Main Logo

Saturday, 16 April 2016

බහුසංස්කෘතික බහුබූතය 8

බහුසංස්කෘතික බහුබූතය 8

මා කලක් සිතා සිටියේ සෑම රටක ම පාහේ සංස්කෘති රාශියක් ඇති බව ය. මගේ නිගමනය වූයේ බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල ඒ සංස්කෘති සමාන නොවන බවත් එහි විශේෂිත සංස්කෘතීන් හෝ බොහෝ විට අධිපති සංස්කෘතීන් තිබෙන බවත් ය. මම එය ලිහිල් (දුර්වල) අර්ථයෙන් ඇති බහුසංස්කෘතියක් ලෙස හෑඳින්වීමි. ඒ අතර බටහිරයන් අපට මෙරට තිබෙන සංස්කෘතීන් සමාන ලෙස සැලකීමට විධාන (එය දැනුම් ආධිපත්‍යය යොදා ගෙන කෙරෙණ විධානයකි) කරන බව මම නිරීක්‍ෂණය කෙළෙමි. එවැන්නක්් දැඩි (ශක්තිමත්) අර්ථයකින් කෙරෙන බහු සංස්කෘතියක් ලෙස හැඳින්වීමි.

Friday, 15 April 2016

නැකැත් හා මිථ්‍යාව


නැකැත් හා මිථ්‍යාව

ඊනියා විද්‍යාත්මක සිංහලයන් අලුත් අවුරුද්දට නැකැත් අනුගමනය කළේ දැයි නො දනිමි. ඔවුන් ඇතැම් විට මවගේ හෝ බිරිඳගේ හෝ කැමැත්ත යැයි කියමින් නැකැත් අනුගමනය කරන්නට ඇත. ඒ ඇත්තක් වුවත් බොරුවක් වුවත් ඒ සංස්කෘතියෙහි බලපෑම ය. මව හෝ බිරිඳ හෝ මගින් සංස්කෘතික අවශ්‍යතා ඇතැම් විට ක්‍රියාත්මක වෙයි. නැකැත් මිථ්‍යා යැයි කියමින් ඒවාට සිනහසෙන ඇතැම් තරුණයෝ මවගේ හෝ මනාළියගේ හෝ කැමැත්ත යයි කියමින් සුබ මොහොතින් පෝරුවට නගිති. සමස්තයක් ලෙස ගතහොත් පිරිමින්ට වඩා ගැහැණු සංස්කෘතියට අනුගත වෙති. මා මෙයින් කියන්නේ පිරිමින් සංස්කෘතියට අනුගත නොවන බව නො වේ. එහෙත් ගැහැණුන් අතර සංස්කෘතියට අනුගත වන්නන්ගේ ප්‍රතිශතය පිරිමින් අතර අදාළ ප්‍රතිශතයට වඩා මඳ වශයෙන් වුවත් වැඩි ය. එබැවින් ම දෝ අද බටහිර විලාසිතා විසින් ගැහැණුන් සිංහල සංස්කෘතියෙන් ඈත්කිරීමට විශාල උත්සාහයක් ගනු ලැබෙනු දැකිය හැකි ය. සංස්කෘතිය යනු වෙනස් නොවන දෙයක් නොවන බව අපි දනිමු. එහෙත් වෛදික වේවා, බටහිර වේවා ආධිපත්‍ය සංස්කෘතික ආක්‍රමණවලට යටත් වී අප සංස්කෘතිය වෙනස් කළ යුතු නො වේ. 

Wednesday, 13 April 2016

අපේ අවුරුද්ද

අපේ අවුරුද්ද

පසුගිය අවුරුද්දේ නම් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද, එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ද  සිංහල හා දෙමළ අවුරුද්දකට සුබ පැතුම් එක් කළහ. එංගලන්ත කම්කරු පක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාගේ පුතන්ඩුවට (අවුරුද්දට) පමණක් සුබ පැතුවේ ය. අමතක වීමකින් දෝ ඔවුහු ඉන්දියාවේ වෙසෙන දෙමළ ජනයාට සුබපැතුම් නො යෑවූහ. පුතන්ඩුවක් ගැන මහා ඉහළින් කතා කළත් ඉන්දියාවේ ඉහළින් පැවැත්වෙන පුතන්ඩු උත්සවයක් නැත. අවුරුද්ද සිංහලයන්ගේ වර්තමානයෙහි එකම නැකැත් උත්සවය ය. මෙය නාග (යක්‍ෂ) ිජනතාවන්ගෙන් අපට උරුම වූවක් බව එහි දිර්ඝ ඉතිහාසයෙන් පමණක් නොව අදාළ නැකැත් උත්සවය දෙස බැලීමෙන් ද පෙනී යයි. අප අවුරුදු ගණනාවක් තිස්සේ පෙන්වා දී ඇති පරිදි යාපනයෙහි අවුරුදු උත්සවය යම් තරමකින් හෝ පැවැත්වෙන්නේ හමුදාව විසින් හා සිංහල බෞද්ධ ආභාසය ලබා ඇති දෙමළ ජනයා විසිනි. අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ සිංහලයන්ගේ අවුරුද්ද සිංහලයන්ට අහිමි කිරීමට ය. දෙමළ ජනයා අවුරුදු උත්සවය පැවැත්වීම පිළිබඳ අපේ අකමැත්තක් නැත. එහෙත් එසේ කිරීමේ දී සිංහල උරුමය නැති නොකළ යුතු ය. කෙසේ වෙතත් ඉහත කී අයගේ සුබ පැතුම්වලින් පසුව මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරාදමා රනිල් සමග එකතු විය. යමපාලන ආණ්ඩුව බිහිවිනි. මේ අවුරුද්දේ කවුරුන් සුබ පතාවි දැයි නො දනිමි. කවුරුන් සුබ පැතුවත් නැතත් මේ අවුරුද්දේ තිබිය යුත්තේ එකම එක පැතුමක් පමණකි. ඒ මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම ය.

