බුදුදහම රැකීම හා ජනමත විචාරණය සබැඳිය
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2FCZzUgj98M6c&h=-AQFUEvmZAQE2WnoBn6p-T0cngF9oSMTppJ3W8na5nmF15w
Main Logo

Tuesday, 6 December 2016
Monday, 5 December 2016
මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි
මහින්ද ප්‍රශ්නය අතට ගත යුතුයි
ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය ඉතා වැදගත්. ඒකීයභාවය නැති වීම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම, ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ ව (තම රටේ ඉංගිරිසි හා ස්පාඤ්ඤ රාජ්‍ය භාෂා කිරීමට කිවහොත් ට්‍රම්ප් කුමක් කියයි ද), ආදී කරුණු රාශියක් එහි සඳහන් වී තිබුණා. අද රටේ ඇත්තේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ම සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් සම්පානය කර රට බෙදීමට පියවර ගැනීමට. 2015 ජනවාරි අටවැනි දා මේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණු ජාතික හෙළ උරුමය, ජ වි පෙ වැනි පක්‍ෂවලට රට බෙදීමේ පාප කර්මයෙන් මිදෙන්නට බැහැ.
Labels:
internationalism,
Politics,
Tamil racism,
Western Democracy
Sunday, 4 December 2016
නොපෙනෙන මානය 2
නොපෙනෙන මානය 2
අප නොපෙනෙන මානය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. මෙහි දී මානය යනුවෙන් අදහස් කරන්නේ අවකාශයේ මාන තුන නොවෙයි. කාලය මානයක් ලෙස ගන්නේ නම් එය ද නොවෙයි. කොහොමටත් කාලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. එය පඤ්ඤත්තියක් පමණයි. ඇතැමුන්ට අනුව අන්වීක්‍ෂයකින් හෝ දුරේක්‍ෂයකින් හෝ දැකගත හැකි එහෙත් පියවි ඇසෙන් දැකගත නොහැකි දේ නොපෙනෙන මානයයි. අප යොදා ගන්නා උපකරණ අපේ ඉන්ද්‍රිය පහේ විස්තීරණ, දික්කිරීම් පමණයි. අපට අතින් කැඩීමට නොහැකි දේ කැඩීමට අප කෙක්කක් යොදා ගන්නවා. අපට ඇවිදින්න පුළුවන්. වේගයෙන් යන කොට අප දුවනවා යනුවෙන් ද කියනවා. ගමන් කිරීම සඳහා අප කරත්ත, මෝටර් රථ, ආදිය ද අහසින් යෑම සඳහා ගුවන් යානා, රොකට් ආදිය ද යොදා ගන්නවා. ඉතා ඇතට කතාකිරීමට අප දුරකථන, ශබ්දවාහිනී ආදිය යොදා ගන්නවා. මේ සියල්ල අපේ ඓන්ද්‍රීය ක්‍රියාකාරකම්වල විස්තීර්ණ පමණයි.
Labels:
Bududahama,
western philosophy,
Western science
Saturday, 3 December 2016
නැගී එන ජාතිකත්වය
නැගී එන ජාතිකත්වය
සෝවියට් රාජ්‍යය කඩා වැටීමෙන් පසුව ෆුකුයාමා පොතක් ලිව්වා එන්ඩ් ඔෆ් හිස්ටරි කියා. ඔහු සඳහන් කෙළේ ඉතිහාසය එතැනින් එහාට විකාශය නොවන බවයි. බටහිර ක්‍රිස්තියානි ලිබරල්වාදයත් සමග ඉතිහාසය අවසන් වනු ඇතැයි ඔහු කියා සිටියා. ඔහුට අනුව අවසාන ගැටුම වූයේ ලිබරල්වාදය හා සමාජවාදය අතර. සමාජවාදය පරාජය වීමෙන් පසුව ලිබරල්වාදයට අභියෝගයක් නැතැයි ඔහු සිතුවා. එය තවත් හිතළුවක් පමණක් වූවා. එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාර්ථනය වූවා. ඒ පොත ප්‍රකාශ කිරීමටත් පොත් ප්‍රකාශකයන් ඉදිරිපත් වූවා. පොත ඊනියා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට පත්වුනා.
Labels:
internationalism,
nationalism,
Politics
Friday, 2 December 2016
පොලිෂ්පති
පොලිෂ්පති
මෙරට පොලිෂ් බාසුන්නැහෙලා ඉන්නවා. ඒ අයගේ කටයුත්ත ලී බඩු ආදිය පොලිෂ් කිරීම එනම් ඒවා ඔප දැමීම. පොලිෂ්පති කියන්ැනේ ඔප දමන්නන්ගේ ප්‍රධානියාට. එක එක අය විවිධ දේ පොලිෂ් කරනවා. සමහරු පුද්ගලයන්වත් පොලිෂ් කරනවා. විශේෂයෙන් ම දේශපාලනඥයන් පොලිෂ් කරන අය ඉන්නවා. පොලිෂ් කරනවා යන්න අද ව්‍යවහාර වන භාෂාවේ වෙනත් අර්ථවලිනුත් යොදා ගැනෙනවා. සමහරු එකතු වී බෝතලයක් පොලිෂ් කරනවා. තවත් සමහරු වෙනත් අයගේ සාක්කු පොලිෂ් කරනවා. මේ ව්‍යවහාර මැත කාලයේ එකතු වී තිබෙනවා.
Labels:
Police,
Politics,
western methods
Thursday, 1 December 2016
බටහිර විද්‍යාවේ හේතුව
බටහිර විද්‍යාවේ හේතුව පහත සඳහන් සබැඳියෙන්
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DPKnO5Fl-_aU%26feature%3Dyoutu.be&h=9AQF8hq7tAQF8GyMgfJbxhZCymcHDTDILMLzp5rXB4sjbkA
Labels:
Sinhala Denuma,
Western science
ව්‍යවස්ථා මගඩිය
ව්‍යවස්ථා මගඩිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ මුල් කොටස පහත සඳහන් වෙනවා.
“ආණ්ඩුකම ව්‍ය ම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය වස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය
ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද
ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන ෙමහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුෙවන් හඳුන්වනු ලබන පාර්ලිෙම්න්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, ෙමම පාර්ලිෙම්න්තුව ෙයෝජනා සම්මත කරයි. "
Labels:
Constitution,
Politics,
Western Democracy
Subscribe to:
Posts (Atom)