ය. එහෙත් ඔහු ඡන්ද දහඅට ලක්ෂයකින් පරාජයට පත්විය.


අද මෛතී‍්‍රපාල සිරිසේන විජාතික බලවේගවල අපේක්ෂකයා වෙයි. ඔහු කාගේ පොදු අපේක්ෂකයා ද යන ප‍්‍රශ්නය යමකුට ඇත්නම් එයට පිළිතුර ඔහු එංගලන්තය ප‍්‍රමුඛ පොදු විජාතික බලවේගවල අපේක්ෂකයා බව ය. දේශීය වශයෙන් පොදු විපක්ෂයක් නැති තැන විපක්ෂයේ දේශීය පොදු අපේක්ෂකයෙක් නැත. එහෙත් මේ නොපොදු විපක්ෂයේ පොදු බව ලැබෙන්නේ ඔවුන්ගේ සිංහල විරෝධී පොදු බව මගිනි. ඒ පොදු බව ඇති කරන්නේ එංගලන්තය හා ඇමෙරිකාව ය. මෙරට සිංහල විරෝධී දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් එය පවත්වාගෙන ගියේ හා යන්නේ ඉංගිරිසින් බවත් අපි අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ කියා ඇත්තෙමු.

එහෙත් තවමත් බහුතර සිංහලයන් එය වටහාගෙන ඇති බවක් නොපෙනෙයි. අද වන විට ඇමෙරිකාව එංගලන්තය සමඟ එක් වී ඇති අතර පසුගිය දශක කිහිපයෙහි මේ රටවල් දෙක කැනඩාව, ස්වීඩනය හා නෝර්වේ වැනි රටවල් සිංහලයන්ට විරුද්ධව යොදා ගත්තේ ය. මෛතී‍්‍රපාල සිරිසේන දෙමළ ජාතිවාදය. විසිරුණු දෙමළ ජනයා පරාජය කිරීම, දහතුන් වැනි සංශෝධනය, පොලිස් හා ඉඩම් බලතල, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම ආදිය ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමු.

ජාතික හෙළ උරුමය මෛතී‍්‍රපාල සිරිසේනට සහාය දීම හේතුවෙන් ඔහුගේ විජාතිකත්වය අඩු නොවේ. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන්ට කෙසේ වෙතත් එහි නායකයන්ට කිසි දිනෙක ජාතිකත්වයක් නොතිබිණි. පාසල් වියේ ජවිපෙ ආධාරකරුවන් වූ ඔවුහු ඉතා කෙටි කලක් චින්තන පර්ෂදයට සම්බන්ධ වු සිටියහ. එහෙත් ඔවුහු නොබෝ කලකින් ජාතිය මළකඳක් යැයි කියමින් මංගල සමරවීර සමග රටවැසි පෙරමුණ ගොඩ නගා ගත්තෝ ය. ඔවුහු එකල යුද්ධයට විරුද්ධව ඊනියා සාමය වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් නැවතත් ඔවුන් ජාතික දේශපාලනයට පැමිණියේ ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි යන පදනමෙන් මිස ජාතිකවාදීන් ලෙස නොවේ. 

අද ඔවුන් විජාතිකත්වයට ආපසු ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සිටින තෙක් ඔවුන්ට ජාතිකත්වයේ ධජය නොලැබෙන බව අවබෝධ කර ගනිමිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලය හා බලය පමණකි. ඒ සඳහා ඔවුන්ට ප‍්‍රතිපත්ති වෙනස් කිරීම ඇඳුම් මාරුකිරීමට වඩා අසීරු කාරියක් නො වේ. අද එංගලන්තය ප‍්‍රමුඛ විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ඔහු දංගෙඩියට යැවීම ය. ඒ මහතා රාජ්‍යය නායකයාව සිටිනා තෙක් එය කිරීම අපහසු බව ඔවුහු දනිති. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයෙන් පහ කිරීම විජාතික බලවේගවල අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුහු අභූත යුද්ධාපරාධිකරණ චෝදනා නගති.

ඇසින් දුටු සාක්ෂිකරුවන් නොමැති වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන් එහි දී යොදා ගන්නේ පඬියන් හා ජඩමාධ්‍යවේදීන් ය. ඒ සියල්ලන්ටම පාහේ මුදලින් හා වෙනත් ක‍්‍රමවලින් ආධාර කිරීමට බටහිරයෝ අමතක නොකරති. බටහිරයනට සිංහලයන්ට එරෙහිව කරන සටනෙහි දී මහින්ද රාජපක්ෂ මහතා එලෙස දංගෙඩියට යැවීම මෙන්ම කිසි දිනෙක බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට එරෙහිව කිසිම ආකාරයට නැගී සිටිය නොහැකි ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාව ද වෙයි. ඉතාම දුර්වල අපේක්ෂකයකු වූ මෛතී‍්‍රපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා වන්නේ මේ සන්දර්භයෙහි ය. එහෙත් මෛතී‍්‍රපාල සිරිසේනට දිනිය නොහැකි බව ඔවුහු දනිති. 

