Main Logo

Thursday, 5 January 2012

On so called scientific knowledge – X

Karl Popper was able to add something of his own to Western Philosophy of Science. This branch of western epistemology is in effect concerned with making theories in order to show that Western Science is unique and is in general approaching the truth, Popper was of the view that Western science differs from other systems of knowledge in that Western Science develops trying to show the theories in general are falsifiable. In other words western scientific theories are formulated in such a way that they could be falsified. A theory that is falsified is thrown out according to Popper, and it is the business of Science to see that theories are not stagnant and replaced by other theories.

Now it was known that almost from the very beginning Newton’s Theory of Gravitation did not end up with “correct conclusions”. According to the theory the planets should be moving along fixed ellipses with Sun at one of the foci. The theory was falsifiable to a certain extent but no one knew which section or constituent of the theory had to be discarded and replaced with a new theory. The theoretical prediction was not observed as the planets did not move along fixed ellipses. They moved with an advance of the perihelion (the point on the ellipse closest to the Sun) and it was clear that the theory was not quite correct. However there was a problem as there were more than one constituent of the theory, one of them being the inverse square law, which said that particles in the universe attracted each other with a force inversely proportional to the square of the distance between them. Then another part of the theory said that the force between the particles is directly proportional to the product of the masses. The most important of the constituents of the Newtonian Theory of Gravitation was of course that the particles attract each other universally. This was beyond comprehension as it meant that a particle would exert a force on another particle instantaneously even if the particles were light years away.

During the time of Newton a force was supposed to be exerted on a particle or an object when it was either pulled or pushed. In other words in order to apply a force on a particle or an object one had to touch it either directly or indirectly with the help of a pole or a rope or some such object. Now in the case of Newtonian Gravitation a particle exerted a force (the so called gravitational force) on another particle without touching it. As we all know the Sun does not touch the Earth though there is supposed to be Gravitational Force between them. Newton’s contemporaries not surprisingly wanted to find the “rope” that connected the Sun and the Earth. Newton had no answer to this problem and all that he could say was it was action at a distance!

If Popper was correct in the sense that a falsified theory was discarded in western science then the scientists at the time of Newton or even after should have done away with the theory of gravitation and said that there was no gravitational force acting between particles. However, they did not do so until Einstein arrived in the patent office and not in a University at first and were interested in modifying other components of the theory. For example they toyed with the idea of modifying the inverse square law and said that the gravitational force between two particles is inversely proportional not to the power of 2 (inverse square) of the distance between them but to some other power such as 2.0000001 or 1.9999999. Modifying the inverse square law in that manner the scientists obtained a nasty differential equation that had to be solved but they managed to explain the advance of the perihelion.

Now the scientists should have adopted the modified theory discarding Newton’s theory as the former “explained” the “facts” better than the latter. However “rational” the scientists may claim to be they did not do so on aesthetic grounds! The original theory of Newton was beautiful than the modified theory with ugly powers such as 2.0000001. Feyerabend in his book Against Method gives a good account of this, and it should be interesting to know that western scientists are guided by aesthetics as well, and not confined to logic and observations of so called facts. Even today the symmetrical properties guide the western scientists in constructing new theories. Einstein was one of the best “beauticians” who did “facials” on theories. He was attracted to beautiful faces and he knew how to appreciate such faces at very close distances. He was interested in close action and never liked action at a distance, which he called spooky action at a distance and was ready to discard the so called Cosmological Constant which he had introduced and considered as a blunder, from the Theory of General Relativity the moment he got an opportunity. In his view the Cosmological Constant he had to introduce to make the Universe static destroyed the beauty (beautiful face or the expression) of the Theory of General Relativity. At Kelaniya we have been able to rescue the Cosmological Constant in a way, make it a cosmological parameter (variable) and make it a measure of the energy due to space (space-time if you wish) and bring the fifth “bhutha” “akasa” in line with the other four “bhuthas” “apo, thejo, vayo and pathavi”, in spite of great scientists, senior professors, so called academic heads of departments who would not touch a concept in Sinhala Buddhist culture, not to mention a “bhutha”, with a barge. (A paper making akasa and other bhuthas equivalent has been published in the Journal of Physical Science and Applications in its latest issue)

Thus the “rational” scientists in the west carried on with Newton’s Gravitation Theory even though they knew that the conclusions of the theory did not agree with the observations and that there was no way to explain a “force” between two objects at a distance apart. It implies that even if we are prepared to accept that “scientific theories” are falsifiable unlike other knowledge following Popper, it serves no purpose as the scientists are reluctant to discard falsified theories. If science carry on with falsified theories what is the big idea of constructing falsifiable theories in a Popperian sense? The irony is that while the scientists carry on with falsified theories most of them even today consider Popper’s falsifiable theory as the last word on Philosophy of Science. Peter Medawar, the Brazilian born English Immunologist was one of the better known scientists who adhered to Popper’s theory when the theory itself had been “falsified” in a way.

It was left to Thomas Kuhn who wrote his “The structure of Scientific Revolution” in 1962 to deviate somewhat from this Philosophy of Science. However, it has to be emphasised that he did not say that western science was not unique. All that he said was that western science progressed not by discarding falsified theories but through what he called revolutions. According to Kuhn in western science there are normal periods and revolutionary periods in science. Most of the scientists are no better than undergraduates who do experiments to verify existing theories and they are involved with normal science. Normal Science is not very exciting and it is problem solving within the same paradigm. According to Kuhn, it is during the Revolutionary periods that paradigms are shifted and theories are constructed within paradigms. The most famous paradigm shift is the Einsteinian paradigm that changed the views of the westerners on space and time. (To be continued)

Copyright Prof. Nalin De Silva

Saturday, 24 December 2011

කේරළය සහ ලංකාව

සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්‍රාන්තය කුමක් ද යන ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් පමණක් යැයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්‍රාන්තයක් නො වේ. එහි බෞද්ධ ජනගහණය 0.5% ක් තරමවත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්කෘතික සම්බන්ධකම් බොහෝ ය. එමෙන් ම දේශගුණය, තුරුලතා ආදිය සම්බන්ධයෙන් ද කේරළය හා ලංකාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ ඒ පිළිබඳ දිර්ඝ සාකච්ඡාවක් කිරීමට නොව එවැනි සාකච්ඡාවක් සඳහා මට වඩා අත්දැකීම් ඇති අයගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ය. කේරළය නමින් ප්‍රාන්තයක් ඇතිකරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසින්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් ලබාගැනීමෙන් පසුව ය. ප්‍රදේශ හා රාජ්‍ය කිහිපයක් එකතුකිරීමෙන් කේරළ ප්‍රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්‍රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතාකරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්‍රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක් නොව යම්තම් හරි අඩක් ඉක්මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්‍රධාන වශයෙන් ඉස්ලාම් හා කතෝලික භක්තිකයෝ වෙති.

