ඊනියා දෙමළ ප්‍රශ්නය
රනිල් ඊනියා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා පවත්වනව කියනව. සමහරුන් කියනව ඔවුන් යම් එකඟත්වයකට පැමිණිලා කියල. සම්බන්ධන් නාමික වශයෙන් ත්‍රිකුණාමලේ නියෝජනය කරන්නෙ. ඒත් ඔහුට නැගෙනහිර පළාත නියෝජනය කරන්න බැහැ. ඔහු නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියනවා. ඒත් එච්චර පරණ නැහැ. මේ ළඟ දී මගේ පාසල් මිතුරකු අනෙක් මිතුරන්ට ඉතා අවංක ව කියා හිටියා ඔවුන් කතා කරන දෙමළ මලයාලම් මිශ්‍ර දෙමළක් බවත් ඔවුන්ගේ පවුලේ ඉතිහාසය අවුරුදු පන්සීයකට එහා නොයන බවත්. එය ඔහුගේ පවුලට සීමවූ ප්‍රශ්නයකුත් නො වෙයි. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා එහි පදිංචි කෙරුණේ දහනවවැනි සියවසේ ඉංගිරිසින් විසින්, ඔවුන් වෙල්ලාල කුලයට අයත් නැහැ. වෙල්ලාලයන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට සැලකුවේ කුල හීනයන් ලෙස.
අප
එය විශ්වවිද්‍යාලයේ
ද අත්දටු දෙයක්. නැගෙනහිර සම්භවයක්
ඇති දෙමළ මහාචාර්යවරුන්ටවත් යාපනයේ වෙල්ලාල ප්‍රජාවගෙන් සැලකිල්ලක් ලැබුනේ නැහැ. වතුකරයේ දෙමළ ජනයා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ අතර කොළඹ පදිංචි දෙමළ ප්‍රභූන් ඉන්නවා. මෙරට දෙමළ ජනවර්ගයක් කියා එකක් නැහැ. ඇත්තේ දෙමළ ජන
කොටස් තුනක් හා කොළඹ ප්‍රභූන්. ඒ කොටස් තුන යාපනයේ නැගෙනහිර හා වතුකරයේ. ඔවුන් කිසිවකුටවත් දෙමළ වීම නිසා පමණක් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබුණේ ඇත්තේ කොළඹ ජීවත්වන දෙමළ ප්‍රභූන්ට.
අප
දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද කියා දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අහනවා. ඇතැමුන් මා සමග වෛර බඳින්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දි ගත නොහැකි නිසා. මෙය ප්‍රභාකරන් ඔහුගේ බාප්පලා හා මස්සිනාලා පොතේ විස්තර කරනවා. දෙමළ ජනවර්ගය කියා එකක් නැති විට ඒ ප්‍රශ්නයට කෙසේවත් පිළිතුරක් දෙන්න බැහැ. අර ජනකොටස් තුනට නායකත්වයක් දිය හැකි පුද්ගලයකු ඇත්තෙත් නැහැ. චෙල්වනායහම් 1976 දී වඩුකොඩෙයි සම්මේලනයේ දී ඒ සඳහා උත්සාහයක් දැරූ නමුත් එය ව්‍යවර්ථ වී ගියා. ඉන්පසු වෙල්ලාලයන්ට යාපනයේවත් නායකත්වය නැති වුණා. කරෙයිවර් කුලයේ ප්‍රභාකරන් වෙල්ලාලයන්ට විරුද්ධ ව අවි අතට ගත්තා. නැගෙනහිර කරුණා පිල්ලෙයාන් වැන්නන් ඔහුට සහාය දුන්නා. ඒ සටන සිංහලයන්ට විරුද්ධ සටනක් බවට පත් කෙරුණේ ඉංගිරිසින් තමිල්නාඩුව හා කොළඹ දෙමළ ප්‍රභූන් විසින්. එහෙත් විය යුතු පටිද්දෙන් ම කරුණාලා පිල්ලෙයාන්ලා ප්‍රභාකරන්ගෙන් ද කැඩුණා.
නැගෙනහිර පළාතේ මුස්ලිමුන් පදිංචි කෙරුණේ සිංහල බෞද්ධ රජවරුන් විසින් ඒ මුස්ලිමුන් කතෝලික පෘතුගීසීන්ගෙන්
බේරා හැනීමට. එහි සිටි සිංහලයන් ඉංගිරිසින් විසින් 1817 පළමු නිදහස් සටනේදී එක්කෝ ඝාතනය කෙරුණා නැත්නම් පන්නා දැමුණා. පිල්ලෙයාන්ගන් පසු නැගෙනහිර පළාතේ මහා ඇමති වී ඇත්තේ මුස්ලිමුන් බව අමතක කළ යුතු නැහැ. සිංහල බෞද්ධ රජවරුන් නොවන්නට මුස්ලිමුන් බස්නාහිර පළාතේ දකුණු පළාතේ හා වයඹ පළාතේ පමණක් ජීවත්වන්න තිබුණා, මේ පළාත් එලෙස බෙදුවේ ඉංගිරිසින් බවත් ඒ 1889 දී බවත් අමතක කළ යුතු නැහැ.
කාට
හරි අහන්න පුළුවන් සිංහලයන් අතර කුල ප්‍රශ්න නැත් ද කියා. කුල ප්‍රශ්න තියෙනවා. ඒත් සිංහලයන්ට පොදු නායකයන් ඉන්නවා. ඒ නායකයන් බොහෝ විට හොවිගම වීම වෙන ම කතාවක්. ජ වි පෙරමුණේ කරාවේ නායකත්වයත් අද ගොවිගම වෙලා. එහෙත් වෙල්ලාලයන්ට නැගෙනහිර හරි කඳුකරයේ හරි නායකත්වයක් නැහැ. සිංහලයන් අතර විවිධ කුලවලින් නායකයන් බිහි වෙන්න ඕන. මා හිතනවා ශ්‍රී ල නි පක්‍ෂයට චන්ද්‍රිකාගෙන්
පසු එහි යම් කාර්යභාරයක් කිරීමට ඉඩ තිබුණා කියා.
යාපනයේ නැගෙනහිර හා කඳුකර දෙමළ ජන කොටස්වලට දෙමළ වීම නිසා ම පමණක් ප්‍රශ්නයක් නැති වුවත් කොළඹ පදිංචි දෙමළ නායකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ මෙරට අගමැති හරි ජනාධිපති හරි වීමේ ප්‍රශ්නය. රාමනාදන් අරුණාශලම් ජී ජී පොන්නම්බලම් චෙල්වනායගම් නාගනාදන් සුමන්තිරන් ආදීන්ට ඇත්තේ ඒ සම්බන්ධ ප්‍රශ්නයයි. ඔවුන් ක්‍රිස්තියානි හරි ක්‍රිස්තියානි සම්භවයක් හරි තියෙන අය. 1912 මැතිවරණයෙන් රාමනාදන් ඊනියා උගත් ලාංකිකයන්ගේ මන්ත්‍රීවරයා නොවන්න ඒ ප්‍රශ්නයත් නැහැ. (මතු සම්බන්ධයි.)