Main Logo

Monday, 31 August 2020

විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා



මේ ලිපි විග්නේෂ්වරන් පිළිබඳ ලිපි බවට පත් කිරීමට මට වුවමනාවක් නැහැ. ඒත් ඔහු ඊයේ දෙරණ මොකද වුණෙ වැඩ සටහනෙහි ඔහුගේ මනස වැඩ කරන හැටි රටට ම පෙන්නුවා. විග්නේෂ්වරන් හා අනෙක් දෙමළ ජාතිවාදී වෙල්ලාල නායකයන් අතර විශාල වෙනසක් නැහැ. දේශපාලනඥයන් මුසා දොඩවනවා. ඒක එහෙම තමයි. ඊනියා ඉතිහාසඥයන් ද බොහෝ විට එහෙමයි. අනෙක් ශාස්ත්‍රඥයන් කියන අය එසේ නො වේ යැයි මා කියන්නේ නැහැ. මා ශාස්ත්‍රඥයකු නොවුණත් මා ද ඊනියා කරුණු (සාධක) තර්ක ඉදිරිපත් කරන්නේ මගේ මතය තහවුරු කිරීමට. අප මතවලට එළඹෙන්නේ තර්ක කිරීමෙන් නොවෙයි. ඒත් තර්ක කරන්නේ මතය තහවුරු කිරීමට. කාලෝගේ තේරුමෙන් නොව කාළාම සූත්‍රයේ තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් පිළිගන්න එපා කියන එක ඊනියා විද්‍යාත්මක කතාවක් නොවෙයි. 

Sunday, 30 August 2020

ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?


ලෝකයේ පැරණිත ම භාෂාව සිංහලය වගේ කතා අප කියන්නේ නැහැ. භාෂාවක් අනෙක් සෑම දෙයක්,  සෑම කෙනකු,  වගේ ම විකාශය වෙනවා. මට වැරදුනා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විකාශය වන්නේ නැහැ. ඔවුන් දැන ගත යුතු සියල්ල උපදින කොට ම දැන ගෙන ආ අය. ඔවුන්ට ඇත්තේ එක ම එක කාර්යයක් පමණයි. කිසිම අරමුණක් විකල්ප ක්‍රමයක් නැති ඔවුන්ට කරන්න තිබෙන්නේ අනෙක් අයගේ අරමුණුවලට හිනා වෙන එක ඒ විවේචනය කරන එක පමණයි. ඊනියා මාක්ස්වාදී සමාජවාදය සම්මජාතියේ ඇති වන එකක් නොවන බව ඔවුන් දන්නවා. ඒ නිසා ම දෝ ජ වි පෙට හා කෙකරගාමීන්ට ඔවුන් හිනා වෙන්නේ නැහැ. 

Saturday, 29 August 2020

විග්නේෂ්වරන්ගේ බයිලා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන්ගේ බයිලා


විග්නේෂ්වරන්ගෙ කතාවට තව තවත් ප්‍රචාරය දෙන්න ඕන. ඔහු ඒ ගමන ඉතිහාසය ගැන කතා කරල නිගමනයකට එන්න ජාත්‍යන්තර විශාරදයන් ද ඉන්න කමිටුවක් පත් කරන්න කියල. කවුරු හරි හිතනව නම් කමිටුවෙන් තීරණයකට එන්න පුළුවන් කියල ඒ ඊනියා විශාරදයන් ගැන නොදන්න අයෙක්. ඔය කමිටුවට ඉන්ද්‍රකිර්ති සිරිවීර, මයිකල් රොබට්ස්, ගණනාථ ඔබේසේකර සහ සාවිත්‍රි ගුණසේකර  ඇතුළු සිකුරාදා සංසදය කියන අටමගලේ විශාරදයන්, පාක්‍යසෝති සරවනමුත්තු, එරික් සොල්හයිම්, කමලා හැරිස්, සහ තව තවත් අය පත්කර ගන්න පුළුවන්. ඒකට ඉතිහාසඥයන් ම වෙන්න ඕන නැහැ. 

