Main Logo

Sunday, 18 December 2022

හොරණෑවේ වැරදි දෙකක්

 හොරණෑවේ වැරදි දෙකක්

 

ඊයේ ලිපියේ මා වැරදි දෙකක් කර තිබුණා. එකක් අර සැක්සෆෝන් වාදකයාගේ නම සම්බන්ධයෙන්. ඔහුගේ නම කෙනී ජී (Kenny G) ඔහුගේ වේදිකා නම. ඔහුගේ නියම නම කෙනත් ගොර්ලික්. ඔහු යුදෙවු ජනවර්ගයට අයත් කෙනෙක්. මගේ මිතුරාට අනුව ඔහු සැක්සෆෝන් වාදනයෙහි ගිනස් වාර්තාවක් තැබූ පුද්ගලයෙක්. එක දිගට විනාඩි හතළිස් පහක් එක ස්වරය වාදනය කිරීමෙන්. සඳහා ඔහු යොදා ගෙන ඇත්තේ එකට හුස්ම ගැනීමේ හා පිඹීමේ ක්‍රමය. එය හොරණෑව වාදනයේත් යෙදෙන දික් ඕසෙ ක්‍රමය බවත් කෙනී ජී ඉගෙන ඇත්තේ ලංකාවේ දී බවත් මගේ මිතුරා කියනවා. සම්බන්ධ වැඩි තොරතුරු දන්නේ නම් ලබා දෙන මෙන් ඉල්ලනවා.

 

එමෙන් ඕසෙ යන වචනය ගැන දැන ගන්නට ඇත්නම් හොඳයි. එයට සිංහලෙන් නිරුක්ති තියෙනවා ? එය සිංහල වචනයක් ? වෙනත් භාෂාවකින් අපට ලැබුණක් ? ඕසෙ යන්න පිරිත් ඕසෙ වගේ තැන්වල යෙදෙනවා. එමෙන් කමත් භාෂවෙහි යෙදෙනවා. කාට හරි හිතෙන්න පුළුවන් රටේ මෙච්චර ප්‍රශ්නයක් තිබිය දී මේ මිනිහ මොනව අහන ප්‍රශ්න කියලා. රටේ ප්‍රශ්නයට ණය ගන්න හොයන එක විසඳුමක් නො වෙයි. ණය ගෙවන ක්‍රමයයි හොයන්න තියෙන්නෙ. නිකම් බොරු සාකච්ඡා සම්මන්ත්‍රණ වාද විවාදවලින් වැඩක් නැහැ.

 

රටේ ප්‍රශ්නයටත් හේතුව අප කිසිම දෙයක් ගැන හරියට සොයා නොබැලීම. උඩින් පල්ලෙන් අහුල ගෙන ලූලා නැති වලට කණයා පඬියා ප්‍රතිපත්තිය අනුව ප්‍රචාරය කිරීම තමයි අපේ සිරිත වෙලා තියෙන්නෙ. ඒක අප රටින් බුද්ධිමතුන් බිහි නොවීමට හේතුවක්. මා කියන්නේ බටහිර දැනුම සම්බන්ධයෙන් පමණක් නො වෙයි. එහි දී නම් චින්තනයෙ ප්‍රශ්නයත් එනවා. අපේ චින්තනයෙත් අපට බුද්ධිමතුන් නැහැ. උගතුන් නම් ඉන්නවා. ඒත් ප්‍රාමාණික උගතුන් නැහැ. මා නම් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. කවුරු හරි කියන්න පුළුවන් මෙයත් උඩින් පල්ලෙන් ලිවීමක් කියා. උගතකු බුද්ධිමතකු නොවන නිසා ප්‍රශ්නයක් නැහැ.

 

දෙවැනි වරද වන්නේ හොරණැවේ සම්භවය පිළිබඳ බොහෝ දෙනා නොදන්න බවට මා ඇති කර ගත් උපකල්පනය. මා මේ ලිපි ලියන්නේ මගේ අදහස් නිරවුල් කර ගන්න මිසක් අනුන්ට කියල දෙන්න නො වෙයි. අනුන්ට ලිපි ලීවීම දැනට අවුරුදු තුනකට පමණ පෙර මා නතර කළා. මා අද මේ ලිපිය ප්‍රතිචාර සඳහා විවෘත කරන්නේ මට කරුණු කිහිපයක් දැන ගැනීමට අවශ්‍ය නිසා. හොරණෑවේ සම්භවය ඉරානයට හෙවත් පර්සියාවට යන බව මට කිවුවේ මගේ මිතුරා . ඔහු තොරතුර ලබා ගෙන ඇත්තේ මා සමග කළ සාකච්ඡාවකින් පසුව. ඔහුගේ පුදුමයට මෙන් ගුගල් මගින් ඔහු දැනගෙන පර්සියාවේ සොර්ණා නමින් හොරණෑව මෙන් වූ වාද්‍ය භාණ්ඩයක් ඇති බවත් එමෙන් දවුල් වැනි භාණ්ඩ නමින් ඇති බවත්.

