Main Logo

Wednesday 30 March 2016

ප්රභාකරන්ගේ බාප්පලා 4


ප්රභාකරන්ගේ බාප්පලා 4

මෙය 1995 දී පළ වූ ප්රයභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්ර හණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්රි,යා නොකෙරුණේ ප්රාභාකරන් ත්රනස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්රාභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්රීහණයෙන් පසුව නැවතත් ප්රකභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්රනශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්රවාද නැති වීම එහි දී බලපාන ප්ර්ධාන කරුණකි.


මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්ය  වන්නේ ප්ර්භාකරන් යනු හුදු ත්රිස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්රොභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්රපභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x පෙඩරල් පක්ෂයේ සාමකාමී විරෝධතා රාජ්යත තන්තර ආධය යොදා මර්දනය කළා නේ ද ?

පෙඩරල් පක්ෂය නමින් හැඳින්වෙන්නේ ලංකා දෙමළ රාජ්යන පක්ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි යන්නයි. ඒ පක්ෂය සිංහල භාෂා පනතට එරෙහි ව යම් යම් උද්සෝෂණය කළා. ඔවුන් වරක් සත්යකගරලේ හ කළා. මෙම ව්යාඒපාර සාමකාමී ව ගෙන ගියා යැයි කීම බොරුවක්, මේවා ගාන්ධිතුමා අනුගමනය කරන බව කියමින් එතුමා ගේ ව්යා්පාරයට සම්පූර්ණයෙන් ම පටහැනි ව කළ කරිුවකයාවනුයි. 

මෙම ඊනියා සාමකාමී සත්යයගරාරයහවලින් බලාපොරොත්තු වූයේ නීතිය කඩා දෙමළ ජනතාව ගේ හැඟීම් අවුස්සා ඔවුන් පරී සකෝප කෙරීමයි. මෙම ව්යා්පාර පිටුපස ජාත්යතන්තර බලවේග හා විජාතික බලවේග සිටියා. චෙල්වනායගම් මහතා හින්දු නොවේ. මේ වන විට කරින් ස්තියානි කතෝලික පර‍ ගධාන පූජකවරුන් හා පරියාභූවරුන් මේ ව්යාවපාරය පිටුපස සිටියා. ඔවුන්ට වුවමනා වූයේ සිංහල - බෞද්ධ ජාතිකත්වය නසා දැමීමයි. 

දෙමළ රාජ්ය් පක්ෂයේ නායකයන් සිවිල් නීති කැඩුවේ ගාන්ධිතුමා අනුගමනය කරමින් නොවෙයි. ගාන්ධිතුමා සිවිල් නීති කැඩුවේ එම නීති කැඞීම නීතිය ඉදිරියේ වරදක් බව පිළිගනිමින්. එතුමා එලෙස නීති කැඞීමෙන් පසු උසාවියට ගොස් නීතිඥයන් ඇති ව හෝ නැති ව හෝ තමන් නිවැරදිකරු යැයි කීමට උත්සාහ කළේ නැහැ. එතුමා වරදට හිරේ යෑමට දඩ ගෙවීමට ආදී වශයෙන් දඩුවම් විඳීමට සූදානමින් සිටියා. නීතිය කැඩුවේ අධ්යා.ත්මික අවියක් ලෙසයි. එය ජනතාව පර් වකෝප කෙරීමට යොදා ගත්තේ නැහැ. එහෙත් දෙමළ රාජ්යේ පක්ෂයේ නායකයන් සිවිල් නීති කැඩුවේ නීතියෙනුත් බේරී නීතිඥයන් ගේ මාර්ගයෙන් උසාවි ගොස් දඩුවම් නොලබා හුදෙක් ජනතාව පර සිකෝප කිරීමටයි. ඔවුන් එය අධ්යාෙත්මික අවියක් ලෙස සලකන බවක් මතු පිටින් පරලබාකාශ කළත් අභ්යකන්තරයෙන් එයට විරුද්ධ කරිඅධ්යාමාර්ග අනුගමනය කළා. නීති කඩන්නා නීතියෙන් වරදකරු වීමට සූදානම් නොවීම තුළ ම අධ්යාළත්මික වංචාවක් තිබෙනවා. 