ඔහු ව්‍යාජ ජාතිකත්ව සළු පිළි පැළඳ ගත්ත ද රනිල් වික‍්‍රමසිංහට තරම්වත් ඡුන්ද නොලැබෙන බව ඔවුහු දනිති. එහෙත් ඔහු හැසිරවීම ඉතාම පහසු බව ද ඔවුහු දනිති. චන්ද්‍රිකා කුමාරතුංග මගින් බටහිරයෝ මෛතී‍්‍රපාලට ජනාධිපති අපේක්ෂකයා වීමේ වැදගත්කම ලබා දී ඔහු ඊනියා පොදු අපේක්ෂකයා කළහ.

ජවිපෙ මුල දී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වන ඡුන්දය නීති විරෝධී වන බැවින් එය වර්ජනය කළ යුතු බවය. ඔවුන්ට වුවමනා වූයේ ඒ මගින් ජනතාව වීදි කැඳවා අරාබි වසන්තයක් ඇතිකර ලේ විලක් නිර්මාණය කිරීම ය. එහෙත් අද ඔවුහු එය තරමක් වෙනස් කර ගායනා කරති. අද ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලෙස ය. ඔවුහු දිනවන්නේ කවුරුන් දැයි නො කියති. 

එයට හේතුව මහින්ද රාජපක්ෂ මහතාට වඩා කිසිවකුට ඡන්ද ගැනීමට නොහැකි වීම ය. ඔවුන්ට අද අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණකි. ඔවුන් එයින් අදහස් කරන්නේ ඒ මහතාට ඡුන්ද සියයට පනහක් ලබා නොදීම ය. එවිට දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි. ඒ කාලය අරාජික නොනගත කාලයකි. බටහිරයන්ගේ අවශ්‍යතාව මත ජවිපෙ අරාබි වසන්තය අරඹන්නට යන්නේ මේ නොනගත කාලයෙහි ය. අරාබි වසන්තයෙහි ප‍්‍රතිඵලය ලෙස මෛතී‍්‍රපාල සිරිසේන පඹ ජනාධිපතිවරයා කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි.

එහෙත් ජනතාව විජාතික බලවේගවල සියලූ සැලසුම් පරාජය කර මහින්ද රාජපක්ෂ මහතාට 55% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා දෙනු ඇත. අපේ වෑයම විය යුත්තේ එය 65% දක්වා වැඩිකිරීම ය. ඒ බටහිරයන්ගේ ඊළඟ සැලසුම ද පරාජය කිරීමට පදනම දමා ගැනීම සඳහා ය. 


ඊනියා ජාත්‍යන්තර අධිකරණය මගින් හෝ ජවිපෙ - එජාප අරාබි වසන්තය මගින් හෝ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නොහැකි වුවත් බටහිරයන් තම වෑයම අත් නොහරිනු ඇත. ආර්ථික සම්බාධක ඔස්සේ රට අස්ථායී කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බවට ලෝකය පුරා ජනමතයක් ඇති කිරීමටත් එමගින් ඒ මහතා ඝාතනය කිරීමටත් බටහිරයන් උත්සාහ දරනු ඇත. අද වන විට ද බටහිරයන් ඒ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගෙන ඇත. විජාතික බලවේගවල ඒ සියලූ උත්සාහයන් පරාජය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රතිශතය හැකිතාක් වැඩිකර අප ජාතියක් ලෙස එක මතයක සිටින බව බටහිරයන්ට දැනගැනීමට සැලැස්වීමෙනි.

නලින් ද සිල්වා

2014-12-17

Sunday, 14 December 2014

රටට එරෙහි සියලු බලවේග පරාජය කිරීම ජනතා යුතුකමක්


“මා කල්පනා කරන විදියට මේ ජනාධිපතිවරණ සටන තුළ අද වනවිට ජාතිකත්ව කඳවුරත් විජාතිකත්ව කඳවුරත් දෙකට බෙදී තිබෙනවා.

ජාතිකත්ව කඳවුරේ පැහැදිලි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එලෙස ජාතිකත්ව කඳවුරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දෙද්දී විජාතික කඳවුරට නායකත්වය දෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල නොව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ ඒ විජාතික වැඩපිළිවෙළ මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ඇගේ වෛරයත් සමඟ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ වැඩපිළිවෙළ ඇගේ ම වැඩපිළිවෙළක් ලෙස ඇය ක්‍රියාත්මක කරන්නේ රටට ආදරයකින් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් පහකර දමන්නට ද ඇයට තිබෙන වුවමනාව මතයි.

පසුගිය සතියේ ජනාධිපතිවරයා සමඟ එක්වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ වුවමනාව වුණේ එජාපයෙන් තමන්ගේ ම වූ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් කිරීමය. මේ අරමුණ හරි හෝ වැරදි වේවා එජාපයට තමන්ගේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ඉඩදුන්නේ නැත.

චන්ද්‍රිකාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි තරහව එළිපිට පෙනෙන්නට තිබුණත් ඇය සැබෑ ලෙස ම රනිල්ටත් විරුද්ධ ය. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අවදියේ චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු කිරීමට ඉඩ නොදීමේ තරහ ඇගේ සිතේ රනිල්ට විරුද්ධව අදටත් ඇත. ඇයට රනිල්ව ජනාධිපති කරන්නට හෝ අගමැති කරන්නට වුවමනාවක් නැත. චන්ද්‍රිකාට අවශ්‍යය වී ඇත්තේ මේ ඇති කරන අවුල මැද්දේ ඇයම නැවත වරක් ජනාධිපති හෝ අගමැති වීමට ය.

