වකුගඩු සටන 2
වකුගඩු සටන ගැන තවදුරටත් කීමට පෙර කිවයුතු කරුණු දෙකක් තියෙනවා.
මුහුණු පොතේ දර්ශන කස්තුරිරත්න හා තවත් අය
විසින් පවත්වගෙන යනු ලබන ජාතික චින්තනය නම් පිටුවක්, බිත්තියක්, කණ්ඩායමක් වෙනත් යමක් (මේවාට කියන නම් ගැන මට අවබෝධයක් නැහැ. ඒ අය
කියන ආකාරයට දේශපාලනය ගැන අවබෝධයක් නැති මට මේ නම් ගැන අවබෝධයක් නැත්නම් එය
පුදුමයට කරුණක් විය නොහැකියි) පවත්වා ගෙන යනවා. මා එය කියවන්නේ නැහැ. කෙසේ වෙතත්
මා ජාතික චින්තකයකු නො වෙයි. ඔවුන් සමහර විට අමරසේකරගේ ජාතික චින්තනයට අනුග්‍රහ
දක්වනවා විය හැකියි. ඔවුන් ඉතාම ඉහළ ගණයේ
බුද්ධිමතුන් බව මට වැටහෙනවා. ඒ ඔවුන් ඉඳහිට ශිරන්ත චාමරට හා තමළු පියදිගමට දක්වන
ප්‍රතිචාර මගින්. මා ඔවුන්ගේ ජාතික චින්තනය සමග කිසිම සම්බන්ධකමක් නැති බවත්
ඔවුන්ගේ ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති බවත් ප්‍රකාශ කරන්න ඕන.
ඔවුන් මගේ ඥානවිභාගයක් වෙනුවෙන් පෙනී හිටින බවක් කියනවා නම් මා එය විශ්වාස කරන්නේ
නැහැ.