ප‍්‍රභාකරන් ගේ සීයලා - 1
x ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති ප‍්‍රශ්නයට හේතුව දෙමළ ජනයාට සිදු වී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද ?
මේ අසාධාරණකම් මොනවා දැ යි ඔබට කිව හැකි ද ?
x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප‍්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.
මේ සියල්ල සිදු වූයේ 1950 ට පසුවයි. එහෙත් වවුනියාවේ හිටපු මන්ත‍්‍රීවරයකු වූ සී. සුන්දරලිංගම් මහතා ඊළමක් ගැන කතා කෙළේ හතලිස් ගණන්වල මුලයි. චෙල්වනායගම් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය පටන් ගත්තේ 1949 යි. එය සිංහලෙන් හා ඉංගිරිසියෙන් පෙඩරල් කියා හැඳින්වූයේ අපව රැුවටීමටයි; චෙල්වනායගම් මහතා ගේ බෑණා වන මහාචාර්ය ඒ. ජේ. විල්සන් ඒ පක්ෂයට අවශ්‍ය වූ විටෙක දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය හැකි බව පවසා තිබෙනවා.
x එහෙම නම් ප‍්‍රශ්නයේ ආරම්භය කවදා ද ? 1940 ද ? දෙමළ නායකයන් ඊළමක් ඉල්ලීමට පෙලඹුණේ ඇයි ?
ප‍්‍රශ්නයේ ආරම්භය හුඟක් ඈතට යනවා. පසුගිය සියවසේ මිෂනාරී අධ්‍යාපනය නිසා රටේ ඇතැම් කොටස්වලට විශේෂ වරප‍්‍රසාද ලැබුණා. අධිරාජ්‍යවාදීන් මේ කොටස් වුවමනාවෙන් ම තෝරා ගත්තා යැයි කියන්න පුළුවන්. යාපනයේ දෙමළ ජනතාව එක කොටසක්. යාපනයේ පාසල් පටන් ගත්තේ ඇමරිකන් මිෂනාරිවරුන්. ඔවුන් ඉංගිරිසින් ගේ සැකයට භාජන වුණු එකත් ඇත්ත. එහෙත් ඉංගිරිසින් ගෙන් යාපනයේ පාසල් ඇති කිරීමට ඔවුන්ට බාධාවක් වුණේ නැහැ. යාපනයේ දෙමළ ජනතාවට වගේ ම කතෝලික හා විශේෂයෙන් ම ක‍්‍රිස්තියානි ජනතාවටත් වරප‍්‍රසාද ලැබුණා.
x ඔබ කියන්නේ යාපනයේ සියලූ දෙමළ ජනතාවට වරප‍්‍රසාද ලැබුණු බව ද ?
නැහැ. වරප‍්‍රසාද ලැබුණේ ටික දෙනෙකුටයි. එහෙත් ප‍්‍රතිශතයක් ලෙස ගත් කල යාපනයේ ජනතාව ගෙන් සෑහෙන කොටසකට ආණ්ඩුවේ රැුකියා තනතුරු ආදිය ලැබුණා. නීතිඥ, වෛද්‍ය වාගේ වෘත්තීන්වලත් මේ තත්ත්වය තිබුණා. යාපනයේ දිස්ත‍්‍රික්කයේ ජන අනුපාතය සියයට පහක් හයක් පමණ වුවත් මේ වෘත්තීන් හා රැුකියාවල යෙදුණු අය ඒ අනුපාතය වගේ හත් අට ගුණයක් වුණා.
x ක‍්‍රිස්තියානි කතෝලික අය සම්බන්ධයෙනුත් එය එසේ ම ද ?
