Main Logo

Wednesday 17 January 2024

රනිල් ඡන්ද අහුලයි

රනිල් ඡන්ද අහුලයි

 

රනිල් වික්‍රමසිංහ මොනවද කරන්නෙ.  කාට හරි කියන්න පුළුවන් ඔහු චාරිකාවේ යෙදෙනවා තවදුරටත් යෙදේවි කියල, රනිල්ට චාරිකාවෙ යෙදෙන්න  ඊනියා ජනතාව ඉඩ දීල තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ ඔය විධියට චාරිකා කළා නම් ඊනියා ජනතාව පාරට බහිනවා. ඒත් ජෙප්පන්ට දැන් ඊට වැඩිය වැඩ තියෙනවා. ඔවුන් දැන් ශාන් සිල්වා සජබෙට යෑම පිටුපස ඇති කුල ප්‍රශ්නය ගැන කතා කරනවා. ශාන්ට යන්න තිබුණෙ කරාවෙ නායකත්වයකින් බිහි වුණු ජවිපෙට. රනිල්දාස වෙනත් කුලයක නායකත්වයක් පිහිටෙවුවත් අද ජවිපෙ කපා ජාජබ පුන් සඳ පායලා හරිණි නැවතත් නායකත්වය කරාව  කුලයට ලබා ගෙන.

 

රනිල්ටත් කුලය ගැන හොඳ ඉවක් තියෙනවා. මෙරට කුල සාධකය 1912 සීමිත ඡන්දයේ ඉඳලා බලපානවා. 1912 දි ගොවිගම ජේ ආර් ජයවර්ධනගෙ පියා කරාවෙ මාර්කස් ප්‍රනාන්දු පරදවන්න වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන්ට ඡන්දය දුන්නාවෙල්ලාලයන් දකුණු ඉන්දියාවෙ දි ශූද්‍රයන් වුණත් ලන්දේසින් ඔවුන් ඊනියා ඉහළ තලයකට නංවලා ගොවිගම තුල්‍ය භාවයක් ලබා දීල. මට තේරෙන අයුරින් නම් ලංකාවෙ වත්මන් කුල ක්‍රමය ලන්දේසීන් විසින් ඇතිකරන ලද්දක්. මෙරට ඊනියා රදළ කුලයක් ඇති කරල සියම් නිකාය ගොවිගම නොවන කුලවලට තහනම් කරවල ලන්දේසීන් ශාසන භේදයක් ඇති කළ බවයි මට වැටහෙන්නෙ.

 

එහෙත් 1917න් පමණ පසුව ගොවිගම වෙල්ලාල සන්ධානය බිඳ වැටුණා. එයට මුල් වුණෙ අමද්‍යප ව්‍යාපාරයෙ මුල් තැනට පත්වුණු එෆ් ආර් සේනානායක. වෙල්ලාලයන් දෙමළ ජාතිවාදයක් බිහි කෙළෙ ඊට පස්සෙ. වෙල්ලාලයන් ලන්දේසින්ගෙ අනුග්‍රහයෙන් යාපනයේ සිටි කරෙයියර් මඩපල්ලි කුල පහතට දාල, එහි බහුතරය වූ සිංහලයන් වෙල්ලාලයන්ගෙ වහලුන් බවට තේසවලාමෙයි නීතියකින්  පත් කරල යාපනයේ වෙල්ලාල ආධිපත්‍යයක් ගොඩ නැගුවා. වෙල්ලාලයන් තොග වශයෙන් යාපනයට ආනයනය කරනු ලැබුයෙත් ලන්දේසීන් විසින්.

 

අද වන විට වෙල්ලාලයන් යාපනයේ සුළුතරයක්. ඔවුන්ගෙන් විශාල පිරිසක් ජීවත් වන්නෙ බටහිර රටවල. ඔවුන්ට ඩයස්පෝරාව කිවුවත් වඩා සුදුසු නම රට හැර ගියවුන් යන්නයි. එයට සුදුසු නමක් දෙමළෙන් යොදන්න පුළුවන් නම් හොඳයි. කෙසේ නමුත් අද ඊනියා අඩු කුල ජනයා යාපනයේ බහුතරය බවට පත්වෙලා.

 

මේ සංසිද්ධිය සුළුවෙන් තකන්න බැහැ. පෘතුගීසීන් එන කාලයෙත් යාපන ප්‍රදේශයේ බහුතරය සිංහලයන්. අද ඊනියා අඩු කුල ජනයා බහුතරය බවට පත්වෙලා. ලන්දේසින් හා ඉංගිරිසින් තේසවලාමේ නීතිය පැනවීමෙන් (ඉංගිරිසින් පසුව තේසවලාමේ නීතිය පනවා තියෙනවා) ඇති කල වෙල්ලාල ආධිපත්‍යයට තිත තියන්න කාලය ඇවිත්.

