මෙරටට සංක්‍රමණය වූ මුස්ලිම් ජනයා සිංහල රජු යටතේ වෙන ම අනන්‍යතාවක් සහිත ව ජීවත්වූහ. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පැහැදිලි ය. යම් අයුරකින් ඔවුන් එක් ප්‍රදේශයකට ගොනු වී නම් මෙරට ඉතිහාසය වෙනත් මගක් ගැනීමට ද ඉඩ තිබිණි. ඔවුන් වෙන ම අනන්‍යතාවක් සහිත ව වෙන ම භාෂාවක් (දෙමළ) කතාකරන පිරිසක් ලෙස ජීවත් වුව ද ඔවුන්ට වෙන ම පාලකයකු සිටි බවක් ඉතිහාසයේ සඳහන් නො වේ. ඔවුන් යම්කිසි ආකාරයකින් සිංහල කතාකිරීමට පුරුදු විණි නම් ඔවුන් මේ වන විටත් ඇතැම් විට සිංහල මුස්ලිම් වීමට ඉඩ තිබිණි. එහෙත් යුදෙවුවනට මෙන් ම මුස්ලිම්වරුනට ද ලෝකයේ කොතැනක ජීවත්වුවත් රැකගත යුතු සංස්කෘතියක් වෙයි. එහි වරදක් නැත. යුදෙවුවන් ඔවුන්ගේ සංස්කෘතිය නැතිකර ගත්තේ නම් මේ වන විට ලෝකයේ වියුක්තව සිතිය හැකි බුද්ධිමතුන් නැති වී යෑමට ඉඩ තිබිණි. තම සංස්කෘතිය රැකගන්නා අතර ඔවුන්ට ඒ ඒ රටවලට පක්‍ෂපාතිවිය හැකි විය යුතු ය. සියළු යුදෙවුවන් පක්‍ෂපාති වන්නේ ඊශ්‍රායලයට පමණක් නම් එහි දී ප්‍රශ්නයක් ඇති වෙයි. මෙරට වසන මුස්ලිම් ජනයා තම සංස්කෘතිය රැකගන්නා අතර රටට පක්‍ෂපාති විය යුතු ය. මෙරට බෞද්ධ උරුමය ඔවුන්ගේ ද උරුමය ලෙස සැලකීමට ඔවුන් පුරුදුවන්නේ නම් හා බෞද්ධ සංස්කෘතිය දෙස ආක්‍රමණශීලීව නොබලන්නේ නම් හා කිසිම ප්‍රදේශයක් මුස්ලිම් ප්‍රදේශයක් ලෙස නොසලකන්නේ නම් සිංහල – මුස්ලිම් ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා ගත හැකි ය. විශේෂයෙන් ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා තමන් එහි පදිංචි කරනු ලැබුයේ සිංහල රජුන් විසින් බව ද ඉංගිරිසින් 1817 – 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් විශාල වශයෙන් ඝාතනය කර ඉතිරි අය එම පළාත්වලින් පිටමං කිරීමට වාතාවරණය සැකසූ බව ද මතක තබාගත යුතු ය. ඒ අතර සිංහලයන් ද මුස්ලිම් ජනයා බෞද්ධ උරුමය තම උරුමය ලෙස සැලකීමට විරුද්ධ නොවිය යුතු ය. බටහිර විද්‍යාව තමන්ට ද අයත් ලෙස සලකන, එය ඉතා වුවමනාවෙන් ඉගෙන ගන්නා සිංහල බෞද්ධයනට මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමට විරුද්ධ විය නො හැකි ය. මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමෙන් සිංහල බෞද්ධයන්ගේ උරුමයට අබමල් පියල්ලක වුව හානියක් සිදු නො වේ.
අද ලෝකයේ ථෙරවාද බෞද්ධ හා මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇතිවෙමින් පවතින බව රහසක් නො වේ. සිංහල – මුස්ලිම් ප්‍රශ්නය ද මෙහි කොටසක් පමණකි. ලංකාවේ පමණක් නොව, මියන්මාරය, තායිලන්තය වැනි වෙනත් ථෙරවාද රටවල මෙන් ම මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයේ ද මේ ප්‍රවණතාව දකින්නට ඇත. මෙය අහම්බයකින් ඇතිවූවක් යැයි නොසිතිය යුතු ය. මෙය පිටුපස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇතැයි කී විට ඇතැමුන් සිනහසෙනු ඇත. විශේෂයෙන් ම ජාති හිතෛෂී යැයි කියාගන්නා වෙබ් අඩවියක මගේ ලිපි පළකිරීමෙන් පසු ඒවාට ප්‍රතිචාර දක්වන පඬියන් මට සිහිනෙන් ද පෙනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය ආදී වශයෙන් අවළාද නගනු ඇත. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අංගයක් වූ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මා ඉගෙනගත් දෙයක් වෙයි. එනම් සාධාරිත ප්‍රපංච හඳුනාගැනීම ය. තමන් බටහිර නූතනත්වයේ කිමිදී ඇතැයි සිතන බොහෝ දෙනා සාධාරිත ප්‍රපංච ගැන කිසිවක් නො දති. ඔවුන්ට වියුක්ත ව සිතීම යනු විෂය නොවන ක්‍රියාවලියකි. අප ථෙරවාදී රටවල් යනුවෙන් හඳුන්වන්නේ තුන්වැනි සංගායනාවෙන් පසු අශෝක රජු විසින් හඳුන්වාදෙනු ලැබූ බුදුදහම ඇති රටවල් ය. තුන්වැනි සංගායනාවේ බුදුදහමෙහි ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථය වැනි ආත්මවාදී සංකල්ප තිබුණ ද, ථෙරවාදී රටවල් සාධාරණ වශයෙන් ගත්කල අනාත්මවාදී වෙයි. එමෙන් ම ඒ රටවල නිර්මාණවාදයක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට දාර්ශනික වශයෙන් අභියෝගයක් එල්ල කළ හැක්කේ ථෙරවාදයට ය. අනෙක් පැත්තෙන් වර්තමානයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් අභියෝගකරන්නේ මුස්ලිම් රටවල් ය. මුස්ලිම් හා ථෙරවාදී ජනතාව අතර ගැටුම් ඇතිකිරීමෙන් බටහිරයන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමේ අවස්ථාව උදාවෙයි.