දේශපාලන වශයෙන් ගතහොත් ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී) ශක්තිමත් වෙයි. කලක් කොමියුනිස්ට් පාක්‍ෂික නම්බුදිරිපාද් මහතා කේරළයේ මහාඇමති ලෙස පත් වී සිටියේ ය. අද ද කේරළයේ සෑම ප්‍රදේශයක ම පාහේ ඒ පක්‍ෂයේ ශාඛා ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි ය. ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂ බලවත් වූයේ කේරළයේ හා බටහිර බෙංගාලයේ වීමත් ඒ ප්‍රදේශ ලංකාවට යම්කිසි ආකාරයකින් සම්බන්ධවීමත් ලංකාවේ ද කලක මාක්ස්වාදී පක්‍ෂ ඉන්දීය ප්‍රාන්තවල තරම් බලවත් නොවුවත් යම් බලපෑමක් කිරීමේ හැකියාව සහිත වීමත් අතර කිසියම් වූ සම්බන්ධයක් ඇති බවත් සිතාගත හැකි ය. එහෙත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ලංකාවේ වඩා බලපෑමක් කිරීමට හැකිවූයේ ස්ටැලින්වාදීන්ට වඩා ට්‍රොට්ස්කිවාදීන්ට බව ය. එමෙන්ම කේරළයේ මෙන් ගමෙන් ගමට ව්‍යාප්ත වූ මාක්ස්වාදී ව්‍යාපාරයක් ජ වි පෙ බිහිවන තුරු ලංකාවේ ඇති නොවීමත් සඳහන් කළ යුතු ය. ට්‍රොට්ස්කිවාදය නාගරික උගතුන්ට වඩා ආකර්ෂණීය වීමට අමතර ව මාක්ස් එංගල්ස් ට්‍රොට්ස්කි භාවිතා කළ අපෝහකවාදය රූපිකත්වයෙන් කෙළවර වුවත් එය චතුස්කෝටිකයේ දුර්වල ප්‍රකාශයක් වීම ලංකාවේ ට්‍රොට්ස්කිවාදය නගරවල පැතිරීමේ දී හේතුවක් වී ඇතැයි සිතිය හැකි ය. ට්‍රොට්ස්කිගේ යුද්ධය ද නො වේ සාමය ද නොවේ වැනි ප්‍රකාශ දිරවා ගැනීමට සිංහල බෞද්ධයන්ට කිසිම අපහසුවක් නැත.

කේරළයේ පහත් ප්‍රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකි ය. ලංකාවේ ඇති සෑම ගසක් ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේ ම පවතින එක් ජනප්‍රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක් එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස් මෙන් ම ඉතා විශාල විල් ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්‍රධාන ගස වීම ද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතු වී ඇත. කේරළයේ ජනතාව ද පොල් ගස කප් රුකක් ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක් නැතැයි පවසති. ලංකාවේ මෙන් ම අප රටේ රටාවට ම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස් කේරළයේ ද දැකගත හැකි ය.

ආප්ප, ඉදිආප්ප පිට්ටු වැනි කෑම පමණක් නොව මුංගුලි ද කේරළයේ ඇත. ඒ කෑම වඩාත් ම ඇත්තේ තරමක් උතුරට වූ මලබාර ප්‍රදේශයේ යැයි කියනු ලැබේ. කුරුම්බා ගෙඩියක් බී එය පළා ඇස්සක් ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසින්ට යටත් ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්ටය සමග රෙදි (රෙද්ද හැට්ට) හා විලුඹ තෙක් ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද ද කේරළයේ පාර තොටේ දැකගත හැකි ය. ලුංගිය (සරම වැනි එහෙත් මූට්ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක් කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්‍රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇඳීමේ දී ද සිංහල කාන්තාවන්ට සමාන කමක් දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස් වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධෙැයන් ද දැකගත හැකි වෙයි. මලයාලම් අකුරු දෙමළ අකුරුවලට වඩා සිංහල අකුරුවලට සමීප වන්නේ කෙසේ ද? මලයාලම් හොාඩියේ ඇකාරය නැත. ඇකාරය සිංහලයන්ගේ ම නිර්මාණයකි. එහෙත් මලයාලම් හෝඩියේ ඉරු (සෘ) සහ ඉලූ දැකගත හැකි ය. භාෂා හා ආගම් වෙනස් වුව ද සිංහලයන්ගේ ජීවන රටාව හා ජීවන රිද්මය ඉන්දියාවේ ජන කොටස් අතරින් වඩාත් සමීප වන්නේ කේරළ වැසියන්ගේ ජීවන රටාවට හා ජීවන රිද්මයට ය.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නිවෙස් පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්වල වහළ හැඩතල ස්වරූපයක් ගනියි. පහළොස්වැනි සියවසේ පමණ බිහි වූ ත්‍රිවන්ද්‍රම් අගනුවර කරගත් ත්‍රාවන්කොර් රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක් වෙයි. ඇම්බැක්කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකි ය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක් අද ද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්‍ය බලයක් අහිමි වුවත් පැරණි සිරිත් විරිත් පවත්වාගෙන යෑමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක් දැකිය හැකි ය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත.

කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක් නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබෙන්නේ කෙසේ ද? එයට හේතු ගණනාවක් වෙයි. ඉතා මෑත ම හේතුව ලෙස සෑලකිය හැක්කේ පෘතුගීසි ආක්‍රමණය ය. පෘතුගීසින් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස් ඇත. එය පුදුමයට කරුණක් නොවන්නේ පෘතුගීසින් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසා ය. ආසියාවේ ප්‍රථම කතෝලික පල්ලිය ලෙස සෑලකෙන ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්කෝ ද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව ය. මේ ජනතාවගෙන් යම් පිරිසක්් මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත. ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස් ද ගුරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්විය හැක්කේ මෙරටට විටින් විට ගෙන්වන ලද මලයාලම් බස කතාකළ වේලක්කාර හමුදා ය. මේ පිරිස් නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත. ලන්දේසීන් වත්මන් තමිල්නාඩුවෙන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනෙන විට නාගදීපයේ හෙවත් යාපන අර්ධද්වීපයේ සිටියෝ සිංහලයෝ හා වේලක්කාරයෝ ය. යථා කාලයේ දී මේ සියල්ලන් දෙමළ වී ඇති නමුදු යාපනයේ දෙමළ බසට මලයාලම් වචන එකතු වී ඇත්තේ ඒ වේලක්කාරයන්ගෙනි. එහෙත් එයටත් වඩා ඈතට යන සම්බන්ධයක් මෙරට සිංහලයන් හා කේරළ වැසියන් අතර වූ බව පෙනෙයි. දෝශපාලන වශයෙන් ගතහොත් පැරණි පාණ්ඩ්‍ය දේශයට වත්මන් කේරළයෙන් කොටසක් අයත් වත ඇති අතර චේර රාජ්‍යයට ද කේරළයේ සම්බන්ධයක් ඇත. පැරණි පාණ්ඩ්‍යයෝ ද්‍රවිඩයෝ නොවුහ. සිංහලයන් පාණ්ඩ්‍යයන් හා චේරයන් සමග සමගියෙන් වාසය කර ඇති අතර චෝලයන්ට එරෙහිව එකිනෙකාට උපකාර ද කර ඇත. විශේෂයෙන් ම දෙපැත්තේ ම වාසය කළ නාවිකයන් වූ නාග ගෝත්‍රිකයන් අතර සම්බන්ධකම් ගොඩ නැගී ඇති බව ද පැහැදිලි ය. ඒ සඳහා සෘජු නිදර්ශනයක් නොවුණ ද නාගසලම් යනුවෙන් හැඳින්වෙන සංගීත භාණ්ඩය ගැන වචනයක් කිව යුතු ය. පඬිවරු නාගසලම් යන්න ශුද්ධකර නාදස්වරම් ලෙස භාවිතාකරති. එහෙත් කේරළයේ නාගසලම් යන්න කියැවෙන්නේ නාගස්වරම් යනුවෙනි. සිංහලයේ ර සහ ල අකුරු මාරුවීමේ රීතිය අනුව නාගස්වරම් නාගසරම් හා නාගසලම් බවට පත්වී ඇතැයි සිතිය හැකි ය. නාගස්වරම් හෙවත් නාගස්වර යන්නෙන් නාගයන්ගේ ස්වර හෝ නාගයන්ට ආමන්ත්‍රණය කරන ස්වර යන තේරුම දෙනවා විය හැකි ය. මේ සියල්ල පිළිබඳ පු්‍රළුල් ගවේෂණයක යෙදිය යුතු ය. උපසම්පදාව ලංකාවෙන් සියමට ගෙන ගොස් ආපසු ගෙන ආ පරිදි ඇතැම් සංස්කෘතික ලක්‍ෂණ පළමුවෙන් ලංකාවෙන් කේරළයට ගෙන ගොස් ආපසු ලංකාවට ගෙනැවිත් ඇති බව පෙනී යයි. ඈත අතීතයේ දී සිංහලයන් (සිංහල වූ නාගයන්) කේරළයට සංක්‍රමණය වී යැයි කියන ජනප්‍රවාදය ද අමතක නොකළ යුතු ය.

Wednesday, 21 December 2011

ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම

අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදාගැනීමට සිදුවෙයි. ඒ එකක්වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමග යා යුතු නො වේ. බටහිර විිද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයකට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක් ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය සමග ද බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ඔවුන්ගේ දැනුම ලෝක පූජිත තත්වයකට පත්කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්වාධීනත්වය ගැන සියලු දෙනාම පාහේ කතාකරති. එහෙත් බටහිර නොවන විද්‍යාවක් ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරීමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක් නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස් සිතීමට කෙසේවත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක් බිහි නොවීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්, සංකල්පීය වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක්, බටහිර විද්‍යාව ඇතුලූ බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත්කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එකම සංකල්පයක්වත් සාකච්ඡාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳවවත් සාකච්ඡාවක් එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියන්ලා හා හෙංචක්කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූහ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක් නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍රවන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන්ගේ ලෝකය පංචේන්ද්‍රියයන්ට පමණක් අවසානයේ දී සීමාවෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. ුහද ඇති පරස්පරය යම් තරමකටවත් තේරුම් ගත්තේ අර්නස්ට් මාක් නමැති ඕස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතාකරති. ඒ අතර් ඔවුන්ට ක්වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ගැන කතාකිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතුව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මගින් ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච විස්තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක් වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යෑමට නම් ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. මෙහි දී අපට දැනට එක්තරා ආකාරයකට සීමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක් ඇතිකර ගතයුතු ව ඇත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක් තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන යැයි නිව්ටන් කීවේ ය. එය ඔහුගේ නිර්මාණයක් පමණකි. ඒ සංකල්පය පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නක් නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක් පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත්කල පවතින්නේ යැයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන්වත් නොපවත්නා දේ කියැවෙන්නේ ද?

ක්වොන්ටම් අංශු ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය පමණක් නොව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වන න්‍යුට්‍රීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත්කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක් පවතින දේ ය. ප්‍රෝටෝන ඉංද්‍රිය ගෝචර නොවූව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කරදීමට යෑමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිවහැක්කේ ප්‍රෝටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක් තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රෝටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රෝටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කරදීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්තු එකිනෙක ඇදගැනීම තේරුම් ගැනීම සඳහා පමණක් ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රපංචයක් තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක් නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක් ඒ නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක් සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක් සම්මුති අර්ථයකින්වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක් දැයි නොදනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක් යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක් බවත් එය මනසේ ම නිර්මාණයක් බවත් දනිති. ංප එකඟ නොවූව ද මනස හෘදයවස්තුව ආශ්‍රිතව පවතින්නේ යැයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නොවූව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන්වත් නොපවතින සංකල්පයක් නොව සම්මුති වශයෙන් පවත්නා ප්‍රෝටෝනයක් වැනි සංකල්පයකි. ප්‍රෝටෝන ද ඉන්ද්‍රිය ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නොකියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්විතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක් ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක් සතුන්ට මනස් නොමැති වීමටත් මිනිසුන්ට පමණක් මනස් ඇතිවීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක් වනුයේ මිනිසුන්ගේ මොළ අතර ඇති වෙනස්කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන්ගේ මනස් අතර වෙනස්කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්ටයින්ගේ හෝ ගර්ඩ්ල්ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් වෙනස්වන්නේ කෙසේ ද? ඒ වෙනස්කම් අද තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. එයට හේතුව අයින්ස්ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මියගොස් ඇති බැවිනි. එහෙත් අද ජීවත්වන උසස් යැයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මොළවලට ඉලෙක්ට්‍රෝඩ ඔබ්බවා මේ වෙනස්කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ෙසෙල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

බටහිර වි්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක් නොදුන්න ද මනස ඒ කිසිවක් ගණන් නොගන්නා බව පෙනෙයි. බටහිර වි්‍යාඥයන් එසේ තැනක් නොදෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.

ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා

ජාතික චින්තනයේ මතවාදය මාක්ස්වාදය අනුව සකස්විය යුතු යැයි ගුණදාස අමරසේකර මහතා කීවේ වැඩි ඈතක නො වේ. දැන් ඒ මහතා ඒ අදහස නොදරයි. එහෙත් ජාතික ව්‍යාපාරය අද යම් මාක්ස්වාදී දේශපාලනයක් විසින් ඩැහැගනු ලැබ ඇත. ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ඇරඹියේ 1986 දී ය. අමරසේකර මහතා රත්නපුරේ පැවති රැස්වීමක දී ජාතික චින්තනයක් ගැන කතාකළේ 1986 අගභාභයේ දී ය. එහෙත් ජාතික චින්තනය යන්න කුලියාපිටියේ ප්‍රනන්ද සූරින් එයට කලකට පෙර යොදාගෙන තිබිණි. ජී අයි ඩී ධර්මසේකර මහතා ප්‍රමුඛ පිරිසක් ජාතික වූ දේශපාලනයක් ගැන කතාකළේ හැත්තෑවේ දශකයේ දී ය. අපේ පැරණි ඉතිහාසය ගැන එදා ඒ මහතා කළ කතා එකල නව සමසමාජ පාක්‍ෂියකු ලෙස මම අවඥාවෙන් බැහැර කළෙමි. අමරසෙක්ර මහතා අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද යන කෘතිය පළකළේ ද හැත්තෑවේ දශකය අග භාගයේ දී ය. ඒ පොතට ඒ නම තැබීමට මුල්වූයේ අමරසේකර මහතාගේ අබුද්දස්ස යුගයක් කෘතිය කියවූ ජේ අර් පී සූරියප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. එසේ ඇසූ ප්‍රශ්නය පොතේ ද නම විය. අමරසේකර මහතා ඒ කෘතියෙන් කීමට අදහස් කළේ ධර්මපාලතුමා මාක්ස්වාදය දැන සිටියේ නම් එතුමා ද මාක්ස්වාදියකු වීමට තිබිණි යන්න ය. එකල අමරසේකර මහතාට අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. මම ඒ පොතෙහි අදහස් එකල සමසමාජ පාක්‍ෂිකයකු ලෙස විවේචනය කළෙමි. අද ද විිවේචනය කරමි. ඒ ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන්නකු ලෙස ය. අමරසේකර මහතා එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන නවකතා මගින් කීමට අදහස් කළේ ද යට කියන ලද සහජීවනය ය. ධර්මසේකර මහතා ප්‍රමුඛ එතුමාගේ දේශපාලන පක්‍ෂයේ අයට ද අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. ධර්මසේකර මහතා එකල ද වැව් කර්මාන්තය පැරණි ගොවිකම ආදිය ගැන කතා කළේ ය. එහෙත් අමරසේකර මහතාට එකල එවැනි දර්ශනයක් නො වී ය. දිවයින පුවත්පත අරඹා වැඩි කලක් යෑමට ප්‍රථම අසූවේ දශකයේ සූූරිය ගුණසේකර මහතා විවිධ නම්වලින් අපේ පැරණි දැනුම ගැන කතාකළේ ය. බොරුපන වෙදමහතා මුල්කරගෙන වෙදකමත් අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන් මහතා මුල්කරගෙන ගොවිකම හා වැව් ගැනත් ඒ මහතා පුවත්පතට ලිවී ය. එකල අමරසේකර මහතා ඒ අදහස් ගැන වචනයක්වත් සඳහන් කළ බවක් මට මතක නැත. අමරසේකර මහතා සන්නද්ධ වූයේ මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් ආදීන්ගේ මුල් කෘතිවල අදහස්වලින් නොව ඒ අදහස් රැගෙන ලියු එරික් ෆ්‍රොම්ගේ අදහස්වලිනි. එයට අමතරව ටේ‍රවෝ ලිංගේ අදහස් ද ඒ මහතාට බලපෑවේ ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා අමරසේකර මහතාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙයි. වික්‍රමසිංහ මහතාට පුනබ්බවය ගැන විශ්වාසයක් නොතිබිණි. ධර්මසේකර මහතා ලෙනින් ස්ටැලින් ගුරුකුලයෙන් පෝෂණය ලැබුව ද ඒ මහතා බුදුසමයෙන් ද පෝෂණය විය. ඒ මහතා පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරන පඬියකු නො වේ. සූරිය ගුණසේකර මහතාට මාක්ස්වාදය ප්‍රිය නොවී යැයි කීම අවම මට්ටමේ තක්ෙැස්රුවකි. එහෙත් ඒ අතර ඒ මහතා මහාවිහාර මහාවංසයට ද විරුද්ධ විය. ගුණසේකර මහතා අදත් අභයගිරියේ ලියැවිණි යැයි කියන උත්තර මූල වංසකතාවක් ගැන සඳහන් කරයි. ඒ මහතා මහරගම සමන් මුද්‍රණාලය හා එහි පළකළ පොත් ද තදින් විවේචනය කළේ ය. ගුණදාස අමරසේකර මහතාගේ කරුමක්කාරයෝ පළකරන ලද්දේ ද සමන් මූද්‍රණාලය මගිනි.

