දෙමළ නායකයන්ගේ අභිලාෂය
දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ ලංකාවේ ම නායකයන් වීමටයි ඒ සඳහා ඔවුන්ට ඉංගිරිසින්ගේ මනා සහායත් ලැබුණා. එකල පාසල් ව්‍යාප්ත කළ ආකාරය අනුව යාපනයේ අධ්‍යාපනයට අනෙක් පළාත්වලට වඩා පහසුකම් තිබුණා. එබැවින් ම ඊනියා උගතුන් අතර දෙමළ ප්‍රතිශතය වැඩි වුණා. එය ජන අනුපාතයට වඩා බෙහෙවින් වැඩියි. ඒ නිසා කොළඹට යාපනයෙන් රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණි පිරිසක් ද හිටියා. කලක් යාපනයේ ආර්ථිකයට කිවුවේ මනි ඕර්ඩර් ආර්ථිකයක් කියා. එයට හේතුව කොළඹ වැඩ කළ දෙමළ ලිපිකරුවන් ආදී පිරිස් මාස් පතා තම දෙමවුපියන්ට පවුල්වලට මුදල් ඇණවුම් හෙවත් මනි ඕර්ඩර් මගින් මුදල් යැවීමයි.
දෙමළ
වෙල්ලාල නායකයන් සිංහලයන් වෙනුවෙන් කතා කෙළේ තමන්
සිංහලයන්ට උඩින් සිටිමින්. ඔවුන් එය සැලකුවේ රටේ නායකයන් ලෙස සිංහලයන්ට තමන්ගෙන් විය යුතු සේවයක් ලෙස සලකමින්. සිංහලයන් ද ඔවුන්ට ඒ ගරු සැලකිලි ලබා දුන්නා. සිංහල ප්‍රභූන් පමණක් නොව සාමාන්‍ය දැන උගත් කමක් තිබූ අය ද දෙමළ වෙල්ලාල නායකයන් තම නායකයන් ලෙස පිළිගැනීමට පසුබට වුණේ නැහැ.
දෙමළ
නායකයන්ගේ අභිලාෂ හෙළිදරවු වුණේ මැනිං ආණ්ඩුකාරයාගේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමග. මැනිං ආණ්ඩුකාරයා යටත විජිත ලේකම්ට යැවූ ලිපියක කියා තියෙනවා සෑම ජනවර්ගයක් ම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය විය යුතු බවත් නිල ලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වූ විට එක් ජනවර්ගයකට ව්‍යවස්ථාදායක සභාව පාලනය කිරීමේ හැකියාව නැති වෙන බවත්. යම් ආකාරයක ඡන්ද බලයක් ලැබෙන විට ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනය වැඩි වෙන බව පැැදිලියි. මැනිංට අවශ්‍ය වූයේ සිංහලයන්ට ව්‍යවස්ථාදායක සභාව පාලනය කිරීමට තිබූ හැකියාව නැති කිරීමට.
1920
දී මැනිං ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය අච්චාරුවක්. ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව තිස්හතක්. ඉන් දහහතර දෙනකු නිල ලත් විසිතුන් දෙනකු නිල නොලත්. නිල නොලත් විසිතුන් දෙනාගෙන් එකොළොස් දෙනකු භුමිය (ප්‍රදේශය) මත පදනම් ව ඡන්දයෙන් පත් කෙරුණු අතර, යුරෝපීයයන් වෙනුවෙන් පස් දෙනකු ද, බර්ගර්වරුන් වෙනුවෙන් දෙදෙනකු ද, වාණිජ මණ්ඩලය වෙනුවෙන් එක් අයකු ද, උඩරැටියන් සඳහා පත් කළ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, ඉන්දියානුවන්ට හා මුස්ලිමුන්ට එක් පත් කළ මන්ත්‍රීවරයකු බැගින් ද වෙන් වුණා. එහි ජනවාර්ගික පදනමක් මෙන් ම භූගෝලිය පදනමක් ද තිබුණා.
