Main Logo

Thursday, 8 December 2022

නන්නාඳුනන සිංහල ගුරුවරයාගේ පුතා

 නන්නාඳුනන සිංහල ගුරුවරයාගේ පුතා 

 

මා රාජකීය විිදුහලට ඇතුල් වුණේ 1956 දී හයවැනි ශ්‍රේණියට. පනස්හය මෙරට ඉතිහාසයේ වැදගත් අවුරුද්දක්. ඉංගිරිසින් සේනානායකලා ලේක්හවුසිය හා එක් ධර්මපාලතුමාට මුට්ටිකාසි හොරා ආදී වශයෙන් අපහාස කර රටින් පැන්නුවාට පසු ජාතිකත්වය ඉස්මතු වූ අවුරුද්ද එයයි. එකල මාර්ටින් වික්‍රමසිංහ වැඩ කෙළේ ලේක්හවුසියේ විජේවර්ධනලාගේ මතය වෙනුවෙන්ජාතිකත්වයට සටන් කරන්න ඇත්තේ විජාතිකත්වය සමගයි. විජාතිකත්වය එදා මෙන් අද මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසින්. විජාතිකත්වය යනු අන් කිසිවක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයයි. අද එහි නියමුවන් වන්නේ බටහිර රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ. ලංකාවේ පඬි නැට්ටන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක යමින් ජාතිකත්වයට එරෙහි විජාතිකත්වය හඹා යනවා.

 

මගේ ගෙදර ජීවිතය සිංහල පාසල් ගුරුවරයකු හා ගුරුවරියක සමග ගෙවුණා. නිවාඩු තියෙන වෙලාවට පන්සලට ගියා. වැඩියෙන් තාත්තාගේ ගිහි කල ඥාති සොහොයුරකු වූ කෙසෙල්වත්තේ ශීලානන්ද හාමුදුරුවන්ගෙන් යමක් ඉගෙන ගන්න. උන්වහන්සේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ඇසුරු කළ හාමුදුරුනමක්. උන්වහන්සේ වමට බර කියා කියන්න පුළුවන්. දුම්රියේ දී මා කාලය ගත කෙළේ වෙරළෙ පැල්පත් තනාගෙන වාසය කළ ධීවරයන් දකිමින් හා කම්කරුවන්ගේ හා ලිපිකරුවන්ගේ දේශපාලන කතාවලට සවන් දෙමින්. මා රාජකීය විදුහලට ඇතුල්වන විටත් තරමක වාමාංශික අදහස් දැරූ ජාතිකත්වයක් ඇති දරුවෙක්. කොටින් කියනවා නම් පනස්හයේ දරුවෙක්.

 

රාජකීය විදුහලට පළමු දවසේ මා ගියේ තාත්තා සමග. තාත්තා පමණයි රෙදි බැනියම් ඇඳි අයකුට සිටියේ. මා හිතනවා තාත්තාට හිතුනා කියා මේ පරිසරයේ මා තනි වේ කියා. එබැවින් දෝ තාත්තා පංතියේ සිසුවකුට පැවසුවා මා බලාගන්න කියාකෙසේ නමුත් පංතිවලට සිසුන් බෙදීමෙන් පසු දෙමවුපියන් නැතුව අප ප්‍රධාන ශාලාවට කැඳවන් ගියා. අප කණ්ඩායමේ සිසුන් 140 දෙනකු පමණ සිටියා. සිංහල 70යි දෙමළ 35යි බර්ගර්/මුස්ලිම් 35යි. සෑම පංතියක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සිසුන් මිශ්‍ර හිටියා. මගේ පංතිය භාරව හිටියේ මුස්ලිම් ගුරුවරයෙක්.

 

රාජකීය විදුහල අල්ලපු වත්තේ තර්ස්ටන් විදුහලට වඩා සම්පූර්ණයෙන් වෙනස් තැනක්. පංති භාර ගුරුතුමා කතා කෙළේ ඉංගිරිසියෙන්. අප ඉංගිරිසි චිත්‍රකර්මය පසුව ලතින් වැනි විෂය ඉගෙන ගත්තේ එකට. එහෙත් ගණිතය විද්‍යාව ඉතිහාසය වැනි විෂය ඉගෙන ගත්තේ මාධ්‍යයෙන්. සඳහා සිංහල සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා තිබුණා. අපට විෂයයෙන් විෂයයට පංති මාරු කරන්න සිද්ධ වුණා.

