ඩොලර් නැති වුණෙ කොහොමද?
මා හිතන් හිටියේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නැහැ කියා. ඒත් දැන් බලන කොට විසඳුමක් තිබිල තියෙනවා. විපක්‍ෂයේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියලා. සජිත් හා රනිල් කියන්නෙත් ඒකමයි. සජිත් කියනවා ආණ්ඩුව ඒ අයට භාර දෙන්න කියා. ඔවුන් විසඳුම දෙන්නන් කියල. හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියනවා ඔවුන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කියලත්. අපි නොදන්නවැයි.