Friday, 28 August 2020

තුනෙන් දෙක, මියන්මාර පළාත් සභා හා සිංහල වෙදකම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තුනෙන් දෙක, මියන්මාරයේ පළාත් සභා  හා සිංහල වෙදකම


පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ල එවකට රටේ ජාතිකත්වය තහවුරු ව තිබූ ප්‍රමාණයත් ඡන්ද ක්‍රමයත් සලකල මා කිව්ව සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ජනාධිපති වෙන්න පුළුවන් කියල. ඒත් වෙනත් ජාතිකවාදීන් එය විශ්වාස කළා කියා මා හිතන්නේ නැහැ. නමුත් එය එසේ වුණා. මහාමැතිවරණයේ දී මගේ ගණන් බැලීම වුණෙ තුනෙන් දෙකක බලයක් ගැනීම අසීරු බව. තුනෙන් දෙකක් ලැබීමට පුළුවන් කියා කිසිවකු හිතන්න නැතිව ඇති. රැස්වීම්වල කී කතා ගණන් ගන්න එපා.  එකසිය දහතුනට වඩා ලැබෙන බව නම් කවුරුත් වගේ දැන හිටියා.

Thursday, 27 August 2020

සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක 


සිංහලයන්  බෞද්ධයන් වුණා නම් කෙතරම් හොඳ ද කියා මට වෙලාවකට හිතෙනවා. මෙතනදි ප්‍රශ්නයක් ඇති වෙනවා බෞද්ධයා කියන්නෙ කාටද කියන එක. මට තේරෙන බුදුදහම සමහර විට වැරදි වෙන්න පුළුවන්. අර ලන්ඩන් නුවර පළකරන ලංකා වෙබ් සංස්කාරකවරයා මගේ ලිපි පළ කිරීම නැවැත්තුවෙ මා කියන බුදුදහම වැරදි කියා. අප එකිනොකට තියෙන්නෙ විවිධ බුදුදහම්. කොයික ද හරි කියන එක වගේ ප්‍රශ්න මා අහන්නෙ නැහැ. මට තේරෙන බුදුදහම සිංහලයන් ඉතා වැඩි පිරිසක් ප්‍රතික්‍ෂෙප කරන බව මා දන්නවා. 

Wednesday, 26 August 2020

ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු 


සමහරු ධනවාදයට විරුද්ධ වෙනවා ධනවාදය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව. ධනවාදය කියන්නෙ වෙළෙඳපොළ තිබීම කියල සමහරු කියනවා. සමහරු තාක්‍ෂණය අල්ල ගෙන. මෙතන ප්‍රශ්නය තාක්‍ෂණයවත් වෙළෙඳපොළවත් නො වෙයි. මේ අය මාක්ස්වාදීන් වෙන්න බැහැ. මාක්ස් ධනවාදය කියන්නෙ මොකක් ද කියන එක අර්ථදක්වල තියෙනවා. (මේ ධනවාදය ඔහුට පෙණුන හැටි නොවෙයි). ඔහු එතරම් හොඳින් දැන නොසිටියත් ආසියාතික නිෂ්පාදන මාතයක් ගැනත් කියල තියෙනව. ඒවා කියවනව නම් හොඳයි. 

Tuesday, 25 August 2020

ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9

 

 

ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

 

එක්සත් ජාතික පක්‍ෂයකට නායකයකු හොයනවා. මා කියන්නේ පත්තරේ දැන්වීමක් දාන්න කියල නො වෙයි. අද ඒ පක්‍ෂයට තියෙන්නෙ හැම පක්‍ෂයකට ම වගේ තියෙන ප්‍රශ්නයක්. එය දෙමළ කතාකරන ජනයාගේ පක්‍ෂවලටත් මුස්ලිම් පක්‍ෂවලටත් තියෙනවා. ඒ ප්‍රශ්නය නැත්තෙ පක්‍ෂ දේශපාලනයක නොයෙදෙන සකර්බර්ග් පඬි නැට්ටන්ට. ජ වි පෙරමුණටත් ඒ ප්‍රශ්නය තියෙනවා. සකර්බර්ග් පඬි නැට්ටන් ජ වි පෙරමුණට අද සහාය දුන්නත් පඬි නැට්ටන් අනාථ වන දවසක් එනවා. ඒ වැඩි ඈතක නොවෙයි. ජ වි පෙට අද මාඕවාදයවත් ජාතිකවාදයවත් නැහැ. ඔවුන්ට අනාගතයක් නැහැ. එදාට නාථ දෙවියන්වත් ඔවුන්ගේ පිහිටට එන්නෙ නැහැ.  

සමහර සකර්බර්ග් පඬියන් කියනව අප දේශපාලනයක් කරන්නෙ නැහැ කියල. අප දේශපාලන පක්‍ෂයකට අයත් නැති බව ඇත්ත. අපට ජනමාධ්‍යයෙන් ප්‍රචාරයක් නොලැබෙන එකත් ඇත්ත. ඒත් අපේ සංවිධාන තියෙනවා. ඒවා දේශපාලන පක්‍ෂ නොවන නමුත් දේශපාලන සංවිධාන. පහුගිය අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අප කර ඇත්තේ කුමක් දැයි මා කියන්න යන්නේ නැහැ. අප කිසිම දේශපාලන ජයග්‍රහණයක් කර නැතැයි කවුරු හරි කියනව නම් ඒකත් අපට ප්‍රශ්නයක් නො වෙයි.  

