Main Logo

Sunday, 9 November 2014

නාය යෑම්


කොස්ලන්දේ නාය යෑම පිළිබඳ අපි දැනටමත් කෙටියෙන් සඳහන් කර ඇත්තෙමු. අප කියා ඇත්තේ පරිසරය සමග සහජීවනයෙන් විසීමට අපට නොහැකි වීම මේ ඛෙදවාචකයට හේතු වූ බව ය. එහි දී කඳුකරයේ වතු වගාවන් අපට නුසුදුසු බවත් අප වතු ආර්ථිකයෙන් වෙනත් ආර්ථිකයකට මාරුවිය යුතු බවත් අපි කීවෙමු. ඒ ප්‍රකාශ මගේ තීරු ලිපිවලට පමණක් සීමා වෙයි. ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය දේශපාලනඥයන්ගේ කියුම්වලට දෙන ප්‍රසිද්ධියෙන් කෝටියෙන් එකක්වත් අපේ ප්‍රකාශවලට ලබා නො දෙයි. නාය යෑම පිළිබඳ ප්‍රශ්නය අපි තවදුරටත් මේ තීරුවෙන් සාකච්ඡා කරමු. 

මේ ආපදාවට ආණ්ඩුව සූදානම් ව නොසිටි බව එ ජා ප නායකයන් කීම වැඩිම වුවහොත් විහිළුවකි. එ ජා පක්‍ෂය කාලයේ වූ සූදානම කුමක් ද? ඒ අතර ඇතැම් පඬිවරුන් (ඊනියා විද්‍යාඥයන්) කියා තිබුණේ අදාළ ප්‍රදේශයට ඉහළ ප්‍රදේශවල එළවලු වැවීම නාය යෑමට හේතුව බව ය. මේ පඬිවරුන්ටත් එ ජා පක්‍ෂයටත් බොහෝ ජනමාධ්‍යවලටත් අමතක වන කරුණ නම් නාය යෑම් යනු අද සුලබ සිද්ධීන් බවට පත්වී ඇති බව ය. අහවල් පාර, උඩරට දුම්රිය මාර්ගයේ අහවල් කොටස නාය යෑම් හේතුකොටගෙන අවහිර ඇති බව අප නිතර අසන ප්‍රවෘත්ති බවට පත් වී ඇත. ඒ නාය යෑම් හා කොස්ලන්දේ නාය යෑම අතර වෙනස නම් කොස්ලන්දේ දී ජීවිත හානි රාශියක් සිදු වීම ය. ඒ ප්‍රමාණය ඇතැම් ජනමාධ්‍ය තම අලෙවිය වැඩිකර ගැනීම සඳහා කී ප්‍රමාණයට වඩා බොහෝ අඩු වුවත් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත. 

ඉංගිරිසින් ලංකාවට පැමිණීමට පෙර මෙරට අඩි තුන්දාහෙන් ඉහළ ප්‍රදේශ ආරක්‍ෂිත (ඒ වචනය භාවිතා නොවුණ ද) ප්‍රදේශ ලෙස පැවතිණි. එහි කැලෑ අපට සම්පතක් විය. එය අපේ වන සම්පත ද යටත්විජ්තවාදීන්ගේ වන දුර්ගය ද විය. වන සම්පත අපට වැස්ස ලබාදීමට උපකාරි විය. මෙරට ගංගා බොහෝමයක් ආරම්භ වන්නේ කඳුකරයෙනි. මේ වන සම්පත කාලයක දී උඩරට රාජධානිය ආරක්‍ෂා කර දීමට ද සමත් විය. අපේ මුතුන් මිත්තන් ගරිල්ලා සටන් නමින් අද හැඳින්වෙන සටන් යුරෝපීයයන්ට එරෙහිව දියත් කළේ වන සම්පත උපයෝගී කර ගනිමිනි. අපි කිසි දිනෙක උඩරට රාජධානියේ දී සටන්වලින් නො පැරදුණෙමු. අප පරාජය වූයේ ඩොයිලිගේ සට කපට දේශපාලනයට ය. ඉංගිරිසිහු ඒ බව දැන සිටියහ. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම ඩොයිලිගේ සට කපට හමුවේ ද සිංහලයන්ට යම් වාසි ගෙන දුන්නේ ය. එහෙත් ඉංගිරිසිහු ගිවිසුම කැඩූහ. 1817 - 18 දී සිංහලයෝ ගිවිසුම කැඩීමට විරුද්ධ වෙමින් තම නිදහස් සටන ආරම්භ කළහ. ඉංගිරිසින්ට  මේ සියල්ල කරදරයක් විය. ඔවුහු සිංහල ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය නැසීමට පියවර ගත්හ. කෝල්බෲක් කැමරන් කොමිසම එහි ආරම්භය විය. අදත් මෙරට කසිකබල් පඬියන් කොමිසමේ යෝජනා හඳුන්වන්නේ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ලෙස ය. ඒ ප්‍රතිසංස්කරණ වූයේ ඉංගිරිසින්ට ය. අපට ඒ යෝජනා මරණීය හා මර්දනීය යෝජනා විය.

එ යෝජනා මගින් වෙනත් දේ අතර රාජකාරි ක්‍රමය හා සිංහල ආර්ථිකය විනාශ කෙරිණි. ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට වෙළෙඳ භෝග ආර්ථිකය හඳුන්වා දෙනු ලැබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ වන දුර්ගය හෙවත් අපේ වන සම්පත නැති කිරීම ය. ඒ සඳහා පළමුව කෝපි වගාවත් පසුව තේ වගාවත් හඳුන්වා දෙනු ලැබිණි. සිංහලයන් වතුවල කුලී වැඩට අකමැති වූ බැවින් ඉංගිරිසිහු දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ආනයනය කර ඊනියා ලයින් කාමරවල ඔවුන් පදිංචි කළහ. ඒ කම්කරුවන් සිංහලයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූ නමුත් නමුත් අවම ජීවන පහසුකම්වත්  ආනයනය කරනු ලැබූවන්ට නො ලැබිණි. 

