ප්රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2
මෙය
1995 දී පළ වූ ප්රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල්
ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්රභාකරන්
ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ
විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්රහණයෙන් පසුව නැවතත් ප්රභාකරන්ගේ
මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ.
සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.
මෙහි
ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්රභාකරන් යනු
හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න
කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ
පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි
වී ඇත. එබැවින් ම ප්රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස
එසවීමට හැකි වී තිබේ.
x දෙමළ නායකයන් ඒ ඒ දෑ දිනාගැනීමේ දී ප්රභාකරන් ගේ ආධාරය ලැබුණේ නැද් ද ?
ප්රභාකරන් ගේ ආධාරය නැති ව ඒ ඉල්ලීම් දිනා ගැනීම අමාරුයි. කලින් කීවා මේ යුගයේ දෙමළ ජාතිවාදයේ ක්‍රියාමාර්ග දෙකක් සමගාමී ව හා අනුපූරක ව ක්‍රියා කළ බව. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සෑම විට ම කෙළේ ප්රභාකරන් හා අන් තරුණයන් ගේ ආයුධ ශක්තිය පෙන්වා තමන් මධ්‍යස්ථ මතධාරීන් ලෙස හඳුන්වා ගනිමින් ප්රභාකරන්ට බලය නොදීමට නම් තමන් ගේ ඉල්ලීම් දිය යුතු බව කීමයි. ප්රභාකරන් හා අනෙක් අය ගේ ආයුධ ශක්තිය නොමැති ව ඒ ඉල්ලීම් දිනාගැනීමට බැහැ. ඒ වගේ ම දෙමළ තරුණයන්ට පමණක් ඒ ඉල්ලීම් දිනාගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. ඉල්ලීම් ලබාගත්තේ ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග නොව ඊනියා ප්රජාතන්ත්රවාදී ක්රියාමාර්ගයකින්. එනම් ඡුන්ද වෙන්දේසියෙන් ආණ්ඩු පිහිටුවීමට උපකාර කෙරීමෙන්.