සරත් සිල්වා ඉදිරිපත් කර ඇති නීති තර්ක නිසා ඇයට නැවත වරක් ජනාධිපති තරගයකට ඉදිරිපත් විය නොහැකි ය. මේ නිති ප්‍රශ්නය නිසා චන්ද්‍රිකාට අවශ්‍ය වී ඇත්තේ ඊළඟ වතාවේත් රටේ බලය තමන් සතු කර ගැනීම සඳහා ඉතා ම දුර්වල මිනිහෙක් ලෙස ඇය සලකන මෛත්‍රිපාල මහතා නමට රටේ ජනාධිපති කරවීමට ය. මෛත්‍රීපාල පඹයෙක් නැතිනම් ඉත්තෙක් ලෙස හැසිරවිය හැකි යැයි ඇය කල්පනා කරනවා විය යුතු ය. එම වුවමනාව නිසාමය ඇය මෛත්‍රීපාල මහතා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්ගේ වුවමනාව අනුව ආණ්ඩුවෙන් එළියට ගෙන එය විපක්ෂයේ පොදු වුවමනාව බවට පත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජාතිකත්වයක් තියනවා කියා හිතන ජාතික හෙළ උරුමයේ රතන හාමුදුරුවන්වත් මෙතනදී ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයේ නායකත්වය දරන රතන හාමුදුරු‍වන් ඇතුළු උඩ ඉන්න කිහිප දෙනෙකුට මා කීප විටක් පෙන්වා දී ඇති පරිදි ජාතිකත්වයක් නොමැති නමුත් එම පක්ෂයේ බොහෝ දෙනෙකුට ඉතා වැඩි පිරිසකට ජාතිකත්වයක් තිබෙන බවත් මෙතනදී කිව යුතු ය.

ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල මහතා ද නැවත වරක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වේදිකාවට නැග්ගේ ඔහුට ජාතිකත්වයක් තිබෙන නිසා විජාතිකත්වය සමඟ සිටිය නොහැකි බව අවබෝධකර ගැනීමෙන් පසුව බව පැහැදිලි ය. ඒ නිසා ජාතික හෙළ උරුමයේ පිරිසෙන් මේ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ගත් ජාතික හෙළ උරුමය ගත් තීරණය සමඟ අවසානයේ සිටින්නේ එම පක්ෂයේ එම තීරණය ගැනීමට එකතු වූ හතර පස් දෙනෙකුහෝ පස් හය දෙනකු පමණක් බව ඉදිරියේ වඩා හොඳින් පැහැදිලි වනු ඇත.”

“දැන් මේ උත්සාහය දරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන සිංහල බෞද්ධ අතිබහුතර ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේන මහතාට සිංහල - බෞද්ධ ආරෝපණයක් කර කඩා දැමීමට ය. නමුත් මේක කරන්නට ලැබෙන්නේ නැත. ඒ මේ රටේ බුද්ධිමත් මිනිස්සු ජාතිකත්වයක් ඇති පිරිස හඳුනා ගැනීමට සමත් නිසා ය.

විපක්ෂ පොදු අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක් නැති බව කීවත් එතන ද හෙළි නොකරන ගිවිසුමක් තිබෙන බව පැහැදිලි ය. මේ ගිවිසුමේ අරමුණ වනු ඇත්තේ උතුරු නැ‍ඟෙනහිර පළාත් දෙක නැවත එකට එකතු කර පෙඩරල් රාජ්‍යයකට පාර කැපීම ය. එංගලන්තයට ඇති මේ වුවමනාව අනුව චන්ද්‍රිකාගේත් කැමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ මෙවැනි ගිවිසුමකට මෛත්‍රීපාල මහතා අස්සන් කරනු ඇත.

මෙතන තිබෙන ලොකුම අනතුර වනු ඇත්තේ ඡන්දයෙන් කෙසේවත් පරාජය කළ නොහැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දය ජයගෙන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වුවත් බටහිර වුවමනාව අනුව ඔහුව ඝාතනය කිරීමට ඇති අනතුරයි.‍

ඡන්දයෙන් පරාජය කරගත හැකි වුණොත් බලයෙන් පහ කළ ජනාධිපතිවරයා හා හමුදා නිලධාරීන් හේග් යුද අධිකරණය වෙත ගෙන ගොස් විදුලි පුටුවේ ඉන්දවීමේ බටහිර වුවමනාව ඉටු කරගත හැකි වුණත් ඔහු ඡන්දයෙන් පැරදවිය නොහැකි නම් එලෙස බලයේ සිටින ජනාධිපතිවරයාව යුද අධිකරණයට ගෙන යාමට හැකි වන්නේ නැත.