ථෙරවාදී රටවල බෞද්ධයන් මුස්ලිමුන්ට එරෙහි වන විට බටහිරයන්ට තම සුපුරුදු ගීය ගයමින් ථෙරවාදී බෞද්ධයන් අන්තවාදීන් හිංසකයන් මැරයන් ආදී වශයෙන් පුවත් මැවීමට අවස්ථාව උදාවෙයි. ලෝ පුරා පුවත් ප්‍රචාරය කිරීමේ අධිකාරිය බටහිරයන් සතු බැවින් ලොවෙහි ප්‍රචාරය වන්නේ ථෙරවාදී බෞද්ධයන්ගේ ඊනියා නොපණත්කම් ය. එහෙත් බටහිරයෝ තම රටවල මුස්ලිමුන්ට කෙරෙන අසාධාරණකම් ගැන කිසිවක් නො කියති. පසුගියදා ලංඩනයේ වුලිච් ප්‍රදේශයේ හමුදා භටයකු මරා දැමීමෙන් තරමක් දුරට වුවත් හෙළි වූයේ බටහිරයන් මුස්ලිමුන්ට කරන අසාධාරණකම් ය. එහෙත් බටහිර පුවත් සේවාවන් වැඩි ප්‍රචාරයක් දෙන්නේ භටයා මරා දැමීම පිළිබඳව ය. අප මේ කරුණු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් කල්පනාවෙන් කටයුතු නොකළහොත් මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස පවතින අවසාන කාලය මෙය වනු ඇති බව කීමට ය. අනෙක් පැත්තෙන් ථෙරවාදී බෞද්ධයන් නිවැරදි ව කටයුතු කිරීමෙන් අද පිරිහෙමින් පවතින ලෝකයට පණිවුඩයක් දීමටත් ලෝකය බේරාගැනීමටත් හැකිවනු ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා මුස්ලිම් සංස්කෘතිය අතර ඇත්තේ ලෝක ආධිපත්‍යය සඳහා කෙරෙන සටනකි. සියවස් ගණනාවක් මුළුල්ලෙහි පැවති මේ ගැටුම ලෙනින්වාදී රටවල කඩාවැටීමෙන් පසු නැවත ඉස්මතු වී ඇත. මුස්ලිම් සංස්කෘතිය හා චින්තනය සියවස් පහකට පමණ පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පරාජය කෙරිණි. ඉන්පසු ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යම් අභියෝගයක් එල්ලවූයේ කතෝලික චින්තනයෙහි බිහි වූ මාක්ස්වාදයෙන් හා ෆැසිස්ට්වාදයෙනි. එහෙත් අද වන විට මාක්ස්වාදය ද ෆැසිස්ට්වාදය ද අතුගෑවී ගොස් ඇත. එබැවින් නැවතත් මුස්ලිම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝගයක් වෙයි. අශෝක රජුගේ ධර්මවිජය සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක වූයේ අභ්‍යන්තර ව පමණ ය. එය බාහිර රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නො වී ය. එබැවින් ථෙරවාදී රටවල් මුස්ලිම් රටවල් මෙන් බාහිර දිග්විජයක හෝ ධර්මවිජයක හෝ නිරත නො වෙයි. ථෙරවාදී රටවල් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් තර්ජනයක් නොවන්නේ එබැවිනි.
දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ, විශේෂයෙන් ම මුල දී ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ ද ඇමරිකානුවන්ගේ ද නිර්මාණයක් බවත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ද එය ක්‍රියාත්මක වන්නේ ඉංගිරිසින්ගේ හා ඇමරිකානුවන්ගේ අනුග්‍රහයෙන් බවත් අපි නොයෙක් වතාවල පෙන්වා දී ඇත්තෙමු. ඉංගිරිසින්ට හා ඇමරිකානුවන්ට දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණ පිලිබඳ ව ඇති කැක්කුමක් නැත. මේ ඊනියා අසාධාරණකම් ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ඉංගිරිසින්ට ලෝකයේ අනෙක් මිනිසුන්ගේ දුක් වේදනා ගැන කිසිම අනුකම්පාවක් එදත් නැත. අදත් නැත. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලිකව ඇතැම් ඉංගිරිසින් අන් අය ගැන කල්පනා නොකරන්නේ ය යන්න නො වේ. ඉංගිරිසි ආණ්ඩු ක්‍රියා කර ඇත්තේ සිත් පිත් නැති ව ය. අද බටහිරයන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසුරුණු දෙමල ජනයා, එ ජා ප, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පක්‍ෂ, රාජ්‍ය නොවන සංවිධාන, පුහු පඬියන්, හා ආණ්ඩුවේ ම සිටින චන්ද්‍රිකාවාදීන් හා රෝසපාට සමාජවාදීන් යෙදා ගනිමිනි. එහෙත් බොහෝ සිංහලයෝ මෙහි දී බටහිරයන්ගේ මැදිහත්වීම නො පිළිගනිති. එයට හේතුව ඔවුන් ලබන හා ලබා ඇති බටහිර අධ්‍යාපනයෙන් ඒ බව සැඟවීම ය. අපට සටන්කිරීමට සිදු වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග මිස දෙමළ ජනයා සමග නො වේ. පඬියන් ඩයස්පෝරාව ලෙස උජාරුවෙන් හඳුන්වන විසුරුණු දෙමළ ජනයා ද බටහිරයන්ගේ ම නිර්මාණයකි. දෙමළ ජාතිවාදය නිර්මාණය කෙරුනේත් පවත්වාගෙන යන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද එහි දී බටහිරයන්ට ඉන්දියාවේ ද සහාය ලැබෙයි. ඉන්දියාව, භාරතය ආදී කිනම් නමකින් හැඳින්වුව ද එහි විවිධ වංශවල පාලකයන් හැමදාමත්, ඉතා ඈත අතීතයේ සිට ම, ක්‍රියාකර ඇත්තේ මෙරට ඒ ඒ කාලයේ තිබූ සංස්කෘතියට එරෙහිව දිග්විජය කිරීමට ය.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව වෙනත් දේශපාලන සංශෝධන ද ඔවුන් ඈත අතීතයේ සිට ම අප මත බලහත්කාරයෙන් පටවා ඇත. ඔවුන්ගේ එක් සංශෝධනයක් මත හිඳිමින් අපට තවත් සංශෝධනයක් පරාජය කළ නො හැකි ය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව අප කියන්නේ අවුරුදු කිහිපයක සිට ය. එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එය නැති ප්‍රශ්නයකට ඉන්දියාව ඇට වූ උගුළකි. එහි නීත්‍යානුකූල නොවන බව ගැන නීතිඥයන් නොවූවත් අපට කිසිවකු කියා දිය යුතු නො වේ. දහතුන් වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවේ තිබිය දී උතුරු පළාතේ පළාත්සභා ඡන්දය නොපැවැත්විය යුතු ය. හැකිනම් දහතුන්වැනි සංශෝධනය ම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අද නැත. ආන්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණ ද ඇතැම් මන්ත්‍රීවරු සිංහල බෞද්ධ රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට ජන්මාන්තර ව වෛර කරති. ඒ ඔවුන්ගේ කසිකබල් මාක්ස්වාදී හා ලිබරල්වාදී අධ්‍යාපනය හා පුහුණුව හේතුකොටගෙන ය. බලලෝභී දේශපාලනඥයන් ජාතික ව්‍යාපාරය නැතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද සිංහල බෞද්ධයන් ආවේගශීලීව කටයුතු කිරීමත් ඊනියා සිංහල බෞද්ධ නායකත්වය වෙනත් අය විසින් මෙහෙයවනු ලැබීමත් දැකිය හැකි ය. මෙරට සිංහල බෞද්ධ රටක් වනුයේ නමින් පමණකි. සිංහල බෞද්ධ නායකයන් යැයි කියාගන්නා අය ද සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් පිටත කටයුතු කිරීම කණගාටුදායක ය. ඇතැම් රජුන් දවස මෙරට මාඝාතය නමින් සතුන් නොමරණ නීතියක් ක්‍රියාත්මක විය. ඒ අශෝක රජු විසින් අපට ලබා දෙන ලද බෞද්ධ සංස්කෘතිය යටතේ ය. එහෙත් ඒ නීතිය අද ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් වෙයි. ගව ඝාතනය නැවැත්විය හැකි නම් යහපත් ය. එහෙත් අද එය නීතිය මගින් ක්‍රියාත්මක කළ හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑමවත් මෙවැනි ප්‍රශ්න හමුවේ සියදිවි නසාගැනීමවත් අනුමත කළ හැකි නො වේ. ජ වි පෙරමුණෙන් කැඩී ආ බොහෝ දෙනාට තවමත් ජාතිකත්වයට පැමිණීමට නොහැකි වී තිබීම කණගාටුදායක ය. අප බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවුණහොත් දහතුන අපේ උරචක්‍රමාලය වනු ඇත.
2013-06-02

නලින් ද සිල්වා