ඔව්, ඒත් ඉන් කියැවෙන්නේ නැහැ සියලූ ක‍්‍රිස්තියානීන්ට හා කතෝලිකයන්ට රැුකියා ලැබුණා කියලා. ඔවුන් අතරත් ඉතා ම දුගී දුප්පත් අය සිටියා. ඒ වුණත් ප‍්‍රතිශතයක් හැටියට ගත්තා ම බෞද්ධයන්ට වඩා වරප‍්‍රසාද තිබුණා. ඉංගිරිසි ආණ්ඩුව සිංහලයන්ට, විශේෂයෙන් ම බෞද්ධයන්ට, ඉනුත් උඩරට පෙදෙස්වල සිටියවුන්ට වෙනස්කම් කළා.
x ඔවුන් එසේ කළේ ඇයි ?
එයට ප‍්‍රධානම හේතුව තමයි 1817 - 18 හා 1848 ඇතිවුණු නිදහස් අරගල, උඩරට පෙදෙස්වල සිංහල බෞද්ධයන් තමන්ට තර්ජනයක් ලෙස ඉංගිරිසි පාලකයන් දුටුවා. ඌව වෙල්ලස්සෙන් සිංහලයන් නැති කිරීමට පියවර ගත්තා. දරුණු සමූල ඝාතනයක් සිදු කළා. අවුරුදු 14 ට වැඩි පිරිමි ළමයින් මරා දැම්මා. ඒ පළාත්වල සිංහලයන් ගේ හරකාබාන පවා විනාශ කළා. තෙන්නකෝන් විමලානන්ද මහත්මයා තමන් ගෙ පොත්වල මේ කරුණු විස්තර කරල තියෙනවා.
x සිංහල බෞද්ධයන්ට වඩා අනෙක් ජන කොටස් විශේෂයෙන් ම යාපනයේ දෙමළ ජනයා වරප‍්‍රසාද භුක්ති විඳීම ඊළාම් ඉල්ලීමට හේතුවක් වන්නේ කෙසේ ද ?
එය එක විට ම ඇති වූ දෙයක් නෙවෙයි. එයට අවුරුදු සියයක් පමණ කාලයක් ගත වුණා. මේ ඉතිහාසය අපි හරියට දැන ගත යුතුයි.
x ඉතිහාසයෙන් අදට ඇති ප‍්‍රයෝජනය මොකක් ද ? අද ප‍්‍රශ්නයට පිළිතුරු අද දිය යුතුයි. ඉතිහාසයේ ඇටකටු ගොඩ දාන්නෙ ඇයි ?
කරුණු දෙකක් නිසා. පළමුවැන්න වර්තමානය කියන්නේ ඉතිහාසයේ ප‍්‍රතිඵලයක් නිසා හා අනාගතය තැනෙන්නේ වර්තමානයේ අප කරන කියන දෙයින් බැවින්. දෙවැන්න ඉතිහාසය මුලින් ම ඇද ගත්තේ දෙමළ ජාතිවාදීන්. ඔවුන් තමුන් ගේ වාසියට ඉතිහාසය විකෘති කර ඇති නිසා එය නිවැරදි කරන්න සිදු වී තිබෙනවා.
x ඒ වුණත් ඉතිහාසය එක් එක්කෙනා දකින්නේ තමන්ට අවශ්‍ය විධියට නොවේ ද ? නිවැරදි ඉතිහාසය අප තෝරා ගන්නේ කොහොම ද ?
ඇත්ත. ඉතිහාසයත් මිනිසා විසින් කියන කතාවක්. එය එක එක්කෙනා එක එක ආකාරයට කියනවා. වර්තමානය ද ඉතිහාසය නිර්මාණයේ දී බලපානවා. ඒ වුණත් මේවායින් පරස්පර නැති, එහෙමත් නැත්නම් පරස්පරවලින් අඩු කතාවක් තෝරාගන්න පුළුවන්. ලියවෙලා තියෙන ලිපි ලේඛන, වාර්තා, විදේශිකයන් දුටු දෑ, සෙල්ලිපි, පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි හා භාණ්ඩ ආදී දේවල් එක්ක සංගත වෙන පරස්පරවලින් අඩු ඉතිහාසය මොකක් ද කියල දැනගන්න පුළුවන්.
x හොඳයි, පසුගිය සියවසේ සිට දෙමළ නායකයන් ඊළාම් කරා ආවේ කොහොම ද ? වරප‍්‍රසාද රැුකගැනීමට අවශ්‍ය වූයේ ඇයි ?