දෙමළ රාජ්යට පක්ෂය විරෝධතාවලට එරෙහි ව රාජ්යම තන්තරෙනවය යොදා ඇති බව ඇත්තක්. එහෙත් එය දෙමළ රාජ්යට පක්ෂය සම්බන්ධයෙන් පමණක් ගත් කරි තනයා මාර්ගයක් නොවෙයි. ආණ්ඩුව පැත්තෙන් බැලූ කල දෙමළ රාජ්යට පක්ෂය රාජ්ය් විරෝධී කරි් ගයාවක යෙදුණා. එවිට රජය තම රාජ්යණ තන්තර බැය යොදා නායකයන් අල්ලා නීතියෙන් වරදකරුවන් බවට පත් කෙරීමට උත්සාහ ගන්නවා. එය ආණ්ඩුවල සාමාන්යා පරඑවිතිපත්තියයි. හරි හෝ වැරදි හො වේවා ඒ පරපත්තිපත්තිය ආණ්ඩු විසින් වෙනත් ව්යාමපාර සම්බන්ධයෙන් ද අනුගමනය කර තිබෙනවා. 

x කෙසේ වෙතත් මේ මර්දනයන් තුළින් ජනතාව ආයුධ සන්නද්ධ අරගලයන්ට ගියා නොවේ ද ?

නැහැ. ඔය කියන මර්දනයක් එහි දී සිදුවුණේ නැහැ. ආණ්ඩුවේ මර්දනය වාමාංශිකයන්ට නම් එල්ල වී තිබෙනවා. එහෙත් දෙමළ නායකයන්ට එවැනි මර්දනයක් තිබුණේ නැහැ. දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තෙ ඔය කියන මර්දනයන් හේතු කොට ගෙන නොවෙයි. ඔවුන් ආයුධ අතට ගත්තේ තමන්ට කියා දුන් විකෘති ඉතිහාසය අනුව ගොස් දෙමළ රාජ්ය ය සිංහලයන් ගෙන් එක් අදියරකින් ම නිදහස් කර ගැනීමටයි. 

අනෙක් අතට දෙමළ තරුණයන් හිංසා කරිවෙ යාකාරකම් වලට පොළඹවනු ලැබූයේ දෙමළ නායකයන් විසිනුයි. පළමු දෙමළ තරුණ සංවිධානය වූ දෙමළ විමුක්ති සංවිධානය (ඔඛධ* පිහිටු වනු ලැබූයේ 1969 දියි. 1974 වන විට කොටි සංවිධානය ඇතුළුව ආයුධ ගත් තරුණ සංවිධාන රාශියක් බිහි වී තිබුණා. 1977 සිද්ධි සම්බන්ධයෙන් පත් කරන ලද සන්සෝනි කොමිසමේ වාර්තාවෙන් දෙමළ නායකයන් විසින් දෙමළ තරුණයන් උසිගන්වනු ලැබූ ආකාරය කියැවෙනවා. නාගනාදන් - අමිර්තලිංගම් මහත්වරුන් ගේ හා අමිර්තලිංගම් මහත්මිය ගේ කතා මේ අතර වැදගත් වෙනවා. දෙමළ රාජ්යළයක් දිනා ගැනීම සඳහා ලේ වගුරුවන බව නාගනාදන් මහතා කියා ඇත්තේ 1964 තරම් ඈත වකවානුවක දි යි. 

දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ මර්දනයක් හේතු කොටගෙන නෙවෙයි. ඔවුන් සිතූ ආකාරයට, ඔවුන්ට කියා දුන් ඉතිහාසය අනුව දෙමළ රාජ්යුය දිනා ගැනීමට දෙමළ නායකයන් කිසිවක් නොකළ බැවින් තරුණයන් ආයුධ අතට ගත්තා. ලේ ගැලීමක් ගැන නායකයන් කතා කළා. දෙමළ තරුණයන් එය කරි   යාත්මක කිරීමට ආයුධ අතට ගත්තා. දෙමළ තරුණයන් අතින් මුලින් ම මැරුම් කෑවේ දෙමළ නායකයන් වීමෙන් එය තවත් පැහැදිලි වෙනවා. ඔවුන් විසින් හමුදාවෙහි හා පොලීසියෙහි ද පළමුවෙන් ඝාතනය කරනු ලැබූයේ දෙමළ නිලධාරීන්. සිංහල නිලධාරීන් හා සිංහල වැසියන් ඝාතනය කෙරීම ඇරඹුණේ ඉන් පසු වයි. මෙයින් කියැවෙන්නේ දෙමළ තරුණයන් විසින් දෙමළ නායකයන් හා හමුදා හා පොලිස් නිලධාරීන් ද්රෝඉහීන් ලෙස හඳුන්වනු ලැබූ බවයි. එසේ ද්රෝයහීන් වූයේ ඔවුන් විසින් කිසිවක් නොකෙරෙනු නිසාත් දෙමළ රාජ්යකය දිනා ගැනීමට ඔවුන් බාධකයක් යැයි දෙමළ තරුණයන් සිතූ නිසාත් ය. මර්දනය නිසා ආයුධ අතට ගත්තේ නම් දෙමළ තරුණයන් විසින් පළමුවෙන් ඝාතනය කරනු ලැබිය යුත්තේ සිංහලයනුයි. 

මතු සම්බන්ධයි

මෙම ලිපිය මුහුණුූ පොතෙන් ද කියවිය හැකි ය

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 මාර්තු 30