අප යන්නේ මොන පාරේ
Main Logo
Tuesday, 4 April 2023
ඉබේ පහළ වුණු සීගිරිය
ඉබේ පහළ වුණු සීගිරිය
දැන් නම් ක්රම වෙනස වේගවත් වෙලා. පරගලය ජයග්රහණය කරලා. ඊනියා සුබසාධන රාජ්යය වේගයෙන් දිය වේගෙන යනවා. පරගලයන්ට හා එහි තමන් විසින් ම පත් කරගනු ලැබූ න්යායාචාර්යයන්ට සතුටු ඇති. හැබැයි මේ වෙනස බටහිර රටවලත් සිදු වේගෙන යනවා. ප්රංශය හා පින්ලන්තය එයට උදාහරණ පමණයි. එහි ආණ්ඩු සුබසාධන කටයුතු කප්පාදු කරලා. ප්රංශයේ එයට විරුද්ධ ව උද්ඝෝෂණ. නැහැ තවත් ප්රංශ විප්ලවයක් නො වෙයි. පැරිස් කොමියුනයක් හදලත් නැහැ. පින්ලන්තයේ ජනප්රිය අගමැතිනිය ඡන්දයෙන් පරද්දලා. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. සුබසාධන නැති වෙනවා. රනිල් ඉන්නවා. ක්රම වෙනස ඉදිරියට ම යනවා. වැඩි කල් උද්ඝෝෂණ කරන්න බැරි වෙයි. ජෙප්පන් සෙප්පන් හා අනෙක් වමාලා පස්සට යනවා. රනිල් විශ්වවිද්යාලයීය ආර්ථික විද්යාඥයන්ට ආර්ථික විද්යාව කියා දෙනවා. අර අඛණ්ඩ වැඩ වර්ජනය තවම ක්රියාත්මකයි. රනිල් ඒක සතපහකට ගණන් ගන්නේ නැහැ. මේ සියල්ල කෙරෙන්නෙ බටහිර රටවල (ජාමූලෙ) උපදෙස් අනුව. උද්ඝෝෂණවලට ඉඩ දුන් ගෝඨාභය උද්ඝෝෂණයකින් ගෙදර ඇරලා උද්ඝෝෂණ නැති කරන අයකු පත් කරගෙන. න්යායාචාර්යයන් මොන තරම් තාර්කික ද? ඇරිස් හිටිය නම් ග්රීසියට ගෙන්න ගන්නවා.
Monday, 3 April 2023
හල්කිරීම ලැබුණෙ කොහෙන් ද?
හල්කිරීම ලැබුණෙ කොහෙන් ද?
සීගිරිය ගැන තව ප්රශ්න තියෙනවා. මුගලන් අවුරුදු දහඅටක් ම ඉන්දියාවෙ හරි දඹදිව හරි භාරතයෙ හරි හිටියෙ මොක ද? භින්න මාතෘ කියන වචනවල තේරුම මොකක් ද? විශේෂයෙන් ම සමාන මාතෘ සමග යෙදීමේ දී. සීගිරි සිතුවම්වල ඇත්තේ කාශ්යප රජුගේ බෝධි හා උප්පලවන්නා දියණියන් සේවිකාවන් සමග පන්සල් යෑම ද? සිතුවම් කර තිබූ සිංහ රූපය කාගෙ ද? කලින් දා ඇසු ප්රශ්නවලටත් කෙටියෙන් හරි පිළිතුරු දෙන්න ඕන.
Sunday, 2 April 2023
වඩුන්නාගල හා සැන් හොසේ
වඩුන්නාගල හා සැන් හොසේ
ඉංගිරිසින් 1892 දී ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් පැනවූ ආඥා පනත පහත පළවෙනවා. කොවිඩ් ගැන 1896 පැන වූ ආඥා පනතක් ක්රියාත්මක කළත් කිසිම සිංහල බෞද්ධ නායකයකුට මේ ආඥා පනත ක්රියාත්මක කරන්න බැරි වෙලා.
මේ ආඥා පනත ගැන පූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේ කීප වරක් මතක් කර ඇති නමුත් වෙල්ලාලයන්ගේ ඡන්ද ව්යාපාරයට 1911 පමණ සිට යට වූ සිංහල නායකයන් කිසිවක් කළේ නැහැ. අද වඩුන්නාගල සිදුවන බෞද්ධ විරෝධී ව්යාපාරවලට වග කියන්න ඕන කවුද? සිංහල නායකයන් ඉංගිරිසින් තරමටවත් මෙරට ඉතිහාසයට ගරු කරන්නේ නැද්ද?
නාගර්ජූන හිමි හා අයින්ස්ටයින්
නාගර්ජූන හිමි හා අයින්ස්ටයින්
අපි සීගිරියෙන් අදට ඉවත් වෙමු. ඒත් තව බොහෝ දේ කියන්න තියෙනවා. මුගලන් පැනල ගිය එක. ඔහුට රටේ බලයක් තිබුණ ද කියන එක. නිඝන්ඨයන් මුගලන්ට තොරතුරු සැපයූ එක. මුගලන් ඉන්දියාවෙන් (දඹදිවින්) නිකම් ම ආව ද කියන එක. මුගලන් රාක්ෂසයකු වී යැයි කීම සහ තවත් දේ. ඒත් දේශපාලන විවරණත් කරන්න ඕන. බිංදුව ගැන සූම් සාකච්ඡාවක් කරන්න යන බව ආරංචි වුණා. ඒක හොඳයි. අදත් බිංදුවට අදාළ දෙයක් ගැනයි කියන්නෙ.
Saturday, 1 April 2023
හර්ෂගෙන් ලිපියක්
සුජිත් සමග සීගිරි (සිවගිරි) යමු
සුජිත් සමග සීගිරි (සිවගිරි) යමු
මට අවශ්ය ශූන්යයට සංකේතයක් සකස්කිරීමට යක්ෂයන් (අපි ඔවුන්ට යක්ෂ සිංහලයන් කියමු) සමත් වූයේ කෙසේ දැයි තේරුම් ගැනීමටයි. එහි දී මට ශුන්යතාව සීගිරියේ ඉතිහාසය බුදුදහම අවශ්ය වෙනවා. ඒ සියල්ල නැතුව මට අවශ්ය දේ කර ගැනීමට නො හැකියි. මේ ලිපි කියවන ඒ ඒ අයට වැදගත් වන්නේ ඒ ඒ කොටස් ඒ නිසා ඉතා කෙටියෙන් ඇතැම් දේ කියන්නේ මා තවත් නිරවුල් වීමටයි.