ධර්මසේකර මහතා (අද අනගාරික ධර්මසේකරතුමා) මාක්ස්වාදියකුට වඩා ජාතිකවාදියකු වුව ද ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ආරම්භ කිරීමට ඒ මහතාට නොහැකි වූයේ ඒ මහතා දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වීම නිසා යැයි සිතමි. ජාතික ව්‍යාපාරයට බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂයක් තිබිය නොහැකි ය. අමරසේකර මහතා සමසමාජ පක්‍ෂයේ හිතවතකු වුව ද ඒ මහතා කිසි දිනෙක දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නො වී ය. අසූවේ දශකයේ අගභාගය වන විට ජේ ආර් ජයවර්ධන විවෘත ආර්ථිකය නමින් ගෙන ගිය බටහිර සංස්කෘතියට රට විවෘත කිරීම හා දෙමළ ජාතිවාදයේ ආයුධ සන්නද්ධ දේශපාලනය හමුවේ හෙම්බත් වී සිටි ජනතාවට දේශපාලන පක්‍ෂවලින් තොර ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව විය. ජාතික චින්තන අදහස ජනතාව අතර එකල ප්‍රචලිත වීමට පටන්ගත්තේ ඒ අවශ්‍යතාව හේතුකොටගෙන ය. එහි මුල වූයේ දැනුම ඇතුළු බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. එය පක්‍ෂයක් නොවූව ද දේශපාලන ව්‍යාපාරයක් විය. දහනවවැනි සියවස අගභාගයේ සිට ම මෙරට යටත්විජිතවිරෝධී දේශපාලනය සංස්කෘතික මුහුණුවරක් ගත්තේ ය. පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහාවාද අන්කිසිවක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය මුල් කරගෙන කෙරුණු යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. අවාසනාවකට ඕල්කට්තුමා පැමිණ ඒ ව්‍යාපාරය පීලි පන්නා සිංහලකම නැති ඊනියා උගත් බෞද්ධයන් පිරිසක් ඇති කළේ ය. කෙසේ වෙතත් ධර්මපාලතුමා හුදු බෞද්ධ නායකයකු නො වී ය. එතුමා සිංහල බෞද්ධ නායකයකු විය. ඒ අරුතින් එතුමා යටත්විජිත විරෝධී දේශපාලන නායකයකු විය. ගුණදාස අමරසේකර මහතා ධර්මපාලතුමා සහ මාක්ස්වාදය ගැන විටින් විට කියා ඇති පරස්පර කතා අමතක කළ ද ධර්මපාලතුමාගේ දේශපාලනය ඉස්මතු කිරීමෙන් ජාතික ව්‍යාපාරයට අගනා සේවයක් කර ඇත. ධර්මසේකර මහතාට හෝ ගුණසේකර මහතාට හෝ වඩා අමරසේකර මහතාට ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදයට දායක වීමට ඉඩ ලැබුණේ දේශපාලන පක්‍ෂයකට කොටු නොවීමත් ධර්මපාලතුමාගේ දේශපාලනය අවබෝධ කරගැනීමත් අනෙක් දෙදෙනාට වඩා උගත් සිංහල මධ්‍යම පංතියට (මාක්ස්වාදී අර්ථයකින් නොව) ආකර්ෂණය වීමත් නිසා ය. උගත් සිංහල මධ්‍යම පංතිය තවමත් ෆ්‍රොම් ටේ‍රවෝ ලිං වැනි බටහිර පඬුවන් මගින් බෞද්ධ සංස්කෘතිය විවරණය කරගැනීමට කැමති වෙති. එහෙත් ජාතික ව්‍යාපාරයේ ඒ පරිච්ඡෙදය අද වසා දමා ඇත. එයට හේතුව ජනතා මිතුරෝ සංවිධානය පිහිටුවීමත් සමග ජාතික ව්‍යාපාරය දේශපලනීකරණයට ලක් වීම ඇරඹීම ය. බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂවලට හෝ එවැනි පක්‍ෂවල පෙරමුණු සංවිධානවලට ජාතික ව්‍යාපාරයට නායකත්වය දිය නො හැකි ය. එහෙත් ඒ අතර කිව යුත්තක් වෙයි. අද ජාතික ව්‍යාපාරයේ මේ ඉතිහාසය අමතක කර නව ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇතැම්හු උත්සාහ කරති. ඒ අයට විශාල දැනුම් සම්භාරයක් අසාමාන්‍ය ආකාරයෙන් ලැබෙයි. වෙදකම, ගොවිකම එහි දී ප්‍රධාන වුවත් ඔවුන්ට වෙනත් දැනුම් ද ඇත. දේශීය බීජවර්ග මෙරට ගොවි මහතුන් අතර තවමත් ඇත. එ ගැන දන්නා මතුගම සෙනවිරුවන් වැනි මහත්වරු අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ සිංහල ගොවිකමෙහි නිරත වී සිටිති. ඒ අය අමතක කර දෙවියන්ට වුවත් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි නො වේ.

මේ ඉතිහාසය සැකෙවින් නමුත් සඳහන් කිරීමට හේතු වූයේ පසුගිය සතියේ විවිධ විද්වත් භික්‍ෂූන් වහන්සේ හා උගතුන් සරත් ෆොන්සේකාට සමාව දීම ගැන කතාකිරීමත් මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ප්‍රකාශයත්් ය. ඒ පිටුපස ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී රටවල් ය. මේ ප්‍රකාශවලට විරුද්ධ වීමට ගුණදාස අමරසේකර මහතා ද ඇතුළු මෙරට ජාතික ව්‍යාපාරය තම දේශපාලනය තුළ සිකරගෙන සිටින කිසිවකුට නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා අද උත්සාහ කරන්නේ බටහිර බලපෑම්වලින් රට ආරක්‍ෂාකරගෙන මූලික වශයෙන් බටහිර පන්නයේ සංවර්ධනයක් ජනතාවට හිමිකර දීමට ය. එහෙත් බටහීර පන්නයේ සංවර්ධනයක් ලැබෙන්නේ ලෝක බැංකුවේ ණය ඔස්සේ ය. අද විශ්වවි්‍යාලවල ද ප්‍රධාන කාර්යය වී ඇත්තේ ලෝක බැංකු ණය ලබාගැනීම සඳහා ඊනියා යෝජනා ඉදිරිපත් කිරීම ය. එයින් ජනතාව ණය වීම හැරෙන්නට කිවයුතු තරමේ ප්‍රයෝජනයක් ඇතැයි නො සිතමි. ඇමරිකානු තානාපති කාර්යාලයේ එතරම් උසස් නොවන නිලධාරියකු රජයේ වැදගත් ඇමතිවරයකු කැඳවා සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් එසේ ෙැනාකළහොත් තදින් ක්‍රියාකිරීමට සිදුවන බවත් දන්වා ඇත. ඉංගිරිසි පාලන සමයේ සිට ම මෙරටට පැමිණි හා පැමිණෙන ආණ්ඩුකාරවරුන්, තානාපති නිලධාරීන් ආදීන් ඉතා වැඩි පිරිසක් ඒ රටවල තුන්වැනි පංතියේ අය බව ඔවුන් සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සාහ කරන මෙරට ඉහළ පංතියේ යැයි කියන්නන් නොදන්නවා විය හැකි ය. බටහිරයන්ට අවශ්‍ය සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා යුද්ධ අපරාධ පිළිබඳ නඩුවක දී සාක්‍ෂිකාරයකු ලෙස යොදා ගැනීම ය. අපට මෙහි දී බලපාන ප්‍රධාන සාධකය එය ය. ඒ වැළැක්විය හැක්කේ ඔහු කර ඇති පාවාදීම් පිළිබඳ අධිකරණ තීන්දුවක් මගින් ඔහු සිරගත කිරීමෙන් පමණක් නම් ඔහුට සමාවක් දිය යුතු නො වේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාට සරත් ෆොන්සේකා බටහිරයන්ට විරුද්ධව යොදාගත හැකි නම් ෆොන්සේකාගෙන් රටට සේවයක් ලබාගත හැකි නම් ඔහු නිදහස් කිරීමේ වරදක් නැත. එහෙත් ඒ තීරණය තුට්ටු දෙකේ බටහිර තානාපති නිලධාරීන්ගේ තර්ජන නිසා නොගත යුතු ය. කාදිනල්තුමා රත්මලානේ ප්‍රේම් නිවාසයේ තෙරේසා ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සිවිල් ආයතනයක් හා පොලීසිය ක්‍රියාකර ඇති (එතුමාට අනුව) වැරදි ආකාරය නත්තලට පෙර නිවැරදි නොකළහොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත. එතුමාට අනුව උසාවියට ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධව වෙනත් තැන්වල කතාකිරීම නුසුදුසු වුවත් (කාදිනල්තුමා ද දන්නා මේ කරුණ කැලණිය සරසවියේ ඇතැම් ඇදුරෝ නො දනිති.) බටහිරින් ප්‍රශ්න කරන නිසා එලෙස ප්‍රකාශ කිරීමට සිදු වී ඇත. මෙහි දී ද එක් පැත්තකින් බටහිර යම් බලපෑමක් නිසා කාදිනල්තුමා ඒ ප්‍රකාශය කර ඇති බව පැහැදිලි ය. අනෙක් අතට උසාවිය හමුවේ ඇති ප්‍රශ්නයකට තීන්දුව කාදිනල්තුමා ම දී එතුමාගේ තීන්දුව ක්‍රියාත්මක කරන තුරු රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ද කියයි. මෙය කාදිනල්තුමා අගයන බටහිර නීතියට වුවත් එකඟ නො වේ. කාදිනල්තුමාට ඒ බව කියා දීමට අද දේශපාලන පක්‍ෂවල සිරවී ඇති ජාතික ව්‍යාපාරයට නොහැකි වී ඇත.

