අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ
කොවිඩ්, තර්කය, නාට්‍යය, වරකා ඉරු ආදී සියල්ල එකිනෙකට සම්බන්ධයි. අවශ්‍ය නම් බියර් ද දාගන්න. අපි කොවිඩ්වලින් පටන් ගනිමු. එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියා තිබුණා ආයුර්වේදයේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැති බවත් තියෙනවා කියන්නේ ව්‍යාජ ප්‍රතිකාර බවත්, ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා අනුමැතිය ලබා ගත යුතු බවත්. මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. රෝගයක් කියන්නෙ මොකක් ද, ප්‍රතිකාරයක් කියන්නෙ මෙකක් ද, ප්‍රතිකාරය අනුමත කළ යුත්තේ කවුද විතරක් නොවෙයි, තර්කය කියන්නෙ මොකක් ද නාට්‍යයක් කියන්නෙ මොකක් ද ආදී දහසක් ප්‍රශ්න.