Main Logo

Sunday, 3 April 2011

කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වීම

මිනිසුන් නිරීක්‍ෂණය කළත් නැතත්, විඥානයක් සහිත නිරීක්‍ෂකයන් සිටියත් නැතත් අංශු ගැටෙයි. එසේ ගැටීමෙන් පසු ඇතැමි විට ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙනු ඇත. එහෙත් මෙි අගය පමණක් නොව අංශු ද ඇත්තේත් එදා තිබුණේත් අද අප වැනි නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරන, අර්ථකථනය කරන ආකාරයට මිස ඊනියා වාස්තවික පරමාර්ථ ආකාරයකට නො වෙි. විිද්‍යාලංකාර විවරණයේ ප්‍රධාන කරුණක් වනුයේ එයයි.

ඊනියා යථාර්ථවාදී විවරණය අනුව, අංශු අප ඇතත් නැතත් පවතියි. එපමණක් නොව අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට මැන්නත් නැතත් යමිකිසි නිශ්චිත අගයක් වෙයි. ඊනියා යථාර්ථවාදීන්ට අනුව ක්වොන්ටමි භෞතිකයට මෙි අගය කුමක් දැයි කල්තබා කිවහැකි නොවන බැවින් ඒ දැනුමි පද්ධතිය අසමිපුර්ණ වෙයි. මෙහි වැදගත් කරුණු තුනක් කියැවෙන බව තේරුමි ගත යුතු ය. ඉන් කරුණු දෙකක් අපි පළමුව සඳහන් කරමු. එකක් නමි මැන්නත් නැතත් අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් තිබෙන බව ය. අනෙක ඒ නිශ්චිත අගය ගැන පුරෝකථනයක් කිරීමට ක්වොන්ටමි භෞතිකයට නොහැකි බව ය.

මෙි කරුණු දෙක සමිබන්ධයෙන් විද්‍යාලංකාර විවරණයෙහි දී කියැවෙන්නේ වෙනත් ම දෙයකි. එහි ක්වොන්ටමි අංශුවලට මැන්නත් නොමැන්නත් ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් ඇතැයි නො පිළිගැනෙයි. එහි දී කියැවෙන්නේ එවැනි අගය එකකට වඩා ඇති බවත් මැනීමක් හෝ මැනීමට ලක්කිරීමක් හෝ හේතුවෙන් ඒ ගුණයකට අගයක් ලැබෙන බවත් එසේ ලැබෙන අගය නිරීක්‍ෂණය කිරීමට හැකි බවත් ය. කෝපන්හේගන් විවරණයෙහි දී ප්‍රතිබද්ධ ගුණවලට එකදු අගයක්වත් නැතැයි ද එයට අගයක් ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යැයි ද කියැවෙයි.

විද්‍යාලංකාර විවරණයත් කෝපන්හේගන් විවරණයත් යන දෙක ම මැනීමට පෙර ඒ අගය පුරෝකථනය කිරීමට නොහැකිවීම සමිබන්ධයෙන් එකඟ වෙයි. විද්‍යාලංකාර විවරණයෙහි දී මැනීමට පෙර යන්න මැනීමට හෝ මැනීමට ලක්කිරීමට හෝ පෙර යනුවෙන් සංශෝධනය වෙයි. එයට හේතුව නිරීක්‍ෂකයන්ගේ සවිඥානික මැදිහත්වීමකින් තොරව ද ඒ ගුණවලට අගයක් ලබාගත හැකි බැවිනි. මෙි කරුණු අප කීපවතාවක් ම සඳහන් කර ඇති නමුත් ඒ බව නැවත නැවතත් මතක් කිරීමෙි වරදක් නැත.

දැන් අපි තුන්වැනි කරුණ ගැන වැඩිදුරටත් සාකචිඡා කරමු. මෙය ක්වොන්ටමි භෞතිකයෙහි මෙන් ම නිවිටෝනීය හා සාපේක්‍ෂතාවාදී භෞතිකයේදීත්, එනමි සමිභාව්‍ය භෞතිකයේත් වැදගත් වෙයි. එහි දී ඊනියා යථාර්ථවාදී විවරණයෙන් කියැවෙන්නේ අප අද මනින අගය පමණක් නොව අංශු ද ලෝක නිර්මාණයේ සිට හෝ විකාශනයේ ඒ අංශු ඇති වූ දිනයේ සිට හෝ සැමදාමත් ලෝකයේ (විශ්වයේ) පැවති බව ය. අප වැනි සවිඥානික නිරීක්‍ෂකයන් කරන්නේ මෙි අංශු සහ ගුණ සොයා ගැනීම ය. එමෙන් ම ඒ ගුණවල අගය ද මැනගැනීම ය.

අපට මෙහි දී පැහැදිලි කිරීම සඳහා සමිභාව්‍ය භෞතිකය යොදාගත හැකි ය. විශේෂයෙන් ම නිවිටෝනීය යාන්ත්‍රිකය යොදාගත හැකි ය. එසේ කරන්නේ එය කාහටත් පාහේ තේරුමි ගත හැකි සරල පද්ධතියක් වන බැවිනි. නිවිටෝනීය යාන්ත්‍රිකයෙහි අංශුවක හෝ වස්තුවක හෝ ගම්‍යතාව මෙන් ම පිහිටීම ගැන ද එක්විට කියැවෙයි. ඒ ගුණ ප්‍රතිබද්ධ ගුණ වුවත් නිවිටෝනීය යාන්ත්‍රිකයට එහි ගැටළුවක් නැත. ඒ ගුණවල අගය එකවිට පවතින අතර ඒවා එකවිට මැනගත හැකි ද වෙයි. එපමණක් නො වෙි. මැනගත්තත් නැතත් නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අගය මෙන් ම අංශු හා වස්තු ද පවතියි.

කෝපන්හේගන් විවරණයට ද නිවිටෝනීය අංශු හා වස්තු සමිබන්ධයෙන් ගැටළුවක් නැත. එයට අනුව ද නිවිටෝනීය අංශු හා වස්තු පවතියි. අප නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අංශු හා වස්තු පවතියි. එසේ නමි වර්තමානයේ දී මෙන් ම ඉතා ඈත අතීතයේ දී ද ඒ අංශු හා වස්තු ද එහි ගුණ ද අපෙන් තොරව, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පැවතිය යුතුව ඇත. නිවිටෝනීය අංශු හා වස්තු නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කෝපන්හේගන් විවරණයෙහි කියන්නේ යැයි අප සඳහන් කරන්නේ එයට පටහැණි වන්නක් එහි කියා නැති බැවිනි.

එහෙත් මෙහි ගැටළුවක් ඇතැයි යමකුට සිතෙන්නට හැකි ය. ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කිසිවක් කිව නො හැකි ය. ඈත අතීතයේ යමක් පැවතියේ යැයි ඉන්ද්‍රියානුභූතවාදයට අනුව අප තීරණය කරන්නේ කෙසේ ද? මෙහි දී ද අතීතයට බලපාන පරිදි නිරීක්‍ෂකයා තම සංකල්ප නිර්මාණය කරගන්නේ ය යන්න යොදා ගැනීමට සිදුවෙයි. ඉන්ද්‍රියානුභූතවාදයට ප්‍රශ්නයක් වන්නේ වර්තමානයේ දී ද යමක් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ විට ඒ සමිබන්ධයෙන් නිගමනවලට පැමිණීමෙි දී ය. ක්වොන්ටමි අංශුවක හෝ පද්ධතියක හෝ ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන ද වර්තමානයේ දී ද ඒ නිරීක්‍ෂණය කරන තෙක් කිසිවක් කිව නොහැකි ය.

එහෙත් වර්තමානයේ දී නිවිටෝනීය අංශුවක පිහිටීම හා ගම්‍යතාව ගැන යමක් කීම කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් නොවන්නේ ඒවා සමගාමීව නිරීක්‍ෂණය කළ හැකි බැවිනි. එබැවින් ඒ ගුණ නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කීම කෝපන්හේගන් විවරණයට ගැටළුවක් නො වෙයි. එයින් පෙනී යන්නේ නිවිටෝනීය ඉන්ද්‍රිය ගෝචර අංශු හා පද්ධති හා සාධාරණ වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් කෝපන්හේගන් විවරණය ද ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වන බව ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හා සංකල්ප සමිබන්ධයෙන් ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වීමටත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිිද්ධි සමිබන්ධයෙන් වෙනත් ස්ථාවරයකටත් යොමු වන්නේ ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසයෙනි. එකී ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි පැහැදිලි කිරීමි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් කළයුතු බව ප්‍රකාශ කෙළේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට විශේෂිත වැදගත්කමක් ආරෝපණය කිරීමෙන් ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් එතරමි වැදගත්කමක් දැක්වූයේ මාක් විද්වතා වැන්නන් ඉන්ද්‍රියානුභූතවාදයේ දී ද එලෙස ම ක්‍රියාකර ඇති බැවින් යැයි සිතිය හැකි ය. මාක් විද්වතා බුදුදහම ගැන ද උනන්දුවක් දැක්වූවෙක් විය. ඔහු බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය ගැන කියන දේ ඇතැමි විට වැරදියට අවබෝධ කරගත්තා විය හැකි ය. බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය යනු පංචෙන්ද්‍රිය ගැන කතාකරන ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකට වඩා බටහිර අර්ථයෙන් නමි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රත්‍යක්‍ෂයකි. එය ඉන්ද්‍රියක් වූ ද එහෙත් බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට අයත් නොවන්නා වූ ද මනසට ඇතිවන ප්‍රත්‍යක්‍ෂයකි.

මාක් විිද්වතාට මෙි ගැන එතරමි නිරවුල් වැටහීමක් නොවූ බව පැහැදිලි ය. ඔහුට පමණක් නොව බුදුදහම ගැන ලියන කියන බොහෝ බටහිර පඬුවන්ට බුදුදහමෙි සංකල්ප ගැන එතරමි අවබෝධයක් නැත. එහෙත් අපේ බෞද්ධ විද්වත්තු බොහෝ විට බුදුදහමෙි එන ධර්ම කරුණු ද පැහැදිලි කරගැනීම සඳහා බටහිර පඬුවන් වෙත ඇදී යන්නේ පහනට ආකර්ෂණය වන ඇතැමි කෘමීන් මෙනි. ඔවුහු විනාශය කරා ඇදී යති.

ඒ කෙසේ වෙතත් ඉන්ද්‍රියානුභූතවාදය අනුසාරයෙන් ගොඩනැගුණු කෝපන්හේගන් විවරණයෙන් බටහිර දර්ශනයේ ඇතැමි අංශවලට පහර වැදිණි. විශේෂයෙන් ම වාස්තවික දැනුමට හා අඩුම තරමින් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු සමිබන්ධ දැනුම සමිබන්ධයෙන් නිරීක්‍ෂකයාගේ ස්වායත්තවීමට දරුණු ප්‍රහාරයක් එල්ල විණි. ඉන්ද්‍රිය ගෝචර නොවන, එනමි පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්ප ඉන්ද්‍රිය ගෝචර වීමෙි දී නිරීක්‍ෂකයාගේ මැදිහත්වීම මෙහි දී අපේ විශේෂ අවධානයට යොමු වෙයි.

ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණය ගැන කිසිවක් කිව නොහැකි බවත් එහි දී ඒ ප්‍රතිබද්ධ ගුණයේ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන බවත් ප්‍රකාශ කිරීමෙන් කෝපන්හේගන් විවරණය විසින් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය අතර සමිබන්ධය එළි දැක්විණි. මෙය අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන පද්ධතීන් සමිබන්ධයෙන් වාස්තවිකත්වයට හා යථාර්ථයට එල්ල කරන ලද මරු පහරක් විය.

1982 දී ඇස්පෙ විද්වතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු කෝපන්හේගන් විවරණය තහවුරු විය. ඒ සමග නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය වෙන් කරනු ලැබූ කාටීසීය තාප්පය ද කඩා වැටිණි. කාටීසීය තාප්පය යන්නෙන් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය තාප්පයකින් හෝ බිත්තියකින් හෝ මෙන් වෙන් කෙරී ඇති බවත් තාප්පයේ එක් පැත්තක ඇති නිරීක්‍ෂකයා තාප්පයේ අනෙක් පැත්තේ ඇති නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කරන්නේ නිරීක්‍ෂ්‍යය වාස්තවික පවත්නා එකක් ලෙස ගැනීමෙන් හා ඒ සමිබන්ධයෙන් බලපෑමක් නොකර බවත් ආදී වශයෙන් කෙරෙන උපකල්පනය හැඳින්වෙයි.

අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් නිරීක්‍ෂකයා සක්‍රීය වශයෙන් නිරීක්‍ෂණයේ දී මැදිහත්වන බව කෝපන්හේගන් විවරණයෙන් කියැවිණි. ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ලබාදෙන්නේ නිරී’ක්‍ෂකයා බව කීමෙන් මෙි මැදිහත්වීම ප්‍රකාශවිණි. ඇස්පෙ විද්වතාගේ පරීක්‍ෂණවලින් පසුව අසූවෙි දශකයේ මුල්භාගයේ දී මෙි අදහස් අපට ද බලපෑවෙි ය. කෝපන්හේගන් විවරණයෙන් අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් වාස්තවිකත්වයක් නැති බවට අපට ඒත්තු ගැනිවිණි. එහෙත් නිවිටෝනීය පද්ධති සමිබන්ධයෙන් එයින් කිසිවක් නො කියැවෙන බව අපට කල්යෑමෙි දී අවබෝධ විය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිබඳ ව දෙයාකාරයකින් සැලකීම අපට ප්‍රශ්නයක් විය.

අංශු හා පද්ධති යනු මොනවා ද? අපේ මූලික ප්‍රශ්නය වනුයේ එයයි. ඊනියා යථාර්ථවාදී විවරණයටත් කෝපන්හේගන් විවරණයටත් මෙය ප්‍රශ්නයක් නො වෙි. පුටුව, පෑන ආදී පංචෙන්ද්‍රියන්ට ගෝචර වන දෑ අපෙන්, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින බව ඒ විවරණ දෙකෙහි ම උපකල්පනය වෙයි. කෝපන්හේගන් විවරණයෙහි දී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප සමිබන්ධයෙන් නමි නිරීක්‍ෂකයා යමි මැදිහත්වීමක් කරන බව කියැවෙයි. එහෙත් ඒ ඊනියා මැදිහත්වීම ඒ කියන ආකාරයේ මැදිහත්වීමක් නොවන බවත් වඩා ගැඹුරු මැදිහත්වීමක් නිරී’ක්‍ෂකයා විසින් කෙරෙන බවත් අපට අවබෝධ විය. අපට ඒ අවබෝධය ලැබුණේ බුදුදහමෙනි.


ලංකාව ජාතිකත්ව මගේ ඉදිරියට ම

පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාතිකත්ව ප්‍රතිපත්ති ජයග්‍රහණය කර ඇත. පසුගිය සමයේ ජීවන වියදම තරමක් වැඩිවීම හේතුවෙන් එ ජා පක්‍ෂය පළාත් පාලන ආයතන රාශියක් ජයග්‍රහණය කරනු ඇතැයි ඇතැමිහු සිතුහ. එහෙත් ඒ එසේ නො වී ය. එ ජා පක්‍ෂයේ ඡන්ද පදනම අද වන විට සියයට තිහක් පමණ වෙයි. එ ජා පක්‍ෂයට වාසි වෙිය යන බලාපොරොත්තුවෙන් ඇතැමි විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවල ෆෙඩරල්වාදී එ ජා ප, ජ වි පෙ හා ඊනියා ස්වාධීන වාම පිරිස් නිල නොවන වශයෙන් වුව ද සංධානගත වනු පෙනෙන්නට තිබිණි. මෙය කලක සිට ඒ ආයතනවල දක්නට ඇති ප්‍රවණතාවක කූට ප්‍රාප්තිය විය. එහෙත් දැන් එළඹ ඇත්තේ එවැනි නිල නොවන සංධානවල බහින කලාව ය.

ජනතාවගේ ජීවන බර අඩුකිරීමට පියවර ගැනීම ආණ්ඩුවක වගකීම හා යුතුකම වෙයි. එහෙත් ඒ සියල්ලට ම වඩා ආණ්ඩුවක වගකීම හා යුතුකම වනුයේ රාජ්‍යය රැකගැනීම ය. ජනතාවගේ ස්වෛරීභාවය පළුදු නොවන තැනට සියළු කටයුතු කිරීම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ඒ යුතුකමි හා වගකීමි උපරිමයෙන් ඉටුකර ඇත. ඇතැමි ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ පමණක් නොව ඇතැමි හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ක්‍රියා ජනතාව විසින් අනුමත නොකෙරුණත් ඒ සියල්ල අමතක කර ජනතාව නැවතත් වරක් මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක්රොක් වූහ. ඒ එක් රොක් වූයේ ජාතියේ ස්වෛරිභාවය රැකගැනීමට ය. මෙරට වෙනත් කිසිම නායකයකුගෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පමණට ජාතියේ ස්වෛරීභාවය නොරැකෙන බව ජනතාව දනිති. අද මෙරට ජනතාව දශක ගණනාවකට පසුව ජාතිය පිළිබඳ මහත් අභිමානයක් ඇති කරගෙන සිටිති. හයවැනි පරාක්‍රමබාහු රජුට පසුව විජාතික ආක්‍රමණයකට එරෙහිව ලංකාව ලැබූ විශිෂ්ටත ම ජයග්‍රහණය ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙනි. එවැනි ජයග්‍රහණයක් ලබාදුන්නකු පොල්ගෙඩියකට හෝ අල කිලෝවකට හෝ පරාජය කිරීමට මෙරට ජනතාව කටයුතු කරාවි යැයි එ ජා පක්‍ෂය, ජ වි පෙ හා ඊනියා වමුන් බලාපොරොත්තු වූයේ නමි එයින් කියැවෙන්නේ ඒ නායකත්වවල තකතීරුකම මිස අනෙකක් නො වෙි. එහෙත් මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුව ජනතාවගේ ජීවන බර ගැන නොසැලකිලිමත් විය යුතු බව නො වෙි. බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙක ලා අපේ සංස්කෘතිය මත පදනමි ව නිවී සැනහිල්ලේ ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එවිට අපට ආසියාවෙි නොව ලෝකයේ ම ආශ්චර්යය බවට පත්විය හැකි ය.

දෙමළ කොටි ත්‍රස්තවාදය විජාතික ආක්‍රමණයක් ලෙස අප විසින් හැඳින්වෙන්නේ එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දක් බැවිනි. ලන්දේසීන් විසින් දුමිකොළ වගාව සඳහා කෝරමණ්ඩළ වෙරළින් ගෙනෙනු ලැබු කෘෂිකාර්මික කමිකරුවෝ හෙවත් වෙල්ලාලයෝ යාපන අර්ධද්වීපයේ එවකට ජීවත් වූ සිංහල බහුතරය යටත්විජිතවාදීන්ගේ අනුග්‍රහය යටතේ දෙමළකරණයකට භාජනය කළහ. වෙල්ලාලයන් හින්දු කුල පීඩනයේ ඉහළම කුලය නියෝජනය කළ අතර දෙමළ සංස්කෘතිකකරණයකට භාජනය වූ යාපනයේ සිංහලයෝ දෙමළ සමාජයේ කෝවියාර් නලවාර් වැනි ඊනියා අඩු කුල බවට පත්වූහ. සාමාන්‍යයෙන් හින්දු සමාජයේ ඉහළම කුලය බ්‍රාහ්මණයන්ගෙන් සමන්විත වන නමුත් ලංකා දෙමළ හින්දු සමාජයේ වෙල්ලාලයන් ඉහළම කුලය බවට පත්වූයේ ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කෘෂිකාර්මික කමිකරුවන් ගෙන්වීමට මිස බ්‍රාහ්මණ පූජකයන් ගෙන්වීමට නොවූ බැවිනි. කෙසේ වෙතත් එසේ ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාලයෝ ඉංගිරිසින් විසින් ඊනියා ලාංකික සමාජයේ ඉහළට ම ඔසවනූ ලැබූහ. එපමණක් නොව ඔවුහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූහ. අද ද ඉංගිරිසි කතාකරන වෙල්ලාලයෝ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ට විරුද්ධව යොදා ගැනෙති. දෙමළ ජාතිවාදය විජාතික ආක්‍රමණයක් වනුයේ ඒ නිසා ය. මෙරට සිටින ඊනියා වමුන් හා ලිබරල් යැයි කියාගන්නා පඬියන් අමතක කරන්නේ ද ඒ කරුණ ය.

ඇතැමි පඬියන්ට නොතේරුණ ද, ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එයට ප්‍රධාන හේතුව සිංහල ජාතිකත්වය පහළින් තීරණය වී ඉහළට යන ප්‍රපංචයක් වීම ය. සිංහලයෝ අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ විජාතික ආක්‍රමණවලට එරෙහිව සටන් කර පන්නරයක් ලැබූහ. ඔවුන්ගේ යටත්විජිත විරෝධය කාල් මාක්ස්ගේ කිසිදා වලංගු නොවූ පොතපත ඇසුරෙන් නිර්මාණය වූවක් නොව මහවංසය හා ගැමුණු රජතුමා ඔස්සේ ගොඩ නැගුණකි. සිංහල බෞද්ධයෝ තමන් බුදුසසුනේ ආරක්‍ෂයන් ලෙස සලකති. ඒ මහාවංසය හා ගැමුණු රජතුමා විසින් ලබාදුන් සංකල්ප හා අරමුණු ඔස්සේ ගොඩ නැගී ඇත. මාක්ස්ගේ කවදාවත් සැබෑ නොවුණු සිහිනයක් වූ ද, ආර්ථිකවාදී යටත්විජ්ිතවාදී බයිලා මත පදනමි වූ ද, ඊනියා කමිකරු පංති විප්ලවය හා සමාජවාදය සිංහලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ එය කිසි දිනෙක ඉටු නොවන්නක් නිසා පමණක් නො වෙි. සිංහලයෝ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ එය පදනමි වී ඇති කසිකබල් භෞතිකවාදය හෙවත් ද්‍රව්‍යවාදය ද ප්‍රතික්‍ෂෙප කරති. මාක්ස්වාදය අද ඇත්තේ තමන්ට සමාජයේ වැදගත්කමක් බලාපොරොත්තු වන හීනමානයෙන් හැරෙන්නට වෙනත් දෙයකින් නොපිරුණු හිස් ඇත්තන්ගේ හිස්වල ය. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් පුරා ගොඩනැගුණු ජාතිකත්වයක් ඇති සිංහලයෝ 1506න් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට ද එරෙහිව සටන් කරති. සාමිප්‍රදායික නායකයන් ඝාතනය කෙරුණුු විට ඔවුහු පුරන් අප්පු ගොංගාලේගොඩ බණ්ඩා ආදීන් නායකත්වයට පත්කරගෙන සටන් කළහ.

බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එහෙත් වැඩිකල් නොගොස් ම ඒ පක්‍ෂය සිංහලයන් විසින් ජනතාකරණයට ලක්කෙරිණි. ඉන්පසු සාධාරණ වශයෙන් ගත්කල ඒ පක්‍ෂය මෙහෙයවනු ලැබුයේ සාමාන්‍ය සිංහලයන් විසිනි. බොහෝ විට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කරනු ලැබුයේ එකී සාමාන්‍ය ජනයාට අවශ්‍ය ලෙස ය. අනූවෙි දශකයේ දී ඒ තත්වය වෙනස්කිරීමට කසිකබල් මාක්ස්වාදයේ ආභාසය ලැබූ ඇතැමි පුවත්පත් කතුවරුනට හා දේශපාලනඥයන්ට අවශ්‍ය විය. ඔවුන් එංගලන්තයේ ජීවත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බටහිරයන්ගේ අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගත්තේ හැකිනමි ශ්‍රී ල නි පක්‍ෂය උඩින් වෙනස්කර දෙමළ ජාතිවාදයට ෆෙඩරල් රාජ්‍යයක් ලබාදීමට ය. අවුරුදු දහතුනක් පමණ වලිකෑමෙන් පසුවත් ඔවුන්්ට තමන්ට අවශ්‍ය දේ කරගත නොහැකි විය. අවසානයේ දී පක්‍ෂයේ නායකත්වය අනූවෙි දශකයේ දී ම එය හිමිවිය යුතුව තිබූ මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිණි. ඉහත සඳහන් අය නොවන්නට ප්‍රභාකරන් හා දෙමළ කොටි ත්‍රස්තවාදය පැරදවීම අවුරුදු දහයකින් පමණ ඉක්මන්වීමට තිබිණි. බණ්ඩරනායක මහතාගේ හා මහත්මියගේ දියණියන් කිසි දිනෙක තම දෙමවිපියන්ගෙන් කිසිවක් ඉගෙන ගැන නැත. ඔවුන් කෙළේ තම දෙමවිපියන්ගේ නමි ගසා කා දේශපාලන බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීම ය. ඔවුන් ඉගෙනගත්තේ සිංහල බෞද්ධ විරෝධීන් වූ රූපසිංහලා, කුමාරතුංගලා, සරවනමුත්තුලා ආදීන්ගෙනි.

