Main Logo

Tuesday, 2 November 2021

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

වමාලාට වම නැති වීම ගැන තවදුරටත් කතා කරන්න ඕන. ඒත් අද එයට වඩා වැදගත් දෙයක් කතා කරන්න අවශ්‍යයි. වමාලාට අද කරන්න පුළුවන් අනෙක් අයට නොදැනෙන්නට ධනවාදයට ආවැඩීමත් ජාතිකත්වයට විරෝධය දැක්වීමත් පමණයි. ඔවුන් කිහිප අතකින් හැටේ දශකයේ බිහි වූ විරෝධය කණ්ඩායමේ අනුප්‍රාප්තිකයන්. අද ඉන්න බොහෝ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විරෝධය කණ්ඩායම ගැන දන්නේ නැහැ. ඒත් කම්කරු මාවත එක්ස් කණ්ඩායම ආදිය එහි පුනරුත්පත්ති. එසේ කීම ගැන වමාලා විරුද්ධ වේවි. ඔවුන් ගුණදාස අමරසේකර ආදී ප්‍රබුද්ධයන් මෙන් ම පුනරුත්පත්තියක්, පුනබ්භවයක් පිළිගන්නේ නැහැ.  ඔවුන් හා අමරසේකර බටහිර දැනුම් ගණිකාවන් ඇසුරෙන් යළි යළි උපදින බව නම් මා හොඳින්  ම දන්නවා.

Monday, 1 November 2021

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

 

මේ ලිපිය ඔක්තෝම්බර් 29 වැනි දා පළවූ වමාලාට වම නැති වීම ලිපිය හා සම්බන්ධයි. පනස් හයේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. එදා තිබූ ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුව පිහිටුවා බණ්ඩාරනායක මහතා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කෑමයි. ඒ තමයි සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතිය. සිංහලයන්ට සංස්කෘතික අවශෝෂණය තේරෙන්නේ නැහැ. ඔවුන් අනුකාරකයන් පමණයි. කඨින පෙරහැරේ මැණිකේ මගේ හිතේ වාදනය වන්නේ ඒ අනුවයි. අද බොහෝ පෙරහැරවල කාවඩි නටනවා, වෙන වෙන ගීතත් වාදනය කෙරෙනවා. ඒ සම්න්ධයෙන් වරදකරුවන් අතරට මෙරට බොහෝ සංගිතඥයන් කියන අය ද එක්වෙනවා. ඔවුන් කරන්නේ ලෝකයේ විවිධ සංගීත අනුකරණය කිරීම පමණයි. ඊනියා සාහිත්‍යකරුවන් හා විද්‍යාඥයන් ද කරන්නේ අනුකරණය පමණයි. අප රටින් නිර්මාණශීලීන් නැති වී බොහෝ කල්.

Sunday, 31 October 2021

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

ගොවීන් කෘෂිරසායන පොහොර, කෘමිනාශක, වල්නාශක ලබා ගැනීම සඳහා දෙවියන්ට පොල් ගැසීම හා ක්‍රිස්තියානි රටවල් සමග පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කුරුසය ලකුණු කිරීම ගැන කිව හැක්කේ කුමක් ද? අපේ සංස්කෘතියේ දෙවියන් (සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇති දෙවියන්) බටහිර කෘෂිද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අපේ ගොවීන්ට ආධාර කරාවි ද? දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි රටවලට එරෙහිව දස්කම් පෑමට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කරාවි ද? 

Saturday, 30 October 2021

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.

Friday, 29 October 2021

වමාලාට වම නැති වීම

 

වමාලාට වම නැති වීම

 

මෙරට වමක් නැති වමාලා ඔවුන්ට අනුව ධනවාදී රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දකුණේ සංවිධාන සමග සිංහල බෞද්ධ සංස්කෘතියට විරෝධය පානවා. ඔවුන්ට බටහිර රටවලින් ශිෂ්‍යත්ව හා වෙනත් ආධාර ලැබෙනවා. ඔවුන් දැන් සාමාන්‍යයෙන් ධනවාදයට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ ජාතිකත්වයට. ජාතිකත්වය ඔවුන් හිතන ආකාරයට ධනවාදී වන විට පමණක් ධනවාදයට විරුද්ධ වෙනවා. මොනවා කළත් ඔවුන්ට පුළුවන් විරුද්ධ වීම පමණයි. අද රටේත් පොදුවේ ගත් විට ලෝකයේත් ඇත්තේ විරුද්ධවාදී දේශපාලනයක් පමණයි.

Thursday, 28 October 2021

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මා මියන්මාහි තානාපති කාර්යාලයේ නිදා සිටි අවධියේ සිහිනෙන් කරන ලද වැඩක අවසාන ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. අර ධිවරයන් දොළොස් දෙනා නිදහස් කරනු ලැබූවත් ඔවුන් ගමන් කළ යාත්‍රා දෙක නිදහස් කෙරුණේ නැහැ. ඒවා මියන්මා රජය අත්අඩංගුවට ගෙන තිබුණා. මට ඊයේ දැන ගන්න ලැබුණා මියන්මා රජය ඒ යාත්‍රා දෙක ද නිදහස් කරල කියා. එය ඉතා වැදගත් ආරංචියක් බවට සැකයක් නැහැ.

Wednesday, 27 October 2021

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

මට නම් හිතෙන්නෙ අද රට ඉතා හොඳ තැනකට ඇවිත් කියා. මේ වාක්‍යය කියවපු ගමන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුලප්පු වෙනවා. ඔන්න ආණ්ඩුවට කහින වැඩේ දිගට ම කරන් යනවා, තව තානාපති කමක් හරි වෙනත් තනතුරක් හරිි ගන්න තමයි ඔය ලියන්නෙ ආදී වශයෙන් කියාවි ලියාවි. එය මට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන කිසිවක් මා සත පහකට ගණන් ගන්නෙ නැහැ. කොවිඩ් 19 හැදෙන්න ඉස්සර පොඩි කාලෙ ඉඳල ම මට කැස්සක් තියෙනවා. (කොවිඩ් කියන එක බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ප්‍රබුද්ධ අනුකාරකයන් උච්චාරණය කරන්නෙ කෝවිඩ් කියල. ඒ ඇයි ද කියල දන්න කෙනෙක් කියනවා ද? )