අද සියලු දේශපාලන පක්‍ෂවලට ඇති ප්‍රශ්නය තමයි තහවුරු වී ඇති සිංහල ජාතිකත්වය හමුවේ  ක්‍රිය කරන්නේ කොහොම ද කියන එක. අද ඉතා දක්‍ෂ ශිල්පීය වේදීන්ටත් පක්‍ෂ නායකයන් වෙන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ කිසිම අරුතකින් ශිල්පීය වේදියෙක් නොවෙයි. සකර්බර්ග් පඬි නැට්ටන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔහු යම් ආකාරයක ජාතිකවාදියෙක්. එහෙම කිව්ව ම ඇතැම් ජාතිකවාදීන්ට තරහ යනවා. අරය මෙහෙම කියල තියෙනව නේ ද මෙයා අරෙහෙම කරල තියෙනව නේ ද කියල අහනවා. අර ධන සෘන එකතු කරල බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මා කියන එකේ තේරුම දැන ගන්න. සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකෙ නැහැ.  

පොදු ජන එක්සත් පෙරමුණු සංධානය ජයග්‍රහණය කෙළෙ ශිල්පීය වේදයක් හින්ද නො වෙයි. ජාතිකත්වය හින්ද. ශී ල නි පක්‍ෂය ගැන බොහෝ දෙනා හිතන්නෙ 2015 දි ජාතිකත්වයට විරුද්ධ වූ පක්‍ෂයක් ලෙස. ඇතැමුන් මට සිරිජාතිකවාදියා කිවුවත් මා එය වැරදි බව කියනවා. ඡන්දදායකයන් සිරිසේනත් ඇතුළු ව ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දහසය දෙනකු පාර්ලිමේන්තුවට පත් කර තියෙනවා.  ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයට  ගොඩ එන එක අමාරුයි. ඒ ගෝඨාභය රාජපක්‍ෂ අද ජාතිකත්වයට නායකත්වය දෙන නිසා. ශ්‍රී ල නි පක්‍ෂයට පොදු ජන එක්සත් පෙරමුණු සංධානය තුළ ක්‍රියාත්මක වීම හැර වෙනත් විකල්පයක් නැහැ.  

අද ඉංගිරිසින් විසින් ඇති කරන ලද සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදය පරාජය කරල ඉවරයි. දෙමළ ත්‍රස්තවාදය 2009 දි පරාජය වුණා නම් දෙමළ ජාතිවාදය 2019 දි ජනාධිපතිවරණයෙ දි පරාජය වුණා. ඉතිහාසය ප්‍රථම වරට සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් ජනාධිපති (අගමැති) කෙනකු පත් වුණා පමණක් නොව ඒ ජනාධිපති ඒ බව පිළිගත්තා. ඒ වෙන තැනක දි නොවෙයි සිංහල බෞද්ධ සංකේතය බඳු වූ රුවන්වැලි මහා සෑ මළුවෙ. කවුරු හරි හිතනව නම් ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජය ගත්තෙ ශිල්පීය ඥානයකින් කියල ඒ මෝඝ පුරුෂයෙක්. මහා මැතිවරණයෙ දි මහා රැස්වීම් තිබුණෙත් නැහැ. මහා සංවිධාන ශක්තියක් අවශ්‍ය වුණෙත් නැහැ. ජාතිකත්වය හොඳට ම ප්‍රමාණවත් වුණා. 

අද දෙමළ පක්‍ෂ සී සී කඩ වෙලා. ඒ සිංහලයන්ගෙ බහුතරයක එක්සත්කම නිසා. සිංහලයන් සම සම ව වගේ බෙදිල ඉන්නකන් තමයි දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ට තමන්ගෙ කේවල් නැත්නම් ඩීල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණෙ. එක් පක්‍ෂයකටවත් පැහැදිලි බහුතරයක් නැති වෙලාවට ජාතිවාදීන් ඔවුන්ගෙ ඉල්ලීම් මුල් කරගෙන ආණ්ඩු පිහිටුවන්න සහාය දුන්න. අද එය කරන්න බැහැ. ඔවුන් අද නන්නත්තාර වෙලා. ඒකෙන් කියන්නෙ නැහැ අප තනි සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියල. දෙමළ මුස්ලිම් අයත් කැබිනට් හරි කැබිනට් නොවන හරි ඇමතිවරුන් හැටියට ඔවුන්ගේ කොන්දේසි යටතේ නොව අපේ කොන්දේසි යටතෙ පත් කරන්න ඕන. මා කැමතියි අතාවුල්ලට තැනක් ලැබුණ නම්. එහෙත් එයට විරුද්ධ අභ්‍යන්තර හේතු තියෙනවා ද කියල මා දන්නෙ නැහැ. 