ජ වි පෙ ගැන තවදුරටත් කතාකිරීමෙන් වැඩක් නැත. අද ජාතිකත්වයට පිටුපා කටයුතු කරන එය ෆෙඩරල්වාදී තවත් ත්‍රිරෝද පක්‍ෂයක් පමණකි. එයට අද යමිතමින් වුවත් පැවැත්මක් ඇත්තේ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයකු හෝ සමගින් එ ජා ප හා සන්ධානයක් ඇතිකර ගැනීමෙනි. විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි දැනටමත් ඒ කාර්යය කෙරෙමින් පවතියි. ඔවුන් ඉතාමත් මුග්ධ නමි නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට විරුද්ධව ෆෙඩරල්වාදීන්ගේ රැල්ලක් මතුකර ගැනීමට ගොස් විශ්වවිද්‍යාලවලට දැනට තිබෙන සීමිත ස්වාධීනත්වය ද නැතිකර ගනු ඇත. ජ වි පෙ කලක් කැඳ කෝප්ප සටන් යැයි කියමින් වෘත්තීය සමිති ක්‍රියා හෙළා දැක්කේ අපේ පෝෂ්‍යජනක ආහාරයක් වූ කැඳවලට ද නිගා කරමිනි. ඔවුන් අද ඇතිකිරීමට යන්නේ සුප් කෝප්ප සටන් දැයි නො දනිමි. එ ජා පක්‍ෂයේ යමි ජාතිකත්වයක් වෙනුවෙන් ඉදිරිපත් වුව ද ඒ සඳහා කැපවීමක් කළ නොහැකි සජිත් ප්‍රේමදාස පක්‍ෂයේ නියෝජ්‍ය නායක පදවියක් ලබා රනිල් වික්‍රමසිංහගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ව්‍යාපෘතියට යටවිය. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය ඒ සමග අවසානයකට එළඹිනි. ඔහු ද කරු ජයසූරිය ද එ ජා පක්‍ෂයේ ව්‍යාජ ජාතිකත්වයක් නියෝජනය කරමින් ජීවිතාන්තය තෙක් නියෝජ්‍ය නායකයන් පමණක් වනු ඇත. උතුරේ හා නැගෙනහිර ප්‍රතිඵලවලින් ද යමි සාධනීය අංග මතුවිණි. එකල චෙල්වනායගමි නමි ක්‍රිස්තියානි ගාන්ධිවාදියා ගාන්ධි අනුව ගොස් ඊනියා අහිංසා ක්‍රියාදාමයක් මගින් දෙමළ කතාකරන අහිංසක දෙමළ හින්දු ජනයා සිංහල බෞද්ධයනට විරුද්ධව උඩින් මෙහෙයවීම ඇරඹී ය. එතෙක් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයෙහි යෙදී සිටියේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන් ය. ඔවුහු ආගමෙන් කෙසේ වෙතත් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූහ. චෙල්වනායගමි හතළිස් ගණන්වල ආරමිභ කළ ක්‍රියා මාර්ගය අවුරුදු තිහකින් (පරමිපරාවකින්) පසුව හැත්තෑවෙි දශකයේ ඵල දැරී ය. ප්‍රභාකරන් හා උමා මහේස්වරන් එහි ප්‍රතිඵල විය. වෙල්ලාල නොවන හින්දු ජනයා සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලායන්ට ද විරුද්ධව ප්‍රභාකරන් යටතේ සටන් කළහ. වෙල්ලාල වූ උමා මහේස්වරන් බොරු වමක් නියෝජනය කළේ ය. ප්‍රභාකරන් ජයගත්තේ සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලාලයනට ද විරුද්ධ වෙමිනි. ප්‍රභාකරන් පැරදවීමට තවත් වසර තිහක් ගතවිය. ඒ අවුරුදු හැටෙි තම ආකල්ප සකස්කර ගත්තෝ දෙමළ රාජ්‍ය පක්‍ෂයට තවමත් ඡන්දය දෙති. එසේ වුවත් සංධානයට ඡන්දය දීමට දෙමළ ජනයා ඉදිරිපත්වීම සාධනීය වෙි. අද කළ යුත්තේ මීළඟ දෙමළ පරමිපරාව තව තවත් ජාතිකත්වයට දිනා ගැනීම ය.


ජපන් සුනාමිය

ජපානය පමණක් නොව මුළු ලොව ම කමිපාවට පත්කරමින් ඒ රටට කඩා වැදුණු සුනාමිය ඉතිහාසයේ සඳහන් විනාශකාරීම සුනාමියක් වෙයි. අවුරුදු කිහිපයකට ඉහත අප රටට කඩා වැදුණු සුනාමියේ දී අපි සුනාමිය යන්න ජපන් වදනක් බව දැන ගතිමු. සුනාමියට එලෙස නමක් තැබීමට ජපන් ජාතිකයන්ට සිදු වූයේ එය ඒ රටට අහඹු සිද්ධියක් නොවන නිසා බව පැහැදිලි ය. එහෙත් පසුගියේ සතියේ ඇති වූ සුනාමිය ජපානයට ද ඔරොත්තු නො දෙන්නක් වී ඇත. එහි ප්‍රතිඵල ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙහි ප්‍රතිඵලවලට ද වඩා විනාශකාරී බව දැන් හෙළිදරවු වී ඇත. ජපන් සුනාමිය ද මහාසයුරේ සිදු වූ භූමිකමිපාවක් හේතුවෙන් හටගැනී ඇත. භූමිකමිපා සිදුවන්නේ හුදෙක් භෞතික හේතු මත පමණක් යැයි අපි සිතමු. අප එසේ සිතනවාට වඩා අපට එසේ සිතන්නට පුරුදු කෙරී ඇත. මෙරට සිටින බටහිර භූවිිද්‍යාඥයන් ද භූමිකමිපා ඇතිවන්නේ කෙසේ දැයි අපට කියා දෙනු ඇත. එහෙත් ඔවුන් කියා දෙනු ඇත්තේ ඔවුන් දන්නා විද්‍යාවට අනුව ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනමි කරගෙන ඇති වී තිබෙන විද්‍යාවෙන් සියල්ල තේරුමි ගත හැකිය යන මුළාව අප ප්‍රතික්‍ෂෙප නොකළහොත් අප වැඩිකල් නොගොස් මහත් ව්‍යසනයකට ගොදුරු වනු ඇත.

ජපන් සුනාමිය හේතුවෙන් එරට න්‍යෂ්ටික බලාගාර කිහිපයකට මහත් හානි සිදු වී ඇත. එය චර්නොවිල් ව්‍යසනයට වඩා භයානක ය. ජපානයේ විදුලි බල ශක්තිය නිපදවීම අඩුවීම හේතුවෙන් එරට වැසියන්ට තමන් හුරු පුරුදු වී තිබූ ජීවන රටාවෙන් වෙන් වීමට සිදු වී ඇත. භූමිකමිපාව හා සුනාමිය හුදෙක් ස්වාභාවික හේතු මත පමණක් ඇතිවිණි යැයි උපකල්පනය කළ ද න්‍යෂ්ටික බලාගාර විනාශවීම නිසා සිදුවන විනාශය ස්වභාව ධර්මයට පමණක් භාර දී පැත්තකට වීමෙි හැකියාවක් අපට නැත. න්‍යෂ්ටික බලාගාර ඉතා පැහැදිලිව ම බටහිර විද්‍යාවෙි හා තාක්‍ෂණයේ ප්‍රතිඵලයකි. මෙහි දී පඬියන් තමන්ට සුපුරුදු බටහිර ගැති බවින් තම ව්‍යාජ පාණ්ඩිත්වය විදහා දැක්වීමට න්‍යෂ්ටික බලාගාරවල ඊනියා හොඳ පැත්ත ගැන මෙන් ම නරක පැත්ත ද පෙන්වනු ඇත. ඔවුන් හැමදාම ගන්නා පිහිය එළියට ඇද එය මිනිසකු මැරීමට ද යොදාගත හැකි වුවත් අප පිහි පාවිචිචිය අත්නොහරින බව පෙන්වනු ඇත. බොහෝ දේවල හොඳ මෙන් ම නරක ද ඇති බව පෙන්වීමට බටහිර ගැති පඬියන් අවශ්‍ය නො වෙි. පිහිය නිපද වූ දිනයේ සිට අද දක්වා පිහියෙන් ඇන මරනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දැනගැනීමට සමික්‍ෂණයක් කිරීම පඬියන්ට ම භාර දෙමු.

මිනිසුන්ට න්‍යෂ්ටික බලාගාර අවශ්‍ය වන්නේ වැඩිපුර බල ශක්තිය නිපදවා ගැනීමට ය. මිනිසුන් වැඩි වැඩියෙන් බල ශක්තිය නිපදවීමට උත්සාහ දරන්නේ ඇයි? තණ්හාව, ලෝභය ආද්‍රිය හැරෙන්නට එයට දිය හැකි වෙනත් පිළිතුරක් වෙි ද? බටහිර තාක්‍ෂණය මිනිසුන්ගේ තණ්හාව වැඩි කිරීමට කටයුතු කරන බව රහසක් විය නො හැකි ය. බටහිර තාක්‍ෂණය බටහිර විිද්‍යාවෙන් හෝ බටහිර විද්‍යාව බටහිර තාෂණයෙන් හෝ වෙන්කළ නොහැකි ය. එක් ආකාරයකින් ගත්කල බර කරත්තයට බැඳි ගොනුන් දෙදෙනකු මෙන් බටහිර විිද්‍යාව හා බටහිර තාක්‍ෂණය බැඳී ඇත. අපි බර කරත්තයේ නැගී අපට අවශ්‍ය තැනකට ගොනුන් දක්කන්නේ යැයි සිතමු. අපට යෑමට අවශ්‍ය තැන කුමක් ද යන්නත් බටහිර විිද්‍යාවට හා තාක්‍ෂණයට අවශ්‍ය අප කුමන තැනකට ගෙන යෑමට ද යන්නත් අතර ගැටුමක් ඇතැයි මම නො සිතමි. බරකරත්තයට බැඳ ඇත්තේ අපට අවශ්‍ය ගොනුන් ය. මෙහි දී අප යන්න යෙදීමෙන් වැරදි අදහසක් ඇතිකර ගත යුතු නො වෙි. අපි, එනමි ආසියාවෙි අප්‍රිකාවෙි රටවල ජනතාව කරත්තයේ වාඩි වී යමු. එහෙත් කරත්තය දක්කන්නේ අප නො වෙි. කරත්තයට ගොනුන් බැඳ ගත්තේත් අප නො වෙි. ගොනුන් බැඳ ගත්තේත් කරත්තය දක්කන්නේත් බටහිරයන් ය. එපමණක් නොව අප කරත්තයට බලෙන් පටවාගත්තේත් ඔවුන්ම ය.

පසුගිය අවුරුදු පන්සියක පමණ කාලයක බටහිරයෝ බරකරත්තයේ ගමන්මග තමන්ට අවශ්‍ය පරිදි නියම කර ගනිති. ඔවුහු නව දැනුමක් නිර්මාණය කළහ. ඒ දැනුම බටහිර ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනය මත පදනමි වෙයි. ඔවුහු නව ජීවන ක්‍රමයක් හඳුන්වා දුන්හ. ඉන්ද්‍රියන් පිනවීමට මිනිසුන් පොළඹවන, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කරන, වියුක්ත චින්තනය මත පදනමි ව දැනුම නිර්මාණය කරන, රේඛීය න්‍යායක් (තර්කයක්) ඔස්සේ නිගමනවලට පැමිණෙන, මිනිසා ස්වභාව ධර්මයෙහි ස්වාමියා බවට පත්කිරීමට උත්සාහකරන, අධර්මිෂ්ට සමාජයක් නිර්මාණය කළහ. කැලෑ කපන්නන් ඉක්මනින් ධනවතුන් වන්නාක් මෙන් ස්වභාවධර්මයට හානිකර ආර්ථිකයක් ඉක්මනින් වැඩී ගියේ ය. බටහිරයෝ එය දියුණුව ලෙස නමි කළහ. ඒ ඊනියා දියුණුව සමග මිනිස්සු ආධ්‍යාත්මික ව පිරිහුණ හ. එසේ පිරිහුණු බටහිරයන්ගේ නොපණත්කමිවලට දඬුවමි දීමට අද ස්වභාව ධර්මය පියවර ගනිමින් සිටියි.