තේ පැළය පස සංරක්‍ෂණය කරන පැළයක් නො වේ. කොස්ලන්ද ප්‍රදේශය පමණක් නොව කඳුකර ප්‍රදේශය මුලුමනින් ම මෙන් නාය යෑමේ අනතුරට ලක් වී ඇත. එය එසේ නොවේ යැයි කීමට දත්ත හා ප්‍රවාද සංකල්ප ද සමගින් බටහිරයන් මෙරට කසිකබල් විද්‍යාඥයන්ට උගන්වා ඇත. මේ ප්‍රවාද සංකල්ප ආදිය පට්ටපල් බොරු ය. එහෙත් ඒ පට්ටපල් බොරු ඊනියා විද්‍යාවක නාමයෙන් සත්‍ය, යථාර්ථය ආදිය ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු. සුද්දන්ගේ ආර්ථිකය හා විද්‍යාව (කෘෂිකර්මය) හේතුකොටගෙන උඩරට නාය යන අතර අනෙක් බොහෝ ප්‍රදේශවල කෘෂිරසායනික වකුගඩු රෝගය ද ඇතුලු ඊනියා බෝ නොවෙන රෝග පැතිර යයි. බෝ නොවන රෝග යන්න ද බටහිර වෛද්‍යවරුන් අප නොමග යැවීමට නිර්මාණය කර ඇති සංකල්පයක් පමණකි. ඒ රෝග හැඳින්විය යුත්තේ බටහිර දැනුම් රෝග ලෙස ය. ඒ රෝගවලට මුල බටහිර පරිසර විරෝධී දැනුම ය. වකුගඩු රෝගයට හේතුව ආසනික වුවද එය ඊනියා විද්‍යාවට එකඟ නොවේ යැයි කියමින් බටහිර කෘෂිකර්මය ආරක්‍ෂා කිරීමට ඊනියා විද්‍යාඥයන් ඉදිරිපත් වන ආකාරයත් ඔවුන් සමහරවිට කැනඩාවේ සිට ද ඒ සඳහා උනන්දු වන ආකාරයත් අපි පසුගිය වසර කිහිපයෙහි දුටුවෙමු.

අප මේ දැනුමෙන් හා වතු ආර්ථිකයෙන් ගැලවිය යුතු ය. එසේ නැතිව නාය යෑමෙන් ගැලවිය හැකි නො වේ. එහෙත් එය එක් රැයකින් කළ හැක්කක් නො වේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරය දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ වාරය වනු ඇත . පළමු වාරයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කර යම් සංවර්ධනයකට අඩිතාළම දමා ඇත. දෙවැනි වාරයේ දී සංවර්ධනය ද ත්‍රස්තවාදය පරාජය කිරීම ද තහවුරු කෙරී ඇත. තුන්වැනි වාරයේ දී ඒ සංවර්ධනය තවදුරටත් ගෙන යන අතර දේශීය සංවර්ධනයකට ද යොමු වෙමින් දෙමළ ජාතිවාදය පරාජය කළ යුතු වෙයි. ඒ සඳහා දෙමළ ජාතිවාදය පිටුපස සිටින එංගලන්තය පැරද විය යුතු ය. එයට ශක්තිමත් සංවර්ධනයක් ළඟා කරගත යුතු ය. අප කළ යුත්තේ දැනට සුද්දන්ගේ සංවර්ධනයේ ම සිටිමින් එහෙත් කම්කරුවන් ආදීන් ආරක්‍ෂා කරමින් එංගලන්තයේ දෙමළ ජාතිවාදය පරාජය කරන අතර දේශීය සංවර්ධනයකට යොමු වීම ය. නාය යෑමට ද වකුගඩු රෝගයට ද පිළිතුරු ඇත්තේ සුද්දන්ගේ දැනුමේ නො වේ. 


නලින් ද සිල්වා

2014-11-09

Saturday, 8 November 2014




සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත පොත් එලිදැක්වීමේ උත්සවයේ දී නලින් ද සිල්වා මහතා විසින් පැවැත් වූ දේශනය. 

2014 නොවැම්බර් මස 04 වැනි දින රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැත්වුනු මෙම උත්සවය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක තිරිකුණාම‍ලේ ආනන්ද මාහිමියන් ඇතුලු ගිහි පැවිදි මූලාසන මණ්ඩයලයක් හෙබවූ අතර මේ සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, කරූ ජයසූරිය, තිස්ස අත්තනායක, රවි කරුණානායක, ජයවික්‍රම පෙරේරා යන මහතවරුද පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි, පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල යන මහතුවරු ඇතුලු ගිහි පැවිදි පිරිසක් සහභාගි විය.




Friday, 7 November 2014

The politics of Presidential elections


The opposition is still searching for the common candidate and it is clear that high commissioners and ambassadors of western countries are also involved in the exploration. The common candidate is needed to defeat Mahinda Rajapakse who is not liked by the western countries to say the least. The tacticians in the opposition seem to work on the hypotheses that even a common candidate is unable to win the Presidential elections on the first count and hence to reduce the vote of Mahinda Rajapakse a subsidiary common candidate has to be found to win at least a fraction of the Sinhala Buddhist vote. The opposition wants a second count, meaning counting of preferential vote, in order to implement their “nonagatha” plans.

The Mangala, Ravi,  Kiriella, Wijedasa Rajapakse (MRKW) team of the UNP is against the candidature of Ranil Wickremesinghe as the common candidate. The foursome do not see eye to eye but they are against the candidature of the latter as they know that it will pave the way for Sajith Premadasa to become the leader of the UNP. As Ranil Wickremesinghe is bound to lose the Presidential elections with or without the subsidiary common candidate his days as the leader of the UNP are numbered if he contests.

