කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත්
Main Logo
Monday, 2 November 2020
කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත්
Sunday, 1 November 2020
මියන්මාරයේ වප් පොහොය
මියන්මාරයේ වප් පොහොය
වප් පුර පොහොය මියන්මාරයට ඉතා වැදගත් පොහොයක්. ඔවුන් එය හඳුන්වන්නේ තදින්ජෝ කියායි. වස්සානය අවසන් වන පොහොය ලංකාවටත් වැදගත්. වප් පොහොය දින බුදුහාමුදුරුවන් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනය කර ආපසු මනු ලොවට වැඩම කළ දිනය ලෙස අප සියල්ලන් ම සලකනවා. මියන්මාරයේ වප් පොහෝ දින ලංකාවට වඩා විශේෂත්වයක් දැක්වෙනවා. මේ සම්බන්ධ උත්සවය දින පහක් තිස්සේ පැවැත්වෙනවා. උත්සව පටන් ගැනෙන්නේ පුර පොහොයට පෙර දින සිටයි.
Saturday, 31 October 2020
චන්න ජයසුමනගෙ සුදුසුකම
චන්න ජයසුමනගෙ සුදුසුකම
අපේ රටේ තරම් දේශීය දැනුමට ගරහන්න සූදානම් වෙච්ච ඊනියා උගත් පිරිසක් ලෝකෙ වෙන කිසිම රටක ඉන්නවා කියා හිතන්න බැහැ. ඒ මෙරට ලන්දේසීන් හඳුන්වා දී පසුව ඉංගිරිසින් දිවයින පුරා පැතිර වූ අධ්‍යාපන ක්‍රමයෙත් ප්‍රතිඵලයක්. එහෙත් එය බටහිර අධ්‍යාපනයට පමණක් ම සීමා කරන්නත් බැහැ. දේවනාගරි අක්‍ෂරවලින් තම මුහුණුපොතේ ගිණුමේ නම ලියන ආයුර්වේද වෙදමහතකු යැයි සැලකිය හැකි අයකුට අනුව අප පාරම්පරික ප්‍රතිකාර ගැන කියන්නේ එවැනි පාරම්පරික වෙදමහතුන් දැන් නැති බව දැන දැන ව්‍යාජ පාරම්පරික ප්‍රතිකාර පෙන්වා ඉන්පසු ඒ අසාර්ථක බව පෙන්වීමට. ඔහුට කේන්ති ගිහින් ඇත්තේ මා පාරම්පරික වෙදකම ගැන කියන දේට වෙන්න බැහැ. දේවනාගරී අක්‍ෂරවලින් නම ලියන පාරම්පරික වෙදමහතුන් ගැන මා දන්නේ නැහැ. බටහිර දැනුම ඉදිරියේ දණ්ඩ නමස්කාර කරන තාර්කික බෞද්ධයකු යැයි සිතිය හැකි පඬි නැට්ටකුට ද ඊයේ අර වෙද සංගමය ගැන කී දේ විස වෙලා. ඔහුට අනුව වෙද සංගමය නීති රීති වෙනස් කිරීම පාරේ වමෙන් යනව ද දකුණෙන් යනව ද කියන එක වෙනස් කරනව වගේ භයානක වැඩක්. තාර්කික බෞද්ධයන් කාළාම සූත්‍රය පළමුව හදාරනවා නම් හොඳයි. ඒත් කාලෝගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙයි.
Friday, 30 October 2020
කොවිඩ් පිරිමි කම හා රතු එළිය
කොවිඩ් පිරිමි කම හා රතු එළිය
Thursday, 29 October 2020
පොම්පියෝ හා ආණ්ඩුව
පොම්පියෝ හා ආණ්ඩුව
පොම්පියෝ ගැන මෙතරම් ලියන්න වේය කියා මා හිතුවේ නැහැ. යොන් මැරිල්ල, තර්කය හා කාළාම සූත්‍රය ගැන ඇතැමුන් නොදන්නා දේ, තම නොහැකියාව ප්‍රදර්ශනය කළ පේරාදෙණියේ ඉංගිරිසි අංශයේ පඬි පෝතිකාව ආදිය ගැන පමණක් නොව සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඇති සිංහල බෞද්ධ ජරාව වැනි නම්වලින් ම ඇති සකර්බර්ග් ගිණුම් ආදිය ගැනත් ලිවීම කල් යන එක පමණයි සිදු වන්නේ. අප රටේ බෞද්ධයන් නොමැති වීම ගැනත් ලියන්න ඕන. බෞද්ධයන් ඉන්නව නම් ඒකත් නොවෙයි ඒක නොවන්නත් නොවෙයි කිවුව ම වෙන මොකක් ද කියල අහවි යැයි. කාළාම සූත්‍රය ගැන බණ කියන හාමුදුරුවරු යමක් තර්කානුකූල වූ නිසා ම යමක් න්‍යායානුකූල වූ නිසා ම පමණක් පිළිගන්න එපා කියන්නෙ මොක ද කියල ඊනියා තාර්කික බෞද්ධයන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ මොක ද? මධ්‍යම ප්‍රතිපදාවෙ අන්ත දෙක ඉවතලන්න කියන්නෙ මොක ද? අන්ත දෙකක් විතර ද තියෙන්නෙ. මෙරට ඊනියා බෞද්ධයන් බුදුහාමුදුරුවන්ට වඩා ඇරිස්ටෝටල්ට සලකන බව පේනවා. යොන් මැරිල්ලෙ තවත් අර්ථ තියෙනවා ද?
Wednesday, 28 October 2020
පොම්පියෝ ගියාපියෝ
පොම්පියෝ ගියාපියෝ
පොම්පියෝට විරුද්ධතා ඇත්තේ මුහුණුපොතේ හා චීන තානාපති කාර්යාලෙ පමණ ද? නලින් බණ්ඩාරල පොම්පියෝට විරුද්ධ නැහැ. ඔවුන්ගෙ ප්‍රශ්නය ආණ්ඩුවේ හිතවතුන් සාමාජිකයන් පොම්පියෝට විරුද්ධ නැත්තෙ ඇයි කියන එක පමණයි. ආණ්ඩුවේ ඇතැමුන් විරුද්ධ නැතුව නොවෙයි. මා නම් පොම්පියෝ ආ ඒකටත් විරුද්ධයි. චීන විදේශ ඇමති ආ එකටත් විරුද්ධයි. මේ සීතල යුද්ධයට අපි පටලැවෙන්නෙ හොඳ නැහැ.
Tuesday, 27 October 2020
පොම්පියෝ, සීතල යුද්ධය හා ලංකාව
පොම්පියෝ, සීතල යුද්ධය හා ලංකාව
අද එක්සත් රාජ්‍යවල රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවට එනවා. ඔහු සිංහල කියවන්න දන්නවා නම් මුහුණුපොතෙන් දැන ගන්න පුළුවන් තමන් ලංකාවට යන්නෙ ඇයි කියල. මා හිතන්නෙ පොම්පියෝට වඩා ලංකාවෙ අය දන්නවා ඔහු ලංකාවට එන්නෙ මොකට ද කියල. මාත් ලංකාවෙ. ඒ නිසා මාත් දන්නවා ඔහු එන්නෙ මොකට ද කෙසේ වුණත් එන්නෙ ඇයි කියල. ඔහු එන්නෙ සීතල යුද්ධය සඳහා.