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල - සිරිසේන මහතා පෝස්ටර් කටවුට් ගහන්නේ නැතැයි රටට කීවත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ පෝස්ටර් හෝ කටවුට් ගැසීමට සංවිධානයක් හෝ කෙනෙකු නොමැතිවීම ය. ඔහුගේ ආධාරකරුවන් සිටින පොළොන්නරුවේ ඔහු ඇති තරම් පෝස්ටර් කටවුට් ගසා ගත්තත් රටපු‍රා ගොස් එසේ කරන්නට යාන්ත්‍රණයක් මෛත්‍රීපාල මහතාට නැත.

යූඇන්පී යාන්ත්‍රණය රටපුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපති කරන්නට පෝස්ටර් ගහන්නේ නැත. එවැනි වුවමනාවක් එජාප නායකත්වයට ද ගමේ සිටින යූඇන්පී කාරයා තුළ ඇති කළ නොහැක. රනිල් හෝ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් මේ යූඇන්පී කාරයන් පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවා රට පුරා ඇති තරම් පෝස්ටර් කටවුට් ගසනු ඇත. රට පුරා පෝස්ටර් කටවුට් ගහන්නට බැරි වූ මෛත්‍රීපාල මහතා දැන් කියන්නේ තමන්ට පෝස්ටර් කටවුට් ගැසීමට බැරි බව නොව එසේ නොකරන බව ය.

තමන්ට එජාජ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එජාපයෙන් ඉවත් වූ තිස්ස අත්තනායක මහතාගේ ක්‍රියාමාර්ගයෙන් පෙන්වන්නේ සැබෑ එජාප පාක්ෂිකයන්ගේ වුවමනාව ය. මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් නොගසන එජාප පාක්ෂිකයන් එජාප නායකයන් කුමක් කීවත් අන්තිමේ තම විරුද්ධවාදී පිලෙන් ආ මෛත්‍රීපාල මහතාට ඡන්දය දීමෙන් ද වැළකෙනු ඇත.

එදා විපක්ෂ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගේ පොස්ටර් කටවුට් 2010 ජනාධිපතිවරණයේදී ගැසූ ජවිපෙ ද මෙවර මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් ගසන්නේ නැත.

ජනාධිපතිවරණයේදී ජේවීපීයට තමන්ට ජනාධිපතිවරණය දිනන්නවත් වෙන අයකු දිනවන්නවත් නොහැකි නිසා ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සියයට 50 ඉක්මවීම වැළැක්වීම ය. ජේවීපී ය ජනාධිපතිවරයා පරදවන බව කියන්නේ ඔවුන්ගේ මේ වුවමනාව අනුව ය. කිසිම අපේක්ෂකයකුට සියයට 50 ට වැඩිය ගන්න නොදී දෙවැනි මනාපයක් ගණින අරාජිකත්වයක් ඇති කර ලොකු විප්ලවයක් කර මෛත්‍රීපාලට බලය අරන් දීමේ බ්‍රිතාන්‍ය වුවමනාව අනුව ජේවීපීය හා එජාපය මෙහෙයවන්නට ඉඩ තිබේ.

මේ එකදු සැලැස්මක් හෝ ක්‍රියාත්මකවීමට ඉඩ නැත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් සියයට පනස් පහකවත් ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත් කරගන්නා නිසා ය.

ඡන්දයෙන් පරදවන්නට බැරි මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වර ජනාධිපතිවීමෙන් පසු වෙනත් රටවල ශක්තිමත් නායකයන් ඝාතනය කළ ආකාරයට මේ නායකයා ද ඝාතනය කරන්නට ‍බටහිර රටවල් ක්‍රියා කරන්නට ඉඩ ඇත.

සෝභිත හාමුදුරුවන් විධායක ජනාධිපතිධූරය අහෝසි කර යහ පාලනය ඇති කරන්නට කතා කළත් උන්වහන්සේ ගේ යහපාලන කොතරම් ද පෙන්වමින් උන්වහන්සේගේ ගෝලයා ද පන්සලෙන් පැන ගොස් ඇතැයි වාර්තාවෙයි. අද සෝභිත හාමුදුරුවන් පස්සේ ඉන්නේ ඇට්ටකුණා වුණ සරසවි ආචාර්යවරු දෙතුන් දෙනෙකු පමණ ය.

පැරැණි වම අධිරාජ්‍ය විරෝධී වුවමනාව අනුව යමින් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙද්දී ජේවීපීයට සිදුව ඇත්තේ විජාතිකත්ව පිලට සහාය දීමට ය.

දේශපාලන පෙළ ගැස්වීම අනුව මෙන් ම ජ්‍යෝතිෂඥයන්ගේ පොදු මතය අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එය සියයට 55 ක ජයග්‍රහණයක් නොකර සියයට 65 ක තුනෙන් දෙකක ජයග්‍රහණයක් බවට පත් කර රටට විරුද්ධ සියලු බලවේග එකවර පරාජය කිරීම ජනතාවගේ වගකීම වනු ඇත.



නලින් ද සිල්වා

2014-12-14

Friday, 12 December 2014

Is the opposition contesting elections


The opposition parties in Sri Lanka consists of UNP, JVP, TNA and few other parties such as the Democratic Party of Sarath Fonseka. The JHU can be now considered as a party of the opposition and in addition there are certain individuals without affiliations to any recognized political party who are identified with the opposition. Maithripala Sirisena belongs to the latter category though he is contesting the Presidential Elections as a candidate of a recognized political party and as the common opposition candidate. It should be mentioned that a candidate nominated by a political party at the Presidential elections or Parliamentary elections or any other elections need not be a member of the political party.

