Main Logo

Sunday, 13 September 2020

විස්සට කමිටුවක් - අපි අඹ කමු

 

විස්සට කමිටුවක් - අපි අඹ කමු

 

තවමත් කිසිවකු පළාත් සභා පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ බලපෑමට බව කියන්න සාධකයක් ඉදිරිපත් කර නැහැ. අර ඊනියා මූලාශ්‍රයක් ගැනවත් කිසිවකු කියන්නේ නැහැ. සමහරු කියන්නන් වාලේ කියනවා ඉන්දියාවෙන් අහන්නෙ නැතිව පළාත් සභා අහෝසි කරන්න බැහැ කියා. මාත් කලින් හිතන් හිටියේ අප වරදකරුවන් කර ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටෙව්වා කියා. එහෙත් දැන් පළාත් සභා ගැන මට වෙනස් අදහසක් (හිතළුවක්) ඇතිවෙලා. එය හරියනවද වැඩකරනවාද කියල බලන්නයි මේ විස්තර (සාධක) ඉදිරිපත් කරන්න කියා කියන්නෙ.

Saturday, 12 September 2020

පශ්චාත් එංගලන්ත කතාව

 


පශ්චාත් එංගලන්ත කතාව 


බටහිර විද්‍යාවේ ප්‍රධාන සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ (අනෙක නේචර්) අද (සැප්තැම්බර් 12) කලාපයේ ගුරුත්වජ කාච (gravitational lenses) හා මන්දාකිණි පොකුරු ගැන පත්‍රිකාවක් පළවනවා. ඉන් කියන්නේ මන්දාකිණි පොකුරුවල අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය මත පදනම් වූ විශ්වවේදයෙන් කියැවෙන ගුරුත්වජ කාචවලට වැඩි සංඛ්‍යාවක් ගුරුත්වජ කාච නිරීක්‍ෂණය කෙරී ඇති බවයි. මෙහි ඇති ඡායාරූපය ඒ පත්‍රිකාවෙන් ගත් එකක්. එහෙත් මෙහි ඇත්තේ පත්‍රිකාවේ දැක්වෙන ඡායාරූපයෙහි ප්‍රතිබිම්බයක්. 



Friday, 11 September 2020

ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන්

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන් 


මා පසුගිය දා මෙසේ සඳහන් කළා. "කාට හරි කියන්න පුළුවන් ද අප පළාත් සභා සම්බන්ධ තීරණයක් ගන්න ඉස්සෙල්ල ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන ඇයි කියල”. ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීමට තව දවසක් දෙකක් කල් දෙන්න පුළුවන්. එක් අයකු අහල තිබුණා අප ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න අප එහි ප්‍රාන්තයක් ද කියල. ඒකත් ඇත්ත තමයි. නමුත් ප්‍රාන්තයක් නොවෙයි කීම ම ප්‍රමාණවත් නැහැ. අප ඉන්දියාව සමග පළාත් සභා ඇති කිරීම ගැන  යම්කිසි ගිවිසුමකට එළඹිලා  තියෙනවා ද කියා දැන ගැනීමටයි මට අවශ්‍ය වෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර සපයන්න කියා ඉල්ලා සිටිනවා.

Thursday, 10 September 2020

ප්‍රේමලාල් හා ගව ඝාතනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ප්‍රේමලාල් හා ගව ඝාතනය


ප්‍රේමලාල් ජයසේකර දිවුරුම්දීමවත් මස් පිණිස ගව ඝාතනය තහනම් කිරීමවත් රටේ ඊනියා දැවෙන ප්‍රශ්න නො වෙයි. ප්‍රේමලාල් පමණක් නොව අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විශාල පිරිසක් මන්ත්‍රීවරුන් වශයෙන් දිවුරුම් දීමට සුදුස්සන් නො වේ. ඒ මගේ සදාචාරය අනුව. සදාචාරය සාපේක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා එකී සියල්ලන් ම දිවුරුම් දීමට විරුද්ධයි. මේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නුසුදුසු අයගෙන් සමන්විත වනු ඇති බව මා කියා ඇත්තේ ජනාධිපතිවරණයටත් පෙර. 