වරප‍්‍රසාද ලත් බොහෝ අය කල්පනා කරන්නේ එම වරප‍්‍රසාද රැුක ගැනීමටයි. එහෙත් සමහරුන්ට කල් ගත වන විට තේරෙනවා එය රටේ ඉතිහාසයට හා පවතින තත්ත්වයට පටහැනි වීමක් බව. ඒ අය ඉතිහාසය හා පවත්නා තත්ත්වය සමග බද්ධ වෙනවා. සමහරු එසේ නොකොට ඉතිහාසයට පිටුපාන්න හදනවා.
x එය එතරම් පැහැදිලි නැහැ. ඉතිහාසයට බද්ධ වෙනවා, පිටුපානවා කියන්නේ කුමක් ද ?
මේ රටේ ලිඛිත ඉතිහාසය සිංහලයන් ගේ ඉතිහාසයයි; විශේෂයෙන් ම බෞද්ධයන් ගේ ඉතිහාසයයි. ලිඛිත ඉතිහාසයෙන් කියැවෙන කාලයෙත් අදත් රටේ බහුතරය සිංහල බෞද්ධයන්. එය පිළිගත යුත්තක්. මේ කාරණය තේරුම් ගෙන ඒ බව පිළිගෙන රටේ ජීවත්වීම ඉතිහාසය සමග බද්ධ වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කාරණය නොපිළිගැනීම රටේ ඉතිහාසයට පිටුපෑමක්. අද බොහෝ ක‍්‍රිස්තියානින් හා කතෝලිකයන් රටේ ඉතිහාසය පිළිගන්නවා.
x ඔබ කියන්නේ ක‍්‍රිස්තියානි හා කතෝලිකයන් ඉතිහාසයත් සමග බද්ධ වූ බව ද ?
ක‍්‍රිස්තියානින්ට හා කතෝලිකයන්ට තමන් බෞද්ධයන්ට වඩා වැඩියෙන් විඳපු වරප‍්‍රසාද අත්හැරීමට සෑහෙන කාලයක් ගියා. ඒ වුණත් මේ වන විට ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් ගෙන් විශාල බහුතරයක් ඒ තත්ත්වය පිළිගෙන තිබෙනවා. බෞද්ධයන් මේ රටේ බහුතරය බව පිළිගැනීම ඔවුන්ට අද කිසිසේත් ම ප‍්‍රශ්නයක් නොවෙයි. ඔවුන් ගේ ඉහළ තලවල වැජඹෙන ඇතැම් පූජකවරුන් හා ප‍්‍රභූන් එලෙස පිළිගැනීමට විරුද්ධ ව වැඩ කළත් කිතුණු කතෝලික බහුතරයට අද එය ප‍්‍රශ්නයක් වී නැහැ. බෞද්ධයන් බහුතරය ලෙස පිළිගැනීම තම ආගම ඇදහීමට බාධාවක් නොවන බව ඔවුන් දැන් දන්නවා. පොදු සිංහල සංස්කෘතිය තුළ ඔවුන් කෙමෙන් කිඳා බහිනවා. ඒ අතර තම කිතුණු කතෝලික අනන්‍යතාවත් රැුකගන්නවා. රැුකියාවලට වෘත්තීන්ට පත් වීමේ දී බෞද්ධයන් තම අනුපාතයට සරිලන අයුරින් ඒවාට පත් වීම අද කිතුණුවන් ගෙන් හා කතෝලිකයන් ගෙන් බහුතරයකට ප‍්‍රශ්නයක් නොවෙයි.
x එය බෞද්ධ බහුතරයේ ආධිපත්‍යය පිළිගැනීමක් ද ?
