පළාත් සභා අහෝසි කරමු යන සටන් පාඨය මෙරට ජාතිකවාදීන් ඉදිරිපත් කරන්නේ 1987 සිට ය. බොහෝ විට පැවසෙන පරිදි ඒ ඉන්දියාව විසින් අප මත බලයෙන් පටවන ලද්දකි. පසුගිය දා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මදියපරානම් ඒබ්‍රහම් සුමන්තිරන් නම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඒ එසේ නම් ඉන්දියාවට බලයෙන් තමන් මත පළාත් සභා පැටවීමට ඉඩ දීම ගැන සිංහලයන් ලජ්ජා විය යුතු බව ය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනීම ලබා ඇති ඒබ්‍රහම් සුමන්තිරන් ඒ විදුහලේ ම ඉගෙනීම ලැබු සැමුවෙල් චෙල්වනායගම්ට බොහෝ අතින් සමාන වෙයි. පළාත් සභා අපට ලැබුනේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ය. ඉන්දු ලංකා ගිවිසුමට සිංහලයෝ තම විරුද්ධත්වය ලෙයින් ප්‍රකාශ කළහ. ඒ ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජිව් ගාන්ධිට අපේ නාවික හමුදා භටයකු ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ආචාර පෙළපාලියේ දී පහර දුන්නේ සිංහලයන්ගේ විරුද්ධත්වය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායේ පිහිටීමෙන් ප්‍රකාශ කරමිනි. ඒ පහර දීම රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට විරුද්ධ විය හැකි ය. එහෙත් ඒ පහර දීම පිළිබඳ මම ලජ්ජා නො වෙමි. රජිව් ගාන්ධිට පමණක් නොව ධර්මාශෝක රජුට වුව ද අපි යටත් නො වීමු. අපි යටත් නො වෙමු. ඉන්දු ලංකා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වෙති. ඒ පිළිබඳ ලජ්ජා විය යුත්තේ ජේ ආර් ජයවර්ධන හා එ ජා පක්‍ෂයත් එයට සහාය දුන් දෙමළ ජාතිවාදී පක්‍ෂ හා සංවිධානත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පිරිසත් ය. ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ඉන්දියාවේ පාලකයන්ටත් දේශපාලන පක්‍ෂවලටත් බොහෝ විට අමතක වේ. පළාත් සභා අහෝසි කරන්නේ ද දහතුන් වැනි සංශෝධනය ඉතිහාසයේ කුණු කූඩයට විසිකරන්නේ ද ආදිය තීරණය කරන්නේ අප මිස ඉන්දියාව හෝ එහි දේශපාලන පක්‍ෂ හෝ නො වෙයි. ඉංදු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් බව පමණක් අපි ඉන්දියාවට මතක් කරමු. ඉන්දියාව එහි කියා ඇති අන්දමට කොටි සංවිධානය පරාජය කිරීමට කටයුතු නො කළේ ය. ඉන්දියාවේ ද ආධාරය ලැබූ කොටි සංවිධානය පරාජය කරනු ලැබුයේ අපේ රණවිරුවන් විසිනි. එසේ වුවත් ඉන්දියාව අප ලවා පළාත් සභා ක්‍රියාත්මක කරවීමට උත්සාහ කරයි. ගිවිසුමේ තමන් පොරොන්දු වූ කාර්යය ඉටු නොකළ ඉන්දීය බෞද්ධ විරෝධී නායකයෝ අප ලවා ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක ආදීන් පෙරොන්දු වූ දේ ඉටුකරවා ගැනීමට යත්න දරති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙයට ඉඩ දිය යුතු නො වේ. ඒ මහතා මානුෂික මෙහෙයුමේ දී ක්‍රියාකළ ආකාරයට නොසැලී කටයුතු කළ යුතු ය. එතුමාගේ ඡන්ද පදනම සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව ය. එතුමාට පළාත් සභා අහෝසි කිරීමට හැකිවුවහොත් කිසි දිනෙක ඡන්දයකින් නොපරදිනු ඇත.