Ranil Wickremesinghe, the man who has an understanding of Sinhala Buddhist Chinthanaya vis a vis Judaic Christian Chinthanaya does not have the heart to be associated with the former Chinthanaya. He is resented by the majority of the Sinhala Buddhists for signing the treacherous ceasefire agreement with Prabhakaran, and for being too much associated with the western conservatives and liberals. One may think that the liberals and the conservatives are two different species but as far as the majority of the Sinhala Buddhists are concerned there is no difference between them. Both factions subscribe to the Greek Judaic Christian Chinthanaya, a fact that the majority of Sinhala Buddhists grasp by intuition.

MRKW team does not want to be in the UNP under Sajith Premadasa as the leader and they would like to see Ranil Wickremesinghe continuing to be at the helm of the party. Thus they want somebody other than Ranil Wickremesinghe to be the common Presidential candidate whom they think would win the Presidential elections. Their main effort is to field Chandrika Kumaratunga as the common candidate but if they go by Sarath Silva’s argument, which they have endorsed, then Chandrika Kumaratunga has been already disqualified. In any event Chandrika Kumaratunga is not the candidate to win the Presidential elections and the opposition and the western countries have got their calculations wrong. With a Sinhala vote comprising 75% of the population Mahinda Rajapakse is bound to get 55% of the valid vote as he is assured of some Tamil and Muslim votes as well. No candidate would be able to reduce this vote and subsidiary common candidate would only expose the fact that the westerners are behind him.

Chandrika Kumaratunga’s two terms as the President expired before the eighteenth amendment and Sarath Silva has a point if he says that the former has become disqualified. In the case of Mahinda Rajapakse, the eighteenth amendment became law during his second term and as it is he was not disqualified to contest a third time before the amendment was passed. Mahinda Rajapakse’s second term as the President has not expired as he has two  more years to continue as the President. After four years since he became the President for the second time he can express his desire to hold Presidential elections, at which time what is operative is the eighteenth amendment.

MRKW team perhaps without Wijedasa Rajapakse wants the thirteenth amendment implemented completely with police and land powers devolved to the Provincial Councils. Even Ranil Wickremesinghe has declared that the UNP would implement the thirteenth amendment fully implying that police and land powers would be devolved to the Provincial Councils. It is the Northern Province provincial council, and not the others, that wants the police and land powers and it is nothing but a demand of Tamil racism.

The Presidential elections will determine whether the thirteenth amendment would be implemented totally or partially. It is the politics behind the Presidential elections. The western countries would oppose Mahinda Rajapakse as it was under his political leadership that the LTTE, or Tamil terrorism was defeated. However   Tamil racism is not dead as it is supported by the western countries through the dispersed Tamils in those countries. The TNA is only the mouthpiece of Tamil racism and they are being manipulated by the western countries and the dispersed Tamils. The so called diaspora is supposed to mean the dispersed Tamils, with the Biblical word drawing the sympathy of the western Judaic Christian culture towards Tamil racism.

The west encourages the Sri Lankan government to use the word diaspora to describe the dispersed Tamils for two reasons. Firstly it is a cover up for the western countries who are working against the Sri Lankan government of Mahinda Rajapakse with the ultimate aim of producing the latter before a so called international jury after removing him from the post of President of the country. The western countries, especially England, that created and nurtured Tamil racism hide behind the dispersed Tamils to promote Tamil racism against not only the government of Sri Lanka but the Sinhala people themselves.

Secondly the dispersed Tamils are not an organisation as such and there are no office bearers. Any attack on the dispersed Tamils is not focused and the advantage of that is for Tamil racism. It is not difficult to defeat Tamil racism as well, the way we defeated Tamil terrorism but we have to get our act together. We have to be clear in our concepts and be open in attacking the western countries for maintaining Tamil racism. The opposition will never do that and it is hoped that Mahinda Rajapakse in his term will defeat Tamil racism as well. If the first term defeated Tamil terrorism, the second term consolidated that defeat then the third term will see the defeat of Tamil racism with a correct domestic policy on development and a foreign policy on identifying the enemy and calling a spade, a spade.

The subsidiary common candidate would be either Ven. Maduluwawe Sobhitha Thera or Ven. Athureliye Rathana Thera with the main function being splitting the Sinhala Buddhist vote. It is unfortunate that the JHU, at least a faction of it, is determined to leave the government without understanding the politics of the Presidential elections. The government may not have fulfilled all the expectations during the second term of Mahinda Rajapakse as the President but it was a period of consolidation of the defeat of Tamil terrorism.


The JHU, should not be a party to splitting the Sinhala Buddhist vote and should concentrate on the victory of Mahinda Rajapakse so that he could defeat Tamil racism in his third term. It is not the time for parochial politics and if the JHU is interested in preserving the unitary state and protecting the rights of mainly the Sinhala Buddhists, then they have no alternative but to support Mahinda Rajapakse. If they resort to any other alternative they will only be successful in winning the wrath of the vast majority of Sinhala Buddhists, thus guaranteeing their exit from active politics. 


Nalin De Silva

07-11-2014

Wednesday, 5 November 2014

Communal politics of Tamil leaders


I was not shocked when the Chief Minister of Northern Province wanted the government to handover the custody of the seventy five children who lost their parents due to the landslide in Koslanda to the Northern Provincial Council or in effect to some Tamil organization(s) in the North. C Vigneswaran is only continuing with the communal politics of the Tamil leaders of the nineteenth century. It may be that the Chief Minister among other things assumes the following. All the seventy five children are Tamil. The Tamil children who lost their parents should be brought up by Jaffna Tamils. Otherwise they will lose their cultural identity. The TNA is the   representative of Tamils in the Uva Province (and the whole country), though there are other parties such as the UPFA,  unlike the TNA that contest in the Uva and poll votes not only among the Sinhalas, but the Tamils as well. The basic thinking of the TNA leaders does not differ from that of Prabhakaran. The UPFA even in Uva is identified not with the left of the left parties in the coalition but with the SLFP.

