Main Logo

Monday, 26 December 2022

බැටි කියන්නෙ මැටි කම ද?

 බැටි කියන්නෙ මැටි කම ?  

 

මට අවශ්‍ය වුණෙ බැටික්ලෝ යන වචනයේ සම්භවය දැනගැනීමටයි. එය පෘතුගීසි වචනයක් සිංහල වචනයකින් බිඳී ආවක් නැත්නම් වෙනත් වචනයක් යන්න කලක් සිට මගේ ප්‍රශ්නයක් තිබුණා. මා දන්නෙ නැහැ එය කී දෙනකුගේ අවධානයට ලක් වී තිබුණා කියා. ප්‍රතිචාරවලින් නම් පෙනී යන්නේ මා හැර අනෙක් සියල්ලන් දැන සිටි බවයි. මගේ මෝඩකමට ප්‍රශ්න අහනවා. මෝඩකමට ලිපිය ප්‍රතිචාරවලටත් විවෘත කළා. බැටික්ලෝ සම්බන්ධ වෙනත් අදහස් තිබේදැයි දැන ගැනීමට.

Sunday, 25 December 2022

නත්තල් සිතුවිල්ලක්

 නත්තල් සිතුවිල්ලක්


     අද සිංහල බෞද්ධයන්ට ප්රධාන   ප්රශ්න දෙකක් තියෙනවා. එකක්   බුදුහාමුදුරුවන්ට වඩා දන්න පුනබ්භවයක් නැති පිරිසක් බිහි වීම.  අනෙක ධනපතියන් භංග වීම.

මේ මඩකලපුවේ අවසානය නො වේ

 මේ මඩකලපුවේ අවසානය නො වේ

 

ඊයේ මඩකලපුව ගැන ලිපිය පළ කිරීමෙන් පසු මට අදහසක් ආවා කලෝ කියන්න කෝරළය වෙන්න පුළුවන් කියා. කෝරළය කියන වචනය පෘතුගීසීන්ට උච්චාරණය කිරීමට තරමක් අමාරු වචනයක් වෙන්න ඇති. එබැවින් එය කලෝ කියා හරි කරාලෝ කියා හරි පෘතුගීසි උච්චාරණයට සකස්කර ගන්න පුළුවන්. සමහර විට බැතකරාලෝ පසුව බැතකලෝ වෙන්නත් පුළුවන්. එහෙත් මට ප්‍රශ්නයක් වුණෙ එකල එනම් පෘතුගීසීන් මෙරටට පැමිණෙන කාලයෙහි මෙරට කෝරළවලට බෙදීම තිබුණා යන්නයි.

Saturday, 24 December 2022

පැරිස් පිරිස්

 පැරිස් පිරිස්

ප්රංශය දියුණු රටක්. පැරීසිය කලා නිකේතනයක්. දාර්ශනිකයන් ද ඉන්නවා. අදමිටු ජාතිවාදී ආගම්වාදී සිංහල බෞද්ධයන් නැහැ. නත්තල සුබ වූ නැති ජනයා පාරේ

බැටිකලෝ ද බැතකළේ ද බැතකැලේ ද

 බැටිකලෝ බැතකළේ බැතකැලේ

 

මඩකලපුවට ඉංගිරිසියෙන් කියන නම බැටිකලෝ. එය මඩ කලපුව යන්නෙහි ඉංගිරිසි පරිවර්තනයක් නො වෙයි. පෘතුගීසීන් නම යොදාගෙන ඇති නිසා එය ඔවුන් ව්‍යවහාර කළ නමක් කියන එක පැහැදිලියි. මඩකලපුවේ බර්ගර් ජනගහනයක් ඉන්නවා. ඔවුන් සිංහලයන් සමග මිශ්‍ර වී ඇති බවක් පේනවා. කොහොම වුණත් මඩකලපුව බැටිකලෝ වුණෙ කොහොමද කියන එක සොයා බැලිය යුත්තක්.

Friday, 23 December 2022

මඩකලපුව

 මඩකලපුව


මා මඩකලපුව පිළිබඳ ලියූ ලිපිය ගැන කණගාටුයි. එය හුදු තොරතුරක් පමණයි. කිසි වැදගත්කමක් නැහැ. මඩකලපුවේ සිංහලයන් ගැන මගේ අදහස් නිරවුල්වීමක් නම් වුණා.

බත් රාජධානිය හෙවත් මඩකලපුව

 බත් රාජධානිය හෙවත් මඩකලපුව 

 

මා තොරතුරු සොයන්නකුවත් තොරතුරු සෙවීමෙහි දක්‍ෂයකුවත් නොවෙයි. මා කිසිම දේක දක්‍ෂයකු නොවන බව පඬි නැට්ටන් දන්නවා. සමහරු මා කියන දේ විකෘත කර ලියනවා. මගේ හොඳට තක්කඩිකමට ලියන දේ තේරුම් ගැනීමට නොහැකිකමට කියා දන්නේ නැහැ. බටහිර වැඩියෙන් දාර්ශනිකයන් බිහි වෙන්නෙ (අධ්‍යහරයෙන් වර්තමානයේ) ජර්මනියෙන් යැයි කියන විට එය දාර්ශනිකයන් සැම දා මුළුමනින් බිහි වී ඇත්තේ ජර්මනියෙන් යැයි ලිවීම සමහර විට තක්කඩිකමක්වත් නොහැකියාවක්වත් නොව සමර්ථකමක් වෙන්නත් පුළුවන්. එක් පඬි නැට්ටකු ඔලොක්කුවට කියා තිබුණා තමන් ග්‍රීක තම සීයා ජර්මන් කියා. ඔය ඉංගිරිසි රජ පවුලේ නම් එහෙම සම්බන්ධකම් තියෙනවා.