එහෙත් අවාසනාවකට බටහිරයන් විසින් අප බලහත්කාරයෙන් කරත්තයට පටවා ගනු ලැබ ඇත. කරත්තය අධර්ම මාවතේ ගමන් කරන විට අපට ද කරත්තය සමග යෑම මිස වෙනත් ඊනියා විකල්පයක් නැත. අපට අවශ්‍ය නමි කරත්තයෙන් බැස ගිය හැකි ය. එහෙත් අපේ අවශ්‍යතාව තීරණය කරන්නේ කවු ද? අපට කරත්තයෙන් බැසයෑමට කරත්තය දක්කන සුද්දා ඉඩ දෙයි ද? වැඩිම වුවහොත් කරත්තය දක්කන සුද්දා අප මැරෙන සේ කරත්තයෙන් තල්ලුකර දැමීමට තර්ජනය කරනු ඇත. ඇතැමි රටවලට බටහිරයන් ආර්ථික ආදී විවිධ සමිබාධක පැමිණවීම ගැන සිතා බලන්න. සුද්දාගේ මරණීය තර්ජනවලට බිය නොවී අපට කරත්තයෙන් බැසගත හැක්කේ පළමුව අපට බටහිර දැනුම පරාජය කිරීමට හැකිවුවහොත් පමණකි.

බෝධිසත්වයෙන් වහන්සේ සිදුහත් කුමරු ලෙස උපන් අවස්ථාවෙි දී මිහිතලය කමිපා වූ බව පොතපතෙහි සඳහන් වෙයි. ඒ කමිපාවෙන් කිසිවකු මියගිය බව සඳහන් නො වෙි. එසේම උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ දින ආදී වශයෙන් තවත් දින කිහිපයක එලෙස ම මිහිතලය කමිපා වූ බව අපි අසා ඇත්තෙමු. පඬියන් ඒ විශ්වාස නොකරනු ඇත. ඔවුන්ගේ අධර්මිෂ්ට කසිකබල් විද්‍යාවෙි භෞතික නොවන හේතු මත භූමිකමිපා නො සිදුවෙයි. එහෙත් භෞතික නොවන හේතු මත වැසිවැසීමි, භූමිකමිපා, නියඟ ආදිය ඇතිවන බව අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. එවැනි භූමිකමිපා කෙසේ වෙතත් වැසිවැසීමි, නැතිවීමි ආදිය ගැන අත්දැකිමි කිහිපයක් මට ද ඇත. පඬියන් ඇතැමිවිට මෙහි දී ඊනියා මිථ්‍යා මත විශ්වාසකිරීම හේතුවෙන් මට දැනට මා දරණ විද්‍යා පීඨාධිපති ධුරයෙන් අස්වීමට කියනු ඇත. මා එම ධුරයෙන් අස්වන්නේ සම්‍යක්දෘෂ්ටික බලවෙිගවලට අවශ්‍ය වූ දිනක මිස මිථ්‍යාදෘෂ්ටික පුහු පඬියන්ට අවශ්‍ය වූ විටක නො වෙි. පඬියන් මා එසේ අස්වන්නේ නැතිනමි භෞතික නොවන හේතු මත වැසිවස්සා පෙන්වන ලෙස මට අභියෝග කරනු ඇත. එයට ඇත්තේ එක් පිළිතුරක් පමණකි. රට අධර්මයෙන් ධර්මයට පත්වු විට එවැනි වැසි ඔවුන්ට ද දැනෙන පරිදි වසිනු ඇත. එය විද්‍යාව නොවෙි යැයි ද මගේ කියමන ඊනියා විද්‍යා දාර්ශනික කාල් පොපර්ගේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි ප්‍රස්තුතයක් යැයි ද පඬියන් කියනු ඇත. මා එවිට ඔවුන්ට අභියෝග කරන්නේ පොපර්ගේ අසත්‍යකරණයට ලක්කළ හැකි එකදු විද්‍යා ප්‍රවාදයක් වුවත් ඉදිරිපත් කිරීමට ය. පඬියන්ගේ අවාසනාවකට බටහිර විද්‍යාව, එය ක්‍රියාත්මකවන ආකාරය, එහි දර්ශනය ආදිය ගැන පමණක් නොව එහි යටත්විජිතවාදී ආධිපත්‍යය ගැන ද සුළු දැනීමක් මට ද ඇත. අප පඬියන්ට කියන්නේ ඔවුන් බොහෝ දෙනකුට ඉගැන්වීමට නිිදහස් අධ්‍යාපනය නාමයෙන් මෙරට දුගී දුප්පත් ජනතාව අනේක දුක් පීඩා විඳ මහත් පරිත්‍යාග කර ඇති බවත් පොපර්් හෝ වෙනත් සුද්දකු (සුදු බටහිරයකු) හෝ කියා ඇති කියමන් උදුරා දක්වමින් තම ව්‍යාජ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීමට පෙර දිනපතා සුද්දන්ගේ දැනුමෙන් බැටකන ඒ අහිංසක ජනතාවගේ සංස්කෘතියේ ඇති දෙවො වස්සතු කාලෙන ගාථාව මතක් කරගන්නා ලෙසත් ය. දෙවො වස්සතු කාලෙන යන්න නැවතත් ක්‍රියාත්මක කිරීමට අපි පඬියන්ට කන් නොදී රට ධාර්මික කිරීමට පියවර ගනිමු.

ජපන් සුනාමිය ගැන අපි කණාගාටුවෙමු. මරණ සංඛ්‍යාව දැනටමත් එකොළොස්දහස පසුකර ඇති අතර ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බලශක්ති අර්බුදය හමුවෙි ජපානය තවත් අසරණ වනු ඇත. එහි ප්‍රතිඵල අපට දැනෙනු ඇත්තේ ජපානය දෙන ආධාර කපා දැමීමට ඉඩ ඇති බැවිනි. බටහිර රටවල් මාෂල් සැලැස්ම වැනි ක්‍රියාමාර්හයක් අනුගමනය කර ජපානය ගොඩගැනීමට කටයුතු කරාවි යැයි බොහෝ දෙනකු සිතනු ඇත. එසේ නැතහොත් ජපානයේ ස්වශක්තිය මත පදනමි වී නැගිටීමට උත්සාහ කරනු ඇතැයි සිතනු ඇත. එහෙත් ඔවුන්ගේ අවාසනාවට ඒ යුගය පසු වී ඇත. අද එවැනි විභවයක් ලෝකයට නැත. ඊනියා ලෝක යුද්ධවලට මැදි වී ලෝකය අසරණ බවට පත්කළ රටවලට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදයෙන් ලොව දුගී බවට පත්කළ රටවලට ඒ ක්‍රමය ඔස්සේ තවත් අනාගතයක් ඉතිරි වී ඇතැයි නො සිතමු. මෙි එළඹ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවසාන වටයයි. ජපානය ආසියාතික රටක් වුව ද බටහිරට තම කවුළු විවෘතකර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවිය. මළගිය ඇත්තන්ට හා මළවුන්ගේ අවුරුදු දාට නව අර්ථකථන දීමට අපට සිදුවනු ඇත. අප රටෙි ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආදීනව අපට නැවතත් වෙනත් කෝණයකින් වැඩිකල් නොගොස් ම කතාකිරීමට සිදුවනු ඇත. බටහිරයන් පොහොර, කෘමි නාෂක, වල් නාෂක ආදිය සමග වස විස අපට එවන බව පැහැදිලි ය. බටහිරයන්ට මුදල් දී වස විස ගෙන්වා පරිසරය අවුල් නොකර බටහිර කෘෂිකර්මය මත පදනමි නොවී ධාර්මික ගොවිතැනක් ඔස්සේ අනාගතය ගොඩනගමු.


Wednesday, 23 March 2011

නිරීක්‍ෂකයා හා ඔහු නොසිටි අතීතය

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනමි වන්නක් බවත් නිරීක්‍ෂකයකුගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක් වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක් නො වෙි. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීමි සඳහා නිරීක්‍ෂකයකුගේ පැවැත්ම අනිවාර්ය නො වෙි. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නොහැකි දෑ ගැන කතාකිරීම අර්ථයක් නැති දෙයකි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක අගය දත්විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වෙි. එනමි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වෙි. ඒ නිරීක්‍ෂණය කිරීමට නමි උපකරණයක් යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක් යන්නෙන් ඉන්ද්‍රියක් වුව ද අදහස් කෙරෙයි.) එවිට පමණක් ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක් කිව නොහැකිවා පමණක් නොව එවැනි අගයක් නොමැතිය යන ස්ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නොනවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා යැයි පවසයි.

විිද්‍යාලංකාර විවරණයෙහි මෙි අදහස් ඒ ආකාරයෙන් නො පිළිගැනෙයි. විිද්‍යාලංකාර විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමට හෝ මැනෙන්නට හෝ පෙර ඒ ගුණයට එක් අගයකට වඩා තිබෙන අතර ඒ නිසා ඒ අගය නිරීක්‍ෂණය කිරීමට නො හැකි වෙයි. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව ඒ අගය කිහිපයෙන් එක් අගයක් ඒ ගුණයට ලැබෙන අතර එය නිරීක්‍ෂණය කිරීමට ද, එනමි අගය දැනගැනීමට ද, හැකි වෙයි. එහෙත් ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන අදහස විිද්‍යාලංකාර විවරණයෙහි නො වෙි. විිද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයා කරන්නේ අගය මැනීම පමණකි. එහි දී අගයක් දීමක් නො සිදු වෙයි.

දැන් අපි මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව යන්න සාකචිඡා කරමු. මැනීම යන්න ඉතා පැහැදිලි ය. එහි දී නිරීක්‍ෂකයකු මැදිහත් වී යමි උපකරණයක් යොදා ගනිමින් මැනීමක් කෙරෙයි. එහෙත් නිරීක්‍ෂකයකු නොමැති ව ද ක්වොන්ටමි අංශු එකිනෙක සමග ගැටීමට හැකි ය. ඒ හේතුවෙන් ක්වොන්ටමි අංශුවල අවස්ථා ද වෙනස් විය හැකි ය. පිහිටීම පමණක් දැන සිටි අංශවක් තවත් අංශුවක හෝ අංශු පද්ධතියක ගැටී ගම්‍යතාවක් අත්පත් කරගත හැකි ය. ඒ අත්පත් කරගත් ගම්‍යතා අගය නිරීක්‍ෂකයකු ඇතිව හෝ නැතිව හෝ පැවතිය හැකි ය. නිරීක්‍ෂකයකු ඇත්නමි ඔහුට ඒ අගය කුමක් දැයි දැනගත හැකි ය. එසේ වුවත් නිරීක්‍ෂකයකු නැතිව ද ක්වොන්ටමි අංශුවට ගම්‍යතාවක් අත්පත් කරගැනීමෙි හැකියාව වෙයි.

මෙි විවරණය බැලූ බැල්මට ඊනියා යථාර්ථවාදී විවරණයෙන් වෙනස් නො වෙයි. නිරීක්‍ෂකයන් ලෝකයේ ඇතත් නැතත් යමි යමි දේ සිදුවෙයි. ක්වොන්ටමි අංශු (පද්ධති) එකිනෙක සමග හෝ නිවිටෝනීය අංශු (පද්ධති) සමග හෝ ගැටීමට නිරීක්‍ෂකයන් අවශ්‍ය නො වෙි. ක්වොන්ටමි අංශුවක (පද්ධතියක) තරංග ශ්‍රිතය කඩාවැටීමට නිරීක්‍ෂකයන් සිටිය යුතු ම නො වෙි. එසේ නමි විිද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?

මෙි වෙනස ගැඹුරු වෙනසකි. නිරීක්‍ෂකයන් නොමැතිව ඇමෙිසන් වනන්තරවල නොයෙකුත් දේ සිිදුවනු නොඅනුමාන ය. ඈත එපිට පිහිටි මන්දාකිණිවල යමි යමි දේ සිදුවන්නේ මිනිසුන් ඒ දේ නිරීක්‍ෂණය කිරීම ඇරඹීමෙන් පසුව නො වෙි. එහෙත් ඒ කුමක් සිදුවුවත් ඒ දැනගන්නා නිරීක්‍ෂකයන් එසේ කරන්නේ ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය. මෙි කරුණ මෙයට ඉහත දී අපි සාකචිඡා කර ඇත්තෙමු. එහෙත් ඒ පිළිබඳ නැවතත් සඳහන් කිරීම සුදුසු වෙයි.