 

අද වන විට වෙල්ලාලයන් කොටස් දෙකක් ඉන්නවා. සුපිරි හා සපිරි යනුවෙන්. සුපිරි වෙල්ලාලයන් සාධාරණ වශයෙන් බටහිර ගැති ඉංගිරිසි සංස්කෘතිය අනුගමනය කරන බොහෝ විට ඔක්ස්බ්‍රිජ් උච්චාරණයෙන් ඉංගිරිසි කතා කරන්න හදන පිරිසක්. ඔවුන් බොහෝ දෙනකු ජීවත් වන්නේ කොළඹ  3 5 7 ප්‍රදේශවල. ඔවුන් සමහර දෙනකුට පොන්නම්බලම් කුමාරස්වාමි පවුල සමග සම්බන්ධකම් තියෙනවා. ඔවුන් බටහිරයන් විසින් මෙහෙයවනු ලබනවා.

 

සපිරි වෙල්ලාලයන් තවමත් මනසින් ජීවත් වන්නේ තමිල්නාඩුවේ. ඔවුන්ගෙන් යම් පිරිසක් කොළඹ 2 4 6 ප්‍රදේශවල ජීවත් වෙනවා. කොළඹ ප්‍රදේශ අනුව නම් සුපිරි වෙල්ලාලයන් ඔත්තේ වෙල්ලාලයන් වශයෙනුත් සපිරි වෙල්ලාලයන් ඉරට්ටේ වෙල්ලාලයන් වශයෙනුත් හඳුන්වන්න පුළුවන්. සපිරි වෙල්ලාලයන් නිතර චෙන්නායි දිල්ලි යනවා. බැරි නම් මෙරට ඉන්දීය මහා කොමසාරිස් මුණ ගැහෙනවා. ඒත් බැරි නම් යාපනයේ ඉන්න ඉන්දීය  නියෝජිත මුණ ගැසෙනවා. සුපිරි වෙල්ලාලයන් බටහිරට අවශ්‍ය අන්දමට ක්‍රියා කරන අතර සපිරි  වෙල්ලාලයන් ඉන්දියාවට අවශ්‍ය අන්දමට ක්‍රියා කරනවා.

 

රනිල් ජනාධිපතිවරණයක් පවත්වන්නේ තමාට දිනන්න පුළුවන් නම් පමණයි. අද ඔහු ඡන්ද අහුලමින් ඉන්නවා. ඔහු එජාපයෙන් ඉදිරිපත් වන්නේ නැහැ. ඔහුට අවශ්‍ය ඊනියා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමටයි. බොහෝවිට පොහොට්ටුවේ යම් පිරිසක් රනිල් සමග එක්වේවි. පිරිස රනිල් ජනාධිපති අපේක්‍ෂක කර තම පාක්‍ෂිකයකු අගමැති අපේක්‍ෂක කරාවි. ඔවුන් අද 50% සඳහා කටයුතු කරනවා.

 

ඇතැම් ජාතිකවාදීන් රනිල් ගැන කෙසේ සිතුවත් ඔහු බටහිර නියෝජිතයා පමණයි. ඔහු මූලික වශයෙන් ඉන්දියාවට කැමති නැහැ. ඉන්දියාවත් රනිල්ට කැමති නැහැ. බටහිර හා ඉන්දියාව හැම විට එකට හිතන්නේ නැහැ. රනිල් යම් යම් දේ ඉන්දියාවට ලබා දෙන්නේ ඉන්දියාවට පක්‍ෂ නිසා නොව නොකර බැරි නිසයි. අද ඉන්දියාව ඉන්නේ සජිත් සමගයි. නිසා බොහෝ විට ඉඩ ඇත්තේ සපිරි වෙල්ලාලයන් සජිත්ට පක්‍ෂ වීමයි. එහෙත් සුපිරි වෙල්ලාලයන් රනිල්ට පක්‍ෂ වේවි. නමුත් සුපිරි වෙල්ලාලයන්ට එතරම් ඡන්ද නැහැ.

 

නිසා රනිල් 50% සපුරා ගැනීමට යාපනයේ ඊනියා අඩුකුල ජනයා දෙසට හැරිලා. ඔහු අරුන්ට පාසල් හදා දෙන්න පොරොන්දු වෙලා. පාසල් ලබා ගත්තාට කමක් නැහැ. රනිල්ට ඡන්දය දීමට එකඟ වුණොත් අරුන් සිද්ධාර්ථන්ගේ අවසානය වේවි. අද නඩු තීන්දු නිසා මහින්ද ගෝඨාභය මෙන් මෛත්‍රීපාලත් හිර කෙරිලා. ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් තහනම් කෙරෙන්න ඉඩ තියෙනවා. බටහිරයනට අවශ්‍ය රනිල් තව අවුරුදු පහකට ජනාධිපති කරවන්න.