The uncles of Vigneswaran never considered the Tamils in Uva and central hills as their brethren. The plantations were owned by the elite whether they were English Scottish Burgher Sinhala Tamil or Muslims and the central hills together with the Sinhala poor villages provided the servant “boys” to the elite. It was the LSSP though misguided by Marxism (Karalasingham’s words to the effect that estate workers were the vanguard of the proletariat  revolution) that established trade unions in the plantation sector to be hijacked by Thondaman. The politics in Uva has evolved since the days of Bracegirdle and it is Thondaman, Mahinda Rajapakse and few others who could address the Tamils in the central and uva provinces. Chelvanayakam attempted to unite not only the Tamils but the Tamil speaking people in the country against the Sinhalas, but it failed in no time especially in the central hills.  Ashraff wanted to go alone after Vadukoddai but Hakeem finds it difficult to do so. Vigneswaran has no appeal to the Tamils in the central hills but he thinks the TNA or rather Ilankai Thamil Arasu Kadchchi (ITAK) is the sole representative of the Tamils in the country, though before Chelvanatakam the estate workers were kallathonis to the elite Tamils as well.

If Vigneswaran thinks that the Tamil cultural identity will be destroyed or diluted as far as the seventy five children are concerned, he can rest assured that unlike the Judaic Christian culture that pays lip service to cultural identities Sinhala Buddhist culture has protected not only Tamil Hindu culture but Christian and Catholic cultures as well. It is under the so called Sinhala governments since 1948 Tamil Hindu culture has flourished in Colombo and it is  well known that Hindu Kovils with Theru and other festivals go from strength to strength in the suburbia as well as in towns such as Matale. After all, Vigneswaran who was brought up in Colombo has retained his Tamilness in spite of the western Christian education he received at a leading school in Colombo. What Vigneswaran should try to understand is that in and around Koslanda there are Tamil Hindu men and women who could be in charge of the Tamil Hindus among the seventy five children.

It is clear that the TNA leaders who were proxy to the LTTE are playing communal politics in order to satisfy the dispersed Tamils in the western countries. Vigneswaran and others could join with Hakeem against the Sinhala people on behalf of the Judaic Christian culture but they would be resented by the Tamil leaders in the central hills.  The Tamils in the central hills having lived with the Sinhala villagers for more than hundred and fifty years do not mistrust the latter. The Tamil children who lost their parents should be brought up by the government, which more than anybody else could make sure that all the communities in the country integrate with one another in the shortest possible time.

The TNA on the other hand wants to segregate people and communities as they can survive only by satisfying the west and their pawns the dispersed Tamils in the west with their communal politics. The TNA leaders are against integration as Shivajilingam has clearly stated his opposition to Yal Devi running to Jaffna. Apparently he has said that it was they who stopped Yal Devi running to Jaffna some decades ago. It may be that they helped the LTTE to bomb Yal Devi and thus prevent social interaction among the Sinhalas and Tamils. Yal Devi connects Colombo to Jaffna and a highway from Colombo to Jaffna will ensure more and more interactions among the Sinhalas and the Tamils.

We do not have to take lessons from South Africa or any other country on so called reconciliation as we know how to coexist without diluting the cultures of each other. We have respected each other absorbing from the cultures of others. However, the TNA leaders such as Vigneswaran and Shivajilingam are against reconciliation or whatever meant by that term and look for segregation without allowing the Tamils and the Sinhalas to interact. It is the communal politics that will guarantee the survival of the Tamil leaders at least in the short term. In the long term with development taking place these communal leaders will find their place in the dustbin of history but it is the short term we have to be careful.

The communal politics of the Tamil leaders is not new as the leaders of the nineteenth century also were engaged in communal politics. Of course, they were driven there by the English governors and officials who introduced communal politics with the establishment of the legislative council in the early nineteenth century. The English nominated members to the legislative assembly on a communal basis and to make it worse they gave equal status to the Tamils, Burghers and Sinhalas in the country. The English nominated one each to represent the three communities totally ignoring the history, the population etc., of the country. The Sinhalas who had a history going back to several thousand years and constituted about 70% of the population had one member representing them while the Tamils and Burghers each with a recent history and with lesser percentage of the population also had one member representing each in the legislative assembly.

Though the people or individuals are equal in law cultures are not equal as anybody who has gone to a western country knows by experience. There various versions of Judaic Christian culture dominate and the other cultures are only in the category of also ran as in the London Marathon. The Sri Lankan Sinhala Buddhist culture does not envisage to be the dominant culture but what is expected is to recognize it as the significant culture in the country. The communal politics of the Tamil leaders under the auspicious conditions of the English never agreed to give that status to the Sinhala Buddhist culture and the so called ethnic problem in Sri Lanka is due to this fact and nothing else.


It is unfortunate that in Sri Lanka as in the western countries it is the Judaic Christian culture that is the dominant culture as we are still following the norms introduced by the English in education, professions, culture, economy and politics. The communal politics of Tamil leaders only help the westerners to maintain that status and people such as Sumanthiran cannot be unhappy with the status quo.     


Nalin De Silva

05-11-2014

Sunday, 2 November 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ - 3


ආසනික් හා වකුගඩු රෝගය පිළිබඳ ප්‍රශ්නය අන් කිසිවක් නොව බටහිර දැනුම් ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් වඩාත් උරණ වී සිටින්නේ පිටරට හා මෙරට වසන බටහිර විද්‍යාව කටගාගත් පිරිසක් බව පැහැදිලි ය. ඔවුන් තමන් විද්‍යාඥයන් ලෙස පෙනී සිටිය ද ජීවිතයේ තරුණ කළ වුව වෙණ ගායනා කර නැත. ඔවුහු ලෝකයේ හරිහමන් බටහිර විද්‍යා සංගමයක අධිසාමාජිකයෝ නො වෙති. ඔවුන්ට මහළු ක ළ එවැනි සාමාජිකත්වයක් ලැබෙතැයි විභ්වාස කළ නො හැකි ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් ද යන්නට ඔවුන්ට එකඟ විය හැකි පිළිතුරක් නැත. ආවර්තිතා වගුවේ සියළු බැර ලෝහ එක් එක් අයගේ මතය අනුව රොාගයට හේතුව වෙයි. එක් මහළු පඬියකුට අනුව මහවැලිය හා අවට කෙරෙන කෘෂිරසායනික යෙදුම් එයට හේතුව වෙයි. 

