පොහොට්ටුව හා මා
මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන් කරුණු කිහිපයක් නිසා මට විරුද්ධ වෙනවා. මා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව පැමිණ විද්‍යාවට විරුද්ධ වන වැඩ බැරි අයකු වීම, බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියමින් ධම්මික පැණිය වැනි මිථ්‍යාවන්ට උඩගෙඩි දීම, නාථ දෙවියන් විශ්වාස කිරීම, ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට හැකි යැයි පැවසීම, මාක්ස්වාදය සත පහකට වැඩක් නෑති දැනුම් පද්ධතියක් බව පැවසීම, දැනුම් පද්ධති එකක් නොව රාශියක් ඇතැයි පැවසීම, බටහිර විද්‍යාව එකම මිනුම් දණ්ඩ ලෙස සැලකීමට විරුද්ධවීම, ජෙප්පන්ට හා සෙප්පන්ට විරුද්ධ වීම, පොහොට්ටුවට පක්‍ෂ වීම, රාජපක්‍ෂ හොර නඩේට කඩේ යෑම සහ තවත් දේ. පඬි නැට්ටන් මේ එකක් හෝ කිහිපයක් නිසා හෝ මට විරුද්ධයි. ජාතිකවදීන් ද බොහෝ දෙනා මට විරූද්ධයි. ඒ මා මහාවංසය හා අටුවා ටීකා අකුරක් නෑර නොපිළිගැනීම නිසා. ඒත් සකර්බර්ග් ඉන්නකම් මා බය නැහැ. මට ලියන්න තැනක් තියෙනවා.