ඊනියා ස්වාභාවික ආපදා
පළාත් කිහිපයක ම පාසල් පැවැත්වෙන්නෙ නැහැ. ඊයේ රාත්‍රී මහා සුළඟක්
හමා ගියා. ලෝකයේ ම කාලගුණය වෙනස් වෙලා. අපේ රටේ විතරක් නොවෙයි. භූමිකම්පා සුළි
සුළං ගංවතුර හැම රටක ම පාහේ වාර්තා වෙනවා. මෙරට පාලකයන් ධර්මිෂ්ට නැහැ. එහෙත්
කාලගුණ විපර්යාසය ඒ හින්ද ම නොවෙයි. මිනිසුන් ද ධාර්මික නැහැ. ලෝකයේත් එහෙමයි. දළ
පූට්ටුවා මරා දැම්මේ කවුද කියා දන්නේ නැහැ. ඒ ඝාතකයන්ට දේශපාලන අනුග්‍රහයක් ආරක්‍ෂාවක්
තිබෙන්නත් ඇති. නොතිබෙන්නත් ඇති. එහෙත් දළ පූට්ටුවා මරා දමා වැඩි දිනක් යන්නට පෙර
තවත් ඇතකු මරා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ මිනිසුන්ගේ ධාර්මිකබවට නිදසුන්.