 

මා හිතුවේ එය බොහෝ දෙනෙක් නොදන්නා බවයි. එබැවින් මා බලාපොරොත්තු වුණා ලිපි කියවන අය (මා ඔවුන් වෙනුවෙන් නොලීවත් ඇතැමුන් ලිපි කියවන බව මා දන්නවා) පිළිබඳ විමසාවි කියා. එක් අයකු පමණක් එය හොඳ ලිපියක් බව කියා තිබුණා. සාමාන්‍යයෙන් කැමති පිරිස් ලිපියටත් කැමැත්ත පළ කර තිබුණා. එහෙත් එය කිසිම විමසීමකට ලක් වී නැහැ. එය බොහෝ දෙනාට අලුත් ප්‍රවෘත්තියක් නොවන්න ඇති.

 

මට අලුත් ප්‍රවෘත්තියක් අනෙක් අයටත් අලුත් වෙන්න ඇති යන උපකල්පනය වැරදියි. කෙසේ වෙතත් අලුත් ප්‍රවෘත්තිය මට වැඩදායක වුණා. එය යක්‍ෂයන් සමග ඈඳන්නට මට පුළුවන් වුණා. මගේ කතාවක් තියෙනවා යක්‍ෂයන් පර්සියාවෙන් පැමිණි පිරිසක් කියා. යක්‍ෂයන් භාරතයේත් තිබ්බතයේත් නේපාලයේත් පර්සියාවේත් පමණක් නොව මෙක්සිකෝවේත් සිටි බවට සාක්‍ෂි තියෙනවා. ඇතැමුන්ගේ අදහස අනුව යුකාටාන් ආදී ප්‍රදේශ යක්‍ෂ ජනවර්ගය හා සම්බන්ධයි. නාගයනුත් ඇසෑමෙයේ සිට දකුණට ඉඳලා තියෙනවා.

 

කොහොම වුණත් මට මගේ අදහස් නිරවුල් කර ගැනීමට හොරණෑව හා දවුල් උපකාර වුණා. යක්‍ෂ නාග දේව සංස්කෘතීන්ට බුදුදහම අවශෝෂණය වී ඇති බවට මා දරණ අදහස තහවුරු කර ගැනීමටත් එය රුකුලක් වුණා. මට හිතෙනවා බුදුදහමට පෙර මෙරට තිබූ වැඩි ස්වර සංඛ්‍යාවක් සහිත සංගීතය පසුව ස්වර පහකට සීමා වෙන්න ඇත කියා. ඉනුත් පිරිත් ස්වර තුනකට පමණ සීමා සජ්ඣායනා කර ඇති බවයි මගේ මිතුරාගේ පර්යේෂණ අනුව නිගමනය කරන්න වෙන්නෙ.

 

සීමාව හිත සන්සුන් කරන්න. එහෙත් යක්‍ෂ සංස්කෘතියේ අංග අපට තේවාවේ දී හා පන්සලේ  පුද පූජාවල දී  අසන්න ලැබෙනවා. හොරණෑව දවුල තම්මැට්ටම ඇසුරෙන්. මගේ මිතුරාට ප්‍රශ්නයක් තිබුණා කියනවා පන්සලේ අනෙක් සියල්ල සන්සුන්ව තිබිය දී තේවා වාදන ශබ්දය ඇයි කියා. ඔහුට දැන් ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා.

 

මෙහි ඇති අදහස් තවත් නිරවුල් කර ගන්න ඕන. සඳහා මේ ලිපිය ප්‍රතිචාරවලට විවෘතයි. සංගිත භාණ්ඩ අපට ලැබී ඇත්තේ මොන මොන රටවලින් . අපේ නිර්මාණ මොනවා ආදිය පිළිබඳ විස්තර ලබා දෙන්න පුළුවන්. රබාන අපට ලැබුණේ මලයාවෙන් කියනවා. මලයාව සමග අපේ සම්බන්ධකම් ගැන පරණවිතාන සූරීන් කරන විස්තර කියෙවුව මට මලය රට කියන්නෙ කඳුකරයට නැත්නම් වත්මන් මැලේසියාව ඉන්දුනීසියාව ඇතුළත් ස්වර්ණභූමියට කියා හිතෙනවා.

 

කලකට පෙර මා ඔරු හා කොල්ලෑව ගැන ඇහුවා. ඔරුව අපට කේරළයෙන් ලැබුණා නැත්නම් කේරළයට අපෙන් ගියා ? අපේ පන්සල්වල තිබූ කැඳ ඔරු බත් ඔරු ආදියට නම් ලැබුණේ කෙසේ ? මෙරට මෑතක් වන තුරු නැවු කර්මාන්තයේ ප්‍රමුඛයන් වී ඇත්තේ කරාව කුලයේ අය. නාගයන් හා කරාව කුලය අතර සම්බන්ධයක් තියෙනවා ? කොල්ලෑව අපේ නිර්මාණයක් ? අඟුල හා ශාන්තිකර කලාපයේ ඈඳුණු නැවු අතර සම්බන්ධය කුමක් ? චීන වරායවල තිබූ හොඳ නැවු අපේ නැවු කියා සඳහන් වෙනවා. අපේ පැරණි නාවික හමුදාව නැති වුණේ කොහොම ? අර නීල මහා යෝධයා ඉන්දියාවට යන්න ඇත්තෙත් මුහුද දෙබෑ කරගෙන ගිය නැවකින්. පරාක්‍රමබාහු රජුට තිබූ නාවික හමුදාව අපට මතක් වෙනවා.

 

 

 




https://www.flickr.com/photos/prasada_g2001/6839725223/