Main Logo

Thursday, 16 November 2017

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාලගේ ආප්ප රාත්‍රියට අවුරුදු තුනක් ගෙවිලා. පොළොන්නරුවේ ශ්‍රී ල නි ප සංවිධායක වීමේ සිට ජනාධිපති වීම දක්වා ඉතිහාසය එක්තරා විධියකින් ඉතිහාස ගතවන්නක්. ඒ යහපත් දේශපාලනය සම්බන්ධයෙන් නම් නො වෙයි. රනිල් නොකියා කියන්නේ ඉංගිරිසි නැතිව ජනාධිපතිකම කරන්න බැරි බව. ඒ රනිල්ගේ පඬි කතාවක්. ජනාධිපතිකමට මූලික සුදුසුකම ඉංගිරිසි දැන ගැනීම නොව රටට ඇති ඇල්ම. මේ නිවට ආණ්ඩුවේ කිසිවකුටවත් ඒ සුදුසුකම තියෙනවා ද?

Wednesday, 15 November 2017

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

මා ලියු යථාර්ථය නිර්වචනය කිරීම පිළිබඳ ලිපිය පළවීමෙන් පසු එයට ප්‍රතිචාර ලෙස නලින් සුභසිංහ, මාධ්‍ය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ ව භෞතික විද්‍යාවේ පදනම අධ්‍යයනය කරන රූත් කැට්ස්නර් සමග පැවැත්වූ සාකච්ඡා දෙකක් ඉදිරිපත් කර තිබුණා. කැට්ස්නර් යථාර්ථවාදිනියක්. එහෙත් මා සමග පැවැත් වූ විද්‍යුත්  මාධ්‍ය සංවාදයෙන් පසු ඇය ඒ බව සෘජුව ම පිළිගන්නේ නැහැ. කැට්ස්නර් තම පත්‍රිකාවකින් කර ඇත්තේ කලින් සියැට්ල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි ක්රේමර් විසින් ඉදිරිපත් කර තිබූ අදහසක් වර්ධනය කිරීමක්.

Tuesday, 14 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම - 2

යථාර්ථය නිර්වචනය කිරීම - 2

රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය.

මෙහි ඈය කලින් පෙන්වා සිටියේ නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් ඇති බව. ඇය යථාර්ථ විභව ගැනත් කීවා. ඉයන් ජෝන්ස් නමැත්තා යථාර්ථයක් ඇති බව හෝ නැති බව නොවෙයි ඇගේ ප්‍රශ්නය බව කියා ඇය බේරා ගැනීමට තැත් කළා. එහෙත් මා ඇගෙන් උපුටා ගැනීම් සහිතව පෙන්වා දුන්නේ ඇය නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව පෙන්වීමට උත්සාහ දරා ඇති බව. පසුව ඇය එයට නිසි පිළිතුරක් නොදී අපට එකඟ විය හැකි බවක් කීවා. එතැනින් එහාට මා තර්ක කරන්න ගියේ නැහැ. මා ඇයට ස්තුති කළා.

මෙරට පමණක් නොව පිටරට මහාචාර්යවරුන්ටත් ඇත්තේ උපකල්පන පමණයි. ඔවුන් හිතනවා නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව. එහෙත් එය කිසි දිනෙක පෙන්නන්න පුළුවන් එකක් නො වෙයි.  අප යථාර්ථය යැයි කියන්නේ අපේ හිතළුවකට. අපට ඇත්තේ යථාර්ථයක් නොව යථාර්ථ. ඒ ඊනියා යථාර්ථ නිරීක්‍ෂකයාගෙන් සවායත්ත නැහැ.

බටහිරත් ඉතා විශිෂ්ට ගණයේ චින්තකයන් ඇත්තේ ස්වල්පයයි. අනෙක් අය විශ්වවිද්‍යාලවල ඊනියා පර්යේෂණ ආයතනවල බොරු පත්‍රිකා පළ කරනවා. විශිෂ්ට ගණයේ අය අලුත් කතන්දර ගොතනවා. ලංකාවේ විශිෂ්ට ගණයේ කිසිවකු නැහැ.

Monday, 13 November 2017

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

මේ නිවට ආණ්ඩුව යටතේ කලකට ඉහත නිිදහස් දිනයක සංඛ අමර්ජිත්ට ගඩොල් බාගයක් මතක් කරමින් එක් ගායිකාවක් දන්නෝ බුදුන්ගේ ගීීය ගැයුවා. අර ඇතැම් පඬියන් කියන ආකාරයට ඇය ඒ ගීතයේ මුල් ඔපෙරා ශෛලියට සාධාරණයක් ඉටු කරන්න යන්න ඇති. එහෙත් සිංහලයන් ඒ කටහඬ ප්‍රතික්‍ෂෙප කරනවා.  ඊයේ (ඉරිදා) අනුරාධ නගරයට විශාල සෙනගක් රැස්වුණා. ඒ අර ඔපෙරාවට සවන් දෙන්න නො වෙයි. ඒ ඔපෙරාවේ සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධවයි. ඒ ආධිපත්‍යයෙහි රනිල්ට විරුද්ධවයි. රනිල් පසුපස යන මෛත්‍රිපාලට විරුද්ධවයි. 

Sunday, 12 November 2017

මහින්ද තනිකිරීමක්

මහින්ද තනිකිරීමක්

ඔබේ ප්‍රතිචාරවලට පින්! ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ නැවත ලිපි පළ කිරීමටයි. එහෙත් ඔබ සියලු දෙනාම දෙසියකට අඩුයි. මෙරට ජනගහණය කෝටි දෙකක් පමණ. ඉන් හරි අඩක් පමණ යම් මට්ටමක උගතුන් කියා සිතමු. එවිට කෝටියක් පමණ උගතුන්ගෙන් මට ලිපි ලියන ලෙස කියන්නේ දෙසියයක් පමණයි.

Thursday, 9 November 2017

අන්තිම ලිපිය  


අන්තිම ලිපිය



මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

Wednesday, 8 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම  


යථාර්ථය නිර්වචනය කිරීම





රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය. මගේ අවසාන ප්‍රතිචාරයට ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සමහර විට මගේ අදහස්වල කිසිදු වටිනාකමක් නැතැයි ඈ සිතන්න ඇති. මා ඒ සංවාදය මුළුමනින් ම පළ කරන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිර දාර්ශනිකයන්ට හා භෞතික විද්‍යාඥයන්ට නිර්වචනය කිරීමට නොහැකි බව පෙන්වීමටත් යථාර්ථය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි විස්තර කිරීමට ඔවුන් අපොහොසත් බව පෙන්වීමටත්. මේ සංවාදය හා ඉන් මතුවන කරුණු පිළිබඳ විවරණයක් පසුව බලාපොරොත්තු වන්න. එතෙක් මෙයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නේ නම් මැනවි.