අද තවමත් පළාත් සභා අහෝසි කිරීමට තරම් පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් ආණ්ඩුව අඩුම තරමෙන් දහතුන්වැනි සංශෝධනයේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති ද පළාත් සභා කිහිපයකට එකතු වීමට ඇති අයිතිය ද, ඉඩම් බලතල හා පොලිස් බලතල ද ඉවත්කිරීමට වහාම කටයුතු කළ යුතු ය. අදාළ වගන්ති ඉවත් කරවීමට අප කටයුතු කරන්නේ අද ඊයේ නො වේ. පළාත් සභා මුළුමනින් ම අහෝසි කරන ලෙස අප ඉල්ලන්නේ 1987 සිට ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග පළාත් සභා ඔස්සේ බලය බෙදා සන්ධීය රාජ්‍යයක් ඇති කිරීමට ක්‍රියා කරන බව දත් අපි ඇයට අසීමිත බලයක් දෙනු වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වීමු. 2008 දී පමණ සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුව ඉනදියාවේ අවශ්‍යතාව පරිදි, පළාත් සභා ක්‍රියාත්මක කරන බවට අතුරු වාර්තාවක් මගින් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූයේ අපේ මැදිහත්වීමෙනි. එහි දී උදය ගම්මන්පිළ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. තිස්ස විතාරණ ඇතුළු අනෙක් සියල්ලන් ම එකට සිටිය දී අප දෙදෙනාගේ විරෝධතාව හේතුකොටගෙන එම සමුළුවේ සාමාජිකයන් හා පක්‍ෂ නායකයන් අරලිය ගහ මැදුරට කැඳවීමට ජනාධිපතිතුමා ට සිදු විය. එහි දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමුළුව පවත්වන කාලයෙහි වචනයක්වත් නොකී එක් ඇමතිවරයකු තම විරුද්ධතාව නොවන්නට මා අනෙක් අය සමග අතුරු වාර්තාවට අත්සන් තබනු ඇතැයි ගැරඬිවාදයෙන් ප්‍රකාශ කරන්නේ කිසිම හිරිකිතයක් නොමැති විය. එසේම කිසිවක් නොදන්නා ජඩමාධ්‍යවේදියකු මාත් ගම්මන්පිළ මහතාත් අතුරු වාර්තාවට අත්සන් කළේ යැයි කියන්නේ වාචාලකමට මිස වාර්තාව හරිහැටි කියවා බලාවත් නො වේ. අප මේ සියල්ලෙන් කියන්නේ අපේ විරුද්ධතාව හුදෙක් උතුරු පළාත් සභාවට ඒ බලතල අහිමිකිරීමට පමණක් නොවන බව පෙන්වා දීමට ය. උතුරු පළාත්සභාවටවත් අනෙක් පළාත් සභාවලටවත් ඒ බලතල කිසිවක් හිමිවිය යුතු නො වේ.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතියක් නො වේ. අදාළ පනත් කෙටුම්පත් පනත ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී විනිසුරුවෝ හතර දෙනෙක් පනත සම්මත කර ගැනීමට නම් ජනමතවිචාරණයකින් ඒ අනුමත විය යුතු යැයි ප්‍රකාශ කළහ. විනිසුරුවෝ හතර දෙනෙක් එසේ ජනමතවිචාරණයක් අවශ්‍ය නො වේ යැයි කීවෝ ය. පාරින්ද රණසිංහ විනිසුරුතුමා පැවසුවේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බව ය. ඒ අනුව ශ්‍රෙෂ්ඨාධිකරණයේ බහුතර කැමැත්ත අනුව යමින් අඩුම තරමින් ඒ වගන්ති දෙක සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු ව තිබිණි. එහෙත් ජේ ආර් ජයවර්ධන එසේ නො කළේ ය. ඔහු අදාළ වගන්ති දෙක ඔහුට අවශ්‍ය අන්දමට සංශෝධනය කර පනත සම්මත කර ගත්තේ ය. මෙය මුළුමනින් ම නීති විරෝධි ක්‍රියාවක් විය. අප ඒ බව දැනගත්තේ 2010 දී පමණ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර හිටපු විනිසුරුතුමා ඒ පිලිබඳ පැහැදිලි ප්‍රකාශයක් කිරීමෙන් පසුව ය. අපි එදා සිට අද දක්වා ම දහතුන්වැනි සංශෝධනය මෙරට නීතියක් ලෙස නො සලකමු. අඩුම තරමෙන් ඉහත සඳහන් වගන්ති දෙක ව්‍යවස්ථාවෙහි සඳහන් වුව ද මෙරට නීතිය නො වේ. යම් වගන්තියක් ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය සඳහන් කළ විට හා එය එසේ යොමු නොකිරීමට නම් මෙලෙස සංශෝධනය විය යුතු යැයි සඳහන් නොකළ විට පාර්ලිමේන්තුවට තමන්ට අවශ්‍ය ආකාරයට ඒ වගන්තිය සංශෝධනය කර සම්මත කරගත හැකි නො වේ. එබැවින් අදාළ වගන්ති දෙක උපරිම නීති පොතේ ඇතුළත් වුවත් මෙරට උපරිම තබා කිසිම නීතියක් නො වේ. එහෙත් අවාසනාවකට බොහෝ දේශපාලනඥයන් කල්පනා නොකළ ද අද දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුව ඇත්තේ මේ වගන්ති දෙක උපයෝගී කරගෙන ය. දහතුන්වැනි ව්‍යවස්ථාවේ යම් වගන්තියක් සංශෝධනය කිරීමේ දී සියළු පළාත් සභා එයට එකඟ වන්නේ නම් ප්‍රශ්නයක් පැන නොනගියි. එයට හේතුව එවැනි අවස්ථාවක දී අදාළ වගන්තිය සංශෝධනය කළ යුත්තේ 154 (උ) (2) (අ) වගන්තියට අනුව බැවිනි. ප්‍රශ්නය පැන නගින්නේ අදාළ සංශෝධනයට එක් පළාත් සභාවක් වුවත් එකඟ නොවන්නේ නම් ය. එවිට බලපැවැත්විය යුතු වන්නේ 154 (උ) (2) (ආ) වගන්තිය ය. එහෙත් එවැනි වගන්තියක් මේ රටේ නීතිය නො වේ. මේ ව්‍යවස්ථා අර්බුදයෙන් ගැළවෙන්නේ කෙසේ ද යන්න නීතිය පිලිබඳ මූලධර්මවල සඳහන් වන්නේ දැයි කීමට නො දනිමි. මා සඳහන් කරන්නේ මගේ තර්ක බුද්ධියට ගෝචර වන්නක් පමණකි. ඒ කුමක් වුවත් කිසියම් ආකාරයකින් දහතුන් වැනි ව්‍යවස්ථාවේ අදාළ වගන්ති කිහිපයවත් සංශෝධනය විය යුතු ය. ඒ සඳහා උපයෝගී කරගැනීමට නීතියක් නැති බැවින් එසේ සංශෝධනය කළ නොහැකි යැයි යම්කිසිවකු පැවසුවහොත් එයින් කියැවෙන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ම නීතියක් නොවන නිසා ඉබේට ම අහෝසි වන බව ය. එය වඩාත් හොඳ ය. එවිට ප්‍රශ්නයකින් තොරව ම දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඒ සමග පළාත් සභාත් අහෝසි වෙයි. නීති විශාරදයන් මේ පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නේ නම් මෑනවි.
