හතර දෙනාගේ කල්ලිය
එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරය පවත්න අතර හතර දෙනාගේ කල්ලිය නැත්නම් චතුස්කය රැස්වෙලා. ඒ එක්සත් ජනපදවල ජනාධිපති බයිඩන්, ඕස්ත්රේලියාවේ අගමැති මොරිසන්, ජපානයේ අගමැති සුගා, ඉන්දියාවේ අගමැති මෝදි. හතර දෙනා ම සූරයෝ. මේ හතරදෙනාගේ කල්ලියට ඉංගිරිසියෙන් කියන්නෙ quad කියල. ඒ ගැන මා කලින් ලියා ඇති. ඒත් දි අයිලන්ඩ් පුවත්පතේ හැරෙන්න ලංකාවේ වෙනත් ජනමාධ්යයක ඒ හතර දෙනාගේ කල්ලිය ගැන ප්රචාරයක් දුන්නේ නැහැ. හැම දෙයක් ගැන ම මොකක් හරි ලියන සකර්බර්ග් පඬියන්ටත් ඒ ගැන නිච්චියක් තිබුණේ නැහැ. ඔවුන් භූ දේශපාල යථාර්ථය පිළිබඳ ගැඹුරු අධ්යයනයක නිරත වෙලා ඉන්න ඇති.