 

රාජකීය විදුහලට වසරේ ඇතුල් වූ සිසුන්ගේ පවුල්වලින් අඩුම ආදායම ලැබූ පවුල අපේ පවුල වෙන්න ඕන. ඉහළ ධන කුවේරයන්ගේ පුතුන් ඉහළ නිලධාරීන්ගේ පුතුන් අපේ ශ්‍රේණියේ සිටියා. දේශපාලනඥයන්ගේ පුතුන් සිටියා. අඩු තරමෙන්  ඇමතිවරයකු  සිටි අයකුගේ පුතකු සිටියා. ජා ආණ්ඩුවේ. ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ ඉංජිනේරුවන්ගේ නීතිඥයන්ගේ මහාචාර්යවරුන්ගේ පුතුන් හිටියා. අතර නන්නාඳුනන සිංහල ගුරුවරයකුගේ පුතකු සිටියා.

 

සිසුන් දළ වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදුනා. එය ගෙදර පරිසරය අනුව සිදු වූවක් කියා හිතන්න පුළුවන්. එක් කණ්ඩායමක්  ප්‍රභූ කියන්න පුළුවන්. ඔවුන් කතාබහ කෙළේ ඉංගිරිසියෙන්. අනෙක් කණ්ඩායම සාමාන්‍යයෙන් කතා කෙළේ සිංහලෙන් නැත්නම් දෙමළෙන්. වර්ගීකරණයට පිටින් ගිය කිහිප දෙනකුත් සිටියා. ප්‍රභූ වුණත් නැතත් කාටත් පාහේ රාජකීය විදුහලේ ඉගෙනීමට ලැබීම ගැන ප්‍රභූ හැඟීමක් තිබුණා. මා හිතන්නෙ නැහැ කිසිවකුටවත් අහවල් පාසලට ගියා නම් හොඳය කියන හීනමානය තිබුණා කියා. ප්‍රධාන ශාලාවේ මියගිය කීර්තිමත් ආදි සිසුන්ගේ ඡායාරූප එල්ලා තිබුණා. සැම සිකුරාදා දිනයක ශාලාවේ  පැවති රැස්වීමේ දී බොහෝ විට ආදි ශිෂ්‍යයකුගේ දේශනයකට සවන් දීමට සිසුන්ට හැකි වුණා. එමෙන් පාසලේ ප්‍රධාන ත්‍යාග දිනාගත් ත්‍යාගලාභීන්ගේ නම් සඳහන් ඵලක තිබුණා.

 

පලමු වසර අවසානයේ දී අර නන්නාඳුනන සිංහල ගුරුවරයාගේ පුතා පංති තැග්ග දිනා ගත්තා. රාජකීය විදුහලට ඇතුල්වන නිර්ප්‍රභූන්ගේ පුතුන්ට විදුහලේ යම් පිළිගැනීමක් ලබන්නට නම් අධ්‍යාපනයෙන් හරි ක්‍රීඩාවලින් හරි දක්‍ෂයන් වෙන්න ඕන. තාත්තාට මා රාජකීය විිිදුහල් පරිසරයේ තනිවේ කියන හැඟීම ඇති වුණා නම් එය එදා පහවෙන්න ඇති. එහෙත් එදා පොඩි අකරතැබ්බක් වුණා. තර්ස්ටන් විදුහලේ දී මා තෑගි දිනාගැනීමට ගියේ කලිසමක් හා කමිසයක් පමණක් ඇඳගෙන. පුරුද්දට රාජකීය විදුහලේ තෑග්ග ගැනීමටත් මා ගියේ ආකාරයෙන් . එහෙත් අනෙක් ත්‍යාගලාභීන් පැමිණ සිටියේ විදුහල් ටයි පටිය පැළඳගෙන. මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. කොටින් මට එය දැනුණේවත් නැහැ.

 

එහෙත් වෙනත් අයට එය ප්‍රශ්නයක් වී තිබුණා. මගේ පංතියේ මිතුරකුගේ වැඩිමහල් සොහොයුරකු මා මිතුරාගෙන් අසා තිබුණාළු කවුද ගොඩයා කියා. මිතුරා පසුව මට බව කිවුවා. එහෙත් ගොඩයාට ඉන් අවුරුදු තිහකට පමණ පසු ජනාධිපති ප්‍රේමදාසට තමන් හමුවීමට අවශ්‍ය යැයි කී විට ටයි නැතුව සපත්තු නැතුව එන්න පුළුවන් නම් පමණක් එන්නම් කියා කීමට ශක්තියක් තිබුණා. ප්‍රේමදාස තමා හමුවීමට පැමිණෙන පිරිමි සියල්ලන්ට කලිසම් කමිස අඳිනවා නම් ටයි පළඳීන්න කියා නියෝග නිකුත් කර තිබූ භීෂණ යුගයේ.