Foreign Interferences

Foreign interference is not new to this country and during the past five hundred years or so after the western Christian colonialism was introduced to this country the Kings and later the Prime Ministers and Presidents have come under pressure from these invaders. After the entire country was captured by the English violating a treaty with the Sinhala leaders who were not in the game of making treaties to deceive the other party the entire country came under the direct rule of the colonial office. The English were the supreme power until the so called the second world war (it is not necessary that a “real” second world war had taken place in order to refer to the so called second world war. I can also refer to a so called God, whether a “real” God exists or not) after which the “mantle” of suppressing the non western countries had been passed over to the not so sophisticated Americans. The so called Tamil ethnic problem (there is no Tamil ethnic problem as such but only an emotion first among the Vellala leaders that has been installed in their minds by the sophisticated English) was created by the English after the Vellalas had been brought to this country by the Dutch in the seventeenth century and since the nineteenth century the English have used this so called problem to exert pressure on the Sinhala people.

The western countries with their knowledge dominating the whole world very often create concepts in order to suppress the others especially the cultures of the others. It does not mean that they do not exert political and economic pressure on the other nations but the cultural aspect has to be highlighted as it is very often neglected or not even considered by the intellectuals of the western Christian colonial countries. I find that a discussion on Academic Freedom in the Universities has been initiated but the participants at this dialogue always forget that we do not have the freedom to teach so called myths in our culture which is very often nothing but knowledge created by our intellectuals, not the intellectual types one finds at the universities, to our students officially. This knowledge that has been created by our intellectuals has been branded as myths by the western intellectuals using of course their concepts and theories and our intellectual types are happy to treat the same as myths imitating their masters and mistresses in the west. I know from experience the difficulties one comes across when one attempts to teach our knowledge even unofficially to our students. While at the University of Colombo when I attempted to teach our knowledge there was opposition from all quarters and the then esteemed Vice Chancellor of the University asked me why I was teaching Jathika Chinthanaya to the students. My reply was that if the others could teach Vijathika Chinthanaya why I should be barred from teaching Jathika Chinthanaya. Then the Vice Chancellor had the impudence to ask me whether I wanted to continue as a lecturer. I knew my days were numbered at the University and I was unceremoniously kicked out of the University after framing bogus charges which were not proved in the courts of law.

Then recently I was almost sacked from the University of Kelaniya over the reference to Natha Deviyan in respect of Rajarata Chronic Kidney Disease.(RCKD) One Professorial lady who is in charge of Ayurvedic and Indigenous Medicine was especially active in this regard and she conspired with others with the connivance of the Minister of Higher education to displace me as the Dean of the Faculty of (western) Science, probably as a first step. She with the others, especially a genius who has managed to obtain third class degrees in Engineering as well as in Sociology, was involved in driving the council of the Sri Lanka Association for the Advancement of Science to issue a statement against me which I replied in the process. Incidentally I was there on Monday at the inaugural ceremony of the 67th Annual Sessions of the Association, in order to remind those who were instrumental in issuing the statement that both Natha (Deviyan) and Nalin (de Silva) are still alive and kicking. However, I understand that the Faculty of Graduate studies at the University of Sri Jayawardhanepura, in collaboration with the Faculty of Medicine of the same University is organizing a seminar on RCKD on the 12th of this month at some place in Boralasgamuwa for an invited group of people. There is no harm in organizing seminars by Faculties of Graduate Studies but I find that none of the speakers are from what I may call the camp of Natha Deviyan. (I know that Natha Deviyan would not like the term camp of the Deviyan but I have to use terms which are familiar to human beings and not to Gods).This is nothing but cracking pots in an uninhabited house (palu gei valang bindeema), and I am not sure whether the Vice Chancellor of the University who is a national minded person is aware of the activities of two of the faculties. It may be that the husband of the Professorial lady who connived with the Minster of Higher Education do displace me as the Dean, is involved with this seminar. However, I know that many of the western doctors are treated for their various illnesses by the Vipassaka Deviayan who is much more knowledgeable than all the western doctors in the world, and the Dean of the Faculty of Graduate studies should have taken steps to invite a few of these doctors whose names I would divulge to the good lady if she is prepared to invite them.

I mention these facts in order to remind the readers how foreign influence, some times unknowingly takes place at Universities and other places as a result of western Christian colonialism. The two ladies and the husband of one f them I have mentioned above may not know that they are acting as agents of western Christian colonialism but that is not an excuse for them to engage in anti nationalistic activities. It is mainly a cultural aggression and the recent outburst by the Cardinal is nothing but a continuation of five hundred year programme against the culture of this country. The National Child Protection Authority (NCPA) has the right to investigate activities at Prem Nivasa or any other nivasa whether it is connected to any religious institution or not. The police has atken into custody one of the sisters of the Prem Nivasa and it is up to the legal system, after all not a Sinhala legal system but a system introduced by the Dutch and functioned under the English as well to come to a decision on this. Apparently the Cardinal knowing that the matter is subjudice had kept quiet but apparently has been influenced by the foreign sources to make a statement. The statement is an indirect threat to the government as it says unless action is taken to correct probably the procedure adopted by the NCPA and the police the Cardinal would not take part in state functions until Christmas. It is not clear why the Cardinal has said until Christmas unless he wants it to be “corrected” before Christmas. It is not proper for the Cardinal to interfere with action taken by the government officers and the police especially when the matter is subjudice. It is clear that the foreign sources who have made the Cardinal to issue a statement has no respect for their own legal system imposed on our countries by force.

Copyright Prof. Nalin De Silva

Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.

