Main Logo

Thursday, 7 July 2022

රනිල් හා රනිල්දාස

 

රනිල් හා රනිල්දාස

 

රනිල්දාසට  ඇති ජාතිකත්වයක්වත් ඊනියා සමාජවාදයක්වත් නැහැ. ජ වි පෙ කියන්නෙ ජාතිකත්වය හා ඊනියා සමාජවාදය අතර කලක් දෝලනය වුණු පක්‍ෂයක්. එහි නට්සිවාදී අදහස් ද තිබුණා. ඒ විජේවීරගෙ ජ වි පෙ. ඒ සම්ප්‍රදාය සෝමවංස අමරසිංහ  නායකත්වයෙහි ඉන්දැද්දිත් තිබුණා. ඒත් සෝමවංස පක්‍ෂයෙන් ගියායින් පසු ජ වි පෙ නට්සිවාදී පක්‍ෂයක් ලෙස පමණක් ක්‍රියාත්මක වෙනවා.

Tuesday, 5 July 2022

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

සාක්‍ෂරතාව අතින් අප ඉතා ඉහළ මට්ටමක ඉන්න බව විද්වතුන් කියනවා. මේ සාක්‍ෂරතාව කියන්නෙ අකුරු දන්න එක. එහෙත් කියවන දේ තේරුම් ගන්න පුළුවන් ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලට පරිවර්තනය කරල අපට ලෝක දැනුම ලබා දෙන අය ලියන දේ නම් බොහෝ විට තේරෙන්නෙ නැහැ. අර මානව ධර්මතා ඔබ නිරවචනය කරයි කියන එක තේරෙන්නෙ කාට ද? එහෙත් අපේ විශේෂ ලක්‍ෂණය තමයි අපට යමක් තේරුම් ගැනීමට වුවමනාවක් නැති වීම. අපට අවශ්‍ය තේරෙන බව ඇඟවීමයි. අනෙකාටත් තේරෙන්නෙ නැති නිසා මේ සෙල්ලම ඉතා සාර්ථක ව කෙරී ගෙන යනවා. ඉංගිරිසි කියමනක් තියෙනවා It’s a different cup of tea  කියල. ඒකෙන් කියන්නෙ වෙන තේ කෝප්පයක් කියන එක නො වෙයි.  අපේ සමහර මහාචාර්යවරු ලියන දේ දැක්ක ම  නම් හිතෙන්නෙ මෙරට උගතුන් ගැන It’s a different cup of tea   කියා කියන්න පුළුවන් බවයි.

Monday, 4 July 2022

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

ඔබට ස්ටැන්ලි තම්බයියා මතක ඇති. දෙමළ ක්‍රිස්තියානි බැතිමතකු වූ ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූවා. එහෙත් ඔහු සමාජ විද්‍යාවට කළ එකතුවක්, සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්), නැහැ. සමාජ විද්‍යාව විද්‍යාවක් ද යන ප්‍රශ්නය වෙන ම තියනවා. බටහිර විද්‍යාවේ කතන්දර ගොඩ නැගීමට නම් යම් සංසිද්ධියකට අදාළ ඊනියා හේතු  එකකට සීමා කිරීමට හැකි වෙන්න ඕන. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ කතාව එයට හොඳ ම උදාහරණය. ජෛවීය විද්‍යාවන්හි සම්පරීක්‍ෂණවල දී කෙරෙන්නෙත් ඊනියා හේතු එකකට සීමා කිරීමයි. සමාජයීය විද්‍යාවන්හි මනෝ විශ්ලේෂණයෙහි එය කරන්න බැහැ. කාල් පොපර් මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය බටහිර විිද්‍යාවන් නොවේ යැයි කීවේ ඒ අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි නිසා. මා මෙහි දී කියන්නේ වෙනත් කරුණක්. එහෙත් අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි වීමත් එක් අතකින් අදාළ සංසිද්ධියට ඊනියා හේතු ගණනාවක් තිබීම නිසා සිදුවන්නක්.

Sunday, 3 July 2022

නැති සිස්ටම් වෙනස් කිරීම

 

නැති සිස්ටම් වෙනස් කිරීම 

 

සිස්ටම් චේන්ජ් ගැන දැන් කවුරුත් කතා කරන්නේ වෙනසකට මෙන්. අපේ රටේ මිනිස්සු දැන් කතා කරන්නෙ සිංගිරිසියෙන්. මෙතුවක් කල් අප කතා කෙළෙ පාලි හා සංස්කෘත මුසු සිංහලයකින්. එහි දෙමළ වචන ද නොතිබුණා නො වෙයි. පස්වැනි සියවසෙන් පමණ පසු අනුකරණය හා පරිවර්තනය හැරෙන්න අප කර ඇති දෙයක් නැහැ. අපේ ව්‍යාකරණ පොත ලෙස හැඳින්වෙන සිදත් සඟරාවත් පරිවර්තනයක්!

Friday, 1 July 2022

ගෝමින් දයාසිරි

 අභාවප්‍රාප්ත ගෝමින් දයාසිරිගේ සසර ගමන ඉක්මණින් ම කෙළවර වේවා




බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දින දහයක් හත කර වාර්තාවක් ඉදිරිපත් කරලා. ඉතා පැහැදිලි ව ඔවුන් ලංකාවට ඒමට පෙර ම බොහෝ දේ හදාරලා. පුවත්පත් වාර්තාවලට අනුව ඔවුන් දූෂණ ගැන වැඩි අවධාරණයක් කරලා. එය මෙරට ඇතැමුන්ට අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. දූෂණ කොමිස් ආදිය නූතන  වෙළෙඳ ආර්ථිකයක නැතුව ම බැරි සාධක. මෙරට කොමිස් අනුපාතය වැඩි වෙන්න ඇති. ඒත් කොමිස් යනු ගණුදෙනුවක තිබෙන මුදල් වෙන් කරන එක් අංගයක්.