නැහැ. එය බහුතරයේ ආධිපත්‍යය පිළිගැනීමක් නොවෙයි. එය ඉතිහාසය හා වර්තමානය තේරුම් ගෙන එය පිළිගැනීමයි. සිංහල සංස්කෘතිය තුළ ම පැහැදිලි අනන්‍යතාවක් ඇති ව කිතුනුවන් හා කතෝලිකයන් ලෙස ජීවත් වීමටත් තම ජනගහන අනුපාතයට නොසරිලන ලෙස රැුකියා ආදිය බලාපොරොත්තු නොවීමටත් ඔවුන් ඉගෙන ගෙන තිබෙනවා. එය පසු ගිය වසර පනහක පමණ කාලය තුළ මෙරට දකින්නට ලැබුණු අගනා ම සමාජයීය ඵලයන් ගෙන් එකක්. බලවත් පිරිසක ගේ අකුල් හෙළීම මැද අවුරුදු පනහක පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් ඒමට හැකි වීම සියලූ සිංහලයන් ගේ ම ජයග‍්‍රහණයක්.
x ඔබ කියන්නේ දෙමළ ජනයා සම්බන්ධයෙන් එය එසේ සිදු නොවූ බව ද ? එයට හේතුව කුමක් ද ?
ඔව්. අවාසනාවකට දෙමළ ජනයාට එය කරගැනීමට නොහැකි වුණා. අපේ රටේ තිබෙන ලොකු ම ප‍්‍රශ්නයත් එයයි. අද අප කතා කරන්නේත් යුද්ධ කරන්නේත් දෙමළ ජනයා එය නොකළ හා නොකරන බැවින්. එයට ප‍්‍රධාන වරදකරු වන්නේ උගත් දෙමළ ජනතාවයි. එහි ආරම්භයේ ම පොන්නම්බලම් සහෝදරයන් සිටිනවා.
x එය පිළිගන්න බැහැ. පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුනාචලම් යන මහත්වරු මේ රටේ නිදහස වෙනුවෙන් වැඩ කෙළේ නැද්ද ? ඔවුන් සිංහලයන් වෙනුවෙන් කතා කෙළේ නැද්ද?
ඇත්ත. රාමනාදන් මහත්මයා සිංහල මුස්ලිම් කෝලාහලයේ දී අධිරාජ්‍යවාදීන් ගෙන් සිංහලයන්ට සිදු වූ තාඩන පීඩන මර්දන ආදියට විරුද්ධ ව කතා කළා. ඒ වගේ ම ඉංගිරිසි ආණ්ඩුවෙන් නොයෙකුත් ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීමටත් ඔවුන් කටයුතු කළා. නමුත් අප මෙහි දී එකක් අමතක නොකළ යුතුයි. ඔවුන් සිංහලයන් වෙනුවෙන් කතා කෙළේ අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව. එහෙත් රට ඇතුළේ ප‍්‍රශ්නවල දී සිංහලයන් බහුතරය බව පිළිගැනීමට ඔවුන් සූදානම් වූයේ නැහැ. සිංහලයන් ගේ භාෂාව, සංස්කෘතිය හා ඉතිහාසය ගැන ඔවුන් කතා කළත් එම ඉතිහාසය සමග බද්ධ වීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැහැ. එයට හේතුව වූයේ වරප‍්‍රසාද රැුක ගැනීමයි. රටේ ඉතිහාසය සමග බද්ධ වී සිංහලයන් බහුතරය ලෙස පිළිගතහොත් තම ජන අනුපාතය වඩා තමන් ලබාගෙන ඇති වරප‍්‍රසාද රැුකගැනීමට ඔවුන්ට නොහැකි වන බව ඔවුන් වටහා ගත්තා.
x දෙමළ නායකයන් සිංහලයන් බහුතරය ලෙස නොපිළිගත්තේ ය යන්න මට තව මත් වැටෙහෙන්නේ නැහැ. සිංහලයන් බහුතරය බව පැහැදිලි නේ ද ? එය නොපිළිගෙන සිටින්නේ කෙසේ ද ? ඔබ කියන්නේ ඔවුන් සිංහලයන් ගේ ආධිපත්‍යය නොපිළිගත් බව නොවේ ද ?