අද වන විට උතුරු පළාත් සභාවේ මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පැවසෙයි. උතුරු පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් යම් පිරිසක් 1976 වඩුකොඩේ සම්මේලනයේ සම්මත කරගත් යෝජනා පිළිගත්තෝ වෙති. ඔවුන් දෙමළ ජාතික සංධානයෙන් තරග කළත් වෙනත් පක්‍ෂයකින් තරග කළත් එහි භයානක කම අඩු නො වේ. වඩුකොඩේ යෝජනා අනුව මෙරට දෙමළ ජනයා යනු වෙන ම ජාතියකි. ඔවුන්ට නිජබිමක් ඇත. ඔවුන්ට ස්වයංනිර්ණයන අයිතිය ඇත. මේ සියල්ල අසත්‍ය බව මෙරට ජාතිකවාදීන් පෙන්වා දී ඇතත් දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් අසත්‍යයේම ගිළී සිටිති. ඒ සඳහා ඔවුන්ට බටහිර රටවල රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ද ලැබෙයි. උතුරු පළාත් සභාවේ මැතිවරණය නොපැවැත්විය යුතු ය. ඒ සඳහා වහාම පළාත් සභා අහෝසි කළ යුතු ය. පළාත් සභා වර්තමාන ආකාරයෙන් පවත්වාගෙන යමින් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා වඩුකොඩේ සම්මේලනයේ යෝජනා පිළිගන්නවුන්ට ඒ පළාත් සභාවට පත්වීමට ඉඩහැරීම රණවිරුවන් තම ජීවිතය පුජා රැකගත් මෙරට එක්ස්සත් රාජ්‍යය කඩා බිඳ දමා ඔවුන් පාවාදීමකි. එපමණක් නොව එම රණවිරුවන්ට දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්‍ෂ මහතාත් පාවාදීමකි. ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් පාවාදීමට කටයුතු කරනු ඇතැයි සිතිය නො හැකි ය. අද බටහිරයන්ට අවශ්‍ය වන්නේ ඒ දෙදෙනා දංගෙඩියට යැවීමට ය. මේ අවස්ථාවේ දී බටහිරයන්ට හා ඉන්දියාවට ඉඩ දීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ දැමීමකි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වන්නේ ද මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර ඉන්පසු එතුමා දංගෙඩියට යැවීමට ය. අප කටයුතු කළ යුත්තේ කසිකබල් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ රටේ පැවැත්වීම අරමුණු කරමින් නො වේ. ඒ සම්මේලනය මෙරට පැවැත්වී යැයි අප රටට වන විශේෂ යහපතක් නැත. ඒ කෙහෙම්මල් සම්මේලනය පවත්වා රට දෙකඩ කිරීමටත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යැවීමටත් අපට අවශ්‍ය නො වේ. සම්මේලනය පැවැත්වුවත් නැතත් පළාත් සභා අහෝසි කිරීමට පියවර ගත යුතු ය. යම්කිසි අයූරකින් එසේ කිරීමට හැකි පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් අඩුම තරමෙන් ඉහත සඳහන් කරුණු කිහිපයවත් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඉටුකළ යතු ය. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් බලතල පළාත් සභාවලට අහිමි වී ඇතැයි පවසන්නෝ බයිලා කියන්නෝ පමණක් ම වෙති. අපි ඔවුන්ට එදත් කන් නො දුන්නෙමු. අදත් කන් නො දෙන්නෙමු. කිසියම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවක් පත්කරන්නේ නම් එහි සියළු වැඩ කටයූතු උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නිම විය යුතු ය.
2013-06-09

නලින් ද සිල්වා