මේ සෑම මතයක් ම ඊනියා පර්යේෂණ සඟරාවළ පළ වී ඇත. එහෙත් බොහෝ විට  මේ ඊනියා විද්‍යාඥයෝ එකිනෙක සමග එකඟ නො වෙති. මෙයින් ද පැහැදිලි වන්නේ බටහිර විද්‍යාව් ද අදාළ සඟරාවල ද බංකොළොත් කම ය. බටහිර විද්‍යාවේ දැනුම නොදැනුම බවට පත්්කෙරිය යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් මා විසින් විසිදුනු ප්‍රකාශකයන්ගේ පොත් දැක්ම වෙනුවෙන් කරන කතාවක් නොවැම්බර් 1 වැනි දා (සෙනසුරාදා) සවස 3.00ට කොළඹ මහජන පුස්තකාක ශ්‍රවණාගරයේ දී පැවැත්වෙයි. එහි මාතෘකාව දැනුම නොදැනුම බවට පත්කිරීම ය. එයට කැනඩාවේ සිටින අයට සහභාගි වීමට නොහැකි බව මම දනිමි. මොවුුහු බංකොළොත් විද්‍යාඥයෝ වෙති. ඔවුන් සමග වාදයකට ඔවුන් ලංකාවට එනතුරු බලා සිටීමට මා එකඟ යැිය පැවසූ විට ඔවුහු මට කැනඩාවට ඒමට කියති. එය කෙතරම් අතාර්කික ද යන්න විවාදයේ දීම තේරුම් කර දෙමි. මහවැලි කතාව සමග එකඟ වන බටහිර විද්‍යාඥයන් කී දෙනෙක් ලංකවේ සිටිත් ද?

මේ ඇතැම්හු මා දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් කළ කී දේ ගැන එකඟ වෙති. එහෙත් ඔවුන් අමතක කරන හෝ නොදන්නා හෝ කරුණ නම් දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ම වූ ප්‍රවාදයක් අප ගොඩ නැගූ බව ය. කැනඩාවේ ද සිටින ඊනියා දේශප්‍රේමීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා රෙගුලාසි ආදිය මත පදනම් වෙමින් කසිකබල් තර්ක ගොඩනගමින් අප තව තවත් එක්සත් ජාතින්ගේ යටත්විජිතවාදී දඬු අඬුවට හසු කරද්දී අපි දෙමළ ජාතිවාදයට ත්‍රස්තවාදයට විරුද්ධ ව අපේ ම වූ දැනුමක් ගොඩ නැගුවෙමු. සිංහල බෞද්ධයනට යුද්ධ කිරීම අකැප නොවන බව පැහැදිළි කෙළෙමු. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව පෙන්වා දුන්නෙමු. 

ඒ සියල්ල කළේ බටහිර දැනුම් ආධිපත්‍යයට යට වීමෙන් නොව යඑට විරුද්ධ ව ගොසිනි. ඊනියා ජාති හිතෛෂීන් අපට විරුද්ධ නොවූයේ ඔවුන්ට බටහිර දැනුම පිළිගෙන රට නිදහස් කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි ඔවුන්ට අත දීමක් ලෙස උපකල්පනය කරමු. එහෙත් ආසනික් හා නාථ දෙවියන් පිළිබඳ කරණෙහි දී ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ රැකියාව, වෘත්තිය ආදිය පිලිබඳ ප්‍රශ්න ය. එය රටේ හා ජනතාවගේ ස්වෛරීභාවයට වඩා ඔවුන්ට වැදගත් ය. බටහිර දැනුම, විශේෂයෙන් ම විද්‍යාව නොවන්නට ඔවුන්ට පැවැත්මක් නැත. එබැවින් ඔවුහු බටහිර විද්‍යාව හා දැනුම වෙනුවෙන් අවි අමෝරා ගෙන සටන් වදිති

බටහිර විද්‍යාවේ ඇත්තේ හුදු කතන්දර පමණකි. ඒවා පට්ටපල් බොරු ය. එය තේරුම් ගැනීම බටහිර විද්‍යාඥයකු නොවන අයකුට නම් අපහසුවක් නැත. පළුවෙනි දා කොළඹ මහජන පුස්තකාලයට පැමිණෙන අයට නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් බව දැනගත හැකි වනු ඇත. පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට යැයි කියමින් බටහිරයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්ටපල් බොරු ගොතන්නේ ඔවුන්ට ආධ්‍යාත්මික ව ඒ දැකීමට නොහැකි බැවිනි. තමන්ගේ නොහැකියාව වසා ගැනීමට බොරු ගොතන බටහිරයන්ට අප ම,ූළා වී නම් එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ  යෝජනා මත රඳා සිටිමින් ප්‍රභාකරන්ට රට පාවාදීමට ඊනියා දේශප්‍රේමීන්ට හැකි වනු ඇත. 

ප්‍රභාකරන්ට විරුද්ධ සටන හා නිවුටන්ට විරද්ධ සටන යනු දෙකක් නො වේ. ඒ එක ම සටනකි. ඒ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන සටනකි. ඒ බටහිර දැනුම් ආධිපත්‍යයට එරෙහි ව කරන සටනකි. එක් සටනක් කෙරුණේ ඊනියා සමාජ විද්‍යාවන් හි ය. අනෙක් සටන කෙරෙන්නේ ඊනියා ස්වාභාවික විද්‍යාවන් හි ය. එසේ බෙදීම ද බටහිර බකෛාළොත් බව පෙන්නුම් කරයි. 