These political parties or the individuals in the opposition do not form a common opposition nor are they babies in politics. The UNP has been in politics for about seventy years and Ranil Wickremesinghe has led the party for about twenty years. The JVP is now more than fifty years old and Anura Kumara Dissanayake is known in the political world for at least twenty five years. The TNA and its predecessors such as the Illankai Thamil Arasu Kadchi (ITAK) the Tamil Congress, Hindu Maha Sabhai, have been in politics since the days of Ponnambalams, meaning Ponnambalam Ramanathan, Arunacahalam and G G Ponnambalam. The JHU and its predecessors, Janatha Mithuro, Thrastha Virodhi Jathika Vyaparaya have participated in various political activities for about twenty five years. Only Sarath Fonseka is relatively new to politics but he is known for his white flag story (sudu kody kathava) since his visit to US in 2009 after the Nandikadal Victory.

It is well known that these political parties and individuals have different political policies and do not constitute one political unit. Neither Chandrika Kumaratunga nor Maithripala Kumaratunga belong to the SLFP at present despite the latter’s claim that he is still the secretary of the party. The elections commissioner has recognized Anura Priyadarshana Yapa as the secretary of the SLFP and the party has suspended the membership of Maithripala Sirisena. The latter’s claim that they will form an all party or national government if accepted means that it will be a government of the TNA and JHU as well. This is not altogether impossible as the JHU is capable of changing its policies opportunistically. The JHU leadership was with the JVP in their school days and then with the Chinthana Parshadaya for a short time, then joined Mangala Samaraweera and his federal politics opposing “war”, then coming to nationalistic policies after realizing that there was an “illuma” (demand) for such politics. They can go back to Mangala Samaraweera politics if they think that there is an “illuma” for federal politics. However, the SLFP under Mahinda Rajapaksa will not be in a so called all party conference, and it should not be forgotten that the SLFP has the biggest mass base at present.

In any event, Maithripala Sirisena has had to sign several pacts and it is clear that there is no common opposition. Let the so called common candidate spell out his policy on the Tamil problem, the devolution of powers to the provincial councils, on the northern and eastern provincial councils, police and land powers etc. This presidential elections is finally on defeating Tamil racism operated through the dispersed Tamils by England and US, and not on “good governance”  and western styled bogus democracy of Ven. Maduluwawe Sobhitha Thera and his team (not dayakayas) of left out leftists and academic trade unionists who have no existence if not for the publicity they receive from some sections of media. It is England the colonial superpower of yesteryear that established, nurtured and maintained Tamil racism against the Sinhala people (not a so called Sinhala government) to take revenge from the Sinhala people whom they could not defeat at “war” (they annexed the Sinhale or Sinhala kingdom through cunning diplomacy of Doyle in 1815 using a pact that they never wanted to implement) and to destroy the Sinhala Buddhist culture. We would like to know the policy of Maithripala Sirisena on the Tamil problem in general and his strategy of defeating the dispersed Tamil manipulated by England and US.

Ranil Wickremesinghe was not born last year and everybody knows his policy not only on the Tamil problem through the ceasefire agreement but also on giving employment in the public sector which he curtailed and “good governance”. Ven. Sobhitha Thera more than anybody else knows “good governance” of the UNP when he and the late Prof. Sarachchandra were given a “panchakarma” treatment of body massage. However, Ranil Wickremesinghe talks of democracy media freedom etc., as if he was born yesterday and it is clear that he and the others are dancing to the tune of somebody else. However, they do not know that it is the tune of Swan song. Chandrika Kumaratunga who has no mass base at all, (she is not a member of the Mahajana Party or Bahujana Nidahas Party of Rajitha Senaratne and two or three others) is known for her policy on PTOMS and other policies that were directed towards separatism and how she went to Chennai with her late husband who was anti Sinhala Buddhist to the core to discuss with Tamil terrorists. The JVP has had no consistent policy on the Tamil problem from Wijeweera days and they have been wavering between pseudo nationalism and what they understand as Marxism in their history. Their record on democracy is known at least since the late eighties when they threatened to kill those who wanted to exercise their franchise at the elections. The university students know the democracy practiced by the JVP (and the Peratugameens) and it is not known that the JVP has changed its policies this year.

The promises of all these parties and the individuals are nothing but mere statements to fool the people and Sri Lanka under Mahinda Rajapaksa has a better record of “democracy” media freedom etc. than during UNP or Chandrika days not to mention the “democracy” we experienced in the “occupied” areas during the JVP terrorist days. Except for the rhetoric there is nothing substantial in the speeches of the opposition (parties and individuals) and in any event they do not function as one unit. In that sense there is no opposition that contests the Presidential Elections.