බටහිර විිද්‍යාවෙහි කියැවෙන ආකාරයට විශ්වය ආරමිභයේ දී මනසක් ඇති නිරීක්‍ෂකයෝ නො සිටියහ. මිනිසා ඇතිවී තිබෙන්නේ පලමුව ජීවියා ඇති වී පසුව ඩාවීනීය විකාශයක ප්‍රතිඵලයක් ලෙස ය. බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභයේ සිට මනසක් ඇති සතුන් (මෑතක් වන තුරු සියළුම බටහිර විද්‍යාඥයන්ට අනුව මනස් තිබුණේ මිනිසුන්ට පමණකි) ඇතිවන තෙක් ලෝකයේ බොහෝ දේ සිදු වී ඇත. ඒ සියල්ල වාස්තවික යැයි ද මිනිසුන්ට ඒ දැනගැනීමට හැකි යැයි ද බටහිර විද්‍යාවෙි දර්ශනයෙහි කියැවෙයි.

විිද්‍යාලංකාර විවරණය පදනමි වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය. මනසක් ඇති සත්වයන් ඊනියා විශ්වය ආරමිභයේ සිට ම පැවතිණි යැයි අපි විශ්වාස කරමු. මෙි සත්වයනට කිනමි ආකාරයක ශරීර තිබිණි ද යන්න මෙහි දී වැදගත් නො වෙි. නිරයේ පිචිචෙන සත්වයන්ගේ සිරුරු ඉතා අධික උෂ්ණත්වවල ද පවතින බව දැන සිටීම පමණක් අපට දැනට ප්‍රමාණවත් ය. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරමිභයෙහි ඉතා දැඩි උෂ්ණත්ව තිබිණි ද ඒ උෂ්ණත්වවල ද වෙිදනා විඳිමින් හෝ නොවිඳිමින් හෝ සත්ත්වයන් සිටි බව පමණක් අපි උපකල්පනය කරමු. විශ්වයට එවැනි ආරමිභයක් පැවතිණි ද නැද්ද ආදිය අපට මෙහි දී අදාළ නො වෙි.

බටහිර ජෛවීය විද්‍යාවන්හි කියන ආකාරයේ පරිණාම ගැන අපි විශ්වාසයක් නො තබමු. ජීවය පෘථිවියේ ඇතිවිණි ද පෘථිවියට බාහිරව පැමිණියේ ද ආදී වශයෙන් බටහිර ජීව විද්‍යාඥයන් හා වෙනත් විද්‍යාඥයන් අතර කෙරෙන විවාදය අපට සතපහක්වත් වැදගත් නැත. සිත පමණක් ඇති කය නැති බඹලොව ගැන අපි දනිමු. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත හැකි අයකුට අද වුවත් මිනිස් ලෝකයේ සිට ම වුවත් ඒ අත්දැකීමි අදත් ලබාගත හැකි ය. භාවනාව දියුණු කිරමෙන් තම භෞතික සිරුරෙන් මනස ඉවතට ගතහැකි අය සිටින බව පමණක් අපි මතක් කර ගනිමු.

බටහිර ජීව විද්‍යාවට අනුව ජීවය ඇති වී තිබෙන්නේ අජීවය පරිණාමයෙනි. මෙි අදහස් අප ඉවත දමන්නේ අළුයම ලූ කෙළ පිඬක් මෙනි. බටහිර විද්‍යාවෙි ආධිපත්‍යයට අප යට වී සිටි කාලය අවසන් වෙමින් පවතියි. බටහිර විද්‍යාවට බියවීමට, එහි ආධිපත්‍යයට යටවීමට, සියළු ලෝකවාසීන්ට බලකර සිටි යුගය ඉතා ඉක්මණින් අවසන් කර දැමිය යුතු ය. අධර්මිෂ්ට මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වූ බටහිර විද්‍යාව පදනමි වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික චින්තනයක ය. බටහිර විද්‍යාව මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වන්නේ ද එබැවිනි. අනිත්‍ය, අනාත්ම නො පිළිගන්නා චින්තනයක් මත පදනමි වූ බටහිර විද්‍යාවෙන් ලොවට ඇති වී තිබෙන හානිය කියා නිමකළ හැකි නො වෙි.

ධාර්මික ලොවක්, අඩුම තරමින් ධාර්මික ලංකාවක්, ධර්මය රජයන ලංකාවක් ඇතිකිරීමට බලාපොරොත්තුවන කිසිම අයකුට බටහිර විද්‍යාවට අබමල් රේණුවකවත් උපකාරයක් කිරීමට නො හැකි ය. එසේ උපකාර කරන්නෝ එක්කෝ තමන් කරන්නේ කුමක් දැයි නො දනිති. නො එසේ නමි ඔවුහු වංචනිකයෝ වෙති. අපට අවශ්‍ය අනිත්‍ය, අනාත්ම පදනමි කරගත්, නිවන් අවබෝධ කරගැනීමට තුඩුදෙන ජීවන ක්‍රමයක් සකස්කර ගැනීම සඳහා ලෞකික වූ දැනුමක් ඇතිකර ගැනීම ය. බටහිර විද්‍යාව හා බටහිර ජීවන ක්‍රමය නිවන් අවබොාධ කරගැනීමට තුඩු දෙන්නක් නොවන බව සිංහල බෞද්ධයනට ඉක්මනින් ම පැහැදිලි විය යුතු ය.

මනසක් ඇති සතුන් බටහිර විිද්‍යාවෙි කියන ආකාරයට විශ්වය ආරමිභ වී බොහෝ කලකට පසුව ඇතිවුවත් විද්‍යාලංකාර විවරණයට ඒ ප්‍රශ්නයක් නො වෙි. දැනුම යනු මිනිසුන්ගේ පමණක් නිර්මාණයක් ද නො වෙි. ඒ ඒ වර්ගවල සත්තු විවිධ දැනුමි නිර්මාණය කරති. ඒ අතර දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන් ද එකතු වී දැනුම නිර්මාණය කෙරෙන බව සිංහල බෞද්ධයන්ගේ අත්දැකීම ය. එහෙත් හුදෙක් බටහිර විද්‍යාව සමග තර්ක කිරීමට අපි ඒ අමතක කරමු. බටහිර විද්‍යාව ඉතා ආක්‍රමණශීලීව අපට කියන ආකාරයට මිනිසුන් පරිණාමයක ප්‍රතිඵලයක් ලෙස ඉතා මෑතක දී ලොව පහළ වී යැයි අපි බටහිර විද්‍යාව සමග තර්ක කිරීම සඳහා උපකල්පනය කරමු.

එසේ මිනිසුන් ඇතිවීමෙන් පසුව පමණක් දැනුම නිර්මාණය වී යැයි උපකල්පනය කළත්, මිනිසුන් එසේ දැනුම නිර්මාණය කරන්නේ අතීීතයට ද බලපාන අන්දමට යැයි අපි කලින් කියා ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත් අද අප බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභය ගැන කතාකරන්නේ අපේ අද දැනුම විශ්වයේ ආරමිභයට ද බලපාන අයුරින් සකස්කර ගැනීමෙනි. එහෙත් අප තවමත් විශ්වයේ ඊනියා ආරමිභය දැක නැත. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා මහා පිපුරුමෙි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ක්‍ෂුද්‍ර තරංග පසුබිමි විකිරණයේ (මඉචරඔ තඅවඑ බඅචකගරඔඋනඩ රඅඩඉඅටඉඔන) වර්තමාන අවස්ථාව ය. අප අද කරන්නේ පසුකාලීනව නිර්මාණය කරගත් දැනුමක් විශ්වයේ ආරමිභයට ද බලපාන පරිදි යොදා ගැනීම ය.

අප සිටියත් නැතත් ක්වොන්ටමි අංශු හා පද්ධතීන් එකිනෙක සමග ගැටෙන බව පැහැදිලි ය. ඒ ගැටීමි හේතුවෙන් ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ද ලැබෙනු ඇත. අප මැන්නත් නැතත් ඒ අගයන් පවතියි. අප නැතිව අංශු ගැටී එවැනි අගය ක්වොන්ටමි අංශුවලට හා පද්ධතිවලට ලැබෙන්නේ ය යන්නෙන් අදහස් වන්නේ ඒ අගය මැනුණු බව නොව මැනෙන්නට ලැබී ඇති බව ය. නිරීක්‍ෂකයන් නැතිව වුවත් ක්වොන්ටමි අංශුවල ප්‍රතිබද්ධ ගුණවල අගය මැනෙන්නට හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙන්නට ද හැකි ය. එහෙත් අප මෙහි දී අවධාරණය කරන්නේ එසේ නිරීක්‍ෂකයන් නැතිව අගය ලැබෙන්නට ඇති මුත් ඒ නිරපේක්‍ෂ වාස්තවික අගය නොවන බව ය. විිද්‍යාලංකාර විවරණය හා ඊනියා යථාර්ථවාදී විවරණය අතර ප්‍රධාන වෙනසක් ද එය වෙයි.

ඊනියා යථාර්ථවාදී විග්‍රහයට අනුව නිරීක්‍ෂකයන් මැන්නත් නැතත් ඔිනෑම ප්‍රතිබද්ධ ගුණයකට නිශ්චිත අගයක් ඇත. ඒ අගය කුමක් දැයි ක්වොන්ටමි භෞතික විද්‍යාවට කිව නොහැක්කේ ඒ විද්‍යාව අසමිපුර්ණ නිසා යැයි අයින්ස්ටයින් විිද්වතා ප්‍රමුඛ ඊනියා යථාර්ථවාදියෝ කියා සිටිති. එසේ ම ඒ අගය වාස්තවික යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. විද්‍යාලංකාර විවරණයට අනුව ඒ අගය වාස්තවික නොවන අතර ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක් ද නැත. විද්‍යාලංකාර විවරණයෙහි ප්‍රතිබද්ධ ගුණයට මනින්නට පෙර අගය එකකට වඩා තිබෙන අතර, මැනීමෙන් පසු එය එක අගයක් පමණක් ගනියි. නිරීක්‍ෂකයන් ඇතිවීමට පෙර ද අංශු එකිනෙක සමග ගැටී එලෙස ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ලැබෙන්නට ඇති යැයි ගත්තත්, ඒ අගය යනු නිරී’ක්‍ෂයන් තම වර්තමාන දැනුම අතීතයට ද බලපාන අයුරෙන් සකස් කරගැනීම නිසා මිනිසුන්ට ඒ විෂය වන ආකාරය ය. ඒ අගය හා දැනුම වර්තමාන නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂ වූවක් බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 5

ඇතැමි ඔිල්කටි බෞද්ධයන්ට (සිංහලකම නැති බෞද්ධයන්ට) හා කෝනල් සිංහලයන්ට (බෞද්ධකම නැති සිංහලයන්ට) ඇති ප්‍රශ්නයක් නමි මෙරට තමන් සිංහල බෞද්ධයන් යැයි හඳුන්වාගන්නා පිරිසක් සිටීම ය. ඉහත කී පඬියන් අසන්නේ බෞද්ධකම සිංහලයන්ට පමණක් ද යන්න ය. සිංහල බෞද්ධයන් යැයි කී පමණින් බෞද්ධකම සිංහලයන්ට පමණක් අයත්වන්නේ යැයි කියන්නේ, එලෙස නිගමනය කරන්නේ, කිනමි න්‍යායකට ද යන්න පඬියන් ම තේරුමි කර දෙන්නේ නමි මැනවි. සිංහල බෞද්ධයන් පමණක් බෞද්ධ වන්නේ නමි විය යුත්තේ සිංහල කී පමණින් බෞද්ධ බවත් බෞද්ධ කී පමණින් සිංහල බවත් ගම්‍ය වීම ය. එහෙත් ඒ එසේ නොවන බව වඩාත් ම දන්නෝ ඔිල්කටි බෞද්ධයෝ හා කෝනල් සිංහලයෝ ය. මෙි පඬියන් දන්නා නයක් (න්‍යායක්) නැත. එහෙත් ඔවුහු රටට ම ඇණයක් වෙති. සිංහල බෞද්ධ යන්න ධර්මපාලතුමාගෙන් පසුව ව්‍යවහාරයට පැමිණියත් නැතත් එහි අර්ථය අපට පැහැදිලි කර දී ඇත්තේ ගැමුණු කුමරු ය. එය තහවුරු කරනු ලැබ ඇත්තේ පස්වැනි සියවසේ ලියැවුණු මහාවංසයෙනි. ගැමුණු කුමරුගේ පාඨයක් ලෙස මහාවංසයෙන් කියැවෙන මාගේ මෙි ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා ය යන්න සිංහල බෞද්ධත්වයේ ආරමිභය වෙයි. ගැමුණු කුමරු ඒ ප්‍රකාශය කර ඇත්තේ සිංහල බෞද්ධයකු ලෙස ය. බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳු ඔස්සේ විෂ්ණු දෙවියන්ට මෙරට රැකගැනීම භාරකර ඇත. මෙි මහාවංසයේ සඳහන් කරුණු පමණක් නො වෙි. තම මනස දියුණු කරගත් පින් ඇති අයට අද වුවත් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි දෙයකි.

