අපි යක්කු බොලවු
සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට අංග ගලා යෑමේ දී ක්‍රම තුනකට සිදු වෙනවා. මගේ ලෝකය කෘතියෙහි උපග්‍රන්ථයක එය සඳහන් වෙනවා. ඒ ක්‍රම තුන නම් අනුකරණය, ආරෝපණය හා අවශෝෂණයයි. ඒ ක්‍රම තුන නිසා ම සංස්කෘතියක් වෙනස් වෙනවා. සංස්කෘතිය හා චින්තනය කියන්නෙ එකක් නොව දෙකක්. චින්තනයක ඥාන විභාගයක්, දාර්ශනික පසුබිමක් හා ආකල්ප තියෙනවා. මෙහි ඥාන විභාගය කියන්නෙ ඉංගිරිසියෙන් epistemology කියන එකට පමණක් නො වෙයි. ontology යන්නත් එයට අයත්. පෙරදිග ඒ දෙක දෙකක් හැටියට සැලකෙන්නේ නැහැ.
අප
මෙහි කතා කරන්නේ විවිධ සංගීතඥයන් ගැන. සංගීතඥයන් ද නිර්මාණ කරන්නන් ලෙස එක්කෝ අවශෝෂකයන් ආරෝපිකයන් හරි චින්තනයෙහි ම නිර්මාණය කරන්නන් වෙනවා. එයට අමතර ව අනුකාරකයන් ද සිටිනවා. අමරදේව මෙන් ම නිහාල් නෙල්සන් ද කෙළේ ආරෝපණ. ඔවුන් අනුකාරකයන් නම් නො වෙයි. සංගීතයේ අනුකාරකයන් බිහිවෙන්න පටන් අරන් වැඩි කලක් නැහැ. අවුරුදු තිහක් පමණ වෙන්න පුළුවන්. මා ඔවුන් සත පහකට ගණන් ගන්නෙ නැහැ.
මෙරට
ඊනියා විද්‍යාඥයන් හා විශ්වවිද්‍යාල ඇදුරන් නම් අනුකාරකයන් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාලයකට
ඇතුල් වෙන්න බැරි වුණු අය අංක එකේ අනුකාරකයන්. ඔවුන් තමයි අපට තම තමන් වැඩි වැඩියෙන් බටහිර දැනුම දන්න බවත් අනුකරණය කරන බවත් පෙන්වන්නෙ. අද ආර්ථික විද්‍යාඥයන් කියන අයට අලුතෙන් යමක් කියන්න පුළුවන් ද? දැන් රනිලුත් කියනවා රට බංකොළොත් බව පිළිගත්තට පස්සෙ ණය ගන්න එක අමාරුලු. රට බංකොළොත් බව පිළිගන්න කිවුවෙ ඇතැම් ආර්ථික විද්‍යාඥයන්.
කවුද
පඬි නැට්ටකු කියා තිබුණා මගේ ඊයෙ ලිපියෙන් පැහැදිලි වෙන්නෙ මට සංගීතය ගැන මෙළෝ දැනුමක් නැහැ කියා. ඒක ඇත්ත. ඒත් සංස්කෘතිය ගැන මට දැනුමක් තේරුමක් තියෙනවා. සංස්කෘතිය කියන්නෙ හැදියාව, අප එකට වැඩ කරන්නෙ කොහොමද කියන එක. රංචු හැටියට ජීවත් වෙන හැම සත්වයන්ට ම සංස්කෘතියක් තියෙනවා. මිනිසුන් වෙන්න ඕන එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට ඒ ඒ දේ අරගන්න සතුන්.
අපේ
සංස්කෘතියෙ මා දන්න හොඳ ම අවශෝෂණය කෙරුණෙ මිහිඳු මහා රහතන් වහන්සේ දවස. බුදුදහම ඒ ඒ සංස්කෘතියට අවශෝෂණය කෙරෙන්නක්. සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ යක්‍ෂ නාග දේව සංස්කෘතීන් ට බුදුදහම අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලයක්. අප බෞද්ධයන් වූ පසු දෙවියන් අමතක කෙළේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සෙ අපට ශ්‍රී මහා බෝධින් වහන්සේගෙ දක්‍ෂිණ ශාඛාව ගෙනත් දුන්නා. මියන්මාහි බෝධි වන්දනාවක් නැහැ. එහෙත් ඔවුන්ගෙ වෙනත් පාරම්පරික වන්දනා තියෙනවා. හැම රටක ම බුදුදහම මහායාන වේවා හීනයාන වේවා ඒ ඒ සංස්කෘතීන්ට අවශෝෂණය වෙලා. අපට ලෝක නිකායක් පාප් වහන්සේ කෙනෙකු ආච් බිෂොප් කෙනකු නැත්තේ එබැවින්.
ගැමුණු රජුත් යුද්දෙට යන්න කලින් කතරගම මහසෙන් දෙවියන්ට පුද සත්කාර කළා. සෝම හාමුදුරුවන්ට බැරි වුණා පන්සල්වලින් දෙවියන් ඉවත් කරන්න. ඊශ්වර දේවාල මෙරට තියෙන්නෙ බොහෝ කාලෙක ඉඳන්. හින්දු සංස්කෘතියෙ ඊශ්වර දෙවියන් ශිව දෙවියන් සමග එක් වුණෙ මෑතක දි. ලංකාවෙ ඊශ්වර වෙසමුණි ආදී දෙවියන් හිටපු බවට ඉසුරුමුණිය වෙස්සගිරිය ජීවමාන සාක්‍ෂි.
