Main Logo

Monday, 9 November 2020

අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ

 අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ


කොවිඩ්, තර්කය, නාට්‍යය, වරකා ඉරු ආදී සියල්ල එකිනෙකට සම්බන්ධයි. අවශ්‍ය නම් බියර් ද දාගන්න. අපි කොවිඩ්වලින් පටන් ගනිමු. එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියා තිබුණා ආයුර්වේදයේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැති බවත් තියෙනවා කියන්නේ ව්‍යාජ ප්‍රතිකාර බවත්, ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා අනුමැතිය ලබා ගත යුතු බවත්.  මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. රෝගයක් කියන්නෙ මොකක් ද, ප්‍රතිකාරයක් කියන්නෙ මෙකක් ද, ප්‍රතිකාරය අනුමත කළ යුත්තේ කවුද විතරක් නොවෙයි, තර්කය කියන්නෙ මොකක් ද නාට්‍යයක් කියන්නෙ මොකක් ද ආදී දහසක් ප්‍රශ්න. 

Sunday, 8 November 2020

ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන්

 ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් 


ජාතික චින්තනය වරක ඉරුවකට ඌනනය කරන්න පුළුවන් කලාකාරයන් ඉන්න රටක අප ජීවත් වෙන්නෙ. ඒකට මාත් එක අතකට වෑරදිකාරයෙක්. ගුණදාස අමරසේකරගෙ ජාතික චින්තනය වරකා ඉරුවකට ඌනනය කරන්න පුළුවන් බව කියන්න තිබුණෙ බොහෝ කාලෙකට පෙර. ඒත් මෙහි සඳහන් කරන කලාකාරයා ගුණදාස අමරසේකර නොවෙයි. ඔහු නාට්‍ය ලෝකයේ නමක් හදාගන්න නැහෙන කෙනෙක්. ඔහුට ඊනියා ජාතික චින්තනය ඇතිවත් බැහැ නැතිවත් බැහැ. 


මගේ ලිපි කියවන්න අලුතෙන් පිරිසක් ඇබ්බැහි වෙලා. ඔවුන් පරණ ලිපි කියවල නැහැ. ඊයේ නිවන ගැන තිබූ ලිපියෙ එක් අයකු නිවන සාපේක්‍ෂ ලෙස අරගෙන. ඔහු අඩුම තරමෙන් මගේ ලෝකය කියවා නැති බවයි පේන්නෙ. ඔහු නිවන් අවබෝධකරගන්න හදන අයෙක්. සම්මාබෝධය පැත්තකින් තියන්නලු. අවබෝධ කරගන්නව නම් ඉතින් මනසෙන් තමයි. එහෙම අවබෝධ කර ගත්තා කියමු. ඉන් පස්සෙ මනසට මොකක් ද වෙන්නෙ. මනස නැති වෙනවා ද දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න ඇති වන්නෙ බුදුදහම වෛදිකකරණයට ලක් කිරීමේ ප්‍රතිඵල ලෙස. නූගතුන් කියන අයගෙ වැඳුම් පිදුම් මට ප්‍රශ්නයක් නො වෙයි. මාත් හැමදා ම උදේට තානාපති කාර්යාල භූමියෙ බුදු පිළිම වහන්සේට මල් පූජා කරන නූගතෙක්. උගතුන්ගෙ මුග්ධ දාර්ශනික තාර්කික කතා තමයි බුදුදහමට තියෙන ප්‍රශ්නය. මා කියන එක, මා යනුවෙන් කෙනකු ඉන්න බව කියන එක බොරු බව මෙනෙහි කරන්න. කාලෝගෙ කාළාම සූත්‍රය නොව බුදුහාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය කියවන්න. ඒත් මා කී නිසා පමණින් කියවන්න එපා.

Saturday, 7 November 2020

පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම

 පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම


පසුගිය දා පේරාදෙණියෙ පඬි පෝතිකාවක් තම නොහැකියාව ප්‍රකාශ කරල තිබුණ. මට හරියට ම මතක නැහැ ඇය කියා තිබූ වචන. ඒත් ඇය කියා තිබුණෙ මෙන්න මෙවැන්නක්. ලංකාවෙ අද බර වචන පාවිච්චි කරන ඕනෑම අයකුට උගතකු ලෙස පෙනී ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු නොමග යවන්නත් පුළුවන්. ඒත් නලින් ද සිල්වා බර වචන පාවිච්චියකුත් නැතිව ජනමතයක් ගොඩනගනවා. එය පරාද කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුද්ධිමය දරද්‍රතාව. ඇය මතක් කරල තිබුණ හඳගමගෙ තනි තට්ට ගැන මා චිත්‍රපටය නරඹන්නෙ නැතිව විචාරයක් ලියල තිබුණ කියල. සිංහල බෞද්ධ විරෝධී හඳගමලගෙ චිත්‍රපට ගැන ලියන්න චිත්‍රපට බලන්න අවශ්‍ය නැහැ කියන එක මා කියා ඇති. 