අද සුමන්තිරන්ටත් ප්‍රශ්න මතුවෙලා. දෙමළ ජාතික සංධානයෙ බලය අඩුවෙලා. විග්නේෂ්වරන්ට ඇති ශක්තියක් නැහැ. ඔහුගේ පක්‍ෂයට යාපන දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට අඩුයි. ඉංගිරිසින්ට අද විසුරුණු දෙමළ ජනයා මෙහෙයවන්න බැහැ.  මේ තමයි පොදු ජන එක්සත් පෙරමුණට උතුරේ සෘජු ව දේශපාලනය කිරීමට ඇති අවස්ථාව. තම ප්‍රතිපත්ති දෙමළෙන් කීමට අවස්ථාව. තමිළන් පත්තරේට තැනක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. දෙමළ කතා කරන ජනයාට ඇති ඊනියා අසාධාරණය කුමක් ද කියා පඬි නැට්ටන්ට හොයා ගන්න බැරි වෙලා. ඒ අතර දෙමළ කතා කරන ජනයා තමන්ට ඇති ප්‍රශ්නය කුමක් ද කියා නායකයන්ට කියා තියෙනවා. පඬි නැට්ටන් දැන් අර නැති යථාර්ථය හොයනවා.  

එ ජා පක්‍ෂයට ඉතා හොඳ ශිල්පීය ඥානයක් ඇති නායකයකු හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ. සජිත්ට ඔහුගෙ අහළකටවත් එන්න බැහැ. රනිල් ඉතා හොඳ කොන්සර්වැටිව් නායකයෙක්. ඔහු සුුදුසු බිරිතානියේ අගමැතිකමට. ඔහුගේ ප්‍රශ්නය ඔහු ලංකාවට නුසුදුසු වීමයි. ඔහුට ජාතිකත්වය තේරෙන්නෙ නැහැ. ඔහු පොත පත කියෙව්වා. සිංහල ජාතිකත්වය ගැනත් කියෙව්වා. රතන හාමුදුරුවන් යහපාලන මුල් දවස්වල ඒකට සාක්‍ෂි කිව්වා. ජාතිකත්වයක් පොතෙන් පතින් ගන්න බැහැ.  

1814 පමණ සිට ලංකාවේ ඉංගිරිසි උගන්නනවා. මා දන්නා එක් අයකු පහුගිය දවසක තමන් ඉංගිරිසි ඉගෙන ගත් අන්දම කියා තිබුණා. ඔහු විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගත්තා. ඒත් මා හිතන්නෙ නැහැ ඔහුටවත් වෙන කිසිවකුටවත් ඉංගිරිසි ජාතිකත්වය ලබා ගන්න පුළුවන් වුණා කියල. ඔහුට එය අවශ්‍ය වුණා කියන එක නොවෙයි මා කියන්නෙ. එය පොදුවේ කියන එකක්. මා ඉංගිරිසි ජාතිකත්වය කියන්නෙ රටවැසිකමට නො වෙයි. රටවැසිකම ලියවිල්ලකින් ගන්න දෙයක්.  

රනිල්ගෙ අම්මා විජේවර්ධන වුණත් සිංහල බෞද්ධ වුණත් කැලණිය පන්සලට සම්බන්ධ වුණත් විජේවර්ධනලාවත් වික්‍රමසිංහලාවත් ජාතිකත්වයක හිටියෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහ වැඩ කෙළෙ විජේවර්ධනගෙ ලේක්හවුසියෙ. ලේක්හවුසියෙන් තමයි ධර්මපාලතුමාට පහර දුන්නෙ. අර කියන්නා වගේ රනිල්ගෙ ඇඟේ ජාතිකත්වයක් නැහැ. රතන හාමුදුරුවන්ගෙ ඇඟෙත් නැහැ. ඇඟේ සිවුරක් තිබුණු පමණින් ජාතිකත්වය ඇඟට කාන්දු වෙන්නෙ නැහැ. ජාතික හෙළ උරුමය කියන්නෙ ජාතිකත්වය ගසාකන්න හදපු පක්‍ෂයක්. ඒකෙ නම විතරයි ජාතික හෙළ. ඒකෙ උරුමය අවස්ථාවාදය.  

