සිංහල ලිත් ඉලක්කම්
෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
0 1 2 3 4 5 6 7 8 9
තෙල් නැවේ කතාව කාට කියන්න ද?
කේ එම් පනික්කාර් කියන්නෙ ඉන්දියාවෙ වත්මන් විදේශ ප්රතිපත්තියෙ එක් නිර්මාපකයෙක්. ඔහු වත්මන් කේරළයේ උපන්නෙක්. කේරළයේ ම ඉපදුණු මෙනන් සමග එකට ඉගෙන ගත් අයෙක්. ඉන්දියාවෙ වත්මන් විදේශ ප්රතිපත්තිය කේරළ බ්රාහ්මණ වාංශිකයන් අතින් සකස් කෙරුණාය කියන එක අතිශෝක්තියක් විය හැකි වුවත් එහි ගත යුත්තක් තියෙනවා. පනික්කාර් තමයි කිව්වෙ ඉන්දියන් සාගරය කියන්නෙ ඉන්දියාවෙ සාගරය කියල. තෙල් නැව ගිනි ගත්තෙ ඉන්දියන් සාගරයෙ.