මගේ වෙණ ගායනය මා මිය යන තුරු නොනවතිනු ඇත. එහෙත් කැනඩාවේ වෙසෙන මහල්ලන්ට කිසි දිනෙක වෙණ ගායනයක් තිබත නැත. ඔවුන්ට තිබී ඇත්තේ වෙන ගායන ය. (මතු සම්බනධයි)   


නලින් ද සිල්වා

2014-11-02

Friday, 31 October 2014

The bankrupt opposition


Only some middle class elements living around Colombo city limits would be thinking of a UNP President next year. They would be imagining various scenarios including an insurgency with the help of the JVP during the period after the first count. The JVP has already begun implementing their plans claiming that the forthcoming election is illegal whatever it means. They are with Sarath Nanda Silva and claim that Mahinda Rajapakse cannot contest for a third time. However, it is not clear how the Presidential elections would become illegal simply because Mahinda Rajapakse contests for a third time. Who has the jurisdiction to decide whether the election is legal or not? Is it a former Chief Justice or the leader of the JVP?

We do not know what would be the final outcome at the Supreme Court but if the Courts decide that Mahinda Rajapakse could contest a third time then no matter what the JVP thinks the Presidential elections would be legal. The JVP wants to create the impression that the elections are illegal and organize street fights. The JVP leader has requested the UNP not to contest as the Presidential elections are illegal. It is very unlikely that the UNP would agree with the JVP leader on that and most probably would field Ranil Wickremesinghe as one of the so called common candidates.        

However, the JHU, at least the Ven. Rathana faction, is also of the opinion that the Presidential elections are illegal, and they are supposed to have discussions with Ven. Maduluwawe Sobhitha Thera on a common candidate. If a political party is against the presidential elections they could boycott the elections. However, if the party is only against Mahinda Rajapakse contesting the election then they could field a common or uncommon candidate against Mahinda Rajapakse. The JVP is boycotting the presidential elections with ulterior motives. As we have said they are interested in capturing power, meaning Anura Dissanayake being made the President of the country, through street fights.

The UNP on the other hand wants to contest the Presidential elections with as many “common candidates” as possible and then force the commissioner of elections to go for the count of the second preference. During the nonagatha period we have already described in these columns the UNP wants to stage their version of street fights. They would be hoping that the JVP would not destroy their plans by resorting to premature street fights.

As it is at least a faction of the JHU would remain with the government, with Ven. Athureliye Rathana    Thera joining hands with Ven. Maduluwawe Sobhitha Thera who is increasingly becoming isolated from the public. Ven. Sobhitha Thera has some support among a few University Academics who are associated with FUTA and some left out leftists. In the end there is a possibility that Ven. Athureliye Rathana Thera would become the common candidate of this outfit.

The UNP would like to have more common candidates with the hope that Mahinda Rajapakse would not receive fifty percent of the valid vote in the first count. It is in this context that the UNP would oppose a candidate from the TNA or the SLMC. The UNP wants the Muslims and the Tamils to vote en bloc to Ranil Wickremesinghe. Their tactics would be focused on increasing the vote of Ranil Wickremesinghe while reducing the vote of Mahinda Rajapakse. However, what the UNP and their  advisors both local and foreign would forget is that some Muslims and some Tamils would vote for Mahinda Rajapakse. In the final count Mahinda Rajapakse would end up with 55% of the valid vote without going for the second preference at the Presidential Elections.

The TNA has claimed that they were the people who obstructed Yal Devi going to Jaffna (probably with the help of the LTTE) and they would resort to same if the train continues to run to Jaffna. It is clear that the TNA like the UNP and the JVP has run out of slogans and they would have to consult their sponsors in UK, USA and the other western countries. I do not mean only the dispersed Tamils in those countries but the so called statesmen as well.

The government of Sri Lanka is unlikely to accuse the western states for their support to Tamil racism and Tamil terrorism, and they will continue to refer to the so called diaspora. The government cannot be blamed for this position as the western states would deny their involvement in Tamil racism and Tamil terrorism. However, blaming only the dispersed Tamils (so called diaspora) is not going to help the government of Sri Lanka as there is no leadership or organisation that could be identified with the dispersed Tamils.

The government is engaged in a fight with a shadow instead of the real enemy but we have to understand its limitations. The reply to the western states has to be given by the people at the Presidential elections by electing Mahinda Rajapakse as the President for a third time with an overwhelming majority.

The bankrupt opposition was also exposed at the budget 2015. The opposition has no slogans and they cannot mislead the people. There are some trade unionists especially in the health sector with LTTE connections and they would resort to the lies that the LTTE is infamous for. Some of these trade unions for some time had been demanding the special living allowances paid to the public servants be added to the basic salary.

It is exactly this what the government has done in the budget 2015, with the result the basic salary of public servants increasing substantially from 2005 to 2015. With this the pension contribution, and other benefits increase as known to all the public servants. If that is not the case why did the LTTE connected and other trade unions demand that the allowances should be added to the basic salary. Was it to give the person engaged in the subject of salaries some Arithmetical exercises?

To make it worse the trade unions connected with the opposition claim that the special living allowance given to the public servants in the 2015 budget is a compulsory increment that should have been provided anyway. This is as if the UNP had been giving special living allowances to the public servants when Ranil Wickremesinghe was the Prime Minster for a short period and making use of the opportunity to sign the so called ceasefire agreement with Prabhakaran under the auspices of the western governments with Norway in the limelight.


The opposition is bankrupt and has run out of slogans and about to use the misery of those affected  by the earth slip at Haputale, for their benefit. The government should make use of all the facilities available to help the victims and think more radically on the entire plantation economy. The earth slips could be avoided by transferring to some other economy and by depopulating the areas under threat as a long term remedy. The government is in a one horse race at present which is becoming boring to the public and may think of increasing the allowances of the opposition so that they could hire some slogan writers.


