වැවයි දාගැබයි
මේ දවස්වල වැව් පිටාර ගලනවා. ඒ තරම් ලොකු වැස්සක් වැහැලත් නොවෙයි. ඊළඟට යම්තන් පායන කොට වැව් හිඳෙනවා. වැව් හැදුවෙ පොඩි වැස්සකට පිටාර ගලන්නවත් පොඩි පෑවිල්ලකට හිඳී යන්නවත් නො වෙයි. මේකට කරන පිළියම මොකක් ද? වැව් ප්‍රතිසංස්කරණය කිරීම තමයි විසඳුම. ඒත් ඒකෙන් කියන්නෙ මොකක් ද? ප්‍රතිසංස්කරණය කරන්නෙ කොහොමද? මොකක් ද අනුගමනය කරන ක්‍රමය.