There is another dimension to this phenomenon. The opposition is only an “achacharu” of political parties and individuals with different policies and they have been “united” by England and US who are interested in defeating Mahinda Rajapaksa at the Presidential Elections for his stand against Tamil terrorism and his policy on Tamil racism in general. Mahinda Rajapaksa is the most nationalist leader and his record as an anti colonialist is much better than most of the so called Marxists and left of centre pink socialists who are nothing but agents of the west and repressive western knowledge in the final analysis. Thus it is not the so called opposition that is contesting the elections as the opponent of Mahinda Rajapaksa but the western powers led by England and US. Maithripala Sirisena who is the weakest personality in the opposition is only the candidate of England and west not different from Sarath Fonseka of infamous white flag incident. Mahinda Rajapaksa would be opposed by the west led by England and US for the second time and our local boys and girls (guys and gals in American parlance) would be only the stage actors and actresses acting according to the script of present day Doyle s.


Nalin De Silva

12-12-2014

Wednesday, 10 December 2014

අමරතුංග ගේ ආකෘතිය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට ලැබී ඇති ජනප්‍රිය ඉංගිරිසි පොත හෝ පොත් හෝ තමන්ට තේරෙන පරිදි උපුටා දැක්‌වීමට ගොස්‌ අමාරුවේ වැටෙන්නේ එහි ඇත්තේ බොහෝ විට ඔහුට කෙසේ වත් නො තේරෙන බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ කරුණු බැවිනි. අමරතුංග මහතා උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් පසු ඉගෙනගත් භෞතික විද්‍යාවක්‌ නැත. ඔහු කාලෝ ෆොaන්සේකා මෙන් ම බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ගැන දනියි. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. එහෙත් ඔවුන් දෙදෙනා ගෙන් එක්‌ අයෙකුට වත් බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ අවබෝධය ලබාගැනීමට බටහිර ගණිතය පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් ඔවුන්ට ඒ අවබෝධය නැත. මා සමග මුහුණට මුහුණ කරන සංවාදයකට හෝ විවාදයකට එළඹෙන්නේ නම් විනාඩි දහයකින් ඔවුන් ගේ අනවබෝධය හෙළිදරවු කරමි. 

අමරතුංග මහතා තම දෙසැම්බර් 03 ලිපියෙන් අගාධයෙන් අගාධයට යයි. බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යයක්‌ හෝ සත්‍ය කරා ළඟා වීමක්‌ හෝ නැති බව බටහිර දාර්ශනිකයන් ම උපුටා දක්‌වමින් ඔහු පවසයි. දැන් ඔහු කතා කරන්නේ ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන ය. ඔහු මෙසේ කියයි. "මතවාදයක්‌ තුළ සම්පූර්ණ සත්‍යතාවක්‌ බලාපොරොත්තු විය නොහැකි බව විද්‍යාත්මක යථාර්ථවාදීහු පිළිගත් හ. ඒ නමුත් එහි කොටස්‌ තුළ වුව ද සත්‍යතාවක්‌ තීබීම සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ ව්‍යායාමයට ඉතා බලවත් රුකුලක්‌ බව ඔවුන් ගේ අදහස විය. තව ද යම් අවස්‌ථාවල දී සාර්ථකත්වය ර¹ පවතින්නේ තාවකාලිකව ඉන්ද්‍රිය ගෝචර නො වූ ක්‍රියාදාමයන් පිළිබඳව යම් අදහසක්‌ ඇති කරගැනීමේ හැකියාව මත බව ඔවුහු පවසති. මතවාදයක්‌ සම්පූර්ණයෙන් සත්‍ය හෝ අසත්‍ය ලෙස සැලකිය නොහැකි බව ඔවුන් පිළිගන්නා අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් යම් දුරකට පිළිගන්නා අන්දම ඒ ලෙසින් පහදා දීමට ඔවුහු සමත් වූ හ. මෙලෙස විද්‍යාත්මක සත්‍යය (Scientific truth) යන සංකල්පය වෙත ඔවුහු පැමිණිය හ. මේ පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි." අපි මේ බංකොලොත් නිගමන ගැන පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුත්තේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවල (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) සත්‍යයක්‌ නැති බවත් එයින් ඊනියා යථාර්ථයක්‌ පිළිsබිඹු නො වන බවත් බටහිර දාර්ශනිකයන්ට වුව ද පිළිගැනීමට සිදු වී ඇති බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන කියවන්නේ එබැවිනි. 

අපි නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරන්නේ දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි සඳහන් කරුණු පසුව සැලකිල්ලට ගැනීමේ බලාපොරොත්තුවෙනි. අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "මෙහි එක්‌ ප්‍රතිඑලයක්‌ වූයේ අර්ථවිචාර අවබෝධය (Semantic Conception) බිහි වීම ය. එම සංකල්පයට අනුව මතවාද (Theory) වනාහි ආකෘති සමූහයක එකමුතුවක්‌ (Collection of Models) ලෙස සැලකේ. මේ ආකෘති ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සමඟ එකඟ වන්නේ කෙසේ දැයි උපන්‍යාසයකින් (Hypothesis) පහදා දිය යුතු වන්නේ ය. මේ ආකෘති ගණිතමය ස්‌වභාවයක්‌ (Mathematical Structure) ලෙස හෝ භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ හෝ විය හැකි ය. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ගණිතමය ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් වූයේ මේ සංකල්ප බිහි වීමට පෙර වර්ෂ 1905 සහ 1915 දී ය. ජෝන් ඩෝල්ටන් (1766 - 1844 දී) ඔහු ගේ පරමාණුකවාදය භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් කළේ ඊටත් පෙර ය. මොවුන් ගේ අදහස්‌ සහ නිපැයුම් ඉහත සඳහන් අර්ථවිචාර සංකල්පය වර්ධනය වීමට රුකුලක්‌ වූවාට සැක නැත. මින් ඔප්පු වන්නේ ද විද්‍යාව කඩින් කඩ නො ව අවිච්න්න වර්ධනයක්‌ පෙන්නුම් කරන බව ය. තෝමස්‌ කූන් ගේ සුසමාදර්ශ සංකල්පය ද මින් නිශ්ප්‍රභ කළ හැකි ය."