රනිල් සරත් සහ ටයිපටිය

පසුගිය ජනාධිපතිවරණයේ දී එ ජා පක්‍ෂය විසින් රනිල් වික්‍රමසිංහ වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරපත් කරනු ලැබුයේ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට කිසිම ඉඩක් නොතිබූ නිසාත් සරත් ෆොන්සේකා ජාතිකත්වයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ නිසාත් ය. හිටපු හමුදා නායක ලෙස සරත් ෆොන්සේකාට ජාතිකත්වය අගය කළ අය අතර යම් පිළිගැනීමක් තිබිණි. 2005න් පසුව ජාතිකත්වයක් ගෑවීවත් නැති අයකුට ජනාධිපති වීමේ අවස්ථාවක් උදාවනු ඇත්තේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මගින් ජනතාවට ජාතිකත්වය එපා කළහොත් පමණකි. එ ජා පක්‍ෂයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සංරචකය වූ රනිල් - රවි කරුණානායක –- ජයලත් ජයවර්ධන - ජෝන් අමරතුංග කල්ලියට සම්ම ජාතියේ බලයට පැමිණීමට නොහැකි බව නොදන්නේ ඔවුන්, ඔවුන්ගේ හෙන්චයියලා හා හෙන්චක්කලා පමණකි. සජිත් - කරු කණ්ඩායමට අවම මට්ටමේ ජාතිකත්වයක් ඇති නමුත් ඔවුහු දුර්වලයෝ වෙති. කලක සිට එ ජා පක්‍ෂය ගන්ධබ්බ තත්වයක පවතින්නේ එබැවිනි. ඒ ගන්ධබ්බ තත්වය හමුවේ සරත් ෆොන්සේකා ජනාධිපතිධුරාපේක්‍ෂකයා ලෙස නම් කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් එ ජා පක්‍ෂයට එකල නො වී ය. ජ වි පෙරමුණට සරත් ෆොන්සේකා හැරෙන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එලොවින්වත් මෙලොවින්වත් කිසිවකු සොයා ගැනීමට නොහැකි විය. එම පක්‍ෂය ජනාධිපතිවරණයක දී හුදු නිරික්‍ෂක මට්ටමට ඇද වැටෙයි. අද දෙකට බෙදී ඇති ජ වි පෙරමුණේ පාර්ශ්ව දෙක තම අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා තරගයක යෙදී ඇති ආකාරය දැක බලාගත හැකි ය. වඩාත් ම රැඩිකල් වන්නේ තම පාර්ශ්වය යැයි අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීම සඳහා තව තවත් ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගවලට එළඹී විනාශවීම හෝ එ ජා ප, ශ්‍රී ල නි ප යන පක්‍ෂ දෙකෙන් එකකට එකතුවීම හෝ හැරෙන්නට වෙනත් විකල්පයක් ජ වි පෙරමුණට නැත. ජ වි පෙ බෙදීමට ආසන්න හේතුවක් වූයේ ද සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය.

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කළ ඉටිගෙඩියක් නොමැති බව වඩාත් හොඳින් දන්නේ හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන පක්‍ෂය ය. ඒ පක්‍ෂය පසුගිය දා පැවති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණයට සහභාගි නොවූයේ එය රනිල් වික්‍රමසිංහගේ තවත් මෝඩ උප්පරවැට්ටියක් පමණක් බව දත් නිසා විය යුතු ය. ඒ කෙසේ වෙතත් අද රනිල් වික්‍රමසිංහ තම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සරත් ෆොන්සේකා වටා ගොඩ නැගීමට උත්සාහ දරනු පෙනෙයි. අද බටහිර බලවේග මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ම රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධන් ය. ජ වි පෙරමුණ ද බටහිරයන් විසින් යොදා ගැනෙන නමුත් තවමත් එය ද්විතීයික ක්‍රියාවලියක් පමණක් වෙයි. සම්බන්ධන් මගින් ඊළම පිහිටුවීමට දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ඔස්සේ බටහිරයෝ ක්‍රියාත්මක වෙති. මේ ව්‍යාජ ප්‍රශ්න සියල්ල අවුරුදු සියයකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇති බවත් එහි කූටප්‍රාප්තිය වූයේ ප්‍රභාකරන් ආයුධ මගින් කළ ගනුදෙනුව බවත් ඒ ගනුදෙනුව නන්දිකඩාල් කලපුවේ දී ගිල්වා දමා ඇති බවත් බටහිරයන් නොදන්නවා නො වේ. හමුදා ක්‍රියාමාර්ගවලින් පසු පැහැදිලි ජයග්‍රහණයකින් කෙළවර වන ගනුදෙනු නැවතත් ආරම්භ කළ නො හැකි ය. හමුදා ක්‍රියාමාර්ග උචිචතම දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. හමුදා ක්‍රියාකාරකම් ද එක්තරා ආකාරයක සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව අවියෙන් කෙරෙන්නකි. අප ශාරීරික හිංසාවට කැමති වුවත් නැතත් හමුදා ක්‍රියාමාර්ගවලින් ලැබූ ජයග්‍රහණ ඊනියා සාකච්ඡා මගින් වෙනස්කළ නො හැකි ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හිට්ලර් අනුගාමික නටිසිවාදීන් පිරිසක් චර්චිල් සමග සාකච්ඡාවක් ඉල්ලී නම් ඔහු සුරුට්ටුව විකා හොඳ කුණුහරුපයක් කීමට තිබිණි. මෙරට ඇත්තේ ඊනියා දෙමළ ජනයාට දෙමළ වීම නිසාම වූ ප්‍රශ්නයක් නොව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් හිමි තැන අහිමි කරනු ලැබීම පිළිබඳ ප්‍රශ්නයකි. නන්දිකඩාල් ජයග්‍රහණය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට බටහිරයන්ට ඉඩ තැබිය යුතු නො වේ.

