බත් රාජධානිය හෙවත් මඩකලපුව
මා තොරතුරු සොයන්නකුවත් තොරතුරු සෙවීමෙහි දක්‍ෂයකුවත් නොවෙයි. මා කිසිම දේක දක්‍ෂයකු නොවන බව පඬි නැට්ටන් දන්නවා. සමහරු මා කියන දේ විකෘත කර ලියනවා. ඒ මගේ හොඳට ද තක්කඩිකමට ද ලියන දේ තේරුම් ගැනීමට නොහැකිකමට ද කියා දන්නේ නැහැ. බටහිර වැඩියෙන් ම දාර්ශනිකයන් බිහි වෙන්නෙ (අධ්‍යහරයෙන් වර්තමානයේ) ජර්මනියෙන් යැයි කියන විට එය දාර්ශනිකයන් සැම දා මුළුමනින් ම බිහි වී ඇත්තේ ජර්මනියෙන් යැයි ලිවීම සමහර විට තක්කඩිකමක්වත් නොහැකියාවක්වත් නොව සමර්ථකමක් වෙන්නත් පුළුවන්. එක් පඬි නැට්ටකු ඔලොක්කුවට කියා තිබුණා තමන් ග්‍රීක තම සීයා ජර්මන් කියා. ඔය ඉංගිරිසි රජ පවුලේ නම් එහෙම සම්බන්ධකම් තියෙනවා.
ජර්මනියෙ දාර්ශනිකයන් පමණක් නොවෙයි මෑත කාලීන බටහිර සම්භාව්‍ය සංගීතඥයන් ද වැඩියෙන් බිහි වී ඇති බටහිර යුරෝපයේ රට. ගණිතඥයන් නම් වැඩියෙන් බිහිවෙන්නෙ නැගෙනහිර යුරෝපයෙන්. ඔවුන්ට වියුක්ත ව හිතන්න පුළුවන් අනෙක් බොහෝ ජනවර්ගවලට වඩා. මා භෞතික විද්‍යාඥයන් ගැන කියා ඇති. බටහිර භෞතික විද්‍යාව නූතන විෂයයක්. එහි දක්‍ෂයන් වඩාත් ම බිහිවෙලා ඉන්නෙ යුදෙවුවන් අතරින්. පැරණි ග්‍රීසියෙත් වියුක්ත ව හිතන්න පුළුවන් පිරිසක් හිටියා. ආකිමිඩීස් ඉතා දක්‍ෂ භෞතික විද්‍යාඥයෙක් කියල කියන්න පුළුවන්. ඒ වගේ ම පැරණී ග්‍රීකයන් ගණිතයටත් දක්‍ෂයි. එහෙත් ගණිතය හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව වඩ වඩා වියුක්තවත් ම ග්‍රීසියෙන් එතරම් ගණිතඥයන්වත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන්වත් බිහි වන්නෙ නැහැ.
ලංකාවෙන් නම් ගණිතඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත්
බිහි වෙලා නැහැ. අපට වියුක්තය බැහැ. අපට සරල රේඛාවක් කියන්නෙ මොකක් ද කියා තේරෙන්නෙ නැහැ. මා නොයෙකුත් වතාවල කියා ඇති සරල රේඛාවක් ඇඳිය හැක්කේ තුඩක් නැති පැන්සලකින් කියල. මා දන්නවා වැඩක් නැති පඬි නැට්ටකු කියා දේවි තුඩක් නැති පැන්සලකින් සරල රේඛාවක් නොවෙයි කිසිවක් අඳින්න බැහැ කියලා.
අපි
හිතන්නෙ (හිතන්න පුළුවන් අය) අපට ලැබී ඇති මතවාද ඇසුරෙන් බව පැහැදිලියි. ඒ බව කවුරුත් පාහෙ කියනවා. එක ම දේ අපට ඒ මතවාද ලැබෙන්නෙ යම් සංතස්කෘතියකින්
(හැදියාවකින්) බව පිළිගන්න අකමැත්තක් තිබීමයි. මෙරට ඊනියා උගතුන්ට ඒ ඒ මතවාද ලැබෙන්නෙ බටහිරින්. මතවාද ලැබුණට ඒ ජනිතවන චින්තනයට ඔවුන්ට යන්න බැහැ. ඒ නිසා ඔවුන්ට අදාළ චින්තනයෙහි කිසිවක් අභිසංස්කරණය කරන්න බැහැ. මට නම් බටහිර චින්තනයෙහි කිසිම අභිසංස්කරණයක් කරන්න බැහැ. ඒ බව මා තේරුම් ගෙන අවුරුදු පනහකට වැඩියි. එයට හේතුව දැනගෙනත් අවුරුදු තිහකට වැඩියි.