සිංහලයන් බහුතරය බව සංඛ්‍යා ගැන දැනුමක් ඇති කුඩා ළමයකුට වුවත් වැටෙහෙන්නක්, එය ඒ ළමයා පවා පිළිගන්න බවත් ඇත්ත. මෙහි දී පිළිගත්තේ ය යන්නෙන් අදහස් වන්නේ එය විඳ දරා ගැනීමට ඇති සමත්කමයි. සංඛ්‍යාවෙන් වැඩි බව තේරුම් ගත්තත් එය හදවතින් විඳගන්නට බැහැ. ඇතැම් පක්ෂ මැතිවරණවලින් පැරදුණත් එය හදවතින් පිළිගන්නේ නැහැ. එබැවින් ඔවුන් මැතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහ කර තමන් පැරදී නැති බව පෙන්වනවා. එය තරමක් දුරට අර තත්ත්වයට සමානයි.
සිංහලයන් බහුතරය බව පිළිගැනීම යනු සිංහල ආධිපත්‍යයක් පිළිගැනීමක් නොවෙයි. සිංහලයන් ගේ ආධිපත්‍යයක් මෙහි නැහැ. සිංහල සංස්කෘතියේ ආධිපත්‍යයක් පිළිගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් මෙතැන කොහොම වත් පැන නගින්නේ නැහැ. සිංහලයන් කිසි විටෙක දෙමළ භාෂාව නැති කෙරීමට වත් තමන් ගේ සංස්කෘතිය දෙමළ ජනයා මත බලහත්කාරයෙන් පැටවීමට වත් උත්සාහ කර නැහැ. දෙමළ ජනයා යම් පිරිසක් හෝ ජීවත් වන ප‍්‍රදේශවලත් කෝවිල් තනාගෙන තිබෙනවා. කොළඹ, මාතලේ සහ තවත් ප‍්‍රදේශවල වේල් උත්සව පැවැත්වෙනවා. ඉතා ම සුළු දෙයක් ලෙස හැගුණත් පොට්ටු තබා ගැනීමෙන් නළලේ අළු ගෑමෙන් තම අනන්‍යතාව ප‍්‍රදර්ශනය කෙරීමට දෙමළ හින්දු භක්තිකයන්ට බාධාවක් වී නැහැ.
x ඒත් 1958 දී 1983 දී වගේ දෙමළ කඩ කැඞීමට, කෝවිල් කැඞීමට සිංහලයන් පෙළඹුණේ නැද්ද ? යාපනය පුස්තකාලය පිච්වීම ආදිය ගැන කියන්නේ කුමක් ද ?
ඒ සිද්ධිවලට වෙනත් හේතු තිබුණා. යාපනය පුස්තකාලය පිච්චීම වැනි දේවල් දේශපාලනඥයන් ගේ වැඩ. 1958, 1977 ආදී අවුරුදුවල දෙපැත්තෙන් ම එවැනි පීඩා දකින්නට ලැබුණා. උතුරේ සිංහලයන් මරණයට පත් කෙරුවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් එළවා දමනු ලැබූවා, 1977 සිද්ධිවලට අමිර්තලිංගම් මහතා ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් වගකිව යුතු බව සන්සෝනි කොමිසමේ වාර්තාවෙන් පෙන්නුම් කරනවා. සිංහල හා දෙමළ යම් යම් උදවිය ඒවාට වගකිව යුතුයි. ඒත් මේ සියලූ සිද්ධිවලට අවසාන වශයෙන් වගකිව යුත්තේ දෙමළ නායකයනුයි. ඔවුන් සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම නිසා ම මේ සියලූ ප‍්‍රශ්න ඇති වූවා. දෙමළ ජනයාව කුපිත කර හැඟීම් අවුස්සා පාරට ගෙනාවේ දෙමළ නායකයනුයි. .........