Tuesday, 12 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2


ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x දෙමළ නායකයන් ඒ ඒ දෑ දිනාගැනීමේ දී ප‍්‍රභාකරන් ගේ ආධාරය ලැබුණේ නැද් ද ?

ප‍්‍රභාකරන් ගේ ආධාරය නැති ව ඒ ඉල්ලීම් දිනා ගැනීම අමාරුයි. කලින් කීවා මේ යුගයේ දෙමළ ජාතිවාදයේ ක‍්‍රියාමාර්ග දෙකක් සමගාමී ව හා අනුපූරක ව ක‍්‍රියා කළ බව. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සෑම විට ම කෙළේ ප‍්‍රභාකරන් හා අන් තරුණයන් ගේ ආයුධ ශක්තිය පෙන්වා තමන් මධ්‍යස්ථ මතධාරීන් ලෙස හඳුන්වා ගනිමින් ප‍්‍රභාකරන්ට බලය නොදීමට නම් තමන් ගේ ඉල්ලීම් දිය යුතු බව කීමයි. ප‍්‍රභාකරන් හා අනෙක් අය ගේ ආයුධ ශක්තිය නොමැති ව ඒ ඉල්ලීම් දිනාගැනීමට බැහැ. ඒ වගේ ම දෙමළ තරුණයන්ට පමණක් ඒ ඉල්ලීම් දිනාගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. ඉල්ලීම් ලබාගත්තේ ආයුධ සන්නද්ධ ක‍්‍රියාමාර්ග නොව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයකින්. එනම් ඡුන්ද වෙන්දේසියෙන් ආණ්ඩු පිහිටුවීමට උපකාර කෙරීමෙන්. 

Monday, 11 April 2016

බහුසංස්කෘතික බහුබූතය 7

බහුසංස්කෘතික බහුබූතය 7

අප රටේ සිංහල බෞද්ධ උගතුන් යැයි කියන අයගෙන් ඉතා විශාල පිරිසක් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවූවෝ වෙති. මට විශ්වවිද්‍යාලයේ දී මේ සිංහල බෞද්ධ උගතුන්ගෙන් කිසිවක් ඉගෙනීමට නොමැති විය. අද ඊනියා බහුසංස්කෘතික ලෝකයක් ගැන කතාකරන බොහෝ දෙනා දැනුමේ දී බහුසංස්කෘතියක් නැති බව නො දනිති. අද අධිපතිවාදී දැනුම බවට පත් වී ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී සකස් වී ඇති දැනුම ය. උදාහරණයක් වශයෙන් බටහිර රටවල හෝමියෝපති, ආයුර්වේද ආදී වෙදකම් ද ඇති නමුත්, ඇතැම් බටහිරයන් ද ඒ වෙදකම්වල පිහිට ලබන නමුත්, ඇලොපති වෙදකමට ඇති රාජ්‍ය පිළිගැනීම ඒ අනෙක් වෙදකම්වලට නැත.

Sunday, 10 April 2016

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 1 (2016 අප්‍රීල් 10 රිවිර ලිපිය)

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 1

උගත් පාඩම් හා සංහිඳියා කමිටුව ඉදිරියේ සාක්‍ෂි දීම සඳහා මා කැඳවා තිබිණි. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා විකාශය පිළිබඳ සංක්‍ෂිප්ත ප්‍රකාශයක් කළ මම දෙමළ ජනයාට දෙමළ වීම නිසා අසාධාරණයක් වී නොමැති බව ද විසඳීමට ප්‍රශ්නයක් නැති බව ද සඳහන් කෙළෙමි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටු සාමාජිකයකු පැවසුවේ මා කියන කරුණු සත්‍ය නමුත් දෙමළ ජනයාට යම්කිසිවක් දිය යුතු බව ය! 

Saturday, 9 April 2016

බහුසංස්කෘතික බහුබූතය 6

බහුසංස්කෘතික බහුබූතය 6

බටහිර රටවල ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ඒ රටවල වෙසෙන ඇස් කන් යොදා ගන්නා ඕනෑම අයකුට දැනගත හැකි ය. එහෙත් ඇතැම් සිංහලයන්ට ඒ බව නොදැනෙන්නේ ඔවුන්ගේ ඇස් කන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය විසින් අර්ධ වශයෙන් ක්‍රියා විරහිත කර ඇති බැවිනි. ඔවුන් සිංහල බෞද්ධ දැයි මම නො දනිමි. එහෙත් ඔවුන් සිංහල බෞද්ධ නම් ඔවුන්ගේ සිංහල බෞද්ධකම හා මගේ සිංහල බෞද්ධකම අතර ඇත්තේ විශාල වෙනසකි. මම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ආධිපත්‍යයට යට නො වෙමි. මා බවහිර දැනුමෙන් අවශෝ’ෂණය කරගන්නේ ඉතා සීමිත කොටසක් පමණකි. මම පෑන පැන්සල මෙන් ම විද්‍යුත් තැපෑල, පරිගණකය පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව ද අවශ්‍ය වූ විට යොදා ගනිමි. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව දනිමි. බටහිර විද්‍යාව වැඩ කරයි යන්නෙන් එහි සත්‍යතාවක් ගැන නො කියැවෙයි. බටහිර දර්ශනයෙහි සත්‍යතාව යන්න අර්ථ නො දැක්වෙයි!