පඬි
නැට්ටන් හරි බුද්ධිමත්. කටපාඩම් කරන ක්‍රම භාරතයෙ තිබුණ කිවුවම ඔවුන් කියනව වචන වරද්ද ගන්නෙ නැතුව කටපාඩම් කළත් වචනවල තේරුම් වෙනස් වෙනවා කියල. සමහර විට ලිවුව ම වචනවල තේරුම වෙනස් වෙන්නෙ නැතුව ඇති. ඕකට හොඳම උදාහරණය ඉඟ සුඟ ගත හැකි මිටින කියල රාහුල හාමුදුරුවන් ලියා ඇති කවි පදය. සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න කතෝලික විිද්‍යාඥයන් එක පයින් නැගිටල එනවා. ඔවුන් මාක්ස්වාදීන්ලු.
මා
ලියන්න පටන් ගත්තෙ තොරතුරු ගැන. මට අහම්බෙන් ලැබුණු තොරතුරක් ගැන. අහම්බෙන් කිවුවට කිසිම හේතුප්‍රත්‍යයක්
නැතුව නො වෙයි. මා ඉතිහාසය ගැනත් ලියන නිසා මගේ මෙටා මිතුරකු (මුහුණු පොතේ) මට ඉතිහාස පොතක් එවල තිබුණ. පොත බැරොස් හා කුටො කියන පෘතුගීසි ඉතිහාසඥයන් දෙදෙනකු ලියු දෙ ඇසුරෙන් ෆර්ගියුසන් නමැත්තකු ඉංගිරිසියට පරිවර්තනය කර ඇති එකක්. එහි නම සිංහලට පරිවර්තනය කළොත් ඈත අතීීයේ සිට 1600 දක්වා ලංකාවේ ඉතිහාසය කියා කියන්න පුළුවන්.
එහි
එක් සඳහනක් තිබුණ මඩකලපුව ගැන. මඩකලපුව කිවුවත් බැටික්ලො ගැන. අද ඇතැමුන් මෝස්තරයට කියන්නෙ බැටී කියලා. බැටීල ලංකාවෙ ඉන්නවා හිටියා. බැටී වීරකෝන් අපේ මාක්ස්වාදය ගුරුවරයා එක් අයෙක්. අද තරුණයන්ට බැටී බැටී ගිය එක ගැන කියන්න පුළුවන්. බැටී වැටි වැටී බැටී ගියා කිවුව ම තවත් හොඳයි.
මගේ
මෙටා මිතුරා එවූ පොතට අනුව බැටික්ලෝ කියන නම ම අච්චාරුවක්. ඒකෙ බැටී කියන වචනය එන්නෙ සිංහලෙන්. බත් කියන එකෙන්. බත් තමයි පෘතුගීසි උච්චාරණයෙන් බැටි වෙලා තියෙන්නෙ. ක්ලෝ කොටස පෘතුහීසි calou යන්නෙන්. එහි තේරුම රාජධානිය කියා කියනවා. ඒ වචන දෙක එකතුවෙන් තමයි බැටික්ලෝ යන්න හැදිල තියෙන්නෙ. එහි තේරුම බත් දෙන රාජධානිය කියනවා. ඒ දවස්වලත් ඒ පැත්ත වී වගාවට ප්‍රසිද්ධ වෙන්න ඇති.
බත්වලට බත් කියල බෙංගාල භාෂාවෙනුත් කියනව කියල කවුද සඳහන් කරල තිබුණා. ඉතිහාසඥයකුට කියන්න පුළුවන් පෘතුගීසීන් ලංකාවට එන දවස්වල (එ පොත අනුව 1506) මඩකලපුවෙ හිටියෙ බෙංගාල ජාතිකයන් කියල. සිංහලයන් බත් කන්න පුරුදු වුණෙ මෑතකදි කියලත් මතයක් හදන්න පුළුවන්. විජයත් එක්ක වංගයෙන් ආපු හත්සීයෙන් කිහිප දෙනෙක් මඩකලපුවෙ පදංචි වුණා ද කියල ඉතිහාසඥයන් තමයි දන්නෙ. අපොයි නෑ මා ඉතිහාසඥයෙක් නො වෙයි. මඩකලපුව හැදිල තියෙන්නෙ මට්ටම්කලප්පු කියන දෙමළ වචනයෙන් නොවැ. මට්ටම් කියන්නෙ සම කියන එක කියනවා. සිංහලයන්ට පුළුවන් ද මඩ කලපුව කියන්න. කවද කාපු බත් ද?