Friday, 6 November 2020

 බටහිර දැනුම් ආධිපත්‍යය යටතෙ කොවිඩ් සමග වාසෙ


බටහිර වෙදමහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපට කොවිඩ් සමග සාමාන්‍ය ම නොවුණත් සාමාන්‍ය විධියට ජීවත් වෙන්න පුළුවන් වෙලා. දැන් තියෙන්නෙ සිතියම් ඇඳීමේ ප්‍රශ්නය විතරයි. ග්‍රාම නිලධාරි මහතුන්ට ගමේ සිතියම පාරවල් හා ගෙවල් එක්ක (ගූගල් හරියන්නෙ නැහැ) දීල කොවිඩ් ආසාදිත අය ඉන්න තැන් ලකුණු කරවන එක විතරයි තියෙන්නෙ. ඒක කොහොම හරි කරන්න ඕන නැත්නම් කොවිඩ් අලුත්ගේලා අර මොකක් ද කමිටුවකින් යන්න යාවි. ගියත් විශාල ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මාධ්‍ය හරහා සියලු උපදෙස් ලබා දෙනවා. පාදෙණිය කොහෙ ගිහිල්ල ද කියල මා මේ කල්පනා කරන්නෙ. ජනාධිපතිවරණ දවස්වල නම් ඔහු ගෝඨාභය රාජපක්‍ෂගෙ වගේ ම සජිත් ප්‍රේමදාසගෙ රැස්වීම්වලත් දැක ගන්න පුළුවන් වුණා. 

Thursday, 5 November 2020

අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප්

 අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප්


එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ වීම තව කල් යනවා. මේ ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල කියනවා. එංගලන්තයේ අගමැති ජොන්සන් ට්‍රම්ප්ගෙ අනුගාමිකයෙක් කියල කියන්න පුළුවන්. මේ රටවල් දෙකේත් යුරෝපයේ රටවලත් මහා ප්‍රශ්න. එහි කැරලි තත්වයන් තියෙනවා. ඒත් ඊනියා විප්ලව කරනව තියා හඬක් නගන්නවත් මාක්ස්වාදියකු නැහැ. ඔවුන් කටවල් වැහෙන්න මාස්ක්දාගෙන මාස්ක්වාදීන් වෙලා. නිකම් වැඩකට නැති සඟරාවල කුණු කුණු ගානවා විතරයි. මේ රටවල පෙන්නුම් කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ කඩා වැටීම. බයිඩන් දිනනව කිවුවෙ 12%ක වැඩි ප්‍රමාණයකින්. බයිඩන්ට ඡන්ද මණ්ඩල 270 ළඟ කැරකෙන්න වෙලා. ඡන්ද විද්‍යාල කියන අය නැවත විද්‍යාලෙට, පාසලට ගියත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය විද්‍යාලවල හිතන්න උගන්වන්නෙ නැහැ. අර බැක් ටු ස්කූල් වැඩ සටහන්වලට මොක ද වුණේ.

Wednesday, 4 November 2020

මා කැලණි ගිය හැටි

 මා කැලණි ගිය හැටි


අද එක්සත් රාජ්‍යවල මීළඟ වසර හතරේ ජනාධිපති කවුද කියා දැන ගන්නට හැකි වේවි. මුළු ලෝකය ම අර්බුදයකට ගිහිල්ල ඉන්න වෙලාවක, බටහිර ක්‍රූිස්තියානි නූතනත්වය කඩන් වැටිල ඕන එකක් වෙන්න පුළුවන් කියන එක ඊනියා යථාර්ථය බවට පත්වෙලා තියෙන වෙලාවක ඕන කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපති කෙනකු පත් නොවීමත් අර ඕන එකක් වෙන්න පුළුවන්. කිසිවකුටවත් ඡන්ද මණ්ඩල 270ක් නොලැබුණොත් මොකද වෙන්නෙ. කොංග්‍රසය තීරණය කරනවා ද? ඒක හරි ද? මොකක් වුණා ම මොක ද?  මොකක් හරි වෙයි. 

Tuesday, 3 November 2020

ඇඳිරි නීති අස්සෙත් යන වස්තු

 ඇඳිරි නීති අස්සෙත් යන වස්තු


ඇතැමුන් අහනව කාලය කියන්නෙ මොකක් ද කියල. මගේ උපාධි නිබන්ධය පරීක්‍ෂා කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය විට්රෝ පොතකුත් ලියල තිබුණ කාලය යනු කුමක් ද (What is Time) කියල. මාත් නිබන්ධය ලිව්වෙ කාලය හා අවකාශය සම්බන්ධ දේ ගැන නිසා ඒ පොත කියවල තිබුණ. ඒත් ඒකෙ කාලය කියන්නෙ මොකක් ද කියන එකට උත්තරයක් දීල තිබුණෙ නැහැ. මා ඒ බව ඔහුට කියන්න ගියේ නැහැ.