Main Logo

Wednesday, 7 February 2024

ජේ වී පී අප්පුහාමි මිය ගිහින්

 

ජේ වී පී අප්පුහාමි මිය ගිහින්

 

බොහෝ කලකට පෙර 1971 දී ජේ වී පී අප්පුහාමිගේ අභාවය නිවේදනය වුණා. වැල්ලවාය සහෝදරයන්ට දිවා රාත්‍රි දින පටලැවිලා අවසන් කටයුතු ඉක්මනින් කරන්න ගියා. අවුරූදු පනස් තුනකට පස්සෙ වි පෙරමුණ ඝාතනය කෙරුණා. ඝාතකයා එසේ මෙසේ කෙනෙක් නො වෙයි. එයට අපි කිවුවෙ ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා. අපි කිවුවට අපි නොවෙයි. අර පංති පහට ගිය සහෝදරයො.

Tuesday, 6 February 2024

කිලිනොච්චිය දුටු යාපනය නොදුටු ජඩමාධ්‍ය

 

කිලිනොච්චිය දුටු යාපනය නොදුටු ජඩමාධ්‍ය

 

සමාජ මාධ්‍ය කියන්නේ තනිකර තම පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමට ඇති තැන. සකර්බර්ග් හරි වෙන කවුරු හරි එහෙම ඉඩකඩ සපයලා සල්ලි හම්බ කර ගන්නවා. අද තියෙන්නෙ කෙක්කෙන් හරි කොක්කෙන් හරි සල්ලි හම්බ කරන ක්‍රමයක්. තමන්ගෙ ව්‍යාපාරයක් කරන්න බැරි අප වැන්නන් කාට හරි කඹුරල සල්ලි ටිකක් හොයා ගන්නවා. වයසට ගිහින් ඒකත් කරන්න බැරි වෙන කොට එක්කෝ දරුවන්ගෙන් යැපෙන්න ඕන. නැත්නම්  බැංකුවට  සල්ලි ටිකක් (අර්ථ සාධකේ) පොලියට දෙන්න ඕන. ඒත් මෙතැන පොලිය නියම කරන්නෙ බැංකුව නිසා ප්‍රශ්න ඇති වෙනවා. පොලී අනුපාතය හිටපු ගමන් අඩු කරනවා. අපි හම්බ කරන මුදල අඩුවෙනවා.

Monday, 5 February 2024

නිදහස සැමරීම හා මැරීම

 

 

නිදහස සැමරීම හා මැරීම

 

මේ ඡායාරූපය ඊයේ (පෙබරවාරි 4) යාපනේ විදී පුරා සංචාරය කළ නිදහස් දින සැමරුම් පෙළපාලියක (පෙරහැරක) දර්ශනයක්. මා දන්නවා එය සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතුවන බව. දෙදහසකට ආසන්න පිරිසක් පෙරහැරට සහභාගි වුණු බව පැවසෙනවා. බොහෝ ජඩමාධ්‍යවලට  ප්‍රවෘත්තිය එක්කෝ ලැබී නැහැ. එහෙමත් නැත්තන් ඡායාරුපවල  වැදගත්කමක් දැනිල නැහැ.

Sunday, 4 February 2024

කළු කුහර හා දෙවියන් වහන්සේ

 

කළු කුහර හා දෙවියන් වහන්සේ

 

කළු කුහර ගැන මා එතරම් දෙයක් දන්නේ නැහැ. අවුරුදු පනස්පහකට පමණ පෙර මගේ පශ්චාත් උපාධියට හැදෑරූවා. එහෙත් ඉන්පසු මා ගැන එතරම් අධ්‍යයනයක් කර නැහැ. මට ඇත්තේ ඉතාමත් සීමිත දැනුමක් පමණයි. සම්බන්ධ පත්‍රිකා සියයකින් එකක්වත් කියවන්න ලැබෙන්නේ නැහැ. මා දන්නවා මෙරට කළු කුහර ගැන අධ්‍යයනය කරන ඊනියා පර්යේෂණ කරන අය ඉන්න බව. පර්යේෂණ  කියන එක මා භාවිතා කරන්නේ ඉතාමත් පුළුල් අර්ථයකින්. තාරකා විද්‍යාවේ ඊනියා පර්යේෂණ කරන්න බැහැ. කරන්න පුළුවන් නිරීක්‍ෂණ පමණයි. වගේ හිතළු ගොතන්නත් පුළුවන්. හිතළු වැඩ කරනවා නම් ඒවාට ප්‍රඬාද කියනවා.

Saturday, 3 February 2024

මහින්දපාල හා ජාතික චින්තනය

 

මහින්දපාල හා ජාතික චින්තනය

 

බොහෝ කලක් ඕස්ත්‍රේලියාවේ වාසය කළ එච් එල් ඩී මහින්දපාල මහතා මිය ගිහින්. ඔහු ජාතිකත්වය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ අයෙක්. ඔහුගේ අභාවය ජාතිකත්වයට පාඩුවක්. මා හිතන්නේ නැහැ පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් ඔහු ගැන හොඳින් දැන සිටියා කියා. ඔහු මූළුමනින් පාහේ ලිවුවේ ඉංගිරිසියෙන්. ඔහුගේ පසුකාලීන ලිපි බොහොමයක් පළ වූයේ ලන්ඩනයේ සකස් වූ ලංකාවෙබ් අඩවියේ. මා හිතන්නේ ඔහු ගුණදාස අමරසේකර මහතාගේ සමකාලීනයෙක් කියා. දෙදෙනා පඬි නැට්ටන් ආදීන් විසින් ජාතිවාදීන් ලෙස හඳුන්වනු ලැබුයේ නැහැ.

 

Friday, 2 February 2024

වන්දිභට්ටයෝ රනිල් හා පොලිස්පති

 

වන්දිභට්ටයෝ රනිල් හා පොලිස්පති

 

මෙරට වන්දිභට්ටයන්ගෙ තරම දැන් පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයේ දී දැක ගත හැකියි. එමෙන් රනිල් අප ලවා හිතන්න බලාපොරොත්තු වෙන විධියත් සමග දැන ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඉහළ යැයි කියන නිලතල දරණ ඇතැමුන් අපට අමුතු බණක් කියන්න එනවා. ඒත් බණ නොව බයිලා.

Thursday, 1 February 2024

කැලණි මොටා හා ක්‍රිකට් නාටක

 

කැලණි මොටා හා  ක්‍රිකට් නාටක

 

කැලණිය මොටාවෙ පසුගිය දා රංගනයක් දැක ගන්න හැකි වුණා. එවැන්නක් නොවූවත් එයට නොදෙවෙනි රංගනයක් ආසියානු ක්‍රිකට් සම්මේලනයේ දී දකින්න පුළුවන් වුණා. රටට රංගන දැක ගැනීමට අවශ්‍ය මොහොතක් නොවුණත් රංගන ගැන නොලියා සිටීම රංගන ශිල්පීන්ට කරන මදි පුංචිකමක්.