කෙසේ
වෙතත් අමරදේව ආදීන් උත්තර භාරතීය සංගීතයට සිංහල නාද රටා ආරෝපණය කළ අය. දහනවවැනි සියවසේ අග සිට අප දෙපැත්තක් බැලුව. අපේ සංස්කෘතියට මොනව ද අරගන්නෙ කොහෙන් ද අරගන්නෙ. අපට අනන්‍යතාවක් හදා ගන්න පුළුවන් ද? කොටසක් නුතන ආධිපත්‍යය අනුව එංගලන්තය ප්‍රමුඛ බටහිර දැක්කා. තවත් කොටසක් පස්වැනි සියවසේ තහවුරු වූ ආධිපත්‍යය අනුව උත්තර භාරතය දැක්කා. සරච්චන්ද්‍ර සාහිත්‍යය සම්බන්ධයෙන් බටහිරත් සංගීතය සම්බන්ධයෙන් භාරතයත් බැලුව. ඔහු ඒ සම්බන්ධයෙන් අනුකාරකයෙක්. නාට්‍යය සම්බන්ධයෙන් පළමුව බටහිර බලා පසුව පෙරදිග බැලුව. එහි දී ඔහු මෙරටට ඔබින නාට්‍ය කලාවක් ඇති කර ගන්න වෙහෙස දැරූ අදීන පුද්ගලයෙක්. සරච්චන්ද්‍ර ප්‍රමුඛ පිරිස අමරදේවගෙ නමත් වෙනස් කරල උතුරු ඉන්දියාවට යැවුවා සංගීතය ඉගෙන ගන්න. ඔහු ඒ සංගීතය ඉගෙන ඇවිත් එයට
මෙරට නාද රටා ආරෝපණය කළා. චින්තනය සංස්කෘතිය වෙනස් වන්නෙ කොහොමද කියල දැන ගන්න මගේ ලෝකය, ජාතිය චින්තනය හා සංස්කෘතිය කියවන්න. ඒ පොත් මිල දී ගන්න පුළුවන් ද කියා මා දන්නෙ නැහැ.
සුනිල් සාන්ත අදීන පුද්ගලයෙක්. ඔහුත් ගියේ උත්තර භාරතීය සංගීතය හදාරන්න. එහෙත් ඔහුට තේරෙන්න ඇති එය හරියන වැඩක් නොවෙයි කියල. ඔහු මෙරටට ඔබින සංගීතයක් නිර්මාණය කරන්න උත්සාහ ගත්ත. එහි දී ඔහු බටහිර සංගීතය මෙරට සංස්කෘතියට අවශෝෂණය කරන්නෙ කොහොමද කියන එකත් සොයා බැලුව. එහෙත් ඔහුගේ ආභාසය ලත් සී ටි ප්‍රනාන්දු වැනි අය එහි අනෙක් පැත්ත කෙරුව. ඔවුන් බටහිර සංගීතයට මෙරට නාද රටා එක් කරන්න උත්සාහ කළා. නිහාල් නෙල්සනුත් ඒ බටහිර සංගීීත ආරෝපණ සම්ප්‍රදායෙ. ඒත් ඔහු දළ ඇතෙක් නොවෙයි. මා හිතන්නෙ නැහැ ඔහුට බටහිර සංගීතය ගැන ශාස්ත්‍රීය දැනුමක් තිබුණා ය කියා. මා වැරදි වෙන්න පුළුවන්. ඒත් ඔහුට නිසග දක්‍ෂකමක් තිබුණා. ඔහුත් කෙළෙ ආරෝපණය. අමරදේව වගේමයි. දෙන්න දෙපැත්තක එමෙන් ම ශාස්ත්‍රීය දැනුමෙන් වෙනස්.
අපට
අද අමතක වුණු සංගීතඥයන් හිටියා. මා බෙහෙවින් ප්‍රිය කළ දේවානන්ද වෛද්‍යසේකර ඉන් එක් අයෙක්. මා සියල්ලන්ගෙ නම් කියන්නෙ නැහැ. ඒත් මා හිතනවා රෝහණ වීරසිංහ මේ උත්තර භාරතීය ආරෝපණ සම්ප්‍රදායෙ ඉහළින් ම ඉන්නවා කියා. ඒ සම්ප්‍රදායෙ මා වැඩියෙන් ම ප්‍රිය කරන්නෙ අමරසිරි පීරිස් ගයන ඉකි ගසා හඬන ගීීයට. ඒ එහි චතුස්කෝටික කතාවක් තියෙන නිසා.
මා
වැඩියෙන් ම අගය කරන්නෙ නම් ආරෝපණවත් අවශෝෂණවත් නොව මෙරට සම්ප්‍රදායෙ නිර්මාණ කෙරෙන ගීීත. ඩබ් ඩී මකුළොළුව සී ද එස් කුලතිලක රෝහණ බැද්දගේ ලයනල් රන්වල සම්ප්‍රදායට. එහෙත් ඒ සම්ප්‍රදායට නොයෙකුත් බාධක තියෙනවා. අප එක්කෝ ඉන්දියාවට ගැතියි නැත්නම් බටහිරට ගැතියි. අපි යක්කු බොලවු කියනවට බොහෝ ජාතිකවාදීන්වත් කැමති නැහැ. මටත් එහෙම තමයි.