Nalin De Silva

31-10-2014

Wednesday, 29 October 2014

අමරතුංග මහතා තව තවත් අසංගත වෙයි


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්‍යාවේ දාර්ශනික පදනම මැයෙන් ලියා ඇති ලිපි පිළිබඳව කෙටියෙන් වුව විග්‍රහයක්‌ කළ යුතු ය. එසේ කරන්නේ ඇත්ත හා බොරු යන මැයෙන් මා ලියන ලිපි පෙළ තාවකාලිකව නවතා දමමිනි. අප සැම දාමත් කියා ඇති පරිදි අමරතුංග මහතා සංගත වීම ගැන කිසිදු සැලකිල්ලක්‌ නො දක්‌වයි. අමරතුංග මහතා කියන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. ඔහුට අනුව විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක්‌ බටහිර ඇති වූ බව බටහිරයන් කියන්නේ ඔවුන් ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා නිසා ය. එවැනි නව විද්‍යාවක්‌ බටහිර ඇති වූ බව අමරතුංග මහතා නො පිළිගනියි. එහෙත් ඔහු බටහිර විවිධ දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ඉදිරිපත් කර ඇති මතවාද ගැන මහත් අභිරුචියකින් ලියයි. 

අපේ මූලික ප්‍රශ්නය මේ දාර්ශනික පදනම (පදනම්) කෙතෙක්‌ දුරට අමරතුංග මහතා ගේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි යන්න සමග සංගත ද යන්න ය. අමරතුංග මහතා ගේ කතාව ඒ ඊනියා පදනම් (පදනම් එකකට වඩා ඇත) සමග සංගත නම් ඒ පදනම් මගින් පැරැණි චීනයේ, දඹදිව, අරාබියේ, ලංකාවේ ආදී වශයෙන් තිබූ දැනුම් පද්ධති ද බටහිර විද්‍යාව ලෙස හඳුනාගනු ලැබ යුතු ව ඇත. එහෙත් පැහැදිලිව ම බටහිර ඊනියා දාර්ශනිකයන් එකී දැනුම් පද්ධති විද්‍යාව ලෙස හඳුනාගෙන නැත. එසේ වුවත් අමරතුංග මහතා කිසි ම ලඡ්ජාවකින් තොර ව ඔක්‌තෝබර් 1 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. 

"විද්‍යා දර්ශනය විසින් විද්‍යාවේ ක්‍රමවේදය නිගමනය කෙරෙන බව කිව හැකි ය. විද්‍යාව සිදු කළ යුත්තේ කෙසේ ද යන්න පහදා දීමට තැත් කෙරෙන්නේ විද්‍යා දර්ශනය විසිනි. මෙහි දී වැදගත් වන්නේ යම් මතවාදයක්‌ කෙතරම් දුරට සත්‍යය සමග එකඟ වන්නේ ද යන්න සොයා බැලීම ය. මෙය විද්‍යා දර්ශනයේ වැදගත් කාර්යභාරයක්‌ වන්නේ ය. මතවාදය සහ යථාර්ථය කෙතරම් දුරට එකඟ වන්නේ ද යන සංවාදය විද්‍යා දර්ශනයේ වැදගත් ම කාර්යය වන්නේ ය. පවතින ලෝකය සමග මතවාද සංකල්ප ආකෘති සහ ආනුභුතික දත්ත එකඟ වන්නේ ද? නැත්නම් එම සම්බන්ධය දියුණු කළ හැක්‌කේ කෙසේ ද යන්න විද්‍යා දර්ශනය මඟින් පහදා දීමට උත්සාහ කළ යුතු ය. මෙය විද්‍යාවේ ප්‍රතිෂ්ඨාව (Foundation) කුමක්‌ දැයි වටහාගෙන එය තවත් දියුණු කිරීමට ගන්නා ප්‍රයත්නයක්‌ බව කිව හැකි ය."

අපට අමරතුංග මහතාගෙන් අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙතෙක්‌ ඊනියා විද්‍යාවේ දාර්ශනිකයන් විසින් ගොඩනගනු ලැබ ඇති මතවාදවලින් ඉහත කී පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාව බව පෙන්නුම් කළ හැකි ද? අමරතුංග මහතා නො කීවාට බටහිර දාර්ශනිකයන් කරන්නේ පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාවට සමාන නො වන බව පෙන්නුම් කිරීම ය. අමරතුංග මහතා බොරු (බොරු යනු කුමක්‌ දැයි ඇත්ත හා බොරු ලිපි පෙළෙහි සඳහන් වෙයි) කරන්නේ කවුරුන් රැවටීමට ද?

අමරතුංග මහතා ඉදිරිපත් කරන විද්‍යාවේ දාර්ශනික පදනම ලිපිවලින් කියෑවෙන ප්‍රධාන ම කරුණ නම් බටහිර විද්‍යාව එතෙක්‌ පැවැති දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව ය. අමරතුංග මහතා ඊනියා සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව පෙන්වීමට නො ව බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ දැනුම් පද්ධතියක්‌ බව පෙන්වීමට ය. එයින් කියෑවෙන්නේ බටහිර විද්‍යාව සත්‍ය බව නො වේ. බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ පට්‌ටපල් බොරුවක්‌ බව ය. 

අමරතුංග මහතා කිසි විටෙකත් වචන ගැන සැලකිල්ලක්‌ නො දක්‌වයි. ඒ බව අපි කිහිප වතාවක්‌ ම පෙන්නුම් කළෙමු. පසුගිය 22 වැනි දා ලිපියෙන් ද ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරයි. ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරන්නේ සැලකිල්ලෙන් ද? එකී ලිපියෙහි පහත සඳහන් කොටස ද වෙයි. එය කිහිප අතකින් ම වැදගත් වන බැවින් දීර්ඝ ව උපුටා දක්‌වමු. 

