Main Logo

Monday, 7 September 2020

තෙල් නැවේ කතාව කාට කියන්න ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තෙල් නැවේ කතාව කාට කියන්න ද?


කේ එම් පනික්කාර් කියන්නෙ ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තියෙ එක් නිර්මාපකයෙක්. ඔහු වත්මන් කේරළයේ උපන්නෙක්. කේරළයේ ම ඉපදුණු මෙනන් සමග එකට ඉගෙන ගත් අයෙක්. ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තිය කේරළ බ්‍රාහ්මණ වාංශිකයන් අතින් සකස් කෙරුණාය කියන එක අතිශෝක්තියක් විය හැකි වුවත් එහි ගත යුත්තක් තියෙනවා. පනික්කාර් තමයි කිව්වෙ ඉන්දියන් සාගරය කියන්නෙ ඉන්දියාවෙ සාගරය කියල. තෙල් නැව ගිනි ගත්තෙ ඉන්දියන් සාගරයෙ.

Sunday, 6 September 2020

ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද? 


2010 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වැට්ටූ අය මේ ආණ්ඩුව ද වැට්ටවීමට කටයුතු කරන බවක් පේනව. ඔවුන් එසේ කරන්නේ වුවමනාවෙන් ම ආණ්ඩුව ගෙදර යැවීමට නොවූවත් ඔවුන්ගේ ක්‍රියා මාර්ග ඒ සඳහා තුඩු දෙනවා. ඔවුන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ බලයේ සිටීමේ සහ අනාගතයේ දී තම පෞද්ගලික බලය තවත් වැඩි කර ගැනීමේ අපේක්‍ෂාව පමණයි. ඔවුනුත් පසුගිය මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් බලා සිටියේ දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් සහ සජිත් පිළේ කිහිප දෙනකුත් එකතු කරගෙන තුනෙන් දෙක ලබා ගන්න. 

Saturday, 5 September 2020

ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්


ද්විත්ව රටවැසි ප්‍රශ්න (ප්‍රශ්නය නොවෙයි) එක් එක් අය එක් එක් විධියට සංස්කරණය කර ගෙන. එක් පඬියකුගේ ප්‍රශ්නය ඔය පිටරට ඉන්න දක්‍ෂ යැයි කියන අයගේ සේවය ලබා ගන්නේ කෙසේ ද යන්න. මා සිකුරාදා ලිපියේ මෙසේ සඳහන් කළා. "ද්විත්ව රටවැසියන් සමහර දෙනකුට විශේෂ දක්‍ෂතා ඇති බව සැබැයි. පඬි නැට්ටන්ට නොතේරුණාට මට අවශ්‍ය ඔවුන්ගේ සේවය රටට අහිමි කිරීම නො වෙයි. ද්විත්ව රටවැසියන්ට රටවල් දෙකකට පක්‍ෂපාති වීමට සිදුවෙනවා. අනෙක් රට ඔවුන්ට යම් බලපෑමක් කළොත් එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි ප්‍රශ්නය."

Friday, 4 September 2020

ගෝඨාභයට ශක්තිය ලබා දීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9


ගෝඨාභයට ශක්තිය ලබා දීම


විසිවැනි සංශෝධනය නීීිතිපති දෙපාර්තමේන්තුවෙන් අවසාන වශයෙන් කෙටුම්පත් කරන්න ඇති. එහෙත් එය කාගෙවත් නොව ගෝඨාභය රාජපක්‍ෂගෙ සංශෝධනයක්. මේ සංශෝධනයෙන් රාජපක්‍ෂ පවුලේ බලය වැඩිවෙනවා කියල සමහරු කියනවා. මට නම් එහෙම දෙයක් පේන්නෙ නැහැ. අගමැති බලතල කප්පාදු වෙලා. එය මහින්ද රාජපක්‍ෂගෙ බලතල කප්පාදුවක් නො වෙයි. දහනවවැනි සංශෝධනයෙ අරමුණ වුණෙ රාජපක්‍ෂලාගේ බලය නැති කිරීම වගේ ම සිරිසේනගෙ බලයත් නැති කිරීම හා රනිල්ගෙ බලය වැඩි කර ගැනීම. සම්මජාතියේ ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි බව දැන සිටි රනිල් අගමැතිගෙ බලය වැඩි කෙළෙ එමගින් තමන්ට බලය ලබා ගැනීමට. 

Thursday, 3 September 2020

දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?


ඇතැම් දෙමළ ජාතිවාදීන් කියනවා ආණ්ඩුව උතුරු පළාතේ සිංහල ජනයා පදිංචි නොකළ යුතු ය කියා. ඔවුන් කියන්නේ තමන් සිංහල ජනයා යාපනයට හා වෙනත් ප්‍රදේශවලට පැමිණ ඉඩම් මිල දී ගැනීමට විරුද්ධ නැති නමුත් ආණ්ඩුව සිංහලයන් පදිංචි කරනවාට විරුද්ධ බවයි. බැලූ බැල්මට එය ඉතා සාධාරණ ප්‍රකාශයක් ලෙස හැඟී යන්න පුළුවන්. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඒ ප්‍රකාශය ගැන තම එකඟත්වය පළ කරාවි. 

Wednesday, 2 September 2020

අක්තපත්‍ර පිළිගැන්වීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



අක්තපත්‍ර පිළිගැන්වීම 


මා ඊයේ බිනර පොහෝ දා මියන්මාරයේ ජනාධිපතිතුමාට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මගේ අක්තපත්‍ර පිළිගැන්නුවා. එය මෙපමණ කල් ගියේ කොවිඩ් නිසා. කොවිඩ් පැතිරී යෑමෙන් පසු වෙනත් තානාපතිවරයකු මියන්මාරයට පැමිණ නැහැ. එමෙන් ම කොවිඩ් නිසා ඔවුන් අක්තපත්‍ර භාරදීමේ දී අනුගමනය කරන පිළිවෙතත් තරමක් වෙනස් කර තිබුණා. උත්සවයට සහභාගි වීමට අවසර ලැබී තිබුණේ ඉතාමත් සීමිත පිරිසකට. මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලයේ වෙනත් කිසිම නිලධාරියකුට සහභාගි වීමට අවසර තිබුණේ නැහැ.  

Tuesday, 1 September 2020

සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව 


ආනවිලුන්දාව ගැන ජනාධිපති සනත් නිශාන්ත ඇමතිවරයා අමතල. ඇමති කියනවලු ඒක තමන්ගෙ ඡන්දදායකයකුගෙ වැඩක් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නෙ නැහැ කියල. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ පරිසර කතාව අද විහිළුවක් වෙලා. යම් ව්‍යාපෘතියකින් පරිසරයට හානියක් වෙනව ද නැත් ද කියල තීරණය කරන්නෙ කොහොම ද? තීරණය කරන්නෙ කවුද? ජනාධිපති යනව ද හැම තැනම තීරණය කරන්න අදාළ ව්‍යාපෘතියෙන් පරිසරයට හානියක් වෙනවා ද කියල දැන ගන්න. එහෙම නැත්නම් ජනාධිපති පරිසර කමිටුව කියල ඊනියා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල තීරණ ගැනීමේ බලය ඒ කමිටුවට පවරනවා ද?