රනිල් වික්‍රමසිංහ සහ බටහිරයන් අද උත්සාහ ගන්නේ සරත් ෆොන්සේකා ඊනියා දේශපාලන සිරකරුවකු ය යන මිථ්‍යාව වැපිරීමට හා එමගින් බටහිරයන්ට ඊනියා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම මුවාවෙන් මෙරට ආක්‍රමණය කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමටත් ය. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ අරමුණ එය වෙයි. සරත් ෆොන්සේකා අද සිරගත වී ඇත්තේ ඔහු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදුණු නිසා ද? ආණ්ඩු විරෝධීන් ඊනියා දේශපාලන සිරකරුවා යන ව්‍යාජ නාමය සරත් ෆොන්සේකාට ආරුඪ කිරීමට ඇති එකම හේතුව එය වෙයි. ආණ්ඩුවට විරුද්ධව දේශපාලන මතයක් දැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනී නැත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ද ඊටත් වඩා කොටි වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයන්ට හිතවත්කමක් දක්වන්නේ යැයි පෙන්වන එ ජා පක්‍ෂයේ යුදෙව් ක්‍රිස්තියානි සංරචකයේ පතාක යෝධයකු වූ ජයලත් ජයවර්ධන ද, එවැනි ම තවත් යෝධයකු වූ ද, සිරිමාවෝ බඬ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා 1962 දී අබෞද්ධ හමුදා හා පොලිස් උසස් නිලධාරීන් කළ කුමන්ත්‍රණයේ ප්‍රධානියකු වූ සී සී දිසානායකගේ මුණුබූරකු වූ ද රවි කරුණානායක ද අත්අඩංගුවට ගත යුතු ය. (මෙරට අධිකරණයෙන් එකී කුමන්ත්‍රණකරුවන් වැරදිකරුවන් ලෙස තීරණය කෙරුණු නමුත් ඉංගිරිසි නීතිය අනුව එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභාවට එකල කරන ලද අභියාචනයක දී තාක්‍ෂණික ප්‍රශ්නයක් මත ඔවුහු නිදහස් කරනු ලැබූහ. එය ඊනියා මානවහිතවාදී නඩු තීන්දුවක් ද එසේත් නැත්නම් බටහිරයන්ගේ යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ආරක්‍ෂාකර ගැනීම සඳහා වූ නඩු තීන්දුවක් ද යන්න රනිල් වික්‍රමසිංහ අර පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ ටයිපටිය පැළඳගෙන සිටින අවස්ථාවක ඇසිය යුතු ය). ආණ්ඩුව එවැනි මෝඩ වැඩ කර නන්නාත්තර වී ඇති මේ දේශපාලනඥයන්ට වැදගත් තැනක් හිමිකර නොදෙනු ඇත.

සරත් ෆොන්සේකා අද සිරගත කෙරී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් නොව මෙරට අධිකරණය මගිනි. ඔහුගේ සිර දඬුවම් කිහිපයකි. යුද්ධාධිකරණය ද එයට සම්බන්ධ වී ඇත. ඒ යුද්ධාධිකරණ නීති විරෝධී නොවන බව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරී ඇත. රනිල් වික්‍රමසිංහ හා බටහිරයන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? මේ සියළු අධිකරණ තීන්දු දී ඇත්තේ අපේ පැරණි සිංහල නීතියේ නීිති නිඝණ්ඩුවට අනුව නො වේ. ඒ තීන්දු සාමාන්‍ය ජනයා විසින් ඉංගිරිසි නීතිය (දැනටත් ඊනියා උතුම් මහරැජනගේ නීතිය) යනුවෙන් හැඳින්වෙන රෝම ලන්දේසි නීතියට එකඟව ය. බටහිරයන් හා බටහිරයන්ගේ සියළු සිරිත් විිරිත්, දැනුම , නීතිය හා ටයිපටිය ඉතා ඉහළින් අගය කරන රනිල් වික්‍රමසිංහ ඔහු අගයන නීතියට අනුව දෙන ලද තීන්දු නිසා සිරගත වී සිටින සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යැයි කියන්නේ කෙසේ ද? සුද්දන් විසින් පිහිටුවනු ලැබූ අධිකරණයෙන් සිරදඬුවම් නියම කෙරෙන ඇතැමුන්ට දේශපාලන සිරකරුවන් යන්න යොදාගැනෙන අවස්ථා ද වෙයි. 1971 ඒකරාත්‍රි විප්ලවයෙන් පසු සිරගත කෙරුණු විජේවීර ඇතුළු පිරිස දේශපාල සිරකරුවෝ ලෙස හඳුන්වනු ලැබූහ. එසේම ඇතැම්හු කොටින් ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වති. සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි නිසා නොව දේශපාලන මතවාදයක් හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම නිසා වැරදිකරුවන් බවට පත් වුවෝ එසේ ඇතැම් විට දේශපාලන සිරකරුවන් ලෙස හැඳින්වෙති. එහෙත් සරත් ෆොන්සේකා අද වරදකරුවකු වී සිටින්නේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් මෙහෙය වූ නිසා නො වේ. එමෙන් ම ඔහු ජනාධිපති අපේක්‍ෂකයා වීම නිසාවත් නොවේ. යම් අයරකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වී නම් ඔහු අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරාවි ද?

සරත් ෆොන්සේකා අද සිරදඬුවම් විඳින්නේ වෙනත් හේතු නිසා ය. ඔහුගේ සුදු කොඩි නඩුව නැවතත් උසාවිය ඉදිරියේ තිබීම නිසා ඒ ගැන කතාකිරීම ඉංගිරිසි නීතියට විරුද්ධව යැමක් බැවින් ඒ පිළිබඳ තව දුරටත් කතාකිරීමට අදහස් නො කරමි. ඉංගිරිසි නීතියට අප කැමති වුවත් නැතත් අපට එයට අවනත වීමට සිදු වී ඇත. එහෙත් අප සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යනුවෙන් හැඳින්වීමට බටහිරයන් හා එක්ව රනිල් වික්‍රමසිංහ ගන්නා නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත. මේ ව්‍යාපාරයේ අවසන් අරමුණ ඊනියා මානව අයිතිවාසිකම් මුල් කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට බටහිරයන්ට අවස්ථාව ලබා දීම ය. රනිල් වික්‍රමසිංහ මෙරට සංස්කෘතියෙහි ජීවත්නොවන්නකු බව ටයිපටිය සිද්ධියෙන් ද පැහැදිලි වෙයි. මෙරට ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍යයෝ පාසලේ ටයිපටියෙන් එකට බැඳී සිටිති. පාසල් ටයිපටිය පිළිබඳ ගෞරවයක් හැඟීමක් ඔවුන් අතර වෙයි. එය එක්තරා ආකාරයකට සහෝදරත්වයේ හා පොදු වටිනාකම්වල සංකේතයක් වෙයි. ඇතැම් සමිති සමාගම්වලට ද එවැනි ටයිපට ඇත. එහි දී ද ටයිපටියෙන් තමන් එක රැණේ කුරුල්ලන් ය යන හැඟීම ගෙන දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ද ටයිපටියක් ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ටයිපටියට ද ගෞරව කරන බව පෙනී යයි. ඒ ටයිපටියෙන් බටහිර පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බටහිර ව්‍යාජ වටිනාකම් සංකේතවත් වෙයි. ඉංගිරිසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ තමන් මෙන් සිතන පතන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ටයිපටියෙන් බැඳ තබාගැනීමට සමත් වී ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා ගැබෙහි එකී ටයිපටිය බැඳ ගෙන සිට පසුව ගැලවීමෙන් පෙන්වා ඇත්තේ බටහිර සම්ප්‍රදායට තමන් කෙතරම් ගැති ද යන්න පමණ ය. එය ද පෙන්වා ඇත්තේ බටහිරයන්ට ය. මෙරට සාමාන්‍ය ජනයාට මේ ටයිපටි බහුබූතය තේරුමක් ඇති දෙයක් යැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේ ද? ඔහු තමා ගැල වූ ටයිපටියෙන් සරත් ෆොන්සේකා බැඳ තැබීමට උත්සාහ කර ඇත.