මෙහි දී පින් ඇති අයට යන්න ගැන කෙටි විවරණයක් කළ යුතු ය. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා පඬියන් (මොවුන් හීනෙන්වත් ඉදිරිපත් කර ඇති ඊනියා විද්‍යා සංකල්පයක් නැතිවා පමණක් නොව බොහෝ දෙනකු කෙක්‍යුලේ බෙන්සීන් වලය ගැන දුටු සිහිනය ගැනවත් කියවාවත් නැත) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව දැනුම පින් ඇති හා නැති සියළු දෙනාට ම ලබාගත හැකි විය යුතු බව ය. එහෙත් ඔවුන් නො පිළිගත්ත ද ඔවුන්ට ඊනියා විද්‍යාඥයන් වීමට හැකිව ඇත්තේත් යමි ආකාරයක පිනක් (එය රට වශයෙන් ගත්කල පවක් ද යන්න වෙන ම කරුණකි) ඇති බැවින් ය. විද්‍යා විෂයන් හැදෑරීමට නොහැකිව වෙනත් ආකාරයක පින් නිසා වෙනත් විෂය හැදෑරීමට යන්නන්ට අර විද්‍යා විෂය ඉගෙනීමට අවශ්‍ය පින තිබී නැත. මෙි කසිකබල් විද්‍යාඥයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ක්‍ෂෙත්‍රවල ද ක්‍රියාත්මක නොවන බව ඔවුන්ට නොතේරෙයි. ලොවෙි බිහිවන සියළු දෙනාට ම විද්‍යාඥයන් වීම සඳහා ඔවුන්ගේ බසින් කියන්නේ නමි අඩුම තරමෙන් විභවයක්වත් වෙි ද? එසේ විභවයක් තිබුණ ද එය සාක්‍ෂාත් කරගැනීමට හැකියාව ඇත්තේ කී දෙනකුට ද?

සිංහලයන් දේවානමිපිය තිස්ස රජුකල නිල වශයෙන් බෞද්ධයන් වුවත් ඔවුන් සිංහල බෞද්ධයන් වී ඇත්තේ ගැමුණු රජු දවස ය. ඇතැමි සිංහල බෞද්ධයනට අනුව ගැමුණු රජු යනු මෛත්‍රී බෝසතාණන් වහන්සේ ය. ඇතැමුන්ට අනුව එතුමා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත්සවි වන්නේ ය. ඒ කුමක් වුවත් එතුමා පසුගිය අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක මෙරට බිහි වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයා වෙයි. තමන්ගේ ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා යැයි කීමට එතුමා පෙළඹී ඇත්තේ ඇයි ද යන්න ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් දැනගත හැකි ය. විෂ්ණු දෙවියන්ගේ (මෙි එනමින් ඇති හින්දු දෙවියන් නොවන බව අවධාරණය කළ යුතු ය) ආධාරය ද ඇතිව මෙරට රැකගැනීම සිංහල බෞද්ධයන්ගේ අධිෂ්ටානය මෙන් ම ප්‍රාර්ථනය ද වෙයි. මෙරට රැකගත යුත්තේ මෙරටින් පඬියන් බිහිවීමට ඉඩ සැලසීමට නොවෙි. ඒ පඬියන් බිහිවන්නේ මෙි රටෙි කරුමයකට මිස පිනකට නො වෙි. රටට ද පිනක් මෙන් ම පවක් ද ඇත. මෙරට පව අන්කිසිවක් නොව බටහිර ගැති අනුකාරක දීන පඬියන් කිහිප දෙනකුට ද එය ජන්මභූමිය වීම ය. දරුණුතම හීනමානයකින් පෙළෙන මෙි පඬියෝ බටහිර දැනුමෙි ඒජන්තයෝ පමණක් ම වෙති. ඔවුන්ට බටහිර ද එතරමි පිළිගැනීමක් නැත. ඔවුන්ට වැඩිම වුවහොත් බටහිර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරුන් වරියන් විය හැකි ය. එහෙත් එතනින් එහාට ලැබෙන පිළිගැනීමක් නැත. ඒ නොමැති පිළිගැනීම ලබාගැනීමට ඔවුන් උත්සාහගන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය උදෙසා සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමෙනි. ඒ සඳහා ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම යොදාගනිති.

සිංහල බෞද්ධයන් නොවන්නට ලෝකයේ ථෙරවාදයක් නැත. ථෙරවාදය ආරක්‍ෂා කරගත්තෝ සිංහල බෞද්ධයෝ ය. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ආධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය සිංහල ථෙරවාදය වෙයි. ථෙරවාදය ද සිංහලයන්ට පමණක් අයිති දැයි පඬියකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. සිංහල ථෙරවාදය යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් විසින් රැකගැණුනු ථෙරවාදය වෙයි. සිංහල ථෙරවාදය තුන්වැනි සංගායනාවෙන් ලැබුණු ථෙරවාදයෙන් බිහි වී ඇත. සිංහල බෞද්ධයන් තමන් ඒ අයුරින් හඳුන්වා ගන්නේ අභිමානයෙනි. ඒ අනෙක් අය පෙළීම සඳහා යොදාගන්නා අභිමානයක් නො වෙි. අනෙක් අය පෙළන්නෝ බටහිරයෝ හා ඔවුන්ගේ ඒජන්ත පඬියෝ ය. ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම නමැති අවිය අමෝරාගෙන මුළු ලෝකය ම තම ආධිපත්‍යය යටතට ගැනීමට උත්සාහ දරති. අවාසනාවකට පසුගිය අවුරුදු පන්සියයක පමණ ඉතිහාසයේ ඒ කාලකන්නි උත්සාහය සෑහෙන පමණකින් සාර්ථක වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සිංහලකම හා බෞද්ධකම එකිනෙකින් වෙන්කළ නොහැකි ආකාරයට බද්ධ වී ඇත. එහෙත් එයින් කියැවෙන්නේ (ථෙරවාද) බෞද්ධකම සිංහලයන්ට පමණක් සීමාවුවක් ය යන්න නො වෙි. මියන්මාරයේ, තායිලන්තයේ, ලාඔිසයේ, කාමිබෝජයේ පමණක් නොව චීනයේ ද කොටසක ථෙරවාද බෞද්ධයෝ වෙති. කලක් ආන්ද්‍ර ප්‍රදේශයේ ද ථෙරවාද බෞද්ධයෝ වූහ. අද එහි බෞද්ධයන් දැකගත නො හැකි ය. සිංහල බෞද්ධයන් නොවන්නට අනෙක් රටවලින් ද ථෙරවාද බුදුදහම නැතිවන්නට තිබිණි. අනෙක් අතට සිංහලයන්ට බෞද්ධකම පමණක් සීමා වී නැත. බෞද්ධ නොවන සිංහලයෝ ද වෙති. එසේ වුවත් පොදුවෙි ගත්කල සිංහලකම හා බෞද්ධකම නැති නොවන ලෙස එකට බැඳ තබනු ලැබුයේ ගැමුණු රජතුමා විසිනි. එතුමා සිංහල බෞද්ධයනට බෞද්ධකම රැකගනිමින් යුද්ධ කරන ආකාරය ද කියා දුන්නේ ය. සිංහල බෞද්ධයන් බුදුසසුන රැකගැනීම සඳහා පසුගිය වසර දෙදහස් දෙසියයකට අධික කාලයක් ක්‍රියා කර ඇත. රට, ජාතිය, ආගම යනුවෙන් කරුණු තුනක් උදෙසා කටයුතු කරන එකම පිරිස සිංහල බෞද්ධයෝ වෙති. සිංහල බෞද්ධයන් එසේ රට ජාතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන්නේ එක් අතකින් බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම පිරීම සඳහා සුදුසු ම රට ලංකාව වන බැවිනි. ලංකාවෙි භූගෝලීය පිහිටුම ද ඒ සඳහා ආධාරයක් වෙයි. අද ද සමිබුද්ධත්වය සඳහා පාරමී ධර්ම පුරන සිංහල බෞද්ධයෝ වෙති. ලංකාවෙි සමස්තයක් ලෙස සිංහලකම බෞද්ධකමින් හෝ බෞද්ධකම සිංහලකමින් හෝ වෙන්කළ දින සිංහලකම මෙන් ම බෞද්ධකම ද නැති වනු ඇත. ඉන් පසු ලෝකයෙන් ම ථෙරවාදය සසුනක් ලෙස නැති වී යන දිනය ද ළඟා වනු ඇත. එවිට ථෙරවාදය පවතිනු ඇත්තේ පුස්තකාලවල පමණ ය. බටහිරයන්ගේ ද ඔවුන්ගේ ගැත්තන් වූ අනුකාරක පඬියන්ගේ ද බලාපොරොත්තුව ද එය ම වෙයි.

මෙහි දී එක් කරුණක් පඬියන්ට මතක්කර දිය යුතු ය. සිංහල බෞද්ධයන් සිටින්නේ ලංකාවෙි පමණ ය. එහෙත් රෝමානු කතෝලිකයෝ ලොව පුරා විසිරී සිටිති. ඔවුන් ලංකාවෙි ද දැකගත හැකි ය. මෙරට රෝමානු කතෝලික පල්ලිය බලවත් ආයතනයකි. එහි මෙරට ප්‍රධානියා කාදිනල්වරයෙකි. ඒ පත්වීම ද ලංකාවෙි රෝමානු කතෝලික පල්ලියේ තවත් පත්වීමි ද කෙරෙන්නේ වතිකානුවෙනි. වතිකානුව රෝමයේ පිහිටියත් ස්වාධීන රාජ්‍යයකි. මෙි පත්වීමි යුරෝපයේ හා ඇමෙරිකාවෙි හා වෙනත් රටවල ලංකාවෙි විවිධ නිකායවලින් කෙරෙන සංඝනායක පත්විමි සමග සමාන නොකළ යුතු ය. මෙරට නිකාය එකක්වත් ස්වාධීන රාජ්‍ය නොවන අතර විවිධ රටවල සංඝනායක හිමිවරුන්ට ද කිවයුතු බලයක් නැත. ඒ සංඝනායක ස්වාමීන්් වහන්සේ ඒ ඒ රටවල රාජ්‍ය විසින් පිළිගනු නො ලැබෙති. එහෙත් මෙරට රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා රාජ්‍යය විසින් ද පිළිගනු ලැබෙයි. මෙි රෝමානු කතෝලික පල්ලිය හා රෝමානු කතෝලිකයන් ගැන පඬියන් කියන්නේ කුමක් ද? ලංකාවෙි ජනයාගෙන් පිරිසක් අදහන ආගමක නායකයන් වෙනත් ස්වාධීන රාජ්‍යයක් විසින් පත්කරනු ලැබීම හා ඒ ආගමෙහි අනන්‍යතාව රෝමය (වතිකානුව) සමග බැඳී තිබීම ලංකාවෙි ස්වාධීනත්වයට කෙසේ බලපාන්නේ ද යන්න ගැන පඬියන්ට තමන් දන්නා බටහිරයන්ගෙන් යමි හෝඩුවාවක් ලැබී තිබෙි ද? කාදිනල්වරයා ප්‍රමුඛ පල්ලියේ රෝමානු බැඳීම නැති කිරීමට පඬියන් කර ඇත්තේ කුමක් ද?

සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කතාකිරීමට යොදවාගෙන ඇති තවත් පිරිසක් නමි යමි ආකාරයක කුල පීඩනයක හසු වූ සිංහල බෞද්ධයන් ම ය. කුල ක්‍රමය නරක දෙයක් නො වෙි. ලංකාවෙි තිබූ කුල ක්‍රමය කුල පීඩනයක් බවට පත්කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. ඒ කුල පීඩනය හින්දු කුල පීඩනයෙන් අංශු මාත්‍රයක් පමණක් වුවත් මෙරට කසිකබල් පුවත්පතක් එය ඉස්මතු කිරීමට විශාල වෑයමක් ගන්නා අතර ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ද එයට හසු වූ අය ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයකට විරුද්ධව කටයුතු කිරීමට මෙහෙයවන්නේ තමන්ගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් ජනතාවගේ සිත්සතන් වෙනත් පැත්තකට යොමු කිරීමට ය. අපි මෙි සිංහල බෞද්ධ විරෝධී බලවෙිග හඳුනාගෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා දැනුමි ආධිපත්‍යය මෙරටින් අතුගා දැමීමට සූදානමි වෙමු.

