හෝමොසේපියන්ලා හා බටහිර දැනුම
ලංකාවට මිනිසුන් ඉස්සෙල්ලා ම ආවෙ කවදා ද? ඒ මිනිසුන් සිංහල ද දෙමළ ද? වගේ ප්‍රශ්න අහන කොට ප්‍රබුද්ධ බවක් පේනවා. ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඒ
ප්‍රකාශවලට වැදගත් තැනක් දෙනවා. ඒ කතා තම නාළිකාවල තලු මර මරා කියනවා. ඇතැම්
මහින්දවාදිනියන් ඒ ප්‍රකාශ තම මුහුණු පොත් පිටුවල උපුටා දක්වනවා. මහින්දවාදීන්ට මා
කියන ඇතැම් දේ රුස්සන්නේ නැහැ. ඒ නිසා මා කියන දෙයක් උපුටා දැක්වීමට මහින්දවාදීන්
පෙළඹෙන්නේ නැහැ. මහින්දවාදීන් නොවන ඇතැම් ජාතිකවාදීන් ද එසේමයි.