Wednesday, 9 September 2020

විස්සේ කොස්ස

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සේ කොස්ස 


අද වන විට ද්විත්ව රටවැසියන්ට මෙරට  දේශපාලන වශයෙන් වැදගත් තනතුරු ලබා දිය යුතු යැයි කියන්නන් ගෙනෙන එක ම තරකය වී ඇත්තේ විවිධ දක්‍ෂතා ඇති දවිත්ව රටවැසියන්  මග හැරිය නොයුතු බවයි. ඔවුන්ට ඇලුම් පිළිබඳ ගැටුම ගැන කියන්න දෙයක් නැති බව පැහැදිලියි. ද්විත්ව රටවැසියන්ට දේශපාලන වශයෙන්  වැදගත් තනතුරු නොදිය යුතු බව කියන්නේ මේ ඇලුම් ගැටුම හා දෙවැනි රටට එකී ද්විත්ව රටවැසියන්ට බලපෑම් කළ හැකි ය යන කරුණු මත පදනම් ව. ඇලුම් ගැටුම බටහිර රටවල ඉන්න සිංහලයන්ට මැතිවරණවල දී ද බලපානවා. ඩෙමොක්‍රටික්/කම්කරු පක්‍ෂ ඉතා පැහැදිලි සිංහල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුන් දන්නවා. ඒ සිංහලයන් ඡන්දය දීමේ දී සැලකිය යුත්තේ තමන් පදිංචි රටේ සුභ සිද්ධිය ද නැත්නම් ලංකාවේ සුභ සිද්ධිය ද? 

පකිස්ථානය තර්කය හා ගර්ඩ්ල්

 

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9


පකිස්ථානය තර්කය හා ගර්ඩ්ල්


පකිස්ථානයේ සිදුවීමක්. ලංකාවේ සිදු වුණා නම්? බටහිර සිදු නොවන්නේ අනෙක් සියලු දෙනා නොමරා  මරා දමා ඇති බැවින් ද? බටහිරින් ඉගෙන ගන්නා අපි හිතන්නෙ පතන්නෙ නැති ඇවිදින මළකඳන් ද? ඊනියා තර්කය විසින් සිතීම මරා දමනු ලැබ ඇත් ද? ගර්ඩල් ප්‍රමේයේ සංස්කාරක ගර්ඩල් තර්කයෙන් දෙවියන් වහන්සේ ඉන්න බව පෙන්වා ඇත.  


https://www.msn.com/en-xl/asia/pakistan/pakistan-christian-man-sentenced-to-death-for-blasphemous-texts/ar-BB18OSkZ?ocid=msedgdhp

Tuesday, 8 September 2020

විස්සෙන් විසි විය යුතු දේ

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සෙන් විසි විය යුතු දේ


මට අද ලියන්න ඕන විස්ස ගැන. ඒත් ඊට ඉස්සෙල්ල පොඩිකාරණයක් කියන්න ඕන. මා අහගෙන හිටියා චතුර අල්විස් කියනවා කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ ආරක්‍ෂිත ම රටවල් සීයෙන් ලංකාව අනූදෙවැනි ස්ථානයේ පසුවෙනව කියල. මා නම් මේ ඊනියා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සතපහකට ගණන් ගන්නෙ නැහැ. ඕවා යම්කිසි නිර්ණායක මත පදනම් වෙලා කරන ඊනියා සමීක්‍ෂණවල ප්‍රතිඵල. ඉන්දියාව අපට වඩා ආරක්‍ෂක යැයි කියනවා නම් අපට අහන්න තියෙන්නෙ ආරක්‍ෂාව කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද, ඒ දැන ගැනීම සඳහා යොදා ගන්න නිර්ණායක මොනවද වගේ ප්‍රශ්න. ඒ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරු අනුව ලකුණු දීමේ ක්‍රමයක් ඇති.