අමරතුංග මහතා කරුණු ඉදිරිපත් කරන්නේ ඔහු වෙනුවෙන් නම් නො වේ. ඇතැම් විට ඒ ඒ මහතා දැන් කියවන පොතේ ඇති කරුණු අවබෝධයකින් තොර ව ඉදිරිපත් කරනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) යනු ආකෘති එකතුවකි. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? ප්‍රවාද යනු ආකෘතින්හි එකතුවක්‌ නම් ප්‍රවාද ඊනියා සත්‍ය විය නොහැකි ය. වැඩිම වුව හොත් ප්‍රවාද යනු ඊනියා සත්‍යයෙහි ආකෘතීන් වෙයි. එයින් කියෑවෙනුයේ ඇතැම් බටහිර දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවෙහි දී කෙරෙනුයේ ඊනියා සත්‍යයට ආකෘති සැපයීම ය. මෙහි දී ප්‍රශ්නයක්‌ වනුයේ තමන් නො දන්නා සත්‍යයක්‌ සඳහා බටහිර විද්‍යාවෙහි ආකෘති තනන බව මේ බටහිර දාර්ශනිකයන් දන්නේ කෙසේ ද යන්න ය. බටහිර විද්‍යාඥයෝ ඊනියා සත්‍යය නො දනිති. එහෙත් ඔවුහු තමන් නො දන්නා සත්‍යයට ආකෘති තනති. ඔවුන් එසේ කරන්නේ කෙසේ ද? 

අද ලංකාවේ ද ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ඉටි රූප නිර්මාණය කිරීමේ කලාවක්‌ වෙයි. මේ ඉටි රූප නිර්මාණය කරන්නේ අප කවුරුත් පාහේ දන්නා පුද්ගලයන් ගේ ආකෘති ලෙස ය. මෙහි දී ආකෘතියක්‌ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නො න`ගී. එයට හේතුව ආකෘතියෙන් නිරූපණය වන පුද්ගලයා ගැන වැටහීමක්‌ ආකෘතිය නිර්මාණය කරන කලාකරුවාට තිබීම ය. එහෙත් බටහිර විද්‍යාඥයා ආකෘති නිර්මාණය කරන්නේ තමන් නො දන්නා ඊනියා යථාර්ථයක්‌ නිරූපණය කිරීමට ය. එසේ නම් එයට ආකෘති නිර්මාණයක්‌ යෑයි කියන්නේ කෙසේ ද? 

බටහිර විද්‍යාඥයා කරන්නේ අනුමිනිතයක්‌ (Guess) ඉදිරිපත් කිරීම පමණකි. (ඉංගිරිසියෙන් ඉන්ෆරන්ස්‌ - nference - යන්නට යෙදෙන්නේ අනුමානය යන්න ය. ඒ අනුමානය අනුමිනිතය සම`ග පටලවා ගත යුතු නො වේ.) එය හුදු හිතළුවක්‌ පමණකි. බටහිර විද්‍යාඥයෝ යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම් කර දීම සඳහා අනුමිනිත, එනම් හිතළු කිහිපයක්‌ ඉදිරිපත් කරති. මේ හිතළු පට්‌ටපල් බොරු ය. ඒ හිතළු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බටහිර විද්‍යාඥයෝ තම පට්‌ටපල් බොරු වූ අනුමිනිත ආධාරයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට උත්සාහ කරති. 

ඔවුන් එහි දී කරන්නේ තම හිතළු ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. ඉන්පසු ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සන්සන්දය කිරීම ය. එහි දී කිසි ම හිතළුවක්‌ ඇසුරෙන් ලබාගන්නා නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සියයට සියයක්‌ එක`ග නො වන බැවින් බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිමින් යම් සම්භාවිතාවකට අනුරූප ව තම හිතළුවලින් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ අදාළ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කරන්නේ යෑයි පවසති. 

