Main Logo

Showing posts with label University of Colombo. Show all posts
Showing posts with label University of Colombo. Show all posts

Saturday, 11 January 2020

දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම

  සිංහල ලිත් ඉලක්කම්


දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම


රන්ජන් රාමනායක කියන්නේ මෙරට දේශපාලනයේ නීතියේ රාජ්‍ය සේවයේ පමණක් නොව ඊනියා ප්‍රභූ ගණිකාවන්ගේත් තත්වය කාටත් තේරෙන පරිදි රටට හෙළි කිරීමෙන් යම් සේවයක් කළ අයෙක්. එහෙත් ඔහුගේ හඬපට තව තවත් නිකුත් වීමත් සමග ඔහු සුපුරුදු පරිදි නිදහස් වේය කියා මට හිතෙනවා. ඔහුගේ හඬපට සමාජයේ බලතල දරණ පුද්ගලයන්ට ප්‍රශ්නයක් වන විට වෙනත් ජවනිකාවක් ඉදිරියට ඇවිත් රන්ජන්ගේ හඬපට නොඇසී යනු ඇති. කොහොමත් කිසිම චිත්‍රපටයක්, එහි රන්ජන් රාමනායක රඟපෑවත් වැඩි කලක් ප්‍රදර්ශනය කරන්න බැහැ. 

Tuesday, 24 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි 2


                                කොළඹින් පන්නා විසිපස් වසරයි 2



විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් තමන්ට ලබා දී ඇති පුහුණුව අනුව කටයුතු කරනවා. එය එක් පුහුණුවක් පමණක් බවත් තවත් පුහුණු තිබිය හැකි බවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් බව ඔවුන් සිතනවා. ඒ දැනුම් පද්ධතියෙහි විවිධ කුල තිබෙනවා. එහෙත් කුල ඇත්තේ එකම ක්‍රමයක. ඔවුන් හිතනවා කුල තිබෙන නිසා විවිධ මත තිබෙනවා කියා. විවිධ මත කියන්නේ එකක්. ඒ මත පදනම් වෙලා ඇත්තේ කුමන චින්තනයක යන්න තවත් එකක්.

Monday, 23 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි


කොළඹින් පන්නා විසිපස් වසරයි 



අදට විසිපස් වසරකට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහකෙරුණා. එදින ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළ දවස. එදිනත් මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. එහෙත් නීත්‍යානුකුල ව  නම් අස්කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මට සභාපතිකම අහිමි වෙනවා. ඒ මා තවදුරටත් විශ්වවිිද්‍යාලයක ආචාර්යවරයකු නොවීම නිසා. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික කථිකාචාර්යවරුන් නැහැ. සම්මේලනය සමන්විත වන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවල, පීඨවල, ආයතනවල ආචාර්යවරුන්ගේ සංගම් එකතුවකින්. සම්මේලනයේ සාමාජිකයන් වන්නේ ඒ සංගම් මිස පුද්ගලයන් නො වෙයි. ඒ ඒ සංගම්වල සාමාජිකයන් වන්නේ ආචාර්යවරුන්. සම්මේලනයට ඒ සංගම් නියෝජනය කරන ආචාර්යවරුන් සහභාගි වෙනවා. ඒ අයගෙන් නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති ලෙස ඒ සංගමය සම්මේලනයේ නියෝජනය කළා.

Thursday, 15 March 2018

අනෙකුන්ගේ නොවන මම


අනෙකුන්ගේ නොවන මම


මා ඒකාබද්ධ විපක්‍ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැම් දේ ගැන එකඟ වන්නේ නැහැ. ඒ බව මා ප්‍රසිද්ධියේ කියනවා. එයින්  මා ආණ්ඩුවේ හිතවතකු සිරිසේනවාදියකු යැයි කියන්නේ ද්වෛතවල හිර වූ පඬියන් පමණයි. මහින්ද රාජපක්‍ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් ඒ පරාජය කිරීමෙන් පසු ඔහු වෙනත් මගක ගියා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මහින්ද වෙනත් මගක ගියේ ඇයි. ඔහු වටා ඊනියා ස්මාට් ජාතිකවාදීන් එකතු වූයේ කෙසේ ද? නන්දිකඩාල් අද අපට පරාජයක් වී තියෙනවා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු නැවතත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩක් තියෙන්න බැහැ. එහෙත් එය එසේ වූවා. මෙය පැහැදිලි කර ගත යුතුයි. මා අද හිතන්නේ අප නන්දිකඩාල් වෙනුවෙන් රට උගස් තියා ඇත කියා. ඒ අරුතින් නන්දිකඩාල් පරාජයක්. සාමාන්‍ය සිංහලයන් හිතන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයක් කියා. මාත් එකල හිතුවේ එසේයි.  එහෙත් මා දැන් එසේ හිතන්නේ නැහැ. අප කොටි පරාජය කළා. එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කළේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය කර ඇත්තේ අප නොව ඉන්දියාවයි. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්‍රභාකරන් පරාජය කර දෙමළ ජාතිවාදයට අත දීමයි.