"මීට පෙර ලිපියේ සෝපාධික නිගාමී ක්‍රමය (Hypothetico Deductive Method) පිළිබඳව පැහැදිලි කිරීමක්‌ සහ එහි ඉතිහාසය සහ වර්ධනය ගැන සඳහනක්‌ කළෙමි. මේ ක්‍රමයේ ඇති දුර්වලතාවන් ගැන කෙටි විස්‌තරයක්‌ කිරීමට මේ ලිපියේ 2 වැනි කොටසින් අදහස්‌ කරමි. සෝපාධික නිගාමි ක්‍රමයට අනුව යම්කිසි උපන්‍යාසයකින් (Hypotheis) ලබාගත හැකි අනාවැකි (Predictions) සාක්‌ෂි මගින් (ස්‌වභාවධර්මයේ තිබෙන) ඔප්පු කළ හැකි නම් එම උපන්‍යාසය සත්‍යයට කිට්‌ටු ලෙස පිළිගත හැකි ය. මෙවැනි ක්‍රමයකින් විද්වත් නිව්ටන් ගේ හෝ අයින්ස්‌ටයින් ගේ හෝ මතවාද ඔප්පු කළ හැකි ය. එහෙත් මෙතැන දී ඔප්පු වන්නේ අනාවැකි මිස උපන්‍යාසය නො වේ. අනාවැකි ඔප්පු වූ පමණින් උපන්‍යාසය සත්‍ය ලෙස පිළිගත හැකි ද යන දාර්ශනික ප්‍රශ්නය මතු වීම වැළැක්‌විය නොහැකි ය. උපන්‍යාසය තුළට තවත් අදහස්‌ ඇතුළු කළා නම් පෙර කිව් පරිදි අනාවැකි ඔප්පු වූ විට එම අදහස්‌ ද සත්‍ය ලෙස පිළිගත හැකි ද? උදාහරණයක්‌ ලෙස විද්වත් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය තුළට තවත් අදහසක්‌ ඇතුළු කළ විට එම මතවාදය පිළිගන්නා විට පසුව ඇතුළු කළ අදහස ද පිළිගන්නට සිදු වේ. මෙය දාර්ශනික තර්කයක්‌ පමණක්‌ බව පාඨකයන් වටහාගත යුතු ය. ඉන් පෙන්නුම් කරන්නේ අනාවැකි ඔප්පු කිරීමෙන් මතවාද සාකල්‍යනය කිරීම (Generalization) හෝ සාධාරණය කිරීම (Justification) කළ නොහැකි බව ය."

පොත් විශාල සංඛ්‍යාවක්‌ කියවා ඇති බව පෙන්වීමට තැත් කරන අමරතුංග මහතා තමාට ඒ නො තේරෙන බව ද ඒ සමග පෙන්වා දෙයි. කෙතරම් පොත් කියෙව්වත් අමරතුංග මහතා පාරිභාෂික ශබ්දමාලා පරිහරණය නො කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වී ඇත. සන්නිවේදනයෙහි දී අප කියන්නේ කුමක්‌ දැයි එකිනෙකා අවබෝධ කරගත යුතු ය. ජෙනරලයිසේෂන් යනු ඊනියා සාකල්‍යනය කිරීමක්‌ නො වේ. එයට බටහිර ගණිතයෙහි දී යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය. බටහිර දැනුමෙහි සාධාරණීකරණය වඩාත් ම දැකිය හැක්‌කේ ගණිතයෙහි ය. එහි ජෙනරලයිසේෂන් යන්නට යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය. 

එමෙන් ම ජස්‌ටිෆිකේෂන් යන්න සාධාරණීකරණය නො වේ. ඒ සඳහා යෙදෙන සිංහල වචනය යුක්‌තියුක්‌ත කිරීම ය. ජස්‌ටිස්‌ යන්න යුක්‌තිය සමග බැඳී ඇත. අමරතුංග මහතා තමාට අවශ්‍ය පරිදි වචන යොදාගැනීමෙන් පාඨකයා නොමග යවයි. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා ඉහත කී ඡෙදයෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ කුමක්‌ ද යන්න ඒ මහතාට වත් පැහැදිලි නැති බව නම් පැහැදිලි ය. උපන්‍යාසයකින් අනාවැකි කීමට නො හැකි ය. උපන්‍යාසයක්‌ යොදාගෙන බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් අපෝහනය (Deductiona) ලබාගැනීම ය. 

මේ උපන්‍යාස වියුක්‌ත වෙයි. (අමරතුංග මහතා අදත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දනියි.) ඒ පංචෙන්ද්‍රියට ගෝචර නො වෙයි. එහෙත් ඉන් ලබාගන්නා අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය (අදාළ සංකල්පය ද සමගින්) වියුක්‌ත ය. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ ප්‍රවාදය යොදාගනිමින් ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් එක්‌ විට එක්‌ උසකින් මුදා හැරෙන වස්‌තු දෙකක්‌ එක්‌ විට පොළොවට වැටෙන බව අපෝහනය කළ හැකි ය. ඒ අපෝහනය පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය. 

එසේ එක්‌ විට වැටෙන වස්‌තු නිරීක්‌ෂණය කිරීමෙන් එය අපෝහනය සමග සංගත බව තේරුම්ගැනීමෙන් අපට කිසිවක්‌ කිව නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ දාසයෝ ඉන් කියෑවෙන්නේ උපන්‍යාසය සත්‍ය බව යෑයි හෝ සත්‍යයට ළඟා වන බව යෑයි හෝ කීමට උත්සාහ කරති. එය කිසි ම න්‍යායකට එකඟ වූවක්‌ නො වේ. ඒ බව අපි කිහිප වතාවක්‌ ම කියා ඇත්තෙමු. p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය අපෝහනය කළ පමණින් හා q නිරීක්‍ෂණය කළ හැකි වූ පමණින් p ප්‍රස්‌තුතය සත්‍ය බව ගම්‍ය නො වේ. එහෙත් බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනමේ එක්‌ කලෙක ඒ බව උපකල්පනය කෙරිණි. අමරතුංග මහතා ද මේ ඊනියා පදනමේ අඩුපාඩු දකින තෙක්‌ එය පාඨකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය. 

අපි එය තවදුරටත් පොපර් කියා ඇති දේ ද විවේචනය කරමින් පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුතු කරුණක්‌ ඇත. අප ද ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම පිළිබඳ මතයකි. ඒ අනුව ඊනියා සෝපාධිත නිගාමි ක්‍රමය මෙන් ම පොපර් ගේ අසත්‍යකරණය ද වැරැදි ය. අපට අනුව බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම ද පට්‌ටපල් බොරු ය.

නලින් ද සිල්වා

2014-10-29