THE IMPORTANCE OF LEARNING ENGLISH/ MATHEMATICS V

It should be clear from what has been said so far the importance or otherwise of learning anything from witchcraft to so called science (western science) is decided by the relevant society, and that it is relative to the particular culture. Relativism is not a crime as some who have been trained in the culture of western Christian modernity which in the final analysis depends on the existence of an all powerful omnipresent and omniscient god dictating absolute good absolute heaven and absolute hell seem to think. These people think that their beliefs are absolute and ask the relativists whether good and bad are also relative. Yes they are relative, and my good and bad are decided relative to Nibbana. I not only try to refrain from killing animals but extend compassion (maithree) to these animals. I am not sure of the derivation of the word animal but I have been told that creature is derived from create implicating that all creatures have been created. The other creatures are killed by the homo sapiens, though the latter have also been created. The other animals have been created for the homo sapiens and apparently there is nothing wrong in killing other animals in various western cultures.

One could ask whether it is all right for the Sinhala Buddhists to kill innocent Tamils, and the answer is no. However, that does not mean that the Sinhala Buddhists would meditate when the country is under attack, and Prince Gemunu has taught the Sinhala Buddhists how to fight and engage in wars with minimum damage to the innocent people. The fact that such questions are never asked from people in other cultures speak volumes for the good or bad of killing others in other cultures. For example Israelis are never asked whether it is good to kill Palestinians. One does not have to go to west Asia in search of “non questions” such as above, but in Sri Lanka itself nobody asked Prabhakaran and his terrorist outfit whether it is good to bomb innocent Sinhala people. Perhaps they went by Bhagavad Gita where killing “enemy” has been defended by Krishna himself, and Arjuna had no misgivings after listening to the god. Killing not only animals but humans can be defended in many cultures depending of course on the circumstances. It is western Christian modernity and not Sinhala Buddhism that tries to impose its views on the general public in the name of an absolute truth assuming that the truth relative to western Christian modernity is the so called absolute truth.

Importance of English and Mathematics in present Sri Lanka has been decided by the west that imposes a cultural colonialism even after so called political independence that was given to us (and of course to the rest of the empires). The political, economical and cultural components of western Christian colonialism are interdependent and we cannot be totally political independent as long as we are under cultural and economical colonialism. At present the west imposes its colonialism not through the governors and government agents, the armed forces etc., but through knowledge that has been created in the west during the last five hundred years or so. As I have mentioned in the previous installments neither the ministry of education nor the universities have any independence, except to engage in a little bit of tinkering in the structure of education. Even the present discussion on the importance of English/Mathematics is just a tinkering and whether the ministry of education waives the condition of a pass in Mathematics at the GCE (OL) for those who want to enter the universities to study performing arts or not will not change the edifice of education that has been imposed on us by the English. However, these discussions are good if they open the eyes of the “educated” people in the country, even if nothing substantial happens as a result of such dialogue.

The western education is gradually coming to a halt but it will take a few more decades before we experience it. The universities in the whole world have outlived their existence and with the Faculties of Management Studies and Commerce gaining importance the universities in the whole world are in the process of becoming technical colleges supplying labour to the entrepreneurs in general. When the secretary to the ministry of higher education, who himself is a graduate in commerce and management studies, said recently that the universities should take the responsibility of producing a graduate who can be employed he summarized the present worldwide collapse in western education. England and its colonies in the British Isles could boast that so many higher educational institutes have been upgraded to university level and that there are so many universities in the country. However, what has happened is only a “downgrading” of universities in the nineteenth century and first half of the twentieth century sense, and the universities have now become polytechs or poly technical colleges. Even at Cambridge it appears that the concept of an integrated university education has been lost, and apparently one could get a degree from Cambridge after finishing number of course units/modules at other institutes and taking some top up courses in the third year at the institute that could claim to be one of the best universities in the nineteenth sense of the word. When I was a schoolboy there was a so called polytech in Wellawatte which did not attract the “brilliant students”. The “good students” wanted to enter the universities while those who could not do well at the GCE (OL) entered institutes such as polytechs. This practice has been changed and now there are “good” students who study in the so called commerce stream.

However, in Sri Lanka we have never had a university in the sense of Oxford or Cambridge or London though we try to boast of Oxbridge traditions whether in mode or content or spirit. I am not concerned with the college/university structure with college tutorials as in Oxford and Cambridge but with the content that is taught, when I say Oxbridge traditions. The university college that was set up in 1921 at the Thurstan Road premises was nothing but a glorified “tuition kade” that prepared students for the University of London external examinations. Our mode was not that of Oxbridge, Red Brick Universities or even London but in content we followed them. In spirit we were no better than the present day private institutes preparing students for the degrees of various universities abroad, with various colleges of the University of London still awarding degrees through some of these institutes. We still continue with some of the “traditions” of the old “tuition kade” at the universities such as teaching for special and general degrees and collecting a fee, though a miserable two hundred rupees or so, for invigilating at a three hour examination. In addition to the Thurstan Road “tuition kade” we had the so called professional colleges namely the Medical College, Law College and the Technical College that had been in existence from the latter part of the nineteenth century and they were not even “tuition kades” but institutes that produced western medical doctors, Roman Dutch lawyers and English engineers. In 1942 when the University of Ceylon was established the Medical College was upgraded to a Faculty in the University and a Faculty of Engineering was added while keeping the technical college as it was. We also had a Faculty of Law and a Law College and our downgrading of the western nineteenth century university had commenced in 1942 itself with the so called upgrading. The Faculty of Medicine attached to the University of Colombo was called the Medical College until very recently, and even today a Law Medical match is played between students of the “Medical College” and the Law College. The graduates of the Faculty of Law cannot practice in courts of law unless they sit for an examination conducted by the Law College, as the former dean of the Faculty of Law, Dr. G. L. Peiris knows very well.

After 1942, the “tuition kade” spirit prevailed in the Faculties of Arts and Science while the spirit of the professional colleges prevailed in the so called professional faculties. The “good students” even then aspired to enter the so called professional faculties while some other “good students” wanted to enter the Faculties of Arts and Science either to become CCS cadets or assistant lecturers in their chosen disciplines or central bank recruits. Some of them would have ended up as scholars but not as intellectuals. They were endowed with the ability to understand the fundamentals and to analyze the “facts” among other things but did not possess the ability to question the fundamentals and create new concepts and theories. It is difficult to expect a cultivation of the qualities mentioned last in a “tuition kade”, and on top of that there was the problem of creating knowledge in an alien chinthanaya however sophisticated (westernized) the person may be.

While we discuss the importance of learning Mathematics the world has lost the universities forever, and these so called seats of higher learning are now engaged in teaching skills to students. Mathematics is not such a skill, though in Sri Lanka English/Mathematics are still considered to be skills that have to be learnt. The universities are now looking at ways of imparting skills such as English, IT together with what are called soft skills. They are all “job oriented” and in a “job oriented” education not much importance cannot be attached to Mathematics, western or otherwise. The emphasis on so called soft skills which are nothing but skills in marketing oneself that can be called “moththe hapankam” in colloquial Sinhala. The young people very often refer to “moththe danawa” and there are many people having such “skills” among the so called top people (they are now called CEOs and other officers with big sounding titles) whether in the government sector or in the private sector. The importance of all these skills are dictated to us by the Americans who became leaders of western Christian modernity after the so called second world war and the introduction of soft skills signifies the collapse of the western modernity.

In Sri Lanka the importance of English/Mathematics is emphasized due to western Christian colonialism, and I often wonder why the big bosses in the private sector cannot be taught Sinhala rather than teaching English to all the students in Sri Lanka. It is less expensive to teach Sinhala to the CEOs and other big boys and girls, and switching over to Sinhala in the private sector is not such a big problem. English that oppresses the great majority of people in the country has still not been “decrowned” by the society simply because the western Christian modernity imposes its hegemony on us. It is the will of the western Christian modernity that prevails and not that of the so called Sinhala Buddhist hegemony. Sometimes we tend to believe that if two people with equal “talents” except for knowledge in English come for an interview then the person with some knowledge in English has the advantage. However, it is not so as there may be situations where knowing English and very often together with it some acquaintance with the relevant culture and logic could be a disadvantage. Sinhala Buddhists are familiar with situations where neither a given proposition nor its negation is true or both could be true where the English educated person familiar with Aristotelian logic and who has not been able to break away from the particular thinking would be at sea.

Copyright Prof. Nalin De Silva

Saturday, 12 March 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 4

ලෝක ඉතිහාසය පංති සටනේ ඉතිහාසය ලෙස දැකීමට තැත්කළ මාක්ස්වාදීනට කිසිම ඉතිහාසයක් ගැන කිසිම අවබෝධයක් නො වී ය. විශේෂයෙන් ම මෙරට මාක්ස්වාදීනට මෙරට ඉතිහාසය පිළිබඳ හෝඩුවාවක්වත් නො වී ය. පනස්හය වන විට පිලිප් ගුණවර්ධන මහතා පුස් කෑ පොත් විසිකර දමා ජාතිකත්වය වැළඳ ගැනීමට පියවර ගෙන සිටි නමුත් ලංකා සමසමාජ පක්‍ෂය වල්මත් වී හසරක් නොදුටුව ම පැවතිණි. පනස්හයේ සිංහල භාෂාව නැවත මෙරට රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ අදහස මතු වූ විට ලසසප අර්බුදයට ගියේ ය. අළුත්කඩෙි නඩු කතා නොකරන විට වෙිදිකාවෙි කමිකරු පංති විප්ලවය ගැන කතාකළ කොල්වින් ආර් ද සිල්වා තවත් කතා දෙකක් ගැන ප්‍රසිද්ධව සිටියේ ය. එකක් ස්වාධීන අපේක්‍ෂකයන් ඔළු තුනේ බූරුවන් ලෙස හැඳින්වූ කතාව ය. අනෙක භාෂා දෙකයි එක රටයි, භා’ෂා එකයි රටවල් දෙකයි යන එවැනි ම වූ බූරු කතාවට ය. මෙරට අනෙක් ඊනියා බුද්ධිමතුන් මෙන් ම කිසි දිනෙක කිසිම සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ හඳුන්වා දී නැති කොල්වින් ආර් ද සිල්වාගේ මෙි භාෂා කතාව ඔහු වැනි ම වූ බුද්ධිමතුන්ගේ සිත් ගත් අතර අද ද ඔවුහු එය වමාරති. එහෙත් භාෂා දෙකක් නොව තුනක් රාජ්‍ය භාෂා කිරීමෙන් පසුව ද ලසසපයේ දෙමළ ජාතිවාදී හිතවත්තු ෆෙඩරල් හෙවත් රාජ්‍ය දෙකේ යෝජනාව අස්කර නොගත් හ.