මේ ආකෘති වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි දී නම් බොහෝ විට ඉදිරිපත් වන්නේ බටහිර ගණිතය ආධාරයෙනි. එහෙත් ඒ කිසිවක්‌ ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයෙහි (විශේෂ මෙන් ම සාධාරණ) බටහිර ගණිතය යොදාගන්නා බව සැබෑ ය. එහෙත් ඒ එකක්‌ වත් ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ උපකල්පන, හිතළු කිසිසේත් ම ගණිතමය ආකෘති නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි ද උපකල්පන හෙවත් ස්‌වසිද්ධි හෙවත් හිතළු ඉදිරිපත් කෙරී ඇත්තේ ගණිතයක්‌ ආධාරයෙන් නො වේ. කෙසේ වෙතත් අයින්ස්‌ටයින් දක්‌ෂ ගණිතඥයෙක්‌ නො වී ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයට අවකාශ - කාල සන්තානය (Continuum) මගින් බටහිර ගණිතය එකතු කළේ ඔහු ගේ ගුරුවරයකු වූ මින්කොවිස්‌කි ය. ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදයට ගණිතය එකතු කරනු ලැබුයේ ඔහු ගේ ශිෂ්‍යයන් කිහිප දෙනකු විසිනි. 

ඩෝල්ටන් ගේ ආකෘතිය භෞතික හැඩයක්‌ ගත්තේ වී නමුදු එය ද හිතළුවක්‌ පමණකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පරමාණුවක්‌ දැක ඇති, ස්‌පර්ශ කර ඇති, පුද්ගලයෙකු වේ ද? මේ හිතළු, පට්‌ටපල් බොරු ය. එහෙත් පට්‌ටපල් බොරු යොදාගනිමින් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මෙහි දී බටහිර විද්‍යාවට පිහිටට එන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ද බොරු වීම ය. මම යන්න මොන තරම් බොරුවක්‌ දැයි සිංහල බෞද්ධයෝ දනිති. එහෙත් මේ බොරු නොමැති ව අපට ජීවත් විය නො හැකි ය. බටහිර විද්‍යාවෙහි දී කෙරෙන්නේ බොරු පට්‌ටපල් බොරුවලින් තේරුම් කිරීම ය. අනෙක්‌ දැනුම් පද්ධතිවල බොරු, බොරුවලින් ම තේරුම් කෙරෙයි. මා දන්නා බුදුදහම දැනුම් පද්ධතියක්‌ නො වේ. එහි දී කෙරෙන්නේ දැනුම් පද්ධතිවලින් ඉවත් වීම ය. 

මේ කිසිවකින් බටහිර විද්‍යාව අවිච්äන්න ව වැඩෙන පද්ධතියක්‌ යෑයි ගම්‍ය නො වේ. අයින්ස්‌ටයින් හා නිවුටන් අතර හෝ ඩෝල්ටන් හා බෝර් අතර හෝ එවැනි අවිච්äන්න සම්බන්ධයක්‌ නැත. එබැවින් අමරතුංග මහතා ඉදිරිපත් කරන කරුණුවලින් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය කඩින් කඩ සුසමාදර්ශ ඔස්‌සේ සිදු වන බවට පළ කර ඇති මතය සාමාන්‍ය සම්මුතිය යටතේ බොරු වන්නේ නැත. බුදුදහමට අනුව නම් කූන් ද කියා ඇත්තේ බොරු ය. එහෙත් සම්මුතියෙහි ඔහු කියා ඇත්තේ බොරුවක්‌ නො වේ. 

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට මුහුණපෑමට සිදු වන ප්‍රධාන ම කරුණක්‌ නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන හිතළු හෙවත් පට්‌ටපල් බොරු යොදාගැනීම ය. බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නො වන දේ නො පිළිගනිති. ඔවුහු පුනබ්භවය, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස නො කරති. එහෙත් ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය ආදී සංකල්ප, ප්‍රවාද පිළිගැනීමට සිදු වී ඇත. එහි දී ඔවුන් වැටී ඇති අගාධය අමරතුංග මහතා සඳහන් කරන දෙයින්a පැහැදිලි වෙයි. නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. 

"ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. ඒ ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට සැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය."

අමරතුංග මහතා තමා කියන්නේ කුමක්‌ දැයි නො දනියි. ඉහත සඳහන් ඡේදයෙහි අවසන් වාක්‍ය දෙකෙන් ඔහු කියන්නේ කුමක්‌ ද? ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ ලෙස ගත්ත ද, ප්‍රවාදයක්‌ ලෙස ගත්ත ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි භාවිත කිරීම අත්‍යවශ්‍ය යෑයි අමරතුංග මහතා කියන්නේ එක්‌කෝ ඔහු ගේ පොත ඔහු වැරැදියට තේරුම්ගෙන ඇති බැවිනි. එසේත් නැත්නම් පොත වැරැදි බැවිනි. අමරතුංග මහතා තමා උපුටා ගන්නේ කිනම් පොතකින් දැයි කියන්නේ නම් ඒ උහතෝකෝටිකය විස¹ගත හැකි ය. 

එතෙක්‌ මෙහි දි සඳහන් කළ යුත්තේ ගහකින් ගෙඩියක්‌ වැටීම වැනි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීමට යෑයි කියමින් ගුරුත්වාකර්ෂණය යොදාගැනීම මිස ගුරුත්වාකර්ෂණය පහදා දීම පිණිස එවැනි සංසිද්ධි භාවිත කිරීමක්‌ බටහිර විද්‍යාවෙහි දී සිදු නො වීම ය. අමරතුංග මහතා ගේ අවබෝධය ගැන කියනුම කවරේ ද?



නලින් ද සිල්වා

2014-12-10