භුගෝලීය පදනමක් මත ඡන්දයෙන් පත් කෙරුණු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනාගෙන් හතර දෙනකු ම පත් කෙරුණේ බස්නාහිර පළාතෙන්. බස්නාහිර පළාතෙ දකුණ A හා බස්නාහිර පළාත දකුණ B බටහිර කොළඹ හා කොළඹ නගරය යනුවෙන් බස්නාහිර පළාතේ ආසන හතර නම් කෙරුණා. මේ වන විට සිංහල හා දෙමළ නායකයන් තරග කරන්න පටන් අරන්. ලංකා ජාතික සංගමයේ සභාපතිත්වය පොන්නම්බලම් අරුණාශලම්ගෙන් ජේම්ස් පීරිස්ට ගිහින් තිබුණා.
පොන්නම්බලම් රාමනාදන් හා පෙන්නම්බලම් අරුණාශලම් සහෝදරයන්ට මුළු ලංකාවේ ම නායකයන් බවට පත් වීමට තිබූ අවශ්‍යතාව අර නිකමුන් තේරුම් ගෙන සිටියා. කුමාරි ද සොයිසා ජයවර්ධන ඔවුන්ට නිකමුන් කිවුවත් ඔවුන්ට යමක් කරන්න පුළුවන් පිරිසක් බවට ඒ වන විට පත් වෙලා. එෆ් ආර සේනානායක ඇතුළු පිරිසට හැකි වුණා අරුණාශලම් පරදවා ජේම්ස් පීරිස් ජයග්‍රහණය කරවන්න. එය එක්තරා ආකාරයකින් 1912
මැතිවරණයෙන් මාකස් ප්‍රනාන්දු පරදවා රාමනාදන් ජයග්‍රහණය කරවීමේ අනෙක් පැත්ත. එහෙත් තවමත් සටන් පැවතියේ සිංහල කරාව හා දෙමළ වෙල්ලාල කුල අතර. එහෙත් වැඩි කල් එසේ තිබුණේ නැහැ. කරාව කුලය නායකත්වයෙන් ඇද දැමුණා.
මැතිවරණයට අරුණාශලම් කොළඹ නගරය ආසනයට නාම යෝජනා බලාපොරොත්තු වුණා. එහෙත් එෆ් ආර් සේනානායක ඇතුළු පිරිස එයට විරුද්ධ වුණා. ඔවුන් ඒ ආසනයට ජේම්ස් පීරිස් යෝජනා කළා. 1921 මැතිවරණයෙන් ඔහු ඒ ආසනයට නිතරඟයෙන් පත්වුණා. මැතිවරණ තිබූ ආසනවලින් සිංහලයන් නව දෙනකු පත් වුණා.
අරුණාශලම්ගේ අවශ්‍යතාව සිංහල නායකයන්ට වැටහෙන්න ඇති. එෆ් ආර් සේනානායක අරුණාශලම් ගැන කියා ඇත්තේ ඔහු මමායනයෙන් පිරි තමාගේ වැදගත්කම ගැන අධිතක්සේරවෙක් ඇති අන්තගාමී පුද්ගලයකු ලෙසයි. එය කෙසේ වෙතත් රාමනාදන්ට හා අරුණාශලම්ට ලංකාවේ ම නායකයන් වීමේ අවශ්‍යතාව නම් තිබී ඇති බව පැහැදිලියි. දෙමළ නායකයන් ලංකා ජාතික සංගමයෙන් අස් වී අරුණාශලම්ගේ නායකත්වයෙන් තමිල් මහජන සබෙයි සංවිධානය මැතිවරණයෙන් මාස කිහිපයකට පසු 1921 අගෝස්තු මස පිහිටුවා ගත්තා.
මෙහි
දී කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. ලංකා විශ්වවිද්‍යාලය පිහිටු විය යුත්තේ කොහේ ද යන්න
පිළිබඳ ව කෙරුණු විවාදයේ දී පොන්නම්බලම් රාමනාදන් කියා ඇත්තේ එය සිංහලයන්ගේ බල ප්‍රදේශයක නොතිබිය යුතු බව. ඔහු පේරාදෙණියට විරුද්ධ වී ඇත්තේ එ පදනමින්. කෙසේ වෙතත් ඔහුගේ නමින් පේරාදෙණියේ ශාලාවක් තියෙනවා.
මේ
සියල්ලෙන් පැහැදිලි වන්නේ දෙමළ නායකයන්ගේ අභිලාෂය. ඔවුන්ට තිබුණේ ලංකාවේ ම නායකයන් වීමේ වුවමනාව. මෙරට දෙමළ ජනකොටස්වලට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබුණේ දෙමළ ප්‍රභූ නායකයන්ට.