ෆෙඩරල් යනු එහි ඉංගිරිසි තේරුම කුමක් වුවත් අන්කිසිවක් නොව ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉංගිරිසියෙන් හා සිංහලෙන් හඳුන්වාදීමට යොදාගත් වචනය විය. දෙමළ ජාතිවාදීන් ෆෙඩරල් යන්නෙන් අදහස් කෙළේ වෙනම රාජ්‍යයක් බව ෆෙඩරල් හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නමෙන් ද චෙල්වනායගමි නමි සිංහල බෞද්ධ විරෝධී දෙමළ ක්‍රිස්තියානි ජාතිවාදියාගේ දැන් ටිකක් පසුව හුඟක් යන ප්‍රතිපත්තියෙන් ද ප්‍රභාකරන් නමි දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදියාගේ ඊළාමි ව්‍යාපාරයෙන් ද පැහැදිලි විය යුතු ය. ජාතිකත්වය හා කසිකබල් මාක්ස්වාදය අතර හැමදාමත් දෝලනය වූ ජ වි පෙ අද නැවතත් ෆෙඩරල් දිශාවට ගමන්කර ඇත්තේ තමන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පසු ද සිංහල ඡන්ද දිනාගැනීමට නොහැකි වීම හේතුවෙන් බව පැහැදිලි ය. එහෙත් එපමණකින් ජ වි පෙරමුණට දෙමළ ඡන්ද ලැබෙිවි යැයි නො සිතිය යුතු ය. දෙමළ ජාතිවාදීහු ද ඊනියා බුද්ධිමත්තු ද ජ වි පෙරමුණේ ෆෙඩරල් පිලිගැනීම මහත් ඉහළින් වර්ණනා කරති. ජ වි පෙරමුණ ද සිිංහල ඡන්දදායකයාට අළුත් යමක් දෙන්නේ ය කියන අරුතින්දෝ තමන් කැමතිවන්නේ වෙන්වීමට වැර දරන ෆෙඩරල් ක්‍රමයකට නොව එක්වීමට නැඹුරු වූ ෆෙඩරල් ක්‍රමයකට යන බයිලාව කීමට පටන් ගෙන ඇත. මෙි අළුත් බයිලාවක් නො වෙි. දෙමළ ජාතිවාදී දේශපාලනඥයෝ ද සිංහල විරෝධී කසිකබල් මාක්ස්වාදියෝ ද මෙි බයිලාව මෙයට පෙර කීවෝ ය. එක්වීමට තැත්කරන කී විට එයින් අදහස් වන්නේ වෙන ම පැවති රාජ්‍ය එක්වීමක් මිස වෙනත් දෙයක් නො වෙි. ඇමරිකා එක්සත් ජනපදය හා ඔිස්ටේ‍රිලියාව ඒ සඳහා හොඳම උදාහරණ වෙයි. වෙන ම පැවති රාජ්‍ය හෝ පාලන ප්‍රදේශ හෝ එකතු කර ඒ රාජ්‍ය පිහිටුවා ඇත. ජ වි පෙ එම කසිකබල් මාක්ස්වාදය ඔස්සේ මෙරට වෙන ම රාජ්‍ය පැවතී යයි උපකල්පනය කරන බව පැහැදිලි ය. ඇතැමි විට ඔවුන් මෙරට එක්සේසත් රාජ්‍යය තේරුමි නොගත් ක්වෙිරෝස් වැනි පෘතුගීසි ඉතිහාසඥයන් අනුගමනය කරමින් දහසය වැනි සියවසේ ලංකාවෙි රාජ්‍ය කිහිපයක් තිබී යැයි සිතනවා විය හැකි ය. මෙි පෘතුගීසි ඉතිහාසඥයන් එක්සේසත් රාජ්‍යය යනු කුමක් දැයි නොදැන සිටි බවට හොඳම උදාහරණය ඔවුන් කෝටිටෙි රජු, එනමි ලංකාවෙි (හෙළදිවෙි) රජු අධිරාජයා ලෙස හැඳින්වීම ය. මෙරට කිසි කලෙක අධිරාජයන් නොසිටි නමුත් පෘතුගීසි ඉතිහාසඥයන් තමන් දැන සිටි රාජ්‍ය පාලන ව්‍ය්‍රහ අනුව, එනමි ඔවුන්ගේ දේශපාලන විද්‍යාව අනුව, ලංකාව අධ්‍යයනය කිරීමෙි ප්‍රතිඵලය වූයේ කෝටිටෙිට අධිරාජයකු ලැබීම ය. මෙරට වෙන ම රාජ්‍ය පැවති බව උපකල්පනය කරමින් එක්වීමට ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමට මැත දොඩන ජවිපෙ යැවිය යුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටත් වඩා කුණු කූඩවල ඉතිහාසයට ය. අවස්ථා කිහිපයක දී ම ජාතිකත්වය වැළඳ ගැනීමට නොහැකි වූ ජවිපෙ යනු කසිකබල් මාක්ස්වාදය විසින් බිහි කෙරුණු තවත් කුණු කූඩයක් පමණකි.

පැරණි මාක්ස්වාදී නායකයන්ට හසු නොවුණු ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය වත්මන් මාක්ස්වාදීනට හසුවූයේ වර්තමානිකයන්ගේ දක්‍ෂකමක් නිසා නො වෙි. වර්තමානිකයෝ ද උපන්ගෙයි අනුකාරකයෝ වෙති. මෙි අනුකාරක කසිකබල් මාක්ස්වාදීනට පැරුන්නන්ට හසු නොවූ පොත්පත් කිහිපයක් ලැබී ඇත. දෙමළ ජාතිවාදය හා එයට අවශ්‍ය මතවාද සමිපුර්ණයෙන් ම බටහිර රටවල ධනේශ්වර උගතුන් විසින් සමිපාදනය කෙරිණි. විශේෂයෙන් ම ලන්ඩන් විශ්වවිද්‍යාලය, සසෙක්ස් විශ්වවිද්‍යාලය, උප්සලා විශ්වවිද්‍යාලය, කෝනල් විශ්වවිද්‍යාලය මෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ය. කෝනල් විශ්වවිිද්‍යාලය ඊනියා සිංහල අධ්‍යයනය ගැන මහත් උනන්දුවක් දක්වන සිංහලයන්ට බුද්ධාගම අහිමි කිරීම සඳහා එනමි බෞද්ධකමක් නැති සිංහල ඉතිහාසයක් නිර්මාණය කිරීම සඳහා කැසකවන ආයතනයකි. මෙි ව්‍යාපෘතිය දැනට අවුරුදු විස්සකට අධික කාලයක් තිසසේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා දායක වන සිංහල අතළොස්සක් ද දැකිය හැකි ය. ඔවුන් විශ්වවිද්‍යාලවල නැති බව කිවයුත්තේ ඉහත සඳහන් ප්‍රකාශය කියවීමෙන් පසු විශ්වවිද්‍යාලවල උගන්වන හීනමානයෙන් පිරීගිය සතපහකට වැඩක් නැති අනුකාරකයන් අප මෙි කතාකරන්නේ ඔවුන් ගැන යැයි සිතා උද්දාමයකට පත්වී රෝගාතුර විය හැකි බැවිනි ඔවුන් ජීවත්කරවීම නරක දෙයක් නොවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ බසින් කියන්නේ නමි අපට මෙි අනුකාරකයන් බයිටි එකට ගත හැකි බැවිනි. ඇමරිකාවෙන් පැමිණි ඔිල්කටිතුමා සිංහලකම නැති බෞද්ධයන් පිරිසක්, එනමි ඔිල්කටි බෞද්ධයන් ඇති කළේ ය. අද ඇමරිකාවෙි කෝනල් විශ්වවිද්‍යාලය උත්සාහ කරන්නේ බෞද්ධකම නැති සිංහලයන් ඇතිකිරීමට ය. අපි එවැනි සිංහලයන් කෝනල් සිංහලයන් ලෙස නමිකර ගනිමු.

කෝනල් ව්‍යාපෘතියේ කුඩා කොටසක් නමි විශ්වවිද්‍යාල ඔස්සේ ක්‍රියාත්මක වෙයි. එය සෘජුව ම කොානල් විශ්වවිද්‍යාලයෙන් කෙරෙන්නේ යැයි මෙයින් අදහස් නො කෙරෙයි. මෙි ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ සිංහල බෞද්ධයන් පමණක් නොව දෙමළ බෞද්ධයන් ද ඇති බව පෙන්වීම ය. එහි දී අනුකාරක ව්‍යාපෘති ඔස්සේ ව්‍යාපාර කරන්නෝ දෙමළ යන්නට සමාන අර්ථයකින් දකුණු ඉන්දියානු හා ද්‍රවිඩ ආදී නාම යොදා ගැනීමට වෑයමි කරති. ඈත ඉතිහාසයේ ආන්ද්‍ර ප්‍රදේශය ථෙරවාදී බළකොටුවක් විය. ආන්ද්‍ර ප්‍රදේශයේ ලියැවුණු අටිඨකථා අන්දටිඨකථා නමින් හැඳින් වෙයි. ඒ සිංහළයෙහි ලියැවුණු අටිඨකථා සීහලටිඨකථා නමින් හැඳින්වෙන ආකාරයට ය. බුද්ධඝෝෂ හිමියන් මෙන් ම ධමිමපාල හිමියන් ද මෙරටට වැඩම කළේ ආන්ද්‍ර දේශයෙනි. උන්වහන්සේලා ද්‍රවිඩ වූ පමණින් හා ඇතැමි විට වත්මන් තමිල්නාඩුව ඔස්සේ ලංකාවට වැඩම කළ පමණින් දෙමළ වන්නේ නැත. බෞද්ධ නටබුන් ඇති කංචිපුරමි ප්‍රදේශය අද තමිල්නාඩුවෙි තිබූ පමණින් එය දෙමළ ප්‍රදේශයක් වන්නේ ද නැත. ආන්ද්‍ර දේශයට අයත් ව තිබි කංචිපුරමි මදුරාසි පාලන ප්‍රදේශයට එකතු කරනු ලැබුයේ මුළු ලෝකය ම අවුල් කළ ඉංගිරිසින් විසිනි. ඒ හේතුවෙන් අද කංචිපුරමි තමිල්නාඩුවට අයත් වෙයි. එහෙත් එපමණින් කංචිපුරමි දෙමළ බෞද්ධ ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් බවට පත්විය හැක්කේ කෝනල් සිංහලයන් අතින් ය. මෙි දෙමළ බෞද්ධ ව්‍යාපෘතියට අනුව යාපනයේ ඇත්තේ දෙමළ බෞද්ධ පුරා වස්තු ය. එහෙත් කෝනල් සිංහලයන්ගේ අවාසනාවට ඊනියා දෙමළ බෞද්ධයන්ගේ දෙමළ සෙල්ලිපියක් සොයාගත නො හැකි ය. කෝනල් ව්‍යාපෘතියේ අරමුණ මෙරට බුද්ධාගම (බෞද්ධ සංස්කෘතිය –- සිංහල බෞද්ධ සංස්කෘතිය) ආරක්‍ෂා කෙරුණේ සිංහලයන් විසින් පමණක් ය යන කරුණ යටපත් කිරීම ය. මෙරට පමණක් නොව අවසානයේ දී ලෝකයේ ම ථෙරවාදය රැකුණේ සිංහලයන් නිසා ය. සිංහලයන් නොවන්නට අද ලෝකයේ ව්‍යවහාරික ථෙරවාදයක් නොමැතිවීමට තිබිණි.

මෙි සමිබන්ධයෙන් කිවයුතු තවත් වැදගත් කරුණක් වෙයි. 1798 දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මගින් ලංකාව පාලනය කිරීමට පටන්ගත් පසු මෙරට පාලනය වූයේ මදුරාසියෙනි. එහෙත් 1802 දී එංගලන්ත රජය පාලනය අත්පත් කරගත් පසු මෙරට මදුරාසියෙන් වෙන්කර පාලනය කෙරිණි. යමි හෙයකින් එංගලන්ත රජය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමෙි ප්‍රතිපත්තිය දිගට ම අනුගමනය කළේ නමි අප මදුරාසි පාලනයේ කොටසක් බවට පත්වීමට තිබිණි. එසේ නමි මෙරට ඉතිහාසය කිනමි ආකාරයකට අර්ථකථනය වීමට තිබිණි ද? කංචිපුරමි මදුරාසි පාලනයට එකතුකිරීම නිසා අද ඒ ප්‍රදේශය තෙළිඟු බෞද්ධ ප්‍රදේශයක් නොව දෙමළ බෞද්ධ ප්‍රදේශයක් ලෙස හඳුන්වන්නන් ලංකාව මදුරාසි පාලනය යටකිරීමෙි ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් දිවයින ම දෙමළ බෞද්ධ රටක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණි. ඒ කෙසේ වෙතත් ඔවුන් අතින් යාපන අර්ධද්වීපය, එනමි නාගදීපය, නමි නිසැකව ම දෙමළ බෞද්ධ ප්‍රාන්තයක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණි. ඉතිහාසය පුරා සිංහලයන් අතින් සිදුවී ඇති ප්‍රධානම කාර්යය නමි යමි ථෙරවාදී ආකාරයක් රැකගැනීම ය. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය අඩුම තරමින් ගැමුණු රජතුමාගෙන් පසුව සිංහල බෞද්ධ වෙයි. අවශ්‍ය නමි සිංහල ථෙරවාද බෞද්ධ වෙයි. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හා එහි කොටසක් වූ ධනේශ්වරවාදයට ඇති ප්‍රබල ම අභියෝගයක් වනුයේ මෙි සිංහල බෞද්ධ සංස්කෘතිය ය. එය විශේෂයෙන් ම ආධ්‍යාත්මික අභියෝගයක් වෙයි. තම ආධිපත්‍යය වසාගැනීමට ක්‍රිස්තියානි නූතනත්වය සිංහල බෞද්ධයනට නැති ආධිපත්‍යයක් ආරෝපණය කරමින් තව පැත්තකින් සිංහලයන්ට බෞද්ධ උරුමය අහිමි කිරීමට කටයුතු කරයි.