Main Logo

Saturday, 19 September 2020

ජූලි කලබල හා පාස්කු ප්‍රහාරය

 

ජූලි කලබල හා පාස්කු ප්‍රහාරය

 

පළාත් සභා හා ඉන්දියාව ගැන ලියු ලිපියේ මා සඳහන් කෙළේ ඉන්දියාව පළාත් සභා හා දහතුන් වැනි සංශෝධනය වෙනුවෙන් බලපෑම් නොකළ බව නොව බලපෑම් කළ බවට සාක්‍ෂි නැත යන්න ය. ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා පිහිටුවීමක් ගැන නොකියැවෙයි. ඒ කියන්නෙ අප ලිඛිත ව ඉන්දියාවට දහතුන ගැන හරි පළාත් සභා ගැන හරි පොරොන්දුවක් දී නැති බවයි. ඒ පොරොන්දු වාචික ව දෙන්න ඇති. එහෙත් ඒ අය එනම් ජේ ආර්, ගාමිණි දිසානායක පමණක් නොව සාක්‍ෂි වශයෙන් සිටි ප්‍රේමදාස ඇතුළත්මුදලි ආදීන් ද මිය ගිහින්. මිය ගිහින් හා මැරිල අතර ඇති වෙනස මොකක් ද? ටිකක් හිතන්න. ඒ හිතන්න බැරි පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට නො වෙයි.

Friday, 18 September 2020

වඩුකොඩෙයි යෝජනා

 වඩුකොඩෙයි යෝජනා


ඉන්දු ලංකා ගිවිසුමේ පිටපතක් ඉතා වැඩි දෙනකු අතරට ගිහින් තියෙනවා. විසිදාහක් පමණ. එමෙන් ම ඇතැමුන් මට දන්වා එවා තිබුණා තමන්ට එය ප්‍රයෝජනවත් කියා. ඒ අතර පුවත්පත් කතුවරුන් ද හිටියා.

අද 1976 වඩුකොඩෙයි යෝජනාව පළ කරනවා. මෙය දෙමළ ජාතිවාදයේ හා වෙල්ලාලයන්ගේ කුට ප්‍රාප්තිය. මෙයින් පසු වෙල්ලාලයන්ට තමන් නොසිතූ පරිදි වෙනත් කුලවල ත්‍රස්තවාදීන් පසුපස යන්න සිදු වුණා. දෙමළ ත්‍රස්තවාදය ඇති වුණා. එයට ජ වි පෙ ආභාසය ද මුල දී තිබුණා. වික්ටර් අයිවන්ට බැරි ද මෙහි කරාව කුලය සමග ඇති සම්බන්ධය ගැන ඊනියා පර්යේෂණයක් කරන්න.

Thursday, 17 September 2020

විස්ස කොයිබට ද?

                                 විස්ස කොයිබට ද?

 

විස්සට මොකද වෙන්නෙ? විස්සෙ කතෘ කවුද වගේ ප්‍රශ්න බොහෝ දෙනකුගෙ හිත්වල තියෙනවා. දෙවැනි ප්‍රශ්නයට නම් පිළිතුරක් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කතෘත්වය භාරගෙන තියෙනවා. ඒකෙන් කියන්නෙ එහි දළ අදහස එතුමාගෙ කියන එකයි. නීිතිපති දෙපාර්තමේන්තුව තමයි විස්ස කෙටුම්පත් කරල තියෙන්නෙ. ජනාධිපතිවරණය කාලෙ රටේ මතයක් තිබුණ දහනවය අහෝසි කරන්න කියල. ඒ දහනවය ගැන හොඳින් හිතල ඇතිකර  ගත් මතයක් නොවෙයි. එය දළ අදහසක්. 

Wednesday, 16 September 2020

වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන්

 වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන් 


සුමේධ වීරවර්ධනගේ කාත්තන්කුඩි ගමන ගැන හොඳ තමයි වැඩියෙන් කියැවුණෙ. එහෙත් ඒ ගැන දොස් කී අය ද සිටියා. ඇතැමුන් අසා තිබුණේ කාත්තන්කුඩියේ සහ අනෙක් පළාත්වල ඉන්න වහාබ් විරෝධීන් විශ්වාස කරන්න පුළුවන් ද කියා. එය ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ සමග ම අහන්න පුළුවන් රාජපක්‍ෂලා විශ්වාස කරන්න පුළුවන් ද කියා. සුමේධ විශ්වාස කරන්න පුළුවන් ද කියා. මා විශ්වාස කරන්න පුළුවන් ද කියා. 

Tuesday, 15 September 2020

මාරාන්තික උපවාසවල මරණය

 මාරාන්තික උපවාසවල මරණය  


සුමේධ වීරවර්ධන කාත්තන්කුඩියෙ උත්සවයකට ගිහින් ඉතා හොඳ කතාවක් කරල. උත්සවය පවත්වල තියෙන්නෙ වහාබ්වාදයට විරුද්ධ පොතක් එළිදැක්වීමේ දි. වහාබ්වාදයට විරුද්ධ, වහාබ්වාදයට පෙර වූ මුස්ලිම් සංස්කෘතියෙ ජීවත්වන  මුස්ලිම් ජනයා කාත්තන්කුඩියෙත් ඉන්නවා. අප ඒ බව අමතක නොකළ යුතුයි. සියලු ආගම් එක සමාන යැයි හෝ හැම ආගමක ම උගන්වන්නේ එකම යැයි මා කියන්නේ නැහැ. ඒත් සිංහල බෞද්ධයන්ට අනෙක් බෞද්ධ විරෝධී නොවන ආගමිකයන් සමග සහජීවනයෙන් ඉන්න පුළුවන්. ඒ ගැන විස්තර පසුවට. 

Monday, 14 September 2020

පළාත් සභා හා ඉන්දියාව

 පළාත් සභා හා ඉන්දියාව 

ඉන්දු ලංකා ගිවිසුම.

 ඉන්දු ලංකා ගිවිසුම.


1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම. මෙය සිංහලට පරිවර්තනය කිරීමට තරමක කාලයක් ගතවන නිසා ඉංගිරිසි පිටපත ම පළ කරනවා. බොහෝ දෙනා ඉන්දු ලංකා ගිවිසුම ගැන දන්නා නමුත් ගිවිසුම නොදන්නා බැවින් මෙය මෙසේ පළ කරනවා. මේ සම්බන්ධයෙනුයි අද ලිපිය ලියැවෙන්නේ. එතෙක් මෙය කියවා ගන්න.