Main Logo

Monday, 26 December 2022

බැටි කියන්නෙ මැටි කම ද?

 බැටි කියන්නෙ මැටි කම ?  

 

මට අවශ්‍ය වුණෙ බැටික්ලෝ යන වචනයේ සම්භවය දැනගැනීමටයි. එය පෘතුගීසි වචනයක් සිංහල වචනයකින් බිඳී ආවක් නැත්නම් වෙනත් වචනයක් යන්න කලක් සිට මගේ ප්‍රශ්නයක් තිබුණා. මා දන්නෙ නැහැ එය කී දෙනකුගේ අවධානයට ලක් වී තිබුණා කියා. ප්‍රතිචාරවලින් නම් පෙනී යන්නේ මා හැර අනෙක් සියල්ලන් දැන සිටි බවයි. මගේ මෝඩකමට ප්‍රශ්න අහනවා. මෝඩකමට ලිපිය ප්‍රතිචාරවලටත් විවෘත කළා. බැටික්ලෝ සම්බන්ධ වෙනත් අදහස් තිබේදැයි දැන ගැනීමට.

 

මට දැනගන්න ලැබුණා මා හුදෙක් හිතළුවක් කියා ඇති බව. එක් අයකු ඉතා පැහැදිලිව කියා තිබුණා බැතකලාවිය සාධක නැහැ හිතුන දෙයක් කියලා.  බැටික්ලෝ යන්නට මා කියන කතාව වගේ කතා ඕන වචනයකට දෙන්න පුළුවන් කියා තවක් අයකු කියා තිබුණා. ඔහුට අනුව ලන්ඩන් කියන වචනය සිංහල ලන්ද යන්නෙන් ලැබෙන වචනයක් කියා මගේ ක්‍රමය අනුව කියන්න පුළුවන්! වෝටර් හැදෙන්නෙ වතුරෙන් කියනනත් පුළුවන් කියනවා. මා දන්න දේ මගේ ක්‍රමය මොකක් ?

 

තවත් අයකු කියා තිබුණා මඩ කියන්නෙ බැටි, කලපුව කියන්නෙ කලෝ නිසා මඩකලපුව කියන්නෙ බැටික්ලෝ කියා. මා දැන ගෙන හිටියෙ නැහැ තාමත් දන්නෙ නැහැ මඩ කියන වචනය බැටි යන්න ලෙස පරිවර්තනය වෙන්නෙ මොන භාෂාවට කියා. පෘතුගීසි නැත්නම් වෙනත් භාෂාවක් ? නැහැ මා කාගෙන්වත් පිළිතුරක් බලාපොරොත්තු වන්නෙ නැහැ. මා ප්‍රශ්න කරන්නෙ මගෙන් .

 

එක් අයකු කියා තිබුණා රොබට් නොක්ස් නුවර කලාවිය හඳුන්නලා තියෙන්නෙ නුවර කලාව කියා. ඔවුන් (ජනයා) නුවර කලාවට අවුරුදු පතා හරක් රංචු රැගෙන ආවා කියල නොක්ස් කියල තියෙනවා. නිසා කලාව කියන්නෙ දිසාව වෙන්න පුළුවන් කියල. මට තර්කයවත් තේරුම් ගන්න තරම් තර්ක බුද්ධියක් නැහැ. එතකොට බැටිකලෝ කියන්නෙ බත් දිසාව මඩ දිසාව ? වෙන මොකක්වත් ? මේ දිසාව කවුද මොකක් ? කවද ඇති වුණ තනතුරක් ? වෙන මොකක්වත් ? මට නොතේරෙන කමට අනෙක් අය මොනව කරන්න ?  අයකු කියා තිබුණාමේවා නිකම් වංසෙ කබල් ගාන බංකොලොත් වෙච්ච වලව්වක කතා වගේ. අර ඉඩම ඉස්සර අපේ මුත්තගෙ. අරක අපේ මීමුත්තගෙ. ඒකාලේ ඒකට කිව්වෙ මෙහෙම. දැන් ඉන්න උන් ඒවා දන්නෙ නැහැ වගේ කතානේ

 

