කොළඹින්
පන්නා විසිපස් වසරයි 2
විශ්වවිද්යාලයීය ආචාර්යවරුන් තමන්ට ලබා දී ඇති පුහුණුව අනුව කටයුතු
කරනවා. එය එක් පුහුණුවක් පමණක් බවත් තවත් පුහුණු තිබිය හැකි බවත් ඔවුන් විශ්වාස
කරන්නේ නැහැ. දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් බව ඔවුන් සිතනවා. ඒ දැනුම්
පද්ධතියෙහි විවිධ කුල තිබෙනවා. එහෙත් කුල ඇත්තේ එකම ක්රමයක. ඔවුන් හිතනවා කුල
තිබෙන නිසා විවිධ මත තිබෙනවා කියා. විවිධ මත කියන්නේ එකක්. ඒ මත පදනම් වෙලා ඇත්තේ
කුමන චින්තනයක යන්න තවත් එකක්.