Main Logo

Wednesday 21 December 2022

අභිසංස්කරණය හා දෙකාර්තේ

 අභිසංස්කරණය හා දෙකාර්තේ

 

සංස්කෘතියක් වෙනස් වෙන ක්‍රම හතරක් තියෙනවා. දැනුම කියන්නෙත් සංස්කෘතියක අංග. දැනුමත් ලබා ගන්නෙ නැත්නම් වෙනස් වෙන්නෙත් ක්‍රම හතරට. තමයි අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා සංස්කරණය. සංස්කරණය කෙරෙන්නෙ අදාළ සංස්කෘතියෙමයි. මගේ මිතුරකු මට පවසා සිටියා සංස්කරණය යන්න අභිසංස්කරණය ලෙස හඳුන්වන්න කියා. මා එයට කැමතියි.  එවිට ක්‍රම හතර () යන්නෙන් පටන් ගෙන එක ලෙස අවසන් වෙනවා.

 

ඉංගිරිසි අධ්‍යාපනය හා පරිපාලනය මෙරටට හඳුන්වා දීමෙන් පසු මෙරට උගතුන් යැයි කියන්නන් අතර බෙහෙවින් ඇත්තේ අනුකරණය. ඔවුන් අතින් කිසිම නිර්මාණයක් නැත්නම් සංස්කරණයක් සිද්ධ වෙන්නෙ නැහැ. ඔවුන් දන්නා එක දෙය බටහිර උගතකුගේ සංස්කරණයක් සිංහලෙන් නැවත නැවත කීම පමණයි. ඔවුන් සම්ම ජාතියේ තමන්ගේ කියා කිසිවක් කියන්නේ නැහැ. අද ඉන්න වරද්දාගත් තරුණයන්ට වැරදුණෙත් බටහිර අනුකරණය කරන්න ගිහින්. ඔවුන්ට අඩු තරමෙන් තම දෙමවුපියන්ට තිබූ නිර්මාණශීලීත්වයවත් නැහැ. ඔවුන් පඬි නැට්ටන් තමා. බටහිර පඬියන්ගෙ වලිගෙ (නැට්ටෙ) එල්ලිලා යන අය.

 

මගේ මිතුරාට අභිසංස්කරණය යන වචනය හිතිලා තියෙන්නෙ බුද්ධ දේශනාවෙ අභිංසංකරොන්ති  යන වචනයෙන්. හා සම්බන්ධ සිංහල පාඨය මෙහෙමයි. "මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ යත්ඃ මහණෙනි, "සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්" නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්ඃ රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. "මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්"

 

රූපය රූපය  පිණිස අභිසංස්කරණය කෙරෙනවා. එය මනසෙන් කෙරෙන්නක්. එය සිදුවන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අප රූපයක් කියා එකක් (සංකල්පයක්) හදා ගන්නවා. කියන්නෙ දැනුම සංස්කරණය කෙරෙන්නෙ අවිද්‍යාව නිසා.  මෙහි අවිද්‍යාව කියන්නෙ අනිච්ච දුක්ඛ අනත්ත නොදැනීම. දැනුම ඇතිවෙන්නෙ අවිද්‍යාව නිසා. එහෙමත් නැත්නම් අප දැනුම් සංස්කරණය කරන්නෙ අවිිද්‍යාව නිසා.

 

දැනුම සංස්කරණය කරනවා කියන්නෙ බටහිර හරි පෙරදිග හරි කවුරු හරි කියපු එකක් සිංහලෙන් නැවත කියන එක නොවෙයි. එහෙමත් නැත්තන් කවුරු හරි කියපු දෙයකට අපේ සායමක් තවරණ එකත් නො වෙයි. එහෙමත් නැත්තන් කවුරු හරි කියපු දෙයක් අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට ගන්න එකවත් නො වෙයි. අපේ දෙයක් අලුතෙන් හදා ගන්න එක. ඒක අවිද්‍යාව නිසා කෙරෙන්නක්. ඒකෙන් කියන්නෙ අනුකරණය ආරෝපණය හා අවශෝෂණය අවිද්‍යාව නැති කරපු අයගෙන් කෙරෙන්නක්  කියන එක නො වෙයි.

