Main Logo

Sunday, 31 October 2021

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

පොහොර ප්‍රශ්නයේ අතීත කතාව

 

ගොවීන් කෘෂිරසායන පොහොර, කෘමිනාශක, වල්නාශක ලබා ගැනීම සඳහා දෙවියන්ට පොල් ගැසීම හා ක්‍රිස්තියානි රටවල් සමග පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කුරුසය ලකුණු කිරීම ගැන කිව හැක්කේ කුමක් ද? අපේ සංස්කෘතියේ දෙවියන් (සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇති දෙවියන්) බටහිර කෘෂිද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අපේ ගොවීන්ට ආධාර කරාවි ද? දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි රටවලට එරෙහිව දස්කම් පෑමට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කරාවි ද? 

Saturday, 30 October 2021

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.

Friday, 29 October 2021

වමාලාට වම නැති වීම

 

වමාලාට වම නැති වීම

 

මෙරට වමක් නැති වමාලා ඔවුන්ට අනුව ධනවාදී රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දකුණේ සංවිධාන සමග සිංහල බෞද්ධ සංස්කෘතියට විරෝධය පානවා. ඔවුන්ට බටහිර රටවලින් ශිෂ්‍යත්ව හා වෙනත් ආධාර ලැබෙනවා. ඔවුන් දැන් සාමාන්‍යයෙන් ධනවාදයට විරුද්ධ වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ වන්නේ ජාතිකත්වයට. ජාතිකත්වය ඔවුන් හිතන ආකාරයට ධනවාදී වන විට පමණක් ධනවාදයට විරුද්ධ වෙනවා. මොනවා කළත් ඔවුන්ට පුළුවන් විරුද්ධ වීම පමණයි. අද රටේත් පොදුවේ ගත් විට ලෝකයේත් ඇත්තේ විරුද්ධවාදී දේශපාලනයක් පමණයි.

Thursday, 28 October 2021

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මා මියන්මාහි තානාපති කාර්යාලයේ නිදා සිටි අවධියේ සිහිනෙන් කරන ලද වැඩක අවසාන ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. අර ධිවරයන් දොළොස් දෙනා නිදහස් කරනු ලැබූවත් ඔවුන් ගමන් කළ යාත්‍රා දෙක නිදහස් කෙරුණේ නැහැ. ඒවා මියන්මා රජය අත්අඩංගුවට ගෙන තිබුණා. මට ඊයේ දැන ගන්න ලැබුණා මියන්මා රජය ඒ යාත්‍රා දෙක ද නිදහස් කරල කියා. එය ඉතා වැදගත් ආරංචියක් බවට සැකයක් නැහැ.

Wednesday, 27 October 2021

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

මට නම් හිතෙන්නෙ අද රට ඉතා හොඳ තැනකට ඇවිත් කියා. මේ වාක්‍යය කියවපු ගමන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුලප්පු වෙනවා. ඔන්න ආණ්ඩුවට කහින වැඩේ දිගට ම කරන් යනවා, තව තානාපති කමක් හරි වෙනත් තනතුරක් හරිි ගන්න තමයි ඔය ලියන්නෙ ආදී වශයෙන් කියාවි ලියාවි. එය මට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන කිසිවක් මා සත පහකට ගණන් ගන්නෙ නැහැ. කොවිඩ් 19 හැදෙන්න ඉස්සර පොඩි කාලෙ ඉඳල ම මට කැස්සක් තියෙනවා. (කොවිඩ් කියන එක බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ප්‍රබුද්ධ අනුකාරකයන් උච්චාරණය කරන්නෙ කෝවිඩ් කියල. ඒ ඇයි ද කියල දන්න කෙනෙක් කියනවා ද? ) 

Tuesday, 26 October 2021

සලේ නො සැලේ

 

සලේ නො සැලේ


කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ගැන උනන්දුවක් දැක්වීම තේරුම් ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් අති විශාල බහුතරය කතෝලිකයන්.  මගේ දැනුම අනුව එක් පල්ලියක් හැරෙන්න විනාශ වූ අනෙක් පල්ලි කතෝලික. පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් කවුදැයි දැන ගැනීමට හා ඔවුන්ට දඬුවම් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය වන්නේ නම් ඒ ගැන පුදුුම විය යුතු නැත. 

Monday, 25 October 2021

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

මගේ අත තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ. එබැවින් දිර්ඝ ලිපියක් ලියන්න බැහැ. වෙද මහතා කියන විධියට තව දින කිහිපයක් පත්තුව බඳින්න වෙනවා. ලියන්න බොහෝ දේ තියෙනවා. ගුරුබොරුවන්ගේ බොරුව අද තවත් අදියරකට පත් වෙනවා. 2023 දක්වා අදියර කිහිපයක් තියේවි. ගුරුවරුන්ගේ වැටුප මදි. තවත් අයගේත් වැටුප් මදි. ගුරු වැටුප් ප්‍රශ්නයට අවුරුදු විසි හතරක් වෙනව කියනවා. ඒ කියන්නෙ 2015 දී අවුරුදු දහඅටක් වුණා කියන එක. ඒත් එදා සෙඩෙක් ආයතනයේ පුහුණුව ලැබූ ජෝසෆ් ස්ටැලින් (මට පුරුදු ස්ටාලින් නොව ස්ටැලින් කියන්න. ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මට හිනහ වෙන්න පුළුවන්)  හා යමපාලන ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණේ මහින්ද ජයසිංහ ප්‍රශ්නය අතට ගත්තෙ නැහැ. ඔවුන් යමපාලනයට ප්‍රශ්න ඇති කෙළේ නැහැ.  එදා අධ්‍යාපන ඇමති වුණෙ රනිල්ගේ ගජ මිතුරු අකිල විරාජ්.