ඉන්දියාවේ මුස්ලිම් හා ලංකාවේ මුස්ලිම්
මුස්ලිමුන් ගැන කාලයකින් කතාකරන්න බැරි වුනා. මුස්ලිමුන් දහහතරවැනි සියවසේ මලබාරයෙන්, විශේෂයෙන් මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතාකරන ප්‍රදේශයකින්, ලී ඔරුවලින් හා වෙනත් මාර්ග යොදාගනිමින් ලංකාවට පැමිණ ඇති බව ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. මෙරට මුස්ලිම් ජනයා (මුවර් ජනයා) දෙමළ කතාකරන බව, ඔවුන්ගේ දෙමළ යාපනයේ දෙමළ බසින් සුළු වශයෙන් වුවත් වෙනස් බව, තේරුම් කිරීමට වෙනත් විකල්ප ප්‍රවාදයක් නැහැ. මුස්ලිමුන්ට විවිධ පළාත්වල දී දෙමළ ඉගෙනීමට දෙමළ කතාකරන ජනයා ලංකාවේ විසිරිලා සිටියේත් නැහැ. චෝල ආක්‍රමණයෙන් පසු මෙරට දෙමළ ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි වූ බවට සාක්‍ෂි ඇත්තේත් නැහැ. සමහරවිට ඇතැම් සිංහල බෞද්ධයන් එකල හින්දු ආගම වැළඳ ගන්න ඇති. පෘතුගීසි ආක්‍රමණයෙන් පසු සමහර සිංහල බෞද්ධයන් කතෝලික ආගම වැළඳ ගත්තා වගේ. විජයබාහු රජු ඒ ප්‍රදේශවල හින්දු කෝවිල් හැදුව නම් ඒ ගැන පුදුම වෙන්නත් දෙයක් නැහැ. සිංහල බෞද්ධයන්ගෙ සහනශීලී බව එහෙමයි. අප වරින් වර ඝාතනය කළ බටහිරයන් අපට ඊනියා සංහිඳියාවක් උගන්වන්න අවශ්‍යතාවක් නැහැ.