 

අභිසංස්කරණය කරන්න පුළුවන් යම් සංස්කෘතියක. මගේ මිතුරාට අභිසංස්කරණය කියන වචනය ලැබුණෙත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඉන්න නිසා. ඕනෑම දැනුමක් අභිසංස්කරණය කෙරෙන්නෙ යම් සංස්කෘතියක. මෙහි දී පඬි නැට්ටකු ඉදිරිපත් කරන දෙකාර්තෙගෙ කතාව විභාග කර බලමු. දෙකාර්තෙ කියන්නෙ ප්‍රංශ දාර්ශනිකයෙක්. කාටීසීය තාප්පය ඔහුගෙ අභිසංස්කරණයක්.  ඔහු කියා තිබෙනවලු සංස්කෘතීන්වල මිනිසුන්ගෙ වෙනස්කම් තිබුණත් දැනුම අභිසංස්කරණය කෙරෙන්නෙ පුද්ගලයන් අතින් නිසා එහි දී සංස්කෘතිය බලපාන බවක් කියන්න බැරිය කියා.

 

දෙකාර්තෙ බුද්ධිමතකු බව සැබෑව. එහෙත් සිංහල සංස්කෘතියෙ කතාවක් තියෙනවා ගුරුන්ටත් අකුරූ වරදිනවා කියා. මා කලින් දවසක අයින්ස්ටයින් කළ වැරදි කිහිපයක් ගෙන හැර දැක්වූවා. දැනුම අභිසංස්කරණය කරන්න ගිහින්. දැනුම අභිසංස්කරණයෙ දී බොහෝ විට  සිදු වන්නෙ  යම් සංසිද්ධියක් විස්තර කරන්න (තේරුම් ගන්න) හිතළුවක් ඉදිරිපත් කිරීම. හිතළුව පවත්නා දැනුම් සමග සංගත වෙන්නත් ඕන යම් සීමාවකවත් වැඩ කරන්නත් ඕන. එහෙම වුණොත් එය දැනුමක් හැටියට අදාළ සංස්කෘතියෙ භාර ගැනෙනවා. කාටීසීය තාප්පෙ බිඳ වැටුණෙ බර්ලින් තාප්පෙට කලින්.

 

සංස්කෘතික ආධිපත්‍යය නිසා බටහිර සංස්කෘතියෙ පිළිගැනෙන ඊනියා දැනුම් අපි දොහොත් මුදුන් දී පිළිගන්නවා. අනුකාරකයන් ඉන්නෙ සඳහා. ඔවුන් තමයි නිලකාරයො. විශ්වවිද්‍යාලවලත් පිටතත් ඔවුන් දැක ගන්න පුළුවන්.  දෙකාර්තෙ කිවුව පලියට ඔහු මොන තරම් බුද්ධිමතකු වුණත් අප පිළිගන්න ඕන නැහැ.

 

අපට දෙකාර්තෙගෙන් අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි. බටහිර දාර්ශනිකයන් වැඩියෙන් ජර්මනියෙ බිහිවෙන්නෙ ඇයි. ප්‍රංශෙ ඊට ටිකක් අඩුවෙන් බිහිවෙන්නෙ ඈයි? එංගලන්තෙ ඇත්තෙම නැහැ කියල කියන්න වෙන්නෙ ඇයි. අපරාදෙ කියන්න බැහෑ ලංකාවෙ නම් ආසියාවට සෑහෙන්න ඉන්නවා. දැනුම අභිසංස්කරණය කරන්නෙ පුද්ගලයන් තමයි. ඒත් ඕනෑම සංස්කෘතියක පුද්ගලයන් ඕනෑම ක්‍ෂෙත්‍රයක දැනුම අභිසංස්කරණය කරන්නෙ නැහැ.

 

මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණය බටහිර විද්‍යාව. ඉනුත් බටහිර භෞතික විද්‍යාව. භෞතික විද්‍යාවට නොබෙල් තෑග්ග දිනපු අයගෙන් ඉතා විශාල ප්‍රමාණයක් යුදෙවුවන්. අයින්ස්ටයින් කියන්නෙ පුද්ගලයෙක් බව ඇත්ත. ඒත් ඔහු සිංහලයෙක් නො වෙයි. බටහිර භෞතික විද්‍යාවෙන් නොබෙල් තෑග්ග දිනපු අයගෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් යුදෙවුවන්. ඒත් ලෝකයේ යුදෙවුවන් ඉන්නෙ කී දෙනා ? අනෙක් අතට හැම යුදෙවුවෙක්ම භෞතික විද්‍යාඥයෙක් වෙන්නෙත් නැහැ. පඬි නැට්ටන් මේ වගෙ වෙලාවල දී කියන්නෙ නලින් සිල්වාට නොබෙල් තෑග්ග ලොකු වුණාට අපට ලොකු නැහැ වගේ කතා.