එ ජා පක්‍ෂය අද නායකයකු හොයනවා. ඔවුන්ට තේරෙනවා නායකයා ජාතිකත්වයේ විය යුතු බවත් ජනතාවට ආකර්ෂණීය පුද්ගලයකු විය යුතු බවත්. එහෙත් එහෙම අයකු එ ජා පක්‍ෂයේ නැහැ. එවැන්නන් එ ජා පක්‍ෂයට යන්නෙත් නැහැ. අද ඔවුන් එක් එක්කෙනා සුදුසු ද කියා බලනවා. සජිත්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු යළි උපන් අයෙකු. ඔහුට ඇති ආකර්ෂණයකුත් නැහැ. ඔහු සුදුසු මොන තනතුරට ද කියල පියාණන් ඉන්න කාලෙ අහගන්න තිබුණෙ. රනිල් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න ඕන කාලෙ.  

මංගල සමරවීර එ ජා ප නායකත්වයට ඉව අල්ලන බවක් පේනවා. කිසිම ජාතිකත්වයක් නැති මංගල පත් කළොත් එ ජා පක්‍ෂයේ භූමදාන කටයුතු කරන්න වෙන්නෙ මංගල ආදාහනයකට කැමති වෙන එකක් නැති නිසා. කරු ජයසූරියට වැඩිම වුණොත් කරන්න පුළුවන් වැඩ බැලීමක් පමණයි. ඩී එස්ගෙ කාලෙ ඉඳන් එ ජා පක්‍ෂෙය ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඒකෙ නම එක්සත් විජාතික පක්‍ෂය.  

මේ සියල්ලෙන් සිංහලයන් හා පොදුජන එක්සත් පෙරමුණු සංධානය පාඩම් ඉගෙන ගන්න ඕන. අපට විවිධ විජාතික බලවේග පරාජය කරන්න පුළුවන් වුණා. ඒ ජාතිකත්වය මත. අපට එකතු වෙන්නත් පුළුවන්කම තිබුණා. එත් ජාතිකත්වය මත. මාක්ස්වාදය ලිබරල්වාදය ආදිය අපට බාධා කළ එක පමණයි කෙළෙ. මාක්ස්වාදය අද සකර්බර්ග්ට පින්සිද්ද වෙන්න බඩගානවා. සාමාන්‍යයෙන් දරුවකු බඩ ගා දණ ගා ඇවිිදිනවා. ලංකාවෙ මාක්ස්වාදය ඒකෙ අනෙක් පැත්ත. ලිබරල්වාදය අද ලංකවෙ ඇත්තෙ බටහිරට පින් සිද්ද වෙන්න.  

ජාතිකවාදීන්ගෙ එකතුව ඉතා වැදගත්. ජාතිකවාදීන් අතර නොගැලපීම් හැල හැප්පීම් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නො වෙයි. ඒ කුමක් වුණත් අපට ජාතිකත්වයෙන් තොර මගක් නැහැ. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් අවසානයේ දී බටහිර ගැත්තන් පමණයි. අප තේරුම්ගත යුතු අනෙක් කරුණ තමයි ශිල්පීය දක්‍ෂතාවන් තිබූ පමණින් ජයග්‍රහණය කරන්න බැරි බව. රනිල් තමයි එයට හොඳ ම නිදර්ශනය. අපේ නායකත්වයේ ලක්‍ෂණ විය යුත්තේ ජාතිකවාදී වීම හා ජනතාවට විරුද්ධ නොවී ඔවුන් දිනා ගැනීම.  

සත පහකට වැඩක් නැති පඬි නැට්ටන් එයට ෆැසිස්ට්වාදය කියාවි. පඬි නැට්ටන් ද ඇතුලු සියලු සත්වයන්ට මෛත්‍රි කරන බෞද්ධයන්ට ෆැසිස්ට්වාදීන් වෙන්න බැහැ. ෆැසිස්ට්වාදයත් ලිබරල්වාදය හා මාක්ස්වාදය මෙන් ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිර්මාණයක්. පඬි නැට්ටන් දැන් බෞද්ධයන් මිනීමරන්නෙ  නැත් ද වගේ ප්‍රශ්න අසාවි. ඒව ස්ටැන්ලි තම්බයියහෙ මිතුරන්ගෙන් අහන්න.