බැටික්ලෝ යන්න කොහොම ආවද කියන එක අනෙක් අය දැන ඉඳලා තියෙනවා. ඔවුන්ට මා කී දෙ සතපහකට වැඩක් වෙලා නැහැ. ඔවුන්ට අනුව මා හිතළු කියන්නෙක් පමණයි. වුණත් ඊයෙ පෙරේදා වෙනකම් මට කවුරුවත් කියල තිබුණෙ නැහැ මේ බත් රාජධානිය ගැන නැත්නම් අවශ්‍ය නම් හාල් රාජධානිය ගැන (kingdom of rice). මා මඩකලපුව ගැන ලිපි තුනක් ලියල අවසාන ලිපියයි ප්‍රතිචාරවලට විවෘත කෙළේ. මා බලපොරොත්තු වුණෙ ලිපි තුන කියවපු අයගෙ ප්‍රතිචාර. ඔවුන් ප්‍රතිචාර දක්වන්න ඇත්තෙ ලිපි තුන කියවල වෙන්න ඇති.

 

මට මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණෙ අර ඉතිහාස පොත කියවන විට. එහි ඡෙදයක් තිබුණ මා මවිත කළ. ඡෙදය වෙනත් කිසිවකු මවිත කළ බවක් පේන්න නැහැ. ඔවුන් ඡෙදය ගැන වචනයක්වත් කියල තිබුණෙ නැහැ. මා ඡෙදය දෙවැනි ලිපියෙ උපුටා දැක්වුවා. මා එය නැවතත් උපුටා දක්වනවා. අනෙක් අයට නැති වුණත් ඡෙදය මට වැදගත්.

 

It has much rice, principally in a district that lies on the side of the island that faces the east, called Calou, that is, “kingdom”, by reason of rice, which they call bate, the kingdom is called Batecalou, which they interpret as the “kingdom of rice”.

 

මගේ ලිපි තුන පදනම් වුණෙ මේ ඡෙදය අනුවයි. මෙහි කලෝ කියන එකට බැරෝස් කියන්නෙ දිස්ත්‍රික්කයක් (අදාළ පෘතුගීසි වචනය - දිස්ත්‍රික්කය කියන්නෙ ඉංගිරිිසි පරිවර්තනයෙ). එය ජනයා රාජධානියක් ලෙස හඳුන්වනවා කියලත් කියනවා. බැටි යන්න නම් බැත කියන වචනය බව එය ලියල තියෙන විධියෙන් (Bate) පැහැදිලි  වෙනවා. ඉංගිරිසින් එය (Batti) ලෙස විකෘත කරල තිබුණ. මගේ මැටි කමට මට එය මඩ ලෙස හඳුනාගන්න බැරි වුණා.

 

මට ප්‍රශ්නය වෙලා තිබුණෙ කලෝ කියන්නෙ මොකක් කියන එක. පසුව තමයි මට අදහසක් ආවෙ එය කෝරළෙ වෙන්න පුළුවන් කියල. මට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ කෝරළය කොයි කාලෙ ව්‍යවහාරයට පැමිණියෙ කියා. දැන් එය ප්‍රශ්නයක් නො වෙයි. බැරෝස්ට අවශ්‍ය නැහැ මේ කතාව ගැමුණු රජු ගාවට ගෙනි යන්න. ඔහු බැටික්ලෝ යන්න පැහැදිලි කරනවා පමණයි. ඒත් බැරෝස්ට අනුව  ජනයා ප්‍රදේශය බැත ලැබෙන රාජධානිය ලෙස හඳුන්නල තියෙනවා.

 

මට එවිට එහි සම්බන්ධය පේනවා වෙල්ලස්සටත් දිගාමඩුල්ලටත්. එපමණයි. බැරෝස් එවැනි සම්බන්ධයක් දකින්නෙ නැහැ. සිංහලයන් ඔය ප්‍රදේශය තමයි හැමදාමත් බැත දෙන ප්‍රදේශය හැටියට හඳුන්වල, හඳුනගෙන තියෙන්නෙ. ගැමුණු රජු තිස්ස කුමාරයාව එහි යවන්නත් ඇත්තේ සශ්‍රීක භාවය නිසා. අද ප්‍රදේශයේ පදිංචි කරල ඉන්න මුස්ලිමුන් එහි කරන්නෙත් කුඹුරු ගොවිතැන.

 

කෝරළේ යන්නෙ සම්භවය නම් මට කියන්න බැහැ.  ගැන හරි හෝඩුවාවක් නැහැ.

 

ලිපිය ප්‍රතිචාරවලට විවෘත කිරීමෙන් මා මගේ මෝඩකම දැනගත්තා. මෙතැන් සිට ප්‍රතිචාර නවත්වනවා.